අඹ ( Mango)
උද්භිත විද්‍යාත්මක නාමය - මැන්ජිෆෙරා ඉන්ඩිකා (Mangifera indica)
නිර්දේශිත ප්‍රභේද
නිර්දේශිත අඹ ප්‍රභේද
ප්‍රභේද |
වියළි කලාපය |
අන්තර් කලාපය |
තෙත් කලාපය |
කර්තකොලොම්බන් |
√ | √ | - |
විලාඩ් |
√ | √ | - |
මල්වාන |
√ | √ | - |
බෙටි අඹ |
√ | √ | - |
වෙල්ලෙයි කොලොම්බන් |
- | √ | √ |
ටොම් EJC |
√ | √ | - |
ගිරාඹ |
- | - | √ |
පීටර් පසාන්ඩ් |
- |
- |
√ |
දම්පර |
- | - | √ |
අම්බලාවි |
√ | - |
- |
චෙම්බාටන් |
√ | √ | - |
ශ්‍රී ලංකාවේ දැනට වගා කරනු ලබන අඹ ප්‍රභේද රාශියකි. මේ අතුරින් අප රටේ පවතින විවිධ දේශගුණික තත්ත්ව යටතේ වගා කිරීම සඳහා වඩා සුදුසු ප්‍රභේද හඳුනාගෙන තිබේ. මේ අනුව ප්‍රෙභ්ද තෝරා ගැනීමෙන් ගසකින් ගුණාත්මක හා වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. එසේම නිර්දේශිත ප්‍රභේද අදාල සුදුසු දේශගුණික කලාපයන්හි වගාකිරීමෙන් ප්‍රෙභ්දයේ ලක්ෂණ පවත්වාගත හැකිය.
හොරණ හිරු
- හොරණ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් වරණය කරන ලද මෙම අඹ ප්‍රභේදය අපේ රටේ පහත රට තෙත් කලාපය සඳහා නිර්දේශ කර ඇත.
- මෙම අඹ ප්‍රභේදය වේගවත් වර්ධන විලාසයක් පෙන්වන අතර ක්‍රමවත් වාර්ෂික පුෂ්පීකරණයක් ඇත.
- ඇන්ත්රැක්නෝස් රෝගයට මධ්‍යස්ථ ප්රතිරෝධීතාවයක් දක්වයි.
- උසස් කල් තබාගැනීමේ හැකියාවක් මෙම ඵල වලට ඇත.
- ඵලය මේරුණු විට කහ පැහැයෙන් යුක්තය.
- පළිබෝධ හානි අවම කර ගැනීමටත් ඵල වල කහ පැහැය ඇතිකර ගැනීමටත් ඵල ආවරණය කිරීම අත්‍යවශ්‍ය වේ.
කර්තකොලොම්බන්
- මධ්‍යම, තරමක් දිගටි වන අතර මුල හා අග රවුම්ය.
- හොටය සළකුනක් පමණක් ඇත.
- නැම්ම ඉතා ලාවට පිහිටිය හැකි අතර ගෙඩි අග නැම්ම ලොකු කවාකාර හැඩයක් ගනී. අග රවුම්ය.
- පොත්ත තරමක් ඝනකම්ය.
- මදය තරමක් මෘදුය. රන්වන් පැහැතිය. ඉතා රසවත්ය. යුෂ සහිතය.
වෙල්ලයිකොලොම්බන්
මෙය ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලදි. බහු කලලතාවයද පෙන්නුම් කරයි.
- මධ්‍යම ප්‍රමාණයේ සිට කුඩා ප්‍රමාණය දක්වා වේ.
- නැමීමක් නැති තරම්ය. දෙපස ඒකාකාර නැත.
- අග විශාල කවාකාර හැඩයක් ඇත.
- හොට සලකුණක් ඇති අතර එය විශේෂිතය.
- පොත්ත තරමක් තුනීය. මදයේ කෙදි අඩුය.
- රන්වන් කහ පැහැතිය. රස තරමක් හොදය. යුෂය තරමක් ඇත.
විලාඩ්
- රතු පැහැති වර්ගයෙන් යුතු වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වර්ගයකි.
- කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේ ඵලය රවුම්ය. පැති සමමිතිකය. හොටය සලකුනක් පමණක් ඇත.
- පොත්ත තරමක් තුනීය. පොත්ත මටසිලිටුය.
- කහ සිට රතු පාටට හුරු රෝස පාට ගෙඩිය මුල දක්වා පැතිරේ.
- කෙදි ලාවට ඇත.
- තද කහපාට මදය තරමක් සුවඳ අතර ආකර්ෂණීය රසයක් ඇත. මධ්‍යම යුෂ ඇත.
ටොම් EJC


දම්පර

ගිරා අඹ

දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුණික අවශ්‍යතා
අඹ ගස නිවර්තන සහ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්හට මැනවින් අනුවර්තනය වී තිබේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස් වු ප්‍රදේශයන්හි වගා කළ හැකිය. නමුත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 600ට වඩා අඩු ප්රදේශයඅඹ වගාව සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය 27-30oC පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මි.මි. 500-2500 පමණ විශාල පරතරයක් පවතින ප්‍රදේශයන්හි මෙම බෝගය වගා කළ හැකිය. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ලැබෙන සම්පුර්ණ වර්ෂාපතන ප්‍රමාණය නොව එහි ව්යාප්තියයිඅඹ ගසක හොඳින් මල් හට ගැනීම සඳහා මාස 3 - 4 පමණ වියළි කාලයක් තිබීම වැදගත්ය. එසේම මල් හටගන්නා අවස්ථාවේදි වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි සංඛාව අඩු විය හැකිය.
පස
විවිධ පාංශු තත්ත්ව යටතේ අඹ වගා කළ හැකිය. එසේ වුවද මීටර් 2 පමණ ගැඹුරු හොඳින් ජලය බැස යන සැහැල්ලු පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී. එච්. අගය 5.5 -7.5 වේ. තද මැටි සහිත පසක හෝ නිතර ජලය රඳා පවත්නා ස්ථානයන්හි සාර්ථකව අඹ වගා කළ නොහැකිය.
වගා කාලය
වියළි කලාපයේ නම් මාස් කන්නයේ වර්ෂාව ආරම්භ වීමත් සමඟ පැල සිටුවීම සුදුසුය. තෙත් සහ අතරමැදි කලාප වලට අයත් ප්‍රදේශයන්හි පැල සිටුවිය යුත්තේ යල හා මහ කන්නයෙහි වර්ෂාව ආරම්භ වීමත් සමඟය. නමුත් ගෙවත්තක අඹ පැලයක් සිටුවා ගැනීමට අවශ්‍ය නම් තද වැසි කාලය මඟහැර වසරේ ඕනෑම අවස්ථාවක වගා කළ හැකිය. නමුත් වියළි කාලයක් පවතී නම් පැල සිටුවා වරින් වර පසට ජලය සැපයිය යුතුය.
සුදුසු ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ දැනට ප්‍රධාන වශයෙන් අඹ වගා කරනු ලබන්නේ කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, පුත්තලම, මහවැලි එච් හා සී කලාප වල, මොණරාගල, යාපනය, මාතලේ යන දිස්ත්රික්කයන්හීය.
අඹ ගස නිවර්තන සහ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්හට මැනවින් අනුවර්තනය වී තිබේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස් වු ප්‍රදේශයන්හි වගා කළ හැකිය. නමුත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 600ට වඩා අඩු ප්රදේශයඅඹ වගාව සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය 27-30oC පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මි.මි. 500-2500 පමණ විශාල පරතරයක් පවතින ප්‍රදේශයන්හි මෙම බෝගය වගා කළ හැකිය. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා බෙහෙවින් වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ලැබෙන සම්පුර්ණ වර්ෂාපතන ප්‍රමාණය නොව එහි ව්යාප්තියයිඅඹ ගසක හොඳින් මල් හට ගැනීම සඳහා මාස 3 - 4 පමණ වියළි කාලයක් තිබීම වැදගත්ය. එසේම මල් හටගන්නා අවස්ථාවේදි වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි සංඛාව අඩු විය හැකිය.
පස
විවිධ පාංශු තත්ත්ව යටතේ අඹ වගා කළ හැකිය. එසේ වුවද මීටර් 2 පමණ ගැඹුරු හොඳින් ජලය බැස යන සැහැල්ලු පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී. එච්. අගය 5.5 -7.5 වේ. තද මැටි සහිත පසක හෝ නිතර ජලය රඳා පවත්නා ස්ථානයන්හි සාර්ථකව අඹ වගා කළ නොහැකිය.
වගා කාලය
වියළි කලාපයේ නම් මාස් කන්නයේ වර්ෂාව ආරම්භ වීමත් සමඟ පැල සිටුවීම සුදුසුය. තෙත් සහ අතරමැදි කලාප වලට අයත් ප්‍රදේශයන්හි පැල සිටුවිය යුත්තේ යල හා මහ කන්නයෙහි වර්ෂාව ආරම්භ වීමත් සමඟය. නමුත් ගෙවත්තක අඹ පැලයක් සිටුවා ගැනීමට අවශ්‍ය නම් තද වැසි කාලය මඟහැර වසරේ ඕනෑම අවස්ථාවක වගා කළ හැකිය. නමුත් වියළි කාලයක් පවතී නම් පැල සිටුවා වරින් වර පසට ජලය සැපයිය යුතුය.
සුදුසු ප්‍රදේශ
ශ්‍රී ලංකාවේ දැනට ප්‍රධාන වශයෙන් අඹ වගා කරනු ලබන්නේ කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට, පුත්තලම, මහවැලි එච් හා සී කලාප වල, මොණරාගල, යාපනය, මාතලේ යන දිස්ත්රික්කයන්හීය.
බිම් සැකසීම
ක්ෂේත්රය සැකසීම
ගෙවතු වගාවක් ලෙස මෙන්ම විශාල පරිමාණයේ වාණිජ වගාවක් ලෙස ද අඹ වගා කරනු ලැබේ. විශාල පරිමානයේ වගාවක් ආරම්භ කිරීමට පෙර භූමිය ශුද්ධ කර ගැඹුරට සීසා කැට පොඩිකරන්න. ඒ සමගම සුදුසු පස් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.
ගෙවතු වගාවක් ලෙස මෙන්ම විශාල පරිමාණයේ වාණිජ වගාවක් ලෙස ද අඹ වගා කරනු ලැබේ. විශාල පරිමානයේ වගාවක් ආරම්භ කිරීමට පෙර භූමිය ශුද්ධ කර ගැඹුරට සීසා කැට පොඩිකරන්න. ඒ සමගම සුදුසු පස් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.
රෝපණ ද්‍රව්‍ය
රෝපණ ද්‍රව්‍ය
සිටුවීම සඳහා නිර්දේශ කරනු ලබන්නේ බද්ධ කරන ලද අඹ පැලය. මෙමගින්, ප්‍රභේදයේ ගුණාංග පවත්වාගෙන යාමටද, ඉක්මනින් අස්වනු ලබා ගැනීමටද, වගාවේ නඩත්තු කටයුතු පහසුවෙන් ඉටුකිරීමටද ඉඩ සැලසේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සහතික කරන ලද බද්ධ පැල සිටුවීම වඩා විශ්වාසදායකය. පැලය අයත් ප්‍රභේදයේ නම සහ අංකයක් සඳහන් ලේබලයක් සහිතව එවැනි පැල අලෙවි කරනු ලැබේ.
බීජ පැල සිටුවීම සඳහා යොදා ගත් විට, ඵල දැරීමට දිගු කාලයක් ගතවේ. එසේම යම් ප්‍රභේදයක් සතු හිතකර ගුණාංග පවත්වා ගැනීමද අපහසුය.
සිටුවීම සඳහා නිර්දේශ කරනු ලබන්නේ බද්ධ කරන ලද අඹ පැලය. මෙමගින්, ප්‍රභේදයේ ගුණාංග පවත්වාගෙන යාමටද, ඉක්මනින් අස්වනු ලබා ගැනීමටද, වගාවේ නඩත්තු කටයුතු පහසුවෙන් ඉටුකිරීමටද ඉඩ සැලසේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සහතික කරන ලද බද්ධ පැල සිටුවීම වඩා විශ්වාසදායකය. පැලය අයත් ප්‍රභේදයේ නම සහ අංකයක් සඳහන් ලේබලයක් සහිතව එවැනි පැල අලෙවි කරනු ලැබේ.
බීජ පැල සිටුවීම සඳහා යොදා ගත් විට, ඵල දැරීමට දිගු කාලයක් ගතවේ. එසේම යම් ප්‍රභේදයක් සතු හිතකර ගුණාංග පවත්වා ගැනීමද අපහසුය.
වගා පිළිවෙත්
පරතරය
වගා කිරීමට බලාපොරොත්තු වන අඹ ප්‍රභේදයට ගැලපෙන පරතරයකින් වලවල් සලකුණු කර ගන්න. සැහැල්ලු පසක් නම් වලක ප්‍රමාණය සෙ. මී. 60 x 60 x 60 පමණ වීම ප්රමාණවත්ය. ගල් බොරළු ආදිය බහුල හෝ මැටි ස්වභාවය අධික පසක නම් හෝ සෙ. මී. 90 x 90 x 90 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.
පැල සිටුවීමට සති 2 පමණ පෙර, දිරාපත් වු කාබනික පොහොර සමග මතුපිට පස් හොඳින් කළවම් කර වල පුරවන්න. වල පිරවිය යුත්තේ පොළොව මට්ටමේ සිට තරමක් ඉහළින් පස් මුදුන් වී පවතින ආකාරයටය.
වර්ගය |
පේලිය තුල |
පේලි අතර |
විලාඩ් සඳහා |
මීටර් 7 |
මීටර් 10 |
සෙසු ප්‍රභේද සඳහා |
මීටර් 10 |
මීටර් 10 |
වගා කිරීමට බලාපොරොත්තු වන අඹ ප්‍රභේදයට ගැලපෙන පරතරයකින් වලවල් සලකුණු කර ගන්න. සැහැල්ලු පසක් නම් වලක ප්‍රමාණය සෙ. මී. 60 x 60 x 60 පමණ වීම ප්රමාණවත්ය. ගල් බොරළු ආදිය බහුල හෝ මැටි ස්වභාවය අධික පසක නම් හෝ සෙ. මී. 90 x 90 x 90 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.
පැල සිටුවීමට සති 2 පමණ පෙර, දිරාපත් වු කාබනික පොහොර සමග මතුපිට පස් හොඳින් කළවම් කර වල පුරවන්න. වල පිරවිය යුත්තේ පොළොව මට්ටමේ සිට තරමක් ඉහළින් පස් මුදුන් වී පවතින ආකාරයටය.
ජල සම්පාදනය
විශේෂයෙන් දිගු වියළි කාල ගුණයක් පවතින ප්‍රදේශයන්හි අළුතින් සිටුවන ලද වගාවන් සඳහා මුල් වසර 3ක පමණ කාලය තුලදී ජලය සැපයීම වැදගත්ය. වර්ෂාපතනය සහ පසෙහි ස්වභාවය අනුව ජලය සැපයියයුතු වාර ගණන තීරණය වේ.
පාංශු තෙතමනය නිසි පරිදි තිබීම වඩා තීරණාත්මක වන්නේ මල් හටගැනීමෙන් පසුව ඵල මේරීම දක්වා කාලය සහ දළු ලෑමේ සිට පත්‍ර මේරීම දක්වා කාලය වේ.
නමුත් පත්‍ර මේරීමෙන් පසුව මල් හටගන්නා අවස්ථාව තෙක් ගස්වලට ජලය සැපයිම නොකල යුතුය. මෙම කාලයතුලදී ජලය සැපයීම මල් හටගැනීමට අහිතකර අන්දමට බලපායි.
රසායනික පොහොර නිර්දේශය
තෙත් කලාපය සඳහා
ආකාරය / යොදන කාලය |
වර්ගය |
ප්‍රමාණය |
||||
හුණු යෙදීම/ සිටුවීමට සති 02 කට පෙර |
ඩොලමයිට් |
ග්‍රෑම් 500 ක් වලකට |
||||
කාබනික පොහොර යෙදීම / සිටුවීමට සති 2 කට පෙර |
කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් |
කිලෝ ග්‍රෑම් 10 ක් වලකට |
||||
රසායනික පොහොර |
වර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකට |
පෝෂක ප්‍රමාණය ග්‍රෑම් පැලයකට |
||||
යොදන කාලය |
යුරියා |
ROP |
MOP |
N |
P 2O 5 |
K 2 O |
සිටුවීමට පෙර |
115 |
230 |
105 |
53 |
69 |
63 |
පළමු අවුරුද්ද මාස 4 වරක් |
40 |
75 |
35 |
18 |
21 |
21 |
02වන අවුරුද්ද මාස 4 වරක් |
60 |
115 |
55 |
28 |
35 |
33 |
03වන අවුරුද්ද මාස 4 වරක් |
130 |
155 |
70 |
60 |
44 |
42 |
04වන අවුරුද්ද මාස 4 වරක් |
155 |
190 |
90 |
72 |
53 |
54 |
05වන අවුරුද්ද මාස 4 වරක් |
180 |
230 |
105 |
83 |
64 |
63 |
ඵලදරණ ගස් සඳහා |
||||||
1 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
165 |
162 |
190 |
76 |
45 |
114 |
1 වන අවුරුද්ද මල් හටගන්නා |
55 |
162 |
190 |
25 |
45 |
114 |
2 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
248 |
245 |
285 |
114 |
69 |
171 |
2 වන අවුරුද්දමල් හටගන්නා |
82 |
245 |
285 |
38 |
69 |
171 |
3 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
330 |
327 |
380 |
152 |
92 |
228 |
3 වන අවුරුද්ද මල් හටගන්නා |
110 |
327 |
380 |
51 |
92 |
228 |
4 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
413 |
410 |
475 |
190 |
115 |
285 |
4 වන අවුරුද්ද මල් හටගන්නා |
137 |
410 |
475 |
63 |
115 |
285 |
5 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
495 |
492 |
570 |
228 |
138 |
342 |
5 වන අවුරුද්ද මල් හටගන්නා |
165 |
492 |
570 |
76 |
138 |
342 |
6 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
578 |
575 |
665 |
266 |
161 |
399 |
6 වන අවුරුද්ද මල් හටගන්නා |
192 |
575 |
665 |
88 |
161 |
399 |
7 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
660 |
657 |
760 |
304 |
184 |
456 |
7 වන අවුරුද්ද මල් හටගන්නා |
220 |
657 |
760 |
101 |
184 |
456 |
වියළි හා අතරමැදි කලාපය සඳහා
ආකාරය / යොදන කාලය |
වර්ගය |
ප්‍රමාණය |
||||
හුණු යෙදීම/ සිටුවීමට සති 02 කට පෙර |
ඩොලමයිට් |
ග්‍රෑම් 500 ක් වලකට |
||||
කාබනික පොහොර යෙදීම / සිටුවීමට සති 2 කට පෙර |
කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් |
කිලෝ ග්‍රෑම් 10 ක් වලකට |
||||
රසායනික පොහොර |
වර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකට |
පෝෂක ප්‍රමාණය ග්‍රෑම් පැලයකට |
||||
යොදන කාලය |
යුරියා |
TSP |
MOP |
N |
P 2O 5 |
K 2 O |
සිටුවීමට පෙර |
160 |
200 |
90 |
37 |
92 |
54 |
පළමු අවුරුද්ද මාස 4 වරක් |
55 |
65 |
30 |
25 |
30 |
18 |
02වන අවුරුද්ද මාස 4 වරක් |
80 |
100 |
45 |
37 |
46 |
27 |
03වන අවුරුද්ද මාස 4 වරක් |
110 |
135 |
60 |
51 |
62 |
36 |
04වන අවුරුද්ද මාස 4 වරක් |
135 |
165 |
75 |
62 |
76 |
45 |
05වන අවුරුද්ද මාස 4 වරක් |
160 |
200 |
90 |
74 |
92 |
54 |
ඵලදරණ ගස් සඳහා |
||||||
1 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
180 |
80 |
250 |
83 |
37 |
150 |
1 වන අවුරුද්ද මල් හටගන්නා |
60 |
80 |
250 |
28 |
37 |
150 |
2 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
270 |
120 |
350 |
124 |
55 |
210 |
2 වන අවුරුද්දමල් හටගන්නා |
90 |
120 |
350 |
41 |
55 |
210 |
3 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
360 |
160 |
450 |
166 |
74 |
270 |
3 වන අවුරුද්ද මල් හටගන්නා |
120 |
160 |
450 |
55 |
74 |
270 |
4 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
450 |
200 |
550 |
207 |
92 |
330 |
4 වන අවුරුද්ද මල් හටගන්නා |
150 |
200 |
550 |
69 |
92 |
330 |
5 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
540 |
240 |
650 |
248 |
110 |
390 |
5 වන අවුරුද්ද මල් හටගන්නා |
180 |
240 |
650 |
83 |
110 |
390 |
6 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
630 |
280 |
750 |
290 |
129 |
450 |
6 වන අවුරුද්ද මල් හටගන්නා |
210 |
280 |
750 |
97 |
129 |
450 |
7 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු |
720 |
320 |
850 |
331 |
147 |
510 |
7 වන අවුරුද්ද මල් හටගන්නා |
240 |
320 |
850 |
110 |
147 |
510 |
ගස් කප්පාදු කිරීම
ආරම්භයේ සිට හොඳින් පුහුණු කර නඩත්තු කරන ලද අඹ ගසක් කප්පාදු කිරීමේදී කල යුතු වන්නේ රෝගී සහ මැරුණු අතු ඉවත් කිරීම පමණි. නමුත් දැනට පවතින අඹ වගාවන් හොඳින් නඩත්තු කර නොමැති හෙයින් ඒවා අක්‍රමවත් ලෙස වර්ධනය වී ඇත. කප්පාදු කිරීමෙන්
- සූර්යාලෝකය හොඳින් නොලැබෙන පත්‍ර වල ආහාර නිපදවීමත් නොකරන නිසා ඒවා අනිකුත් අතු මත යැපේ. එවිට ගසේ නිපදවන ආහාර වැඩි ප්‍රමාණයක් ගසේ නඩත්තුවට වැයවේ. අනවශ්‍ය අතු කප්පාදු කිරීම මඟින් ඉවත් කළ පසු ගසට ලැබෙන සූර්යාලෝකය ගස මඟින් උපරිමව ප්‍රයෝජනයට ගැනීමෙන් ඵලදාව වැඩිවේ.
- කප්පාදු නොකරන ලද ගසක වියනක පළිබෝධකයින්ට හා රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර නිසා රෝග හා පළිබෝධ හානි වැඩිවේ. කප්පාදු කිරීම නිසා එම තත්ත්වයයෙන්ද මඟහරවා ගත හැක.
- කප්පාදුව නිසා ගස නියමිත ආකාරයේ ප්‍රමාණයට හා හැඩයට පාලනය කිරීම මඟින් ශෂ්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම පහසුවේ.
සාමාන්‍ය ගසක කප්පාදුව (මීටර් 3 උසට)
- බද්ධ පැල වල උස මීටර් 0.5 පමණදී අග්රස්ථය ඉවත් කිරීම මඟින් හරස් රිකිලි ලබා ගැනීම.
- පසුව එන සිරස් අතු ගසේ මැද විවෘත වනසේ කපා ඉවත් කල යුතුය.
- ගසේ උස මීටර් 03 පමණ වනසේ මැද අතු කපා ඉවත් කල හැක.
- අයෝග්‍ය ,සෙවන වැටෙන අතු, එකිනෙකට ගැටෙන, රෝගී මැරුණු අතු ඉවත් කිරීම.
- ගසේ සැකිල්ල සමබරව ලබා ගැනීම සඳහා අතු නැමීම, බර එල්ලීම හෝ ලණු වලින් ඇද ගැටගැසීම සිදු කල හැක.
මල් උත්තේජනය කිරීම
- මේ සඳහා පැක්ලොබ්‍රියුටිසෝල් නැමති රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකිය.
- අස්වනු නෙලීමෙන් පසු හටගන්නා දළු වාරයේ දළු වල වර්ධනය අවසන් වී මේරීම ආරම්භ වන අවස්ථාවේ පැක්ලොබ්‍රියුටිසෝල් යෙදීම නිර්දේශ කෙරේ.
අස්වනු නෙළීම
අඹ අස්වනු නෙලීම සහ පශ්චාත් අස්වනු පාලනය
අප රටෙහි අඹ ප්‍රභේද රාශියක් ඇති අතර ඒවායේ හැඩය පොත්තේ වර්ණය, රසය හා සුවඳ ප්‍රභේදයට ආවේණිකය. නමුත් විවිධ හේතුන් නිසා හොඳ තත්ත්වයේ අඹ වෙළඳපොලෙන් ලබාගැනීම අසීරුවී ඇත. මෙයට හේතුව නියම මේරීමේ අවස්ථාවට එළබීමට පෙර අස්වනු නෙලීම සිදුකිරීමයි. තවද පශ්චාත් අස්වනු ලෙඩ රෝගවලට (ඇන්ත්රැක්නොස් සහ නටුඅග කුණුවීමේ රෝගයට) අධික ලෙස පාත්රව තිබිම නිසාද ඉදුණු අඹ විශාල ලෙස අපතේයෑම, ගුණාත්මය අඩුවීම සිදු වේ. මීට අමතරව නියම ආකාරයට අස්වනු නෙලීම හා ප්‍රවාහනය නොකරන බැවින්ද අස්වනු හානිය සිදුවේ. නියම ආකාරයට අස්වනු නෙලීම සිදුනොකල විට කැඩූ ගෙඩි වල නටුවෙන් වෑස්සෙන කිරි පොත්ත මත තැවරීම නිසා ඉදීමේදී බහුලව කුණුවීමට භාජනය විය හැක.
මේනිසා අස්වනු නෙලීමෙන් පසු ඇසිරීම, ප්රවාහණය සහ ඉදවා ගන්නා ක්රමයද හොඳ ප්‍රමිතියේ අඹ ලබාගැනීම සඳහා වැදගත්ය.
අස්වනු නෙලන අවධිය
නෙලා ගැනීම සඳහා සුදුසු මේරීමේ අවස්ථාව තෝරාගත යුතුය. විලාඩ් වර්ගයේ අඹවල ඇතිවන රතු පැහැයට හුරු රෝසපාටින් මේරීමේ අවස්ථාව තීරණය කළ හැක. අනිකුත් වර්ගවල මේරීමේ අවස්ථාව තීරණය කිරීමට පහත කරුණු වැදගත්ය.
- උරහිස් ඉස්සුනු ස්වභාවය වැඩිවීම.
- පොත්තේ දිලිසෙන ස්වභාවය නැතිව යාම.
- නටුවෙන් කැඩුණූ විට වෑස්සෙන කිරි ප්‍රමාණය අවම වීම.
- මේරූ ගෙඩි ජලයේ ගිලේ හෝ ගිලෙමින් පාවේ.
- මාංශලය කහ හෝ තැබිලි පැහැයට හැරීම.
- කෙදි මනාවට වර්ධනය වී තිබීම.
අස්වනු නෙලීම
අඹ කිරිවලින් ඇතිවන හානි අවම කරගැනීමට කිරි අඩුවෙන් වෑස්සෙන කාලය වන පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල අස්වැන්න නෙලීම කලයුතුය. වැසි සහිත දිනවල අස්වනු නෙලීම එතරම් සුදුසු නැත. අස්වනු නෙලීමට මල්ලක් සවි කරන ලද කෙක්කක් භාවිතා කළ යුතුය. තවද නෙලනලද ගෙඩි වල නටුවෙන් ස්වභාවිකව වෙන්වන තැනින් කඩා නටුව පහලට සිටින සේ හරවා තැබීමෙන් කිරිවලින් වන හානිය අඩුකරගත හැක.
අස්වනු සැකසීම හා ඇසිරීම
තේරීම හා වර්ග කිරීම
කෘමි හා යාන්ත්‍රික හානි නිසා කැලැල් ඇති දුර්වර්ණවූ අසාමාන්‍ය හැඩයෙන් යුත් ප්‍රමාණයට වඩා කුඩා ගෙඩි තෝරා ඉවත් කල යුතුය. එකම ප්‍රභේදයේ වුවද විවිධ ප්‍රමාණයේ ගෙඩි හටගන්නා බැවින් කුඩා මධ්‍යම හා විශාල ලෙස ශ්‍රේණිගත කොට වෙලදපොල සඳහා ඉදිරිපත් කිරීමෙන් ඉහල මිලක් ලබාගත හැකි අතර ප්‍රවාහණයේදී ඇතිවන හානිද අවමකර ගත හැකිය.
ඇසිරීම හා ප්‍රවාහනය

කෘමි හා යාන්ත්‍රික හානි නිසා කැලැල් ඇති දුර්වර්ණවූ අසාමාන්‍ය හැඩයෙන් යුත් ප්‍රමාණයට වඩා කුඩා ගෙඩි තෝරා ඉවත් කල යුතුය. එකම ප්‍රභේදයේ වුවද විවිධ ප්‍රමාණයේ ගෙඩි හටගන්නා බැවින් කුඩා මධ්‍යම හා විශාල ලෙස ශ්‍රේණිගත කොට වෙලදපොල සඳහා ඉදිරිපත් කිරීමෙන් ඉහල මිලක් ලබාගත හැකි අතර ප්‍රවාහණයේදී ඇතිවන හානිද අවමකර ගත හැකිය.
ඇසිරීම හා ප්‍රවාහනය

ලෑලි වලින් හෝ ප්ලාස්ටික් වලින් තනන ලද එකමත එක පැටවිය හැකි පෙට්ටි ඇසුරුම් වශයෙන් භාවිතා කිරීම සුදුසුය. පෙට්ටියේ පතුලට හා පැති වලට අතුරුණුවන් දමා ගෙඩි වලට හොඳ වාතාශ්‍රයක් ලැබෙන පරිදි ඇසිරීම කළ යුතුය.
උණුවතුර ප්‍රතිකාරය
බහුලව වැලදෙන ඇන්ත්‍රැක්ස්නොස් නටුව අඟ කුණුවීමේ රෝගය වැලැක්වීම සඳහා අඹ කැඩූ විගසම විනාඩි 03-05 ක් 50 oCක් උෂ්ණත්වයක් ඇති ජලයේ ගිල්වා තබා පවනේ වේලා ගැනීමෙන් ඉහත රෝග තත්ත්වයෙන් බොහෝ දුරට අඩුකර ගත හැක.
අඹ ඉදවීම
එත්රල් යොදා අඹ ඉදවීම
පලතුරු ස්වභාවිකවම නිපදවන එතිලින් නම් වායුව නිසා ඒවායේ ඉදීම උත්තේජනය වේ. මේ සිද්ධාන්තයට අනුව අපට බාහිරට එතිලින් වායුව සැපයීය හැකි නම් පලතුරු ඉක්මනින් ඉදවා ගැනීමට හැකිවේ. එතිලින් වායුව අප රටෙහි නිෂ්පාදනය නොකරන නිසාත් ආනයන කිරීමේදී අධික මිලක් ගෙවීමට සිදුවන නිසාත් පලතුරු ඉදවීමට එතිලින් වායුව භාවිතා කිරීමේ හැකියාව ඉතා සීමිතය. නමුත් පහසුවෙන් එතිලින් නිපදවා ගැනීමට හැකි ඉතා ලාභදායි ක්‍රමයක් ලෙස එත්රල් නැමති රසායනික ද්‍රව්‍ය එතිලින් වායුව පහසුවෙන් නිපදවීම සඳහා භාවිතා කල හැකිය. මෙය ක්‍රම 2 කි.
පළමු ක්‍රමය
- වායුව හුවමාරු නොවන සේ වැසිය හැකි හෝ ආවරණය කල හැකි බඳුනක්, පෙට්ටියක් හෝ කවරයක්
- එත්රල් මිලිලීටර් 01 ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රවනයක්
- හුණු ග්‍රෑම් 10 ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රවනයක්
ඉදවීමට අවශ්‍ය පලතුරු කුටිය තුල අසුරන්න. මේ කුටීරයේ අවකාශයෙන් 1/5 ඉඩ ප්‍රමාණයක් හිස්ව තබා පලතුරු ඇසිරීම කල යුතුය. භාවිතා කරන කුටීරයේ පරිමාව ගනනය කරන්න.
කුටීරයේ සෑම ඝන මීටර් එකකටම සාදාගත් ඒත්රල් ද්‍රවනයෙන් මිලි ලීටර් 110-150 ක් බැඟින් භාවිතා කල යුතුවේ. ඒත්රල් ද්‍රවණය ප්ලාස්ටික් හෝ මැටි බඳුනක දමා එය එම පලතුරු ඇසුරූ කුටීරයේ කෙලවරක තබන්න. ඒත්රල් ද්‍රවනයෙන් එතිලින් නිපදවීම ඇරඹීම සඳහා හුණු ද්‍රවනය ඊට එකතු කරන්න. අවශ්‍ය හුණු ද්‍රවන ප්‍රමාණය ගනනය කරන්නනේ කුටීරයේ ඝන මීටර් 01කට හුණු ද්‍රවනය මිලිලීටර් 185 බැඟිනි. හුණු ද්‍රවණය දැමූ විගසම මූඩිය හෝ දොර වැසීම කල යුතුය.
පැය 24 ක කාලයකට පසු බඳුන් හෝ කුටීරය විවෘත කර පලතුරු ඉදීමට වාත්‍රශ්‍රය ලැබීමට සලස්වන්න. ඉදීම සිදුකරන සෑම වාරයක් පාසාම අලුතින් එත්රල් යෙදීම අවශ්‍ය නොවේ.
පිලියල කරගත් එත්රල් දුඹුරු පැහැති බෝතලයකට දමා මාස කීපයක් වුවත් ගබඩා කර තිබිය හැකිය.
දෙවන ක්‍රමය
එත්රල් මිලි ලීටර් 01 ජලය ලීටරයක දියකර ගන්න. මේ ද්‍රවනය සෙන්ට්‍රිගේට් අංශක 50 දක්වා රත්කර ගන්න. මේ උෂ්ණත්වයට රත්වූ පසු අත දැමිය හැකි අතර, වැඩි වේලාවක් තබාගත නොහැක. අලුතින් කැඩූ අඹ දැල් මල්ලක බහා අඹ ගිල්වෙන පරිදි අඹ භාජනය පතුලේ නොගෑවෙන පරිදි අල්ලා සිටිය යුතුය. මේ ආකාරයට විනාඩි 04 ක් ගිල්වා තබා ඉවතට ගෙන අඹ වල වතුර වියළුනු පසු පැය 24 ක් කාලයක් වසා තබන්න. තව දින තුනකින් අඹ පැහැපත් ලෙස ඉදී පාරිභෝජනයට සුදුසු තත්ත්වයට පත්වේ.
තුන්වන ක්‍රමය
ඒත්රල් මිලි ලීටර් 01 ජලය ලීටරයක දියකර ගන්න. පැසුණු අඹ තනි තට්ටුවකට අසුරා ඒ මත මෙම ද්‍රවණය ගෙඩි යාන්තමින් තෙත් වනසේ ඉසින්න. එයට මතින් දෙවෙනි සහ තෙවෙනි තට්ටුවද තබා පෙර පරිදීම ඒත්රල් ද්‍රාවණය ඉසින්න. මෙම බඳුන පැය 24 ක කාලයක් පත්තරවලින් වසා තබන්න. තව දින දෙකකින් ඉදීම සිදුවේ.
රෝග හා පළිබෝධ හානි
අඹ වගාවේ රෝග
කොලොටොට්රිකම් ග්ලොයෙස්පොරියෝඩ්ස් දිලීරය නිසා ඇති වන රෝගයකි. ශ්‍රී ලංකාවේ අඹ වගා කරනු ලබන සියලුම ප්‍රදේශ වල මෙම රෝගය දක්නට ලැබේ. එය පත්‍ර මල් පොකුරු සහ සියලුම වර්ධන අවස්ථාවල පැවතිය හැකි අතර ගෙඩි වලටද වැලදිය හැක.
රෝග ලක්ෂණ
පත්‍ර වල කුඩා තද දුඹුරු හෝ කළු ලප ඇති වේ. මෙම ලප විශාල වී එකිනෙක සමඟ සම්බන්ධ වීම නිසා අක්‍රමවත් හැඩයෙන් යුතු කළු දුඹුරු පැහැති රෝග ලප ඇති වේ. අලුතින් හටගන්නා පත්‍ර රෝගයට පහසුවෙන් ගොඳුරු වේ. මල් වලට වැලදුන විට මල් කළු පැහැගැන්වී වියළී යයි. මල් පොකුරක ඇති සියළුම මල් මේ නිසා විනාශ විය හැක. වර්ෂා කාලයේදී මේ බීජාණු සේදී ගෙඩි මතද සොදා පැමිණ ගෙඩි වලද රෝග ලප ඇති වේ. අවු ගෙඩි වල අක්‍රීය ස්වභාවයෙන් ජීවත් වන මෙම දිලීරය ගෙඩි ක්‍රමයෙන් ඉදීමේදී වර්ධනය වීමට පටන් ගනී. උග්‍ර අවස්ථාවේදී මාංසලයටද විහිදී යයි.
පාලනය
- ගස තුලට හොඳින් හිරුඑළිය වැටිමට සැලැස්වීම.
- නිතර රෝගයට පාත්රවන ගස්වල මල් හටගැනීමට ආසන්න අවස්ථාවේදීත් මල් හටගත් පසුත් මැන්කොසෙබ් 80% W P දිලීර නාශකය යොදන්න. (ග්‍රෑම් 20ක් ජලය ලීටර් 10 ක)
- නෙලාගත් අඹ ඒත්රල් යොදා ඉක්මනින් ඉදවා ගන්න.
02. අඹ ඉහටිය කුණුවීම
මල් හා වැඩෙන ගෙඩි වෙත දිලීර බීජාණු ව්‍යාප්ත වීම නිසා අස්වැන්න නෙලීමට පෙර මෙම රෝග කාරක ගෙඩි මත අක්‍රීයව ජීවත් වීමට පුළුවන. රෝග ලක්ෂණ පැහැදිලිව දකගත හැක්කේ ගෙඩිය ඉදීමට පටන් ගන්නා විටදීය. ගෙඩියේ නටුව ආසන්න ප්‍රදේශයේ දුඹුරු පැහැති රෝගී පැල්ලම් හටගෙන ඒවා ගෙඩියේ පහල කොටසට ව්‍යාප්ත වේ. මේ නිසා මතුපිට පොත්ත මෙන්ම ඇතුලත මදයද කුණු වී යයි. රෝගී අඹ වලින් දුර්ගන්දයක්ද වහනය වේ.
පාලනය
- මල් හටගැනීමට ආසන්න අවස්ථාවේදීත් මල් හටගත් පසුවත් නිර්දේශිත දිලීරනාශකයක් යොදන්න.
- අඹ ගස් අසල පත්‍ර හා වියලි අතු ආදිය දිරාපත් වීමට ඉඩනොදෙන්න.
- නිසි ලෙස මෝරා නැති ගෙඩි නෙලා ගැනීමෙන් වලකින්න.
- හොඳින් මේරූ ගෙඩි ඒත්රල් යොදා ඉක්මනින් ඉදවා ගන්න.
03. පත්‍ර පුල්ලි දිලීර රෝගය
- පත්‍ර මත අක්‍රමවත් හැඩති සුදු අළු පැහැති පුල්ලි දැකිය හැකිය.
බැක්ටීරියා නිසා ඇතිවන පත්‍ර පුල්ලි රෝගය
- පත්‍ර මත කෝණාකාර ඉහලට එසවුනු කළු පැහැ පුල්ලි ඇති වේ.
ඇල්ගී හේතුවෙන් ඇතිවන පත්‍ර පුල්ලි රෝග
- පත්‍රමත සුදු අළු පැහැති පුල්ලි ඇතිවේ.
පාලනය
- දිලීර පත්‍ර පුල්ලි රෝගය මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් යෙදීම
- අතු කප්පාදුව මඟින් හොඳින් හිරුඑළිය වැටීමට සැලැස්වීමෙන් බැක්ටීරියා හා ඇල්ගී වලින් ඇතිවන පත්‍ර පුල්ලි රෝග වලක්වා ගත හැක.
04. ස්කැබ් රෝගය
රෝග ලක්ෂණ
- අමු ගෙඩි මත දුඹුරු පැහැ පැල්ලම් ඇති වන අතර අඹ ගෙඩියේ පොත්ත පුපුරා ඇති ස්වභාවයක් පෙන්වයි.
පාලනය
- ගසට හොඳින් හිරුඑළිය ලැබීමට සැලැස්වීම
- තඹ අඩංගු දිලීර නාශකයක් ඉසිම
අඹ වගාවේ පළිබෝධ පාලනය
01. පළතුරු මැස්සා
ප්‍රධාන පළිබෝධක හානිය මෙය වේ. හානිය අවම කර නොගතහොත් එය කෙලින්ම අස්වැන්නට බලපායි.
හඳුනාගැනීම
මේරූ අඹ ගෙඩිවල පලතුරු මැස්සන් බිත්තර දැමීමට සිඳුරු කිරීම නිසා එම ස්ථාන වලින් කිරි වෑස්සීම දක්නට ඇත. එම ගෙඩි ඉදුණු විට ඉහද පණුවන් දැකිය හැක. මේ හානිය නිසා ගෙඩි කුණුවී යාමටද පටන් ගනී. හානිය පවතින විට අඹ ගස් අවට සැරිසරන දීප්තිමත් කහ පැහැති ඉරි සහිත රතු දුඹුරු පැහැති මැස්සන් දැකිය හැක.
පාලනය
- පලතුරු මැස්සාගේ සීග්‍ර වර්ධන හැකිතාත් වැඩි ධාරක පරාසයක් දුර පියෑඹීමේ හැකියාවන් නිසා මර්ධනය අපහසුය.
- වගාව පිරිසිදුව තබා ගැනීම හානි වූ ගෙඩි මල්ලකට දමා හිරුඑළිය වැටෙන ස්ථානයක තැබීම.
- වෙළදපොලේ ඇති මීතයිල් ඉයුජිනෝල් අඩංගු ඇම ක්ෂේත්රයේ තැනින් තැන තැබීම.
- ගැහැණු මැස්සාගේ ගහණය අවම කර ගැනීමෙන් හානිය සෘජුවම අඩුකල හැකි අතර මේ සඳහා ඇම යොදාගත හැක. කෘමිනාශක මිශ්‍රකල පලතුරු යුෂ සහ සීනි වලින් සකස් කල විවිධ ඇම සකස්කර ගත හැක. මීට අමතරව ප්‍රෝටීන් මිශ්‍ර ඇම යෙදීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. මෙහි මූලධර්මය වන්නේ ගැහැණු මැස්සාට ලිංගිකව පරිනත තත්ත්වයට පත්වීම සඳහා මුල්දින 10 තුලදී ලබාගත යුතු ප්‍රෝටීන ආහාර මේ ඇමෙහි අඩංගු නිසා ඔවුන් එයට ආකර්ශනය වීමයි. ආකර්ෂනය වන කෘමීන් විනාශ කිරීමට එයට කෘමි නාශකයක් භාවිතා කරයි. මෙහිදී ප්‍රෝටීන ඇම මිලිලීටර් 35 ජලය ලීටර් එකකට මිශ්‍ර කොට සාදා ගන්නා මිශ්‍රණය උදේ 8.00 ට පමණ අඹ ගස්වල පහත අත්තක පත්රවලට කුඩා ස්ප්‍රේ යන්ත්‍රයක් මඟින් සතියට වරක් ගෙඩි මේරීම ආරම්භයේ සිට අස්වනු නෙලීම අවසන් වන තුරු යෙදීම නිර්දේශ කෙරේ.
- ප්‍රසස්ථ තත්ත්වයට මේරූ පසු ගෙඩි නෙලාගත යුතුය.
- ගෙඩි ආවරණය කිරීමද පලතුරු මැස්සා මර්ධනය කිරීම සඳහා යොදාගත හැකි තවත් ක්රමයකි.
02. අඹ කීඩෑවා
දළු මල් නොමැති කාලයට කද පහල කොටස්වල සහ හිරුඑළිය නොවැටෙන පත්‍රවල සමූහ වශයෙන් සිටින සුහුඹුලන් සුලු බාධා කිරීමකදී පවා ක්ෂණිකව ඉගිල යාමේදී පත්‍රවල වැදීම නිසා ඇති වන ශබ්දය මොවුන් සිටින බවට හොඳ සාක්ෂියකි. වියළි කාලයක් සමඟ ඇතිවන දළු සහ මල් කිනිති වලට සංක්‍රමණය වන සුහුඹුලන් ඒවායේ බිත්තර තැම්පත් කරයි. පිටවන ශිෂුවන් සහ සුහුඹුලන් දළු සහ මල් කිනිති වලින් අධික ලෙස යුෂ උරාබීම නිසා ඒවායේ දුඹුරු පැහැති කුඩා තිත් ඇතිවී පසුව දුඹුරු පැහැ ගැන්වී වියලී යයි. මෙවැනි දළු මල් පහසුවෙන් ඇන්ත්‍රැක්ස්නොස් වැනි ආසාදනයන්ට ලක්විය හැක. මේ නිසා වියළි කලාපයයේ ඇතිවන මල් පිලිස්සී යාම සිදුවිය හැක. මොවුන් අපද්‍රව්‍ය ලෙස පිටකරන සීනි ද්‍රවණය පහලින් ඇති පත්‍ර මත පතිතවී තිබෙනු දැකිය හැකි අතර පසුව ඒවා මත කළු පැහැති පුස් වර්ගයක් වර්ධනය වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදන හැකියාව අඩුවිය හැක.
පාලනය
- අනවශ්‍ය අතු ඉවත් කර ශාකයේ කද ප්‍රදේශයට හිරුඑළිය වැටීමට සලස්වන්න.
- දළු හා මල් හට ගැනීමට පෙර ශාකයේ කද සහ පත්‍රවල සිටින සුහුඹුල් සතුන් හට කෘමිනාශක යෙදිය යුතුය. මේ සඳහා ඉම්ඩැක්ලෝප්රිඩ් (ඇඩ්මයර් 200 S L) මිලිලීටර් 10ක් ජලය ලීටර් 10 හෝ තයමෙතොක්සැම් 25% (ඇක්ටාරා 25 WG) ග්‍රෑම් 5ක් ජලය ලීටර් 10 කට මිශ්‍රකොට යෙදීම නිර්දේශ කර ඇත.
03. අඹ ඇට ගුල්ලා
අඹ ඇට ගුල්ලා අඹ ගෙඩිවලට හානි කරන ප්‍රධාන පලිබෝධකයකි. හානිය සිදුවන්නේ බිත්තරයෙන් පිටවන කීටයන් ගෙඩියේ මාංශල කොටස සිදුරුකර ඇටය තුලට ගොස් කළලය විනාශ කිරීම නිසාය. එම නිසා එම ඇටවලින් පැල ලබාගත නොහැක. කුඩා කාලයේදී බිත්තර දැමීම සිදුකලහොත් ගෙඩි අකාලයේ හැලීයා හැක.
පාලනය
- වගාව පිරිසිදුව තබා ගැනීම සහ වැටී ඇති අඹ ගෙඩි සහ ඇට එකතු කර විනාශ කිරීම.
- සුහුඹුල් සතුන්ගේ විලෝපිකයින් ලෙස කුහුඹුවන් හා හූනන්, මීයන් සහ කුරුල්ලන් ක්‍රියා කරයි. නමුත් වර්ධන අවස්ථාව බීජය තුල සිටින නිසා පරපෝෂිතයින්ට ගොදුරු කර ගැනීම අසීරුයි.
04. කොළ කපන ගුල්ලා
ලපටි පත්‍රයේ අපර කොටසේ මධ්‍ය නාරටිය ආසන්නයේ බිත්තර දමන ගැහැණු සතා පත්‍රය නටුවේ සිට සෙන්ටි මීටර් 4-5 පමණ දුරින් හරස් අතට කපා දමයි. විශේෂයෙන් තෙත් කලාපයේ අඹ පැල වලට මොවුන්ගේ හානිය තදින් බලපායි. නොමේරූ පත්‍ර විනාශ වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදනය අඩුවී වර්ධනය බාලවේ.
පාලනය
- බිත්තර සහිත කපා දැමූ පත්‍ර දිනපතා එකතුකර පුළුස්සා දමන්න.
- බිම් පෙරලීම මඟින් පස තුල සිටින පිලා අවස්ථාව විනාශ කිරීම.
- නිරුතුරුව හානිය පවතින ප්‍රදේශ වල දළු හටගන්නා කාලයට නිර්දේශිත කෘමිනාශකයක් යෙදීම
05. අඹ කඳ විදින කුරුමිණියන්
දිග ස්පර්ෂක සහිත දුඹුරු සහ කහ රතු තිත් සහිත මෙම කුරුමිණියා සෙන්ටි මීටර් 4 - 5 පමණ දිගය. අඹ පත්‍ර, දළු ආදිය රාත්‍රී කාලයට ආහාරයට ගනී. නමුත් ප්‍රධාන හානිය සිදුවන්නේ කීටයා කඳෙහි විශාල සිදුරු ඇතිකොට එහි පෝෂණය වීම නිසා ගස ඉහල ප්‍රදේශය ක්‍රමයෙන් මැරී යාම නිසාය. හානිකල ගස් මුල ප්‍රදේශයේ ලී කුඩු වැටී තිබෙනු දැකිය හැකි අතර සුහුඹුල් සතුන් පිටව ගිය විශාල සිදුරුද දැකිය හැක.
පාලනය
- හානිය දුටු විගස පයිරත්‍රොයිඩ් වර්ගයට අයත් කෘමිනාශකයක් හානිකල කඳ ප්‍රදේශය තෙමී යන ආකාරයට යෙදිය යුතුය.
- හානි කළ කඳන් කොටස් පුළුස්සා දැමීමෙන්ද පැතිරීම අඩුකර ගත හැක.
06. පිටි මකුණා
ගැහැණු සුහුඹුලන් පැතලි කවාකාර හැඩයක් ගන්නා අතර ශරීරය පිටි වැනි දුව්යකින් වැසී ඇත. ශිශුවන් හා සුහුඹුලන් යුෂ උරාබීම නිසා මල් හා ගෙඩි හැලීයාම සිදු වේ. ගහනය වැඩි අවස්ථාවක පිටකරන සීනි ද්‍රවනයන් පත්‍රමත පතිත වී කළු පැහැති දිලීර වැඩීම සිදුවී ආහාර නිෂ්පාදනය අඩු වේ. රතු කුහුඹුවන් හා ඇඹලයන් මඟින් ව්‍යාප්ත වෙයි.
පාලනය
- මුල් අවස්ථාවේදීම කඩා පුළුස්සා දමන්න.
- බොහෝ විට ස්වභාවික සතුරන් විසින් රෝගය පාලනය වේ.
07. පැල මැක්කා
මේ කෘමීන් නිසා දළුවලට හානි සිදුවිය හැකිය. විශේෂයෙන් දළු වර්ධනය වීමේදී යටි පැත්තේ කළු පැහැති තිත් ලෙස මොවුන්ගේ හානිය දැකිය හැක. මේ නිසා දළු හා නොමේරූ පත්‍ර විශාල ලෙස හැකිලී යයි.
පාලනය
- හානිය විශාල ලෙස ඇතිවිට ඉම්ඩක්ලෝප්රිඩ් 200 S L මිලිලීටර් 10 ක් ජලය ලීටර් 10 ක දියකර පත්‍ර වලට ඉසින්න.
08. වේයන්
වියළි කාලවලදී වේයන්ට අඹ ගස දුර්වල කොට මරා දැමීමට පුළුවන. මුල් හා කදට හානිකරයි.
මර්ධනය
- ඉම්ඩක්ලෝප්රිඩ් 200 S L මිලිලීටර් 10 ජලය ලීටර් 10 දියකර ගසේ පාමුලට යෙදීම.
- සුළු ආසාදන සඳහා කැන්ඩසාන් වැනි ද්‍රව්‍යයක් කඳ පහළ කොටසේ ආලෝප කිරීම.
09. මයිටාවන්
මොවුන් නිසා අග්රස්ථ අංකුර වර්ධන නැවතීම, කොළ හැලී අංකුර වියලී යාම සහ ගෙඩි දුඹුරු පාටවී ඉරිතලා යාම සිදු වේ. හානිකල ගෙඩිවල වර්ධනය අඩුවන අතර අලවියට නුසුදුසුය.
පාලනය
ගෙන්දගම් සහිත මයිටා නාශකයක් හානිය මුල් අවස්ථාවේදී යෙදීම මඟින් මයිටා මර්ධනය කර ගත හැක.
10. කොරපොතු කෘමීන්
යුෂ උරාබීම සහ විෂ සහිත යුෂ පිටකිරීම නිසා අග්රස්ථ අංකුර පත්‍ර ආදියට හානි සිදු වේ. පත්‍රවල යටි පැත්තේ සහ උඩු පැත්තේ ගෙඩිවලට ද ඇලි සිටිනු දැකිය හැක. විශාල වශයෙන් හානි සිදුකළහොත් පත්‍ර හැලීයන අතර වර්ධනය බාලවී ක්‍රමයෙන් ශාකය දුර්වල වීම සිදු වේ. විශාල ලෙස සීනි ද්‍රවනයක් පිටකරන නිසා ඒවා පහල පත්‍රමත තැන්පත්වී ඒවා මත කළු පුස් වර්ධනය වී ආහාර නිෂ්පාදනය අඩුවේ.
පාලනය
- ස්වභාවික සතුරන් මඟින් පාලනය වේ.
අඹ වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු