ඇඹුල් දොඩම් (පැඟිරි කුලයේ ශාක)





කුලය : Rutaceae

උද්භිද විද්‍යාත්මක නාමය : Citrus aurantium

නිර්දේශිත ප්‍රභේද

ඇඹුල් දොඩම් ප්‍රභේද (පැඟිරි කුලයේ ශාක)


උද්භිද විද්‍යාත්මක ලක්ෂණෙ

 

  • අඩි 15-20ක් උසට වැඩෙන ශාකයකි.
  • ශාක වියන තදින් ඇහිරී නැත.
  • බෙහෝ විට කඳ කටු සහිතය.
  • පත්‍ර ඕවලාකාරය.
  • පත්‍ර වෘන්තය පළල් පියාපත් සහිත වන අතඑම පියාපත් පත්‍ර තලය ස්පර්ශව හෝ පත්‍ර තලය මත අතිපිහිත ආකාරයට පිහිටා නොමැත.

 

 

 

 

ඇඹුල් දොඩම් ශාකයක්

 

  • මල්වල විශාලත්වය පැණි දොඩම් මල් වලට සාපේක්ෂව විශාලය
  • ඵලයේ පොත්ත රළුය
  • පැසුණු ගෙඩියේ මැද සිදුරක් ඇත
  • ඵල බීජ සහිතය
  • යුෂ ලා කහ පැහැතිය
  • තද ඇඹුල් රසකින් හා තිත්ත රසකින් යුක්තය

 

 

පැසුණු ඵල හා බීජ

 

ප්‍රයෝජන

  • ආයූර්වේද ඖෂධ සඳහා බහුලව යොදි ගනී.
  • ගෙඩි මාමලේඩ් හා බීම වර්ග සෑදිමට භාවිත කරයි.
  • ඵලයේ පොත්ත වාෂ්පශීලී තෙල් වර්ග නිපදවීමට යොදා ගනී.
  • බීජ, බද්ධ පැණි දොඩම් හා ජමනාරං පැළ නිපදවීමේ දි ග්‍රාහකය ලෙස යොදා ගනී. නමුත් මෙය ට්‍රිස්ටීසියා වෛරස් රෝගයට පාත්‍රවීමේ නැඹුරුව වැඩි බැවින් ග්‍රාහක ලෙස යොදා ගැනීම සීමාකාරී වී ඇත.

 

ආරථික බෝගයක් ලෙස වගා නොකරන හෙයින් දේශීය වර්ග පමණක් ශ්‍රි ලංකාව තුළ වගා කෙරේ. මෙවා ද බීජ පැළ මඟින් ව්‍යප්ත කරගන්නා හෙයින් ශාකවල ලක්ෂණ එකිනෙකට වෙනස් වේ.

දේශීය වර්ගයේ ඇඹුල් දොඩම් ඵල
දේශගුණික අවශ්‍යතා හා පස

දේශගුණික අවශ්‍යතා

අඩු වායුගෝලීය තෙතමනය හා ගෙඩි මෝරණ අවධියේදි වියළි කාලගුණයක් තිබීම වගාවට අත්‍යාවශ්‍ය වේ.

පැසුණු ගෙඩිවල පැහැය ඇතිවීමට දිවා රාතී උෂ්ණත්වය අතර වෙනස බලපායි. මෙම වෙනස වැඩිවන තරමට ගෙඩිවල වර්ණය ඇති වේ. නමුත් ශ්‍රි ලංකාවේ මෙම වෙනස අඩු නිසා පැසුණු ගෙඩි ද කොළ පාටින් යුක්ත වේ.

පැසුණු ඇඹුල් දොඩම්


පාංශු අවශ්‍යතා

සාර්ථක වගාවක් ලබා ගැනීමට නම් බොරළු තට්ටුවලින් හෝ තද පස් තට්ටුවලින් තොර, හොදින් ජලවහනය සිදුවන, ලවන වර්ග නොමැති, පාංශු ජල මට්ටම මීටරයකට වඩා ගැඹුරින් ඇති මීටර් දෙකක් පමණ ගැඹුරු පසක් තිබිය යුතුය.

ලෝම පස් ඉතාමත් යෝග්‍යය. මෙයට අමතරව රතු දුඹුරු පස, රතු කහ පොඩ්සොලික් පස, රතු කහ ලැටසෝල් පස හා රෙගසෝල් පස වඩාත් සුදුසුය.

පාංශු pH අගය 5-6 අතර පැවතීම වඩාත් යෝග්‍ය වේ.

පැළ සිටුවීමට සකස් කරන ලද බිමක්

රෝපණ ද්‍රව්‍ය

බීජ පැළ ලබා ගැනීම

බීජ වැලි තවානක හෝ ස්ථිර තවානක සිටුවිය හැක. ස්ථිර තවානක් සඳහා නොඉඳුල් වැලි පසක් ඉතාමත් සුදුසුය.

නිරෝගී හොන් ඵල දරණ ගස්වලින් හොන් මේරූ ඵල නෙලා බීජ ලබාගත යුතුයි. ලබාගත් බීජ හොන් සෝදා ආවේනික ප්‍රමාණයෙන් හා හැඩයෙන් යුතු බීජ පමණක් තවාන් කළ යුතුයි.

බීජ පැළවීමට අවශ්‍ය තරම් ජලය සැපයිය යුතුයි.

බීජ වැලි තවානක තවාන් කිරීම

 
වැලි තවානක බීජ තවාන් කලේ නම් සති තුනකින් පමණ වර්ගයට ආවේනික ලක්ෂණ ඇති සීඝයෙන් වැඩෙන පැළ පමණක් තෝරා බඳුන්වලට මාරු කළ යුතුයි. මෙම පැළ මාස 6කින් පමණ ‍ක්‍රේෂ්ත්‍රයේ සිටුවිය හැකිය.
වගා පිළිවෙත්
බිම් සැකසීම

සම්පූර්ණ බිම් සැකසීමක් අවශ්‍ය නොවේ. නියමිත පරතරයට අනුව වළවල් කපා ගැනීම ප්‍රමාණවත් වේ.
පරතරය - මීටර් 4 « 4.5
වළක ප්‍රමාණය - සෙ.මී. 60 « 60 « 60
වැසි කාලවලදී ජලය රඳා පවතී නම් කානු කපා ජල වහනය සිදුකළ යුතුය. බෑවුම් සහිත නම් කානු හෝ පස් වැටි යොදා පස සංරක්ෂණය කළ යුතුයි.

පැළ සිටුවීමට සැකසූ වලක්

පැළ සිටුවීම
නියමිත පරතරය ඇතිව කපාගත් වළවල් මතුපිට පස්, ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර මිශ්‍රකර වළවල් පුරවා තැබිය යුතුයි. වළවල් පිරවීමේ දි පස මතුපිටට වඩා ඉහළින් සිටින සේ මිශ්‍රණයෙන් වළවල් පිරවිය යුතුයි.

බදුන් වලට මාරු කරන ලද පැළ

 

මෙසේ කිරීමෙන් පස හොදින් වලේ තැන්පත් වීම නිසා වල තුළට කිඳා බැසීමක් සිදු නොවේ. මිශ්‍රණය පුරවා සතියකට පමණ පසු පැළ සිටුවයි.

පොහොර යෙදිම

පැළ සිටුවීමට පෙර පස් සමඟ මිශ්‍රකර එක් වලකට පොහොර ප්‍රමාණය යොදන්න. කුඩා පැළ සඳහා පොහොර යොදන විට ගසෙහි කඳේ සිට සෙ.මී. 15-20ක් පමණ දුරකින් වැඩුණු ගස් සඳහා ගසේ අතු විහිදි ඇති සීමාවට පොහොර යොදන්න.

 

 යොදනු ලබන රසායනික පොහොර

 

ජල සම්පාදනය

හරිත ශාකයක් බැවින් වර්ධක කාලය පුරාම ජලය අවශහ් වුවත් විශෙඅෂයෙන් මල් පිපෙන හා ඵල හටගන්නා කාලයේ හොදින් ජලය තිබිය යුතුයි. නැතහොත් මල් හා කුඩා ගෙඩි හැලී යාම සිදුවේ.


වල් මර්ධනය

ගස් වටා ප්‍රදේශය වල් පැළෑටිවලින් තොරව තබාගත යුතු අතර අනෙක් කොටස්වල වල් පැළෑටි ඝනව වැඩී ඇත්නම් කැතිවලින් හෝ උදළුවලින් කපා ඉවත් කළ යුතුය.

ගස අවට ප්‍රදේශයේ වල් මර්ධනය

 

අස්වනු නෙළීම
අස්වැන්න නෙලීම
අස්වැන්න පෙ.ව. 10.00ට පෙර හෝ ප.ව. 3.00න් පසුව නෙලා ගැනීමෙන් ලෙල්ලෙහි මතුපිට ඇතිවන දුඹුරු පැහැ තත්ත්වය අඩුකර ගත හැක. මෙයට හේතුව මෙම කාලය තුළදී පැඟිරි ග්‍රන්තිවලින් පැඟිරි පිටවීමට ඇති හැකියාව අඩුවීමයි.
ගෙඩියට අවම හානියක් සිදුවන සේ නෙලාගත යුතුයි. පළමුව නටුවේ ඉහළින් ගෙඩි වෙන්කරගත් පසු නෙලාගත් ගෙඩිවල නටුව ඉතාමත් කොටට සිටින සේ පිහියකින් වෙන්කළ යුතුය. එමෙන්ම කොළ සියල්ලද ඉවත් කළ යුතුයි.

නෙලාගත් ඇඹුල් දොඩම් අස්වැන්නක්

ඇඹුල් දොඩම් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු