RRDI

වී වගාව

වී ශාකයේ සම්භවය

වී පැළයේ සම්භවය කුමන කාලයක කුමන ප‍්‍රදේශයක සිදුවූවාදැයි පිළිබඳව නොයෙක් මතවාද පවතී. සමහර විද්‍යාඥයින් වී ශාකයේ පළමු සම්භවය චීනයේ යැයි විශ්වාස කළත් සමහරක් විද්‍යාඥයින් එය ඉන්දියාවේ සිදුව ඇතැයි විශ්වාස කෙරේ. කෙසේ වුවත් මේ වන විට වී වල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වී ඇතැයි අනුමාන කෙරේ. එසේ වුව ද විවිධ වී විශේෂ ඉන්දියාවේ, චීනයේ වගාකර ඇති බැව් වාර්තාවන නිසා වී වල සම්භවය ඒ රටවල ද ඇති වුවක් බව සිතීමට ද ඉඩ තිබේ. ඔරයිසා (Oryza)ඝනයට විශේෂ 22ක් ඇතුළත් වූව ද ඒවා අතුරින් වගාකරනු ලබන්නේ විශේෂ දෙකක් පමණි


1.Oryza sativa L. (ආසියානු වී කාණ්ඩය)
2.Oryza glaberrima steud. (අපි‍්‍රකානු වී කාණ්ඩය)

Oryza sativa විශේෂය Oryza rufipogon නම් ආසියානු වල් දර්ශයෙන් ද Oryza glaberrima විශේෂය Oryza breviligulata ඒනම් අප‍්‍රිකාවටම ආවේණික වූ වල් දර්ශයෙන් ද සම්භවය වූ බවට විද්‍යාඥයන් විශ්වාස කරති. Oryza rufipogon විශේෂය බහුවාර්ෂික (perenial), වාර්ෂික (annual), අඛණ්ඩව (Continum) යන ආකාර 3 න් ද Oryza breviligulate විශේෂය බහුවාර්ෂික ආකාරයෙන් ද සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ දක්නට ඇත.
වී ශාකයේ ව්‍යාප්තිය

වී ශාකය ලෝකයේ නිවර්තන උප නිවර්තන හා සමශීතෝෂ්ණ රටවල්වල ව්‍යාප්තව පවතින බෝගයක් බවට පත්ව ඇත. මෙලෙස වී ශාකය කෘෂිකාර්මික බෝගයක් ලෙස පහත සඳහන් වකවානුවල අනෙකුත් රටවල ද ව්‍යාප්ත වී ඇති බැව් වාර්තා වී ඇත. මෙසපොටේමියාවේ කි‍්‍ර. පූ. 3 වන සියවසේ ද ජපානය හා කොරියාව වැනි රටවල කි‍්‍ර. පූ. 2-3 සියවසේ ද ව්‍යාප්තව ඇත.

ඊජිප්තුවේ කි‍්‍ර.ව. 2 සියවසේ ද මැඩගස්කරය හා නැගෙනහිර අපි‍්‍රකාවවේ කි‍්‍ර. ව. 6 සියවසේ ද ස්පාඤ්ඤයේ කි‍්‍ර. ව. 9 සියවසේ ද ව්‍යාප්තව ඇත. පෘතුගාලයේ කි‍්‍ර. ව. 15 සියවසේ ද කොදෙව් දුපත්වලට කි‍්‍ර. ව. 15 සියවසේ ද බ‍්‍රසීලයට කි‍්‍ර.ව. 15 සියවසේ ද ඕස්ටේ‍්‍රලියාවට කි‍්‍ර.ව. 19 සියවසේ ද ඇමෙරිකානු ප‍්‍රාන්තවල කි‍්‍ර. ව. 17-19 සියවසේ ද මෙලෙස ව්‍යාප්ත වී ඇත.අප‍්‍රිකානු වී දර්ශය අප‍්‍රිකාවට ආවේණික දර්ශයක් වන අතර මෙය ප‍්‍රධාන වශයෙන් සහරා කාන්තාරයේ දකුණු දිග සවානා තණ බිම්වල ව්‍යාප්තව ඇත.
වී ශාකයේ උද්භිත්මක වර්ගීකරණය
වී (Oryza sativa .L)

රාජධානිය (Kingdom) : ප්ලාන්ටේ (Plantae)
කාණ්ඩය (Division) : ට‍්‍රැකියොෆයිටා (Tracheophyta) (සනාල ශාක)
උපකාණ්ඩය (S.Division) : ටෙරොප්සිඩා (Pteropsida) (බීජ ශාක)
වර්ගය (Class) : ඇන්ජියොස්පර්මේ (Angiospermae) (අවෘතක බීජ ශාක)
උප වර්ගය (S.Class) : මොනොකොටලිඩොනේ (Monocotyledoneae) (ඒක බීජ පතී‍්‍ර ශාක)
ගෝත‍්‍රය : (Order) : ග‍්‍රැමිනාලේස් (Graminales)
කුලය (Family) : ග‍්‍රැමිනේ (Gramineae)
ගනය (Genus) : ඔරයිසා (Oryza)
විශේෂය (Species) : සැටයිවා (Sativa)
වී ශාකයේ උප විශේෂ
උප විශේෂය (S.Species) 2 කි.
  1. Hesien - පරිසර කාණ්ඩ (Eco group) - Indica - (ඉන්ඩිකා)
A man (Moonsoon rice) - ප‍්‍රභා සංවේදී
Boro (winter Rice) - ප‍්‍රභා අවධි සංවේදී නොවන
Aus (spring Rice) - ප‍්‍රභා අවධි සංවේදී නොවන
  1. Keng - පරිසර කාණ්ඩ (Eco group)
Japonica - (ජැපොනිකා)
Communis (සාමාන්‍ය Kong ප‍්‍රභේද)
Nuda - (සිනිඳු උස් බිම්වල වගාකරන වී ප‍්‍රභේද)
Invanaca (Bulu සහ Gundil)
උප විශේෂ 3 හි දක්නට ලැබෙන ප‍්‍රධාන වෙනස්කම්
 
ලක්‍ෂණය
ඉන්ඩිකා ^Indica)
ජැපොනිකා ^Japonica)
ජැවොනිකා ^Javonica)
(1) පත‍්‍රය
ලා කොළ පැහැතිය, පළල්ය
තද කොළ පැහැතිය පටුය
ලා කොළ පැහැතිය පළල්ය, ඝනය
(2) ශාකයේ උස
උසය
මිටිය
උසය
(3)පඳුරු දැමීම
බහුලය
මධ්‍යස්ථය
අඩුය
(4) ධාන්‍ය
පැතළිය, දිගය
කෙටිය, රවුම්ය
පළල්ය, ඝනය
(5)නන්ඩුව
බොහෝ විට දක්නට නැත
සාමාන්‍යයෙන් නන්ඩුව රහිත වුව ද ඇතැම් විට දිග නන්ඩුවක් ඇත
නන්ඩුව රහිත හෝ දිග නන්ඩුවක් සහිත නොවේ.
(6)සරු තුෂයෙහි හෝ උපතුෂයෙහි
කේෂ
සිහින්ය, කෙටිය
දිගය, ඝනය
දිගය
(7) ඇට හැලීම
 
පහසුය
අඩුය
අඩුය
(8) පැළයෙහි පටක
සිනිඳුය, මෘදුය
තදය
තදය
(9) ප‍්‍රභා අවධි සංවේදිතාව
නොවෙනස්වන සුලූය
වෙනස්වන සුළුය
අඩුය
(10)සහල්වල
ඇලෙන ස්වභාවය, අඩුය (ඇමයිලොස් ප‍්‍රතිශතය වැඩිය 20-30%)
ඇලෙන සුලූය (ඇමයිලෝස් ප‍්‍රතිශතය වැඩිය ප‍්‍රතිශතය අඩුය 10-24%)
ඇලෙන ස්වභාවය, අඩුය (ඇමයිලොස් ප‍්‍රතිශතය වැඩිය 20-25%)
සිරිලක වී ඉතිහාසය
 
වසර දෙදහස් පන්සියයකටත් වැඩි ලිඛිත ඉතිහාසයක් සහිත හෙළදිව මහා පරාක‍්‍රමබාහු රජ දවසට පසු නැවත වතාවක් වී වගාවෙන් ස්වයංපෝෂිත තත්ත්වයකට පත්ව ඇති බව තහවුරු වී ඇත. ක‍්‍රිස්තු පූර්ව 900-600 අතර කාලය තුළ නිර්මාණය කරන ලද මැටි භාජනවල වී ගොවිතැන පිලිබඳව චිත‍්‍ර ඇති බවට සාක්‍ෂි ඇත.මේ අනුව ක‍්‍රිස්තු පූර්ව 600ට පෙරද සිරිලක වී ගොවිතැන පැවති බවට සැක කළ හැකිය.ක‍්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී විජය කුමරු සහ පිරිස ලක්දිවට ගොඩබැසීමෙන් පසු ඔවුන් ආහාර ලෙස බත් අනුභව කළ අතර ඉතිරිය කුවේණියට දී ඇත. ලිබිත ඉතිහාසයෙහි වී වගාව පිළිබඳව පළමු වතාවට සඳහන් වන්නේ පඩුවස්දෙව් රාජ්‍ය පාලන සමයේදීය.ක‍්‍රි. පූ. 4 වන සියවසේදී පණ්ඩුකාභය රජු විසින් අනුරාධපුරයේ අභය වැව කරවන ලද අතර මෙය රජරට වී ගොවිතැන සඳහා විශාල දායකත්වයක් සැපයූ බව ජනප‍්‍රවාදයෙහි සඳහන්වේ.දේවානම්පිය තිස්ස රජු සමයේ මිහි මා හිමියන් සිරිලකට වැඩමකර බුදු දහම මෙහි ස්ථාපනය වු පසු සිරිලක සහලින් ස්වයංපෝෂිත වන ලකුණු පෙනෙන්නට තිබිණ. එහෙත් නැවත ඇතිවූ ආක‍්‍රමණයන්ගේත් ස්වාභාවික විපත්වලත් හේතුවෙන් වී වගාව ක‍්‍රමයෙන් දුර්වල තත්ත්්වයකට පත්විය.
ක‍්‍රි. පු. 161 න් පසු ආරම්භ වූ දුටුගැමුණු රාජ්‍ය පාලන සමයේ වී වගාව නැවතත් යථා තත්ත්වයට පත්විය.නොයෙකුත් යුධ ගැටුම් හේතුවෙන් පරිහානියට පත්, වී වගාව නැවත මහා පරාක‍්‍රමබාහු රජතුමාගේ පාලන සමය තුළ දී දියුණුවිය.චූල වංශයේ සඳහන් වන ආකාරයට විශාල වැව් 163 ක් ද කුඩා වැව් 2376 ක් ද ඇළවල් 3910 ක් සහ වේලි 165 ක් මෙසමයෙහි ඉදිකර ඇත. මහ පොළොවට වැටෙන එක ජල බිඳකුදු ප‍්‍රයෝජනයට නොගෙන මහ සයුරට නොයැවිය යුතුයයි පැවසූ පැරකුම් යුගයෙහි වී වගාවට දක්වන ලද සැලකිල්ල මෙයින්ම තේරුම් ගතහැකිය. ප‍්‍රථම වතාවට සහල් අපනයනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ක‍්‍රි. ව. 1505 දී ලන්දේසි හා පෘතුගීසින් වෙරළබඩ යටත් කරගැනීමෙන් පසුව වෙරළබඩ ප‍්‍රදේශවල වී ගොවිතැන අඩාලවිය. 1660 - 1679 කාලය තුළ කන්ද උඩරට 11 වන රාජසිංහ රජුගේ සිරකරුවකු ලෙස ජීවත් වූ රොබට් නොක්ස්ට අනුව 1680 පමණ වන විට ලක්දිව මඩ කුඹුරු සඳහා මාවී (මාස 7) හාතියල් (මාස 6) හොඩරවාළු (මාස 5) හීනටි (මාස 4) සහ ඇල්පත්කල් (මාස 3) යන වී වර්ග දක්නට ලැබුණ අතර හේන් වගාව සඳහා ගොඩ වී වර්ග දක්නට ලැබුණි.
වී වගාකරන පස
 
පස ලොව ඇති ඉතාමත් අගනා සම්පතක් ලෙස සැලකිය හැක. මෙය ශාක දරාසිටීමේ මාධ්‍යයක් ලෙස ද, අවශ්‍ය ජලය හා පෝෂණ මූලද්‍රව්‍ය සපයන සම්පතක් ලෙස ද කි‍්‍රයාකරයි.වගාවේ නිරෝගී වර්ධනය හා අස්වැන්න ලබාගැනීම සඳහා මෙම පසෙහි භෞතික, රසායනික හා ජෛවීය ලක්‍ෂණ ඉතා වැදගත් වේ.දේශගුණය, මුලික ද්‍රව්‍ය, භූ ලක්‍ෂණ හා භූ විෂමතාව, වෘක්‍ෂලතාදිය, ජීව සංහතිය හා කාලය හෝ භූමි දර්ශනයේ පුරාණත්වය පසෙහි නිර්මාණ සාධක වේ.
ලංකාවේ කුඹුරු පස
 
ලංකාවේ වී වගාකරන කුඹුරු ඉඩම් ප‍්‍රමාණය හෙක්. 780000 ක් පමණ වේ.මේවා විවිධ කෘෂි දේශගුණික කලාපවල පැතිරී ඇත. කුඹුරු පස භූමියේ පිහිටීම, ජලවහනය හා මූලික ද්‍රව්‍ය අනුව ප‍්‍රධාන පාංශු ගණවලට බෙදා ඇත.වියළි කලාපයේ කුඹුරු පස අභ්‍යන්තර නිම්න පද්ධති ලෙසද වෙරළාසන්න තැනිතලා ලෙසද ගංවතුරට යට වන මිටියාවත් නොහොත් පිටාර තැන්න ලෙසද ඇත.අභ්‍යන්තර නිම්න පද්ධති වල ඇති කුඹුරු ඉඩම් පළල් වූද සාමාන්‍ය ආනතියකින් යුක්තවූද ඒවා වේ.මෙම ඉඩම් වල කුඹුරු පස් රතු දුඹුරු පස, අවහියුමික ග්ලේ පස,චූර්ණමය නොවන දුඹුරු පස හා දියළු පස වේ. මෙයින් රතු දුඹුරු පසෙහි ph අගය 6-7 වන අතර වයනය වැලි, මැටි, ලෝම සිට වැලි ලෝම දක්වා වෙනස් වේ.
වියලි කලාපයේ ඇති අවහියුමික ග්ලේ පස අළු පැහැයෙන් යුක්ත වන අතර පාංශු වයනය වැලි, මැටි, ලෝම සිට වැලි මැටි දක්වා වේ. ච්‍ය අගය 6-7, 7.5 ක් පමණ වේ.මෙහි ප‍්‍රධාන මැටි ඛනිජ ලෙස මොන්ටිමොරිලෝනයිට්, කැවොලිනයිට්, ඉලයිට් ඇත. මෙම පස වියලි කලාපයේ ඉතා සාරවත් පස වේ. ජල හිඟයක් නොමැති නම් විශාල අසවැන්නක් ලබා ගත හැක. මෙයින් රතු දුඹුරු පසෙහි ph අගය 6-7 වන අතර වයනය වැලි, මැටි, ලෝම සිට වැලි ලෝම දක්වා වෙනස් වේ. වියලි කලාපයේ ඇති අවහියුමික ග්ලේ පස අළු පැහැයෙන් යුක්ත වන අතර පාංශු වයනය වැලි, මැටි, ලෝම සිට වැලි මැටි දක්වා වේ. ph අගය 6-7, 7.5 ක් පමණ වේ.

මෙහි ප‍්‍රධාන මැටි ඛනිජ ලෙස මොන්ටිමොරිලෝනයිට්, කැවොලිනයිට්, ඉලයිට් ඇත. මෙම පස වියලි කලාපයේ ඉතා සාරවත් පස වේ. ජල හිඟයක් නොමැති නම් විශාල අසවැන්නක් ලබා ගත හැක. චුර්ණමය නොවන දුඹුරු පස වියලි කලාපයේ නැගෙනහිර කොටසේ අම්පාර සහ මඩකලපුව වැනි ප‍්‍රදේශවල ඇති නොගැඹුරු පසකි. මෙහි වයනය වැලි ලෝම සිට ලෝම වැලි දක්වා වු රළු වයනයක් සහිත වේ. මධ්‍යස්ථ වයනයක් ඇත. මධ්‍යස්ථ ජල වහනයක් ඇති අතර භෞතික සශ‍්‍රීකත්වය තරමක් දුර්වල වේ.

එහෙත් ලංකාවේ මහව ප‍්‍රදේශයේ ඇති චුර්ණමය නොවන දුඹුරු පස අනෙකුත් ප‍්‍රදේශවල ඇති එම පසට වඩා බෝග උත්පාදක ශක්තියකින් යුක්ත වේ. මෙම චුර්ණමය නොවත දුඹුරු පසට යාව පහළ කොටසේ අවහියුමික ග්ලේ පස ඇත.නමුත් මේ අවහියුමික ග්ලේ පසෙහි බෝග උත්පාදක ශක්තිය රතු දුඹුරු පසට යාවු අවහියුමික ග්ලේ පසෙහි බෝග උත්පාදක ශක්තියට වඩා අඩුය.වියළි කලාපයේ වී වගා කරන දියළු පසද ඇත. මිටියාවත් සහ ඇලදොල ගංගා ආශ‍්‍රිත ජලයෙන් යටවන තැනිතලා මත්තෙහි දියළු පස පහසුවෙන් දැක ගත හැක.වියළි කලාපයේ උතුරු හා වයඹ ප‍්‍රදේශයේ මුහුදු තීරයේ වික්ෂාරිත සොලනේට් සහ පොලොනොචැක්ස් යන පස් දක්නට ඇති අතර මේවායේ ලවණතාවය හා ක්‍ෂාරීයතාවය පවතින අතර එය වී අස්වැන්න කෙරෙහි තදින් බලපායි. මෙහි pH අගය 8.5ක් වේ.
වී වගා කරන පාංශු ගණ හා ඒවායේ පිහිටීම
 
පාංශු ගණය
පිහිටි දේශගුණික කලාප
1. රතු දුඹුරු පස
වියළි හා අතරමැදි කලාප
2. චුර්ණමය නොවන දුඹුරු පස
වියළි හා අතරමැදි කලාප
3. රතු කහ පොඩිපොලිත පස
තෙත් හා අතරමැදි කලාප
4. අවහියුමික ග්ලේ පසකලාප
වියළි, අතරමැදි හා තෙත්
5. දියළු පස
වියළි, අතරමැදි හා තෙත් කලාප
6. රතු දුඹුරු ලැටසෝලික් පස
අතරමැදි හා තෙත් කලාප
7. අපරිනත දුඹුරු ලෝම පස
තෙත් කලාප
8. අර්ධ වගුරු හා වගුරු පස
තෙත් කලාප
9. වික්ෂාරිත සොලනෙට් පස
වියළි කලාප
10.සොලනොචැක්
වියළි කලාප
11. ග්රුමෝසෝල්
වියළි කලාප
12. රෙන්ඩිසිනාකලාප
වියළි කලාප හා අතරමැදි
අතර මැදි කලාපයේ කුඹුරු පස්
වී වගා කරන භූමි ප‍්‍රමාණයෙන් 25%ක් පමණ මෙයට අයත් වේ.දේශගුණය උන්නතාංශය හා පාංශු පෙළ අනුව අතරමැදි කලාපය කොටස් 03කට බෙදනු ලැබේ.

- පහතරට අතරමැදි කලාපය

වී වගා කරන රතු කහ පොඞ්සොලීක පස ජලවහනය තරමක් දුර්වල ස්ථානවල ඇති අතර අවහියුමික ග්ලේ පස ජලවහනය දුර්වල ස්ථානවල ඇත. නිම්න ආශ‍්‍රිතව දියළු පස ඇත. අවහියුමික ග්ලේ පසෙහි පාංශු වයනය වැලි මැටි සිට වැලි මැටි ලෝම වේ. මෙහි ච්‍ය අගය 5-4 වේ. රතු කහ පොඞ්සොලික් පසෙහි ඉතා සුළු ප‍්‍රමාණයක වී වගා කරනු ලැබේ. ආම්ලිකතාව, යකඩ විෂ වීම වැනි පාංශු ගැටළු මෙම පස්වල දක්නට ලැබේ.

- මැද රට අතරමැදි කලාපය
මෙහි රතු දුඹුරු ලැටසෝල් හා අපරිනිත දුඹුරු පසෙහි වී වගා කරයි. දුඹුරු ලැටසෝල් පසෙහි මධ්‍යස්ථ ජලවහනයක් ඇති කොටස්වල වී වගා කරයි. ph අගය 6ක් වන අතර පොස්පරස් ප‍්‍රමාණය ඉතා අඩුය. පොස්පරස් සැපයුම හොඳ වුවත් කැල්සියම් හා මැග්නීසියම් යන මුලද්‍රව්‍ය සැපයුම මධ්‍යස්ථ වේ. ජල පහසුකම් ඇත්නම් කන්න 2ම වගා කල හැක.

- උඩරට අතරමැදි කලාපය
මෙහි රතු කහ පොඞ්සොලින් පස අපරිනත දුඹුරු ලෝම පසෙහි වී වගා කරයි. එක් කන්නයක් වී වගා කරන අතර අනෙක් කන්නය එළවළු වගා කරයි.

- තෙත් කලාපයේ කුඹුරු පස
ලංකාවේ කුඹුරු ඉඩම් ප‍්‍රමාණයෙන් 30%ක් ඇත්තේ තෙත් කලාපයේය. පිහිටීම උන්නතාංශය හා භූමී දර්ශනයේ රූපාකාරය අනුව කොටස් තුනකට බෙදිය හැක. මැද රට හා උඩරට පිහිටි පටු අභ්‍යන්තර නිම්න වල හා කඳු බෑවුම් වල තට්ටු ලෙස පිහිටි කුඹුරු ඉඩම් පහත රට තෙත් කලාපයේ අභ්‍යන්තර නිම්න වල පිහිටි කුඹුරු ඉඩම් බස්නාහිර හා නිරිතදිග සමුද්‍රාසන්නයේ පිහිටි කුඹුරු ඉඩම් හා ජල ගැලීම් වලට පාත‍්‍රී වන පිටාර තැනිතලා මෙයින් මැදරට තෙත් කලාපයේ පිහිටි දියළු පසෙහි මහ කන්නයේ වී වගාවද යල කන්නයේ එළවළු වගාවද කරනු ලැබේ.

පාංශු ලක්‍ෂණය

ප‍්‍රමාණය

පාංශු වයනය

වැලි මැටි ලෝම

පාංශු ප‍්‍රතික‍්‍රියාව (Ph අගය)

6.1-7.2

සම්පූර්ණ නයිටි‍්‍රජන් ප‍්‍රමාණය (%)

0.25

කාබන් : නයිටි‍්‍රජන් අනුපාතය

10-12

ලබාගතහැකි පොස්පරස් ප‍්‍රමාණය (මිලියනයකට කොටස්)

-5

හුවමාරු වියහැකි පොටෑසියම්(මිලියනයකට කොටස්)

.10

කැටායන හුවමාරු ධාරිතාව

.78

(පස් කිලෝ ග‍්‍රෑමයකට සෙන්ටි මවුල)

.10

ගෙන්දගම් (මිලියනයකට කොටස්)

7-11

 

බෝරෝන් (මිලියනයකට කොටස්)

1-2

මැන්ගනීස් (මිලියනයකට කොටස්)

2.0

තඹ (මිලියනයකට කොටස්)

0.2

මොලිබ්ඩිනම් (මිලියනයකට කොටස්)

0.2

යකඩ (මිලියනයකට කොටස්)

5.0

සින්ක් (මිලියනයකට කොටස්)

1.0

 
මෙම පස මහවැලි නදියේ පිටාර තැනිතලා ලෙස ගම්පොළ හා ගන්නෝරුව ප‍්‍රදේශයේ ඇත. මෙම පස තද දුඹූරු පැහැයක් ඇති අතර හොඳ ජලවහනයක් ද ඇත. වයනය මැටි ලෝම සිට මැටිමය වේ. Ph අගය 4.5 -5 වන අතර කාබනික ද්‍රව්‍ය 1.4% ක් වේ. අවහියුමික ග්ලේ පස ද මෙම කලාපයේ ඇත. වයනය මැටි ලෝම සිට මැටිමය වේ. ච්‍ය අගය 4.5 - 5 වේ. මෙම පසෙහි කන්න දෙකම වී වගා කළහැක. පහත රට තෙත් කලාපයේ අවහියුමික ග්ලේ පස දක්නට ඇත.

දුර්වල ජලවහනයක් ඇති අතර මතුපිට පස වැලි ලෝම සිට මැටිමය දක්වා වු පාංශු වයනයකින් යුක්ත වේ. වර්ෂාව වැඩි කාලයේ භූගත ජල මට්ටම පොළව ආසන්නව ඇත. මෙම පස ගැඹුරු වන අතර අළු දුඹුරු, අළු හා තද අළු පැහැ වේ. වී වගාව නිසා නිතර මතුපිට තට්ටුව මිශ‍්‍ර වන බැවින් ඛනිකාමය පාංශු වයනයක් දක්නට ලැබේ. භූගත ජල මට්ටම ඉහළ පහළ යාම නිසා ජීර්ණය වන මැටි ඛනිජ සෝදායාමෙන් පසෙන් ඉවත් වන නිසා යටි ස්ථරවල රළු වැලි වැඩි ප‍්‍රමාණයක් දක්නට ලැබේ. ph අගය 4 - 5.5 දක්වා වියහැක.

පහතරට තෙත් කලාපයේ බස්නාහිර හා නිරිතදිග සමුද්‍රාසන්න තැනිතලා හා පිටාරතැන්න ඉඩම්වල ද වී වගා කරනු ලැබේ. දුර්වල ජලවහනය ඇත්තා වු පස් කාණ්ඩ 3 ක් මෙම කොටසෙහි දක්නට ඇත. ඒවා නම් ඛණිජ පස, අර්ධ වගුරු හා වගුරු පස් වේ. ඛණිජ පස හොඳින් ජලවහනය හෝ දුර්වල ජලවහන කලාප ලෙස ඇත. ph අගය 5.5 ක් වන අතර පාංශු වයනය වැලිමැටි ලෝම සිට මැටි ලෝම වේ.
අර්ධ වගුරු පස සංවර්ධනය වී ඇත්තේ විල් හා කලපුවල ඇති කාබනික ද්‍රව්‍ය හා ජලජ පැළෑටිවලින් පැමිණෙන ද්‍රව්‍යවලිනි. මෙම පස ආම්ලික වන අතර ph අගය 5 - 5.5 අතර වේ. මතුපිට තට්ටුවේ කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය 15-25% වන අතර ph අගය 5.5 වේ. පාංශු වයනය මැටිමය වේ. වගුරු පස වෙරළාසන්නයේ කලපු හා වගුරු බිම්වල තැන්පත් වු කාබනික ද්‍රව්‍ය හා මැටි ඛණිජවලින් සෑදී ඇත. ph අගය 5.2 සිට 5.4 වේ. පොස්පරස් ප‍්‍රමාණය ඉතා අල්පය. වී වගාකිරීමට නම් ජලවහනය දියුණු කළයුතුය.
ශ්‍රී ලංකාවේ වගා පද්ධති
පොදුවේ අප රටේ වී වගාව යම් යම් ප‍්‍රදේශවල ස්ථානගත වී ඇත. මෙකී වී වගා කරනුලබන ස්ථානවල පරිසර එකී කොටසේ සමාන හෝ වෙනස් වියහැක. යම් පෙදෙසක වී වගා කළහැකි ද නැද්ද වගාකරන්නේ ද නැද්ද යන්න තීරණය කරන සාධක රාශියකි. මින්,
  1. ජල සුලභතාවය/ වර්ෂාපතනය
  2. පසේ ස්වභාවය
  3. භූ විෂමතා ලක්‍ෂණ
  4. උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය
යන කරුණූ වැදගත් වේ.

වී වගා බිම් ප්‍රමාණය

රටේ මුළු බිම් ප‍්‍රමාණය = වර්ග කිලෝමීටර් 65 610
වී වගා කරන බිම් ප‍්‍රමාණය = හෙක්ටයාර 739047
උස් කඳු මුදුන් හැර අනෙක් සියලූම ප‍්‍රදේශවල වී වගාව ව්‍යාප්තව ඇත. එලෙසම වී වගාව සෑම දේශගුණික කලාපයකම ව්‍යාප්තව ඇත. වැඩිම වී වගා බිම් ප‍්‍රමාණයක් හා වැඩිම වී අස්වැන්නක් හා වැඩිම නිෂ්පාදනයක් කරනුලබන්නේ වියළි කලාපයේය. සෑම කලාපයකම වී වගාව ව්‍යාප්තව ඇත. සියලූම දිස්ත‍්‍රික්කවල වී වගා කළහැක.

වී වගා පරිසර පද්ධති වර්ගීකරණය

වී වගා පරිසර පද්ධති වර්ගීකරණය සඳහා විවිධ රටවල නොයෙක් නිර්ණායක භාවිතකෙරේ. අප රෙටි භාවිතකරනු ලබන්නේ ජල සුලභතාවයි. මේ අනුව අප රෙටි ප‍්‍රධාන පරිසර පද්ධති 2 කි.
  1. වාරි පහසුකම් සහිත වී වගා පද්ධති
  2. වර්ෂා පෝෂිත වී වගා පද්ධති
මෙම පද්ධති නැවත ප‍්‍රභවයේ ස්වභාවය අනුව උප කාණ්ඩවලට බෙදනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ වී වගා කෙරෙන පද්ධති හා බිම් ප‍්‍රමාණයන්
  1. වාරි පහසුකම් යටතේ වී වගා පද්ධති
මහා වාරි මාර්ග
වැව් 242.1
ගංගා හැරවුම් 15.5
ඔය/ගංගා හැරවුම් 63.4

සුළු වාරි මාර්ග 187.9
වැව් 126.1
ඔයවල්/ අතු ගංගා හැරවුම් 61.8
  1. වාර්ෂා පෝෂිත වී වගා පද්ධති
වාර්ෂා පෝෂිත (හිතකර) 46.0
වාර්ෂාපෝෂිත (අහිතකර) 217.9
නියඟයට පාත‍්‍ර වියහැකි 195.9
ජලයෙන් යටවියහැකි 16
ජලයෙන් යටවියහැකි හා නියඟයට පාත‍්‍රවියහැකි 06
එකතුව 772.8
මහා වාරිමාර්ග පද්ධති
හෙක්ටයාර 80 කට වඩා වගා කළහැකි කුඹුරු ඇති පද්ධති මේ යටතට ගැනේ. ශ‍්‍රී ලංකාවේ ඇති කුඹුරු ඉඩම්වලින් 40% ප‍්‍රමාණයක් සඳහා වාරි පහසුකම් ඇත.
  1. වැව් උදා- පරාක‍්‍රම සමුද්‍රය, සේනානායක සමුද්‍රය
  2. ගංගා හැරවුම් - මහවැලි H
  3. ඔය, ගංගා හැරවුම්.- හක්වටුනා ඔය ව්‍යාපෘතිය
වශයෙන් බෙදිය හැක.
මේවායේ ජල සැපයුම ස්ථිරය. අවුරුද්දේ කන්න 1 ට වඩා වගාකරයි. සාමාන්‍ය අස්වැන්න හෙක්. මෙ. ටො. 4.2 ක් පමණය.

බෝග රටාවන්
සුලභව දක්නට ඇති බෝග රටාවන්

මහ යල
වී වී (දුර්වල හා හොඳින් ජලවහනය වන ඉඩම්වල)
වී අතිරේක බෝග (හොඳින් ජලවහනය වන ඉඩම්වල)
වී පුරන්

සුළු වාරි මාර්ග
හෙක්ටයාර 80 කට වඩා අඩුවෙන් කුඹුරු සඳහා ජලය සපයන ජල මුලාශ‍්‍ර සහිත කුඹුරු ඉඩම් සහිත පද්ධති අයත් වේ. වැඩිපුරම පිහිටා ඇත්තේ වියළි හා අතර මැදි කලාපවලය. ජල ප‍්‍රභවය අනුව මේවා නැවත සුළු හා මධ්‍ය පරිමාණ වැව් ගංගා/ඔය හැරවුම් ආදි වශයෙන් බෙදා ඇත. සුළු වාරිමාර්ග වැඩිපුරම පිහිටා ඇත්තේ වියළි කලාපයේය. සුළු වැව්, තනි තනිව නොව වැව් පද්ධති (Cascade) වශයෙන් පිහිටා ඇත. ජල හිඟය, ලවණතාවය, පසේ නිසරුභාවය මෙම පද්ධතියේ ප‍්‍රධාන ගැටළු වේ.

සුලභව දක්නට ඇති බෝග රටාවන්
මහ යල
වී වී (දුර්වල හා හොඳින් ජලවහනය වන ඉඩම්වල)
වී අතිරේක බෝග (හොඳින් ජලවහනය වන ඉඩම්වල)
වී පුරන් වියළි
 
වර්ෂා පෝෂිත පද්ධති
වර්ෂාවෙන් පමණක් මෙම පද්ධතියේ කුඹරු වගාකෙරේ. නියර ඇතිව හෝ නැතිව තිබියහැක. කන්නට එක් වතාවක් හෝ සුළු කාලයක් පමණක් ජලය රඳාපැවතීම මේ පද්ධතියේ ලක්‍ෂණයකි. තෙත්, වියළි හා අතරමැදි කලාප තුනේම මෙම ඉඩම් ඇත. ජල සුලභතාව අනුව මෙම පද්ධතිය නැවත උප පද්ධතිවලට බෙදා ඇත.
වර්ෂා පෝෂිත පද්ධති
  1. හිතකර
  2. අහිතකර
  3. නියගයට පාත්‍ර විය හැකි (වියළි කලාපයේ ඇත.)
  4. ජලයෙන් යටවියහැකි (තෙත් කලාපයේ)
  5. ජලයෙන් යටවියහැකි හා නියගයට පාත්‍රවියහැකි (තෙත්/අතරමැද)
ලවණතාව, යකඩ විෂවීම, නියඟය, නිසරු පස ආදිය මෙම පද්ධතියේ ඵලදායිතාවය වැඩිකිරිමට බලපායි.
නිර්දේශිත වී ප්‍රභේද (මාස3)
 
බී.ජී. 300
  • අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 100 - 150)
විශේෂ කරුණු
  • සුදු මධ්‍යම දිගටි සහල්
  • සහිතය.
  • කොළපාළු රෝගයට හා කොළ අංගමාරය රෝගයට ඔරොත්තු දේ.
  • දුඹුරු පැළ කීඩෑ හානියට ඔරොත්තු දේ.
  • ගොක් මැස්සාගේ හානියට මධ්‍යස්ථ ලෙස ඔරොත්තුදේ.
  • දිවයිනේ සෑම පළාතකටම නිර්දේශකර ඇත.
  • සහල් බර අධිකය.
බි.ජී. 304
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 100 - 150)
විශේෂ කරුණු
  • සුදු දිගටි සහල් සහිතය.
  • ගොක් මැස්සා, දුඹුරු පැළ කීඩෑවා වැනි කෘමි හානිවලට ඔරොත්තු දේ.
  • කොළ අංගමාරය, කොළපාළුව වැනි රෝගවලට ඔරොත්තුදෙන වී වර්ගයකි.
  • ජල හිග තත්ත්ව යටතේ වගාකිරිමට වඩාත් සුදුසුය.
  • දිගු කාලීන බීජ සුප්තතාවයක් ඇති නිසා අස්වනු නෙලීමෙන් මාස දෙකක් පමණ පසුව වගාව සඳහා යොදාගතයුතුය.
බී.ජී. 305
  • අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 110 -130)
විශේෂ කරුණු
  • සුදු සහලින් යුක්තයි.
  • කොළපාළුවට, කොළ අංගමාරයට, ඔරොත්තු දේ.
  • ගොක් මැස්සාට, දුඹුරු පැළ කීඩෑවාට ඔරොත්තු දේ.
ඒ.ටී. 303
  • අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල්100 - 120)
විශේෂ කරුණු
  • රතු දිගැටි සහල් සහිත මෙම වර්ග කොළපාළුවට ඔරොත්තුදේ.
  • හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොවීන් අතර ඉතාමත් ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
 
බී.ඩබ්. 272-6-බී
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 60 - 80)
විශේෂ කරුණු
  • උසස් ගුණාත්මයෙන් යුතු කුඩා රතු සහලකි. (සම්බා සහලකි)
  • පහතරට තෙත් කලාපයේ ගැටළු සහිත කුඹුරු සඳහා යෝග්‍ය වේ.
  • යකඩ විෂවීමේ පාංශු තත්ත්වයට ඉතා යෝග්‍යය.
බී.ඩබ්. 302
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 100 )
විශේෂ කරුණු
  • වී පොත්තෙහි විශේෂ දුඹුරු වර්ණයක් ඇත.
  • කොළපාළුවට හා පැළ මැක්කාගේ හානියට හොඳින් ඔරොත්තුදේ.
  • පාංශු ලවණතාවයට හා ආම්ලිකතාවයට තරමක් ඔරොත්තුදේ.
නිර්දේශිත වී ප්‍රභේද (මාස3 1/2)
බි.ජී. 94-1
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් - 150)
(අක්. 1 ට බුසල් 200 වාර්තා වී ඇත.)
විශේෂ කරුණු
  • සුදු දිගටි සහලකි.
  • යොදන්නා වූ පොහොරට උසස් අස්වැන්නක් ලබාදේ.
  • අම්පාර දිස්ත‍්‍රික්කයේ ඉතාමත් ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
  • දුඹුරු පැළ කීඩෑවාට හා කොළපාළු රෝගයට ග‍්‍රාහීබවක් දක්වයි.
බී.ජී. 350
  • අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 150)
විශේෂ කරුණු
  • රතු දිගැටි සහලකි.
  • යොදන ලද පොහොරට සරිලන උසස් අස්වැන්නක් ලබාදේ.
  • බී.ජී. 94-1 ප‍්‍රභේදයේ පැළෑටි ස්වරූපයට ඉතාමත් සමාන ස්වරූපයක් දක්වයි.
  • ආම්පාර දිස්ත‍්‍රික්කය ගත්විට ඉතා ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
  • කොළපාළු රෝගයට ග‍්‍රාහීබවක් දක්වයි.
බී.ජී. 352
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 150)
විශේෂ කරුණු
  • සුදු පැහැති මධ්‍යස්ථ දිගැති සහලකි.
  • දුඹුරු පැළ කීඩෑ හානියට ප‍්‍රතිරෝධීය.
  • කොළ අංගමාරය රෝගයට තරමක් ග‍්‍රාහී බවක් දක්වයි.
  • කොළපාළු රෝගයට ප‍්‍රතිරෝධීය.
  • සහල් බර අධිකය.
  • පොළොන්නරුවේ ගොවීන් අතර ඉතාමත්ම ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
ඒ.ටී. 353
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 150)
විශේෂ කරුණු
  • රතු සහලකි.
  • ගැටළු සහිත පස්වලට යෝග්‍යවේ.
  • කොළ අංගමාරය රෝගයට තරමක් ග‍්‍රාහීය.
  • හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉතාමත්ම ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
ඒ.ටී. 354
අක්කරයකින් ලබාගත
හැකි අස්වැන්න (බුසල්150)(අක්. 1 ට බුසල් 203 ක් ද වාර්තා වී ඇත.)
විශේෂ කරුණු
  • සුදු සහල් සහිතය.
  • ලවණතාවයට ඔරොත්තුදෙන ප‍්‍රභේදයකි.
  • දකුණු පළාතේ හම්බන්තොට, මාතර දිස්ත‍්‍රික්කවල ඉතා ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
ඒ.ටී. 362
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 150)
විශේෂ කරුණු
  • රතු සහලකි.
  • කොළපාළුවට, කොළ අංගමාරයට දුඹුරු පැළ කීඩෑවාට ඔරොත්තුදේ.
  • හම්බන්තොට හා අම්පාර දිස්ත‍්‍රික්කවල ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
බී.ඩබ් 361
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 150)
විශේෂ කරුණු
  • රතු සහලකි.
  • කොළපාළුවට, ගොයම් මැස්සාට සහ දුඹුරු පැළ කීඩෑවාට මධ්‍යස්ථව ප‍්‍රතිරෝධීයි.
  • වියළි කලාපයට නිර්දේශකර ඇත.
එල්.ඩි. 355
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 120
විශේෂ කරුණු
  • සුදු පැහැති සම්බා සහලකි.
  • දුඹුරු පුල්ලි රෝගයට, කොළ අංගමාරයට ප‍්‍රතිරෝධීතාවයක් දක්වයි.
  • යකඩ විෂවීමට ඔරොත්තුදේ.
එල්.ඞී. 356
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 120)
විශේෂ කරුණු
  • රතු සම්බා.
  • පහතරට තෙත් කලාපයට යෝග්‍ය වේ.
  • අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජනප‍්‍රිය ප‍්‍රභේදයකි.
  • යකඩ විෂවීමට මධ්‍යස්ථ ලෙස ඔරොත්තුදේ.
බී.ජී. 357
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 160)
(අක්කර 1 ට බුසල් 204 වාර්තා වී ඇත)
විශේෂ කරුණු
  • සුදු මධ්‍යම දිගටි සහලකි.
  • දුඹුරු පැළ කීඩෑවා, ගොක් මැස්සා වැනි කෘමිහානිවලට ඔරොත්තුදේ.
  • කොළ අංගමාරය, කොළපාළුව වැනි රෝගවලට ප‍්‍රතිරෝධීය.
  • දිවයිනේ සෑම ප‍්‍රදේශයකම නිර්දේශකර ඇත.
බී.ජී. 358
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 160
(අක්කර 1 ට බුසල් 190 කට වැඩියෙන් ගත් අවස්ථා ඇත.)
විශේෂ කරුණු
  • සුදු සම්බා සහලකි.
  • දුඹුරු පැළ කීඩෑ හානියට ඔරොත්තුදේ.
  • කොළ අංගමාරය, කොළ පාළුව වැනි රෝගවලට ප‍්‍රතිරෝධීය.
බී.ජී. 359
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 150)
විශේෂ කරුණු
  • සුදු සහලකි.
  • කොළපාළුවට, ගොක් මැස්සාට යකඩ විෂවීමට ඔරොත්තුදේ.
  • තෙත් කලාපයට වඩාත් යෝග්‍යවේ.
බී.ජී. 360
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 150
විශේෂ කරුණු
  • උසස් ගුණාත්මයෙන් යුත් සුදු සම්බා සහලකි.
  • කොළපාළුවට, ගොක් මැස්සාට ප‍්‍රතිරෝධීය.
  • කීර සම්බා යනුවෙන් ප‍්‍රචලිතය.
  • පිසින ලද බත් ඉතා මෘදු රසකින් යුක්තය.
බී.ඩබ්.267-3
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්)70-80
විශේෂ කරුණු

  • සුදු දිගටි සහලකි.
  • මධ්‍යස්ථ උසක් සහිතය.
  • කොළපාළුවට ඔරොත්තුදේ.
  • යකඩ විෂවීමට ඉතා හොඳින් ඔරොත්තුදේ.
  • පහතරට තෙත් කලාපයේ වැලි සහ වගුරු පස් සහිත කුඹුරු සඳහා වඩා සුදුසුය.
නිර්දේශිත වී ප්‍රභේද (මාස4 - 4 1/2)
බී.ජී. 403 (මහසෙන්)
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 150
විශේෂ කරුණු
  • සුදු මධ්‍යස්ථ දිගැටි සහලකි.
  • දුඹුරු පැළ කීඩෑ හානියට ඔරොත්තුදේ.
  • කොළපාළුව හා බැක්ටීරියා කොළ අංගමාරයට තරමක් ප‍්‍රතිරෝධීය.
  • පැසුනු පසු පහසුවෙන් බීජ හැලෙන නිසා අස්වනු නෙලීම ප‍්‍රමාද නොකළයුතුය.
බී.ජී. 379-2
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 150
විශේෂ කරුණු
  • සුදු මධ්‍යස්ථ දිගැටි සහලකි.
  • දුඹුරු පැළ කීඩෑ හානියට හොඳින් ඔරොත්තු දෙන කොළ අංගමාරයට ප‍්‍රතිරෝධී වී වර්ගයකි.
  • යොදන්නා වූ පොහොර මට්ටම අනුව උසස් අස්වනු ලබාදේ. කරල්වලින් බීජ වෙන්කිරීම තරමක් අපහසුය.
  • යකඩ විෂවීමේ පාංශු තත්ත්වයට ඉතා ග‍්‍රාහීය.
  • යකඩ මරන් යනුවෙන් ගොවීන් අතර ප‍්‍රචලිතය.
බී.ඩබ්. 400
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 120)
විශේෂ කරුණු
  • රතු සහලකි.
  • ලවණතාවයට ඔරොත්තුදේ.
ඒ.ටී. 401
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 150
විශේෂ කරුණු
  • ලවණතාවයට හොඳින් ඔරොත්තුදේ.
ඒ.ටී. 405(ලංකා සමෘද්ධි)
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල්) 120
විශේෂ කරුණු
  • භාස්මති ගුණාත්මය සහිත සහලකි.
  • දුඹුරු පැළ කීඩෑවාට ඔරොත්තුදේ.
බී.ජී. 450
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න(බුසල් 140)
විශේෂ කරුණු
  • සුදු පැහැති සම්බා සහලකි
  • යකඩ විෂවීමට ඔරොත්තුදේ
  • කොළපාළු රෝගයට ග‍්‍රාහීය
එච් 4
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 80 )
විශේෂ කරුණු
  • රතු දිගටි සහලකි.
  • කරලේ බීජ වෙන්කිරීම තරමක් අපහසුය.
  • කොළපාළුවට ඔරොත්තුදේ.
  • ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමයෙන් බිහිකරන ලද දෙමුහුන් වී ප‍්‍රභේදයයි.
බී.ජී. 400-1
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 140-150)
විශේෂ කරුණු
  • කොළ අංගමාරයට සහ ගොක් මැස්සාගේ ජෛව දර්ශ 1ට ඔරොත්තුදේ.
  • යකඩ විෂවීමට තරමක් ඔරොත්තුදේ.
  • තෙත් කලාපයේ කුඹුරුවලට වඩාත් යෝග්‍යය.
බී.ඩබ්. 452
අක්කරයකින් ලබාගත හැකි අස්වැන්න (බුසල් 80 )
විශේෂ කරුණු
  • එච් 4 ප‍්‍රභේදයට බොහෝ දුරට සමානය.
  • තෙත් කලාපයේ ජලයෙන් යටවන හා යකඩ විෂවීම් සහිත කුඹුරු සඳහා වඩා සුදුසුය.
  • වගුරු පසට යෝග්‍යවේ.
බී.ඩබ්. 453
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 120 )
  • විශේෂ කරුණු
  • හොඳින් පදුරුදමයි.
  • කොළපාළුවට තරමක් ඔරොත්තුදේ.
  • යකඩ විෂවීමට හා ගොක් මැස්සාගේ ජෛව දර්ශ 1 ට ඔරොත්තුදේ.
නිර්දේශිත වී ප්‍රභේද (මාස 5-6)
බී.ජී. 407
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 120)
විශේෂ කරුණු
  • කරල් හොඳින් පැසී ඇති විට දී පවා පත‍්‍ර කොළ පාටින් යුක්තය. කොළ අංගමාරයට ප‍්‍රතිරෝධි වේ.
  • ප‍්‍රභා අවධි සංවේදීය. මහ කන්නයට පමණක් වගාකරන ප‍්‍රභේදයකි. බත් රස උසස්ය.
  • පුත්තලම,කුරුණැගල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර, හා මාතර ජලයෙන් යටවන කුඹුරු සඳහා නිර්දේශකර ඇත. වගාව මාස 1-2 1/2 අතර ජලගැලීම් යටතේ වුව ද ඔරොත්තුදේ.
බී.ජී. 38
  • අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 120)
විශේෂ කරුණු
  • උසස් පොහොර ප‍්‍රතිචාරයක් ඇත. කොළපාළුවට ඔරොත්තුදේ. සම්බා වර්ගයකි.
  • ප‍්‍රභා අවධි සංවේදීය. මහ කන්නයට පමණක් වගාකරන ප‍්‍රභේදයකි. බත් රස උසස්ය.
  • සම්බා ගොවීන් අතර ප‍්‍රචලිතය.
  • පුත්තලම,කුරුණැගල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර, හා මාතර ජලයෙන් යටවන කුඹුරු සඳහා නිර්දේශකර ඇත. වගාව මාස 1-2 1/2 අතර ජලගැලීම් යටතේ වුව ද ඔරොත්තුදේ.
බී.ජී. 3-5
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 100)
විශේෂ කරුණු
  • ප‍්‍රභා අවධි සංවේදීය. හොඳින් පඳුරුදමයි.
  • කොළපාළුවට ඔරොත්තුදේ.
  • පුත්තලම, කුරුණැගල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර, හා මාතර ජලයෙන් යටවන කුඹුරු සඳහා නිර්දේශකර ඇත. වගාව මාස 1-2 1/2 අතර ජලගැලීම් යටතේ වුව ද ඔරොත්තු දේ.
බී.ජී. 745
අක්කරයකින් ලබාගතහැකි අස්වැන්න (බුසල් 100)

විශේෂ කරුණු
  • පොඩි වී ඒ -8 හා මුතු සම්බා සඳහා ආදේශකයකි.
  • කොළපාළුවට හා ඇදවැටීමට ඔරොත්තුදේ.
  • ප‍්‍රභා අවධි සංවේදීය. මහ කන්නයට පමණක් වගාකරන ප‍්‍රභේදයකි. බත් රස උසස්ය.
  • පුත්තලම, කුරුණැගල, ගම්පහ, කොළඹ, ගාල්ල, කළුතර, හා මාතර ජලයෙන් යටවන කුඹුරු සඳහා නිර්දේශකර ඇත. වගාව මාස 1-2 1/2 අතර ජලගැලීම් යටතේ වුව ද ඔරොත්තුදේ.
ක්ෂේත්‍ර කටයුතු
 
වී වගාවේ ජල පාලනය
සෑම රටක වී වගා කළ ද වී වගාවේ දී අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ ජලයයි. ලෝකයේ කෘෂිකර්මයට යොදාගත හැකි ජලය ප්‍රවාහය එන්න එන්නම අඩුවේ. අප රට ස්වයංපෝෂිත කළ බවට සඳහන්වන පැරකුම් නිරිඳූන් පොළවට වැටෙන කිසිම ජල බිංදුවක් ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලායාමට නොසැලැස්විය යුතු බවයි, ප්‍රකාශකළේ. වී බෝගය උපරිම ඵලදායීතාවය ලබාගැනීම සඳහා ජලය යොදා ගැනීමට නාස්තියෙන් තොරව සහ කාර්යක‍ෂමව ජලය පාලනය හා පරිභෝජනය ක්‍රමවත් ජලපාලනය ලෙස හැඳින්විය හැකිය.

මනා ජලපාලනය
රැස්කර ඇති ජලය පාලනය කරන අවස්ථාවන් හි දී මනා ජල සැපයුම් පද්ධති ආකාරයෙන් බෝගයට අවශ්‍යවන විට ජලය සැපයුම. (විශේෂයෙන් වියළි කාලගුණවල දී ශාකයට අවශ්‍ය අනෙකුත් සාධක උපරිමව ඇතිවිට) මනා ජලපාලනය ලෙස හැඳින්විය හැක. වර්ෂා පෝෂිත වී වගාකරන අවස්ථාවල දී අධික වර්ෂාපතන කාළගුණයක් ඇතිවිට අනවශ්‍ය ජලය ඉවත්කර බෝ්ගයට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය අවස්ථාවන්ට අනුකූලව පමණක් තිඛෙන්නට හැරීම මනා ජලපාලනයක් ලෙස හැඳින්වියහැක. එබැවින් වී වගාවට සුවිශේෂවන ජලපාලන ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. එනම්,

(1) අඛණ්ඩ ජලසම්පාදනය
මෙය ජලය සුලභ ප්‍රදේශයන්හි හෝ වාරිමාර්ග පහසුකම් යටතේ හෝ කළහැකිය. මෙම ක්‍රමය යටතේ බෝගයේ විවිධ අවස්ථාවන් හිදී ද පවත්වාගත යුතු ජල අවශ්‍යතාවයන් පහත පරිදි වේ.
(අ) පැළ සිටුවීමේ දී - සෙ.මී. 1-2 පමණ වූ තුනී ජල පටලයකින් කේෂ්ත්‍රය වැසී තිබිය යුතුය.
(ආ) පැළ සිටවූ පසුව - පැළ කේෂ්ත්‍රයේ තහවුරු වූ පසුව ක්‍රමයෙන් ජල මට්ටම සෙ.මී. 3-5 තෙක් වැඩි කළ හැකිය.
(ඇ) පඳූරු දැමීමේ අවධිය - ජල මට්ටම හැකිතාක් දුරට අඩුකරගන්න.
(ඈ) හීන් බණ්ඩි අවධියෙන් පසු ශාකයට ජල හිඟතාවයක් නොවන සේ පවත්වාගන්න.
(ඉ) පීදීමෙන් පසු - ක්‍රමයෙන් කේෂ්ත්‍රයේ ජලමට්ටම අඩුකළයුතුය.
(ඊ) බීජ කිරි වැදීමෙන් පසු ජලය කපාහරින්න.

(2) කඩින් කඩ ජලය සැපයීම
ජල සුලභතාව අඩු ප්‍රදේශයන්හි අනුගමනය කරන ක්‍රමයකි. වරින් වර ෙක‍ෂ්ත්‍රයෙන් ජලය හැරවීම කරන අතර එමඟින් පස තෙත්ව තබාගැනීම සිදුවේ.

වාසි :-
  1. පසේ වාතනය දියුණුකරයි. මෙමඟින් විෂ සහිත ද්‍රව්‍ය පසේ සෑදීම වළකී. තව ද බෝගයට අහිතකර දෑ සෑදීම ද වළකයි.
  2. පස මතුපිට ජල ස්ථරයක් නොමැති නිසා පස තුළින් ඉතා සෙමින් ජලය කාන්දු වීමට ඉඩහරින විට වාරි ජල සැපයුමෙන් ඉතිරියක් ඇතිවේ.
  3. දුර්වල ජලවහන ප්‍රශ්න මඟහැරේ.
  4. අවශ්‍ය පෝෂක කොටස් සේදීයාම වැළකේ.
අවාසි :-
  1. නිතිපතා සොයා බැලීමට සිදුවේ.
  2. වල් මර්දනය සඳහා වැඩි වියදම් දැරීමට සිදුවේ.
මෙම ක්‍රමය අනුගමනය කරන විට සමහරවිට බෝගයට අවශ්‍ය අවස්ථාවන්හිදී ද ජලය නොලැබීයාමේ අවදානමට ලක්වීමට ද පිළිවන. බෝගයට අවශ්‍ය ජල ප්‍රමාණය පසේ ජලවහනය, වගා කන්නය හා බෝගයේ වයස අනුව වෙනස්වීමට පුළුවන. සාමාන්‍යයෙන් මාස 4 වයස් ප්‍රභෙදයන් සඳහා සාමාන්‍ය ක්‍රමයට ජලය අක්කර අඩි 5 ක් පමණ අවශ්‍ය වියහැකිය. අවශ්‍ය ජල ප්‍රමාණය තීරණය කිරීමට පහත සඳහන් දේ බලපානු ඇත.
  1. වර්ෂාවේ තීව්‍රතාවය
  2. ලියැද්දේ රැඳී ඇති ජලයේ ගැඹුර
  3. ඉවුරුවල ප්‍රමාණය හා නඩත්තු
  4. බෝගයේ වයස
  5. භූමියේ හා පසේ පිහිටීම හා ස්ථානය
මෙනයින් බලනකළ වියළි කලාපයේ දින 120 ක් වයස ඇති වී බෝගයක් සැදීමට මාස් කන්නයේ අක්කර අඩි 5 කුත් යල් කන්නයේ අක්කර අඩි 6 කුත් ප්‍රමාණවත් වේ.
පොහොර භාවිතය
පස සරුකිරීම
අපේ රටෙහි දිගුකාලීනව වී වගාකිරීම නිසා බොහෝ වී වගාකරන පස්වල සරුබව ගිලිහී ඇත.වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා මෙය විශාල බාධකයක් ලෙස පවතී. මෙනිසා පසෙහි සරුබව වැඩිකරගැනීමටත් එය පවත්වාගෙන යාමටත් නිසි කටයුතු යෙදීම අත්‍යාවශ්‍යවේ.පසෙහි සරු බව මැනීම සඳහා පසෙහි විවිධ ගති ලක‍ෂණ උපයෝගි කරගනු ලැබේ. මෙම ගති ලක‍ෂණ භෞතික ලක‍ෂණ රසායනික ලක‍ෂණ හා ජෛව ලක‍ෂණ ලෙස වර්ග කළහැකිය.

කාබනික පොහොර භාවිතය
අප රට නිවර්තන කලාපීය රටක් බැවින් පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය නිරන්තරවම ජීර්ණයට භාජනය වේ. මේ නිසා පසෙහි ඇති කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය නිතරම අඩු අගයක් පෙන්වයි. එහෙයින් අප වගාකරන භූමියෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිතරම කාබනික පොහොර භාවිතකළයුතුය. මෙම කාබනික පොහොර මඟින් පසෙහි ගුණාත්මය දියුණුකර සශ්‍රීකත්වය දිගටම පවත්වාගෙන යාමට උදව් කරයි. අප අවට ඇති වඩාත්ම සුලබවූ කාබනික පොහොර ද්‍රව්‍ය ලෙස පිදුරු ගතහැකිය. මෙනිසා සෑම ගොවි මහතකු විසින්ම තමාගේ කුඹුරෙන් ලබාගන්නා පිදුරු අපතේ නොයැවීමට වගබලාගත යුතුය.

සෑමවිටම ගෙවල් සෙවිලිකිරීම, ගවයින්ට කෑමට දීම ආදියට පිදුරු යෙදවීමෙන් පසු ඉතිරි පිදුරු සැමවිටම තමාගේ කුඹුරට යෙදීම මඟින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. එසේම විවිධ කොළ පොහොර වර්ග වී වගාව සඳහා යොදාගත හැකිය. මේ සඳහා ඕනෑම දළු කොළ වර්ග යොදාගත හැකිය. මීට අමතරව අක්කරයකට කුකුල් පොහොර ටොන් 1 ක් හෝ ගොම පොහොර ටොන් 2 ක් වී වගාව සඳහා යොදාගැනීමට නිර්දේශකර ඇත. මෙම කාබනික පොහොර වී වැපිරීමට දින 10-14 පමණ පෙර දෙහීය හාන විට යෙදීම වඩාත් සුදුසු වේ.

රසායනික පොහොර භාවිතය
අළුත් වී වර්ගවලින් ඉහළ අස්වැන්නක් ලබාගැනීම මූලික අරමුණ වේ. මෙසේ ඉහළ අස්වැන්නක් ලබාගන්නා විට විවිධ පෝෂක වර්ග විශාල ප්‍රමාණයක් පසින් ඉවත් වේ. නමුත් පසකට මෙසේ ඉවත්වන පෝෂක ප්‍රමාණයන් පස මඟින්ම ස්වභාවිකව ලබාදීම අපහසුය.එසේම මෙම පෝෂක ප්‍රමාණය සියල්ලම කාබනික පොහොර වශයෙන් ලබාදීම සඳහා ඉතා විශාල ප්‍රමාණවලින් කාබනික පොහොර යෙදීම කළයුතුය. මෙය ප්‍රායෝගිකව ඉතා අපහසු කටයුත්තකි. මෙනිසා මෙසේ ඉවත්වන පෝෂක නැවත ලබාදිම සඳහා රසායනික පොහොර භාවිතකිරීම සිදුකරයි. වී වගාව සඳහා ප්‍රධාන වශයෙන් නිර්දේශකර ඇති පෝෂක වර්ග හතරකි. එනම් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම්, හා සින්ක් වේ.

රසායනික පෙහොර නිර්දේශය
වියළි අන්තර් මාධ්‍ය කලාපවල ප්‍රධාන වී වගාකරන ප්‍රදේශයන්හි රසායනික පොහොර භාවිතකිරිමේ දී ගොවීන් විසින් සැලකිලිමත් විය යුතු කරුණූ දෙකක් ඇත. යහමින් කාබනික පොහොර සහ නිර්දේශිත රසායනික පොහොර යන දෙවර්ගයේම යෙදීමෙන් අක්කරයකට වී බුසල් 200 කට වඩා ගතහැකි බව පෙනී ගොස් ඇත. වගාකරන භූමියේ පස්වල ස්වභාවය (වයනය) එනම් පස මැටි හෝ වැලි සහිත ද යන බව බලාපොරොත්තුවන අස්වැන්න මැටි සහිත කුඹුරුවලට වඩා වැලි සහිත කුඹුරුවලට යොදන යුරියා වාර ගණන වැඩි කළයුතුය. මෙය විශෙෂයෙන්ම වැඩි වයස් වී වර්ග සඳහා ඉතා වැදගත්ය.

අමිශු පොහොර භාවිතයේ වැදගත්කම
පොහොර මිශ්‍රණ භාවිතයට වඩා අමිශ්‍ර පෙහොර භාවිතය ප්‍රචලිත කිරීමට පහත කරුණූ හේතු වී තිබේ.අමිශ්‍ර පොහොර ලාභදායකය ඒවා බාල කිරීමට අපහසු අතර එසේ නොකළහොත් හඳූනාගැනීමට පහසු වීම.පස පරීක‍ෂා කිරීමෙන් පසු ගොවියන්ට අමිශ්‍ර පොහොර වෙන වෙනම අවශ්‍ය ප්‍රමාණයට පමණක් යෙදීමට හැකිවීම.කාබනික පෙහොර යොදන අවස්ථාවල දී අවශ්‍ය වුවහොත් නිර්දේශිත රසායනික පොහොර යොදන පොහොර ප්‍රමාණය වෙනස් කළ හැකිවීම.ප්‍රවාහනයේ දී පොහොර සංයුතියේ වෙනසක් නොවීම.පොහොර මිශ්‍රණවලට වඩා අමිශ්‍ර පොහොර කල් තබාගත හැකිවීම.

මුලික පොහොර
මුලික පොහොර යෙදීම බීජ වැපිරීමට හෝ පැළ සිටුවීමට පෙර කුඹුරු මඩකරන අවස්ථාවේ දී කළයුතුය.පහත දැක්වෙන පොහොර වර්ග වලින් එම ප්‍රමාණ වෙන වෙනම ගෙන යෙදීමට පෙර හොඳින් මිශ්‍ර කළයුතුය.මුලික පොහොර යෙදීමේ දී පස මතු පිටට නොව පසට මිශ්‍රවන සේ යෙදිය යුතුය.පෝරු ලෑල්ලක ආධාරයෙන් තුනී මඩ තට්ටුවකින් වැසීමෙන් හෝ වෙනත් යාන්ත්‍රික ක්‍රමයකින් මෙය සිදුකළ හැකිය.

මතුපිට පොහොරක් ලෙස යුරීයා යෙදීමේදී
කුඹුරේ ජල මට්ටම සෙ. මී. 0.5 සිට සෙ. මී. 1.0 පමණ දක්වා පවත්වාගන්න. කුඹුරට ජලය ගලා ඒම සහ ගලා යාම වැළැක්වීම සඳහා වක්කඩවල් වසා තබන්න. යුරියා යොදා දින 2-3 කට පසු කුඹුරට ජලය නැවත ලබා දෙන්න.
යෙදිය යුතු පොහොර ප්‍රමාණය
ඔබ ලබාගැනීමට බලාපොරොත්තු වන අස්වැන්න අනුව යෙදිය යුතු පොහෙර ප්‍රමාණය වෙනස් වේ. අස්වනු මට්ටම 3 ක් සඳහා යෙදිය යුතු පොහොර ප්‍රමාණ පහතින් දක්වා ඇත.
  1. කෑගල්ල/මහනුවර/ බදුල්ල/නුවරඑළිය/මාතලේ දිස්ත්‍රික්කවල වී වගාව සඳහා පොහොර නිර්දේශ
(අක්කරයට කි. ග්‍රෑ.)
සාමාන්‍ය අස්වැන්නක් අපේක‍ෂාකරන විට (අක්කරයට බුසල් 80 පමණ)
 

යූරියා

ටි. එස්. පි.

එම්. ඕ. පි.

මූලික පොහොර යෙදීම

05

25

15

මතුපිට පොහොර යෙදීම

     

(අ) මාස 03 වයස් කාණ්ඩය:

     

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

 

30

 

දෙවනි මතුපිට යෙදුම

(වපුරා සති 6න්/ පැළ සිටවා සති 5 න්)

20

 

10

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

15

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

25

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්) 1

10

 

10

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

15

   

දෙවනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටුවා සති 5 න්)

15

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/

පැළ සිටුවා සති 7 න්)

20

 

10



ඉහළ අස්වැන්නක් අපේක්ෂාකරන විට (අක්කරයකට බුසල් 100 හෝ ඊට වැඩි)
 

යූරියා

ටි. එස්. පි.

එම්. ඕ. පි.

මූලික පොහොර යෙදීම

05

35

15

මතුපිට පොහොර යෙදීම

     

(අ) මාස 03 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

 30

   

දෙවනි මතුපිට යෙදුම (වපුරා සති 6 න්/ පැළ සිටවා සති 5 යි)

35

 

15

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/පැළ සිටවා සති 2 න්)

20

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරාසති 5න්/ පැළ සිටුවා සති 4 න්)

30

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්)

15

 

15

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

15

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටුවා සති 5 න්)

20

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 8 න්/ පැළ සිටුවා සති 7 න්)

30

 

15



මිනිපේ, විල්ගමුව , හෙට්ටිපොල, දඹුල්ල,නාඋල, ගලේවෙල, මහිියංගනය, රිදිමාලියැද්ද, කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා පොහොර නිර්දේශ (අක්කරයට කි.ග්‍රෑ.)

යොදන අවස්ථා

සමාන්‍ය අස්වැන්නක් (අක්කරයට බුසල් 100)

ඉහල අස්වැන්නක්සඳහා (අක්කරයට බුසල් 120)

ඉතා ඉහල අස්වැන්නක් සඳහා (අක්කරයට බුසල් 140)

යුරියා

ටී.එස්.පී

එම්.ඕ.පි

යුරියා

ටී.එස්.පී

එම්.ඕ.පී

යුරියා

ටී.එස්.පී

ම්.ඕ.පි

මූලීක පොහොර යෙදීම

05

25

15

05

35

15

05

45

15

මතුපිට පොහොර යෙදීම

(අ) මාස 03 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

 

 

 

 

35

   

 

 

 

 

40

   

 

 

 

 

50

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 6 න්/ පැළ සිටවා සති 5 යි)

50

 

10

60

 

15

77

 

20

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

35

   

25

   

30

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

40

   

50

   

55

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්)

20

 

10

20

 

15

30

 

20

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

20

   

25

   

30

   

දෙවෙනි මතුපිට යෙදුම(වපුරා සති 6 න්/ පැළ සිටුවා සති 5 න්)

30

   

30

   

40

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/ පැළ සිටුවා සති 7 න්)

35

 

10

45

 

15

50

 

20



ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම /මිනුවන්ගොඩ/ වෑකේ/ අත්තනගල්ල/ දිවුලපිටිය සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා පොහොර නිර්දේශ (අක්කරයට කි. ග්‍රෑ.)

යොදන අවස්ථා

සමාන්‍ය අස්වැන්නක් (අක්කරයට බුසල් 80)

ඉහල අස්වැන්නක්සඳහා (අක්කරයට බුසල් 100)

යුරියා

ටී.එස්.පී

එම්.ඕ.පි

යුරියා

ටී.එස්.පී

එම්.ඕ.පී

මූලීක පොහොර යෙදීම

05

25

15

05

35

15

මතුපිට පොහොර යෙදීම

(අ) මාස 03 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

30

   

30

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 6 න්/ පැළ සිටවා සති 5 යි)

20

 

10

35

 

15

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

15

   

20

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

25

   

30

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්)

10

 

10

15

 

15

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

15

   

15

   

දෙවෙනි මතුපිට යෙදුම(වපුරා සති 6 න්/ පැළ සිටුවා සති 5 න්)

15

   

20

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/ පැළ සිටුවා සති 7 න්)

20

 

10

30

 

15



රත්නපුර දිස්ත්‍රික්කයේ, බලංගොඩ (කල්තොට), ඇඹිලිපිටිය, කොලොන්න, වැලිගෙපොල, ගොඩකවෙල සහ මාතර දිසත්‍රික්කයේ හක්මන, කඹුරුපිටිය සහ යටියන ප්‍රාදේශීය ලේකම් කොටස් සඳහා පොහොර නිර්දේශ (අක්කරයකට කි. ග්‍රෑ.)

යොදන අවස්ථා

සමාන්‍ය අස්වැන්නක් (අක්කරයට බුසල් 100)

ඉහල අස්වැන්නක්සඳහා (අක්කරයට බුසල් 120)

ඉතා ඉහල අස්වැන්නක් සඳහා (අක්කරයට බුසල් 140)

යුරියා

ටී.එස්.පී

එම්.ඕ.පි

යුරියා

ටී.එස්.පී

එම්.ඕ.පී

යුරියා

ටී.එස්.පී

ම්.ඕ.පි

මූලීක පොහොර යෙදීම

05

25

15

05

35

15

05

45

15

මතුපිට පොහොර යෙදීම

(අ) මාස 03 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

35

   

40

   

50

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 6 න්/ පැළ සිටවා සති 5 යි)

50

 

10

60

 

15

70

 

20

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

25

   

30

   

35

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

40

   

50

   

55

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්)

20

 

10

20

 

15

30

 

20

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

25

   

30

   

35

   

දෙවෙනි මතුපිට යෙදුම(වපුරා සති 6 න්/ පැළ සිටුවා සති 5 න්)

30

   

30

   

40

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/ පැළ සිටුවා සති 7 න්)

35

 

10

45

 

15

50

 

20



එම දිස්ත්‍රික්කවල ඉහතින් සඳහන් නොවු අනිකුත් සියළු ප්‍රදේශවල ඛනිජ පස් සඳහා පොහොර නිර්දේශ (අක්කරයට කි. ග්‍රෑ.)

 

යොදන අවස්ථාව

 

සාමාන්‍ය අස්වැන්නක් සඳහා (අක්කරයට බුසල් 80 - 100 ක පමණ)

යුරියා

ටී. එස්. පී.

එම්. ඕ. පී.

මුලික පොහොර (පෝරු ගාන අවස්ථාවේදී)

10

25

15

(අ) මාස 03 වයස් කාණAඩයඃ

පළමු මතුපිට යෙදීම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

20

 

15

දෙවෙනි මතුපිට යෙදීම(වපුරා සති 6 න්/

පැළ සිටවා සති 5 න්)

20

 

15

(ආ) මාස 3 1/2 වයස්

කාණ්ඩයඃ

පළමු මතුපිට යෙදීම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

15

15

15

දෙවෙනි මතුපිට යෙදීම (වපුරා සති 5 න්/ පැළ සිටවා සති 4 න්)

15

15

15

තුන්වන මතුපිට යෙදීම (වපුරා සති 7 න් පැළ සිටවා සති 6 න්)

15

15

15

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය පළමු මතුපිට යෙදීම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

10

 

15

දෙවෙනි මතුපිට යෙදීම (වපුරා/පැළ සිටවා

සති 5 න්)

20

 

15

තුන්වන මතුපිට යෙදීම (වපුරා සති 8 න් පැළ සිටවා සති 7 න්)

15

   


අනුරාධපුරය/පොළොන්නරුව/මොනරාගල/හම්බන්තොට/පුත්තලම/මන්නාරම/වවුනියාව/අම්පාර/කිලිනොච්චිය/ත්‍රිකුණාමලය/මඩකලපුව/කුරුණෑගල දිස්ත්‍රික්කවල වී වගාව සඳහා පොහොර නිර්දේශ (අක්කරයට කි. ග්‍රෑ.)
සාමාන්‍ය අස්වැන්නක් අපේක‍ෂාකරන විට (අක්කරයට බුසල් 80 පමණ)
 

යූරියා

ටි. එස්. පි.

එම්. ඕ. පි.

මූලික පොහොර යෙදීම

05

25

15

මතුපිට පොහොර යෙදීම

     

(අ) මාස 03 වයස් කාණ්ඩය:

     

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

35

   

දෙවනි මතුපිට යෙදුම

(වපුරා සති 6න්/ පැළ සිටවා සති 5 න්)

50

 

10

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

25

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

40

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්) 1

20

 

10

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

20

   

දෙවනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටුවා සති 5 න්)

30

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/

පැළ සිටුවා සති 7 න්)

35

 

10



ඉහල අස්වැන්නක් අපේක‍ෂාකරන විට (අක්කරයට බුසල් 120 පමණ)
 

යූරියා

ටි. එස්. පි.

එම්. ඕ. පි.

මූලික පොහොර යෙදීම

05

35

15

මතුපිට පොහොර යෙදීම

     

(අ) මාස 03 වයස් කාණ්ඩය:

     

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

40

   

දෙවනි මතුපිට යෙදුම

(වපුරා සති 6න්/ පැළ සිටවා සති 5 න්)

60

 

15

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

30

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

50

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්) 1

20

 

15

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

25

   

දෙවනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටුවා සති 5 න්)

30

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/

පැළ සිටුවා සති 7 න්)

45

 

15



ඉතා ඉහල අස්වැන්නක් අපේක‍ෂාකරන විට (අක්කරයට බුසල් 140 පමණ)
 

යූරියා

ටි. එස්. පි.

එම්. ඕ. පි.

මූලික පොහොර යෙදීම

05

45

15

මතුපිට පොහොර යෙදීම

     

(අ) මාස 03 වයස් කාණ්ඩය:

     

පළවෙනි මතුපිට යෙදුම

(වපුරා/ පැළ සිටවා සති 2 න්)

50

   

දෙවනි මතුපිට යෙදුම

(වපුරා සති 6න්/ පැළ සිටවා සති 5 න්)

70

20

 

(ආ) මාස 3 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටවා සති 2 න්)

35

   

දෙවෙනි මතුපිට යෙදුම (වපුරා සති 5 න්/ පැළ සිටුවා සති 4 න්)

55

   

තුන්වන මතුපිට යෙදුම(වපුරා සති 7 න්/ පැළ සිටුවා සති 6 න්) 1

30

 

20

(ඇ) මාස 4, 4 1/2 වයස් කාණ්ඩය :

     

පළවෙනි මතුපිට යෙදුම(වපුරා/ පැළ සිටවා සති 2 න්)

30

   

දෙවනි මතුපිට යෙදුම (වපුරා/ පැළ සිටුවා සති 5 න්)

40

   

තුන්වන මතුපිට යෙදුම (වපුරා සති 8 න්/

පැළ සිටුවා සති 7 න්)

50

 

20




දහයියා අඟුරු සෑදීම


  1. පළමුවෙන් දරවලට ගින්දර දමන්න
  1. පසුව බටය සමඟ බැරලය එම ගින්දර මැදිවන සේ තබන්න
  1. තුන්වනුව දහයියා අඩි 3ක් පමණ උසට බැරලය වටා දමන්න(බැරලට හොඳින් රත් වු පසුව)
  1. පැයකට පමණ පසුව තහඩු කෑල්ලක උපකාරයෙන් බැරලය ළඟ ඇති පිළිස්සී, කළු පාට දහයියා පිට පැත්තට එන සේ දහයියා ගොඩේ පහත,පිටත ඇති දහයියා උඩට කරන්න
  1. මේ අන්දමට සියලුම දහයියා අඟුරු වන සේ බටය ළඟට දහයියා මුදුන් කරන්න
  1. සියළු දහයියා හොඳින් අඟුරු වුණු පසුව දහයියා තුනීකර වැඩි වතුර ප්‍රමාණයක් ඉසීමෙන් දහයියා අළු බවට පත්වීම නතර කරගත හැක.
  1. බටයෙන් දුම් නිකුත්වීම නතර වුවිට තහඩු කෑල්ලකින් දර දමා ඇති තැන මතුකර දර හොඳින් මැදට කරන්න. නැවත අළුතින් දර දමා ගින්දර දමන්න. පසුව ආපසු එම දර ද වැසෙන සේ දහයියා මුදුන් කරන්න
දහයියා අඟුරු සාදා ගැනීමේ බැරලය

  • යකඩ තහඩුවකින් මෙම බැරලය සාදා ගතහැකිය
  • දුම් බටයද යකඩ තහඩු වලින් සාදා ගතහැක
  • ඕනෑම පරිමානයේ බැරල සාදා ගතහැක. ගැලුම් 45 බැරලයකින් දහයියා අඟුරු මහා පරිමාණයෙන් සෑදීම කළහැක
වී වගාව සඳහා බීම් සකස් කිරීම
බිම් සකස් කිරීම
  • ඕනෑම වගාවක බිම් සකස් කිරීමේ අරමුණු කාරණා දෙකකින් යුක්තවේ.
  • පස අවශ්‍ය ලෙස බුරුල් කරගැනීමත්, වල්පැළ පාලනය කිරීමත් මෙම ප්‍රධාන අරමුණු ලෙස ගතහැකිය.
  • ඉහත අරමුණු ඉටුකර ගැනීමට මෙම බිම් සකස් කිරීමේ ක්‍රයාවලියේ විවධ කාර්යය සඳහා ඊට සුදුසු උපකරණ භාවිතා කළ යුතුය.


මුලික බ්ම් සකස් කිරීම

  • මුලික බිම් සැකසීමේ අරමුණ වනුයේ අවශ්‍ය ගැඹුරට පස පෙරලා ගැනීම හා වල් පැළ වර්ග පොළවට යටකර ගැනීම
  • මේ සඳහා උදලු, සීසාන විට පස පෙරලෙන ලෙස සැකසු රෝද දෙකේ මේ සඳහා උදලු, සීසාන විට පස පෙරලෙන ලෙස සැකසු රෝද දෙකේ ට්‍රැක්ටරයට සවිකළ හැකි මෝල් බෝඩ් නඟුල,තැටි නඟුල හෝ ගවයින් සඳහා යොදාගන්නා දේශීය නඟුල භාවිතාකළ යුතුය.
  • මෙය දිගුකාලීනව කුඹුරෙහි වල් පැළ පාලනය කිරීම සඳහා ඉතා වැදගත් වේ.
  • බිම්හීය සෑම සඳහා යොදාගන්නා උපකරණ භාවිතා නොකොට වෙනත් උපකරණ භාවිතා කිරීම මඟින් බිම් සකස් කිරීමේ මුලික අරමුණු ඉ‍ටුකර ගැනීමට නොහැකිවීම නිසා එය අවසානයේ ලබාගන්නා අස්වැන්න කෙරෙහි විශාල වශයෙන් බලපායි.


දෙවැනි බිම් සකස් කිරීම (දෙහීය)

  • මෙම දෙවැනි බිම් සකස්කිරීම හෙවත දෙහීය මඟින් බලාපොරොත්තු වනුයේ මුලින් පෙරලාගන්නා ලද පොළවේ ඇති විශාල කැටිති කුඩා කොටස්වලට කඩාගැනීමත්, පසුව පැළවුන වල් පැළ පො‍ළවට යටකර ගැනීමත්ය, මේ සඳහා රෝද දෙකේ ට්‍රැක්ටරය යොදා ගන්නේ නම් රොටරිය ද ගවයින් යොදා ගන්නේ නම් දේශීය නගුලක් ද යොදාගත යුතුය.
  • මෙහිදි මුලික බිම් සැකසීමේ දිසාවට හරස් අතට වන ආකරයට මෙම දෙහීය සෑම කළ යුතුය
  • මෙම දෙවැනි හීය බොහෝ විට කේ‍ෂ්ත්‍රයේ පැළ සිටුවීමට හෝ වී වැපිරීමට දින 7-10 කට පෙර සිදුකළ යුතුය
  • එසේම දෙහීය සෑමට පෙර සියළුම නියරවල් හා ඇලවේලි පිරිසිදු කරගත යුතුය


තෙවැනි බිම් සකස් කිරීම


  • තෙවැනි බිම් සකස් කිරීම වනුයේ කුඹුර පෝරු ගා මට්ටම්කර ගැනීමය.
  • මේ සඳහා මුලින් දැති පෝරුව ද ඉන්පසු මට්ටම් කිරීම සඳහා මට්ටම් පොරුවක් යොදාගැනීම සාමාන්‍ය ක්‍රමයයි
  • මෙම අවස්ථාවේ දී මුලින්ම කළ යුත්තේ ලියැද්දේ වතුර අවශ්‍ය ප්‍රමාණයට තබා වැඩි වතුර ඉවත්කර ගැනීමයි.
  • ඉන්පසු වක්කඩ බැඳ කේෂ්ත්‍රයට යොදන මුලික පොහොර මිශ්‍රණය ඉස, පෝරුගෑම සිදුකළ යුතුය
  • මෙම පෝරුගෑමට පෙර පොහොර යෙදීම මඟින් එම පොහොර යෙදීම මඟින් එම පොහොර හොඳින් පසට කලවම්කර ගැනීම මුලික අරමුණ වේ
  • ලියැද්ද පෝරුගා හොඳින් මට්ටම් කළයුතුය. මෙලෙස මට්ටම් කිරීම මඟින් ලියැද්ද පුරාම මනා ජලපාලනයක් කරගැනීම පහසුවේ
  • එමඟින් වල් පැළ පාලනයත් මතුපිට පොහොර වශයෙන් යොදන පොහොරවල කාර්යක්ෂමතාවයත් වැඩිවේ
  • පෝරු ගා මට්ටම් කරගන්නා ලියැදි අවම වශයෙන් දින එකක්වත් රොන් මඩ තැන්පත්වීම සඳහා වක්කඩ බැඳ තැබිය යුතුය
  • මින්පසු වතුර කපා හැර පැළ සිටුවීම හෝ වැපීරීම සිදුකළ යුතුය
වී වගාවේ භාවිතා කරන උපකරණ
සංයුක්ත කොළ මඩින යන්ත්‍රය
ගොයම් පාගනය
ගොයම් පැළ සිටුවනය
කොළ මඩින යන්ත්‍රය
බීජ වප්කරය
ජොන් පුල්ලේ බීජ වප්කරය
ජපන් වල් නෙලනය
කෝර්නෝ වල් නෙලනය
මෝල් බෝඩි
රිජරය
රොටවේටරය (රෝද 4 ට්‍රැක්ටර් සඳහා )
තැටි නඟුල
කොකු නඟුල
රීපරය
හැරෝව
රොටවේටරය (රෝද 2 ට්‍රැක්ටර් සඳහා )
නඟුල මෝල්බෝඩ් රොටවේටරය (රෝද 4 අත් ට්‍රැක්ටර් සඳහා )
බෙර රෝදය
මඩ රෝදය
බුසල
නඟුල
පෝරු ලෑල්ල
කුඩු ඉසිනය
දියර ඉසිනය
වැපිරීම, පැළ සිටුවීම හා තවාන්
වැපිරීම, පැළ සිටුවීම

වැපිරීම සඳහා අක්කරයකට බිත්තර වී බුසල් 2ක් පමණ ප්‍රමාණයක් යෙදීම සුදුසු වේ. මෙය වී වර්ගය අනුව හා කේෂ්ත්‍රය සැකසීමේ ගුණාත්මය මත වෙනස් වේ. පැළ සිටුවීම සඳහා අක්කර 1ට බිත්තර වී බුසල් 1 අතර ප්‍රමාණයක් මඩ තවාන් හෝ ඩැපොග් තවාන් හෝ නව දියුණු ඩැපොග් තවාන්වලට යෙදිය යුතුවේ. බිත්තර වී බුසලක් තවාන් දැමීම සඳහා අක්කර එකකින් 1/10 පමණ ඉඩ ප්‍රමාණයක් අවශ්‍යවේමාස 3 ½ - 4 වී වර්ග මඩ තවාන් යොදා පැළ සිටුවීම කරන්නේ නම් තවානේ දින 14 – 16 අතරතුර දී සිටුවිය යුතුය.ඩැපොග් ක්‍රමයේදී මඩ තවානේන් පැළ ගැලවීමට වැයවන කම්කරු වියදම සම්පුර්ණයෙන් ඉතිරිකර ගැනීමට හැකිවේ.පැළ මාස 4ට වැඩි වයස් වී වර්ග සඳහා සෙ.මී 15 x 20 පරතරය ද මාස 3 ½ ට අඩු වයස් වී සඳහා සෙ.මී 15 x 15 සේ සිටුවීමෙන් අක්කරයට නියමිත පැළ ප්‍රමාණය පවත්වාගත හැකිවේ.පැළ සිටුවීමේ දී අනවශ්‍ය ගැඹුරට පැළ සිටුවීමෙන් පඳුරු දැමීම අඩු වී අස්වැන්නට බලපායි.


යල කන්නයට වගා කාලය



මහ කන්නයට වගා කාලය



තවාන්

1 මඩ තවාන


හෙක්ටයාරයක භූමියක වී සිටුවීම සඳහා වර්ග මීටර් 100 ක පමණ තවානක් අවශ්‍ය වේ. මෙහිදී කේෂ්ත්‍රයේම පැත්තක හොඳින් බිම් සැකසු කාබනික හා අකාබනික පොහොර යෙදු භුමියක් තෝරාගත යුතුය. එම ස්ථානයේ හොඳින් ජලය බැස යා යුතු අතර හොඳින් හිරු එළිය ලැබිය යුතුය. වැපිරීම සඳහා භාවිතා කරන බීජ වී ප්‍රමාණය අක්කරයකට බුසල් 1පමණ වේ වී වපුරා දින 12- 18 අතර කාලය තුළ පැළ ගළවා සිටුවීය යුතුවේ.

2 ගොඩ තවාන


හොඳින් හිරු එළිය තිබෙන වැලි පසක් සහිත ස්ථානයක ගොඩ පාත්තිවල ගොඩ තවාන දමනු ලැබේ. මෙහිදි ද පස කාබනික ද්‍රව්‍ය සහ අකාබනික පොහොර යොදා සාරවත් කරගත යුතු අතර සෙන්ටි මීටර් 10 ක් පමණ පරතරයට පේළියට බීජ ඉසිනු ලැබේ.

3. ඩැපොග් තවාන


වී වගාකරන කේෂ්ත්‍රයේම හෝ වෙනත් තැනක පස සමතලකර ඊට උඩින් ‍පොලිතින් හෝ කෙසෙල් කොළ අතුරා ඒ මතට යම්කිසි උපස්තරයක් යොදා හෝ නොයොදා කනු කැපුන වී හෝ පැළ නොවු බීජ ඉසිනු ලැබේ. සාමාන්‍යයෙන් ඉතා වැඩි ඝනත්වයකට පැළ ඉසිනු ලබන අතර වර්ග මීටරයකට වී බීජ කිලෝ තුනක් පමණ යෙදිය හැක. ඩැපොග් පැළ දින 10-12 අතර ගලවා සිටුවිය යුතුය. මෙම ක්‍රමය මඟින් කාලය ශ්‍රමය හා භූමිය ඉතුරුකර ගත හැකි වුව ද පැළ සිටුවීමේ දී අපහසුතා පැන නැඟිය හැක.
ස්වයං බීජ නිෂ්පාදනය‍
ස්වයං බිත්තර වී නිෂ්පාදනයේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල
  1. පළමුව උසස් ගුණාත්මයක් සහිත වී භාවිතකර වගාව ආරම්භ කළයුතුය.මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහතික බීජ හෝ ලියාපදිංචි බීජ යොදාගතහැකි නම් වඩා සුදුසුය.
  1. වගාකරන වී ප්‍රභේදයේ වයස් සීමාව ගැන සලකා බලා එහි අස්වනු නෙලීම වියළි කාලගුණික තත්ත්වයක් යටතේ දී සිදුකර ගතහැකි වන පරිදි වඩාත් සුදුසුම අවස්ථාවේ දී වගාව ආරම්භ කළයුතුය.
  1. ඔබට අවශ්‍ය බිත්තර වී ප්‍රමාණය නිපදවා ගැනීමට ප්‍රමාණවත් කුඹුරක් හෝ කුඹුරක කොටසක් තෝරාගන්න. එය සාරවත් වියයුතුය. ජලපාලනය පහසුවෙන් කළහැකි වියයුතුය. වදුලෙන් තොර වියයුතුය.
  1. කුඹුර මනා ලෙස සකස්කරගැනීම කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වන්න. පසුගිය කන්නයේ දී හැලූණු වී ඇට සහ වල් ඇට විනාශ වීම සඳහා ප්‍රමාණවත් පරිදි බිම් සකස් කළයුතුය.
  1. හැකි සෑම විටම පෙලට පැළ සිටුවීමට උත්සාහ කරන්න.
  1. නිර්දේශිත ආකාරයට නියමිත පොහොර වර්ග හා ප්‍රමාණයන් නියමිත අවස්ථාවන්හි දී යොදන්න.
  1. ගොයමට දින 14-21 දී පමණ වල් පැළෑටි තිබේ නම් ඉවත්කරන්න. ලියදි මෙන්ම නියරවල් ද හැම විටම වල් පැළෑටිවලින් තොරව තබාගැනීම වැදගත්ය.
  • වගාවේ මුල් කාලයේදී මෙන්ම ගොයම පීදුන පසුව ද වරින් වර වගාව හොඳින් පරීක්ෂාකර වගාකර ඇති වී ප්‍රභේදයේ ලක‍ෂණවලට වඩා වෙනස් ලක‍ෂණ පෙන්වන වී පඳූරු ඇත්නම් ගලවා ඉවත්කරන්න.
  • ඔබගේ වගාවෙන් ගලවා ඉවත් කළයුතු පැළ හඳූනාගැනීම පිළිබඳව වගාව ආරම්භයේ සිටම විශේෂයෙන් සැලකිලිමත් වන්න.
  • වගාවේ විවිධ අවස්ථාවන්හි මෙලෙස ඉවත් කළයුතු පැළ පහත සඳහන් ලක‍ෂණ මඟින් පහසුවෙන් හඳූනාගතහැකිය.

  • ඉවත්කළයුතු පැළ හඳූනාගැනීම
පැළෑටියේ උසෙහි වෙනස්කම්
උසෙහි දක්නට ලැඛෙන වෙනස්කම් අනුව පැළ අවධියේ දී මෙන්ම වැඩුණු වගාවක ද ඉවත් කළ යුතු පැළ තීරණය කළහැකිය.

කඳෙහි පැහැය
වගාකර ඇති ප්‍රභේදයට අයත් පැළෑටිවල කෙඳහි පැහැයට වඩා වෙනස් පැහැයක් ඇති පැළෑටි ඉවත්කරන්න.

පත්‍රවල ලක්ෂණ
විවිධ ප්‍රභේදයන්හි පත්‍රවල විශාලත්වය, වර්ණය හා පත්‍ර පිහිටා ඇති කෝණය වෙනස් වියහැකිය.

පීදීමේ වෙනස්කම්
වගාකර ඇති වී ප්‍රභේදයට වඩා ඉක්මනින් හෝ ප්‍රමාද වී පීදෙන පඳුරු මෙයින් අදහස් වේ. මිශ්‍ර වී ඇති ගොයම් ගස් පහසුවෙන් හඳුනාගතහැකි වන්නේ මෙම අවස්ථාවේදීය.

කරලේ ඇටවල ස්වභාවය
විවිධ ප්‍රභේදවලට අයත් බීජවල හැඩය, වර්ණය, ප්‍රමාණය සහ නණ්ඩුව ඇති නැති බව අනුව මිශ්‍ර වී ප්‍රභේද පහසුවෙන් හඳුනාගතහැකියළ.බිත්තර වී නිෂ්පානයේ දී වෙනත් වර්ගවල පැළ ඉවත්කිරිම අනිවාර්යයෙන්ම අනුගමනය කළයුතු ඉතා වැදගත් කාර්යයකි.

සහල්වල වර්ණය
වගාකර ඇති වී ප්‍රභේදයෙහි සහල්වල වර්ණය රතු හෝ සුදු පැහැති ද යන්න පිළිබඳව සලකා බැලීමෙන් ද මිශ්‍රවී ඇති වී පඳුරු ඉවත් කළහැකිය. පින්න වැටී කරල් තෙත්ව ඇතිවිට වගාව පරික්ෂාකිරීමෙන් රතු සහල් සහිත කරල් හඳුනාගතහැකිය.

  1. පළිබෝධ හා රෝග මර්දනය සඳහා නිර්දේශිත පිළිවෙත් අනුගමනය කරන්න.
  1. අස්වනු නෙලීම හා සැකසීම.
වගාවේ කරල්වල ඇටවලින් 85% ක් පමණ රන්වන් පැහැ වූ පසුව ගොයම කපාගන්න.අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව, පත්‍රවල පැහැය මත නොව කරලේ පැසීම මත තීරණය කරන්න.මෙම ප්‍රමාණයට පැසී ඇති වගාවක අස්වනු නෙලීම තව දුරටත් ප්‍රමාදකිරීම සුදුසු නැත. එසේ ප්‍රමාදකළ විට බීජවලට නොයෙක් ආකාරයෙන් හානි සිදුවිය හැකිය. හැකි සෑම විටම කැපූ ගොයම දිනක් හෝ දෙකක් ලියැද්දේම වේලන්න.

ගොයම පෑගීම කකුලෙන්, හරකුන් මඟින් හෝ කොළ මඩින යන්ත්‍රයක් භාවිතකිරීමෙන් කළහැකිය. මේ සඳහා කොළ මඩින යන්ත්‍රයක් වඩාත් සුදුසුය.රෝද හතරේ ට්‍රැක්ටර් මඟින් පෑගීමේදී බීජ කැඩිමට ඇති හැකියාව අධිකය.ගොයම් පෑගීමට යොදාගන්නා යන්ත්‍ර හා උපකරණ මඟින් ද ප්‍රභේද මිශ්‍රවීමට ඉඩතිබේ. එනිසා මෙම යන්ත්‍රෝපකරණ හොඳින් පිරිසිදු කරගැනීමෙන් පසු පමණක් ගොයම් පෑගීම සඳහා යොදාගන්න. සුළං කිරිමෙන් බොහෝ වල් ඇට ඉවත් වේ. නමුත් බරින් වැඩි වල් ඇට ඉවත් කරගැනීමට හැකි වන්නේ සුදුසු සල්ලඩයක් භාවිතකිරීමෙන් පමණකි.
  1. වියළාගැනීම.
පිරිසිදු කරගත් වී තොගය හැකි ඉක්මනින් ඉතා හොඳින් අව්වේ වියළාගන්න. මෙමඟින් වීවල තෙතමනය 12% - 13% පමණ අඩුකර ගතහැකිය. බීජ වියළන විට කෙලින්ම පොළව සමඟ ගැටීමට ඉඩ නොදෙන්න. පිරිසිදු මාගල් හෝ කැන්වස් රෙදි හෝ වැනි යමක් භාවිතකරන්න. අධික වියළීමෙන් බීජ පිපිරීමක් සිදු නොවන පරිදි ප්‍රමාණවත් අයුරින් වියළාගන්න.වියළීම ඒකාකාරීව සිදුකරගැනීමට වරින් වර බීජ මිශ්‍රකරන්න. වී පවනේ තබා සිසිල් වූ පසු පිරිසිදු ගෝනිවල අසුරාගන්න.
  1. ගබඩාකිරීම.
පිරිසිදුකර වියළා ගත් බීජ සිසිල් වියළි තත්ත්වයන් යටතේ හොඳින් වාතාශ්‍රය ලැඛෙන පරිදි ගබඩා කිරීමෙන් පැළවීමේ ශක්තිය වැඩි කලක් ආරක‍ෂා කරගත හැකිය. හොඳින් වියළා ගත් බීජ කෘමිහානිවලට ගොදුරු වන්නේ ද අඩුවෙනි. විශේෂයෙන් තෙත් කලාපයේ බීජ ගබඩාකර තබාගන්නා විට වරින් වර අව්වේ වියළාගැනීම වැදගත්ය.ගබඩාකර ඇති බිත්තර වී නිරතුරුවම පරීක‍ෂාකර බලන්න.ඉපියන් හා ගුල්ලන්ගේ හානිය, බීජවල තෙතමනය ඉහළයාම වැනි අහිතකර තත්ත්ව හඳූනාගතහොත් නැවත වියළා පිරිසිදු කරගන්න.

බිත්තර වී වශයෙන් පමණක් භාවිතකිරීමට බලාපොරොත්තු වන වී සඳහා අවශ්‍ය නම් සුදුසු කෘමිනාශකයක් යොදා කෘමිහානි වළක්වා ගතහැකිය.ගබඩාවේ දී බිත්තර වීවලට මීයන් සහ කුරුල්ලන්ගෙන් සිදුවිය හැකි හානි පාලනය කරගැනීමට ද කටයුතු කරන්න. පහසුවෙන් හඳූනාගැනීම සඳහා ගෝනිය ඇතුළත හා පිටත වී වර්ගය සහ අස්වනු නෙලූ දිනය සඳහන් ලේබලයක් දමන්න.ගෝනිවල වී ගබඩාකරන්නේ නම් එම ගෝනි පොළව සමඟ ස්පර්ශ නොවන සේ ලී රාමු මත ගබඩාකරන්න. කාමරයේ බිත්තිවලට නොගෑවෙන සේ තබා ගැනීමට ද වගබලාගන්න. ඔබගේ අවශ්‍යතාවය ඉක්මවා පිරිසිදු බිත්තර වී නිපදවා ගතහොත් එම වී අලෙවිකිරීමෙන් අමතර ආදායමක් ද ලබාගතහැකිය. උසස් ගුණාත්මයක් සහිත බිත්තර වී ඔබට නිපදවාගත හැකිවන්නේ ඒ සඳහා සුදුසු කුඹුරක් තෝරාගැනීමේ සිට අවසානයේ දී වී ගබඩාකරන අවස්ථාව දක්වා ඉටුකළ යුතු වැදගත් කාර්යයන් සියල්ල කෙරෙහි මැනවින් සැලකිලිමත් වීමෙන් පමණකි.
සහතික බිත්තර වී නිෂ්පාදන ක්‍රියාවලිය

සහතික බිත්තර වී නිපදවීම සඳහා මූලික බීජ වශයෙන් ලියාපදිංචි පරම්පරාවේ බීජ යොදාගත යුතුය.එහිදී කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් බීජ නිෂ්පාදකයන් වෙත මූලික බීජ ලබා දී ඔවුන්ව බීජ වගාකරුවන් ලෙස බීජ සහතිකකිරීමේ සේවයහි ලියාපදිංචි කරවනු ඇත. මෙම වගාකරුවන් බීජ සහතිකකිරීමේ සේවයහි ප්‍රාදේශීය කාර්යාලවල අධීක‍ෂණය යටතේ සහතික බීජ නිෂ්පාදනය කරනු ඇත.සහතික බිත්තර වී නිෂ්පාදනයේදී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙල බොහෝදුරට සාමාන්‍ය පාරිභෝගික වී නිෂ්පාදන ක්‍රියාපිළිවෙලට සමාන වුව ද වගාව ආරම්භයේ සිටම, බීජ තෝරාගැනීමේ සිටම, යම් යම් අවස්ථාවල දී වගාව වෙත විශේෂ අවධානයක් යොමුකිරීමටත් විශේෂ වත් පිළිවෙත් අනුගමනයකිරීමටත් සිදුවේ. එම නිසා මෙම වගා පිළිවෙත් එකින් එක සලකාබැලීම ඉතා වැදගත්ය.

1. බෝගය පිහිටුවීම
1-1
උසස් ගුණාත්මයෙන් යුත් බීජ යොදාගැනීම.
ඉල්ලූම, දේශගුණික තත්ත්වයන්ට ගැලපීම, රෝග සහ පළිබෝධ වලට ඔරොත්තුදීමේ හැකියාව, ආදී කරුණු සලකා බලා බීජ නිපදවීම සඳහා සුදුසු ප්‍රභේද තෝරාගතයුතුය. සහතික බීජ වී නිපදවන්නේ නම් අවම වශයෙන් ලියාපදිංචි බීජ (Registered Seed)පංතියට අයත් බීජවලින් වගාව ආරම්භ කළයුතුයි. ලියාපදිංචි බීජ සපයාගැනීමට නොහැකිවන අවස්ථාවල දී සහතික පළමුවෙනි පරම්පරාවේ බීජවලින් (Certified Seed-1) වගාව ආරම්භ කළහැකිය.
1-2
යෝග්‍ය ස්ථානයක් තෝරාගැනීම සාරවත් පසකින් යුක්ත පහසුවෙන් ජලපාලනය කළහැකි හොඳින් හිරුඑළිය වැටෙන ක්ෂේත්‍ර මේ සඳහා යොදාගත යුතුය.
1-3
සුදුසු කාලයේදී වගාව ආරම්භකිරීම - (කන්නයට වගාකිරිම) වර්ෂා ජලය සහ හිරුඑළිය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමටත් වගාව රෝග පළිබෝධවලින් ආරක‍ෂාකර ගැනීමටත් කන්නයට වගාව ආරම්භකිරිම නිසා හැකිවනු ඇත. විශේෂයෙන් වී වගාවේ අස්වනු නෙලන අවස්ථාවේ දී හොඳ වියළි කාලගුණයක් තිබිය යුතුයි. එසේ නොවුන හොත් එය බීජවල ගුණාත්මය කෙරෙහි තදින් බලපානු ඇත.
1-4
ක්‍රමවත්ව බිම් සකස් කිරීම වී වගාවේදී අවශ්‍ය තරමට ගැඹුරට සී සෑම, බීජ වගාවට හොඳ ආරම්භයක් ලබාදෙයි. ක්‍රමවත්ව බිම සකස්කිරීමක් බීජ වැපිරීමට හෝ සිටුවීමට අවශ්‍ය යෝග්‍ය මතුපිටක් ලබාදෙනවා පමණක් නොව එය සාර්ථක වල් පැළෑටි මර්දනයකටත් පසේ ඇති කාබනික හා අකාබනික පොහොර හොඳින් පසට මිශ්‍රවීමටත් හොඳ මූල වර්ධනයක් සඳහා පස පිළියෙලකිරීමටත් හේතුවේ.
1-5
පෙළට පැළ/ බීජ සිටුවාගැනීම.බීජ වී වගාවේ දී අනිවාර්යයෙන්ම ඉවත්කළ යුතු වෙනත් ප්‍රභේදවල පැළ ඉවත්කිරීම මෙන්ම වල් පැළ පාලනය ද මේ නිසා පහසු වේ. සුදුසු පැළ ගහණනක් පවත්වාගැනීම මඟින් ඉහළ බීජ අස්වැන්නක් ලැබීම සහතික කෙරේ. මෙලෙස වගාව පිහිටවීම වගාවේ සිදුකරන රෝපණ ක්‍රියා නිසියාකාරව සිදුකිරීමට ද උපකාර වේ.

2. වගාව නඩත්තුකිරීම.

2-1 වල් පැළෑටි පාලනය.
ආරම්භයේ සිටම වගාව වල් පැළෑටිවලින් තොරව පවත්වාගැනීමට අවශ්‍ය පියවර ගතයුතුයි. හොඳින් බිම සැකසීම, උසස් තරඟකාරී ප්‍රභේද තෝරාගැනීම, හොඳ ගුණාත්මයකින් යුත් බීජ භාවිතය, නියමිත පැළ ගහණයක් පවත්වාගෙන යෑම, මනා ජලපාලනය, වෙනත් යාන්ත්‍රික හා රෝපණ ක්‍රම සහ රසායනික වල්නාශක භාවිතය යන කරුණු ඒකාබද්ධ වල් පැළ පාලන ක්‍රියාවලියේ දී වැදගත් වේ. වල් පැළ අධිකව තිබීමෙන් බීජ අස්වැන්න ප්‍රමාණාත්මක වශයෙන් මෙන්ම ගුණාත්මක වශයෙන් ද පහළ වැටෙයි.

2-2 පොහොර භාවිතකිරීම.
ප්‍රභේදයේ වයස අනුව නිර්දේශකර ඇති පොහොර අවශ්‍ය ප්‍රමාණයෙන්. නිසි අවස්ථාවේ යෙදීම නිසා පරිපූර්ණ වූ බීජ සහිත හොඳ අස්වැන්නක් ලැබේ. පසේ සරුබව වැඩිකිරීමට බිම් සකසන අවස්ථාවේදීම කාබනික පොහොර පසට එකතුකිරීමට කටයුතු කළයුතුය.ප්‍රමාණවත් කාබනික පොහොර යෙදීමක් නොමැතිව රසායනික පොහොරවල උපරිම කාර්යක‍ෂමතාව ලබාගත නොහැකි බව පර්යේෂණ දත්තවලින් තහවුරු කරඇත.

2-3 මිශ්‍ර වී ප්‍රභේදවල පැළ/ කරල් ඉවත්කිරීම.
මිශ්‍ර ප්‍රභේද ඉවත්කිරීම බීජ වී වගාවේ දී වැඩි වශයෙන් අවධානය යොමුකළයුතු කරුණකි.තවානේදී පැළ ගොයමේ දී මෙන්ම වැඩුණු ගොයමේදී ද මෙම මිශ්‍ර ප්‍රභේද හඳුනාගැනීම පහසුවීම සඳහා පැළවල දක්නට ලැඛෙන පහත සඳහන් ලක‍ෂණ පිළිබඳව අවධානය යොමුකරන්න.
  • පැළෑටිවල උසේ වෙනස්කම්.
  • පැළෑටි කඳේ වෙනස්කම්. (වර්ණයේ, කෝණය)
  • පත්‍රවල වෙනස්කම්
  • පීදීමේ වෙනස්කම්
  • කරල්වල/ බීජවල වෙනස්කම් (වර්ණය, ප්‍රමාණය, හැඩය, නණ්ඩුව)
  • සහල්වල වර්ණයේ වෙනස්කම් (සුදු, රතු)
  • ධජ පත්‍රයෙහි වෙනස්කම්
මෙම වෙනස්කම් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවූ මුල් අවස්ථාවේදීම ඒවා ගලවා ඉවත්කරන්න. බිත්තර වී නිපදවීමේ දී වගාවේ දක්නට ලැඛෙන වෙනත් ප්‍රභේදවලට අයත් පැළ, පඳුරු, කරල් ඉවත්කිරීම අනිවාර්යයෙන්ම කළයුතුය.

2-4 රෝග පළිබෝධ පාලනය.
හොඳ බීජ වී, රෝග හා පළිබෝධවලින් තොර වියයුතුයි. වගාව නිරතුරුවම පරීක‍ෂාකර අවශ්‍ය අවස්ථාවේ දී නිසි පිළියම් යොදන්න. ඒකාබද්ධ පළිබෝධ පාලනය අනුගමනයකිරීමෙන් ඔබගේ වගාව රෝග හා පළිබෝධවලින් ආරක‍ෂා කරගන්න.

3. අස්වනු නෙලීම.
වියළි කාළගුණික තත්ත්ව යටතේදී අස්වනු නෙලීම ආරම්භ කරන්න.
කරලේ 85% පමණ රන්වන් පැහැයට හැරුණු පසු අස්වනු නෙලීම මැනවි, අස්වනු නෙලීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරිමෙන් එම අස්වැන්නට ගුණාත්මක හා ප්‍රමාණාත්මක වශයෙන් හානි සිදුවේ. ප්‍රභේද කිහිපයක් වගාකර ඇත්නම් වෙන් වෙන්ව අස්වනු නෙලීම කරන්න. අධික ලෙස රෝග හා පළිබෝධ හානිවලට පාත්‍ර වූ වගාවන් ගෙන් බීජ ලබා නොගත යුතුය.

4. ගොයම් පෑගීම.
බීජවලට අවම හානියක් සිදුවන අයුරින් කොළ මඩින යන්ත්‍ර මඟින් හෝ මී ගවයන් ලවා පාගාගැනීම කරන්න. රෝද හතරේ ට්‍රැක්ටර් මඟින් කොළ පෑගීමේදී බීජවලට වන හානිය සාපේක‍ෂ වශයෙන් වැඩිවිය හැකිය. කමතක් යොදාගන්නා විට වර්ග මිශ්‍රවීමට ඇති අවදානම ගැන සැලකිලිමත් වන්න.පෑගීමට ප්‍රථම කමත ඉතා හොඳින් පිරිසිදු කරන්න. හැකි සෑම විටම පිරිසිදු ගෝනි පඩංගුවක් හෝ වෙනත් සුදුසු ඇතිරිල්ලක් මත ගොයම පාගාගන්න.

5. බීජ සැකසීම.
පාගා වෙන්කරගත් බීජ හොඳින් ද්ධකිරීමෙන් අපද්‍රව්‍ය සහ බොහොමයක් වල් පැළෑටි බීජ ඉවත් කළහැකිය. සුළංකිරීම සහ සල්ලඩකිරීම මඟින් බද්ධකරගත් බීජ ඉතා හොඳින් වියළීමෙන් එහි ගබඩාකාලය දිගුකර ගැනිමටත් කෘමිහානි අවමකර ගැනීමටත් හැකිවේ.

6. බීජ ගබඩාකිරීම
නැවත ප්‍රයෝජනයට ගන්නා තෙක් බීජවල ගුණාත්මය ආරක‍ෂාවන පරිදි හොඳින් වාතාශ්‍රය ලැඛෙන සිසිල් වියළි ස්ථානයක බීජ ගබඩා කරන්න. පිරිසිදු ගෝනි හෝ පොලිසැක් මළුවල අසුරන ලද බීජ පොළව මත නොතබන්න. ලී රාමු හෝ ලෑලි මත තබන්න. නිරතුරුවම ගබඩාවේ ඇති බීජ පරීක‍ෂාකර කෘමිහානි ඇත්නම් සුදුසු පිළියම් කරන්න.බීජ සහිත ඇසුරුම්වලට ලේබල් දැමීමෙන් ගබඩාවේදී මිශ්‍රවීම වැළැක්විය හැකිය.
බීජ සහතික කිරීමේ සේවය ලබාගැනීම




ඔබගේ බීජ වී වගාව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ. බීජ සහතිකකිරීමේ සේවය (බී. ස. සේ) මඟින් සහතික කරවාගැනීමට බලාපොරොත්තුවන්නේ නම් පහත සඳහන් කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න.වගාව ආරම්භකිරීම සඳහා ලියාපදිංචි බීජ මිලදීගැනීම.අවම වශයෙන් අක්කරයක් වත් බීජ වගාකිරීම.වගාව පිහිටුවා සති දෙකක් ඇතුළත ළඟම ඇති ප්‍රාදේශිය බීජ සහතිකකිරීමේ සේවා කාර්යාලයට දන්වා වගාව ලියාපදිංචි කරවීම.

වගාව ලියාපදිංචි කිරිමේ දී බීජ මළුවල තිබූ ලේබල් හෝ මිළදී ගැනීමේ දී ලබාගත් රිසිට්පත් ඉදිරිපත්කිරිම සහ කෘෂිකර්ම අධ්‍යක‍ෂ ජනරාල් පේරාදෙණිය නමට ලබාගත් රු.400/= මුදල් ඇණවුමක්/ චෙක්පතක් ඉදිරිපත්කිරීම.අස්වනු නෙලීමට සති 2 කට වත් පෙර ඒ බව අදාල බීජ සහතිකකිරීමේ සේවයෙහි නිලධාරීන් වෙත දැනුම් දී අවසන් ෙක‍ෂ්ත්‍ර පරීක‍ෂණ වාර්තාවක් ලබාගැනීම.බීජ සකස්කරගත් පසු නියැදි ගැනීම සඳහා බීජ සහතිකකිරීමේ සේවය වෙත දැනුම් දීම.

බීජ පරීක‍ෂණ ප්‍රතිඵල නිකුත්වු පසු අදාළ සහතිකකිරීමේ ලේබල බීජ ගෝනිවලට යෙදීමට කටයුතුකිරීම.

සහතිකකිරීමේ ලේබලයක් නොමැති විට ඔබගේ බීජ සඳහා උපරිම මිළක් ලබාගැනීම අපහසු වියහැක.


සහතික බිත්තර වීවල තිබිය යුතු ප්‍රමිතීන්

පැළවීම (අවම)
85%
තෙතමනය (උපරිම)
13%
පවිත්‍ර බීජ (අවම)
98%
අපද්‍රව්‍ය (උපරිම)
02%
වෙනත් ප්‍රභේද බීජ (ග්‍රෑම් 500ට)
100
වල් බීජ (ග්‍රෑම් 500)
05
හානි වූ බීජ (ග්‍රෑම් 500ට)
200
අනෙකුත් බෝග බීජ (ග්‍රෑම් 500ට)
00
පෙනුම
හොඳයි
සුවඳ
හොඳයි
දෙමුහුම් වී තාක්ෂණය
දෙමුහුම් තාක්ෂණය (Hybrid technology) යනු කුමක්ද?

කවර බෝග වර්ගයක දී වුවද දෙමුහුම් තාක්ෂණය යොදා ගැනීමේ දී සිදු කරන්නේ ජානමය සම්බන්ධතාවය අතින් දුරස් නුමුහුම් ප්‍රභේද දෙකක් මව් හා පිය පරම්පරා ලෙස යොදාගෙන අන්තරාභිජනනයෙන් පළමු පරම්පරාවක් නිපදවා (F1) එම ශාක වාණිජ ලෙස වගා කිරීමයි. මෙහිදී පළමු පරම්පරාව තුළ ඇති වැඩි අස්වනු ලබාදීමේ හා වෙනත් හිතකර ලක්ෂණ ඇති කිරීමේ හැකියාව දෙමුහුම් දිරිය (Hybrid Vigour or Heterosis) ලෙස හැඳින්වේ. ප්‍රවේණි විද්‍යාත්මකව මෙම දෙමුහුම් දිරිය ඇතිවීමට හේතුව ආකලන නොවන ජානවල බලපෑම (Non additive gene effect)ලෙස හඳූන්වයි. ආකලන නොවන ජාන බලපෑම ආකාර තුනකින් විග්‍රහකරන අතර එවා පිළිවෙලින් ප්‍රමුඛ ජාන බලපෑම (Dominant effect), ප්‍රමුඛ ජානවල අන්තර් ක්‍ර්‍රියා (Over dominant effect),සහ අපිභවනය (Epitasis) ලෙස හැඳින්වේ.

දෙමුහුම් වී වර්ගවල අපේක්ෂිත අස්වැන්න :



දැනට වගාකරන වැඩි දියුණු දේශීය හා විදේශීය ප්‍රභේද මාතෘ ශාක ලෙස යොදාගෙන දෙමුහුම් වී නිෂ්පාදනය කරනුලබයි. පැරණි නුමුහුම් ප්‍රභේද, පැරණි වැඩි දියුණු ප්‍රභේද, නව වැඩි දියුණු ප්‍රභේද හා දෙමුහුම් ප්‍රභේදවල විභව අස්වනු ප්‍රමාණ පහත ස්ථම්භ ප්‍රස්ථාරයේ දක්වා ඇත.

දෙමුහුම් වී අභිජනනය

දෙමුහුම් වී අභිජනනයේ දී තෝරා ගන්නා මව් (ජායා) සහ පිය (පුං) ශාක කාණ්ඩ දෙකක් අතර පරපරාගනයක් සිදුකර පළමු පරම්පරාවේ ලබාගත යුතුය. වී ශාකය ස්වපරාගනය මඟින් සංසේචනය තහවුරු කරගන්නා බෝගයක් වීම නිසා පළමුවෙන්ම මව් ශාකයේ ස්වපරාගනය වළක්වා ගැනීමේ යාන්ත්‍රණයක් අවශ්‍යවෙයි. ඉන් අනතුරුව දෙවන පියවර ලෙස පීතෘ ශාකවලින් ලැඛෙන පරාගවලින් මාතෘ ශාකයේ මල් පරාගනය වීම තහවුරු කිරීම අවශ්‍යවෙයි. මව් ශාක ස්වපරාගනය වීම වළක්වා එමගින් ජායාංගී කොටස් පමණක් ලබා ගැනීම සඳහා ප්‍රවේණී විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණ හඳූනාගෙන ඇත. මෙහිදී අදාළ ශාකවල පුමංගී කොටස් වඳ හෝ නිසරු බවට පත්කරනු ලැබ ඇති අතර ජායාංගී කොටස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. වී සඳහා භාවිතකරන මෙවැනි ජාන යාන්ත්‍රණ දෙකක් ඇත.
  1. සෛල ප්ලාස්මිය ජානමය පුංවන්ද්‍යතාව (Cytoplasmic Genetic Male sterility CMS (A)
  2. උෂ්ණත්ව සංවේදි ජානමය පුංවන්ද්‍යතාවය (Temperature Sensitive Genetic Male sterility-TGMS (S)

සෛල ප්ලාස්ම්ය ජානමය පුංවන්ද්‍යතාව



මෙය වී ශාකවලට අමතරව තවත් ශාක රැසක වාර්තාවන සංසිද්ධියකි. මෙකී ශාකවල ෙසෙල න්‍යෂ්ථියේ ඇති ජාන යුගලයක හා ෙසෙල ප්ලාස්මයේ ඇති ජාන/DNA (අතර අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පරාගධානිවල සරු පරාග කනිකා ජනිතවීම සිදු නොවේ. පුංවන්ද්‍යතාවය සහිත ශාක බිහිවීම සඳහා න්‍යෂ්ථියේ අදාළ ජාන යුගලය නිලීන සම යුග්මක (rr) තත්වයෙන් පැවතීම ද ෙසෙල ප්ලාස්මයේ වඳ භාවය ඇති කිරීමට සමත්වන DNA(S) සංයුතියක් ද තිබිය යුතුය.

මෙම සෛල ප්ලාස්මීය ජානමය පුංවන්ද්‍යතාවය සහිත ශාක දිගින් දිගට පවත්වා ගැනීම සඳහා තවත් ප්‍රවේණි දර්ශයක ශාක අවශ්‍ය වේ. එහි න්‍යෂ්ථියේ අදාල ජාන යුගලය නිලීන සම යුග්මක (rr) තත්වයෙන් පවතින නමුත් ෙසෙල ප්ලාස්මී වඳ භාවය ඇති කිරීමට සමත් නොවන (N) තත්වයේ ඒවා පවතී. මේ නිසා ශාකය සරු පරාග නිපදවීමට සමත්වේ. නමුත් මේවායේ පරාගවලින් CMS ශාක පරාගනය කළවිට නැවතත් පුංවන්ද්‍ය ශාක ඇතිවෙයි. මේ නිසා මෙම වඳබව රැක ගැනීමට උපකාරකරන ප්‍රවේණි දර්ශය දරන ශාක වන්ද්‍යතා නඩත්තු කාරකශාක (Maintainer-B) ලෙස හඳූන්වයි. පහත රූප සටහන මඟින් ශාකවල හා නඩත්තුකාරක (Maintainer) ශාක අතර අභිජනනය විස්තර කළහැක.

සංසේචනයේ දී CMS ශාකමත ඇතිවන ඩිම්බ (අණ්ඩ සෛල) න්‍යෂ්ඨිය පරාග න්‍යෂ්ඨිය හා සම්බන්ධ වේ. මේ නිසා පුමංගි ශාකවලට සෛල ප්ලාස්මය ලෙස උරුමවන්නේ ජායාංගී ශාකයවන CMS ශාකයේ සෛල ප්ලාස්මයයි. එවිට න්‍යෂ්ථියේ සහ සෛල ප්ලාස්මයේ සංයුතිය වඳභාවය ඇතිකිරීමට සමත් ජාන සංයුතිය සහිත වෙයි. සෛල ප්ලාස්මීය ජානමය පුංවන්ද්‍යතාවය සහිත ශාක CMS ජායා ශාක ලෙස ද දේශීය හා විදේශීය නව වැඩි දියුණු ප්‍රභේද පුං ශාක ලෙස ද දෙමුහුම්කර ලබාගන්නා පළමු පරම්පරාව දෙමුහුම් වී (F1) වර්ග ලෙස වාණිජව වගා කළහැක. මෙලෙස ක‍ඵී ශාක සමඟ වැඩි අස්වනු ලබාදිය හැකි දෙමුහුම් ප්‍රභේද ලබාදිමට සමත් පුං ශාක ප්‍රකෘතිකාරක (Restorer-R) ලෙස හඳූන්වයි.

ඉහත විස්තර කිරීමට අනුව සෛල ප්ලාස්මීය පුංවන්ද්‍යතාවය පදනම් කරගෙන දෙමුහුම් වී වර්ග නිපදවීමේ දී ශාක වර්ග තුනක් භාවිතා කිරීම අවශ්‍යවන අතර බීජ නිෂ්පාදනය අදියර දෙකකින් කළයුතු වේ.




උෂ්ණත්ව සංවේදී ජානමය පුංවන්ද්‍යතාවය (Temperature Sensitive Genetic Male sterility (TGMS)

මෙම ලක‍ෂණ පෙන්වන වී ශාක වැඩි උෂ්ණත්ව ඇති පරිසරවල වගාකළ විට (30 ŸC ක‍ වැඩි) ජීවී පරාග නිපදවීමට අසමත් වෙයි. මේ නිසා එම පරිසර තත්ත්ව යටතේ මෙම ශාක ඡායා ශාකයක් ලෙස හැසිරෙයි. නමුත් අඩු උෂ්ණත්ව යටතේ වගා කළවිට (30 ŸC ක‍ අඩු) ජීවී පරාග නිපදවයි. මෙම ශාකවල වඳ භාවයේ සිට සරු භාවයට පරිවර්තනය වීමේ ප්‍රශස්ත උෂ්ණත්ව පරාසය (Critical sterility/Fertility altercation) ප්‍රවේණි දර්ශයෙන් ප්‍රවේණි දර්ශයට වෙනස්වන අතර හිතකර ප්‍රශස්ත උෂ්ණත්ව පරාසය ලැබිය යුත්තේ ශාකයේ මල් පිපීමට දින 15-25 අතර කාලය හෙවත්, පුෂ්ප මුලිකෘත ඇතිවීමට දින 5-15 අතර කාලය තුළදීයි.

උෂ්ණත්ව සංවේදී ජානමය පුංවන්ද්‍යතාවය පදනම් කරගෙන දෙමුහුම් වී වර්ග නිෂ්පාදනයේදී ද, බීජ නිෂ්පාදනය පියවර දෙකකින් සිදු කළයුතුය. පළමුව අඩු උෂ්ණත්ව ඇති ප්‍රදේශවල වඳ භාවය පෙන්වීමට සමත් ප්‍රවේණි දර්ශ සහිත ශාක වගාකොට, ඒවායේ බීජ නිෂ්පාදනය කළයුතුය. දෙවනුව එම බීජ ජායා ශාක ලෙස උෂ්ණත්වය වැඩි ප්‍රදේශවල පුං ශාක සමඟ එකවර වගාකර පරපරාගනයට ඉඩ සලස්වා එයින් ප්‍රතිඵලවන බීජ දෙමුහුම් බීජ ලෙස ලබාගත යුතුය. මෙම ක්‍රමයේ දී අවශ්‍යවන්නේ ශාක වර්ග දෙකක් පමණක් බැවින්, (SxR)මෙම ක්‍රමය ද්විපෙළ සංකල්පය ලෙස හඳූන්වයි (Two line System).

දෙමුහුම් වී තාක‍්ෂණයේ ආරම්භය හා දැනට ජාත්‍යන්තරව ලබා ඇති ප්‍රගතියඃ

මෙම තාක්ෂණය වාණිජ මට්ටමින් භාවිතකළ හැකි ආකාරය මුල් වරට 1964 වර්ෂයේ දී මහජන චීන සමුහාණ්ඩුවේ හූනාන් ප්‍රාන්තයේ මහාචාර්ය ලොන්පින් යූ ආන් (Prof. Lonpin Yuan) (දෙමුහුම් වී තාක්ෂණයේ පියා වශයෙන් හඳූන්වනු ලබයි.) ගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් විසින් ලොවට හඳූන්වා දෙන ලදි. 1976 වර්ෂයේ දී චීන පර්යේෂකයන් විසින් වාණිජ වී නිෂ්පාදනය සඳහා දෙමුහුම් බීජ (F1) හඳූන්වා දෙමින් විශාල හරිත විප්ලවයකට මුල පිරීය. මේ වන විට චීනයේ මුළු වී වගා බිම් වලින් 54% එනම් හෙක්. මී. 18 දෙමුහුම් වී වගාවට යොදාගෙන ඇති අතර එයින් චීනයේ වී නිෂ්පාදනය මෙ. ටො. මී. 118 දක්වා වැඩි වී ඇත.

එසේම දෙමුහුම් බීජවලින් ලැඛෙන අස්වැන්න සාමාන්‍ය නුමුහුම් වී වලින් ලැඛෙන අස්වැන්නට වඩා 30% වැඩිවීමක් පෙන්නුම් කෙරෙන නිසා චීනය විසින් සෑම වර්ෂයකට මෙම තාක්ෂණය මඟින් දේශීය වී නිෂ්පාදනය මෙ. ටො. මී. 40-50 අතර ප්‍රමාණයකින් වැඩිකරගෙන ඇත. මේ අනුව ඒකක බිම් ප්‍රමාණයකින් ලැඛෙන අස්වනු වර්ධන වේගය අනුව වී වගාවට දැනට යොදාගෙන ඇති කුඹුරු බිම් වෙනත් ආර්ථික වටිනාකමකින් යුත් බෝග වගාකිරීමටත් පරිසරය ආරක්ෂා කිරීමේ පියවරක් වශයෙන් අලූත් වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් කටයුතු යොදමින් ගොවීන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත. මේ වන විට උතුරු වියට්නාමය ද මුළු වී වගාබිම් ප්‍රමාණයෙන් 59% දෙමුහුම් වී වගාකරන අතර ඔවුන් ලෝකයේ සහල් අපනයනය කරන රටවල් අතරින් දෙවන ස්ථානයට පත්ව ඇත.

එලෙසම මේ වනවිට ඉන්දියාව හා පිලිපීනය ඔවුන්ගේ දේශීය වී වගාවේ අස්වනු වැඩි කිරීම පිණිස දෙමුහුම් බීජ වගාකරන බිම් ප්‍රමාණය පිළිවෙලින් හෙක්. 300,000 හා 10,000 වනඅතර එම ප්‍රමාණය 2004 වර්ෂය වනවිට හෙක්. 400,000 දක්වා වැඩිකිරීමට පිලිපීනය බලාපොරොත්තුවේ. දෙමුහුන් වී ප්‍රභේදවල අස්වැන්න නුමුහුම් වී ප්‍රභේදවලට වඩා වැඩි වීමට හේතු හොඳින් වර්ධනය වූ පුළුල් මූල පද්ධතියක් තිබීම නිසා පෝෂණ අවශෝෂණය කාර්යක‍ෂමව සිදුවේ. පඳූරු දැමීම වැඩි නිසා ඒකක කේෂ්ත්‍රඵලයක ඇති කරල් සංඛ්‍යාව වැඩිය. ධාන්‍ය ඇට විශාල සංඛ්‍යාවක් ඇති දිගු විශාල කරලක් තිබිම මෙන්ම බොල් ප්‍රතිශතය ද අඩුය. මෙම ධාන්‍ය හොඳින් පිරී ඇති නිසා බරින් වැඩිය.දෙමුහුම් දිරිය නිසා අහිතකර පරිසර තත්වවලට ඔරොත්තුදීමේ හැකියාව ලැබේ.සමහර රෝග හා පළිබෝධවලට දක්වන ප්‍රතිරෝධතාවය ස්වකීය මව් හා පිය ශාක වලටවඩා වැඩිය. සමාන පරිසර තත්වවල දී දෙමුහුම් වී ප්‍රභේදවල අස්වනු විභවය එම වයස් කාණ්ඩයේම වැඩිම අස්වනු විභවය සහිත නුමුහුම් වී ප්‍රභේද වලට වඩා 15-20% ක පමණ ප්‍රමාණයකින් වැඩිවීමක් පෙන්නුම් කරයි. (චීනයේ වාර්තාගත ඉහළම දෙමුහුම් අස්වනු විභවය හෙක්. 1 ට මෙ. ටො. 16.8 කි. නමුත් ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලදි මෙය හෙක්. 1 ට මෙ. ටො. 14 පමණ වේ.

ඉහත ගුණාංග සපුරා ගැනීමෙන් දේශීය වී අස්වැන්න වැඩිකර ගැනීමට උරදීමක් වශයෙන් බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය 1994 සිට පවත්වාගෙන එන ලද පර්යේෂණ වැඩසටහනක් මඟිින් මේවන විට රෝග හා පළිබෝධකයන්ට ඔරොත්තු දෙන උසස් ගුණාත්මයකින් යුත් වැඩි අස්වනු සහිත දෙමුහුම් වී ප්‍රභේද 10 සාර්ථකව අභිජනනයකර ඇති අතර එයින් වී ප්‍රභේද 03 ක් (BgHR1, BgHR6, BgHR12) මේ වනවිට ගොවීන් අතර ජනප්‍රිය කරවීම සදහා කෘෂිකර්ම ව්‍යාප්ති අංශය, පෞද්ගලික අංශය හා එක්ව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරමින් පවති.

මෙම ප්‍රභේද ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරිමාර්ග යටතේ ඇති අධික අස්වනු විභවයක් සහිත ප්‍රදේශවල පළමු වගා කිරීමට යෝජිතවන අතර එමඟින් එම ප්‍රදේශවලින් දැනට ලබාගන්නා අස්වනු මට්ටම් ඉහළ දැමීමෙන් දේ්ශීය වී නිෂ්පාදන වේගය වර්ධනය වීමෙන් කඩිනම් ස්වයංපෝෂිත තත්වයකට පත්විය හැක. මෙමඟින් ගොවීන්ගේ ආර්ථිකය දැනට වඩා උසස් මට්ටමකට ගෙන ඒමට හැකියාවක් ලැඛෙන අතර එමඟින් දේශීය කෘෂි ආර්ථිකය ද ඉහළ දැමීමට හැකියාවක් ලැඛෙනු ඇත.

දෙමුහුම් වී ප්‍රභේද වගා කිරීමේදී සැලකිය යුතු කරුණුඃ

සෑම කන්නයටම වරක්ම වගාව සඳහා මුල් පරම්පරාවේ බීජ (F1) අනිවාර්යයෙන්ම සපයාගත යුතුය. කලින් කන්නයේ වගාකළ දෙමුහුම් ශාකවල බීජ ඊළග කන්නයට භාවිතාකළ නොහැක. දෙමුහුම් බීජවල මිල සාමාන්‍ය නුමුහුම් වී ප්‍රභේදවලට වඩා අධිකය. අපගේ පර්යේෂණ තත්ත්ව යටතේ දී එක් බීජ කිලෝවක් නිපදවීමට රු. 150 - 200 අතර මුදලක් වැයවේ යැයි ගණන් බලාඇත. බීජ මිල අධික නිසා අඩු බීජ ප්‍රමාණයකින් අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා පැළ සිටුවීම අනිවාර්යයෙන්ම කළයුතුය. මේ අවස්ථාවේ දී එක් ස්ථානයක එක් පැළය බැගින් සිටුවීම මේ සඳහා සෑහේ. මෙලෙස කටයුතු කිරීමෙන් අක්කරයට පැළ සිටුවීම සඳහා අවශ්‍ය වනුයේ දෙමුහුම් බීජ කි. ග්‍රෑම් 5 - 6 අතර ප්‍රමාණයකි. (දෙපාර්තමේන්තු නිර්දේශය අනුව නුමුහුම් වී ප්‍රභේදයකින් අක්කර 1 ක වපසරිය පැළ සිටුවීමට බීජ කි. ග්‍රෑම් 20 හෝ වැපිරීමට නම් කි. ග්‍රෑම් 40 අවම වශයෙන් අවශ්‍ය වේ.)

දෙමුහුම් බීජ නිෂ්පාදනය

දැනට ශ්‍රී ලංකාව තුල පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මකවන තුන් පේලි ක්‍රමයෙහි (Three line System) බීජ නිෂ්පාදනය අදියර දෙකකින් කළයුතුය.

  1. සෛල ප්ලාස්මීය පුංවන්ද්‍යතාව සහිත ශාක (A) ගුණනය කරගැනීම.
  2. පළමු පරම්පරාවේ (F1) දෙමුහුම් බීජ නිෂ්පාදනය කිරීම.

පළමු අදියරෙහි දී සෛල ප්ලාස්මීය පුංවන්ද්‍යතාවය සහිත ශාක (A) එම වන්ද්‍යතා නඩත්තුකාරක ශාක සමඟ එකම කේෂ්ත්‍රයක වගාකරයි. එහිදී ජායා ශාකය ලෙස පුංවන්ද්‍යතා සහිත ශාක ද පරාග මාතෘ ශාක ලෙස පුංවන්ද්‍යතා නඩත්තුකාරක ශාක ද ක්‍රියාකරන අතර ඒවායේ පර පරාගනයන් සිදු වී පුංවන්ද්‍යතා ශාකවල බීජ හටගනී. එකී බීජ නැවතත් පුංවන්ද්‍යතාව සහිත ශාක බිහි කිරීමට සමත් වෙයි.

දෙවන අදියරෙහි, ෙසෙල ප්ලාස්මීය පුංන්වද්‍යතාව සහිත ශාක පුකෘතිකාරක/ පරාග මාතෘ ශාක සමඟ එකම කේෂ්ත්‍රයේ වගාකොට පරපරාගනය වීමට ඉඩහරී. එම කේෂ්ත්‍රවල දී පුංවන්ද්‍යතාවය සහිත ශාක මත හට ගන්නා බීජ වාණිජ දෙමුහුම් වගාවක් ලබා දීමට සමත් වෙයි.

ඉහත අවස්ථා දෙකේදීම එකම සැලැස්මකට කේෂ්ත්‍රයේ පැළ සිටුවීම සිදූකරයි. පුංවන්ද්‍ය ශාක (A) පේලි 10 කට පරාග මාතෘ ශාක : (B හෝ R) පේලි 3ක් වශයෙන් අනුපාතයකට පැළ සිටුවනු ලබයි. සාර්ථක බීජ හට ගැනීමකට නම් සෑම කොටුවකම ඇති පුංවන්ද්‍යතා ශාකත් පරාග මාතෘ ශාකත් එක්වර මල් පිපීම සිදූවිය යුතුය. මේ නිසා අදාළ ශාක වයස් කාණ්ඩ දෙකකින් යුක්තවන විට (පරිනත වීම සඳහා එකිනෙකට වෙනස් දින ගනණක් ගතවන විට) වයසින් වැඩි ශාක මුලින් සිටුවා පසුව අඩු වයස් ශාක සිටුවීම කළයුතුයි.
ආහාර සැකසුම
සහල් පිටි මුරුක්කු

මේ සඳහා

සහල් පිටි ග්‍රෑම් 250 ක්
ලූණු කුඩු ග්‍රෑම් 5
මිරිස් කුඩු ග්‍රෑම් 10
ජලය (අවශ්‍ය පමණට)
බැදීම සඳහා පොල් තෙල්

සහල් පිටි, ලූණු කුඩු හා මිරිස් කුඩු හොඳින් මිශ්‍රකර ඇල් ජලය ස්වල්පය බැගින් දමමින් අතේ නොඇලෙන පදමට අනාගත යුතු ය. (එම මෝලියේ පදම රොටී පදමට සමාන වියයුතුය.) ඉන්පසු පොල් තෙල් ලිප තබා රත්කර, සාදා ගත් පිටි මිශ්‍රණය ඉදිආප්ප වංගෙඩියක් ආධාරයෙන් උණු තෙලට වත්කර ගැඹුරු තෙලේ බැද නිවුනු පසු ඇසුරුම්කරන්න.

ළදරු ආහාර

සහල් පිටි 60%
පැළ කරනලද මුං පිටි 25%
ශුද්ධ කරනලද තල පිටි 15%
හෝ පිටි කරනලද රට කජු
සෝදා පිරිසිදු කරගත් තල පිටි

පිරිසිදු තල හා රතු හාල් පිටි කබලේ බැඳගන්න.
මුං ඇට බැදගැනීමට පෙර හොඳින් වියළාගන්න.
පසුව මෙම ද්‍රව්‍ය වෙන වෙනම ගෙන කුඩු කරගන්න. ඉන්පසු කුඩු කරගත් තල මේස හැදි 1 ක් මුං ඇට පිටි කොටස් 2 ක් හා රතු හාල් පිටි කොටස් 4 ක් ගෙන හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට කිරිපිටි මේස හැඳි 2 ක් සීනි අවශ්‍ය පමණට එකතුකරන්න. පසුව වතුර කෝප්ප 3 ක් දමා දියකර ලිප තබා හැඳිගෑමෙන් පිසින්න. පදමට සැකසුන මිශ්‍රණය ලිපෙන් බා නිවුනු පසු ආහාරයට ගන්න.

සහල් පිටි නූඩ්ලස්


මෙම ක්‍රියාවලියේදී පළමු ව සහල් පිටි කිලෝ ග්රෑම් 10 ක් ගෙන එයට ජලය ලීටර් 4.5 ක් දමා හොඳින් මිශ්‍රකර (මිශ්‍රණ යන්ත්‍රයක් මඟින්) එම පිටි මිනිත්තු 45 ක් හුමාලයෙන් තම්බනු ලැබේ. එම තැම්බූ පිටි නූඩ්ලස් යන්ත්‍රයක් භාවිතකිරීමෙන් ෂීට් සාදා, සිහින් තීරුවලට කපා මිනිත්තු 90ක් පමණ තම්බනු ලැබේ. ඉන් පසු හිරු එළියෙන් හෝ වියළන යන්ත්‍රයක් ආධාරයෙන් තෙතමනය සියයට 10 ක් දක්වා අඩුකරගැනීම සඳහා වියළනු ලැබේ. ඉන්පසු අසුරුම් කරනු ලැබේ.

සහල් පිටි බිස්කට්

මේ සඳහා

සහල් පිටි ග්‍රෑම් 300

මාගරින් ග්‍රෑම් 75

සීනි ග්‍රෑම් 125

බිත්තර 01ක්

කිරි පිටි ග්‍රෑම් 10

බේකින් පවුඩර් තේ හැඳි 01


පළමුව සහල් පිටිවලට බේකින් පවුඩර් එකතුකර හලාගතයුතුය. එය පසෙකින් තබා කුඩු කරනලද සීනි හා මාගරින් ක්‍රීම් වන තෙක් හොඳින් මිශ්‍රකර බිත්තර එකතු කරමින් නැවත හොඳින් මිශ්‍රකිරීම කළයුතු වේ.මෙම ද්‍රව්‍ය මිශ්‍රකිරිම සඳහා මිශ්‍රකිරීමේ යන්ත්‍රයක් යොදාගතහැකිය. ඉන් පසු සහල් පිටි ද ස්වල්පය බැගින් එකතුකර පිටි මෝලියක් සාදා එය ලෑල්ලක තුනී කර බිස්කට් අච්චුවක් මඟින් කපා උදුනක තබා අංශක 165 ක උෂ්ණත්වයේ මිනිත්තු 15 ක් පුළුස්සා ගතයුතුය. නිවුන පසු පැකට් කරන්න.

තිරිඟුපිටි පාන්

කිලෝ ග්‍රෑම් 10 ක් තොගයක්
සදාගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය
(20% සහල් පිටි, 90% තිරිඟ= පිටි) මෙසේය.
තිරිඟුපිටි කිලෝ ග්‍රෑම් 8 ක්,
සහල් පිටි කිලෝ ග්‍රෑම් 2 ක්
යීස්ට් ග්‍රෑම් 50 ක්,
සීනි ග්‍රෑම් 100 ක්,
ජලය මිලි ලීටර් 6250 ක්.

තිරිගු පිටි සහල් පිටි යීස්ට් සියල්ල මිශ්‍ර කරගනු ලැබේ. මෙම මිශ්‍රණය මේසයක් මතට දමා පහත ආකාරයට සකසාගනී.
මෙහි මැද හිස් අවකාශයට හයිකෝ, ලූණු, විටමින් සී සහ මැනගත් සම්පූර්ණ ජල ප්‍රමාණය දමා එය ජලය සමඟ හොඳින් මිශ්‍ර කළයුතුය. පසුව වටේට ඇති පිටි මිශ්‍රණය ටිකෙන් ටික එක් කරමින් මධ්‍යයේ ඇති මිශ්‍රණයට මිශ්‍රකිරීම අවශ්‍යය.මේ ආකාරයට විනාඩි 15 ක් පමණ හොඳින් මිශ්‍රකර එම මිශ්‍ර කරගත් මාංශ ගුලිය පැයකට වැඩි කාලයක් පැසීමට (ඇඹුල් කිරීමට) තබනු ලැබේ. ඉන්පසු මෙය කුඩා මාංශ කොටස්වලට (ග්‍රෑම් 500) වෙන්කර තිරිගු පිටි ස්වල්පයක් අතුරන ලද මේස මත තබා පාන් අච්චු මත පැය 1 1/2 පමණ පැසීමට (ඇඹුල් කිරීමට) තබනු ඇත. පසුව අංශක 210 හි උෂ්ණත්වයේ විනාඩි 20 ක් පමණ තබා පාන් පුළුස්සා ගන්න.

හබල පෙති


වී පිරිසිදු කරගැනීම.වී පැය 24 ක් ජලයේ පෙඟවීම. මිනිත්තු 5 ක් හුමාලයෙන් තැම්බීම. කබලේ යන්තම් පොරි වනතෙක් බැදීම. හබල පෙති යන්ත්‍රයට දැමීම හෝ වංගෙඩියේ කෙටීම.හබල පෙති වෙන්කිරිම.
අස්වනු නෙලීම, සැකසීම සහ ගබඩා කිරීම
අස්වනු නෙලීම සහ සැකසීම



  • වගාවේ කරල්වල ඇටවලින් 85% ක් පමණ රන්වන් පැහැ වු පසුව ගොයම කපාගන්න
  • අස්වනු නෙලීමට සුදුසු අවස්ථාව, පත්‍රවල පැහැය මත නොව කරලේ පැසීම මත නොව කරලේ පැසීම මත තීරණය කරන්න
  • පෑගීමට ප්‍රථම කමත ඉතා හොඳින් පිරිසිදු කරන්න
  • හැකි සෑමවිටම පිරිසිදු ගොනි පඩංගුවක් හෝ වෙනත් සුදුසු ඇතිරිල්ලක් මත ගොයම පාගාගන්න
  • ගොයම පෑගීම කකුලෙන්, හරකුන් මඟින් හෝ කොළ මඩින යන්ත්‍රයක් භාවිතකිරීමෙන් කළහැකිය. මේ සඳහා කොළ මඩින යන්ත්‍රයක් වඩාත් සුදුසුය.
  • ගොයම් නෙලාගන්නා තත්ත්වයට පැමිණි විට කලට වේලාවට කපා, පාගාගතයුතු වේ.
  • එසේ නොවුනහොත් වැසිවලට කෘමිහානිවලට කුරුල්ලන්ගෙන් හා මීයන්ගෙන් වන හානිවලට අස්වැන්න හසු වී අධික ලෙස අස්වැන්න පාළු වියහැක.
  • නිසි කාලයට කපා නොගතහොත් ගොයම පැහි කරලේ කිනිති කැඩිමෙන්ද අස්වනු පාළු වේ.
  • රොද හතරේ ට්‍රැක්ටර් මඟින් පැගීමේදි බීජ කැඩිමට ඇති හැකියාව අධිකය
  • ගොයම් පැගීමට යොදා ගන්නා යන්ත්‍ර හා උපකරණ මඟින්ද ප්‍රභේද මිශ්‍රවීමට ඉඩ තිබේ.
  • එනිසා මෙම යන්ත්‍ර උපකරණ හොඳින් පිරිසිදු කරගැනීමෙන් පසු පමණක් ගොයම් පෑගීම සඳහා යොදාගන්න
  • සුළං කිරීමෙන් බොහෝ වල් ඇට ඉවත් වේ
  • නමුත් බරින් වැඩි වල් ඇට ඉවත් කරගැනීමට හැකිවන්නේ සුදුසු සල්ලඩයක් භාවිතා කිරීමෙන් පමණකි.
  • පිරිසිදු කරගත් වී තොගය හැකි ඉක්මනින් ඉතා හොඳින් අව්වේ වියළාගන්න
  • මෙමඟින් වී වල තෙතමනය 12%- 13% පමණ අඩුකර ගතහැකිය
  • බීජ වියළන විට කෙලින්ම පොළව සමඟ ගැටීමට ඉඩ නොදෙන්න
  • පිරිසිදු මාගල් හෝ කැන්වස් රෙදි වැනි යමක් භාවිතාකරන්න
  • අධික වියළීමෙන් බීජ පිපිරීමක් සිදුනොවන පරිදි ප්‍රමාණවත් අයුරින් වියළාගන්න
  • වියළීම ඒකාකාරිව සිදුකර ගැනීමට වරින් වර බීජ මිශ්‍ර කරන්න
  • වී පවනේ තබා සිසිල් වු පසු පිරිසිදු ගෝනීවල අසුරාගන්න
  • හොඳින් වියළා ගත් බීජ කෘමි හානිවලට ගොදුරු වන්නේද අඩුවෙනි
  • ගෝනිවල වී ගබඩා කරන්නේ නම් එම ගෝනි පොළව සමඟ ස්පර්ශ නොවන සේ ලී රාමු මත ගබඩාකරන්න
අස්වනු ගබඩා කිරීම

බීජ නිෂ්පාදනය මෙන්ම ලබාගත් අස්වැන්න ක්‍රමවත්ව ගබඩාකිරීම ද වැදගත් වේ.නමුත් ගොවිමහතුන් විසින් වගා කටයුතු විශාල මහන්සියකින් හා පරීක්ෂාකාරීව සිදුකළ ද, ලබාගත් අස්වැන්න සකසා , ගබඩාකිරීම සුදුසු පරිදි නොකරයි.එම නිසා බීජවල පැළවීමේ ශක්තිය ඉක්මනින් හීන වී යයි.ගුණාත්මය ආරක්ෂා වන පරිදි බීජ ගබඩාකර තබා ගැනීම අතිශයින් වැදගත්ය.

ගබඩාකිරීම සඳහා බීජ සුදානම් කිරීම

බීජ හොඳින් ශුද්ධ කරන්න සුළංකිරීම මඟින් හා සල්ලඩ යොදාගෙන වල්ඇට,අපද්‍රව්‍ය, ගල්වැලි, බීජ කැබලි හා පොතු ආදිය ඉවත්කරන්න.ශුද්ධ කරගත් බීජ ‍ඉතා හොඳින් වියළා පිරිසිදු මළුවලට දමන්න.වරක් භාවිතාකළ ඇසුරුම් යොදාගන්නේ නම් ඒවා හොඳින් පිරිසිදු කරන්න.ගබඩාව අවට පරිසරය හොඳින් පිරිසිදු කරන්න. අවට ඇති තණකොළ,ගොඩනැගිල්ල ආසන්නයේ ඇති ගස්වල අතු ද ඉවත්කරන්න.ගබඩාව ඇතුළත ඇති අපද්‍රව්‍ය, දුවිලි, ධාන්‍ය කැබලි ආදිය ඉවත්කර පුළුස්සා දමන්න.වර්ෂාවෙන් බීජ ආරක්ෂා කරගැනීම සඳහා ගබඩාවේ වහලය හොඳින් සෙවිලිකරන්න.සිමෙන්ති, මැටි හෝ හුණු බදාම යොදාගෙන ගබඩාවේ බිත්තිවල හා පොළවේ ඇති සියලුම සිදුරු වසාදමන්න.ගබඩාවේ ඇතුළත හා පිටත සුදුපාට හුණු හෝ තීන්ත ආලේප කිරීම වඩාත් සුදුසුය. සුදු වර්ණය මඟින් තාපය උරා නොගනී.එනිසා ගබඩාව තුළ අනවශ්‍ය පරිදි උෂ්ණත්වය ඉහළයාම වළකී.ගබඩාවට සුළං ඒමට ඇති කවුළු සියල්ල කම්බි දැල්වලින් වසන්න.බීජ මළු තැබීමට යොදාගන්නා ලී රාමු ලී ඳඩු ආදිය ද ඉතා හොඳින් පිරිසිදු කරන්න.

ගබඩාකර ඇති බීජවල ගුණාත්මය අඩුවීමට හේතුවන සාධක

  • අධික උෂ්ණත්වය
  • අධීක තෙතමනය
  • ක්ෂද්‍ර ජීවීන්
  • මීයන් හා කුරුල්ලන් වැනි පළිබෝධකයින්


ගබඩාව නඩත්තු කිරීම


බීජවලට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි කාළගුණය යහපත් සෑම විටකදීම ගබඩාවේ සුළං කවුළු විවෘතකර තබන්න.කෘමීන්‍ගෙන් හා‍නි සිදුවී තිබේද යන්න දැනගැනීම සඳහා දිනපතාම ‍පාහේ ගබඩාව පරික්ෂාකරන්න.ගබඩාව තුළ වැටී ඇති බීජ ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ඉවත්කර, ගබඩාවේ පොළව ඉතා පිරිසිදුව තබන්න.සෑම විටකදීම ගබඩාව තුළ මනා වාතාශ්‍රයක් පවතින පරිදි සිසිල්ව තබාගැනීමට උත්සහ කරන්න.සෑම විටම ලී කොට හෝ ලී රාමු මත පමණක් බීජ මළු තබන්න බිත්තිවල ගෑවෙන පරිදි බීජ ගබඩාකිරීමෙන් වළකින්න.

ගබඩාවල කෘමි පාලනය
වරින්වර බීජ තොග පරීක්ෂාකර බලා කෘමි හාන දක්නට ලැබෙන තොග තිබේ නම් ඒවා පිටතට ගෙන, නැවත වියළා ශුද්ධකර වියළා, ගබඩා කරන්න.ගබඩාව තුළ පියඹන කෘමින් සිටී ද යන්න පිළිබඳව හැමවිටම පරීක්ෂාවෙන් සිටින්න.කෘමිහානි පාලනය කරගැනීම අපහසු අවස්ථාවල දී පමණක් නිර්දේශිත කෘමිනාශක වර්ගයක් භාවිතාකරන්න.

මියන් මර්ධනය

ජලය නොමැතිව මීයන්ට ජීවත් විය නොහැකිය. ජලය සොයා මීයන් හට ගබඩාවෙන් පිටතට ගමන්කිරීමට සිදුවේ. ගබඩාවට මීයන් හට ගබඩාවෙන් පිටතට ගමන්කිරීමට සිදුවේ. ගබඩාවට මීයන් ඇතුළු වන ස්ථාන අවහිරකිරීමෙන් ඔවුන් සාර්ථකව මර්දනය කළහැකිය. මේ සඳහා පෙන්වා ඇති පරිදි මීයන් හට නැගීමට නොහැකි වන පරිදි ඛෙලෙක් තහඩු නෙරාසිටින සේ සවිකරන්න. ගබඩාව අවට ඇති ගස්වල අතු කපාදමන්න.මී ගුල් ආදිය තිබේදැයි පරීක‍ෂාකර බලා වසාදමන්න.

අස්වනු ගබඩා කිරීමේ පැරණි ක්‍රමවල ආකෘති

අටුව (මැටි)
පිදුරු බිස්ස
වරුව
පැහැ
ලී අටුව
මැටි බිස්ස
පළිබෝධ පාලනය
පළිබෝධ පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන උපක්‍රම අනුගමනය කිරීම සාර්ථක ක්‍රමයයි. පළිබෝධ පාලනය සඳහා හැකිතාක් දුරට රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී, වී වගා පරිසරයේ සිටින හිතකර සතුන්හට වී වගාවට හානිකරන කෘමින් පාලනය කිරීමට ඉඩදියයුතු වේ. මේ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරිම වඩාත් යොග්‍යයි.
  • වගාව කන්නයට අනුවම ආරම්භ කිරිම.
  • යායක් තුළ හැකිතාක් දුරට වගා කටයුතු සති 2-3 ක් ඇතුළත නිමකිරීම.
  • ඔබ වගාකරන ප්‍රදේශයේ වැළදෙන රෝග හා කෘමි හානිවලට ඔරොත්තුදෙන ප්‍රභේද තෝරා වගා කිරීම.
  • නිර්දේශිත පැළ ගහනය පවත්වා ගෙනයාම.
  • සමතුලිත පොහොර භාවිතකිරීම.
  • වගාව ආශ්‍රිතව හා වගාව තුළ වල් පැළෑටි නිසියාකාරව පාලනය කිරීම.
  • කුඹුරේ ජලය මැනවින් පාලනය කිරීම.
  • සතිපතා ඔබගේ කුඹුරේ තැනින් තැන වී පඳූරු පරීක්ෂා කිරීම. විශේෂයෙන් ගොයම පඳූරු දමන අවධියේදී සිට කරල් පීදෙන කාලය තුළ ගොයම පරීක්ෂා කිරීම වැදගත්ය.
  • (අක්කර 1ට ස්ථාන 10 ක් පමණ ප්‍රමාණවත් වේ.) එම පඳූරුවල සිට්න හිතකර හා අහිතකර කෘමීන් හඳූනාගෙන ඒ ගැන යම් අදහසක් ලබාගැනීම. අත්‍යාවශ්‍ය අවස්ථාවලදී හානිකර කෘමීන් වැඩිපුර සිටින ස්ථානවලට පමණක් නිර්දේශිත කෘමිනාශක භාවිතකිරීම කළයුතුයි.
කෘමි පළිබෝධ පාලනය

පැළ මැක්කා Thrips

ව්‍යවහාරික නම - පැළ මැක්කා Thrips
විද්‍යාත්මක නම - Stenchaetothrips biformis (Bagnall)
Thysanopetera: Thripidae
හානිය
පැළ මැක්කන්ගේ සුහුඹුලන් හා කීටයන් පත්‍ර මධ්‍යයේ සෛල වල යුෂ උරා බීම නිසා ඒවා දිග උඩු අතට හැකිලී දුඹුරු පැහැයකට හැරී වියළි යයි.පැළ මැක්කන්ගේ හානිය බහුල වශයෙන් ඇතිවන්නේ වැපිරීමේ සිට සති 3 අතර කාලයේය. හානියේ ප්‍රමාණය අනුව පඳුරු දැමීම අඩු වී පරිනත වීම පමා විය හැකියි. ජලය හිඟ කුඹුරුවල වියළි දේශගුණික තත්ත්වවලදී හානිය වඩාත් බරපතල විය හැකි අතර, පැළ වියළී, වගාව විනාශ වී යෑමට පුළුවන.කෙටි කාලීන වී ප්‍රභේදවලට පැළ මැක්කන්ගෙන් වන හානිය ඒවායේ අස්වනු කෙරෙහි සැලකියයුතු බලපෑමක් ඇති කරයි. දැනට වගා කෙරෙන වැඩි අස්වනු වී ප්‍රභේද සියල්ලම පාහේ පැළ මැක්කාගේ හානියට ගොදුරු වේ.පැළ මැක්කා..පැරණි කෙටි කාලීන වී ප්‍රභේද බොහෝමයක් පැළ මැක්කාට ප්‍රතිරෝධීය. කරල් වලට හානි කරන පැළ මැක්කන් Thrips විශේෂ ද ඇත. හානියට භාජනය වූ ශුකිකා සුදු පැහැයක් ගෙන වියළි, බොල් වේ.

පාලනය
කන්නයට අනුව වගා කිරීම, වල් මර්දනය, ජල පාලනය වැනි නිසි වගා ක්‍රම අනුගමනය කිරීමෙන් හානිය බොහෝ දුරට අඩුකර ගත හැකිය. හානිය වැඩි අවස්ථාවල දී කෘමි නාශක යෙදීම මඟින් පැළ මැක්කන්ගේ ගහන ඝනත්වය පාලනය කලහැකි වේ. මෙය වසංගත තත්ත්වයේ ඇති ප්‍රදේශවල බීජ ප්‍රතිකාරක යෙදීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි.ගොයම් පැළ දින දෙකක් පමණ ජලයෙන් යටකර තැබීම හෝ එසේ කිරීමට නොහැකි තැන්වල කේෂ්ත්‍රයේ ජල මට්ටම අඟල් 3-4 පමණ වනසේ බැඳ සැහැල්ලූ කොටයකින් හෝ අත් පෝරුවකින් ගොයම් පැළ ජලයේ ගෑවෙන සේ ඇදගෙන ගොස් ජලය කපා හැරීම මඟින් ද මෙම හානිය අඩු කරගත හැකිය.

ගොක් මැස්සා Gall midge



ව්‍යවහාරික නම - ගොක් මැස්සා Gall midge
විද්‍යත්මක නම - ඔර්සිඕලියා ඔරයිසේ Orceolia oryzae (Wood-Mason)
Diptera:Cecidomyiidae
හානිය
ගොක් මැස්සාගේ හානියේ ප්‍රධාන ලක‍ෂණය වනුයේ ගොයම් පත්‍රය ළුණු කොළයක ස්වරූපයෙන් ලා කොළ හෝ සුදු පැහැති බටයක් ලෙස උඩට ඇදී ඒමය. රිදී ගොබ හෝ සුදු ගොබ වශයෙන් හඳුන්වන මේවා සාමාන්‍ය පත්‍රයක් තරම් දිගට පැහැදිලිව දැක ගත හැකි වුවත්, සමහර අවස්ථාවල හඳුනා ගැනීමට නොහැකි තරම් කුඩා වේ. සුදු ගොබ හටගත් රිකිලි තවදුරටත් නොවැඩේ. කරල් නොසෑදේ. එම නිසා අළුතෙන් පඳුරු දැමීම සිදුවේ.හානිය උග්‍ර වුවහොත් ගොයම තණ බිස්සක් මෙන් දිස්වේ.කරල් පිළිසිඳ ගන්නා අවස්ථාවේදී ගොක් මැස්සාගේ හානිය ඇති වුවහොත් නොයෙක් ආකාරයට විකෘති වූ කරල් හෝ කරලක ස්වරූපයක් ගන්නා විකෘති පත්‍ර සමූහයක් හෝ සෑදේ. ඒවායේද සුදු ගොබ වැනි ආකෘති පිහිටිය හැකිය.

පාලනය
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ වී වගාවෙහි ගොක් මැස්සාගේ හානිය වැඩිපුර දක්නට ලැඛෙනුයේ යල් කන්නයේදී වන අතර, වියළි හා අතරමැදි කලාප වලදී එසේ දක්නට ලැඛෙනුයේ මහ කන්නයේදීය. ශ්‍රී ලංකාවේ ගොක් මැස්සන් මාදිලි දෙකක් වාර්තා වී ඇත. ගොක් මැස්සා මාදිලි 1 ට ප්‍රතිරෝධී වී ප්‍රභේද වන්නේ බීජී 276-5, බීජී 400-1, බීජී 380, බීජී 450 හා බීජී 300 වේ.ගොක් මැස්සා මාදිලි 1 හා 11 ටම ඔරොත්තු දෙන වී ප්‍රභේද වන්නේ බීජී 304,බීජී 305, බීජී 357, බීජී 359, හා බීජී 360 වේ. ගොක් මැස්සාගේ හානිය වැඩිපුර දක්නට ලැඛෙන ප්‍රදේශවල ප්‍රතිරෝධී වී ප්‍රභේද ­­­­වගා කිරීම මඟින් හානිය පාලනය කරගත හැක. සංස්ථානික කෘමි නාශක යෙදීම නිර්දේශ කළත්, එමඟින් මර්දනය තරමක් අපහසු වේ.

දුඹුරු පැළ කීඩෑවා Brown Planthopper

ව්‍යවහාරික නම - දුඹුරු පැළ කීඩෑවා Brown Planthopper
විද්‍යත්මක නම - නීලපාවාටා ලුජන්ස් Nilaparvata lugens (Stal)
Hemiptera:Delphacidae

හානිය
ආසියාතික රටවල වී වගාවට හානි පමුණුවන කෘමීන් අතරින් ප්‍රධාන ස්ථානයේලා සැලකෙනුයේ දුඹුරු පැළ කීඩෑවන්ය. ගොයම් පැළ මත ඉතා විශාල සංඛ්‍යාවලින් බෝවී කීඩෑ පිළිස්සීම් ඇති වීම ප්‍රචලිතව දක්නට ලැඛෙන හානියේ ස්වභාවයයි. කීඩෑවන් ආක්‍රමණය වූ පැළ පළමුව කහ පැහැයක් ගන්නා අතර, ගහණ මට්ටම් වැඩිවීමත් සමඟ වියළී, මැරීයයි.දුඹුරු පැළ කීඩෑවා කඳමත වසා යුෂ උරාබීම නිසා මෙම කීඩෑ පිලිස්සීම ඇති වේ. මීට අමතරව තෘණාකාර කුරුවීම ^Grassy stunt& කඩමළුවන් කුරුවීම (Ragged stunt) හා මළානික (Wilted stunt&යන වෛරස් රෝග බෝකරන වාහකයා ලෙස ද ක්‍රියා කරයි.

පාලනය
ප්‍රතිරෝධි වී ප්‍රභේද භාවිතය (බීජී 379-2, බීජී 403, බීජී 352, බීජී 357,බීජී 360, බීජී 300, බීජී 304, බීජී 305), වගාව නොකඩවා සුපරීක‍ෂාවට භාජනය කිරීම හා කේෂ්ත්‍රයේ ජල කපා හැරීම මඟින් හානිය වළක්වා ගත හැකිය.

කොළ හකුළන දළඹුවා Leaffolder

ව්‍යවහාරික නම - කොළ හකුලන දළඹුවා Leaffolder
විද්‍යාත්මක නම් - නැෆලෝක්‍රෝසිස් මෙඩිනාලිස් Cnaphalocrocis medinalis (Guenee)
මරස්මියා පට්නාලිස් Marsmia patnalis (Bradley)
ම. එක්සිගුවා M.exigua (Butler)
Lepidoptera: Pyralidae
හානිය
ශ්‍රී ලංකාවේ වී වගාවට හානිකරන කොළ හකුළන දළඹුවන් විශේෂ තුනක් හඳුනාගෙන ඇත. මොවුහු පත්‍ර දාර එකට බැඳ නාලාකාර ව්‍යූහයක් සාදා එය තුළ සිට පත්‍ර මධ්‍යයේ පටක සිරස් තීරු වශයෙන් සුරා කති. මෙම හානිය පැතිර ගිය අවස්ථා වල සුදුපැහැ ගැන්වුන හෝ දුර්වණ වූ හැකිළුණු පත්‍ර නිසා ගොයම නිසරු බවක් හා අවලක‍ෂණ බවක් පෙන්වයි.

පාලනය
වගාවට සෙවන ලැඛෙන ශාක ඉවත් කර හිරුඑළිය ලැබීමට සැලැස්වීම. නයිට්‍රජන් පොහොර අවශ්‍ය ප්‍රමාණයට යෙදීම.කේෂ්ත්‍රයේ සලබයන් ගහණය අධික අවස්ථාවල දියර කෘමිනාශක යෙදීමෙන් සලබයන් ද කීටයන් ද පහසුවෙන් පාලනය කළහැක.

පුරුක් පණුවා Stem borer





ව්‍යවහාරික නම -
පුරුක් පණුවා Stem borer

පුරුක් පණු විශේෂ හා විද්‍යාත්මක නම්
  1. ඉරි සහිත පුරුක් පණුවා - Striped stem borer
කයිලෝ සුප්‍රසාලිස් Chilo suppressalis (Walker)
Lepidoptera:Pyralidae
  1. කළු හිස සහිත පුරුක් පණුවා - Dark-headed stem borer
ක.පොලිත්‍රයිසිස (polychrysus)(Meyrick)
  1. දකුණු ඇමරිකානු සුදු පුරුක් පණුවා - South American White stem borer
රූපෙලා ඇල්බිනෙල්ලා - Rupela albinella(Cramer)
Lepidoptera:Pyralidae
  1. කහ පුරුක් පණුවා - Yellow Stem borer
සර්පොෆැගා ඉන්සටුලාස් - Scirpophaga incertulas (Walker)
Lepidoptera:Pyralidae
  1. සුදු පුරුක් පණුවා - White stem borer
ස. ඉනෝ්ටාටා - innotata (Walker)
  1. රෝස පුරුක් පණුවා - Pink stem borer
සෙසමියා ඉන්ෆෙරන්ස් - Sesamia inferens (Walker)
Lepidoptera:Noctuidae

පැතිරීම
ඉහත දක්වා ඇති දකුණු ඇමරිකානු සුදු පුරුක් පණුවා හැර අනෙකුත් සියළුම පුරුක් පණුවන් ආසියාතික රටවල වී වගාවට හානි පමුනුවන ප්‍රධාන පළිබෝධකයින් අතරට වැටේ. මොවුන් අතරින් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැඛෙනුයේ කහ පුරුක් පණුවන්ය.

හානිය
පුරුක් පණුවන් ගොයම් ගසේ කඳ තුළ පෝෂණය වේ. මේ නිසා සනාල පද්ධතිය විනාශ වී හානි වූ රිකිලි මැරී යයි.කරල් හටගැනීමට පෙර සිදුවන පුරුක් පණු හානියේ ප්‍රතිඵලය වනුයේ රිකිලිවල වැඩෙන අංකුරය සහ අභ්‍යන්තර පත්‍ර වියළි යාමයි. මේවා ,මළ හදවත්, (deadhearts) ලෙස හැඳින්වේ. මූලික වර්ධක අවධියේදී ගොයම් පැළ පුරුක් පණු හානියට ගොදුරු වූ විට අමතර රිකිලි සෑදේ. මෙය හානියට හිලව් වීමක් වශයෙන් සැලකිය හැකිය.මළ හදවත් ඇතැම් විට ක්‍රෙසෙක් රෝගය හෝ මීයන්ගේ හානිය හෝ ලෙසට වරදවා තේරුම් ගත හැකිය. එහෙත් මෙම හානියට පාත්‍ර වූ රිකිලිවල පත්‍රවලින් අල්ලා ඇදීමේදී පහසූවෙන් ගැලවේ. මෙසේ ඉවතට ඇදී එන පත්‍රවල පාදයේ කීටයා හෝ කීටයාගේ අපද්‍රව්‍ය හෝ දැක ගතහැකි වේ.පීදෙන අවස්ථාවේ දී පුරුක් පණුවාගෙන් සිදුවන හානියබහුලවන අතර එය බොල් වූ ශුකිකා සහිත සුදු කරල් White heads වශයෙන් දැකගත හැකිය.
 
මෙහිදී සම්පූර්ණ කරල බොල් වී වියළි යයි. මීයන්ගේ හානිය, නියඟය නිසා සිදුවන හානිය ද මීට සමාන වේ. ගොයම් කරල වර්ධනය වන අවස්ථාවේ දී පුරුක් පණු හානිය හේතු කොට ගෙන කඳ සම්පූර්ණයෙන් විනාශ නොවූවහොත්, හානි වු පත්‍රකොපු වලටත්, කඳේ පහළ කොටසේ සමහර ස්ථානවලටත් සීමා විය හැකිය. මෙවැනි අවස්ථාවල දී කරලේ පහළ කොටසේ ශුකිකාවලින් කොටසක් පමණක් බොල්වේ. පුරුක් පණුවන් කඳ තුල කොටස් කපා දමා ඇති බවට ලකුණු තිබීම, කඳ තුළ කීට අපද්‍රව්‍ය දක්නට ලැබීම, පත්‍රවල වර්ණය වෙනස්වීම හා පුරුක් පණු සලබයන් පිට වූ සිදුරු කෙඳහි සහ පත්‍ර කොපුවල දක්නට ලැබීම ශාකය තුළ පුරුක් පණුවන් සිටින බව හඳුනා ගත හැකි ලක‍ෂණ වේ.

පාලනය
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන නව දියුණු කළ වී ප්‍රභේදවලට පුරුක් පණුවන්ට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත්තේ මඳ වශයෙනි. එහෙයින් පුරුක් පණු හානි වළක්වා ගැනීම සඳහා අවස්ථානුචිතව කෘමි නාශක භාවිතා කිරීමට සිදුවේ. පුරුක් පණු සලබයන්ගේ ගහණ මට්ටම් අධික වන අවස්ථාවල දී දියර කෘමිනාශක යෙදීමෙන් සලබයන් හා බිත්තර කැදලි වලින් පිටවන කීටයන් පහසුවෙන් පාලනය කළහැකිවේ.
කඳ තුළ සිටින කීටයන් මර්ධනය කිරීම සඳහා සංස්ථානික කෘමි නාශක භාවිතා කිරීමට සිදුවේ.පුරුක් පණු සලබයන්ගේ වර්ධනය අඩුකල හැකි වගා ක්‍රම රාශියක් ඇත.මේවා අතරින් වැදගත් වනුයේ කන්නයට අනුව වගා කිරීම, ගොයමේ දක්නට ලැඛෙන පුරුක් පණු කැදලි අතින් විනාශ කර දැමීම හා අස්වැන්න නෙලීමෙන් පසු ක‍්‍ෙෂ්ත්‍රයේ සිටින පුරුක් පණුවන්ගේ ගහන ගනත්වය අඩුකර ගැනීම.

ගොයම් මකුණා Rice bug



ව්‍යවහාරික නම - ගොයම් මකුණා Rice bug
විද්‍යාත්මක නම - ලෙප්ටොකොරයිසා ඔරටෝරියස් Leptocorisa oratorius (Fabricius)
Hemiptera : Alydidae

හානිය
ගොයම් කරල් මත පෝෂණයවන මකුණන් අතුරින් එක් විශේෂයකි.සුහුඹුලන් මෙන්ම ශිශුවන්ද වී ඇටයෙහි සරු තුෂය හා උප තුෂය අතරින් මෞඛ උපාංග ඇතුල්කර වැඩෙමින් පවතින ධාන්‍ය මත පෝෂණය වේ. පරාගණයෙන් පසු ඩිම්බකෝෂය සහල් ඇටයක් බවට විකශනය වන ඕනෑම අවස්ථාවක ගොයම් මකුණාට හානි කළහැක. කිරි වැදෙන අවස්ථාව තෙක් සිදුකරන හානිය අනුව නොයෙක් ප්‍රමාණවලින් බොල් විය හැක.

සුහුඹුලන් මෙන්ම ශිශුවන්ද වී ඇටයෙහි සරු තුෂය හා උප තුෂය අතරින් මෞඛ උපාංග ඇතුල්කර වැඩෙමින් පවතින ධාන්‍ය මත පෝෂණය වේ. පරාගණයෙන් පසු ඩිම්බකෝෂය සහල් ඇටයක් බවට විකශනයවන ඕනෑම අවස්ථාවක ගොයම් මකුණාට හානි කළහැක. කිරි වැදෙන අවස්ථාව තෙක් සිදුකරන හානිය අනුව නොයෙක් ප්‍රමාණවලින් බොල් විය හැක.පීදිමට ප්‍රථම ගොයම් පැළ වෙත සංක්‍රමණයවන මකුණන් මල් පීදිමත් සමග ශුකිකා මත පෝෂණය වීමට පටන් ගනී. මේ හෙයින් ගොයම් මකුණන්ගෙන් සිදුවන හානියේ බරපතලකම සලකා නිසි අවස්ථාවේදී පාලනය කළයුතු වේ. වගාවේ මුල් අවස්ථාවේ සිට වල් පැළෑටි පාලනය කිරීම, කන්නය අනුව වගා කිරීම හා අවශ්‍ය අවස්ථාවල දියර කෘමිනාශක යෙදීම මඟින් මෙම කෘමියාගේ හානිය වළක්වාගත හැක.
කොපු පණුවා Caseworm





ව්‍යවහාරික නම - කොපු පණුවා Caseworm
විද්‍යත්මක නම - නිමිෆියුලා ඩිපන්ක්ටාලිස් Nymphula depunctalis (Guenee)
Lepidoptera: Pyralidae

හානිය
කොපු පණුවා (දළඹුවා) වී වගාවට හානි පමුණුවන කෘමීන් අතරින් ප්‍රධාන ස්ථානයක් නොගත්තත් සමහර කාලවල මෙම දළඹුවාගේ හානිය පැතිරී පවතින බව දැකගතහැක. කොපු පණුවාගේ ඡීවන චක්‍රය සඳහා ජලය අත්‍යාවශ්‍ය හෙයින් බොහෝ විට මෙම හානිය වාරි පහසුකම් ඇති කුඹුරුවලට සීමා වේ. කොපු පණුවා, ගොයම් පත්‍රයේ කොටසක් කපා සිරස්ව හකුළා, නාලාකාර කොපුවක් සාදා එය තුළ ඡීවත් වෙමින් ජල මට්ටම ආසන්නයේ සිහින් ගොයම් පත්‍ර වල උඩු අපිචර්මය පමණක් ඉතිරිවන අන්දමට පත්‍ර පටක තිරස් තීරු ආකාරයට සූරා කයි. මේ නිසා පත්‍රමත ඉනිමඟක ආකාරයක පිහිටන සුදුපාට තීරු ලෙස හානිය දිස් වෙයි. (කොළ හකුලන දළඹුවා පත්‍ර තලය සූරාකන ආකාරය මීට වඩා වෙනස්ය.)

පාලනය
ජලය කපා කේෂ්ත්‍රය වියළීමට හැරීම සහ අවශ්‍ය අවස්ථාවල දියර කෘමිනාශක යෙදීම මඟින් පාලනය කළහැකිය.

කරටි පණුවා Whorl maggot




ව්‍යවහාරික නම්
හයිඩි්‍රලියා මැස්සා/පණුවා
කරටි පණුවා (Whorl maggot)
 
විද්‍යාත්මක නම්
හයිඩ්‍රිලියා පිලිපිනා
Hydrellia philippina
Diptera: Ephyridae

හානිය
කරටි පණුවා වර්ධනයවන පත්‍රවල ඇතුල් දාරයේ පටක මත යැපේ.පත්‍ර වර්ධනය වී දිග හැරීමත් සමඟ මේ අන්දමට හානිවූ පටක සුදු පැහැයකින් දිස්වේ. සාමාන්‍යයෙන් පැළ අවධියේ සිට උපරිම පඳුරු අවස්ථාව තෙක් වැඩෙන පත්‍ර වලට හානි කරන අතර, කෙටි කාලීන වී ප්‍රභේද වලට හානි කළවිට අස්වැන්න අඩු වීම කෙරෙහි බලපායි. මෙය සිදුවන්නේ ධජ පත්‍රයද, කරලේ කොටස් (ශුකිකා) ද, සුදූ පැහැයක් ගෙන විනාශ වී යාම නිසාය.කරටි පණුවාගේ හානිය වැඩිපුර දක්නට ලැඛෙනුයේ ජලය බැද තිබූ කුඹුරුවලය.මෙයට ප්‍රධාන හේතුව වනුයේ සුහුඹුලන් බිත්තර දැමිම සඳහා මෙවැනි ස්ථාන තෝරා ගැනීමයි.හානි පාත්‍ර ප්‍රමාණය අනුව රිකිළි දැමීම අඩු වී පරිනත විම ද පමා විය හැකිය.

පාලනය
කරටි පණුවාගේ හානියට ඔරොත්තු දෙන වී ප්‍රභේද හඳූනාගෙන නොමැත. මෙය වසංගත තත්ත්වයක් ඇති ප්‍රදේශ වල ඝනව වැපිරීම හෝ පැළ සිටුවීම වැනි ඉක්මණින් මතුපිට ජල පෘෂ්ඨය ආවරනය කරන වගා ක්‍රම අනුගමනය කිරීමෙන් හානිය අවම කර ගත හැක. හානිය අධික නම් සංස්ථානික කෘමි නාශක මගින් පහසුවෙන් හානිය පාලනය කළහැකි වේ.


කියත් පණුවා Cutworm


ව්‍යවහාරික නම
කියත් පණුවා Cutworm

විද්‍යාත්මක නම
ස්පොඩොප්ටෙරා ලිටුරා
Spodoptera litura(Fadricius)
Lepidoptera: Noctuidae

හානිය
කියත් පණුවාගේ ජීවන චක්‍රය සම්පූර්ණ වීම සඳහා වියළි පස අවශ්‍යවන හෙයින් මොවුන්ගේ හානිය වැඩිපුරම දක්නට ලැඛෙන්නේ ජලය අඩු කුඹුරුවලය. බොහෝ විට මඩ සහිත කුඹුරුවල මෙම හානිය ඇති නොවේ. ලපටි දළඹුවන් පත්‍ර පමණක් ආහාරයට ගන්නා අතර, පරිනත වූ පසු මුළු ශාකයම විනාශ කරයි. පැළ අවධියේදී ගොයම මුලින්ම කපා දමනු ලබයි.

පාලනය
වගාව නිරතුරුව පරීක‍ෂා කිරීම හා අවශ්‍ය අවස්ථාවලදී දියර කෘමිනාශක යෙදීම මඟින් හානිය වළක්වා ගත හැකිය.

කරල් කපන දළඹුවා Armyworm


ව්‍යවහාරික නම
කරල් කපන දළඹුවා Armyworm

විද්‍යාත්මක නම
මිතිම්නා සෙපරාටා
Mythimna separata (Walker)
Lepidoptera: Noctuidae
හානිය
විශාල වශයෙන් වගාවන් ආක්‍රමණය කර පත්‍ර කා දමන දළඹුවන් විශේෂ අතරට මි. සෙපරාටා ද අයත් වේ. නොයෙක් වල් පැළෑටි මත පෝෂණයවන මෙම කෘමීහු ඇතැම් දේශගුණික තත්ත්ව යටතේ විශාල වශයෙන් බෝවී වගාවන් ආක්‍රමණය කරති. පරිනත ශාකවල කඳ සහ මැද නාරටි ඉතුරුකර පත්‍ර තලය කා දමන මොවුන් නොමේරූ ශාකවල පත්‍ර ද, කඳ ද මුළුමනින්ම කා දමයි. මොවුන් ගොයම් පැළ විනාශ කළපසු වෙනත් වල් පැළ වෙත සංක්‍රමණය වී හානිය පතුරුවති. මි. සෙපරාටා ගොයම් කරල් මුලින් කපාදමන හෙයින් කරල් කපන දළඹුවා ලෙස හදුන්වයි.

පාලනය
වගාව නිරතුරුව පරීක‍ෂා කිරීමත්, හානිය ඇතිවිට සවස් කාලයේ දී දියර කෘමිනාශක යෙදීම මගින් මෙම හානිය පහසුවෙන් වළක්වාගත හැකිය.

කොළ පත්‍ර කීඩෑවා Green leafhopper


ව්‍යාවහාරික නම
කොළ පත්‍ර කීඩෑවා
Green leafhopper

විද්‍යාත්මක නම
නෙෆොටෙටික්ස් විරෙසන්ස්
Nephotettix virescens (Distant)
Hemiptera:Cicadellidae

හානිය
නිවර්තන කලාපයේ වී වගාකරන සියළුම ප්‍රදේශවල පැතිර සිටින කොළ පත්‍ර කීඩෑවන් පත්‍ර මත යුෂ උරා බීමෙන් ජිවත් වේ.මොවුන්ට, ගොයම් පැළවලට අමතරව විකල්ප ධාරක ශාක ලෙස පවතින නොයෙක් වල් පැළෑටි මත ජිවත් විය හැක. මෙම කීඩෑවන් යුෂ උරා බීම නිසා කීඩෑ පිලිස්සීම් ඇති වන්නේ ඉතාමත් කලාතුරකිනි. අධික ගහන මට්ටම් සිටින අවස්ථාවල යුෂ උරා බීමේ ප්‍රතිඵලයක් වශයෙන් පත්‍ර කහ පැහැයට හැරේ. තුන්ග්‍රෝ (tungro)ගොයම් කුණුවීම (rice dwarf), කහවීම (transitory yellowing), කහවන් කුරුවීම (Yellow dwarf) වැනි වෛරස් රෝගවලට ප්‍රධාන වාහකයා වශයෙන් ක්‍රියාකරන හෙයින් කොළ පත්‍ර කීඩෑවන් වී වගාවේ වැදගත් පළිබෝධකයෝ ලෙස සැලකේ.

පාලනය
වැඩි දියුණු කළ වී ප්‍රභේද අතරින් එච් 4, බීජී 403, බීජී 379-2, බීජී 300, බීජී 357 හා බීජී 304 කොළ පත්‍ර කීඩෑවන්ට තරමක ප්‍රතිරෝධීතාවයක් පෙන්වයි. ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය හා වගාව නොකඩවා සුපරීක‍ෂාවට භාජනය කිරීම හාකේෂ්ත්‍රයේ ජලය කපා හැර වියළීමට හැරීමෙන් හානිය අඩුකර ගත හැක. අවශ්‍ය අවස්ථාවලදී කෘමි නාශක මඟින් මෙම කීඩෑවන් මර්ධනය කළහැක.

ගොයම් පැළ කීඩෑවා Rice delphacid




ව්‍යාවහාරික නම - ගොයම් පත්‍ර කීඩෑවා Rice delphacid
විද්‍යාත්මක නම - සොගටෝඩෙස් ඔරයිසිකෝලා Sogatodes oryzicola
Hemiptera : Cicadellidae

හෝජා බ්ලැන්කා (Hoja blanka) හෙවත් සුදුපත් වෛරසයේ (White leaf virus) ප්‍රධාන වාහකයා වන මෙම කීඩෑවා ඇමෙරිකානු රටවල බොහෝ සෙයින් දැකගත හැක. සුහුඹුලන් දිග සහ කෙටි පියාපත් යන දෙආකාරයෙන්ම සිටී.

අක්වක් පත්‍රකීඩෑවා Zigzag leafhopper

ව්‍යවහාරික නම
අක්වක් පත්‍රකීඩෑවා
Zigzag leafhopper

විද්‍යාත්මක නම
රිසිලියා ඩෝසාලිස්
Recilia dorsalis(Motchaulsky)
Hemiptera: Cicadellidae

හානිය
ආසියාවේ නොයෙක් රටවල පැතිර සිටි. ඉතා පහසුවෙන් හඳූනා ගතහැක.සුහුඹුලාගේ පූව_ පියාපත් යුගල මත සුදු දුඹුරු පැහැයෙන් යුත් අක්වක් මෝස්තරයක් ඇත. යුෂ උරාබීම නිසා අධික ගහන මට්ටම් ඇති අවස්ථාවල පත්‍ර කහ තැඹිලි වර්ණයක් ගෙන වියළී යයි. කීඩෑ පිලිස්සීම සුලභව ඇති නොවේ.

අක්වක් පත්‍රකීඩැවන් තුන්ග්‍රෝ
(tungro) ගඩු පත්‍ර කුරුවීම (gall dwarf) සහ තැඹිලි පත්‍ර : (orange leaf) යන වෛරස් රෝගවල වාහකයා ලෙස ක්‍රියා කරයි.

පාලනය
සාමාන්‍ය පත්‍ර හා පැළ කීඩෑවන් සඳහා යොදා ගන්නා ක්‍රියා මාර්ගයන් භාවිතයෙන් අක්වක් පත්‍ර කීඩෑවන් ද පාලනය කළහැක.

සිහින් දුඹුරු පැළ කීඩෑවා Smaller brown plant hopper


ව්‍යාවහාරික නම
සිහින් දුඹුරු පැළ කීඩෑවා
Smaller brown plant hopper

විද්‍යාත්මක නම
ලොඩොල්ෆොක්ස් ස්ට්‍රියාටෙලස් Laodelphax striatellus (fallel)
Hemiptera: Delphacidae

පැතිරීම
සම ශීතෝෂ්ණ කලාපවල දක්නට ලැඛෙන කීඩෑ විශේෂයකි. කළු ඉරි කුරුවීම (Black streaked dwarf) හා තීරු වෛරසය (Strip virus) යන රෝගවල වාහකයා වශයෙන් ක්‍රියා කරන මෙම කීඩෑවන්ගේ සුහුඹුලා දිග සහ කෙටි පියාපත් දෙයාකාරයෙන්ම සිටී.

පිටසුදු පැළ කීඩෑවා white backed plant hopper

ව්‍යවහාරික නම
පිටසුදු පැළ කීඩෑවා
white backed plant hopper

විද්‍යාත්මක නම
සොගටෙල්ලා ෆර්සිෆෙරා
Sogatella furcifera(Horvath)
Hemiptera: Delphacidae

හානිය
පිට සුදු පැළ කීඩෑවා වෛරස් රෝග වාහකයෙක් නොවේ. සාමාන්‍යයෙන් ගොයමේ මුල් අවධියේ අධික සංඛ්‍යාවලින් සිටිය ද පීදෙන අවස්ථාව වන විට සතුන්ගේ ගහන මට්ටම් ක්‍රමයෙන් අඩුවන නිසා කීඩෑ පිළිස්සීම සිදු වන්නේ ඉතා කලාතුරකිනි. පිට සුදු පැළ කීඩෑවන් විශාල වශයෙන් සංක්‍රමණය වූ අවස්ථාවල පඳුරුවල පිටතින් පිහිටන පත්‍රවල කීඩෑ පිලිස්්සීම් ඇති වී කහ දුඹුරු වර්ණයක් ගනී.

පාලනය
වගාව ගැන සුපරීක්ෂාකාරී වීමත්, අවශ්‍ය අවස්ථාවල කෘමිනාශක යෙදීමත් මෙම හානිය වළක්වා ගැනීමට පහසු ක්‍රමයකි.

කළු මකුණා Black bugs

ව්‍යවහාරික නම
කළු මකුණා Black bugs

විද්‍යාත්මක නම
Scotinophara spp.
Hemiptera : Pentatomidae

හානිය
ගොයම් පැළෑටියේ පත්‍රවල හෝ කොපු මත හෝ යුෂ උරා බීමෙන් හානි කරයි. සුහුඹුලන් තද දුඹුරු පැහැයක් ගනී. ශිශුවන්ගේ දේහය මත කළු පැහැති ලප පිහිටයි. තෙතමනයට කැමැත්තක් දක්වන මෙම සතුන් බොහෝ විට ජල මට්ටමට ආසන්නයේ ගොයම් ශාක මත එක් වී සිටි. රාත්‍රි කාලයේදි හෝ අඳූරු කාලගුණ තත්ත්ව යටතේ දී පමණක් ශාකවල ඉහළට පැමිණේ.සුහුඹුලන් හා ශිශුවන් යුෂ උරා බීම නිසා කොළ පාළුව ආසාදනයෙන් සෑදෙන රිෂ්ට වලට සමාන තද දුඹුරු දාරයක් සහිත දුඹුරු පැහැති ලප පත්‍රවල හා කඳේ ඇතිවේ. හානියේ තීව්‍රතාවය අනුව පැළෑටි කුරුවේ. රිකිලි දැමීම අඩු වේ. නැතහොත් මැද පිහිටන පත්‍ර අග්‍ර, පත්‍ර දාර හෝ මුළු පත්‍රයම හෝ ශාකයම හෝ වියළී මැරේ. ඛණ්ඩි අවධියේදී සිදුවන හානිය නිසා වධ_නය බාල වේ. කරල් මතු වීම දුර්වල වේ. බොල් වු ධාන්‍ය සහිත කරල් හට ගනී. කළු මකුණන් අධික ගහණ වලින් සිටින අවස්ථාවල කීඩෑ පිළිස්සීමට සමාන අන්දමට වගාව විනාශ වී යයි. අයහපත් කාළගුණයක් ඇති විට වල් පැළෑටි මතට සංක්‍රමණය වී ජීවත් වෙයි.

පාලනය
මෙම කෘමින්ට ඔරොත්තු දෙන වී වර්ග සොයා ගෙන නොමැත. බෝග සනීපාරක‍ෂක ක්‍රම භාවිතය මඟින් මෙම කෘමියාගේ හානියෙන් වැළකිය හැකිය. කැට කෘමි නාශක වලට වඩා දියර කෘමිනාශක යෙදීමෙන් පහසුවෙන් මර්ධනය කළහැක.

හිස්පා Hispa

ව්‍යවහාරික නම
හිස්පා Hispa

විද්‍යාත්මක නම
ඩිස්ලඩිස්පා ආමිගෙරා
Dicladispa armigera (Olivier)
Coleptera : Chrysomelidae

හානිය
සුහුඹුල් කුරුමිණියා තද නිල් කළු වර්ණයක් ගනී. දේහයේ මතුපිට ඛණ්ඩ රාශියක් ඇත. සුහුඹුලා පත්‍ර තලය යටි අපිචර්මය තෙක් සූරාකන නිසා හානි වු පත්‍රවල සුදු පැහැති සිරස් තීරු දිස් වේ.පත්‍ර අග්‍රයේ තැන්පත් කරන බිත්තරවලින් පිටවන කීටයන් අපිචර්මීය ස්ථර අතරින් ගුල් සාදා පටක ආහාරයට ගනී. මේ නිසා, හානි වු පත්‍ර මත සුදු පැහැති තීරු ඇති වේ. පිලා අවස්ථාවද පත්‍ර පටක තුළම ගත කරයි. බරපතල ලෙස හානි වු ෙක‍ෂ්ත්‍ර කීඩෑ පිළිස්සීමට සමාන ලෙස දිස් වේ.

පැතිරීම
මොවුන්, එක් ෙක‍ෂ්ත්‍රයක සිට වෙනත් ෙක‍ෂ්ත්‍ර වෙත සංක්‍රමණය වී හානිය පතුරුවයි. ඉන්දියාවේ හා බංගලාදේශයේ වී වගාවට බලවත් තර්ජනයක් වී ඇති මෙම කෘමි හානිය ශ්‍රී ලංකාවේ එතරම් දක්නට නොමැත.

පාලනය
හානියට පත් පත්‍ර කපා විනාශ කිරීම, සුහුඹූලන් අල්ලා විනාශ කිරීම පහසුම මර්ධන ක්‍රම වේ.
 
ලෙප්ටිස්පා Leptispa

ව්‍යවහාරික නම - ලෙපිටිස්පා Leptispa

විද්‍යාත්මක නම
ලෙපිටිස්පා පිග්මෙයා - Leptispa pygmaea Baly
Coleoptera : Chrysomelidae

හානිය
හිස්පාගේ හානියට සමාන හානිකරන මෙම කුරුමිණියා ප්‍රමාණයෙන් කුඩාය. දිගැටිය. බොහෝ විට හිස්පා සහ ලෙපිටිස්පා එකම ෙක‍ෂ්ත්‍රවල දක්නට ලැබේ.ලෙපිටිස්පාගේ හානියෙන් පත්‍ර මත සෑදෙන සුදු පාට තීරු හිස්පාගෙන් සෑදෙන තීරුවලට වඩා පටුය. මෙම කුරුමිණියාගේ කීටයා, කහ වණ_යක් ගන්නා අතර, පත්‍ර තලය මත ද පෝෂණය වේ.

ගොයම් නැට්ටුවා Rice Skipper



ව්‍යවහාරික නම
ගොයම් නැට්ටුවා Rice Skipper

විද්‍යාත්මක නම
පෙලෝපිඩස් මතියස්
Pelopidas mathias (Fabricius)
Lepidoptera : Hesperiidae

හානිය
මෙම දළඹුවා ගොයම් පත්‍රයේ මැද නාරටිය ඉතුරුවන සේ කා දමයි. මෙම හානිය අං සහිත කොළ පාටදළඹුවාගේත්, කොළ පැහැති අඩ පුඩු දළඹුවාගේත් හානියට සමාන වේ.

ගති ලක‍ෂණ
ගති ලක‍ෂණ ස්පර්ශක යුගල කෙළවර වන්නේ කොක්කක ආකාරයෙනි. අපිළිවෙලට වේගයෙන් පියාසර කිරීම මෙම සමනළයන්ට ආවේණික වු හැසිරීම් රටාවකි.

ජීවන චක්‍රය
සුහුඹුලා පත්‍ර තලය මත මුතු වැනි බිත්තර දමයි. ජීවන චක්‍රය සති 4 ක් පමණ ගත වේ.පිලවා සේදමය නුල් වලින් අකුළාගත් පත්‍රවලට බැඳී සිටී.

පාලනය
ආර්ථික හානිදායක මට්ටමකට හානිය දක්නට නොමැත.

මෙලනිටිස් දළඹුවා





අං සහිත කොළ පැහැති දළඹුවා
Greenhorned Caterpillar

ව්‍යවහාරික නම - මෙලනිටිස් දළඹුවා
අං සහිත කොළ පැහැති දළඹුවා - Greenhorned Caterpillar

විද්‍යාත්මක නම
මෙලනිටිස් ලිඩා ඉස්මෙනේ
Melanitis leda ismene Cramer
Lepidoptera: Satyridae

හානිය
පත්‍රමැද නාරටිය ඇතුළු සියළු කොටස් කා දමන නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් පත්‍ර සිඳලීමක් වේ. මේ අන්දමට ඉතා සීඝ්‍රයෙන් ගොයම් පත්‍ර කා දමන නිසා ඡීවිත කාලය තුළ එක දළඹුවෙක් සැලකියයුතු හානියක් සිදු කරයි. හානිය වැඩිපුර දක්නට ලැඛෙන්නේ වියළි කාලගුණික තත්ත්වවලදීය. කරල් කපන දළඹුවන් හා කියත් පණුවන් මෙන් මෙම දළඹුවා පැතිරී නැත.

පාලනය
මේ දක්වා ආර්ථික හානියක් වාර්තා වී නැත.

කොළ පැහැති අඩපුඩු දළඹුවා Green semilooper


ව්‍යවහාරික නම
කොළ පැහැති අඩපුඩු දළඹුවා
Green semilooper

විද්‍යාත්මක නම
නරන්ගා ඒනිසෙන්ස්
Naranga aenescens
Lepidoptera: Noctuidae

හානිය
ගොයම් පත්‍ර කා දමන දළඹු විශේෂයකි.

පාලනය
මේ දක්වා ආර්ථික හානියක් වාර්තා වී නැත.

අංකොට තණ පෙත්තා Short horned grasshopper



ව්‍යවහාරික නම අංකොට තණ පෙත්තා
Short horned grasshopper
විද්‍යාත්මක නම
ඔක්සියා විශේෂ Oxya spp.
Orthoptera : Acrididae

හානිය
කහලප වෛරසයේ වාහකයා වශයෙන් ක්‍රියා කරනු ලබන මොවුන්ට වෙනත් ධාරක ශාක විශාල සංඛ්‍යාවක් මත ද ඡීවත් වියහැක. ගොයම් පත්‍ර කා දැමීම නිසා විශාල වශයෙන් ඒවා සිඳලී යයි. රංචු වශයෙන් සිටින අවස්ථාවල පමණක් හානිය අධිකවේ.

බිම් ඌරා Mole Cricket


ව්‍යවහාරික නම
බිම් ඌරා
Mole Cricket

විද්‍යාත්මක නම
ග්‍රිලෝටැල්පා ඇෆ්‍රිකානා
Gryllotalpa africana
Orthoptera : Gryllotalpidae

හානිය
බිම් ඌරා පස ආශ්‍රිතව ඡීවත් වන කෘමියෙකි. සුහුඹූලන් සහ ශිශුවන් ගොයම් පැළවල පස යට ඇති ලපටි මුල් සහ කඳන් කපා ආහාරයට ගන්නා නිසා ඒවා මැරීයයි. මෙය ඛෙහෝ විට පුරුක් පණු හානිය ලෙස වරදවා වටහා ගතහැක. බිම් ඌරන්ට ජලය තුළ ඡීවත් විය නොහැකි නිසා මෙම හානිය වැඩිපුර දක්නට ලැඛෙන්නේ තෙතමනය සහිත එහෙත් ජලය රැඳී නැති කුඹුරුවලය. ජලය බැඳ ඇතිකේෂ්ත්‍රවල, ජලය කපා හැරිය විට හෝ පස් මතු වු ස්ථානවල හෝ ඇති පැළවලට පමණක් හානිය සිදුවේ. දිවා කාලයේදී පසේ සාදා ගන්නා ගුල් තුළ ජීවත්වන මෙම කෘමින්, රාත්‍රි කාලයේදී ආහාර සොයා ගැවසේ. බිම් ඌරන්ගෙන් හානිදායක තත්ත්වයක් ඇති වන්නේ ලපටි ගොයම් පැළ වලට පමණක් වන අතර, හානිය වැඩිපුර සිදු වු කේෂ්ත්‍රවල අක්‍රමවත් වගාවක් ඇතිවේ.

පාලනය
වී වගාවේ මුල් අවධියේදී ජලය බැඳ තැබිම බිම් ඌරන්ගෙන් හානිය වළක්වා ගැනීමේ පහසුම ක්‍රමයයි.

පළඟැටියා Crickets


ව්‍යවහාරික නම
පළඟැටියා
Crickets

විද්‍යාත්මක නම
ඉයුසර්ටස් කොන්සිනස්
Euscyrtus concinnus (de Haan)
Orthoptera : Gryllidae

හානිය
පත්‍රදාර ඉතිරිවන පරිදි පත්‍ර තලය ආහාරයට ගනී. මේ නිසා හානි වු පත්‍ර විශාල සිදුරු සහිත කඩමළු ස්වභාවයක් ගනී. මෙම පළඟැටියන් වී වගාවේ ප්‍රධාන පළිබෝධක ගණයට නොවැටේ. බිත්තර පස තුළ හෝ කෙඳහි තැන්පත් කරනු ලබයි. ධාන්‍යවලට හානි පමුණුවන මෙවැනි දිග අං සහිත (Long horned) වෙනත් පළගැටි විශේෂ ද හඳූනාගෙන ඇත.

පිටි මකුණා Mealybug

ව්‍යවහාරික නම
පිටි මකුණා
Mealybug

විද්‍යාත්මක නම
බ්‍රිවේනියා රෙහි
Brevennia rehi (Lindinger)
Hemiptera : Pseudococcidae

හානිය
පිටි මකුණා ඉතා කුඩාය. පියාපත් සහිත සහ රහිත යන දෙයාකාරයෙන්ම සිටින මොවුන්ගේ දේහය මෘදුවන අතර, රතට හුරු සුදු පැහැයක් ගනී.

පියාපත් රහිත පිටි මකුණන් ශ්‍රාවය කරන සුදු ඉටි වැනි කෙඳිමය ද්‍රව්‍යයකින් දේහය ආවරණය කර ගනී. වියළි දේශගුණික තත්ත්ව යටතේ වර්ෂා ජලයෙන් වගාකරන හොඳින් ජලය බැස යන කුඹුරුවල අධික වශයෙන් දක්නට ලැඛෙන මොවුන් සාමාන්‍යයෙන් ජීවත් වනුයේ පත්‍ර කොපුවල සහ කෙඳහිය.

පිටි මකුණා පැළවල යුෂ උරා බීම නිසා ශාකයේ වර්ධනය බාල වේ. ආසාදනය අධික වු අවස්ථාවල කරල් පීදීම පමා වේ. මෙවැනි අවස්ථාවල අක්‍රමවත් වර්ධනයක් සහිත ගොයමක් දක්නට ලැබේ.

කුහුඹුවන් Ants


ව්‍යවහාරික නම
කුහුඹුවන්
Ants

විද්‍යාත්මක නම
සොලෙනොප්සිස් ජෙමිනාටා
Solenopsis geminata (Fabricius)
Hymenoptera : Formicidae

හානිය
පොළවෙහි සාදා ගන්නා ගුල් තුළ ඡීවත් වන මොවුන් කැකුලමට ඉසින ලද පැළ වී ආහාරයට ගනී.මෙහි ප්‍රතිඵලය වන්නේ අඩු පැළ ගහණයක් ඇති අක්‍රමවත් වගාවකි.

පාලනය
වැඩිපුර බීජ ප්‍රමාණයක් වැපීරීමෙන් හෝ කෘමි නාශක මිශ්‍රකරන ලද බීජ භාවිතයෙන් මෙම හානිය මඟ හරවා ගත හැක.

මීයන් Rats

ව්‍යවහාරික නම
මීයන්
Rats

විද්‍යාත්මක නම
Rattus . spp

හානිය
වී වගාවට හානිකරන මීයන් විශේෂ කිහිපයක් සිටි. වැපුරූ, හෝ ලපටි ගොයම් පැළ සහ ධාන්‍ය කොටස් ආහාරයට ගන්නා නිසා සමහර වගාවන්ගේ ආරම්භයේදීම පැළ සංඛ්‍යාව අඩු වේ.ගොයම වර්ධනය වීමත් සමග අවටකේෂ්ත්‍රවලින් සංක්‍රමණය වන මීයන් වැඩෙන පැළ ආහාරයට ගනී. මොවුන් කපා දැමු රිකිලිවල තියුනු වුත් ඇදටත් ඇති කැපුම නිසා පහසුවෙන් හඳූනාගත හැක. ගහණ සංඛ්‍යා අඩු අවස්ථාවල සිදුවන හානිය පැහැදිලිව නොපෙන්නත් ගහණය අධිකව සිටිනකේෂ්ත්‍රවල පාළු වු විශාල ප්‍රදේශ දැක ගත හැක.මීයන් කපා දැමු රිකිලි නැවත වැඩෙන නිසා අස්වැන්න නෙලන අවස්ථාවල දී සමහර විට හානි වු ප්‍රදේශ කොළ පැහැයෙන් දිස් වේ. සාමාන්‍යයෙන් වී වගාවට මීයන්ගෙන් හානි සිදුවන්නේ ලියදිවල මධ්‍යයයේය.

පාලනය
මීයන් මර්ධනය සඳහා ක්‍රමාණූකූලව වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු වේ. වගාව පිහිටුවීමෙන් පසුව කේෂ්ත්‍රයේ සිටින මීයන්ගේ ගහණය පිළිබඳව සුපරික‍ෂාකාරී විය යුතුය.මෙම අවස්ථාවේදී අධික සංඛ්‍යා වලින් සිටී නම් මර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කළයුතු වේ. කරල් හට ගන්නා අවස්ථාවලදී මර්ධන කටයුතු ඇරඹීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් නොදේ. මීයන් මර්ධනය සඳහා රසායනික ක්‍රමවලට අමතරව වෙනත් ක්‍රමද ඇත. මොවුන් වාසස්ථාන වශයෙන් සාදා ගන්නා නියරවල් කුඩාවට සෑදීමත්, වගාව අවට වල් මර්ධනය කර එලි කිරීමත් මේ සඳහා අනුගමනය කළහැකි ක්‍රියා මාර්ග සමහරකි.

කුරුල්ලන් Birds

ව්‍යවහාරික නම ගිරවා , වී කුරුල්ලා

හානිය
කුරුල්ලන් විශාල වශයෙන් ධාන්‍ය අස්වැන්න අඩුකරයි. ගොයම් කරල්වලට හානිකරන වී කුරුළු විශේෂ කීපයක් ශ්‍රී ලංකාවේ සිටී. කිරිවදින අවස්ථාවේ ඇති ධාන්‍ය මිරිකා යුෂ ආහාරයට ගැනීමේ ප්‍රතිඵලය වන්නේ බොල් ඇට හට ගැනීමයි. පැසීගෙන එන අවස්ථාවේදී සම්පුර්ණ කරල හෝ ඇට හෝ ඉවත් කරයි.