පැණී දොඩම් (පැඟිරි කුලයේ ශාක)

කුලය Rutaceae

උද්භිද විද්‍යාත්මක නාමය Citrus sinensis

නිර්දේශිත ප්‍රභේද
බිබිලේ පැණි දොඩම්
  • වියළි හා අතරමැදි කලාපවලට සුදුසුය.
  • මීටර් 3 - 5 පමණ උසට වැඩෙන ගසකි.
  • අතු ඉහළට විහිදෙන අතර ශක්තිමත සැකිල්ලක් තිබේ.
  • ගෝලාකාර ශාක වියන් තුළ මධ්‍යම ප්‍රමානයේන් කොළදාවකි.
  • රවුම් ගෙඩිය තද කොළ පාට දිප්තිමත් පොත්තක් සහිතය.

බිබිලේ පැණි දොඩම් ශාකයක්

  • ගෙඩියේ සාමාන්‍ය බර ඉදෙන විට ග්‍රෑම් 300 - 400 පමණ වේ.
  • පොත්ත කහ පාටට හැරේ.
  • මාංශලය දිප්තිමත් කහ පැහැතිය.
  • මිහිරි සහ ඇබ්ඹ සුවඳකින් යුක්තය.
  • ගෙඩියක බීජ 10 - 15 පමණ අඩංගු වෙයි.

බිබිලේ පැණි දොඩම් ඵල හා බීජ

බිබිලේ බීජ රහිත පැණි දොඩම්

  • වියළි හා අතරමැදි කලාපවලට සුදුසුය.
  • ගෙඩියේ බීජ රහිත බව හැර අන් සියළු අත බිබිලේ පැණි දොඩම් ප්‍රභේදයට සමානය.

බිබිලේ බීජ රහිත පැණි දොඩම්

ආරෝග්‍යා

  • සිසිල් අතරමැදි කලාප හා තෙත් කලාපවලට සුදුසුය.
  • මීටර් 2 - 3 පමණ උසට වැඩෙන ශාකයකි.
  • ප්‍රධාන අතු ඈතට විහිදි වැඩෙන අතු පැතිරුනු ශාක වියනක් ඇති වේ .
  • පත්‍ර පළල් හා බොකුටු හැඩැතිය.
  • අලුත් රිකිලිවල නිරතුරුවම මල් හටගනී.

ආරෝග්‍යා පැණි දොඩම්

  • ඵලයේ කෙලවර පැතලිවන අතර සිදුරක් ඇත.
  • විශාල ප්‍රමාණයේ බීජ රහිත ගෙඩි (ග්‍රෑ.400 - 500 බර) මේරීමට මාස 5 - 6 ගත වේ.
  • ගෙඩියේ අධික යුෂ ප්‍රමාණයක් අඩංගු වන අතර එම යුෂ බිබිලේ පැණි දොඩම් තරම් ඇඹුල් හෝ ප්‍රනීත නොවෙයි.යුෂ ලා තැඹිලි පැහැතිය.
  • වසරකට තුන් වරක් පමණ ඵල දරයි.

ආරෝග්‍යා පැණි දොඩම් ඵල

මදුරුකැටිය දොඩම්

  • ගසේ කටු නොමැත. එහෙත් ඇතැම් විට ඉතා කුඩා කටු දැකිය හැකිය.
  • ශාක වියන පැතිරීමට වඩා ඉහළට වර්ධනය වන ස්වරූපයක් පෙන්නුම් කරයි.
  • පත්‍ර විශාලය. තද කොළ පාටය. දාරය කඩතොළු සහිතයි.
  • ඵල ඕවලාකාර හෝ සුළු වශයෙන් දිග හැඩයක් ගනී.
  • ගෙඩියක බීජ සුළු ප්‍රමාණයක් ඇත.

මදුරුකැටිය පැණි දොඩම් ශාකයක්

  • පොත්ත තරමක් ඝනකමය.
  • පැසුනු ගෙඩි කොළ පාටය.
  • යුෂ කහ තැඹිලි පාටින් යුක්තය.
  • මෙය තෙත් හා අතරමැදි කලාපයේ වගාවට සුදුසුය.

මීට අමතරව අතීතයේ දි වගා කරන ලද කෝට්ටේ ප්‍රභේදය හා වව්නියා ප්‍රභේදය දැනටමත් අභාවයට ගොස් තිබේ.

මදුරුකැටිය පැණි දොඩම් ඵල

දේශගුණික අවශ්‍යතා හා පස
පැණි දොඩම් වගාවට සුදුසු පාරිසරික තත්ත්ව

වියළි හා අතරමැදි කලාප පැණි දොඩම් වගාව සඳහා සුදුසු බව පිළිගැනේ. වසර පුරා හොදින් පැතුරුණු වරෂාව පැණි දොඩම් වගාවට නුසුදුසු අතර මාස 2-3 ක පැහැදිලිව වෙන්වූ වියළි කාලයක් ඊට අවශ්‍ය වේ.ඉතා සරු පසක දි ගසේ වර්ධනය නිරතුරුවම සිදුවීම නිසා අස්වැන්න අඩුවෙයි. කාබනික ද්‍රව්‍ය අඩංගු හොදින් ජලය බැසයන මීටර් 2ක් පමණ ගැඹුරු පසක් වඩා සුදුසුය. එමෙන්ම මුළු දිවා කාලයේදීම හොඳින් හිරුඑළිය ලැබෙන ප්‍රදේශවල පැණි දොඩම් ගස් ඵලබර වෙයි. නමුත් තෙත් කලාපයේද වගාවට සුදුසු පැණි දොඩම් ප්‍රභේද තිබේ.

ගෙඩි හටගන්නා කාලයේ දි පසේ තෙතමනය මනා ලෙස පවත්වා ගැනීම අවශ්‍ය වනබව වටහාගත යුතුය.

පසේ පී.එච්. අගය 5-6ත් අතර තිබිය යුතුය. පී.එච්. අගය අඩු හෝ වැඩි වීමෙන් මූලද්‍රව්‍ය ඌණතාවයක් නිසා වගාව දුර්වල විය හැක.
වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1750-2000ක් පමණ අවශ්‍ය වේ. ඵල හටගැනීම උත්තේජනය කිරීමටත් ඵල හොඳින් මේරීමටත් වර්ෂය තුල මාස 1-2ක් පමණ නිශ්චිත වියළි කාලයක් හා අඩු වායුගෝලීය තෙතමනයක් තිබීම යෝග්‍ය වේ.


වගා කාලය

සැප්තැම්බර්-ඔක්තෝබර් (වසරේ ඕනෑම කාලයක වගා කළ හැකිය)


වගා කරන ප්‍රදේශ

වියළි හා අතරමැදි කලාපය වගාවට සුදුසුය.
නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බිබිල, මොණරාගල, බදුල්ල, කුරුණෑගල, රත්නපුර, මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, වව්නියාව, යාපනය, කිළිනොච්චිය, හම්බන්තොට, අම්පාර පැණි දොඩම් ඉතා සාර්ථකව වගා කළ හැක.


සරුසාර පැණි දොඩම්

රෝපණ ද්‍රව්‍ය

රෝපණ ද්‍රව්‍ය

බීජ පැළ කිරීමෙන් නිපදවාගනු ලබන පැළවල ප්‍රභේදය වෙනස්වීමට බොහෝ ඉඩ තිබේ. නමුත් බීජ සිටවූ අවස්ථාවේ සිට පැළවී මාස 6ක් පමණ යන තුරු කාලසීමාව ත දි පැළ හොදින් පරීක්ෂා කර බලා ප්‍රභේදයේ ලක්ෂණ තහවුරු කර හොදින් වැඩුනු බීජ පැළ ක්‍රෂ්ත්‍රයේ සිටුවීමට යොදාගත හැකිය. ක්‍රෂ්ත්‍රයෙන් බෝවීමට ඉඩ තිබුණ ද බීජවලින් වෛරස් රෝග බෝ නොවීම වාසියකි.

තෝරාගත් දොඩම් බීජ

එහෙත් පළමු වරට මල් පිපීමට වසර 5 - 6ක් පමණ ගතවීමත් විශාල ගස්බවට පත්වීමත් බීජවලින් පැළ බිහිකර ගැනීම අවාසි සහගත බවට පත් කරයි.

උසස් ගුණාත්මයේ දොඩම් වගාවකින් තෝරාගත්, උසස් ආරයේ වැඩි අස්වැන්නක් දෙන, දොඩම් ගසකින් ලබාගත් හොදින් ඉදුනු දොඩම් ගෙඩියකින් බීජ ලබා ගන්න.

බීජ ගෙඩියෙන් වෙන්කරගත් වහාම හොදින් ජලයේ සෝදා ගන්න. මෙම අලුත් බීජ කිසිවිටෙක අව්වේ වියළා නොගත යුතුය.

සිටුවන ලද බීජ පැළයක්

බීජයේ උල් කෙළවරින් දික්වූ බීජාවරණය මදක් දෙපසට විවෘත කිරීමෙන් පසු වැලි තවානක තවාන් කර ගන්න. ඉන්පසු පිදුරු වසුනකින් වසා දමා නිසි පරිදි ජලය සපයන්න.

දින 7 - 8 කට පසුව පැළවීම ඇරඹෙයි. වැලි තවානේ දි පළමු පත්‍ර 2 බිහිවූ පසු දොඩම් ලක්ෂණ ඇති නිරෝගී පැළ පොලිතින් මළුවල සිටුවාගන්න. මෙම පොලිතීන් මළු කළු හෝ විනිවිද පෙනෙන ඒවා විය හැකි අතර සෙ.මී. 15 - 20 විශ්කම්භය ඇති සෙ.මී. 22-30 උසැති විය යුතුයි. ඒවාට සාමාන්‍ය තවාන් මිශ්‍රණය (වැලි : මතුපිට පස් : කොම්පෝස්ට් සමාන ප්‍රමාණ මිශ්‍ර කරගෙන) පුරවා ගන්න.පොලිතීන් මල්ලෙන් අනවශ්‍ය ජලය පිටවීමට සිදුරු තිබීම අත්‍යාවශයයි. මෙම බීජ පැළ ක්‍රෂ්ත්‍රයේ සිටුවීමට මාස 5 - 6 වයස් ගතවිය යුතුය.

තවාන් කරන ලද බීජ


බද්ධ පැළ

බද්ධ පැළ මඟින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඉතා ඵලබර ගස් බිහිකර ගත හැකිය. එහෙත් වෛරස් රෝග බෝවීමේ අවදානම වැඩිවීම විශාල අවාසියකි. උසස් ආරයේ ගෙඩි හටගන්නා වුවද වෛරස් රෝගවලින් තොර බවට සහතික කරන ලද්දා වූ මව් ගසකින් ලබා ගන්නා අංකුර යොදා ගනිමින් රෆ් ලෙමන්, පිල්පීන් දෙහි, රංග්පූර් දෙහි, ට්‍රයිපොලියාටා (තුන්පත් කුරුඳු) බීජ පැළවලට බද්ධ කිරීමෙන් වඩා හොඳ පැණි දොඩම් බද්ධ කළ පැළ ලබාගත හැකිය. ලේයර් කළ හෝ මුල් ඇද්ද වු අතු පැළ සිටුවීමට ලබාගත හැකි වුවද වඩා ඵලදායී වගාවක් බිහිකර ගැනීමට ඒවා සුදුසු නොවේ.බද්ධ පැල නිපදවීමට වැඩි වශයෙන් යොදා ගන්නේ කූඤ්ඤ බද්ධය සහ විප් බද්ධය වේ.

මෙම පැළ මාස 4 - 5 වයස් ගත වූ පසු ‍කේෂ්ත්‍රයේ සිටුවීමට යොදාගත හැකිය. සෘජු කඳන් සහිත නිරෝගී ඵලදාවක් සහිත තද කොළ පැහැති සරු පැළ සිටුවීම සඳහා යොදා ගන්න. එමෙන්ම මේවාට ප්‍රභේදයට ආවේනික ලක්ෂණ හා හොඳ වර්ධන වේගයක් ද තිබිය යුතුය.

ග්‍රාහකයක් වන රෆ් ලෙමන් පැළ

බද්ධය සාර්ථක වූ පැළයක්

බද්ධ පැළ නම් ඉහත කී ග්‍රාහක පමණක් යොදාගත් බද්ධ පැළ තෝරා ගන්න.

වෙනත් ග්‍රාහක යොදා ගත් විට,

  • ප්‍රභේදයේ ලක්ෂණ වෙනස් වීම
  • අස්වැන්න අඩුවීම
  • ගෙඩිවල ගුණාත්මය අඩුවීම
  • ආර්ථික ජීවිත කාලය අඩුවීම
  • පහසුවෙන් රෝග පලිබෝධවලට භාජනය වැඩි වීම
  • අහිතකර තත්ත්ව වලට පාත්‍රවීම
  • විවිධ වසංගත තත්ත්ව වැනි ගටළු පැන නැගීම දක්නට ලැබේ.

බද්ධ කරන ලද පැළයක්

වගා පිළිවෙත්

‍ක්ෂේත්‍රය සකස් කිරීම

බෑවුම් සහිත ඉඩම්වල, වගාව සඳහා ඉඩම් පිරිසිදු කර සූදානම් කරන විටෙදිම නොවරදවා පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කළ යුතුය. අවට ඉඩම් වලින් ගලා එන වැසි ජලය පාලනය කර සුදුසු පරිදි ඉඩමෙන් බැහැර කළ යුතු වේ.

වැඩුණු දොඩම් ගස් ඇති ඉඩමක ස්වාභාවික පාංශු සංරක්ෂණයක් සිදු නොවන අතර බොහෝ විට පස සෝදා යාම වේගවත් කිරීමට ඉවහල් වන සේ කොළදාව මත රැඳෙන වැසි ජලය විශාල බිංදු ලෙසට පසට වැටීම ගැටළුවක් වනුඇත. ඒ නිසා සුදුසු පරිදි වගා ඉඩම තුළ මනා පාංශු සංරක්ෂණයක් ඇති කිරීම අත්‍යාවශ්‍යයි.

පැළ සිටුවීමට සකස් කරන ලද බිමක්

  • පරතරය - මීටර් 4 x 5
    දේශිය වර්ග
    - මීටර් 6 x 3 (හෙක්ටයාරයට පැල 555)
    පිහිටි ප්‍රෙභ්ද - මීටර් 4 x 4 (හෙක්ටයාරයට පැල 625)
  • වලක ප්‍රමාණය

- බුරුල් පසක නම් සෙ.මී. 60 x 60 x 60

- මනා වර්ධනයකට නම් සෙ.මී. 90 x 90 x 90

මෙම වලතුළට දිරාගිය ගොම පොහොර වලෙන් අඩක් පමණ යොදා මතුපිට පස් වලින් පුරවා වල තුලදිම මිශ්‍ර කළ යුතුය. තෙතමනය රඳා පැවැතීමට වල පතුලට පොල් ලෙලි ඇතිරීම ප්‍රයෝජනවත්‍ය. එසේම ආම්ලික බව වැඩි නම් (සෝදා පාළු වී ගිය පසක බොහෝ විට ආම්ලික බව වැඩිය) ඩොලමයිට් කුඩු කිලෝග්‍රෑම් එකක් පමණ මෙම වල තුළට මිශ්‍ර කරන්න. ඩොලමයිට් යොදා සති දෙකකට පමණ පසුව හා පැළ සිටුවීමට දින 3 - 4කට පෙර පැණි දොඩම් සඳහා මූලික පොහොර මිශ්‍රණය පසට යොදා මිශ්‍ර කර පැළ සිටුවීම යෝග්‍යය.

පැළ සිටුවීමට සැකසු වලක්

නියමිත ලෙස සිටුවන ලද පැළයක්

හෙක්ටයාරයකට අවශ්‍ය බද්ධ පැළ - 555

මෙම පැළ සංඛ්‍යාවට පාළු සිටුවීමට අවශය සංඛ්‍යාවද ඇතුලත්‍ය. වර්ෂා සමයට මාසයකට පෙර හෝ දැඩි වර්ෂා සමයේ අවසාන කොටසේ දි සිටුවන්නේ නම් වඩා යෝග්‍යයි. වර්ෂාවට පෙර සිටුවන විට නිසි පරිදි සෙවනක් හා ජලය සැපයීම අවශය වේ. සිටුවන ලද පැළයට ආධාරකයක් සපයන්න. පැළය වටා පිදුරු හෝ කොළ රොඩු වසුනක් පැළයේ මීටර් භාගයක් පමණ දුරට යොදන්න. වියළි සමය අවසන් වූවිට සෙවන ඉවත් කරන්න. වසුන දිරාගිය විට නැවත යොදන්න. බීජ පැළ ඉතා වේගයෙන් වැඩෙන අතර බද්ධ පැළ සිටුවා පළමු මාස 2 - 3 තුළදි ඉතා සෙමින් වැඩුන ද පසුව වේගයෙන් වැඩෙනු ඇත.


පොහොර යෙදීම

කාබනික පොහොර සහ රසායනික පොහොර යන වර්ග දෙකම යෙදිය හැක. කාබනික පොහොර වලට ඉහළ ප්‍රතිචාරයක් දක්වයි. වසරකට දෙවරක් පමණ අස්වැන්න අවසන් වීමට සතියකට පෙර හා ඊට මාස 4-5 කට පසු හොඳින් දිරාපත් වූ කොම්පෝස්ට් කිලෝග්‍රෑම් 10ක් පමණ ගස වටේ පසට මිශ්‍ර කරන්න.


රසායනික පොහොර යෙදීමේදී

  • තෙත් හා වියළි කලාප අනුවත්
  • බීජ පැළ හා බද්ධ පැල අනුවත්
  • ජල සම්පාදන ආකාරය අනුවත්
  • ශාකයේ වයස අනුවත් සැලකිලිමත් විය යුතුය.

හැකි සැම විටකදි ම වසරකට යෙදිය යුතු මුළු පොහොර ප්‍රමාණය කොටස්වලට බෙදා පැළය වටා කොළදාව පැතිරුණු දුරට විසුරුවා හැර පසට මුල්ලු කරන්න. උදැල්ලෙන් කෙටීම නුසුදුසුය. පොහොර යොදන විට ද පසේ මනා තෙතමනයක් පැවතීම අත්‍යාවශ්‍යයි. වසුන නොකඩවා පවත්වා ගෙන යන්න.

යොදන පොහොර මිශ්‍රණය

තෙත් කලාපයේදී පී.එච්. අගය 5ට අඩු නම් සිටුවීමට සති 02කට පෙර ඩොලමයිට් යෙදීම වැදගත් වේ. වියළි කලාපයේ ඩොලමයිට් යෙදිය යුත්තේ පස පරීක්ෂා කිරීමෙන් පසුවයි.

පොහොර අවශ්‍යතාවය - වියළි හා අතරමැදි කලාප සඳහා (ජල සම්පාදනය යටතේ)

  1. බීජ පැල සඳහා පොහොර නිර්දේශය

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

80

100

45

පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්

65

65

08

දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

100

100

16

තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

135

135

24

හතරවන වසර තුලදී සෑම මාස 4කට වරක්

170

170

32

පස්වන වසර තුලදී සෑම මාස 4කට වරක්

200

200

40

ඉන්පසුව සෑම මාස 4 කට වරක්

110

210

130

වියළි හා අතරමැදි කලාප සඳහා (ජල සම්පාදනය යටතේ)

බද්ධ පැල සඳහා පොහොර නිර්දේශය

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

80

100

45

පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්

100

120

20

දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

150

150

30

තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

200

180

40

ඉන්පසුව සෑම මාස 4 කට වරක්

110

210

130

වියළි හා අතරමැදි කලාප සඳහා (වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ)

බීජ පැල සඳහා පොහොර නිර්දේශය

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

80

100

45

පළමු වසර තුලදී සෑම මාස 6කට වරක්

100

100

12

දෙවන වසර තුලදී සෑම මාස 6කට වරක්

150

150

24

තෙවන වසර තුලදී සෑම මාස 6කට වරක්

200

200

36

හතරවන වසර තුලදී සෑම මාස 6කට වරක්

250

250

48

පස්වන වසර තුලදී සෑම මාස 6කට වරක්

300

300

60

ඉන්පසුව සෑම මාස 6 කට වරක්

165

310

195


වියළි හා අතරමැදි කලාප සඳහා (වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ)

බද්ධ පැල සඳහා පොහොර නිර්දේශය

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

80

100

45

පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්

125

150

10

දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

200

200

30

තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

275

250

60

ඉන්පසුව සෑම මාස 4 කට වරක්

165

310

195

තෙත් කලාප සඳහා

බීජ පැල සඳහා පොහොර නිර්දේශය

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

75

120

25

පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්

65

80

18

දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

95

120

25

තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

125

160

34

හතරවන වසර තුලදී සෑම මාස 4කට වරක්

155

200

42

පස්වන වසර තුලදී සෑම මාස 4කට වරක්

190

240

50

ඉන්පසුව සෑම මාස 4 කට වරක්

150

225

110

තෙත් කලාප සඳහා

බද්ධ පැල සඳහා පොහොර නිර්දේශය

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

75

120

25

පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්

90

100

20

දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

140

150

30

තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

190

200

50

ඉන්පසුව සෑම මාස 4 කට වරක්

150

225

110

දොඩම් ගසේ මනා වර්ධනයට දියර පොහොර ඉසීම හොඳ ප්‍රතිඵල ගෙනෙන බව පෙනේ. වැඩෙමින් පවතින නොමේරූ ගස් සඳහා නයිට්‍රජන් යහමින් අඩංගු ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය වලින් පොහොසත් (විශේෂයෙන් යකඩ, සින්ක්, මැන්ගනීස්, මැග්නීසියම් හා බෝරෝන්) දියර පොහොරක් දෙසතියකට වරක් කොළදාව හොඳින් තෙමෙන සේ ඉසින්න.

මෙය සාමාන්‍ය කෘමිනාශක හෝ දිලීරනාශක සමඟ මිශ්‍රකර ඉසිය හැකිය. පළමුවරට මල් පිපුණු පසු අධික ලෙස පොටෑසියම් අඩංගු ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය වලින් පොහොසත් පොහොරක් (ඉහත සඳහන් පරිදි) දෙසතියකට වරක් ඉසීම ප්‍රයෝජනවත්ය.

මුලික පොහොර මිශ්‍රණය යොදන ලද පැළයක්

කෙසේ වුවද ගෙඩි මෝරන කාලයේ දි මේවා යෙදිම අවශ්‍ය නොවේ. ඵල වාරය අවසන් වීමත් සමඟ නැවත වරක් නොමේරූ ගස් සඳහා ඉසින දියර පොහොර මිශ්‍රණය ඉසීම යෝග්‍ය වේ. දියර පොහොර ඉසීමේ දි එසේ තෙතමනය තිබීම හෝ නොතිබීම ගැටළුවක් නොවේ. ඒ නිසා වියළි කාලයේ වුවද ගස් දුර්වල නොවී පවත්වාගෙන යාමටත් වැඩි අස්වැන්නකටත් මෙය ඉමහත් රුකුලක් වේ.

වැඩි ඵලදාවකට පසු ගස් දුර්වල වීම මෙමඟින් ඉක්මණින් මඟ හැරේ. දොඩම් පැළ සිටුවීමේ දි තනි වගාවක් ලෙස සිටුවීමෙන් වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. ඊට හේතුව දොඩම් ගසට ජීවිත කාලය පුරාම හොඳ හිරු එළියක් හා වර්ධනය සඳහා හොඳ තෙතමනයක් අවශවීමයි.



දියර පොහොර යෙදීම

පස අනවශය ලෙස වියළී තිබෙන විට පෝෂක ඌණතා දක්නට ලැබෙන අතර පත්‍ර කහ වීම, අතු රිකිලිවල පත්‍ර මැරීම, ගසේ වර්ධනය දුර්වල වීම, පත්‍ර හැලී යාම, කුඩා දොඩම් ගැට හැලී යාම, දොඩම් ගෙඩි කුඩා වීම, ගෙඩියේ පොත්ත දැඩි වීම හා මාංශලයට යුෂ එකතු නොවී වියළි බවට පත්වීම ආදි ගැටළු මතු වේ

කාබනික පොහොර යොදා ඇති ආකාරය

අතුරු බෝග වගාව

කෙසේ වුවද දොඩම් ගස ඊට වඩා අඩු උසකට වැඩෙන බෝග සමඟ මිශ්‍රව වගා කළ හැකිය. දොඩම් පැළ සිටුවා පළමු වසර 2 - 3 කාලය තුල දි කෙටි කාලීන බෝග වගා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ.
විශේෂයෙන් දොඩම් පැළ අතර කෙසෙල් වගා කිරීම දොඩම් පැළවල මනා වර්ධනයට පිටුවහලක් වන අතර විශාල අමතර ආදායමක් උපයාගත හැකිය. දොඩම් පැළ අතර පරතරය වෙනස් නොකර කෙසෙල් පැළ සිටුවීම කල යුතුය. මෙම කෙසෙල් වගාව දොඩම් පැළවලට වසර 2 - 3 වන විට සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කළ යුතුය.
කෙසෙල්වලට අමතරව අන්නාසි, පැපොල්, පැෂන් පෘඋට් වැනි පලතුරු බෝග ද සුදුසු එළවළු හා ධාන්‍ය බෝග ද වගා කළ හැකිය. දොඩම් ගස් වැඩෙන විට වසර 3ක් තුල දි මෙම වගාවන් සම්පූර්ණයෙන්ම දොඩම් වගාවෙන් ඉවත් කිරීම වැදගත්ය.

අතුරු බෝගයක් ලෙස අන්නාසි වගා කිරීම

පොල් වගාව තුල දි දොඩම් සරුවට වගා කළ හැක්කේ පොල් ගස්වලට වයස අවුරුදු 25 - 30 ඉක්මවූ පසුව පමණි. දොඩම් වගා කිරීම අළුතින්ම පොල් වගා කරන ඉඩමක නොකළ යුතුය. දොඩම් ගසේ උපරිම හැකියාවන් එහි වයස අවුරුදු 3- 10 පමණ වනවිට පෙන්නුම් කිරීම ඇරඹෙන විට පොල් ගස ද දිරිමත්ව වැඩීම මෙම අවධියේ දි සිදුවෙයි. අධික සෙවන හා ඉඩකඩ මදිවීම නිසාත් තෙතමනය රඳා පැවතීම නිසාත් දොඩම් ගසේ ඵලදායීතාව දුර්වලවීම බලාපොරොත්තු විය හැකිය. පොල්ගස තුලින් පෙරී එන හිරු එළිය ඒවන විට කාර්යක්ෂම තරුණ දොඩම් ගසට ප්‍රමාණවත් නොවේ.

පොල් වගාවක් තුළ දොඩම් වගා කීරිම

රබර් වගාවේ දි දොඩම් ගස යොදාගත නොහැකිය. කෙසේ වුවද තේ වගාවේ දි දොඩම් ගසට හොඳ විභවයක් තිබේ තේ වගාව තුළ සෙවන සඳහා මනාලෙස දොඩම් වගාකළ හැකි වුවද එයින් තේ නිෂ්පාදනයේ ගුණාත්මයට බලපෑමක් එල්ල නොවන්නේ නම් තේ වතුවල දොඩම් මිශ්‍ර බෝගයක් ලෙස වගා කිරීමට වුවද අති විශාල විභවයක් හා අවස්ථාවක් තිබේ.


වල් මර්දනය

දොඩම් වගාව තුල වල් පැළෑටි පාලනය කළ යුතු වුවද සම්පූර්ණයෙන්ම වල් පැළෑටිවලින් තොරව එය තබා ගැනීම සුදුසු නොවන්නේ සෝදා පාළුවත්, පසේ ජලය ඉවත් වී යාමත් පසේ උෂ්ණත්වය ඉහළ යාමත් ගැටළුවක් විය හැකි බැවිනි. ගස වට වෘත්තාකාරව ගසේ අතු විහිදී ඇති මට්ටම දක්වා ප්‍රදේශයේ වල් පැල හොඳින් පාලනය කරන්න. කෙසේ වුවද වල් පැළ කපා දමමින් දොඩම් ගස් වටා මීටරයක් දෙකක් දුරට ඝණකම්ව වසුනක් පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය ක්‍රියාමාර්ගය වෙයි. උදළු භාවිතයෙන් වල් ඉවත් කරන විට මුල් වලට හානි නොවන සේ යෙදිය යුතුය. පේලි අතර වල් පැලෑටි පාලනය සඳහා වීසි කැත්තක් භාවිතා කිරීම සුදුසුය.

මනා ලෙස නඩත්තු කල වගාවක්

ජල සම්පාදනය

පැලය අවට තෙතමනය රැක ගැනීමට පැලය සිටුවීමෙන් පසුවත් පළමු අවුරුදු 02තුලත් මල් හටගන්නා විටදීත් ගසට ජලය හිඟවීමට ඉඩ නොදෙන්න.

වියළි කලාපයේ වියළි කාලසීමාවේදී වගාවට ජලය සැපයීම අත්‍යාවශ්‍ය වේ. වසුනක් යෙදිම පාංශු ජලය රැක ගැනීමට උපකාරී වේ. ගස අවට ප්‍රදේශයේ වියළි තණකොළ, පිඳුරු, කොහුබත් වැනි ද්‍රව්‍ය වලින් වසුන් යෙදීමෙන් පස ඉක්මනින් වියළීයාම වලකාගත හැකිය.

පස අනවශ්‍ය ලෙස වියළීමෙන් පසේ පෝෂක ඌණතා, ගසේ වර්ධනය දුර්වල වීම, පත්‍ර කහ වීම, අතු රිකිලි මැරීම, ගෙඩි කුඩාවීම, ගැට හැලීම, ගෙඩියේ පොත්ත දැඩි වීම, මාංශලයට යුෂ එකතු නොවීම, වියළීම සිදුවිය හැක. ගෙඩියේ හොඳින් යුෂ පිරීම සඳහා ගෙඩි වැඩෙන කාලයේදී ගසේ හොඳ තෙතමනයක් පවත්වා ගන්න.

අස්වනු නෙලීමට සති 02කට පෙර ගසට ජලය යෙදීම නවතන්න.

ජල සම්පාදනය කිරීම

ගස් පුහුණු කිරීම හා කප්පාදු කිරීම

පැණි දොඩම් ගස් ස්වභාවයෙන්ම ඉහළට වැඩී අතු විහිදි ඕවලාකාර හැඩයකට පුළුල්ව වැඩෙන බව පෙනෙයි. මෙහි සැකිල්ල ජමනාරංවලට වඩා පුළුල් වුවත් ජම්බෝලවලට වඩා පටුය.

වැඩි අස්වැන්නක් ඉක්මණින් හා සෑම කන්නයකටම ලබා ගැනීමටත් ශක්තිමත් සැකිල්ලක් සකස්කර ගැනීමටත් උසස් ගුණාත්මයේ දොඩම් ගෙඩි ලබා ගැනීමටත්, කුඩා කල සිටම දොඩම් ගස් කප්පාදු කර පුහුණු කළ යුතුය. මෙම පුහුණු කිරීම තවානේදී සිටම ඇරඹිය හැකිය. මෙහි දි පැළයේ (බද්ධ හෝ බීජ පැළය) ප්‍රධාන කඳෙන් පැහැදිලිවම ඇති වන කුඩා රිකිලි ඉවත් කිරීම කළ යුතුය.

කුඩා රිකිලි ඉවත් කීරිම

ගසේ මුළු ජීවිත කාලය තුළම මෙම සැකිල්ල පවත්වාගෙන යායුතු අතර පැන නඟින දිය රිකිලි, දුවර්වල, පසු මැරී යන, රෝගී කෘමි හානිවූ හා එකිනෙක හරහා යමින් වැවෙන අතු මාස කිහිපයකට වරක් කපා දමන්න.
මේ කැපුම් තුවාලවල දිලීරනාශක අඩංගු ආලේපනයක් (උඳා. සන්තාර්) තවරන්න. දොඩම් ගස්වලට අනවශ්‍ය ලෙස සෙවන ලබාදෙන ගස්වල අතු කපා දොඩම් වගාවට හොදින් හිරු එළිය ලබා දිමට කටයුතු කළ යුතුය.

පැළ පුහුණු කිරීම

ඵලාදායීතාවය වැඩි කිරීමට පහත සඳහන් පියවර ගත හැකිය

  • සෑම කන්නයකදිම අස්වැන්න අවසන් වූ විගසම සියළු දුර්වල රිකිලි කෙලවර කපා ඉවත්කරන්න
  • ඵල හටගත් අතු කෙලවර කපා දමන්න
  • දිය රිකිලි කපා දමා ගස පිරිසිදු කරන්න
  • රෝග පලිබෝධ හානි නිසිකලට මර්ධනය කරන්න
  • ගසේ කොළදාව තුලින් ගස තුළට හිරු එළිය ඇතුළුවීමට ඉඩ සලස්වන්න
  • කප්පාදුව හා අතුවල බරක් එල්ලීමෙන් එය කළ හැකිය.‍

ගස පුහුණු කළ යුතු අයුරු

මල් උත්තේජනය කිරීම

  • ප්‍රධාන අතු කිහිපයක් තෝරා එහි තැනින් තැන සෙ.මී. 1 - 2 දිග පළල පොතු ඉවත් කරන්න.
  • මල් වාරයට මාස 2කට පමණ පෙර පස වියළීයාමට ඉඩ සලසන්න.
  • ජලය සැපයීම පාලනය කරමින් ගස මැලවීමට ඉඩ හරින්න.
  • මියයාම වැළැක්වීමට පමණක් ඉතා ස්වල්පයක් ජලය සපයන්න.
  • වියළි මාස 2 සම්පූර්ණයෙන් ගසට හොදින් ජලය සපයන්න.
  • සති කිහිපයකදි මල් හටගනු ඇත.
  • මල් හටගත් පසු නොකඩවා මනාලෙස පසේ තෙතමනය පවත්වාගෙන යන්න.

  • ඵල මෝරන විට පස වියළි යාමට නැවතත් කටයුතු කරන්න.
  • අස්වැන්න අවස්වන විටම නියමිත පෝෂණ හා නඩත්තු රටාව අනුගමනය කරන්න.
  • පසේ තෙතමනය මනාලෙස නඩත්තු කරන්න.

    ඵලදායීතාව අඩුවී දුර්වලවී ඇති පැරණි දොඩම් ගස් නැවතත් පුනර්ජීවනය කරගත හැකිය. කෙසේ වුවද එම ගස් පරීක්ෂා කීරිමෙන් පසුව තෝරගත් ගස් සදහා පමණක් ප්‍රතිකාර විධි හා වඩාත් සුදුසු පියවරයන් නිගමනය කළ හැකිය.

කප්පාදු කිරීමට අවශ්‍ය ගසක්

පුනරුත්තාපනය සහ පුනර්ජීවනය

ට්‍රිස්ටෙසා වෛරසය වැළඳුන පැණි දොඩම් ගස් පුනරුත්තාපනය (නැවත ශක්තිමත්) කිරීම නම් එතරම් ප්‍රයෝජනවත් කාර්යයක් නොවනු ඇත. පුනර්ජීවනය (තරුණ බවට පත් කිරීම) සහ පුනරුත්තාපනය කිරීම පහත සඳහන් අරමුණු සහිතව කළ යුතුය

  • දුර්වල සැකිල්ල ශක්තිමත් කිරීම
  • පැරණි ගස් සක්‍රියකර තරුණ බවට පත් කිරීම
  • ක්‍රියාකාර පළදාවක් ඇතිකර ගැනීම
  • රෝග පලිබෝධ මර්ධනය
පොහොර, ජලය වැනි යෙදවුම් නිසි කළමනාකරණය කර කාර්යක්ෂමව යොදා ගැනීම.

ට්‍රිස්ටෙසා වෛරස් රෝගය පතුරන වාහකයන්

  • තිරසාර පැවැත්මක් සහිත අස්වැන්නක් ලබා ගැනීම
  • ගෙඩිවල ගුණාත්මය වැඩි කිරීම
  • ආර්ථික ජීවිත කාලයක් නැවතත් ගැනීම
  • පාරිසරික සමතුලිතතාවයට දායක කර ගැනීම

පැරණි දුර්වල පැණි දොඩම් ගස් පුනර්ජීවනය කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව වසර 3 - 4 වත් කරගෙන යා යුතුය. ඒ සඳහා පහත සඳහන් පියවර නිත්‍ය වශයෙන්ම අනුගමනය කළ යුතුය

  • පාංශු සංරක්ෂණය හා පස සරුබවට පත් කිරීම
  • පස තුළට වැඩි ජල ප්‍රමාණයක් ඇතුල්වීමට ඉඩකඩ සැලසීම
  • පසට පෝෂක කාබනික ද්‍රව්‍ය වැඩි වශයෙන් එකතු කිරීම හා පාංශු ජල සංරක්ෂණය
  • ප්‍රමාණවත් තරමට කාබනික හා
  • පොහොර නිසි පරිදි භාවිතය සහ කොළ
  • දියර පොහොර යෙදිම
  • ගසට අනවශ්‍ය සෙවන ඉවත් කිරීම හා පරිසරය වඩාත් හිතකර කිරීම
  • දොඩම් ගස කප්පාදු කිරීම හා නඩත්තුව දුර්වල රෝගී හා වියළී ගිය අතු කපා පිළිස්සීම


කප්පාදු කළ ස්ථානයක්

  • කඳේ පහළ කොටසට සුදු හුණු ආලේප කිරීම සහ නිසි පෝෂක නිසි කලට සැපයීම.
  • කලට වේලාවට රෝග හා පලිබෝධ මර්ධනය කිරීම.
  • ශෂ්‍ය විද්‍යාත්මක උපක්‍රම මිශ්‍ර කරගත් තාක්ෂණය යොදා ගනිමින් ළපටි ගෙඩි හා මල් ඇති විට පලිබෝධ මර්ධනය කිරීම.
  • කප්පාදුවෙන් පසු මතුවන නව රිකිලිවලින් ගසට වඩාත් උචිතවූද දිරිමත්වූද රිකිලි තෝරා අළුත් සැකිල්ලක් නිර්මාණය කර ගැනීම.

කප්පාදු කළ ස්ථානයේ දිලීරනාශක ආලේපය

මෙම පැරණි දොඩම් ගස් කප්පාදු කිරීමෙන් පසු මතුවන නව දිරිමත් රිකිලිවලට ඔබ ප්‍රිය කරන පැණි දොඩම් ප්‍රභේදයක් බද්ධ කරගත හැකිය.
බොහෝ විට සම්ප්‍රදායික කුඤ්ඤ බද්ධය යොදාගත හැකිය. මේ සඳහා එවිට පැරණි දොඩම් ප්‍රභේදයක් වෙනුවට නව ප්‍රභේදයක දොඩම් ගසක් ඔබට ලැබෙනු ඇත. එය අලුත් දොඩම් ගසක් ලෙස වැඩී වසර 2 පසුව ඵල දැරීම අරඹනු ඇති අතර නව ගසක් සේ දිර්ඝ කාලයක් පුරා අස්වැන්න ලබා දෙනු ඇත. එම නව දොඩම් ගස ද අළුත් වගාවක් නඩත්තු කරන ආකාරයටම කළ යුතුය.

නව ප්‍රභේදයක් බද්ධ කිරීම

අවාරයේදී දොඩම් අස්වැන්න

දොඩම් ඵලදා වාරය වෙනස් කර ගැනීමට පුළුල් ඉඩක් තිඹේ වියළි හා අතරමැදි කලාපවල දොඩම් වගකල විට මේ වාසිය ලබාගත හැකිය. මෙහිදි දොඩම් ගසට මාස 2ක පමණ අඛණ්ඩ වියළි කාලයක් ලැබිය යුතුය.
ගස ජල හිඟය නිසා මැළවී යන්නට ඉඩ තබමින් ජලය සැපයීම නවත්වන්න. නමුත් ගස මියයාම වැළැක්වීමට ඉතා ස්වල්ප ප්‍රමාණයක් ජලය වරින් වර සපයා වැඩි කාලයක් මැළවීයාමට ඉඩදෙන්න. මාස 2 කට පසුව එකවරම ගසට මනා ලෙස ජලය සපයන්න. මේ ආකාරයට සති 2 - 3 පමණ ජලය සපයන විට මල් හට ගනී.

මල් පිපුණු ශාකයක්

වියළි කාලයේ දි හටගන්නා මේ මල්වලින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට නම් අඛණ්ඩව පසේ තෙතමනය පවත්වා ගෙන යන්න.
ඉතා දිර්ඝ නියඟ කාලයක් ඇති ප්‍රදේශවල ජල සම්පාදන පහසුව ඇත්නම් වසරකට මෙලෙස දෙවරක් පමණ අස්වැන්න නෙලාගත හැකිය. එවිට වාරයේ§ දොඩම් අස්වැන්න ලබා නොගැනීම වඩාත් සුදුසුය.

සරුසාර පැණි දොඩම් ශාකයක්

අස්වනු නෙළීම

පැණි දොඩම් අස්වැන්න (පැඟිරි කුලයේ ශාක)

බීජ වලින් බිහිකරගත් පැණි දොඩම් පැළයක් සිටුවා වසර 4 – 6 ක දි පළමුවරට මල් පිපෙන අතර බද්ධ පැළයක් සිටුවා වසර 2 - 3 කදී පළමුවරට මල් පිපෙයි. පැණි දොඩම් ගෙඩියක් මේරීමට මාස 4-6 ක් පමණ ගතවන අතර සමහර ප්‍රභේදවලට ඊට වඩා කල්ගත වේ.

ආර්ථික ජීවිත කාලය බීජ පැළයකින් බිහිකරගත් ගසක නම් වසර 10කින් පමණ උදාවී වසර 25 - 30 පමණ පවතින අතර බද්ධ පැළයකින් බිහිකරගත් ගසක නම් වසර 7ක දි පමණ ද ආර්ථික ජීවිත කාලය උදාවී වසර 25 - 30 පමණ පවතී.

මල් පිපුණු ශාකයක්

නමුත් තත්ත්වය සත්‍ය වශයෙන්ම රඳා පවතින්නේ එම වගාවන් නඩත්තු කරන ආකාරය මතයි.

හොදින් මේරූ දොඩම් ගෙඩි නෙළීම පිළිගත් ක්‍රම වේදයයි. නමුත් දොඩම් ඉදෙන තුරු ගසේ පවත්වා ගත හැකිය. නමුත් විවිධ කෘමි හානි ඇති වීමෙන් යුෂයේ අඩංගු සීනි හා අම්ල ප්‍රමාණය අඩුවීම නිසා මේරූ දොඩම් ගෙඩි නෙළා ගැනීම වඩා සුදුසුය.

ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රදේශවල දොඩම් ගෙඩි කොළ පාට වුවද උඩරට හා අතරමැදි කලාප වලදි ඒවා ස්වාභාවික දොඩම් පැහැයට හැරීම සිදු වේ.

පැසුණු ඵල දරන ශාකයක්

දොඩම් ගසේ පොත්ත කොළ පාට සිට දොඩම් පැහැයට පරිවර්තනය වීමට නම් ගෙඩි මෝරන කාලයේ දි දිවා උෂ්ණත්වය සහ රාත්‍රි උෂ්ණත්වය අතර පරතරය සෙ.ඟ්‍රේ අංශක 10ට වඩා වැඩි වෙනසක් දිර්ඝ කාලයක් පුරා තිබිය යුතුය.
එමෙන්ම යුෂයේ රසය හා සුවඳ වැඩි වීමට නම් ගෙඩි මෝරන අවධියේ දි පස වියළී තිබීම වැදගත්ය.
ජල සම්පාදනය දෙසතියකට නවතාලීමෙන් දොඩම් ගෙඩිය හොදින් මෝරා ඒවාට උසස් ගුණාත්මයක් ලබා ගැනීමට උපකාරී වේ.

රස ගුණ පිරි පැණි දොඩම්

කෙසේ වුවද ගෙඩි වැඩෙන කාලයේ දි මනා ලෙස පසේ තෙතමනය අවශහය වෙයි. එවිට ගෙඩිය තුළ උපරිම ලෙස යුෂය පිරෙන අතර දිප්තිමත් තුනී පොත්තක් සහිත විශාල ගෙඩි නිපදවා ගත හැකිය.

ප්‍රධාන දොඩම් අස්වනු වාරය පෙබරවාරි මාර්තු වන අතර ජූනි, ජූලි, අගෝස්තු මාස වලදි ද දොඩම් අස්වැන්න ලැඹේ. මාස 2 - 3 ක වියළි කාලයකට පසුව එලඹෙන වර්ෂාවත් සමඟ දොඩම් ගෙඩි හට ගැනීම ඊට හේතුවයි.
හොදින් වැඩුණු නිරෝගී දොඩම් ශාකයකින් වසරකට ගෙඩි 300 - 400 ක් පමණ ලබාගත හැකිය.

රස ගුණ පිරි පැණි දොඩම්

පෙ.ව. 10 ප.ව. 03 දක්වා කාලය තුල අස්වනු නෙලීම වඩාත් සුදුසුය. (මේ කාලයේදී පැඟිරි ග්‍රන්ථි වලින් පැඟිරි පිටවීම අඩුය.)

නටුවේ ඉහළින් ගෙඩි වෙන්කර ගන්න. (අඹ කෙක්ක භාවිතා කරන්න)

නෙලාගත් ගෙඩි වල නටුව ඉතා කෙටට සිටින සේ පිහියෙන් වෙන් කරන්න. කොළ කිහිපයක් නටුවට සවිවන සේ නොකඩන්න.

උදය වරුවේ නෙළාගත් දොඩම් ගෙඩි සෙවනේ තබා ගෙඩිවල විශාලත්වය අනුව ශේණිගත කරන්න.

ගෙඩි කැඩීමේදිත් හැසිරවීමේදිත් පොත්තට තුවාල නොවීමට වගබලා ගන්න.


නොමේරූ ගෙඩි නෙලීමෙන්

නෙමේරූ ගෙඩි වල යුෂ අඩුය, රස අඩුය.
කල් තබා ගැනීමේ හැකියාව දුර්වලය.
පරිහරණය කිරීමේදී සීරීම් තැැලීම් ඉතා වැඩිය.
ආකර්ෂණීය පෙනුම අඩුය. පැඟරි ග්‍රන්ථි වල සිදුවන හානි නිසා ලෙල්ලේ දුඹුරු පැහැති ලප ඇති වේ.
දිලීර නිසා කුණුවේ.


අස්වනු නෙලීමේදී සැලකිලිමත් වන්න

නිසි ආකාරව මේරූ ගෙඩි නෙලීම සිදු කරන්න.
ගෙඩියේ විශාලත්වය වැඩි වීම.
ගෙඩි වල වර්ණය තද කොළ පැහැයෙන් ලා කොළ පැහැයට හැරීම.
ගෙඩියේ ඇති මෘදු බව ලෙල්ල තුනී වීම.
යුෂ ප්‍රමාණය වැඩි වීම හා පැහැපත් වර්ණයක් ඇති වීම.



දොඩම් ගෙඩි නෙලීමේන් පසු ඉදිම පමා වීම දක්නට ලැබේ. ඒ නිසා උසස් තත්ත්වයේ දොඩම් ගෙඩි නෙලාගත් විගසම වෙළඳපලට යැවීම සුදුසුය. එම ගෙඩිවලට මනා ලෙස වාතාශ්‍රය ලැබෙන සේ අසුරා තිබිය යුතුය. ඒ නිසා පෙට්ටිවල සිදුරු ඇති කරන්න. සති කිහිපයක් ගබඩා කිරීමට අවශහය නම් සෙ.ඟ්‍රේ අංශක 10 - 12 යටතේ සිසිල් කාමරවල ගබඩා කළ හැකිය.

සකසන ලද දොඩම් අස්වැන්නක්

රෝග හා පළිබෝධ

බැක්ටීරියා රෝග

පිළිකා හා හොරි රෝගය  Xanthomonas citri

  • රෝග ලක්ෂණ කොළ, අතු රිකිලි හා ගෙඩිවල ඇති විය හැක.
  • කුඩා පැළ වැඩි වශයෙන් මෙම රෝගයට ගොදුරු වේ.
  • දුඹුරු පැහැ රවුම් කැලැල් වටා තද කහ පාට වූ ප්‍රදේශ හට ගනී.
  • මෙවැනි කැලැල් පත්‍රෙය් දෙපසම හට ගන්නා නිසා පත්‍ර විකෘති හැඩයක් ගනී.
  • ගස් දුර්වල වේ.
 

රෝගී ඵල සහිත ශාකයක්


මර්දනය

  • ගස්වල රෝගී අතු ඉවත්කර පුළුස්සා විනාශ කිරීම
  • සුදුසු තඹ අඩංගු දිලීරනාශකයක් යෙදීම
  • දිලීරනිශක යෙදීමෙන් පසු අනිකුත් රෝගවලින් ද ආරක්ෂා කරගත් විට පිළිකා රෝගයට පාත්‍රවීම අඩුකර ගත හැකිය.
  • පලිබෝධ හානි අවම කිරීම
  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • වගාව දිරිමත්ව පවත්වාගෙන යාම

රෝගී වූ පැළයක්





රක්ත පටල රෝගය Corticium salmonicolor
  • වර්ෂාව ආරම්භ වීමත් සමඟ පැතිරී යාම සිදු වේ.
  • රෝගී අතුවල පත්‍ර කහපාට වී හැලී යයි.
  • පත්‍ර හැලී ගිය රිකිලි පසු මැරීමට භාජනය වේ.
  • ප්‍රධාන කඳේ හා අතුවල කඳේ පොත්ත මත රෝස පාට කුඩු ආකාරයට දිලීර බීජානු ඇති වේ.
  • දිලීරය මඟින් ගසේ ඉහළට ජලය ගමන් කිරීම වැළැක්වීම නිසා රෝගය හටගත් ස්ථානයෙන් ඉහළ කොටස මැරී යයි.
  • ප්‍රධාන කඳට රෝගය වැළඳුන විට සම්පූර්ණ ගසම මිය යා හැකිය.

 රෝගී වූ පත්‍රයක්
 
මර්දනය
  • රෝගී අතු කප්පාදු කර එම කොටස් පුළුස්සා දමන්න.
  • කැපුම් තුවාලවලට දිලීරනාශක ආලේප කරන්න.
  • වගාවට තඹ අඩංගු දිලීරනෘශක ඉසින්න.
  • අනවශ්‍ය අතුපතර ඉවත් කර සාපේක්ෂ ආර්ද්‍රතාවය අඩු කිරීම.
 
 
රෝගී අතු කප්පාදු කර දිලීර නාශක ආලේප කිරීම






මැලියම් වෑස්සීම Phytophthora citrophthora

මෙය ශ්‍රී ලංකාවේ පැඟිරි බෝග වගාවට විශාල ලෙස හානි කරන රෝගී තත්ත්වයකි. මෙය දිලීර වර්‍ග නිසා මෙන්ම විදුලි කෙටීම හා සුළං මඟින් සිදුවන හානි නිසා ද දැඩි හිරුරැස් කඳ මතට වැටීම නිසා ද හටගනී.
 
  • කඳෙහි පොත්ත පුපුරා මැලියම් වෑස්සේ.
  • පසුව පොත්ත ගැලවී වියළී යයි.
  • ගස ක්‍රමයෙන් දුර්වල වී යයි.
  • බොහෝ විට කඳෙහි අතු බෙදී ඇති ස්ථානවල ගම් වෑස්සීම දැකිය හැක.
  • අවසානයේදී මුළු අත්තම හෝ ගසම මියයා හැකිය.
 ක‍දෙහි පොත්ත පුපුරා ඇති ශාකයක්
 

මර්දනය

  • ගොම සමඟ මිශ්‍ර කර දිය හුණු කඳේ ආලේප කිරීම
  • මඳ වශයෙන් සෙවන සැපයීම
  • තඹ අඩංගු දිලීර නාශකයක් පාප්පයක් ලෙස සකසා රෝගී අතුමත ආලේප කිරීම.
  • දරුණු ලෙස රෝගයට ගොදුරු වූ අතු කපා ගිනි තබන්න.
  • රෝගය හටගත් පසු බෝඩෝ මිශ්‍රණය යෙදීම.
  • නමුත් ලංකාවේ බහුලවම දැකිය හැක්කේ දැඩි හිරු රැස් නිසා ඇතිවන මැලියම් වෑස්සීමේ තත්වයයි.
 
රෝගී කොටස් කප්පාදු කිරීම







කබොලු රෝගය Sphaceloma forest

  • පත්‍ර, රිකිලි හා ගෙඩිවල අක්‍රමවත් හැඩැති කබොලු ඇති වේ.
  • මෙම කබොලු කහ දුඹුරු පැහැතිය.
  • මෙම පුල්ලි තනිව හෝ සමූහයක් ලෙස ඇතිවිය හැකිය.
  • ස්පර්ෂ කල විට ඒවා මතු පිට නෙරා ඇති බව දැනෙයි.
  • පත්‍ර හැලී යාම රිකිලි පසු මැරීම සිදු වේ.
  • ගෙඩිවල විකෘති වීම සිදුවන අතර ගස ඉතා දුර්වල වෙයි.
  • සමහර විට ශාකය මිය යා හැකිය.

රෝගී පත්‍රයක්

මර්දනය

  • ආසාදිත කොටස් කප්පාදු කර පුළුස්සා දැමීම
  • තඹ අඩංගු දිලීර නාශකයක් කොළදාව තෙමෙන සේ ඉසින්න.

රෝගී ඵලයක්


පිටිපුස් රෝගය Oidium nephalea

  • ළපටි පත්‍රවලට වැළඳේ.
  • වර්ෂා කාලයේදී බහුල වේ.
  • ළපටි පත්‍ර මත අළු විසිරී ඇති ආකාරයට සුදු පැහැයට හුරු අළුපාට දිලීරය දැකගත හැකිය.
  • කුඩා පත්‍ර හැකිලී විකෘති වී යයි.
  • ආසාදනය වූ රිකිලි මත ද අළු පැහැයක් දැකිය හැක.
  • පත්‍ර අකාලයේ හැලී යයි.
  • රිකිලි පසු මැරීමට භාජනය වේ.

රෝගය වැළදුණු පත්‍ර

මර්දනය

  • ගසට හොඳින් හිරු එළිය ලැබීමට සලස්වන්න.
  • හැලීගිය පත්‍ර එකතු කර ගිනි තබන්න.
  • තඹ අඩංගු දිලීර නාශකයක් ගසට යොදන්න.

රෝගය වැළඳුන ලපටි දල්ලක්


පාදස්ථ කුණුවීම Phytophthora Spp. Fusarium Spp.

  • කඳ පාමුල පොත්තට හට ගනී.
  • පොත්ත කුණුවී ගසේ මුල් වලට පෝෂණය නොලැබී යයි.
  • මේ නිසා මූල මණ්ඩලය දුර්වල වී ගස ක්‍රමයෙන් පරිහානියට පත්වී අවසානයේ මිය යයි.
  • කඳේ පොත්තට තුවාල වූ විට මෙම රෝගී තත්වය ඇති වේ.
  • පසේ තෙතමනය වැඩි වූ විට ද මෙය ඇති විය හැක.

මර්දනය

  • කඳේ පොත්තට හානි නොවන සේ මර්ධනය කිරීම.
  • පසේ ජලවහනය දියුණු කිරීම.
  • තඹ අඩංගු දිලීර නෘශක යෙදීම.

රෝගය වැළදුන ශාකයක්


ට්‍රිස්ටෙසා වෛරස් රෝගය

  • බද්ධ ගස්වලට පමණක් හටගනී.
  • බීජ මඟින් රෝගය පැතිරීමක් සිදු නොවේ.
  • බද්ධ සන්ධි ස්ථානයේ පොත්තට හට ගන්නා අතර හට ගන්නා අතර පොත්තේ ඇති ආහාර පරිවහනය කරන නාල අවහිර කරයි.
  • මේ නිසා ගසේ මුල් වලට ලැබෙන පෝෂණය නොලැබී යාමෙන් මූල මණ්ඩලය දුර්වල වේ.
  • ගසට පෝෂණය උරා ගැනීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවී පත්‍රවල විවිධ ඌණතා ලක්ෂණ දැකිය හැකි වේ.
  • ළපටි පත්‍රවල නාරටි පළමුව කහපාට වේ.
  • පත්‍ර කුඩා වේ. විකෘති වී පත්‍ර හැලීයාම සිදුවේ.

වෛරස් රෝගය දරුනු ලෙස වැළඳුන ශාකයක්

  • කුඩා රිකිලි විශාල ලෙස හට ගැනීම ඒවා පසු මැරීම.
  • කොළදාව අඩු වීම
  • ගස සම්පූර්ණයෙන්ම කහ පැහැයට හැරීම සහ දුර්වල වීම
  • ක්‍රමයෙන් ජල හිඟ ලක්ෂණ පෙන්වා දුර්වල වීම, හදිස්සියේ මල් ඵල හට ගැනීම හා පසුව ගස මිය යාම
  • කළු කූඩිත්තන් හා වෙනත් කූඩිත්තන් කිහිප වර්ගයක් මඟින් රෝගය පැතිරේ.
  • රෝගී ගස්වල කඳේ සහ අතුවල ඇතුල් පොත්තේ දික් අතට සිදුරු හටගනී.
  • මෙම රෝගී ගස් ඉක්මනින් මැරී නොයන අතර හොඳින් පාලනය කරන්නේ නම් යම් තරමක් දුරට නඩත්තු කර අස්වැන්නක් ද ලබාගත හැක.

පත්‍ර වල දක්නට ලැබෙන කළු කූඩිත්තන්


මර්ධනය

  • රෝගයට ඔරොත්තු දෙන ග්‍රාහක තෝරාගෙන බද්ධ පැළ නිපදවන්න.
  • රෝගයට ඔරොත්තු දෙන දේශීය වර්‍ග වගා කරන්න.
  • රෝගය වැළඳී ඇති ගස් ගලවා පුළුස්සා දමන්න.
  • රෝගය පතුරවන කූඩිත්තන් මර්ධනය කරන්න.

රෝගය වැළඳුනු ඵල

  • රෝගය වැළඳීගෙන එනවිට වැඩිපුර කාබනික පොහොර යෙදීම හා දියර පොහොර යෙදීම.
  • හොඳින් පසේ තෙතමනය පවත්වාගෙන යාම මඟින් ගස දුර්වල වීම අඩුකර ගත හැකිය.
  • වාහකයින් පාලනය.
  • රෝගී ශාක ගලවා විනාශ කිරීම.
  • රෝගයට ඔරොත්තු දෙන ග්‍රාහක බද්ධ කිරීමේදී යොදා ගැනීම.

හීන් නාරං, රෆ් ලෙමන්

යෙදීමට සකස් කරන ලද කාබනික ද්‍රව්‍ය

කෙළවන් වීම (Greening)

  • මෙයද වෛරස් හෝ මයිකොප්ලාස්මා රෝගයකි.
  • කොළවල කොළ පැහැති පුල්ලි ඇති වේ.
  • ගස දුර්වල වේ.
  • ගස මැලවී යයි.
  • ගෙඩි හැලී යයි.
  • අවසානයේ ගස මිය යයි.

 

මර්දනය

  • ට්‍රිස්ටෙසා වෛරස් රෝගය මෙනි.

 රෝගී හා නිරෝගී පත්‍ර, ඵල

 

ඌනතා රෝග

  • ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් දැකිය හැක්කේ සින්ක් ඌණතා රෝගයයි.
  • විශේෂයෙන් නාරං වර්ග වල මෙම ඌනතාවය දැකිය හැක.
  • සින්ක් ඌනතාවය ඇති වූ ගස්වල ගෙඩි හට ගැනීම සීග්‍ර ලෙස අඩු වේ.
  • පස වියළීමේදී පසේ ඇති සින්ක් ගසට ලබාගත නොහැකි තත්වයට පත්වීමෙන් ඌණතාවය ඇතිවේ.


රෝග පාලනය

  • සින්ක් සල්පේට් ග්‍රෑම් 25 -30 ක් ජලය ලීටර් 15 – 16 ක දියකර වර්ෂයකට දෙවරක් ගසට ඉසීමෙන් ඌනතාවය මගහරවා ගත හැක.

 

සින්ක් ඌනතාවය ඇති ශාකයක්

පිළිල ශාක

  • ගස්වල කඳන් මත වැඩෙන පිළිල වගාවට විශාල ලෙස හානි කරයි.
  • කුරුල්ලන් පිළිල ශාකවල ගෙඩි කෑමෙන් බීජ ඔවුන්ගේ හොටයේ තැවරේ.
  • ඔවුන් වෙනත් ගසකට ගොස් හොටය ඇතිල්ලීමේදී එම ගසේ පිළිල ශාක බීජ තැන්පත් වේ.
  • පසුව මෙම බීජ පැළවී කඳ මත වැඩේ.
  • මෙම ශාකවල කොටස් ධාරක ශාකයේ කඳ තුළට වැඩී එයට අවශ්‍ය ජලය හා ඛණිජ ද්‍රව්‍ය ධාරක ශාකයෙන් ලබාගනී.
  • මේ නිසා ධාරක ශාකය දුර්වල වී පරිහානියට පත්වේ.

පිළිල කඳ මත වැඩී ඇති ආකාරය

රෝග පාලනය

  • පිළිල ශාක හටගත් අතු කපා ඉවත් කිරීම.
  • පිළිල ශාක ගලවා ඉවත් කිරීම.

පිළිල කඳ මත වැඩී ඇති ආකාරය



කෘමි හානි
පැඟිරි සමනළයා (දෙහි සමනළයා) Papilio demoleus
  • වැඩුනු සතා දර්ශනීය සමනළයෙකි.
  • ගැහැණු සතා ළපටි පත්‍ර, දළු මත බිත්තර දමයි.
  • බිත්තර පුපුරා එන දළඹුවන් ළපටි පත්‍ර හා රිකිලි ඉතා වේගයෙන් ආහාරයට ගෙන විනාශ කර දමයි.
  • දළඹුවන් කුඩා කළ දුඹුරු පැහැතිය.
  • හොඳින් වැඩුණු දළඹුවන් කොළ පැහැතිය.
  • වැඩුණු දළඹුවෙකු සෙ.මී. 3 -5 ක් පමණ විශාලය.

වැඩුනු දර්ශනීය සමනළයා


මර්දනය

  • බිත්තර හා දළඹුවන් දින දෙක තුනකට වරක් අතින් අහුලා විනාශ කිරීම.
  • වගාව පිළිබඳ සුපරික්ෂාකාරීව සිටීම
  • අවශ්‍ය වුවහොත් සරල කෘමිනාශකයක් ඉසීම

 

බිත්තර හා දළඹුවා

පත්‍ර කනින්නා Phyllocnistis citrella

  • මි.මී. 2ක් පමණ දිග රිදී පාටැති ඉතා කුඩා සළඹයෙකි.
  • ගැහැණු සළඹයා පත්‍ර හා අංකුර මත බිත්තර දමයි.
  • පත්‍ර මත දැමූ බිත්තර පුපුරා එන කීටයා පත්‍රවල උච්චර්මයට යටින් පත්‍රය ආහාරයට ගනිමින් ගමන් කරයි.
  • විශේෂයෙන් ළපටි පත්‍රවල රිදීවන් ඉරි ආකාරයට මේ හානිය දිස්වෙයි.
  • පත්‍ර හැකිලී රැලි ගැසී විකෘති වෙයි.

 

සුහුඹුල් පත්‍ර කනින්නා


මර්ධනය

හානි වූ පත්‍ර ඉවත් කිරීම.

  • විලෝපික කෘමීන් මඟින් ස්වභාවිකව පාලනය වේ.
  • ගසේ දළු දිග හැරෙන විට සුදුසු කෘමිනාශකයක් ඉසින්න.
  • ළපටි දළු දිග හැරෙන විට සුදුසු කෘමිනාශකයක් ඉසින්න.
  • කොහොඹ ඇට නිස්සාරකය- අළුත් කොහොඹ ඇට ග්‍රෑම් 40 ක් වතුර ලෟටරයකට.
  • ඇබමෙක්ටීන් 50g/L CC - මිලි ලීටර 6 ක් වතුර ලීටරයක දියකර ඉසින්න.

 

පත්‍ර කනින්නා දරුණු ලෙස හානි කල පත්‍රයක්


කළු කූඩිත්තා Toxoptera aurantii

  • ළපටි කඳ කොටස් හා පත්‍රවල යටි පැත්තේ රාශි වශයෙන් දක්නට ඇත.
  • යුෂ උරා බීමෙන් ගසට හානි කරයි.
  • යුෂ උරාබීම නිසා පත්‍ර කුඩාවී විනාශ වී යයි.
  • ට්‍රිස්ටෙසා වෛරස් රෝගය පතුරුවාලන වාහකයා ලෙස ද ක්‍රියා කරයි.

 

මර්දනය

තයො‍මෙතොක්සාම් 25%WG ග්‍රෑම් 3 ක් වතුර ලීටර 10ක දියකර ඉසින්න.
ඉමිඩැක්ලොප්‍රිඩ් 70%WG ග්‍රෑම් 1.3ක් වතුර ලීටර 10ක දියකර ඉසින්න.

 

ළපටි කඳ කොටස් වල සිටින කූඩිත්තන්


කොරපොතු කෘමීන්

  • විශේෂ ගණනාවක් ඇත.

            Aspidiotus destructar

            Coccus virids

            Saissetia nigra

  • පතුවල යටි පැත්තේ, ළපටි රිකිලි හා ගෙඩි මත ජීවත් වේ.
  • යුෂ උරා බීමෙන් ගසට හානි කරයි.
  • මේ නිසා පත්‍ර හා රිකිලි කහ පාටවී යයි.
  • පත්‍ර කුඩාවී මිය යයි.
  • ගෙඩි කුඩා වෙයි.

මර්දනය

         පත්‍ර මත සිටින කූඩිත්තන්


පලතුරු මැස්සා Bractocera kandiensis

  • විනිවිද පෙනෙන පියාපත් සහ කහ පැහැ හිසක් සහිත කෘමියෙකි.
  • බොහෝ විට පැසුනු ගෙඩිවලට හානි කරයි.
  • ගෙඩි සිදුරු කර බිත්තර දමයි.
  • බිත්තර වලින් පිටවන කීටයන් නිසා හානිය සිදුවේ.
  • හානියට පත් ගෙඩි අතින් තදකල විට සතුන් සිදුරු කර ඇති ස්ථාන වලින් යුෂ පිටතට පැමිණේ.
  • හානිය නිසා ළපටි ගෙඩි හැලී යයි.
  • තරමක් මෝරා ඇති ගෙඩි තුළ ඉහඳ පණුවන් දැකගත හැකිය.
  • හානියට පත්වූ ගෙඩි ගබඩා කර තැබූ විට කීටයා ගෙඩියට ගමන් කළ ස්ථානයෙන් කුණුවීම ආරම්භ වේ.

මර්දනය

  • ගස් යට වැටී ඇති ගෙඩි එකතුකර පොලිතීන්ව බෑගයට එකතුකර කට තදින්ල ගැටගසා අව්වෙ තබන්න.
  • මීතයිල් ඉයුජිනෝල් (පලතුරු මැස්සාගේ පෙරොමෝන) නැමැති රසායන ද්‍රව්‍ය සහිත උගුල් ක්ෂේත්‍රෙය් තැනින් තැන තැබීම.
  • ප්‍රොටීන ඇම කෘමිනාශකයක් සමග මිශ්‍ර කර ගසක ස්ථානීයව යෙදීමෙන්

මීතයිල් ඉයුජිනෝල් උගුල



ඵල විදින සලඹයින් Othreis fullonia (Eudocima fullonia)

සුහුඹුල් සළඹයා












රතු දුඹුරු පැහැ කීටයා


පැණි දොඩම් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු