හැදින්වීම

ගෙවත්ත








  • ගෙවත්ත කියන්නෙ පෘථීවිතලයේ අප ජීවත්වන පුංචි පරිසර ඒකකයයි. එය නිවසට යාබදව පවතින, එදිනෙදා කටයුතුවලට භාවිතා කරන අප ජීවත් වන වටාපිටාවයි.

  • ඒ නිසා විශාල ඉඩමක නිවස පිහිටා ඇති විට මුළු ඉඩමම ගෙවත්ත ලෙස සළකනු ලබන්නේ නැහැ. ගෙවතු වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ පර්චස් 20 කට වඩා අඩු භූමිප්‍රමාණයක්.

  • නිවස ආශීත භූමිභාගය එදිනෙදා අවශතා ඉටුවන පරිදි විවිධ බෝග වර්ග හා වෙනත් අත්‍යවශ්‍ය වූ අංග ඇතුළත්ව ක්‍රමානුකූලව සකස් කිරීමයි.

  • බෝග වගා කිරීම මෙන්ම හැකියාව අනුව සතුන් ඇති කිරීමත් එයට ඇතුළත්ය.
වර්ගීකරණය
එක් පුද්ගලයකුගේ ගෙවත්තක් තවත් කෙනෙකුගේ ගෙවත්තකට හැම අතින්ම සමාන වෙන්නෙ නැහැ.එය ප්‍රධාන වශයෙන්ම ගෙවත්ත පිහිටි දේශගුණිකකලාපයහා වගා රටාව මත මෙන්ම ගම/නගරය හා සමාජ පසුබිම අනුව වෙනස් වෙනවා.




දේශගුණික කලාප අනුව වර්ගීකරණය

1. තෙත් කලාපීය ගෙවතු

වාර්ෂික වර්ෂාපතනය මිලි මිටර් 2500 වඩා වැඩිපුර ලැඛෙන ප්‍රදේශ තෙත් කලාපය ලෙස හැඳින්වෙනවා.
තෙත් කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ නිරිතදිග මෝසමෙන්.
තෙත් කලාපීය ගෙවතුවල වැඩි බෝගවිවිධත්වයක් සහ වැඩි පැළ ගහණයක්දකින්න ලැඛෙනවා.

2. වියළි කලාපීය ගෙවතු

වාර්ෂික වර්ෂාපතනයමිලි මිටර් 1750 ට අඩුවෙන් ලැඛෙන ප්‍රදේශ වියළි කලාපය ලෙස හැඳින්වෙනවාවියළි කලාපයට වැඩිපුර වැස්ස ලැඛෙන්නෙ ඊසානදිග මෝසමෙන් වියළි කලාපීය ගෙවතුවල අඩු බෝග විවිධත්ත්වයක් සහ අඩු පැළ ගහණයක් දැකිය හැකියි වගා කිරීමට වඩාත් සුදුසු වන්නේ ස්වභාවයෙන්ම වියළි තත්ත්ව සඳහා ඔරොත්තු දෙන බෝග වර්ගයි.

3. ගම/ නගරය/ භූමිය/ සමාජ පසුබිම අනු

වර්ගීකරණය

ග්‍රාමීය ගෙවතු

නාගරීකරණය නොවූ ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි ගෙවතු ග්‍රාමීය ගෙවතු ලෙස හැඳින්වෙනවා.මේ ගෙවතු බොහෝවිට ප්‍රමාණයෙන් විශාලයි.බෝග වර්ග වැඩි ප්‍රමාණයක් දැකිය හැකි අතරම පහසුවෙන් සතුන් ද ඇති කළ හැකියි .

අර්ධ නාගරික ගෙවතු

වඩා නාගරීකරණය නොවූ ප්‍රදේශවල පිහිටි ගෙවතු අර්ධ නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා.ග්‍රාමීය ප්‍රදේශවල තරම්ම ඉඩකඩක් දකින්නට නොලැබුනත් නාගරික ගෙවතුවලට වඩාවැඩි ඉඩකඩක් බොහෝවිට දකින්නට ලැඛෙනවා.

නාගරික ගෙවතු


බොහෝ සෙයින් නාගරීකරණය වූ ප්‍රදේශවලදකින්නට ලැඛෙන ගෙවතු නාගරික ගෙවතු ලෙස හැඳින්වෙනවා මේ ගෙවතුවල ප්‍රධානතම ලක්ෂණය වන්නේ ඉතා අඩු, සීමිත ඉඩකඩක්පැවතීමයි මහල් නිවාස, නිවාස සංකීර්ණ, ඉතා සීමිත ඉඩකඩක පිහිටි නිවාසවල ගෙවතු මේ යටතට ගැනෙනවා.
ප්රගතිලාභ

ප්‍රතිලාභ




පවුලේ සියලූදෙනාට ප්‍රියජනක සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට උදව් වෙනවා.වස විස නැති, රස ගුණයෙන් පිරි, පිරිසිදු එළවළු හා පලතුරු අවශ්‍ය වෙලාවට ලබාගත හැකියි.
හොඳින් සැළසුම් කළ ගෙවත්තකින් ලැඛෙන ප්‍රධාන ප්‍රයෝජනයක් වන්නේ වෙළඳපොල ගනුදෙනුව ටිකෙන් ටික අඩුවීමයි.ඒ නිසාම, පවුලේ පෝෂණය මෙන්ම ආර්ථික තත්ත්වය ටිකෙන් ටික ඉහළ නැගෙනවා.සැලසුම් සහගත ගෙවත්ත කෘෂිකාර්මික දැනුම, කුසලතා හුරුව හා ආකල්ප පරපුරෙන් පරපුරටත්, අසල්වැසියන්ට නෑදෑයින්ටවගේම හිතමිතුරන්ටත් ලබාදෙන කෘෂි තක්සලාවක් ලෙස කටයුතු කරනවා.ගෙවත්තක විවිධ බෝග වගා කිරීමෙන්, සතුන් ඇති කිරීමෙන්, අලූත් කෘෂිකාර්මික ක්‍රම අත්හදා බැලීමෙන් අපට නිරන්තරයෙන් අත්දැකීම් ලැඛෙනව .එය අනාගතයේදී මහා පරිමාණ වාණිජ්‍ය වගාවක් හෝ සත්ත්ව පාලනය සඳහා යොමුවීමට කදිම අත්වැලක් සපයනවා.ගෙවත්තකතියෙන සමහර ශාක අපට දර විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසාම ඉන්ධන සඳහා මුදල් වැය වෙන්නේ නැහැ.හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් නඩත්තුකරන කොට අපට ලැඛෙන විවේක කාලය සතුටින්ම ගත කරන්න පුළුවන්.හොඳ අරමුණක් තියෙනනිසා අනවශ්‍ය දේවල් කරන්න, කියන්න, හිතන්න යොමුවන්නේ නැහැ. හරියට භාවනාවක් වගේ සිතට වින්දනයක් සමඟ මානසිකසුවයකුත් ගතට ව්‍යායාමයක් සමඟ නිරෝගී බවට අත්වැලක් ලැබීම මිල කරන්න බැරි තරම් වටිනවා හොඳින් සංවර්ධනය වූ ගෙවත්තක් තියෙන නිවසකජීවත්වන ලොකු කුඩා හැමෝම තමන්ගේ වටාපිටාවේ පරිසරය නිසා පුදුම සතුටක්, වින්දනයක් ලබනවා ගෙවතු වගාවට නැඹුරු වන ඔබට මේ සියලූ අත්දැකීම් විඳගන්නට ලැබීම ජීවිත කාලය පුරාවටම ලබන අපූර්ව අත්දැකීමක් වේවි.

ගෙවත්ත හා පෝෂණය

දරුවන්ගේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයට මෙන්ම පවුලේ සියළු දෙනාගේම නිරෝගී පැවැත්ම සඳහා ප්‍රමාණවත් සමබල ආහාර වේලක් ලැබිය යුතුයි.

සමබල ආහාර වේලක.

- ශක්තිජනක ආහාර ( කාබෝහයිඩ්‍රේට්)

_ මේද

- වර්ධක ආහාර ( ප්‍රෝටීන)

_ ආරක්ෂක ආහාර (විටමින් සහ ඛණිජ ලවණ) යන කොටස් හතරම ඇතුළත් විය යුතුයි

මන්දපෝෂණය වළක්වා ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදා ගැනීම සඳහා සමබල ආහාර වේලක් සකස් කර ගැනීමට හැකිවන පරිදි ඔබේ ගෙවත්ත සැලසුම් කරගන්න.ඒ සදහා විවිධ පෝෂක සංඝටක අඩංගු විවිධ බෝග/ සත්ත්ව පාලනය ඔබේ ගෙවත්තට ඇතුළත් කරන්න.
ආහාර බෝග මඟින් භූමි අලංකරණය
ආහාර බෝග මඟින් භූමි අලංකරණය



මල් හා විසිතුරු පැළ වෙනුවට ආහාරයට ගත හැකි බෝග වර්ග යොදාගෙන භූමි අලංකරණය සිදුකිරීම ආහාර බෝග මඟින් භූමි අලංකරණය (Edible Landscaping) ලෙස හැඳින්වෙනවා.ආහාරයට ගන්න පුළුවන් බෝග වගේම වෙනත් ප්‍රයෝජනවත් ගස්වැල් අඩංගු හොඳ සැලසුමක් තියෙන ගෙවත්ත කලාත්මක නිර්මාණයක් වන නිසා එය භූමිඅලංකරණයට නව ප්‍රවේශයක් සලසා දෙනවා.

ඉතිහාසය

අතීතයේදී පර්සියානු උද්‍යාන නිර්මාණය සඳහා බෝග හා විසිතුරු පැළ යොදාගෙන ඇති බවට සාක්ෂි හමුවෙනවා ක්‍රි.ව. 1100 -1500 දී ආගමික උද්‍යාන (Medieval Monastic Gardens) අලංකරණයට එළවළු, පලතුරු හා ඖෂධ පැළෑටි යොදාගෙන තිඛෙනවා.වතු බංගලා අවට භූමි අලංකරණය සඳහාත් එළවළු හා පලතුරු වර්ග භාවිතා කර තිඛෙනවා.

වාසි

නැවුම් එළවළු හා පලතුරු ආහාරයට ගත හැකියි.නිතර වෙළඳපොලේ දක්නට නොලැඛෙන වියදම් අධික එළවළු පලතුරු ඔබේ ආහාරයට ලැඛෙනවා.එය පළිබෝධනාශක වලින් තොර කාබනික ආහාර වේලක් වීම බොහොම වටිනව නිවසේ ආහාර සුරක‍ෂිතතාවය තහවුරු වෙන අතරම ආහාර සඳහා වැය වන වියදම අඩුවෙනවා ගෙදරට පැමිණෙන අමුත්තන් ඔබේ සුන්දර වටාපිටාව දැකලා සතුටට පත්වන අතරම ඔබව අගය කරාවි ඔබට ලැඛෙන මානසික, කායික ආශ්වාදය හා සුවය කොයිතරම් වටිනවාද ? පරිභෝජනය සඳහා භූමි අලංකරණය කරන්නේ කෙසේද ? ගෙවත්තට අඩුම වශයෙන් පැය 6 ක කාලයක්සූර්ය රශ්මිය ලැඛෙන්න ඕන හොඳින් ජලය බැස යන පසක් තිබිය යුතුයි බොහෝ එළවළු වර්ග (විශේෂයෙන්ම ගෙඩි /කරල් හටගන්නා බෝග) සෙවනේ වැඩෙන්නේ නැහැ එහෙත් නිවිති, කිරි අල, ඉඟුරු වැනි බෝග සෙවන ඇති තැන්වල වැවිය හැකියි බෝග මඟින් භූමි අලංකරණය ආරම්භකිරීමට අනවශ්‍ය ගසක් වෙනුවට ප්‍රයෝජනවත් ගසක්ම සිටුවන්න (One for one subsitution) එළවළු වර්ග විශාල ගස් හා පඳුරුආසන්නයේ වැඩෙන්නෙ නැහැ පාරවල් හා පාත්ති කෙලවරවල් වල සිටුවා ඇති ගඟවැරැල්ල හා දුරැන්ත වැනි ශාක වෙනුවට සලාද හෝ දම් පැහැති ගෝවා මුකුණුවැන්න සිටුවන් බෑවුම් සහිත ප්‍රදේශවල වැල් ගොටුකොළ සිටුවන්න මල්වැල්වලින් සාදා ඇති ආරුක්කු වෙනුවට කරවිල, වැටකොළු, පතෝල වැනි වැල්් වර්ග සිටුවන්න පෝච්චිවල සිටුවා ඇති ක්‍රෝටන්, සයිප්‍රස්, බිගෝනියා හා රෝස වැනි මල් වෙනුවට ඇඹුල් පේර, ජම්බුවැනි පලතුරු සිටුවන්න පස් රහිත වගාවක් ලෙස ඍජුෆෝම් බක්කි/ කොහුබත් පිරවූ පෝච්චිවල බෝග වගා කරන්න නිවස අලංකාර කිරිමට මෙම පෝච්චියොදාගන්න ආලින්දයේ ජනෙල් අසල, පෙට්ටිවල/එල්ලනකූඩ වල / බඳුන් වල ද බෝග සිටුවා ගත හැකියි ඍජුහතරැස් මල් පාත්ති වෙනුවට විවිධ හැඩතල වලින් යුත් එළවළු පාත්ති සකස් කරගන්න පාත්තිවල ඉදිරිපස වැඩි උසට නොවැඩෙන එළවළු සිටුවන්න පිටුපසට වන්නට උස එළවළු සිටුවන්න එකම වර්ගයේ එළවළු වර්ග එක පේළියට වගා කරන්න එළවළු පේළි සමඟ මල් පැළ පේළි ද සිටුවාගන්න (දාස්පෙතියා) එළවළු බෝග මාස කිහිපයකින් අවසාන වන නිසා වසර පුරාම විවිධ නිර්මාණ කළ හැකියි පරිභෝජනය සඳහා භූමි අලංකරණයට විශේෂයෙන් සෑදුනු සිද්ධාන්ත පද්ධතියක් නැහැ නිර්මාණශීලී වන්න. විවිධ බෝග වර්ග සුදුසු ලෙස යොදා ගනිමින් සුන්දර, අපූරු ගෙවත්තක් බිහි කරගන්න, අදම උත්සාහ කරන්න.