- හැඳින්වීම
- කාර්ය මණ්ඩලය
- දැන්වීම් හා ක්‍රියාකාරකම්
- භාගත කිරීම
- ආයතන
- GAP සහතිකකරණය
- සේවාවන්
- වැඩසටහන්
- ආනයනික බීජ වල නම් වෙනස් කිරිම
- මව් ශාක පිහිටුම
|
|
මෙහෙවර
බීජ වල ගුණාත්මය ඉහල නැංවීම සහ ඒ හා සම්බන්ධ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුලින් ජාතික ආර්ථිකය සවිබල ගැන්වීම සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම..
ඉතිහාසය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 1979 වසරේ දී විධිමත්ව ස්ථාපනය කරන ලදී. එසේ වුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බීජ පරීක්ෂණ සේවා සැපයීම 1958 වසරේදී වී සාම්පල පරීක්ෂා කිරීම මගින් ආරම්භ වී ඇත. වසර 1970 දී වසරකට බීජ සාමිපල 5000 ක් පරීක්ෂා කිරීමේ හැකියාව සහිතව පේරාදෙණිය මධ්‍යම බීජ පරීක්ෂණාගාරය ආරම්භ කරන ලදි. මෙම ඒකකය 1970 වසරේදී අන්තර්ජාතික බීජ පරීක්ෂා කිරීමේ සංගමයේ (International Seed Testing Association) හි සාමාජිකත්වය ලබා ගත්තේය.පේරාදෙණියේ පිහිටි පරීක්ෂණාගාරයේ ධාරිතාවය වැඩි කරන අතරම මෙම බීජ පරීක්ෂා කිරීමේ සේවාව වඩාත් ශක්තිමත් කිරීම පිණිස 1978 වසරේදී මහඉලුප්පල්ලම හා 2000 වසරේදී අලුත්තරම හා බටඅත බීජ පරීක්ෂණාගාරයන් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම ක්ෂෙත්ර පරීක්ෂා කිරීම හා සහතික කිරීමේ කටයුතු 1980 වසරේදී දී වී භෝගය මුලික කරගෙන ආරම්භ කල අතර 1983 වසරේදී ක්ෂෙත්ර බෝග සඳහාද 1984 වසරේදී එලවළු බෝග බීජ සහතික කිරීම දක්වා පුළුල් විය. 1983වසරේදී දී DUS පරීක්ෂණ කටයුතු ආරමිභ කරමින් අභිජනන බීජ සහතික කිරීමේ ක්‍රියාවලියට මුල්ගල තැනුන අතර 1986 දී බිජ අර්තාපල් සහතික කිරීමේ සේවයද ආරමිභ විය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය නෙදර්ලන්ත රජයේ ආධාර ඇතිව 1979 වසරේ දී විධිමත්ව ස්ථාපනය කරන ලදී. එසේ වුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් බීජ පරීක්ෂණ සේවා සැපයීම 1958 වසරේදී වී සාම්පල පරීක්ෂා කිරීම මගින් ආරම්භ වී ඇත. වසර 1970 දී වසරකට බීජ සාමිපල 5000 ක් පරීක්ෂා කිරීමේ හැකියාව සහිතව පේරාදෙණිය මධ්‍යම බීජ පරීක්ෂණාගාරය ආරම්භ කරන ලදි. මෙම ඒකකය 1970 වසරේදී අන්තර්ජාතික බීජ පරීක්ෂා කිරීමේ සංගමයේ (International Seed Testing Association) හි සාමාජිකත්වය ලබා ගත්තේය.පේරාදෙණියේ පිහිටි පරීක්ෂණාගාරයේ ධාරිතාවය වැඩි කරන අතරම මෙම බීජ පරීක්ෂා කිරීමේ සේවාව වඩාත් ශක්තිමත් කිරීම පිණිස 1978 වසරේදී මහඉලුප්පල්ලම හා 2000 වසරේදී අලුත්තරම හා බටඅත බීජ පරීක්ෂණාගාරයන් ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන්ම ක්ෂෙත්ර පරීක්ෂා කිරීම හා සහතික කිරීමේ කටයුතු 1980 වසරේදී දී වී භෝගය මුලික කරගෙන ආරම්භ කල අතර 1983 වසරේදී ක්ෂෙත්ර බෝග සඳහාද 1984 වසරේදී එලවළු බෝග බීජ සහතික කිරීම දක්වා පුළුල් විය. 1983වසරේදී දී DUS පරීක්ෂණ කටයුතු ආරමිභ කරමින් අභිජනන බීජ සහතික කිරීමේ ක්‍රියාවලියට මුල්ගල තැනුන අතර 1986 දී බිජ අර්තාපල් සහතික කිරීමේ සේවයද ආරමිභ විය.
බීජ සහතික කිරීමේ සේවය මගින් සහතික කරනු ලැබු සහ විදේශ මගින් ආනයනය කරනු ලබන අතිරේක ආහාර බෝග, එළවළු හා අර්තාපල් බීජ ක්ෂෙත්රයේදි හැසිරෙන ආකාරය පරීක්ෂා කිරීම සදහා මුලිකව 1983/84 වර්ෂවලදී ගන්නෝරුව පශ්චාත් පාලන ක්ෂෙත්ර 1 හා 11 ත් 1984 දී මහඉලුප්පල්ලම හා සීතාඑලිය පශ්චාත්පාලන ක්ෂෙත්ර ඇති කරනු ලැබූ අතර 2015 වසරේදී බටඅත හා කරදියන්ආරු පශ්චාත් පාලන ක්ෂෙත්රද පිහිටුවමින් මුඵ දිවයිනම ආවරණය වන පරිදි මෙම සේවාව පුඵල්කර ඇත.
ලාංකික ගොවිජනතාවට බීජ පමණක් නොව ගුණාත්මයෙන් ඉහල රෝපණ ද්‍රව්‍ය සහතික කර ලබාදීමේ උත්කෘෂ්ඨ අරමුණින් බහුවාර්ෂික ප්රභේදවල, තවාන් පැලවල තත්වය සහතික කිරීමේ කාර්යභාර්ය 1990 වසරේ සිට බීජ සහතික කිරීමේ මගින් ආරම්භ කැන ලදී.
1977 න් පසුව විවෘත ආර්ථික ප්‍රතිත්තිය යටතේ අසංවිධිත, ගුණාත්මයෙන් තොර බීජ සැපයුමක් මගින් ලාංකීය ගොවියාගේ ගොවිතැන සුරැකීමේ අධිටනින් 2003 වර්ෂයේදී 2003 අංක 22 දරණ බීජ පනත සම්මත කරගෙන ඇති අතර 2005 දී බලයලත් නිලධාරීන් පත්කර 2006 සිට එය බලාත්මක කිරීමේ රෙගුලාසි සකස්කරමින් දුෂ්කර කාර්යයක නියැලී සිටී.
1977 න් පසුව විවෘත ආර්ථික ප්‍රතිත්තිය යටතේ අසංවිධිත, ගුණාත්මයෙන් තොර බීජ සැපයුමක් මගින් ලාංකීය ගොවියාගේ ගොවිතැන සුරැකීමේ අධිටනින් 2003 වර්ෂයේදී 2003 අංක 22 දරණ බීජ පනත සම්මත කරගෙන ඇති අතර 2005 දී බලයලත් නිලධාරීන් පත්කර 2006 සිට එය බලාත්මක කිරීමේ රෙගුලාසි සකස්කරමින් දුෂ්කර කාර්යයක නියැලී සිටී.
2011 වසරේදී බීජ පරීක්ෂනාගාර වල ප්‍රමිතීන්ට අමතරව බීජ මගින් රෝග පැතිරීමේ අවදානම වලක්වා නිරෝගී බීජ ගොවි ප්‍රජාවවෙත ලබාදීමේ උත්කෘෂ්ඨ අරමුණින් බීජ සෞඛ්‍ය ඒකකය ආරම්භ කරන ලදී.
ව්‍යුහය
බීජ සහතික කිරීමේ සේවය, ප්‍රධාන කාර්යාලය, ලංකාව පුරා විහිදුනු ප්‍රාදේශීය කාර්යාල 24 ක් , බීජ පරීක්ෂණාගාර 4 ක් හා පශ්චාත් පාලන ඒකක 6න් යුත් සංකීර්ණ පරිපාලන ව්‍යුහයකි.

ව්‍යුහය
බීජ සහතික කිරීමේ සේවය, ප්‍රධාන කාර්යාලය, ලංකාව පුරා විහිදුනු ප්‍රාදේශීය කාර්යාල 24 ක් , බීජ පරීක්ෂණාගාර 4 ක් හා පශ්චාත් පාලන ඒකක 6න් යුත් සංකීර්ණ පරිපාලන ව්‍යුහයකි.

|
|||||||
අතිරේක අධ්යක්ෂ |
|||||||
|
|
|
|
|
|||
|
|
|
|
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
|||
|
|
|
|
|
|||
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
|||
|
|
|
|
|
|
|
|
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
|
|
|
|
|
|
|
|
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
|
|
|
|
|
|
|
|
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
|
|
|
|
|
|
|
|
අතිරේක අධ්යක්ෂ |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ (සංවර්ධන) |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
|
|
|
|
||||
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |
කෘෂිකර්ම උපදේශක |










Seed Act & Applications
- Seed Act (English)
- Seed Act (Sinhala)
- Instruction
- Check List
- New Appication (English)
- New Application(Sinhala)
SL GAP Certification
Fruit Plant Nursery Registration
Seed Suppliers Directory for 2020 Maha Season
Seed Suppliers Directory for 2020 Yala Season
Seed Suppliers Directory for 2019 Yala Season
Seed Suppliers Directory for 2018/19 Maha Season
Seed Suppliers Directory for 2018 Yala Season
Seed Suppliers Directory for 2017 Yala Season
Seed Suppliers Directory for 2017-2018 Maha Season
Registered Fruit Plant Nersery Directory for 2020
Seed Suppliers Directory for 2020 Yala Season
Registered Fruit Plant Nersery Directory for 2019
Seed Suppliers Directory for 2019 Yala Season
Seed Suppliers Directory for 2018/19 Maha Season
Seed Suppliers Directory for 2018 Yala Season
Seed Suppliers Directory for 2017 Yala Season
Registered Fruit Plant Nersery Directory for 2016
Seed Suppliers Directory for 2017-2018 Maha Season
Seed Suppliers Directory for 2015/16 Maha Season
බීජ සහතික කිරීමේ සේවය, ප්‍රධාන කාර්යාලය, ලංකාව පුරා විහිදුනු ප්‍රාදේශීය කාර්යාල 24 ක් , බීජ පරීක්ෂණාගාර 4 ක් හා පශ්චාත් පාලන ඒකක 6න් යුත් සංකීර්ණ පරිපාලන ව්‍යුහයකි.

GAP සහතික ලත් ගොවීන්
අංකය
|
ගොවි මහතාගේ / ගොවිපලේ නම |
නිෂ්පාදන
|
GAP අංකය |
නිකුත් කරන දිනය
|
කල් ඉකුත්වන දිනය
|
වගා කරන ප්‍රමාණය (අක්කර) | දුරකථන අංකය |
100 | එල්ලාවල හෝටිකල්චර් පුද්ගලික සමාගම, දඹේවටන, ගල්කිරියාගම. | අඹ TJC | 1152301497114 |
22.12.2017 | 21.12.2018 | 100 | 254929608 |
101 | එස්. කේ. ඇග්‍රෝ ෆාම්, අත්තනපොල, ඇහැටුවැව, කුරුණෑගල. | පතෝල | 1600001010213 | 11.08.2016 | 10.11.2016 | 0.5 | |
102 | ETI ඇග්‍රෝ ෆාම්, මයිලන්කුලම, පුත්තලම. | අඹ TJC | 1600001020114 | 11.08.2016 | 10.08.2017 | 16 | 117221346 |
103 | එස්.ඒ.එස්. පුෂ්පකුමාර, නිලන්තඩිය, නොරොච්චෝලේ | පේර | 1600001030110 | 11.08.2016 | 10.11.2016 | 6 | 773619081 |
104 | වී.එම්. ප්‍රසන්න තිලකරත්න, විහාරගොඩ, සපුගොල්ල, ඌව පරණගම. | බෙල් පෙපර් | 1600001040253 | 11.08.2016 | 10.11.2016 | 50,000Sqft | |
105 | පල්කු ෆාම්, දඹුල්ල. | පැපොල් | 1600001050110 | 11.08.2016 | 10.02.2017 | 24 | |
106 | වයි.එම්. සුජිත් යාපා, හේන්දෙණිය, පේරාදෙණිය. | කරවිල | 1600001060213 | 11.08.2016 | 10.08.2016 | 0.8 | 719337031 |
107 | වී.වී. ෆාම්, මඩුකන්ද, වව්නියාව. | පැපොල් | 1600001070110 | 11.08.2016 | 10.08.2017 | 40 | 778568063 |
108 | 4U ගාර්ඩ්න් ෆාම්, නඳුන්සෙවණ, කුඩාවැව, මැදවච්චිය | අඹ | 1600001080114 | 11.08.2017 | 10.08.2018 | 10 | |
පේර | 1600001080110 | 11.08.2018 | 10.08.2019 | 03 | |||
109 | නවලෝක ෆාම්, වැලිකන්ද, පොලොන්නරුව. | අඹ | 1600001090114 | 11.08.2016 | 2017.02.11 | 53.5 | 777734591 |
178 | දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථානය, ගබඩාවත්ත, හෝමාගම | කරවිල | 1152301780212 | 04.10.2016 | 2016.11.04 | 0.25 | 112855745 |
110 | ඩබ්.පී. සමන් කුමාර, 62, මැදගොඩ පර, ගොඩ කොග්ගල, අම්බලන්තොට. | කෙසෙල් | 1600001100111 | 2016.08.11 | 2017.02.11 | 05 | 715318688 |
177 | එල්. ආර්. සමරසිංහ, 863, දුන්හිඳ පාර, ඇත්ගල, ගම්පොල. | කරවිල | 1152301770212 | 2016.10.07 | 2016.12.22 | 0.25 | 770381461 |
598 | ඒ.එම්.අයි.බී.අබේසිංහ, එක්සත් තරුණ සමාජය, ව්‍යවසායක ගොවිපල, ,වැලිගල්ල,පූජාපිටිය. | කරවිල | 1152305980212 | 2017.01.05 | 2017.03.05 | 0.25 | 712162893 |
792 | කේසර සූරියබණ්ඩාර, පහල විහාරගල, ගල්කන්ද වත්ත පර, බෙරගල. | බෙල් පෙපර් | 1152307920253 | 2017.02.07 | 2017.08.07 | 3400 Sqft | |
425 | ගාමිණී බස්නායක, 54, ,හපන්ගමුව, බණ්ඩාරවෙල | බෙල් පෙපර් | 1152304250253 | 2017.02.07 | 2017.08.07 | 1200 Sqft | |
274 | එම්. විජිත නිලමේ, ඉහල වල්පොල, කොටවැල්ල,රඹුක්කන. | කරවිල | 1152302740212 | 2017.02.01 | 2017.08.01 | 0.25 | |
784 | ආර්. කේ. ජින්ප්රේම, 256/5, නවෝධ මාවත, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152307840111 | 2017.01.27 | 2017.07.27 | 717171782 | |
783 | ජේ.කේ.පී. කරුණාසේන, 109, කුම්බගොඩ ආර, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152307830111 | 2017.01.27 | 2017.07.27 | 0.5 | 714903752 |
705 | කේ.ඒ.චන්ද්‍රසේන, 1121, යාය 06, D-7ඇළ, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152307050111 | 2017.01.27 | 2017.07.27 | 01 | 775709570 |
666 | කේ. එම්.චන්ද්‍රසේන, 279, RB-02, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152306660111 | 2017.01.27 | 2017.07.27 | 01 | 475729230 |
688 | ජී. ප්‍රේමරත්න, 268, 7ඇළ, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152306880111 | 2017.01.27 | 2017.07.27 | 0.5 | 716945136 |
782 | එන්.එච්.එච්. චතුරංග, 270, , RB-02, D-07ඇළ, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152307820111 | 2017.01.27 | 2017.07.27 | 0.5 | 716358977 |
781 | එල්.ඒ.ටී. පුෂ්පකුමාර, 3376/5, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152307810111 | 2017.01.27 | 2017.07.27 | 0.5 | 716777976 |
706 | ඩබ්.ඒ.ජිනදාස, 3377, යාය 5, මෝරකැටිය, ඇඹිලිපිටිය | කෙසෙල් | 1152307060111 | 2017.01.27 | 2017.07.27 | 472262335 | |
664 | ඩී.එච්.ආර්. සෝමදාස, 327/6, 7ඇළ, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152306640111 | 2017.01.27 | 2017.07.27 | ||
515 | ඒ.ආර්.එන්. රොෂාන්, 239, 10 ඇළ, මෝරකැටිය, ඇඹිලිපිටිය. | කෙසෙල් | 1152305150111 | 2017.01.27 | 2017.07.27 | 3.5 | 711857884 |
713 | කේ.එච්. සුගතසිරි, කොග්ගල, කොඩිගල, අම්බලන්තොට. | කෙසෙල් | 1152307130111 | 2017.01.27 | 2017.07.27 | 50 | 777791038 |
699 | ජී.ජී.බී.එච්.එම්. සමරනායක, හරිත , බොලන, රුහුණු රිදියගම, අම්බලන්තොට. | කෙසෙල් | 1152306990111 | 2017.01.27 | 2017.07.27 | 05 | 777680032 |
770 | ඉලෙක්ට්රෝ මෙකනිකල් ඉංජිනිරින්, සාලියපුර, අනුරාධපුර. | පැපොල් | 1152307700111 | 2017.03.08 | 2018.03.08 | 0.25 | |
0 | එන්.ඩබ්. වජිර ශාන්ත, රඹකුලම, මැදවච්චිය. | පතෝල | 1152307720111 | 2017.03.08 | 2017.06.08 | 0.25 | 726148813 |
1489 | එස්.සුරේෂ් කුමාර, පොලත්තවල, කලවත්ත, මිනුවන්ගොඩ. |
බහු බෝග(කරවිල, බණ්ඩක්කා, මෑ, දඹල)
|
1152314890260 | 2017.04.21 | 2017.10.21 | 0.75 | 773612144 |
1488 | එච්.ඩබ්. රසික නුවන්, 494, අඩි 3 ඇළ පාර, රුහුණු රිදියගම, අම්බලන්තොට. | කෙසෙල් | 1152314880111 | 2017.04.21 | 2018.04.21 | 2.5 | 726329069 |
1486 | ජී.ආර්.පී.අමරසිංහ, 4898, ,සමගිපුර, විහාරගල, සූරියවැව. | කෙසෙල් | 1152314860111 | 2017.04.21 | 2018.04.21 | 02 | 713101179 |
761 | ජී.ටී. සමන් කුමාර, 483, කුඩා ගම්මාන 3, බෙරලිහෙල, තිස්සමහාරාමය. | කෙසෙල් | 1152307610111 | 2017.04.21 | 2018.04.21 | 01 | |
730 | ඩබ්.එච්.ඩබ්. චන්ද්‍රතිලක 96, ඇළ මාවත, රන්මිණිතැන්න, තිස්සමහාරාමය. | කෙසෙල් | 1152307300111 | 2017.04.21 | 2017.08.21 | 01 | 717195271 |
1493 | එච්. ජී. සුනිල් ප්‍රියංකර, 525, කුඩා ගම්මාන 3, බෙරලිහෙල, තිස්සමහාරාමය. | කෙසෙල් | 1152314820111 | 2017.04.21 | 2018.04.21 | 01 | 724661090 |
1483 | එල්.කේ. දමිත් ප්‍රියංකර, 443/01, මොලකපුපතන, තිස්සමහාරාමය. | කෙසෙල් | 1152314830111 | 2017.04.21 | 2017.10.21 | 2.5 | 719104464 |
1484 | එච්. ආර්. ජී. සරත් මුණසිංහ, 77/73, ඉහළ අන්දර වැව, සූරියවැව. | කෙසෙල් | 1152314840111 | 2017.04.21 | 2018.04.21 | 1.5 | 718738720 |
715 | එච්. ඒ. රත්නසිරි, 644, කුඩා ගම්මාන 3, බෙරලිහෙල | කෙසෙල් | 1152307150111 | 2017.04.21 | 2018.04.21 | 02 | 777992966 |
1485 | කේ.පී.කුමාර, නැමදගස්වැව, සූරියවැව. | කෙසෙල් | 1152314850111 | 2017.04.21 | 2018.04.21 | 02 | |
1482 | එස්.පී.පියසේන, පලුගහකුඹුර, අම්බලන්තොට. | කෙසෙල් | 1152314820111 | 2017.04.21 | 2018.04.21 | 03 | 716453837 |
1487 | එම්.ඩී.පියසේන, 711, කුඩා ගම්මාන 3, බෙරලිහෙල, තිස්සමහාරාමය. | කෙසෙල් | 1152314870111 | 2017.04.21 | 2018.04.21 | 01 | 475611745 |
717 | ජී.එම්.ආරියදාස, කුඩා ගම්මාන 3, ½ බෙරලිහෙල, තිස්සමහාරාමය. | කෙසෙල් | 1152307170111 | 2017.04.21 | 2018.04.21 | 3.5 | |
329 | කේ.එම්.චන්දන කැටවල, පුස්සලමුල්ල, කලවිල, බේරුවල. | සලාද පිපිඤ්ඤා | 1152303290211 | 2017.04.21 | 2017.05.21 | 6000 Sqft | 713005176 |
1492 | මාලා ජයසිංහ, කිතුල්ගස්දෙණිය, හන්දෙස්ස. | සලාද පිපිඤ්ඤා | 1152314920211 | 2017.04.21 | 2017.05.21 | 540 Sqtf | 812315429 |
360 | සිරිසේන රණසිංහ, හරිත් ෆාම්, පට්ටිගල, බෙරලපනාතර. | සලාද පිපිඤ්ඤා | 1152303600211 | 2017.04.21 | 2017.05.21 | 1100 Sqft | 714489702 |
1387 | ජී.මේනක ගුරුගේ, නුගගල හන්දිය, හිනිදුම, ගාල්ල. | අන්නාසි | 1152313870116 | 2017.04.21 | 2018.04.21 | 1.5 | 716264267 |
1453 | ඩී.එම්.ජයන්ත, 13/65, කුඩා ඔය, ලබුකැලේ. | ගෝවා | 1152314530215 | 2017.04.25 | 2017.05.25 | 0.5 | 772902682 |
1492 | බී.ජී.සිරිසේන, නහලවැව, කිඹිස්ස | කරවිල | 1152314920212 | 2017.04.27 | 2017.05.27 | 0.75 | 775540967 |
1491 | වී.කේ.එන්.වීරසිංහ, කුඩා මහ යාය, කණ්ඩලම පාර, දඹුල්ල. | අඹ | 1152314910114 | 2017.04.27 | 2017.05.27 | 8.5 | 718180689 |
145 | ඒ.එස්.පෙරේරා. | කරවිල | 1152301450212 | 14.06.2017 | 13.09.2017 | 0.25 | 774438070 |
1412 | ගලඋඩවත්ත ෆාම්. | අඹ | 1152314120114 | 26.05.2017 | 25.05.2018 | 27 | 662287154 |
1410 | එස්.ඩී.එල්.එස්.එම්. දිසානායක. | අඹ | 1152314100114 | 26.05.2017 | 25.05.2018 | 05 | 713098370 |
538 | නෙලන ඇග්‍රී බිස්නස් ඩිවලප්මන්ට් පුද්ගලික සමාගම | අඹ | 1152305380114 | 01.06.2017 | 31.05.2018 | 108 | 772857448 |
543 | ඒ.ඒ.සෙනවිරත්න | ඩ්‍රැගන් ෆෘට් | 1152305430115 | 01.06.2017 | 31.05.2018 | 0.25 | 721007627 |
173 | ඩී.කේ. ඩික්සන් අප්පුහාමි | කරවිල | 1152301730212 | 15.06.2017 | 14.09.2017 | 0.25 | 770412354 |
189 | කේ.එල්.රන්ජන් ලියනගේ | අඹ | 1152301890114 | 15.06.2017 | 14.06.2017 | 02 | 777916876 |
1010 | ඩී.කේ.ලලිත් ප්‍රසන්න | පතෝල | 1152301010213 | 15.06.2017 | 14.08.2017 | 0.25 | 779611133 |
110 | ඒ.එල්.එම්. ගුණසේකර | කරවිල | 1152301100212 | 0.25 | 773703208 | ||
360 | නිලානි රණසිංහ | සලාද පිපිඤ්ඤා | 1152303600211 | 03.07.2017 | 02.09.2017 | 1000 Sqft | 71188164 |
893 | දිමුතු සුරංග | අඹ | 1152308930114 | 30.06.2017 | 29.06.2018 | 04 | 766162906 |
895 | මුනින්දවාස් | පතෝල | 1152308950213 | 16.06.2017 | 15.12.2017 | 0.5 | 770599955 |
178 | DATC හෝමාගම | කරවිල | 1152301780212 | 03.07.2017 | 02.09.2017 | 0.25 | 112855745 |
896 | DATC අඹේපුස්ස | පැෂන් ෆෘට් | 1152308960113 | 16.06.2017 | 15.06.2017 | 0.5 | |
189 | සුනිල් ප්‍රනාන්දු | 1152301890212 | 15.06.2017 | 14.09.2017 | 0.5 | ||
1359 | ඩච් මෝල්ටා ලංකා පුද්ගලික සමාගම, මීපිලිමාන | කැරට් | 1152301359220 | 19.09.2017 | 18.12.2017 | 5.5 | 524924563 |
1362 | එස්.ත්‍යාගරාජා | ලීක්ස් | 1152301362242 | 20.12.2017 | 19.05.2018 | 0.25 | 77375770 |
කැරට් | 1152301362220 |
20.12.2017 | 19.05.2018 |
සේවාවන්
- ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික ජනතාවට වී, අතිරේක ආහාර බෝග, එළවළු, පලතුරු හා අර්තාපල් බෝග වල බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මය සහතික කර ලබාදීම.
- 2003 අංක 22 දරණ බීජ පනත ක්‍රියාත්මක කිරීම.
- බීජ පනතට අදාලව ගුණාත්මීය බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳව පුහුණුවීම් හා දැනුවත් වීමේ වැඩසටහන්, බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්, හසුරුවන්නන් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය හා සමිබන්ධ රජයේ හා පෞද්ගලික අංශයේ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වීම.
- අළුත් ප්‍රභේද නිදහස් කිරීමේදි DUS පරීක්ෂාව (විශේෂියතාවය, ඒකීයතාවය, ස්ථායිතාවය/ Distinctness, Uniformity, Stability) මෙහෙයවීම.
- අභිජනන බීජ සහතික කිරීම.
- ආනයනික හා දේශීය නිෂ්පාදන බීජ වල පශ්චාත් පාලන කේෂ්ත්‍ර පරීක්ෂා සිදුකිරීම.
- රජයේ හා පෞද්ගලික අංශවල තවාන් සදහා මව්ශාක තෝරාදීම.
- පලතුරු පැල තවාන් ලියාපදිංචි කිරීම.
- ආනයනික හා දේශීය නිෂ්පාදන බීජ වල ප්‍රරෝහනය, ජීව්‍යතාවය, පාරිශුද්ධතාවය හා තෙතමනය බීජ පරීක්ෂනාගාරයේදීම ISTA නිතී රීති වලට අනුකුලව සිදුකිරීම.
- බීජ සෞඛ්‍ය පරීක්ෂා කිරීම.
- ගුණාත්මීය බීජ හා රෝපණද්‍රව්‍ය නිෂ්පාදනයේදී පැන නැගෙන කේෂ්ත්‍ර ගැටළු ආදිය පිළිබඳව බීජ පර්යේෂණ පැවැත්වීම.
- Seed quality development and promotion activities.
- සහතික බීජ නිෂ්පාදනය පිළිබඳව සහතික බීජ නිෂ්පාදකයින්ගේ නාමාවලිය සෑම කන්නයකට වරක් ද පළතුරු පැල නිෂ්පාදකයින්ගේ නාමාවලිය වසරකට වරක් බැගින් ප්‍රකාශයට පත් කිරීම.
- ආනයනයනය කල බීජ මෙරටට වෙළදපල තුල අලෙවියේදී ඒ සඳහා අවශ්‍ය නාමකරණය ලබාදීම.
වැඩසටහන්
- බීජ සහතික කිරීමේ සේවා මූලස්ථානය- ප්‍රධාන කාර්යාලය (ගන්නොරුව)
බීජ සහතික කිරීමේ සේවා කටයුතු විමධ්‍යගත සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන අතර ,ගන්නොරුව පිහිටි මූලස්ථානය මගින් සියළුම පරිපාලන කටයුතු සිදුකරනු ලබයි.බීජ සහතික කිරීමේ සියළුම නීති රීති සහ උපදෙස් ප්‍රධාන කාර්ය්යාලය මගින් නිකුත් කරනු ලබන අතර, මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙක් සියළුම අංශ සමග ඉතා කිට්ටු සම්බන්ධතාවයකින් කටයුතු කරනු ලැබේ.
ගොවීන් ලියාපදිංචි කිරීම, ක්ෂෙත්ර පරීක්ෂණ, බීජ නියැදි ගැනීම් හා බීජ පරීක්ෂා කිරීම් ඇතුළු සියළු බීජ සහතික කිරීමේ කටයුතු දිවයින පුරා විසිරී ඇති ප්‍රාදේශිය කාර්ය්යාල හා බීජ පරීක්ෂණාගාර මගින් ඉටුකරනුලබේ.
- ක්ෂේත්‍ර පරීක්ෂණ අංශය
ක්ෂේත්‍ර පරීක්ෂණ සියලුම සහතික කිරීමේ කටයුතු වල පදනම වේ. ක්ෂේත්‍ර පරීක්ෂකරුවන්ගේ ( කෘෂිකර්ම උපදේශකවරු) ප්‍රධානතම වගකීම වන්නේ බීජ නිෂ්පාදකයින් (රජයේ ගොවිපල් , කොන්ත්‍රාත් ගොවීන් සහ පුද්ගලික ගොවින්) ලියාපදිංචි කිරීම, ලියාපදිංචි කල ක්ෂේත්‍ර බීජ සහතික කිරීමේ සේවා ප්‍රමිතීන්ට අනුකූල දැයි පරීක්ෂා කිරීම, අස්වනු නෙලීමෙන් පසුව වියළා පිරිසිදු කළ බීජ තොග වලින් නියැදි ලබා ගැනීම, යන්ත්‍ර මගින් පිරිසිදු කළ බීජ තොග වලින් වෙන් වෙන්ව නියැදි ලබා ගෙන බීජ පරීක්ෂණාගාර වෙත ඉදිරිපත් කිරීම සහ එක් එක් තොගයට අදාළ ලේබල් යෙදීම (බීජ පංති සහ ප්‍රභේද අනුව) හා බීජ මලු මුද්‍රා තැබීම යන කටයුතුයි. මෙම කටයුතු සියල්ල දිවයින පුරා විසිරී ඇති ප්‍රාදේශීය කාර්ය්යාල හරහා සිදුවේ. සෑම ප්‍රාදේශීය කාර්යාලයක්ම සදහා අවශ්‍ය නිවාස කාර්යාල සහ ප්‍රවාහන පහසුකම් බොහෝ දුරට සලසා ඇත.
සහතික කරනු ලබන සෑම බීජ තොගයකම බීජ පරීක්ෂණාගාරයට ඉදිරිපත් කරනු ලබන අතර, ඉහළ බීජ පංතිවල සෑම තොගයක්ම බීජ සෞඛ්‍යය සඳහා ද, පශ්චාත් පාලන ක්ෂේත්‍ර වලදී ද පරික්ෂාවට ලක්කෙරේ.
බීජ තොග යන්ත්‍ර මගින් පිරිසිදු කළ පසුව ලබා ගන්නා නියැදි පරීක්ෂා කර බීජ පරීක්ෂණාගායේ ප්‍රතිඵල වාර්තා මගින් සමත් බීජ තොග පමණක් (බී.ස.සේ ලේබල් සහ සීල් සහිත) නිදහස් කරනු ලබයි. බී.ස.සේ ලේබල් සහ සීල් සහිත බීජ මලු වල අඩංගු බීජ ප්‍රමාණය ගුණාත්මය පිලිබදව බී.ස.සේ වගකියනු ලැබේ.
- බෝග ප්‍රභේද අංශය
ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන කෘෂිකාර්මික බෝග ප්‍රභේද ක්ෂේත්රයේ දී වෙන් වෙන්ව හදුනා ගැනීමට භාවිතා කළ හැකි ප්‍රභේදාත්මක ලක්ෂණ පිළිබදව අධ්‍යනය කිරීම මුලික වශයෙන් මෙම අංශය මගින් කරනු ලබයි. ප්‍රභේදාත්මක ලක්ෂණ පැහැදිලි කරන රූපසටහන, ප්‍රභේද සංසන්දනාත්මක විස්තර බී.ස.සේ අත්පොත -11 ඛණ්ඩයෙහි ඇතුලත් කර ඇති අතර මේවා වඩාත්ම ප්‍රයෝජනවත් වන්නේ ක්ෂෙත්ර පරීක්ෂණ වලදී වගා කරන ප්‍රභේදය සමග මිශ්‍ර වි ඇති වෙනත් ප්‍රභේද පහසුවෙන් හඳුනාගැනීම සඳහා වේ.
බෝග ප්‍රභේද අංශය මගින් සිදු කරන ප්‍රධාන කාර්යභාරයන් පහත දැක්වේ.
1. බීජ ගුණන ක්‍රියාවලියේ ඉහලම පරම්පරාව වන අභිජනකයා විසින් නිපදවන අභිජනන බීජ වල ගුණාත්මය තහවුරු කිරීම.
2. බීජ සහතික කිරීමේ කාර්යාවලිය සදහා විශේෂිතාවය ඒකීයතාවය ස්ථායිතාවය පරීක්ෂණය (DUS Test) සිදු කිරීම.
3. බීජ නිෂ්පාදකයින්ට බෙදා හැරුණු බීජ වල ගුණාත්මය පාලනය කිරීම සදහා පශ්චාත් පාලන පරීක්ෂණ සිදු කිරීම වේ.
4. බීජ පනත මඟින් ඉදිරිපත් කරන ගැටළු සහගත නියැදි ක්ෂේත්‍ර පරීක්ෂණ වලට ලක්කර ගැටළු විසඳන ගැනීම සඳහා සහයෝගය ලබාදීම.
5. දෙපාර්තමේන්තුව මඟින් නිපදවනු ලබන දෙමුහුම් බෝග ප්‍රභේද වල දෙමුහුම්තාවය පරීක්ෂා කිරීම.
ඉදිරියේදී බෝග ප්‍රභේද සංරක්ෂණ පනත බලාත්මක වීම මත DUS පරීක්ෂණය මගින් අභිජනකයාගේ අයිතිය තහවුරු කිරීමට ද සිදු වේ. වී, එළවළු අතිරේක ආහාර බෝග (OFC) , අල බෝග හා පළතුරු බෝග ඉහත කටයුතු මෙම අංශය මගින් ආවරණය කරනු ලබයි. පුහුණු කටයුතු සදහා සම්පත් දායකත්වය සැපයීමද පශ්චාත් පාලන ක්ෂේත්‍ර හා බීජ සහතික කිරීමේ සේවයේ ශීත ගබඩාව පරිපාලනය ද ඉහත ප්‍රධාන කාර්යයන්ට අමතරව මෙම අංශය මගින් සිදු කරනු ලැබේ.
- පශ්චාත් පාලන අංශය
සහතික කරනු ලබන උසස් පංතිවල සෑම බීජ තොගයකම නියැදියක් (බීජ පරීක්ෂණාගාරයට ඉදිරිපත් කරන නියැදියට සමාන ) පශ්චාත් පාලන කටයුතු සදහා ලබා ගනු ලැබේ. මෙම නියැදි වෙන් වෙන්ව පශ්චාත් පාලන ක්ෂේත්‍ර කොටුවල වගා කර පරීක්ෂා කරනු ලැබේ. මෙහිදී ලබා ගන්නා නිරීක්ෂණයන් සහ ක්ෂේත්‍ර තත්වයන් පිළිබද වැදගත් තොරතුරු ක්ෂේත්‍ර පරීක්ෂකවරුන් වෙත දන්වා යවනු ලැබේ. තවද පශ්චාත් පාලන නියැදි ක්ෂේත්රයේ වගා කර පරීක්ෂා කිරීමෙන් බී.ස.සේ ක්ෂේත්‍ර පරීක්ෂණ ප්‍රතිඵල හා බීජ පරීක්ෂණාගාර ප්‍රතිථල ඇතුළු සහතික කිරීමේ කටයුතු පිළිබදව අභ්‍යන්තර තක්සේරුවක් ද ලබා ගත හැකිය. මෙයට අමතරව, පර්යේෂණ කටයුතු සඳහා නියැදි පරීක්ෂා කිරීම්, දෙමුහුම්තාවය පරීක්ෂා කිරීම, අහඹු වෙළඳපල සමීක්ෂණ නියැදි පරීක්ෂා කිරීම, ගැටළු සහගත නියැදි පරීක්ෂාකිරීමට සිදු කරනු ලැබේ.
- බීජ සෞඛ්‍ය පරීක්ෂණ ඒකකය
ආහාරයක් මෙන්ම වගාවන් ආරම්භ කිරිම සඳහා බීජ වලට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහල යයි. ආහාර සදහා වගා කරනු ලබන බෝග වලින් 90% ක් ම වගා කරනු ලබන්නේ බීජ මගිනි. මෙම බීජ ශාක වලට හානි කරනු ලබන දීලීර, බැක්ටීරියා. වෛරස්, නෙමටෝඩා වැනි රෝග කාරකයින් පැතිරීම ද සිදු කරනු ලබයි.
රෝග ආසාදිත බීජ වගා කිරීම නිසා බීජ හා බීජ පැල මිය යාම, අඩු දිරියෙන් හා අඩු ප්‍රරෝහණ ප්‍රතිශතයකින් යුත් වගාවන් දක්නට ලැබීම, අස්වැන්න අඩු වීම, මුල් අවධියේ පටන් රෝග පාලනය කිරීමට සිදු වීම මගින් නිෂ්පාදනය පිරිවැය ඉහළ යාම, රෝග කාරකයින් පසට හා පරිසරයට එකතු වීම නිසා ඉන්පසු වගා කරනු ලබන නිරෝගී බීජ වලටද හානී වීම වැනි තත්වයන් දක්නට ලැබේ. මීට අමතරව බීජ වල පෝෂණීය ගුණය විනාශ වීම, ගබඩා කල නොහැකි වීම,මිනිසාට හා සතුන්ට විෂ සහිත සංයෝග සෑදීම වැනි දෑද ඇති විය හැකිය. මෙම තත්වයන් වලක්වා ගැනීම සඳහා නිරෝගී බීජ භාවිතය අත්‍යවශ්‍ය සාධකයකි. මේ සඳහා බීජ වල සෞඛ්‍ය තත්වය පරීක්ෂා කල යුතු වේ.
රටකින් රටකට බීජ මගින් රෝග කාරකයින් පැතිරීම පාලනය කිරීම සඳහා ශාක නිරෝධායන ක්‍රම අනුගමනය කරනු ලබයි. රටතුල බීජ මගින් පැතිරෙන රෝග කාරකයින් පාලනය කිරීම සඳහා රෝග වලින් තොර බීජ භාවිතා කිරීම හා බීජ ප්‍රතිකාර යෙදීම මගින් කල හැකියි. මෙයින් වඩාත් කාර්යක්ෂම පරිසර හිතකාමී හා ආර්ථිකමය වාසිදායක ක්‍රමය වනුයේ රෝග වලින් තොර බීජ භාවිතා කිරීමයි. මීට අමතරව බීජ ප්‍රතිකාර කලයුතු බීජ හඳුනා ගැනීමද මෙමගින් කල හැකිය. බීජ වල සෞඛ්‍ය තත්වය පරීක්ෂා කොට රෝග වලින් තොර බීජ බවට සහතික කර ගොවීන්ට ගුණාත්මක බීජ සැපයීම සඳහා 2012 වසරේදී බීජ සහතික කිරීමේ සේවය මගින් බීජ සෞඛ්‍ය පරීක්ෂණ ඒකකය ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලදී.
- බීජ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය
ශ්‍රී ලංකාව තුල වාණිජ මට්ටමින් හුවමාරු වන බීජ හා රෝපණ ද්‍රව්‍ය වල පිළිගත් ප්රමිතීන් තහවුරු කර ගුණාත්මයෙන් යුත් බීජ හා රෝපණ ද්‍රව්‍ය ගොවීන් වෙත ලබා දීම සඳහා ගන්නා ලද නීතිමය පියවර 2003 අංක 22 දරණ බීජ පනතින් සිදු කරන අතර ඒ යටතේ වන රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මෙම ඒකකය මඟින් සිදු කෙරේ.
පනත ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රධාන වශයෙන් පහත කාර්යයන් ඉටු වේ.
1. බීජ හසුරුවන්නන් (බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින්,ආනයනකරුවන් බීජ ඇසුරුම්කරුවන්, සකස් කරන්නන්, ගබඩා කරන්නන් හා අලෙවිකරුවන්) බීජ පනත යටතේ ලියාපදිංචි කර එම කාර්යයන් සිදු කිරීම සඳහා අවශ්‍ය නීතිමය ආවරණය ලබා දීම සහ ලියාපදිංචිය අළුත් කිරීම.
2. බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදකයින් සහ බීජ ආනයනකරුවන් විසින් එම බීජ හා රෝපණ ද්‍රව්‍ය වල ගුණාත්මය තහවුරු කිරීම පිළිබඳ යොදන ලේබල් බීජ පනතට අනුකූලදැයි පරීක්ෂා කර අදාළ උපදෙස් ලබා දීම සහ ලේබල් අනුමත කිරීම.
3. I. බීජ පනතට අනුකූලව ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය හැසිරවීම පිළිබඳව බීජ හසුරුවන්නන් දැනුවත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
ii. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනෙකුත් රජයේ නිලධාරීන් සඳහා බීජ පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
4. බීජ පනතට පටහැනි වන අවස්ථා පිළිබඳ ලැබෙන පැමිණිලි විමර්ශනය කර සුදුසු පිලියම් ලබා දීම.
5. අහඹු ලෙස පරිශ්‍ර පරීක්ෂා කර (random checking) බීජ පනතට අනුකූල පරිදි බීජ හසුරුවන්නන්ගේ කටයුතු විධිමත් කිරීම.
6. ආනයනික බීජ තොග (bulk) නැවත ඇසුරුම් කිරීමට පෙර නියැඳි ලබා ගෙන ගුණාත්මය පරීක්ෂා කිරීම.
7. ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය පරිහරණය සහ භාවිතා කිරීම පිළිබඳව මාධ්‍ය මඟින් (රූපවාහිනි,පුවත්පත්,ගුවන් විදුලිය,වීදි නාට්‍ය ආදිය) මඟින් ජනතාව දැනුවත් කිරීම.
- බහුවාර්ෂික බෝග අංශය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත පළතුරු පැල බෝග ප්රභේදයන්ගේ බද්ධ පැල බීජ සහතික කිරීමේ ප්‍රමිතින්ට අනුකූලව ලේබල් යොදා සහතික කිරීම කරනු ලබයි. මූලිකවම මෙම අංශය පහත සදහන් කටයුතු සිදු කරනු ලැබේ.
1.පළතුරු පැළ නිෂ්පාදකයින් (තවාන්කරුවන්) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවා ගැනීම
2. මව් ශාක තේරීම හා ලියාපදිංචි කටයුතු සිදු කිරිම
3. පළතුරු පැල සහතික කිරීම
4. දැනුවත් කිරීමේ වැඩසටහන් හා පුහුණු වැඩසටහන් පැවැත්වීම
- දත්ත සැකසීම හා ප්‍රගති මෙහෙයුම් අංශය
බීජ සහතික කිරීමේ සේවයේ ප්‍රධාන මූලස්ථානය,සියළුම ප්‍රාදේශිය කාර්යාල,බීජ පරීක්ෂණාගාර හා පශ්චාත් පාලන ක්ෂේත්රවල දත්ත ,තොරතුරු හා වාර්තා එක්රැස් කිරීම, යාවත්කාලීන හා ඉදිරිපත් කිරීම සිදුකරයි. බී.ස.සේ. මගින් සහතික කරනු ලබන වී,අතිරේක ආහාර බෝග,එළවළු, අර්තාපල්, ලේබල් යෙදූ පැළ සංඛ්‍යාව, ලියාපදිංචි කල මව්ශාක හා බීජ පනත ආශ්රිත තොරතුරු පිළිබඳව දත්ත සැකසීම සිදුකරයි.
- පුහුණු අංශය
මනා දැනුවත් බවත් නිරන්තර පුහුණුවත් තුලින් ඕනෑම ක්ෂේත්රයක හිනි පෙත්තටම ගමන් කල හැකිය. බීජ සහතික කිරීමේ සේවයේ පුහුණු අංශය බීජ හසුරුවන්නන්ගේ හා අදාළ නිලධාරීන්ගේ දැනුම හා හැකියාව ඔප් නැංවීමේ භාරදුර කාර්යයට උර දී සිටී.
ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙහිලා අවශ්‍යවන දැනුම හා පුහුණුව ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන බීජ සහතික කිරීමේ පුහුණු අංශය ආයතන තුලත් ක්ෂේත්‍ර තුලත් පවතින පුහුණු අවශ්‍යතා හඳුනා ගනිමින් බීජ හසුරුවන්නන්, ශිෂ්‍යයන්,වෘත්තියක් ආදී වු සියලු පිරිස් හට පුහුණු වීම් සංවිධානය කරයි.
පුහුණු අංශය මඟින් සංවිධානය කරන පුහුණු වැඩ සටහන්
01 ප්‍රභේද හා ප්‍රභේදාත්මක ලක්ෂණ හඳුනා ගැනීම පිළිබඳ පුහුණු වැඩසටහන්
02 ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන්
03 රෝග හා පලිබෝධ පාලනය පිළිබඳ පුහුණු වැඩසටහන්
04 මව් ශාක නඩත්තුව හා කප්පාදුව පිළිබඳ පුහුණු වැඩසටහන්
05 ආනයනික හා අපනයනික බීජ හසුරුවන්නන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන්
06 පෞද්ගලික අංශයට බීජ පරීක්ෂණාගාර කටයුතු පිළිබඳ පුහුණු වැඩසටහන්
07 බීජ පනත පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික අංශ දැනුවත් කිරීම 08 බීජ සහතික කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් පුහුණුව
ආනයනික බීජ වල නම් වෙනස් කිරීම
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් පූර්ව පරීක්ෂාකිරීම් වලින් පසුව නිර්දේශ කරන මෙරටට ආනයනය කරන බීජ වර්ග මෙරට වෙළද පල තුල අලෙවිකිරීමට ප්‍රථම එම ආනයනික සමාගම්, මගින් අලෙවි නාමය(වෙළඳ නාමය) වෙනස් කිරීම සිදු කරනු ලබයි. මෙම කාර්යය බීජ සහතික කිරීමේ සේවයේ අතිරේක අධ්යක්ෂ ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් මඟින් තීරණය කරයි. මේ සඳහා වැඩි විස්තර බීජ සහතික කිරීමේ සේවය, තැ.පෙ. අංක 03, ගන්නෝරුව පේරාදෙණිය යන ලිපිනයට හෝ දුරකථන අංක 081-2388217 අමතා ලබාගත හැකිය.
මෙම කමිටුව මඟින් නාමයන් වෙනස් කිරීමේදී පහත සඳහන් කරුණු සලකා බලනු ලබයි.
01. කෘෂිකර්ම දෙපර්තමේන්තුව මඟින් නිර්දේශ කර හෝ මුදා හැර ඇති බෝග ප්‍රභේද සඳහා ලබා දී ඇති නාමයක් නොවීම හෝ උච්චාරණයේදී ඒ හා සමානව හැඟෙන නාමයක් නොවීම
02. දේශීයව ප්‍රචලිත පාරම්පරික එළවළු ප්‍රභේදයක නාමයක් නොවීම
03. ලංකාවේ දැනට පවතින ප්‍රභේද සම්බන්ධ භාවිතා කරන නාමයක් නොවීම
04. ලංකා යන වචනය හෝ ඊට ආසන්න තේරුම් දෙන වචනයක් හෝ ලාංකීයත්වය/දේශීයත්වය හැඟවෙන නාමයක් නොවීම/ලාංකීය නාම සමඟ ආසන්නව යාම නිසා පාරිභෝගිකයා නොමඟ යවන සුළු නාමයක් නොවීම. (දෙමළභාෂාවෙන්, දැක්වීමේදී මේ සමාන තේරුම් දෙන වචනයක නාමයක් නොවීම)
05. ලංකාවේ රාජ්‍ය ආයතනයක් හැඟවෙන නාමයක් නොවීම හෝ එම ආයතන හැදින්වීමට භාවිතා වන කෙටි නාමයක් ( උදාහරණ MI) සේ යෙදෙන නාමයක් නොවීම
06. ශ්‍රි ලංකාවට අළුතින් ගෙන්වීමට අපේක්ෂාකරන දෙමුහුම් හෝ විවෘත පරාගික ඕනෑම බෝග ප්‍රභේදයකට, අළුතින් නාමයක් ලබා ගැනීමේ දී කුඩා නියැදියක් ගෙන්වා එය ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණායතනයක පූර්ව පරීක්ෂාවකට ලක් කර යුතු අතර එම පරීක්ෂාවෙන් පසුව අළුත් නාමයක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් කල යුතු වේ.
07. එම අළුතින් යෝජනා කරන නම් එම බෝග ප්‍රභේදයේ හෝ වෙනත් බෝග ප්‍රභේදයක් සඳහා මෙතෙක් භාවිතා නොවන නාමයක් වීම වඩාත් උචිත වේ.
08. එම අළුතින් යෝජනා කරන නාමයට, පරීක්ෂාකරන නාමය ඇතුලත් නොවිය යුතු අතර එහි ඉලක්කම් අන්තර්ගත නොවිය යුතු වේ.
09. එම අළුතින් යෝජනා කරන නම කමිටුව මඟින් අනුමත වු පසු නැවත වෙනස් කිරීම කල හැක්කේ කමිටුව මඟින් පමණි. නාමයක් වෙනස් කිරීම සිදු කල යුතු නම් පළමුවරට නම වෙනස් කිරීමෙන් පසුව වසර 2 ක කාලයක් ගතයුතු විය යුතු අතර එකම ප්‍රභේදය සඳහා තුන් වරකට වඩා නමක් වෙනස්කර ගත නොහැකි වේ.
10. වෙනස් කරන නාමය සමඟ ආනයනය කරන ලද මෙරට ආයතනයේ නම ඉදිරියෙන් යෙදිය යුතු වේ. උදා: ABC company- Angle
11. මින් ඉදිරියට, වෙනත් බෝගයකට භාවිතාකල නාමයක් තවත් බෝගයක් සඳහා යෙදීමෙන් වැලකිය යුතු වේ.