පුර්ව අංගමාරය - (Alternaria solani)

හිතකර පාරිසරික තත්ත්වයන්
රෝගය බහුලව දක්නට ලැබේ. ලෝකයේ අර්තාපල් වගාකරන සියළුම රටවල මෙම රෝගය වාර්තා වී තිබුණත්, පශ්චිම අංගමාරය මඟින් සිදුවන හානිය මෙන් වගා විනාශවීම පිළිබඳව වාර්තා වී නොමැත.

රෝග ලක්‍ෂණ

මේරූ ශාක පත‍්‍රවල දාරයේ සහ අග‍්‍රයේ කුඩා දුඹුරු තිත් ලෙස මුලිකව රෝග ලක්‍ෂණ ඇති වේ. මෙම තත්ත්වය තව දුරටත් විශාල ලෙස වර්ධනය වී පත‍්‍රවල කළු පැල්ලම් ශාක කඳ මත ඇති වියහැක.ආසාධනය වු පැල්ලම් කාලයත් සමඟ තද දුඹූරු පැහැයක් ගැනීමත්, වියළීම නිසා පහසුවෙන් කැඩෙන සුළු බවක් ඇති වීමත් සිදු වේ. පුර්ව අංගමාර රෝගය සාමාන්‍යයෙන් දක්නට ලැබෙන්නේ ශාකයේ වයස මාස 1 1/2 ක් පමණ වු විටය. ආසාධිත ලප සියල්ල එකතු වී මුළු පත‍්‍රයම කහ පැහැගැන්වී හැලීම හෝ සම්පූර්ණයෙන්ම ශාකය විනාශ වීමකට ලක් වේ. ආසාධනය වැඩි වූ අවස්ථාවලදී අස්වැන්න විශාල ලෙස අඩුවීමට හැකියාවක් ඇත.මෙම රෝග කාරකය මඟින් ආකන්ද ආසාධනය වූ විට එහි පැහැය වෙනස් වේ. මතුපිට පෘෂ්ඨය වියළී බවක් පෙන්නුම්කරයි. එසේම ආකන්ද පෘෂ්ඨයේ සුමට බවද නැති වී යයි.

පාලන ක‍්‍රම
උෂ්ණත්වය අධික, වියළි කාළගුණ තත්ත්වවලදී මෙම රෝගය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්ය. ආසාධිත පත‍්‍රවල රෝග කාරක විනාශ නොවී පවතින නිසා පාලන ක‍්‍රමයක් ලෙස මෙවැනි ශාක කොටස් පුළුස්සා විනාශකිරීම නිර්දේශ කළහැක. පුර්ව අංගමාරය පාලනය සඳහා පශ්චිම අංගමාරයට මෙන් රෝගයට ගොදුරුවීම වළක්වාගැනීමට උපක‍්‍රම ලෙස දිලීර නාශක යෙදීමක් අවශ්‍ය නොවේ. නමුත් රෝගය පැතිරීම වළක්වාගැනීම පිණිස බාහිර රෝග ලක්‍ෂණ නිරීක්ෂණය කළ විගස ස්පර්ශක දිලීර නාශක යෙදීම කළ යුතුය. (මැනෙබ්, මැන්කොසෙබ්, ක්ලෝරොතැලොනිල්, ප්‍රොපිනෙබ්* තක්කාලි බෝගය ද මෙම රෝගයට පාත‍්‍ර වන බැවින් තක්කාලි බෝගය සමඟ අර්තාපල් වගාවක් ස්ථාපිතකිරීම නිර්දේශ කරනු නොලැබේ.

දිලීර මඟින් ඇති කරන මැලවීම/වියළි කුණුවීම

හිතකර පාරිසරික තත්ත්වයන්
මෙය ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති රෝගයකි.
බහුලව ඇතිවන්නේ උණුසුම් දේශගුණ තත්ත්වයන් ඇති ප‍්‍රදේශවලය.
ශාකයෙහි මුල් රෝග කාරකය මඟින් ආසාධනය වීමෙන් මුල් සහ ආකන්ද කුණුවීම සිදු වේ.
ආකන්ද වල දුඹුරු පැහැ පැල්ලම්, සනාල පටකවල අවපැහැගැන්වීම ද රෝග ලක්‍ෂණයන් වේ

ගබඩාවේදී ඇතිවන වියළී කුණුවීම
ගබඩා රෝග අතුරෙන් මෙය ඉතා වැදගත් රෝග තත්ත්වයක් වන අතර ආකන්ද හැකිළීම නිසා පරිභොජනයට නුසුදුසු වේ.

