කරවල කැබිල්ල
(Bignay/ Currant tree )

Order : Euphorbiales
Family : Euphorbiaceae
Genus : Antidesma L.
Species : Antidesma bunius (L.) Spreng.
(Bignay/ Currant tree )
Order : Euphorbiales
Family : Euphorbiaceae
Genus : Antidesma L.
Species : Antidesma bunius (L.) Spreng.
නිර්දේශිත ප්‍රභේද
කරවල කැබිල්ල පුෂ්ප

ද්වී ලිංගික මල් පිරිමි මල්
කරවල කැබිල්ල ඵල

දේශීයව විශේෂයෙන් තෙත් කලාපය ආශ්‍රිතව කුඩා වන ලැහැබ් වල දේශීය කරවල කැබිල්ල ස්වාභාවිකව වැවෙනු දක්නට ලැබෙන අතර මේවාට කැබිල්ල, ඇඹිල්ල ආදී ලෙස සාමාන්‍යයද ව්‍යවහාරයේදී භාවිතා කරනු ලබයි. මෙම දේශීය විශේෂයන්හි ගෙඩි කුඩා වන අතර විදේශීය රටවලින් හඳුන්වා දී ඇති විශේෂයන්හි ගෙඩි වඩා විශාල වේ. මෙම ගෙඩියක බර ග්‍රෑම් 0.45 - 0.59 ක් පමණ වන අතර කරවල කැබිල්ල ගෙඩි ගෝලාකාර හැඩැතිය. කුඩා අවධියේදී මේරීමට පෙර මේවා කොළ පැහැතිය.
පොකුරක සාමාන්‍යයෙන් ගෙඩි 40-70 ක් පමණ හටගන්නා කරවල කැබිල්ල පොකුරක ගෙඩි පැසෙන අවධිය වන විට කොළ, රෝස, රතු හා තද දම් පාට ආදී විවිධ දීප්තිමත් වර්ණයන්ගෙන් යුතු විවිධ අවස්ථා වල ගෙඩි වලිින් සමන්විත වේ.
මේ නිසා මෙම අවධියේදී වර්ණවත් කරවල කැබිල්ල ශාකය ඉතා දර්ශණීය වේ.
හොදින් ඉදුණු කරවල කැබිල්ල මිහිරි රසැතිය.
පැසුණු ගෙඩි ඇඹුල් හා පැණි රස මිශ්‍ර වන අතර, නොපැසණු ගෙඩි කහට රසැතිය.
කරවල කැබිල්ල (Antidesma bunius L.)

දේශීය හීන් ඇඹිල්ල ඵල (Antidesma alexiteria L.)

රෝපණ ද්‍රව්‍ය
ප්‍රචාරණය
බිම සිටවූ ශාකයක් මෙන්ම, පෝච්චියක සිටුවා ගත් ශාකයක්ද ඉතා හොඳින් හා අලංකාරව ඵල දරයි. එම නිසා මෙය පලතුරක් මෙන්ම භූමි අලංකරණ ශාකයක් ලෙසද ගෙවත්තට එක්කර ගත හැකි අගනා ශාකයකි. සාමාන්‍යයෙන් ස්වාභාවිකව වර්ධනය වන විට මී. 5-10 ක් පමණ උසට වැඩෙන සදාහරිත ශාකයක් වන මෙම ශාකයෙහි කදෙහි මුල සිටම අතු බෙදීම සිදුවන බැවින් අවශ්‍ය පරිදි පඳුරක් ලෙසද නඩත්තු කරගත හැකිය. වගා කිරීමේදී අවශ්‍ය පරිදි ශාක උස නඩත්තු කර ගැනීමේ හැකියාව ඇත.
කරවල කැබිල්ල බීජ මගින් පහසුවෙන් ප්‍රචාරණය කරගත හැකිය. එමෙන්ම අතු කැබලි, වායව අතු බැඳීම හා බද්ධ කිරීම මගින්ද සාර්ථකව පැළ නිෂ්පාදනය කරගත හැකිය. ගැහැණු හා පිරිමි මල් ශාක වෙන වෙනම හට ගන්නා අවස්ථාද ඇති බැවින් වගා කිරීමේදී වර්ධක ප්‍රචාරණයෙන් සකස් කරගත් පැළයක් සිටුවා ගැනීම වැදගත් වේ. වර්ධක ප්‍රචාරණයෙන් සකස් කරගත් පැළයක් වසරක් වැනි කෙටි කාලයක් තුළ ඵල හට ගැනීම අරඹයි. හොදින් වැඩුනු ගසකින් වාරයකදී කි.ගරෑ්ම් 50-100 ක් පමණ අස්වැන්නක් ලබාගත හැකිය.