දූරියන් ( Duriyan)



ද්භිද විද්‍යාත්මක නාමය - දූරියෝ සිබතිකස් (Duriozibethius Murray)
කුලය - බොම්බකාසියේ (Bombacaceae)
නිර්දේශිත ප්‍රභේද

ප්‍රභේද



කසුන්



  • මදුලේ ස්වභාවය වරකා ආකාරය.
  • එහි පැහැය කහ පැහැතිය.
  • ගෙඩියක සාමාන්‍යබර කිලෝ ග්‍රෑම් 16කි.
  • පාරිභෝගික රුචිකත්වය ඉහලයි.

අඹතැන්න


  • මදුලේ ස්භාවය වරකා ආකාරය
  • මදුල ක්‍රීම් පාටයි.
  • ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.5
  • පාරිභෝගික රුචිකත්වය ඉහලයි.

හොරණ ගෝල්ඩ්



  • අනෙකුත් ප්‍රභේදයන්ට සාපේක්ෂව ඵල විශාල වේ.
  • ඵලයක සාමාන්‍ය බර කි.ග්රෑම් 2.5 පමණ වේ.
  • ඹ්වලාකාර හැඩයකින් යුක්ත වේ.
  • ඵල කහ මිශ්‍ර හෝ ලා කොළ පැහැයෙන් යුක්තයි .
  • මාංශලය කහ පැහැයෙන් යුක්ත අතර ඝනකම් වේ. ඒසේම මාංශලය මධ්‍යස්ථ තද බවකින් යුක්තයි.
හොරණ ජම්බෝ


  • මෙම ප්‍රභේදයේ ඵල විශාල බවකින් යුක්තය
  • ඵලයක සාමාන්‍ය බර කි.ග්රෑම් 2.8 පමණ වේ.
  • තරමක් රවුම් හැඩයකින් යුක්ත වේ.ගෙඩි දාර බේරුනු ස්වාභාවයක් හට ගයි.
  • ඵල කොළ දුඔුරු පැහැයෙන් යුක්තයි .
  • මාංශලය ඉතාම වැඩිය ඝනකම්ය. ඒසේම මාංශලය මධ්‍යස්ථ තද බවකින් යුක්තයි.
  • පුහු බීජ අධිකයි.
ගන්නෝරුව ස්වීට්



  • ඵලයක සාමාන්‍ය බර කි.ග්රෑම් 2 - 4.5 පමණ වේ.
  • මදයේ වර්ණය කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනී.
  • පැණි රස ගතිය වැඩිය.
  • මාංශලය ඝනකම වැඩිය. ඒය සෙ.මී.1.5 - 1.9 ත් අතර වේ.
  • ගෙඩිය පහසුවෙන් පලා මදය ඉවත් කර ගත හැක.මදය ඝනකම වැඩි නිසා මදුලු වල හැඩය වෙනස් වීමකින් තොරව ඉවත් කර ගත හැක.
  • බද්ධ පැළ සිටුවා වසර 6-7 කින් අස්වනු ලබා දීම අාරම්භ වේ.
දේශගුණික අවශ්‍යතා හා පස
වගා කළ හැකි දේශගුණික කලාප හා පාංශු තත්ත්වයන්
පහතරට හා මැදරට තෙත් කලාපයේ හොදින් වැඩෙන දූරියන් සඳහා වර්ෂය පුරා වැඩි ආර්ද්‍රතාවයක් අවශ්‍ය වේ. තෙත් කලාපයේ දිස්ත්‍රික් අතරින් ප්‍රධාන වශයෙන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, රත්නපුර, මාතර සමහර ප්‍රදේශත් නුවර, මාතලේ, කෑගල්ල ආශ්‍රත ප්‍රදේශ දූරියන් වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ. සාර්ථක දූරියන් වගාවක් සඳහා උෂ්ණත්ව පරාසය වනුයේ 27oC - 30oC වේ. එමෙන්ම 75% - 80% ආර්ද්‍රතාවයක් මනා වර්ධනයක් සඳහා අවශ්‍ය වේ. දූරියන් වගාව සඳහා යෝග්‍ය උච්ඡත්වය වන්නේ මීටර් 50 - 600 දක්වා වන අතර ඉහළ උච්ඡත්ව වලදී ගෙඩියේ ගුණාත්මයට හානි විය හැකිය. දූරියන් වගාව සඳහා යෝග්‍ය වර්ෂාපතනය වන්නේ මිලි මීටර් 2000 - 5000 ය. වසරකට මාස 9 සිට මාස 11 දක්වා තෙත කාළගුණයක් පැවතිය යුතුය. හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය හොඳින් අඩංගු ගැඹුරු වැලි ලොම් පසක් ඉතා සුදුසු වේ. පොළොව මතුපිට සිට අවම වශයෙන් මීටර් 2 ක් වත් ගැඹුරින් භූගත ජල මට්ටම පිහිටීම සාර්ථක වගාවක් සඳහා වැදගත් වේ.
 
බිම් සැකසීම

බිම් සැකසීම

දූරියන් බෝගය පසෙහි තෙතමනයට සංවේදීතාවයක් දක්වන අතර සුදුසු ජලවහන ක්‍රම සැකසීමෙන් සාර්ථක වර්ධනයක් ලබාගත හැක. බෑවුම් බිමක නම් සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. තවද වර්ධනය වන මුල් අවධියේදී පාංශු ඛාදනය වැළැක්වීම සඳහා මූල පද්ධතියට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහාත් ඉංග්‍රීසි ‘’D” අක්ෂරයෙහි ආකාරයට හෙල්මලු සකස් කල හැක.

පරතරය

පැළ අතර මීටර් 10 හෝ 12ක් පරතර වූ විට හෙක්ටයාරයට පැළ100-70 පමණ පැළ ප්‍රමාණයක් අවශ්‍ය වේ.

රෝපණ ද්‍රව්‍ය
ප්‍රචාරණය



දූරියන් පැළ ප්‍රචාරණයට බීජ මඟින් හා බද්ධ කිරීම මඟින් ලබාගත හැකිය. බීජ පැළ වර්ධනය අධික බැවින්ද අස්වනු ලබාදීමට ගතවන කාලය වැඩි බැවින් හා ලැබෙන ඵල වල ගුණාතමය වෙනස් වන බැවින්ද වාණිජ වගාවක් ලෙස භාවිතා කිරීමට නුසුදුසුය.
අවුරුදු 4 - 5 ක් වැනි කෙටි කාලයක් තුලදී ඵල ලබා ගත හැකි බැවින්ද අනුජය ලබාගන්නා ගසේ ඵල වල ගුණාත්මයට සමාන ගුණාත්මයෙන් යුත් ඵල ලැබෙන බැවින් පහළ සිට තිරස් අතට පැතිරෙන අතුවල ඵල හටගන්නා බැවින්ද වාණිජ වගාවන් සඳහා බද්ධ දූරියන් පැළ යොදාගනු ලැබේ.



වගා පිළිවෙත්
පරතරය

මීටර් 10 x 10 වේ.

මීටර් 10 x 07 පරතරයට සිටුවීමෙන් බිම් කොටසක ඇති පැළ ගණන වැඩි කර ගත හැකිය.

පැළ සිටුවීම

 

වාණිජ වගාවකදී නිර්දේශිත වර්ග කීපයක් මිශ්‍රව වගාකිරීම සුදුසුවේ. මෙහිදී පැළ වගා බිමේ ස්ථාපනය කරන විට මාරුවෙන් මාරුවට සිටුවීම වඩා ඵලදායී වේ.

මීටර් 1 x මීටර් 1 x මීටර් 1 ප්‍රමාණයේ වළක් පැළ සිටුවීමට සති 4කට පමණ පෙර සැකසිය යුතුයි. කොම්පෝස්ට් මතුපිට පස් 1:1 මිශ්‍රණයෙන් වල පිරවිය යුතු අතර පසේ ආම්ලිකතාව PH අගය 5.5ට වඩා අඩුවේනම් වලකට ඩොලමයිට් 500g ක්  ද ඉහත මිශ්‍රණයට එකතුකරන්න.   පසුව පොළව මට්ටමේ සිට 25-30Cm උසට මුදුන් කර  එහි මුදුන කූඤ්ඤයකින් සලකුණු කළ යුතුයි. සති 2-3 මෙසේ තිබෙන්නට  හැර පැළ සිටුවීමට දින 2-3 කට පෙර මූලික රසායනික පොහොර එයට මිශ්‍ර කරන්න. 


 
පැළ සිටුවා එය වටා පිඳුරු, කාබනික වැනි ආවරණයක් යෙදීම සුදුසුය. පළමු වසර තුල 70 % ක් පමණ සෙවන ලබා දෙන දැලකින් පැළය වැසීම කළයුතු අතර පැළයේ වර්ධනය වේගවත් කිරීම සඳහා ජල සම්පාදනය වැදගත් වේ. වර්ෂාව නොමැති විට සතියකට වරක් ජලය සම්පාදනය කිරීම සුදුසුය.


                                                                                                පැලයට සෙවන සැපයීම

සිටුවා මුල් කාලයේ සිටම පැළ පුහුණු කිරීම ආරම්භ කළ යුතුය. බද්ධ පැළ වල ග්‍රාහකයෙන් පැණනගින රිකිළි ඉවත් කරන්න. පැළය කෙළින් එක කඳක් සේ වැඩීමට සලස්වා මීටර 10- 15 කින් අග්‍රස්ථය ඉවත්කරන්න. . එක ගසකට ගස වටා පැතිරුණු අතු 10 - 15 පමණ ඉතිරි කරන්න. අතු අතර පරතරය සෙන්ටි මීටර් 30  පමණ වන සේ ඉතිරි අතු කපා දමන්න.

වල් පැලෑටි පාලනය
කුඩා කාලයේදී පැළ වටා ඇති වල් අතින් උදුරා වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. වසුන් යෙදීමෙන්ද වල් පැළෑටි වලින් තොරව තබාගන්න. උදුළුගෑමෙන්ද මුල් වලට හානි සිදුවිය හැකි බැවින් අතින් පමණක් වල් නෙලන්න.

රසායනික පොහොර නිර්දේශය
තෙත් කලාපය සඳහා


ආකාරය හා යොදන කාලය වර්ගය
හුණු යෙදීම -      සිටුවීමට සති 02 කට පෙර සිටුවීමට සති 02 කට පෙර ඩොලමයිට්ග්‍රෑම් 500 ක් වලකට
කාබනික පොහොර යෙදීම -     සිටුවීමට සති 02 කට පෙර කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් කිලෝ ග්‍රෑම් 10 ක් වලකට
රසායනික පොහොර වර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකට
යොදන කාලය යුරියා TSP/ROP MOP  කීසරයිට්
සිටුවීමට පෙර   40 60/100 30 -
පළමු අවුරුද්ද මාස 4 වරක්   40 60/100 30 20  
02වන අවුරුද්ද මාස 4 වරක්   80 120/200 60 -
03වන අවුරුද්ද මාස 4 වරක්   160 120/300 120 40
04වන අවුරුද්ද මාස 4 වරක්   240 240/400 180  
05වන අවුරුද්ද සිට ඵල දරන තුරු   320 300/500 240 80
ගෙඩි හටගන්නා ගස් සඳහා          
1 වන අවුරුද්ද සහ 2 වන අවුරුද්ද          
ප්‍රධාන අස්වැන්න ගත් විට   750 485/800 500 100
මල් හටගැනීමෙන් පසු   250 485/800 500  
3 වන අවුරුද්ද සහ 5 වන අවුරුද්ද          
ප්‍රධාන අස්වැන්න ගත් විට   900 610/1000 650 150
මල් හටගැනීමෙන් පසු   300 610/1000 650  
6 වන අවුරුද්ද සහ 10 වන අවුරුද්ද          
ප්‍රධාන අස්වැන්න ගත් විට   1050 730/1200 800 200
මල් හටගැනීමෙන් පසු   350 730/1200 800  
11වන අවුරුද්දේ සිට          
ප්‍රධාන අස්වැන්න ගත් විට   1200 850/1400 950 250
මල් හටගැනීමෙන් පසු   400 850/1400 950  




ජල සම්පාදනය
ක්ෂේත්‍රයේ සිටවූ විගස පැළ වලට හොඳින් ජලය සැපයිය යුතුය. මුල් කාල වලදී ජල හිඟතාවක් නොවීමට වඟබලා ගත යුතු අතර වියළිකාල වලදී දින 2 කට වරක් ජල සම්පාදනය කරන්න. පස ඉක්මනින් වියළීයාම වළකාගැනීම සඳහා වියළි තණකොළ, පිඳුරු වැනි ද්‍රව්‍යකින් පැළය වටා සෙන්ටි මීටර් 10 - 15 ක් පමණ දුරක් තිබෙන පරිදි අතු විහිදී ඇති වපසරිය දක්වා වසුනක් යෙදීම සුදුසුය.

රෝග හා පළිබෝධ හානි

රෝග හා පළිබෝධ හානි
රෝග පාලනය

පයිටොප්තෙරා පාම්මෝරා නැමැති මෙම දිලීරය දූරියන් මුල්, කඳ, පත්‍ර හා ඵල වලට හානි කරයි. පැළය සිටුවීමේදී මනා ජල වහනයක් සහිත ස්ථානයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. කාබනික පොහොර භාවිතය, මනා ජල සම්පාදනය හා පොහොර යෙදීම මඟින් පැළ ශක්තිමත්ව තබා ගැනීමට හැකි වන අතර රෝගයට ඔරෝත්තු දීමේ හැකියාවද වැඩිවේ. රෝගී අතු හා රෝග ඵල ඉවත් කිරීමෙන් නිසි කප්පාදුවක් මඟින් ශාකයට හොඳින් හිරුඑළිය වැටීමට සලස්වා රෝගය පැතිරියාම පාලනය කරගත හැක.

කෘමි හානි පාලනය
කඳ විදින පණුවන් (Stem borer)

මොවුන් කඳ විද එය තුලින් ඉහළට ගමන් කරයි. එතැන් සිට අත්ත වියළී මැරී යයි. මෙහිදී අතු කපා පුළුස්සා දැමිය යුතුය.

කොරපොතු කෘමීන් (Scale insects)

වියළි කාල වලදී පත්‍රයේ යටි පැත්තේ බහුලව දැකිය හැකිය. යුෂ උරා බීම නිසා පත්‍ර මත කහ පැහැති ලප ඇති වේ. හානිය උග්‍රවූ විට පත්‍ර වියලුණු ස්වභාවයක් ගන්නා අතර පසුව පත්‍ර හැලී යා හැක.