ගඩුගුඩා (Lansone/ Rambai)

Order : Euphorbials
Family : Euphorbiaceae
Genus : Baccaurea Lour.
Sepcies : Baccaurea motleyana
(Muell.Arg)

Order : Euphorbials
Family : Euphorbiaceae
Genus : Baccaurea Lour.
Sepcies : Baccaurea motleyana
(Muell.Arg)
දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුණික අවශ්‍යතා
උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය සහිත නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල ගඩුගුඩා වගා කළ හැකිය. ගඩුගුඩා ශ්‍රි ලංකාවේ තෙත් කලාපයෙහි හොඳින් වගා කළ හැකිය. ගම්පහ, කොළඹ, රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක වල මෙම බෝගය ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබේ.හොඳින් ජලය බැසයන විශාල පාංශු පරාසයක මෙම බෝගය වගා කළ හැකිය. ගංගා, ඇල දොල ආශ්රිත ඇළුවියල් පස වඩාත් හිතකරය.
රෝපණ ද්‍රව්‍ය
ප්‍රචාරණය
බීජ මගින් පහසුවෙන් ප්‍රචාරණය කළ හැකිය. එසේම බද්ධ කිරිම හා වායව අතු බැඳීම මගින්ද ප්‍රචාරණය කළ හැකිය. ගඩුගුඩා ජායාංගී හා පුමාංගී ශාක ලෙස ද පවතියි. එහෙයින් සිටුවීම සඳහා සුදුසු මව් ශාකයකින් වර්ධක ප්‍රචාරණය මගින් සකස් කර ගත් පැළ සිටුවීම සුදුසුය. වායව අතු බැඳීම හා කූඤ්ඤ බද්ධය ගඩුගුඩා සඳහා වඩාත් සාර්ථක වර්ධක ප්‍රචාරණ ක්රමයන් වේ.
ගඩුගුඩා බීජ වල බීජ සුප්තතාවයක් නොමැති බැවින් බීජ පැළවීමේ හැකියාව ඉක්මනින් හීන වේ. එම නිසා ඵලයෙන් බීජ ඉවත් කළ විගස සිටුවිය යුතුයි. බීජ සිටුවා සති 2 කට පසු බීජ ප්‍රරෝහණය ආරම්භ වේ. ගඩුගුඩා සෙමින් වර්ධනය වන බෝගයකි. එහෙයින් බෝගය උපරිම වර්ධනයට පත්වන තුරු වෙනත් බෝග සමඟ අතුරු වගාවක් වශයෙන්ද වගා කළ හැකිය. පළමු වසරෙහිදී 50%-70% පමණ සෙවණ අවශ්‍යවේ.

අස්වනු නෙළීම
අස්වැන්න
බීජ පැළයකින් අස්වැන්න ලබා ගැනීම සඳහා වසර 10 ක් හෝ ඊට වැඩි කාලයක් ගතවේ. වර්ධක ප්‍රචාරණය මගින් ලබා ගන්නා පැළ හොඳින් නඩත්තු කරන්නේ නම් වසර 5-6 කින් පමණ අස්වනු ලබාගත හැකිය. ඵල සහිත රැහැන් ලෙස ගඩුගුඩා අස්වනු නෙලාගනු ලැබේ. ඵලාවරණය ලා කොළ හා ලා දුඹුරු පැහැයට හුරු කහපාට වූ විට අස්වනු නෙලා ගැනීමට වඩාත් සුදුසු තත්ත්වය වේ. අස්වනු නෙලීමේදී ශාකයට නැග රැහැන් ලෙසම ගඩුගුඩා නෙලා ඒවා ගෝනි වල හෝ එවැනි වෙනත් ආරකෂිත බෑගයක හෝ බදුනක අසුරා ප්‍රවේශමෙන් පොළවට එවීමෙන් අස්වැන්නට හානි නොවන සේ ගඩුගුඩා නෙලිය හැකිය. මෙයින් අස්වැන්නේ ගුණාත්මය ආරක්ෂිත වන අතර එයින් වැඩි ආදායමක්ද ලබා ගත හැකිය.
ගඩුගුඩා වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු