කාමරංගා (Star fruit)
කුලය - Oxalidaceae
උද්භිත විද්‍යාත්මක නාමය - Averrhoa carambola
නිර්දේශිත ප්‍රභේද
ප්‍රභේද
මීටර් 5-12 පමණ උසැති බහු වාර්ෂික ශාකයක් වන මෙහි සංයුක්ත පත්‍ර පිහිටන අතර පත්‍රිකා යුගල 3-5 කින් යුක්තය. පත්‍ර ආයත හැඩැතිය. පුෂ්පවල වර්ණය ප්‍රභේද අනුව රෝස හෝ ලා දම් පැහැති වන අතර පොකුරු වශයෙන් කඳේ හා අතු රිකිළිවල හටගනී. ඵල කුඩා කාලයේ කොළ පැහැ වන අතර ඉදුණුවිට කහ පැහැයට හැරේ. ඵලය සෙ.මී. 8-10ක් පමණ දික්වන අතර දාර 5-6 කින් යුක්තය.
01. හනී ස්වීට් (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිතය)
02. බී 10 වර්ගය
03. ෆන්ටන්
දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුණ අවශ්‍යතා
ලංකාවේ උණුසුම් තෙත් පරිසරයකින් යුත් අතරමැදි කලාපයට අයත් ප්‍රදේශ මෙම බෝගය සඳහා වඩාත් යෝග්‍ය වේ. එහෙත් තෙත් කලාපයේද උස් බිම්වල ඉතා හොඳින් වැවෙන අතර හොඳින් ඵල දරයි.
පස
මනා ජලවහනයක් සහිත මධ්‍යස්ථ ආම්ලිකතාවයක් (pH 5-6) සහිත ලෝම පස වඩාත් උචිත වුවත් පුළුල් පාංශු පරාසයක ශාකය වර්ධනය වේ.
බිම් සැකසීම
ක්ෂේත්රය සැකසීම හා පැළ සිටුවීම
නියමිත පරතරයට සලකුණු කර සෙ. මී. 60 X 60 X 60 වලවල් කපාගත යුතුය. මතුපිට පස් හා කොම්පෝස්ට් පොහොර මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණයෙන් වලෙන් 2/3 පුරවා සති 2 කට පසු වලේ ඉතිරි කොටස්ද එම මිශ්‍රණයෙන්ම පුරවා සිටවිය යුතුය. සිටවූ පැළයට ආධාරකයක් සැපයීම එය හොඳින් ස්ථාපනය වීමට වැදගත් වේ.

රෝපණ ද්‍රව්‍ය
ප්‍රචාරණය
බීජ පැළ හා බද්ධ පැළ මඟින් සිදුකෙරේ. උසස් මව් ශාකයකින් නිපදවා ගත් බද්ධ පැළ හොඳ ගුණාත්මක හා උසස් අස්වැන්නක් සඳහා වඩාත් සුදුසු වේ.
බීජ පැළ හා බද්ධ පැළ මඟින් සිදුකෙරේ. උසස් මව් ශාකයකින් නිපදවා ගත් බද්ධ පැළ හොඳ ගුණාත්මක හා උසස් අස්වැන්නක් සඳහා වඩාත් සුදුසු වේ.
වගා පිළිවෙත්
නිර්දේශිත පරතරය හා පැළ අවශ්‍යතාවය
පරතරය - මීටර් 5×මීටර් 4යෙදිය යුතු පොහොර ප්‍රමාණය (පැළයකට/වලකට)
යෙදිය යුතු අවස්ථාව |
යූරියා (g) |
රොක්පොස්පේට් (g) |
මියුරියේට් ඔෆ් පොටෑෂ් (g) |
පැළ සිටුවීමට පෙර වලකට |
120 |
230 |
105
|
පැළ සිටුවා මාසයකට පසුව |
60 |
115 |
50 |
අවුරුද්දකට පසුව |
60 |
115 |
50
|
අවුරුදු 2 කට පසුව |
180 |
345 |
150 |
අවුරුදු 3 කට පසුව |
240 |
460 |
200
|
අවුරුදු 4 කට පසුව |
300 |
575 |
260 |
අවුරුදු 5 කට පසුව |
360 |
690 |
300
|
ඵල දරන ශාක සඳහා |
360 |
690 |
300
|
පොහොර යෙදීම
තෙත් කලාපය තුලදී කීසරයිටි හෝ එප්සම් ලුණු ශාකවලට යෙදීමෙන් සතුටුදායක ප්‍රතිඵල ගෙනදේ. පළමු වසරේදී ගසකට ග්‍රෑම් 250 ක් ද දෙවන වසරේ සිට ගසකට කිලෝ ග්‍රෑම් 1 බැගින්ද යෙදිය යුතුය.
අස්වනු නෙළීම
අස්වනු සැකසීම හා ඇසිරීම
රෝග හා පළිබෝධ හානි
පළිබෝධ
පලතුරු මැස්සා
පාලනය
හානි වූ ගෙඩි විනාශ කිරීම, ක්ෂේත්රයේ ඇම තැබීම, නිර්දේශිත කෘමිනාශක නිසි පරිදි භාවිතා කොට රසායනිකව පාලනය කිරීම
කාමරංගා වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු