සලාද (Lettuce)




කුලය - ඇස්ටරේසියේ

උද්භිද විද්‍යාත්මක නම - ලෙටුස් සැටයිවා (Lettuce sativa)

නිර්දේශිත ප්‍රභේද

නිර්දේශිත සලාද වර්ග සහ ඒවායේ ප්‍රභේදයන්

  1. Lactuca Sativa
    Common lettuce - L.S. var
    Oak leaf lettuce
    (Red & Green)
    Cos/ Romain lettuce
    (Red & Green)
    Butter head lettuce
    (Red & Green)
    Curl leaf lettuce
    (Red & Green)
    Lollo Rosso lettuce
    (Red)
    Lollo Bionda lettuce
    (Green)
    Crisp head lettuce
    Iceberg lettuce
  2. Cichorium endivia
    Curly endves (Frisea)
    Broad leaved endives (Escarole)
  3. Cichorium intybus
    Radicchio Palo Rosa
දේශගුණික අවශ්‍යතාවය

සිසිල් දේශගුණික තත්ත්වයන් යටතේ වර්ධනය වන බැවින් වසර පුරාම උඩරට තෙත් හා උඩරට අතරමැද කලාප වල වගා කළ හැක. වර්ධනය සදහා ප්‍රශස්ථ උෂ්ණත්වය 200C ක් වඩා අඩු විය යුතුය. උණුසුම් දේශගුණික තත්ත්ව වලදි සලාද කොල වල තිත්ත රස ඇතිවීම, ඉක්මනින් මල් හට ගැනීම සහ පර්ව අතර පරතරය වැඩිවී සලාද ගස උස යාම දැකිය හැකිය.

පස
ලිහිල් පාංශු ව්‍යුහයක් ඇති කාබනික ද්‍රව්‍ය බහුල ජලය හොඳින් බැස යන වැලි ලෝම පසක් මනා වර්ධනය සදහා අවශ්‍යවේ.

බිම් සැකසිම

සෙන්ටිමීටර් 30 ක් පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර සියුම්ව පස සකසා ගන්න. පසුව මීටර් 1ක් පමණ පළල, පාලනයට පහසු දිගකින් යුතු උස් පාත්ති සකසා ගන්න.

තවාන් පාලනය

සලාද බීජ සිටුවීම
සලාද බීජ තවාන් දැමීම මඟින් සිටුවීම සිදු කළ හැකිය.


තවාන් පාලනය

- සෙන්ටිමීටර් 30-40 ගැඹුරට පස පෙරලා කැටපොඩිකර සියුම්ව සකසා ගන්න.

- මීටර් 1 x 3 ප්‍රමාණයේ පාත්ති උස සෙන්ටිමීටර් 12-15 වන ලෙස සකසා ගන්න

- කොම්පෝසට් සහ මතුපිට පස 1x1 වන මිශ්‍රණයක් පාත්ති මතුපිට සෙන්ටිමීටර් 6-8 ක් පමණ ඝනකමට දමන්න. හානි කර
රෝග කාරක ජීවින් විනාශ කිරීම සඳහා තිරාම් තවාන් පාත්ති වලට යොදන්න (7g/ 1m2).

- බීජ වැලි සමග මිශ්‍ර කර තවාන් පාත්ති මතට ඒකාකාරිව ඉසින්න. පසුව තුනී පස් තට්ටුවකින් වසා වසුනක් යොදන්න.

- දින 4-5 න් බීජ පැළවූ විගස වසුන ඉවත් කරන්න. දිනකට දෙවරක් ජලය දමන්න.

- තද වැස්සෙන් හෝ සතුන්ගෙන් ආරක්ෂා වීමට ආවරණයක් යොදන්න.

- දින 25-30 න් පසු තවාන් පැළ කේෂ්ත්‍රයේ සිටුවිය හැක.


වගා පිළිවෙත්

තවාන් පැළ සිටුවීම
උස් පාත්ති සකසා පේලි අතර සෙන්ටිමීටර් 30 පරතරය සහ පැළ අතර සෙන්ටිමීටර් 15 පරතරයක් ඇතිව සිටුවිය යුතුය. බොහෝවිට සලාද, කැරට් සහ ලීක්ස් සමඟ මිශ්‍ර බෝගයක් ලෙස සිටුවන බැවින් එවිට පැළ අතර සෙන්ටිමීටර් 20 ක පරතරයකට සිටුවයි.

සිටුවිය යුතු කාලය
කේෂ්ත්‍රයේ සිටුවීමට විශේෂිත වූ කාලයක් නොමැති වුවත් මනා වර්ධනයක් හා හොඳ අස්වැන්නක් සඳහා ජනවාරි-අප්‍රේල් අතර කාලය කේෂ්ත්‍රයේ සිටුවීම සුදුසුය. (ජනවාරි හා පෙබරවාරි මාසයේදී ඇතිවන මල් තුහින මඟින් ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.)

පොහොර භාවිතය

වර්ගය

යොදන අවස්ථාව

ප්‍රභවය

ප්‍රමාණය (ටොන්/ හෙක්.)

*හුණු

පැළ සිටුවීමට සති 2 කට පෙර

හුණු/ ඩොලමයිට්

1-2

කාබනික පොහොර

පැළ සිටුවීමට දින 3-5ට පෙර

**කුකුල් පොහොර/ ගොම පොහොර/ කොම්පෝස්ට්

10

වර්ගය

යොදන අවස්ථාව

යූරියා කි.ග්‍රෑ/ හෙක්.

ටී.එස්.පී. කි.ග්‍රෑ/ හෙක්.

එම්.ඕ.පී. කි.ග්‍රෑ/හෙක්.

රසායනික පොහොර

සිටුවීමට පෙර

215

130

75

*පාංශු පී.එච්. අගය 5.5 ට අඩු නම් පමණක් යොදන්න.

හුණු යෙදීම පැළ සිටුවීමට සති 2ට පමණ පෙර කළයුතු අතර හොඳින් පසට මිශ්‍ර කරන්න.

හුණු සහ රසායනික පොහොර එකවර යෙදීම නොකළ යුතුය.

**කුකුල් පොහොර යොදන්නේ නම් ටී.එස්.පී. හා එම්.ඕ.පී. යොදන ප්‍රමාණයෙන් 25% ක් අඩු කරන්න.


ජල සම්පාදනය

සලාද වර්ධනයට හා අස්වැන්නේ ගුණාත්මයට ඉහළ පාංශු ජල සැපයුමක් අවශ්‍ය වේ. එබැවින් පැළ සිටුවා මුල් දින කිහිපය තුළ දිනපතා ජල සම්පාදනය කළ යුතුය. සති දෙකක් පමණ වයස වූ විට දින හතරකට වරක් වර්ෂාපතනය අනුව ජලය සපයන්න.

වල් පැළෑටි පාලනය

බෝගයේ නිසි වර්ධනයට වල් පැළ වලින් තොරව ක්ෂේත්‍රයේ පවත්වා ගත යුතුය.

අස්වැන්න නෙළිම

බීජ පැළ සිටුවා දින 50-60 ත් අතරකාලයේදී අස්වනු නෙළාගත හැක අස්වනුනෙලීමේදි සම්පුර්ණ පැළයම ගලවා මුල් කොටස කපා දැමිය හැකිය. හොඳින් වැඩුණු ශාකයක් අස්වනු නෙළන අවස්ථාව වන විට බර ග්‍රෑම් 200 - 400 පමණ විය යුතුය. ගෙවතු වගාවකදී නම් අවශ්‍යතාවය පරිදි පත්‍ර වෙන් වෙන් වශයෙන් කඩා පරිභෝජනය සඳහා යොදා ගත හැකිය.

අස්වැන්න
තනි වගාවකදී හෙක්ටයාරයකට ටොන් 15-17 පමණ වේ.

අස්වනු සැකසීම

පසු අස්වනු ක්‍රියාකාරකම්

අස්වනු නෙලීමෙන් පසු දුර්වර්ණ වු පත්‍ර ඉවත් කර පිරිසිදු කළ යුතුය. පසුව පත්‍ර වලට හානි නොවන ලෙස ප්ලාස්ටික් කූඩ වල අසුරා වෙළඳපොළට යැවිය හැක.

රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

මුල් කන පනුවන්
බිත්තරවලින් බිහිවන කීටයින් මුල් සහ කඳේ පහළ කොටස්වලට හානි කර කඳ තුලින් ශාකයට අතුල්වේ.
පාලනය
ග්‍රීස් යෙදූ කහ හෝ නිල් පැහැති පොලිතීන් යොදාගෙන සුහුඹුලන් අල්ලා විනාශ කිරීම.

 

කියත් පණුවා
පැළ පාමුලින් කපා දැමීම නිසා වගාවට හානි වේ.
පාලනය
වගාව පරීක්ෂා කර දරුණු හානියක් පවතින විට නිර්දේශිත කෘමිනාශක යොදන්න.

 

රෝග පාලනය

මෘදු කුණුවීම (Erwinia spp.)
වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවලදි දැකිය හැක. ශාකවල පහළ පත්‍ර පස් සමඟ ගැටීමෙන් රෝගය ආසාදනය වේ. ශාකයේ පහළ පත්‍රවල සිට ඉහළට කුණු වී යයි.

පාලනය
නියමිත පරතරයට කේෂ්ත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමඟ ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.


ස්ක්ලෙරෝටියම් කුණු වීම (Sclerotrium spp.)

ශාකයේ පහළ සහ පත්‍රවල කඳේ කුණුවීම් ඇතිවී පසුව ඉහළ පත්‍රවලට පැතිරී යයි.

පාලනය
ජල වහනය දියුණු කිරීම, නියමිත පරතරයට කේෂ්ත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමග ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.

සලාද වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු