නෙල්ලි (Amla)



Order : Euphorbiales

Family : Euphorbiaceae

Genus : Phyllanthus L.

Species : Phyllanthus emblica L.


නිර්දේශිත ප්‍රභේද

“ඛෙහෙත් නෙල්ලි” ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන නෙල්ලි විටමින් සී අධික පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිතය. පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස සැලකිය හැකි මෙහි නැවුම් පලතුරු පල්ප ග්‍රෑම් 100 ක විටමින් සී මිලි ග්‍රෑම් 250 - 1,800 ක් පමණ අඩංගුය. මෙහි ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක හා පොලිෆීනෝලද අඩංගු වේ. එමෙන්ම නෙල්ලි ඖෂධීය ගුණයෙන්ද ඉතා අනූන අතර එහි සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්තය. නෙල්ලි වලින් විවිධ නිෂ්පාදන රාශියක් සකස් කළ හැකිය. නෙල්ලි වල ඖෂධීය ගුණය ආයූර්වේද පොත පතෙහි මනාව සඳහන් කොට ඇති අතර සෞඛ්‍යමත් ජීවිතයක් සඳහා මෙහි ඇති වැදගත්කමද හොදින් හඳුනාගෙන ඇත. එමෙන්ම නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විත වන බවද සැලකේ.

නෙල්ලි ගන්නොරුව



නෙල්ලි නාගරික  ගෙවතු  වල  බඳුන්  වගාව  සඳහා  සාර්ථකව යොදා ගත හැකි.
මෙම නෙල්ලි  ප‍්‍රභේදය ගන්නොරුව පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානය විසින් වරණය කරන ලද්දකි.
පැළ සිටුවා වසර 2 1/2 - 3 ක් අතරදී මල් පිපී ගෙඩි හට ගනි.
මේරූ ගෙඩි කහ පැහැයට  හුරු  කොළ  පැහැයකින්  යුක්ත  වේ. 
ගෙඩි විශාල  වන  අතර  ගෙඩියක්  ග‍්‍රෑම්  40  -  70  අතර බරකින් යුක්ත වේ.
වසරකට එක් ගසකින් කිලෝග‍්‍රෑම් 150 ක තරම් සාපේක්ෂව වැඩි අස්වැන්නක් ලබා දේ


නෙල්ලි පුෂ්ප


නෙල්ලි ඵලය


දේශීය නෙල්ලි වල ඵල වල ප්‍රමාණය සහ බරෙහි විශාල විවිධත්වයක් දක්නට ලැබේ. මේ අනුව දේශීය නෙල්ලි ගෙඩියක බර ග්‍රෑම් 4.2 - 11.3 පමණ වේ. මෙරටට විදේශීය රටවලින් හඳුන්වාදී ඇති නෙල්ලි විශේෂයන්හි ගෙඩියක බර ග්‍රෑම් 14.8 - 45 ක් පමණ වේ. ජනතාව විශාල ගෙඩි සඳහා වැඩි කැමැත්තක් දක්වන අතර කුඩා ගෙඩි වලට වඩා ඒවායේ වෙළදපල මිලද ඉහළ අගයක් ගනී.

දේශගුණික අවශ්‍යතා හා පස

නෙල්ලි ස්වාභාවිකව ඝර්ම කලාපීය හා උප ඝර්ම කලාපීය දකුණු ආසියාතික වියළි ප්‍රදේශ වල සහ මිශ්‍ර සදාහරිත වනාන්තර වල දක්නට ලැබේ. මෙහි සම්භවය නේපාලයේ දකුණු හිමාල පෙදෙසේත් ඉන්දියාවේ උතුරු ප්‍රදේශයේ සිට දකුණටත් ඉන්දියානු උප මහද්වීප රටවල් දක්වාත් පැතිර පවති. මේ රටවල් අතරට ශ්‍රි ලංකාව ද අයත් වේ. ශ්‍රි ලංකාව තුළ වියළි හා අතරමැදි කලාපයේ විශේෂයෙන්ම බිබිල, බදුල්ල, මොණරාගල, ගල්ඔය, බුත්තල, අනුරාධපුර, රත්නපුර හා පොළොන්නරුව ආදී ප්‍රදේශ වල වනාන්තර තුළ ස්වාභාවිකව නෙල්ලි වගාවන් දැකිය හැකිය. තෙත් කලාපයේද ගෙවතු, ප්‍රසිද්ධ ස්ථාන සහ මහා මාර්ග දෙපස නෙල්ලි හොඳින් වැඩී තිඛෙනු දැකගත හැකිය. නෙල්ලි ශාකය මේ අනුව වියළි හා සෞම්‍ය දේශගුණ තත්ත්ව වලදී හොදින් වර්ධනය වන අතර දැඩි ශෂක දේශගුණ තත්ත්ව වලට ඔරොත්තු දීමේ ලක‍ෂණ ද පෙන්වයි.



වගා පිළිවෙත්

අලූත් වගාවක් ස්ථාපනය කිරීම සඳහා සුදුසු මව් ශාකයකින් සකස් කරගත් බද්ධ පැළයක් හෝ මුල් පැළයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වන අතර වර්ෂාපතනය ආරම්භයත් සමඟ පැළ සිටුවීම කළ යුතුයි. මෙහිදී බීජ පැළ සිටුවන්නේ නම් මීටර් 6-7 පමණ පරතරයට ද බද්ධ පැළ සිටුවන්නේ නම් මීටර් 4-6 පමණ පරතරයටද සිටුවිය යුතුයි. නෙල්ලි පැළයක් සිටුවීමේදී ද සාමාන්‍ය පලතුරු පැළයක් ෙක‍ෂ්ත්‍රයේ සිටුවා නඩත්තු කරන ක්‍රමවේදයම අනුගමනය කළ හැකිය. පැළ සිටුවීමෙන් පසු සති 2-3 ක් පමණ එයට සෙවණ සැපයිය යුතුය.

 

මෙයට අමතරව නෙල්ලි ශාකය විශාල ප්‍රමාණයේ බඳුන්වල ද ඉතා සාර්ථක ලෙස වගා කළහැකි පලතුරු ශාකයක් වන අතර එවැනි බඳුන් සීමිත ඉඩක් සහිත නාගරික ගෙවතු මෙන්ම ගෙවතු අලංකරණ කටයුතු සඳහා ද යොදාගත හැකිය. නෙල්ලි ශාකය වියළි හා ශ=ෂ්ක දේශගුණික තත්ත්ව යටතේ හොඳින් වගා කළ හැකි නමුත් වියළි කාලගුණික තත්ත්ව යටතේ කුඩා පැළ සඳහා

දින 5-10 කට වරක් ද ඵල දරන අවස්ථාවේදී දින 15-20 කට වරක් ද ජල සම්පාදනය කිරීම හොඳින් ශාකය වර්ධනය වීමට මෙන්ම ඉහළ ඵලදාවක් ලබාගැනීමට ද හේතු වේ. නමුත් මල් පිපීම ආරම්භවන අවධියේදී වියළි කාලගුණික තත්ත්වයක් පැවැතීම යෝග්‍යවේ.

රෝපණ ද්‍රව්‍ය

නෙල්ලි ප්‍රචාරණය කර ගැනීම බීජ මගින් බහුල ලෙස සිදුවුවත් එමඟින් නිපදවන පැළ වල ලක‍ෂණ එකිනෙකට වෙනස් විය හැකිය. බද්ධ කිරීම හා මුල් කැබලි පැළ කර ගැනීම මගින් උසස් ලක‍ෂණ සහිත පැළ නිෂ්පාදනය කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. බද්ධ කිරීම සඳහා කුඤ්ඤ බද්ධය සාර්ථකව භාවිතා කළ හැකිය.

 

ඝණකම බීජාවරණය නිසා නෙල්ලි බීජ ප්‍රරෝහණය ප්‍රමාද වීමත් බීජ ප්‍රරෝහණ ප්‍රතිශතය අඩු වීමත් සිදුවේ. එම නිසා බීජාවරණය පළුදු කොට ප්‍රවේශමෙන් ඇතුළත ඇති මෘදු බීජය පිටතට ගෙන පැළ කර ගැනීමෙන් බීජ පැළවීම ඉක්මන් කර ගැනිමත් පැළවීමේ ප්‍රතිශතය වැඩි කර ගැනීමත් කළ හැකිය. නෙල්ලි බීජ දින කිහිපයක් මද හිරු රැසෙහි වේලා ගැනීමෙන් ස්වාභාවිකවම ඝණකම

බීජාවරණය පුපුරා යන බැවින් ඇතුළත ඇති මෘදු බීජ පහසුවෙන්ම වෙන් කර ගත හැකිවේ. මෙලෙස වෙන් කර ගන්නා මෘදු බීජ වල ජීව්‍යතාවය කෙටි කාලයක් තුළ නැතිවී යන බැවින් හැකි ඉක්මනින් සිටුවා ගැනීම වැදගත් වේ.

අස්වනු නෙළීම
රෝග හා පළිබෝධ හානි

නෙල්ලි ගසට වැළෙඳන තදබල රෝග හා පළිබෝධ දක්නට නොලැබුණත් වාණිජ මට්ටමේ වගාවක් ලෙස පවත්වාගෙන යාමේදී සුළු රෝග හා පළිබෝධ තත්ත්වයන් දක්නට ලැබිය හැකිය. ඒ අතර කඳ හා අතු සිදුරු කරන්නාගේ හානිය බහුලව දක්නට ලැඛෙන හානියකි. එසේම දෙළුම්

සමනළයාගේ කීට අවස්ථාව නෙල්ලි ඵල මත යැපෙමින් එහි සිදුරු ඇති කරයි. මෙයට අමතරව පිටි මකුණාගේ හානියද සුළු වශයෙන් දක්නට ලැබේ.

නෙල්ලි වලට වැළෙඳන රෝග ගැන සැලකීමේදී ඵල හා පත්‍ර වලට වැළෙඳන මලකඩ රෝගය වැදගත් ස්ථානයක් ගනී. එයට අමතරව ඵල වලට වැළෙඳන මෘදු කුණුවීමේ රෝගය ද බහුලව දක්නට ලැබේ. මෙය බොහෝවිට පසු අස්වනු හානියක් ලෙස අස්වැන්නේ ගුණාත්මයට බලපෑ හැකිය. බෝග

සනීපාරක‍ෂාව කෙරෙහි සැලකිලිමත්වීමෙන් මෙම හානි පාලනය කරගත හැකිය.

නෙල්ලි වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු