කරඹ
කරඹ (Conker berry)

Order : Gentianales
Family : Apocynaceae
Genus : Carissa L.
Species : Carissa carandas L මහ කරඹ Carissa spinarum L. හීන් කරඹ

නිර්දේශිත ප්‍රභේද
ශ්‍රී ලංකාවේ හීන් කරඹ (Carissa spinarum) හා මහ කරඹ Carissa carandas) යනුවෙන් විශේෂ 2 ක් පවති.
මෙම විශේෂ දෙකේ ප්‍රධාන කැපී පෙනෙන ලකෂණය වන්නේ ඵලයේ ප්‍රමාණයේ වෙනසයි.
හීන් කරඹ ගෙඩියක බර ග්‍රෑම් 0.2 - 0.8 ක් පමණ ද ගෙඩියක දිග සෙ.මී. 0.7 සිට 0.8 ක් පමණ වේ.
මහ කරඹ ගෙඩියක් දිගින් සෙ.මී. 1 - 2 ක් පමණ වන අතර ගෙඩියක බර ග්‍රෑම් 2.5 - 3.5 ක් පමණ වේ.
හීන් කරඹ ගෙඩියකට වඩා මහ කරඹ ගෙඩියක් විශාල හා පුෂ්ටිමත්ය.
ස්වාභාවිකව බිම වැඩෙන විට විිශාල පඳුරු ආකාරයට කරඹ ශාක පැතිරී වර්ධනය වන අතර ඒවා අඩි 2-3 ක් පමණ උසට වර්ධනය වේ.
පෝච්චියක හෝ බිම සිටුවා ගත හැකි කරඹ ශාකයක වර්ධනය අවශ්‍ය පරිදි පාලනය කරගත හැකි අතර වසර පුරාම පාහේ අලංකාර ලෙස මල් පුබුදුවයි.
කුඩා පොකුරු වශයෙන් ශාක වියන පුරා හටගන්නා මෙම සුදු පැහැති මල් සමන් පිච්ච මල් වලට බොහෝ සමානය.
ඩැම්සන් (Carissa macrocarpa)
එම නිසා කරඹ ශාකය ගෙවත්තට පලතුරක් ලෙස මෙන්ම මල් පැළයක් ලෙසද එක් කරගත හැකි අලංකාර ශාකයකි.
මෙහිදී හීන් කරඹ මේ සඳහා වඩා සුදුසුය.
හීන් කරඹ (Conkerberry) ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබයි.
ඉදුණු හීන් කරඹ නැවුම් පලතුරක් ලෙස ආහාරයට ගත හැකි ඉතා රසවත් පලතුරකි.
කුඩා කරඹ ගෙඩි වල හැඩය හා ප්‍රමාණය අනුව විවිධත්වයක් දක්වයි.
මේවා බොහෝවිට ඕවලාකාර වන අතර ඕවලාකාර දිගටි හෝ කෙටි ඕවලාකාර හැඩයන් දක්වනු ලබයි.
නොපැසුණු කරඹ ගෙඩි කොළ පැහැතිය.
පැසුණු ගෙඩි වල පිටත වර්ණය රතු හෝ තද රතු ද ඉදුණු විට තද දම් පැහැයකටද හැරේ.
ඵලයේ ඇතුලත මාංශලය ද රතු දම් පැහැයකට හැරෙන අතර ඉතා කුඩා බීජ 2 - 3 ක් දක්නට ලැබේ.
මෙරටට හඳුන්වා දී ඇති විදේශීය ජැම්සන් හෝ ඩැම්සන් ලෙසින් සාමාන්‍යය ව්‍යවහාරයේදි හඳුන්වනු ලබන කරඹ විශේෂයක් ශ්‍රී ලංකාවේ ගෙවතු වල විශේෂයෙන්ම අලංකරණය සඳහා වගා කරනු ලබයි.
එය උද්භිද විද්‍යාත්මකව (Carissa macrocarpa) ලෙස හඳුන්වනු ලබන අතර ඉංග්‍රීසි බසින් ,(National plam) , ලෙස හඳුන්වනු ලබයි.
එයද රෝස පැහැයට හුරු සුදු පැහැති සමන් පිච්ච හැඩැති මල් පුබුදුවන අතර මහ කරඹ ගෙඩි වලට බොහෝ සමාන වූ ඵල දරනු ලබයි.
මේවා කුඩා හා පැසුණු අවධියේ දී රෝස පැහැති වන අතර හොඳින් ඉදුණු අවස්ථාවේදී තද දම් පැහැයක් ගනි.
කරඹ ගෙඩියක් කැපූ විට එයින් සුදු පැහැති කිරි විශේෂයක් වෑස්සෙනු දක්නට ලැබේ.
මෙම කිරි ස්වාභාවය නොපැසුණු කොළ පැහැති ගෙඩි වල ඉදුණු ගෙඩි වලට වඩා වැඩිය.
කරඹ බීජ වලින් පහසුවෙන් පැළ නිපදවා ගත හැකිය.
එමෙන්ම කරඹ ශාක, ස්වාභාවිකව මුල් මගින් පහසුවෙන් ප්රවාරණය වන බවද දක්නට ලැබේ.
කරඹ පුෂ්ප

හීන් කරඹ මල්

ඩැම්සන් මල්

කරඹ ඵල

හීන් කරඹ Carissa spinarum

මහ කරඹ Carissa carandas

දේශගුණික අවශ්‍යතා හා පස
මේවා නිවර්තන හා උප නිවර්තන කලාප වල දක්නට ලැබේ. කරඹ ශාකයේ ශුෂ්ක හා කටුක පරිසර වලට අනුවර්තන ලෙස අතු මත කටු හා පත්‍ර මතුපිට ඉටිමය ස්වාභාවයක් දක්නට ලැබේ. කරඹ, ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රදේශ වල වන ලැහැබ වල ස්වාභාවිකව වැඩෙනු බහුලව දක්නට ලැබේ. නමුත් තෙත් කලාපිය ප්‍රදේශ වලද වගාකළ විට හොඳින් වර්ධනය වේ.
කරඹ වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු