බැක්ටීරියා හිටුමැරීම (Ralstonnia solanacearum)

සමහර අවස්ථාවල දී දුඹූරු කුණූවීම ලෙසද හඳුන්වන මෙම තත්ත්වය උණුසුම් දේශගුණය සහිත ප‍්‍රදේශවල බහුලව දැකිය හැකිය. නිවර්තන රටවල මෙය ඉතාමත් හානිදායි වන අතර දකුණු ඇමරිකාව, ඉන්දියාව (තැනිතලා භූමි) සහ ඕස්ෙටි‍්‍රලියාවේ සමහර පළාත්වල විශේෂයෙන් දැකිය හැකිය. ශ‍්‍රී ලංකාවේ මෙම තත්ත්වය බහුලව දැකිය හැක්කේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ වගාවන් තුළය. අඩි 500 ට අඩු උච්චත්වයන්වල දී මෙමඟින් සිදුවන වගාහානිය ඉතා ඉහළය.

රෝග ලක්‍ෂණ
ප‍්‍රථම රෝග ලක්‍ෂණ හඳුනාගත හැක්කේ උණුසුම් දිනවලදීය. දිවා කාලයේ පත‍්‍ර අග‍්‍රස්ථයන් මැලවීම සහ සන්ධ්‍යා කාලයේදී යථා තත්ත්වයට පත්වන අතර පසු දිනයේදීත් මෙම තත්ත්වය නිරීක්‍ෂණය කළ හැකිය.සමහර විට මෙම මැලවීම පත‍්‍රයක එක පැත්තක හෝ එක් ශාකාවක පමණක් වියහැක. ආසාධිත ශාක කුරුවීමත්, කහ පැහැගැන්වීමත් නිරීක්‍ෂණය කළහැකි අතර, පසු අවස්ථාවල දී කඳ දුඹූරු පැහැගැන්වීම දැකියහැක. කඳ කුණූවීම හා සම්පූර්ණයෙන්ම මැරියාම සිදු වන අතර, බැක්ටීරියා වලින් වෑස්සෙන යුෂ (OOZC) හේතුවෙන් අනෙකුත් මැලවීම්වලින් ද පැහැදිලිව වෙන්කර හඳුනාගතහැකි වේ.

ආසාධිත ආකන්දවල සනාල පටක දුඹුරු පැහැගැන්වීම ප‍්‍රථමයෙන් දැක ගතහැකි අතර ද්වීතියික ආසාධනය නිසා ඇතුළත කුණූවීම සිදු වේ.ආකන්දයේ ප‍්‍රරෝහ හටගන්නා ස්ථානවලින් (ඇස්) බැක්ටීරියා යුෂ පිටවීම නිසා එම තැන්වල පස් ඇලී තිබීමෙන් රෝගය පහහසුවෙන් හඳුනාගතහැක. ආසාධිත ආකන්දයන් කපා බැලූ විට සනාල පටකවලින් අඳුරු පැහැයට හුරු සුදු පැහැති යුෂ ගැලීමක් දැක ගතහැකිය.

පාලන ක‍්‍රම
මෙම රෝගයට සුදුසු පාලන ක‍්‍රම කිසිවක් හඳුනාගෙන නොමැති වුවත් නිවැරදි ශෂ්‍ය මාරු ක‍්‍රම අනුගමනය කිරීමෙන් හා නිරෝගී බීජ අර්තාපල්, වගාව සඳහා යොදාගැනීමෙන් හානිය අවමකර ගතහැකිය. රෝගයට පාත‍්‍ර නොවන බෝගයන් සමඟ, උදාහරණ ලෙස වී සහ අනෙකුත් ධාන්‍ය, තෘණ සමඟ ශෂ්‍ය මාරු කිරීමත්, බීජ අල කපා සිටුවන විට දී යොදාගන්නා පිහි, නටන වතුරෙහි ගිල්වා හෝ දැල්ලට අල්ලා ජීවාණුහරණයකර භාවිතකිරීමත් අනිවාර්යයෙන්ම කළ යුතුය. ප‍්‍රතිරෝධි ප‍්‍රභේද වගාකිරීම ඉතාමත් සුදුසු ක‍්‍රමයක් වුවත් කිසිදු වාණිජ ප‍්‍රභේදයක් මෙම රෝගයට සැලකිය යුතු ප‍්‍රතිරෝධීතාවයක් නොදක්වයි.

රූපය 01

රූපය 02