
- ලිපිනය : කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය, රහංගල , බෝරලන්ද
- විද්‍යුත් තැපෑල : arsrahangaladoa@gmail.com
- දුරකථන : +94 572 280732
- ෆැක්ස් : +94 572 280732
කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය
හැදින්වීම
පලතුරැ පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස රහංගල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය කටයුතු කරයි. 1978 වර්ෂයේ ජුනි මාසයේ පිහිටුවන ලද මෙම ආයතනය 2019 වර්ෂය දක්වා උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස සෞම්‍ය කලාපීය පලතුරැ බෝග සහ උඩරට එළවළු වගාව හා සම්බන්ධ පර්යේෂණ සිදුකර ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ උඩරට අතරමැදි කලාපය සහ නුවර එළිය දිස්ත්‍රික්කය තුල වගා කිරීමට විභවයක් ඇති පලතුරැ ප්‍රභේද, එනම් සෞම්‍ය කලාපීය පලතුරැ බෝග සම්බන්ධව පර්යේෂණ සිදුකරන එකම ආයතනය මෙම ආයතනය වේ.
ආයතනයේ ඉතිහාසය
1958 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, බොරලන්ද ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් උප කාර්යාලයක් බොරලන්ද නගරයේ ස්ථාපනය කර ඇත. මෙම කාර්යාලය පරයේෂණ අංශය, උද්‍යාන විද්‍යා ගොවිපොල හා බීඡ ගබඩාව ලෙස අංශ තුනක් යටතේ පවත්වාගෙන ගොස් ඇති අතර 1978 වර්ෂයේ සිට පර්යේෂණ ආයතනය උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ක්‍රියාත්මක වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. රහංගල කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය බොරලන්ද නගරයේ කැප්පෙටිපොළ මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර මේ වන විට මෙම ආතනය පලතුරැ පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ ඇති උප ඒකකයක් ලෙස ක්‍රියාත්මක වේ.
අරමුණු
- සෞම්‍ය කලාපීය පලතුරැ බෝග නිෂ්පාදනයට අදාලව පරිසර හිතකාමී සහ තිරසාර අස්වැන්නක් ලබා ගැනීම සදහා උචිත වඩා කාර්යක්ෂම පලතුරැ ප්‍රභේද හා වගා තාක්ෂණික ක්‍රමවේද හදුන්වාදීම.
- රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන හා එක්ව ව්‍යාප්ති වැඩසටහන් ඔස්සේ නව තාක්ෂණික කරැණු ගොවීන් වෙත සම්ප්‍රේශණය කිරීම.
- ශ්‍රී ලංකාවේ පලතුරැ නිෂ්පාදන ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන හා එක්ව කටයුතු කිරීම.

සපයන සේවාවන්
- සෞම්‍ය කලාපීය පලතුරැ බෝග නිෂ්පාදනය හා සම්බන්ධ තාක්ෂණය ජනනය කිරීම හා ගොවීන්වෙත සම්ප්‍රේෂණය කිරීම.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හදුන්වාදෙන ලද උඩරට අතරමැදි කලාපය සහ නුවර එළිය දිස්ත්‍රික්කය තුල වගා කිරීමට සුදුසු පැගිරි බෝග සහ පෙයාස් ප්‍රභේදවල පැල නිෂ්පාදනය.
- සෞම්‍ය කලාපීය පලතුරැ බෝග හා සම්බන්ධ පුහුණු වැඩසටහන් සදහා සම්පත් දායකත්වය ලබාදීම.
මෙහෙවර
තාක්ෂණික අංශය
FRUIT CROPS

Mango

Pineapple

Avacado

Banana

Watermelon

Jamanaran

Duriyan

Papaw
කෘ.ප.ස් හි ආයතන ප්‍රධානී

වයි.එල්.පවිත්‍රානි මිය
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
- +94 572 280732
- +94 770 581505
- buddhikaylb@gmail.com

ජේ.ඩී.අරියරත්න
කෘෂිකර්ම උපදේශක
070 2790266
070 2790266

එච්එම්ඩී කේ හේරත්
කෘෂිකර්ම උපදේශක
071 8507718
071 8507718

එච්.ජී.ඒ.එම් වික්‍රමරත්න
පර්යේෂණ සහකාර
071 3257037
071 3257037

එච්.එම්.සී.එම් ජයවර්ධන
පර්යේෂණ සහකාර
071 8866444
071 8866444

ආර්.ඩබ්ලිව්.එම්.සී.ජේ කරුණාරත්න
තාක්ෂණික සහකාර
071 9715014
071 9715014

ආර්.ඩී.එස්. චන්ද්‍රිකා
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
071 8269477
071 8269477


අප අමතන්න
- ලිපිනය : කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය, රහංගල, බෝරලන්ද
- විද්‍යුත් තැපෑල : arsrahangaladoa@gmail.com
- දුරකථන : +94 572 280732
- ෆැක්ස් : +94 572 280732
- විවෘත වේලාවන් : සඳුදා සිට සිකුරාදා පෙ:ව: 8.30am සිට ප:ව: 4.15 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)