රෝග ලක්‍ෂණ
ප‍්‍රථමයෙන් තද පැහැති, යාන්තමින් ගිලුණු පැල්ලම් ආකන්ද මතුපිට ඇති වන ලප ක‍්‍රමයෙන් විශාලවීමත්, ආකන්ද තුළ කුහර ඇතිවීමත් එම කුහර තුළ දිලීර වර්ධනයවීමත් සිදු වේ.දෑකැති හැඩැති බීජානු, ආකන්ද මතු පිටෙහි ඇතිවන රෝස පැහැති බිබිලිවල දැකිය හැකිය.අස්වැන්න නෙලීමේදී ඇතිවන ආකන්ද වලට ඇති විය හැකි හානි නිසා රෝග කාරකය ආකන්ද තුළට ඇතුල් වේ.

ශාක කඳ මත හට ගන්නා පිළිකා සහ කලූ කබොළු රෝගය(Stem canker and Black scurf)

මෙම රෝග දෙකම Rhizoctonia solani නම් දිලීරය මඟින් ඇති කරයි. අර්තාපල් වගාකරන සෑම ප‍්‍රදේශයකම මෙම රෝග දැකිය හැකි වන අතර විශේෂයෙන් ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය යන රටවල බහුලව දැකිය හැකිය. මෙම රෝග කාරකයට ජීවත් විය හැකි ධාරක ශාක බහුලව ඇති හෙයින් ඕනෑම පසක ජීවත් විය හැක. තවද ස්ක්ලෙරෝටියම් බීජානු ලෙස පස්වල ද, ඉවත් කරනු ලැබු ශාක කොටස්වල ද ජීවත් විය හැකි නිසා දිගු කාලයක් මෙම රෝග කාරකය පස තුළ ජීවත් වේ. එබැවින් අර්තාපල් ආකන්ද මඟින් පහසුවෙන් රෝගය ව්‍යාප්ත වීම සිදු වේ. එමෙන්ම මෙම රෝග කාරකය මඟින් දියමලංකෑම රෝගය ද හටගන්නා බැවින් වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත් වේ.

මෙම රෝගය 1858 යුරෝපයේදී මුලින්ම හඳුනාගෙන ඇති අතර 1900 දී එක්සත් ජනපදයෙන්ද හමු වී ඇත. පසුව මෙම රෝගය ලොව පුරාම ව්‍යාප්තව ඇත. ඊට හේතු වී ඇත්තේ බීජ අර්තාපල් මඟින් රෝග කාරකය ව්‍යාප්ත වීමට ඇති හැකියාවයි.

රෝගය නිසා සිදුවන හානිය 8-10% පමණ වේ. එසේ සිදු වනුයේ බීජ අර්තාපල්වල අංකුර කුණුවීමත්, අංකුරවල පාදස්ථයට හානිවීමත්, අර්තාපල් ආකන්දයේ මතුපිට පෘෂ්ඨයේ කළු පැහැති කුඩා තිත් වැනි තාර පැල්ලම් ඇතිවීමත් අනතුරුව එම ආකන්ද කුණුවීමට ලක්වීමත් හේතුවෙනි. බීජ අර්තාපල් මඟින් මෙම රෝගය ව්‍යාප්තවීමට හැකියාවක් ඇත.

පාලන ක‍්‍රමමෙම රෝගය බහුල ලෙස දැකිය හැක්කේ තෙත් සිසිල් කාළගුණ තත්ත්ව යටතේය. ප‍්‍රධාන වශයෙන් මෙම රෝගය පැතිරෙන්නේ ආසාධිත රෝග බීජ ආකන්ද මඟිනි. නීරෝගී, කොළ පැහැ, දිරිමත් අංකුර සහිත බීජ අර්තාපල් ආකන්ද සිටුවීමෙන් මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට අඩු කරගත හැකිය.
මෙම රෝග කාරකයේ බීජානුවලට දීර්ඝ කාලයක් පසේ ජීවත් වියහැකි බැවින් ප‍්‍රතිරෝධී හෝ ග‍්‍රාහී නොවන බෝගයන් සමඟ අවුරුදු 03 ක ශෂ්‍ය මාරු ක‍්‍රමයක් අනුගමනය කිරීමෙන් මෙම රෝගය පාලනය කරගත හැකිය.

රූපය 01

රූපය 02

රූපය 03