අප ගැන

පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ලෙස 2001 ජනවාරි 01 වන දින හොරණ පිහිටි උද්‍යාන බෝග ගොවිපොලෙහි පිහිටුවන ලද මෙම ආයතනය 2013 වර්ෂයේදී පලතුරු පර්යේෂණ හා සන්වර්ධන ආයතනය බවට පත් විය.අක්කර 300 භුමියකින් යුත් මෙම ආයතනය මැනවින් ස්ථාපිත පලතුරු උයන් හා කඳු මුදුන් වපහත රට තෙත් කලාපයට වැදගත් වන්නාවූ පලතුරු බෝග 20ක පමණ පර්යේෂණ කටයුතු මෙම ආයතනය මගින් කරනු ලබන අතර ඉන් රඹුටන්, මැන්ගුස්ටීන් , දුරියන් ,පේර ,වැල්දොඩම් ,අනෝදා ,කෙසෙල් අන්නාසි ප්‍රධාන තැනක් ගනී .කෘෂි පර්යේෂකයින්
හා සහයක කර්ය මණ්ඩලයක දායකත්වයෙන් විවිධ විෂයන් යටතේ පර්යේෂණ සිදු කෙරේ .මෙම ආයතනය ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සිදු කරන විශාල ප්‍රමාණයක පැල තවනකින්ද සමන් විතය .ලින් සංරක්ෂිත වන ලැහැබකින් සමන්විතය.
මීට අමතරව බහුවාර්ෂික පලතුරු බෝග වල වඳ වීගෙන යන විශේෂ හා ප්‍රභේද අදිය එකතුවක් ලෙස එකම භූමියක විද්‍යාත්මක සැලැස්මකට කලාත්මක සංකලනයක් යොදා ගනිමින් පවත්වාගෙන යන ජෛව විවිධත්ව උයනකින් ද සමන්විත වේ .
-
ප්‍රධාන පලතුරු බෝග සඳහා කාර්යක්ෂමව හා පරිසර හිතකාමි, තිරසාර හා ආර්ථිකමය වශයෙන් වාසිදායක නිෂ්පාදන හා අස්වනු නෙලීමේ හා සැකසීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීම.
-
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ව්‍යාප්ති සේවා සංවිධාන සමඟ සහයෝගිතාවයෙන් තාක්ෂණ ප්‍රචලිත කිරීම
-
මෙරට ප්‍රධාන පලතුරු නිෂ්පාදකයකු බවට සහ පලතුරු නිෂ්පාදනය ලාබදායි ව්‍යාපාරයක් බවට පත් කිරීම සඳහා අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන සමඟ සහයෝගීව කටයුතු කිරීම.
වැඩිදුර විස්තර සඳහා
අධ්යක්ෂ ,
පලතුරු පර්යේෂණ සහ සංවර්ධන ආයතනය
කනන්විල්ල
හොරණ .
දුරකථන - +94 342261323
ඊ මේල් - doadfrd@gmail.com
|
අධ්යක්ෂ |
|
නියෝජ්‍ය අධ්යක්ෂ (පර්යේෂණ) |
Tel – 034-2261323
E mail - doadfrd@gmail.com