හැඳින්වීම

මෙම බිම්මල් වර්ග චයිනීස්,ට්‍රොපිකල්, නන්හුවා, වෝමි මෂ්රුම් ලෙසද හදුන්වයි.උද්භිත
විද්‍යාත්මක
නාමය Volvariella volvacea ය. මෙය අතීතයේ මෙන්ම අදත් වර්ෂාවකින් පසු
කමත් වල ඇත
පිදුරුකදු වලින් කඩාගෙන විත් කෑම වේලට එක්කර ගත් රසවත් බිම්මල්
වර්ගයකි.








කුඩා කුරුලු බිත්තරයක හැඩය ගන්නා අතර අලු පැහැතිය. එය වර්ධනය වන විට කුඩයක්
හැඩය ගනි. වර්ධනය වු බිම්මලක් අලු දුඹුරු පැහැතිය. වර්ධනය වු බිම්මලක කොටස් ලෙස
අලු දුඹුරු පැහැති


පාරිශුද්‍ර /මාතෘ රෝපිතය පිළියෙල කිරීම



මෙහි අදහස බිම්මලෙන් , බිම්මල් දිලීරය මාධ්‍යක් තුල වර්ධනය කර ගැනීමය.
  • බෝතල් ජීවානුහරණය සහ මාධ්‍යය සහිත බෝතල් පිළියෙල කිරීම
හිස් මි.ලි 200 ජෑම් හෝ පැතලි බෝතල් හොදින් සෝදා විනාඩි 30 ක් හොදින් උතුරන ජලයේ
නටවා ගන්න.සාදාගත් PDA මධ්‍යයෙන් මි.ලි.15-20 ක් එම බෝතල් වලට දමන්න.හිස් ජෑම්
බෝතල් භාවිතයේදී බෝතලයේ කට අඟල් 4 x 4 පොලිප්‍රොපලීන් කැබැල්ලකින් රබර් මුදුව
ආදාරයෙන් ආවරණය කරන්න.








හිස් මි.ලි. 200 පැතලි බෝතල් භාවිතයේදී එහි කටට පුළුන් ඇබයක් ගසාකඩදාසියකින් රබර් මුදු ආධාරයෙන්
එය ආවරණය කරගන්න. සාදා ගත් මාධ්‍යය සහිත බෝතල් ප්‍රෙෂර් කුකරය භාවිතයෙන් ජීවානුහරණය
කර ගන්න. (පළමු වාෂ්පය පිටුව අවස්ථාවේ සිට විනාඩි 30 ක් ) පීඩනතාපකය භාවිතා කර
ජීවාණුහරණය කිරී‍මේදී උෂණත්වය ‍සෙ. අංශක 121 පීඩනය වර්ග අඟලට රාත්තල් 15 සහ කාලය
විනාඩි 20 ක් යොදාගන්න.
ජීවාණුහරණයට පසු ජෑම් බෝතල් සිරස් අතටද පැතලි බෝතල් තරමක් ඇල අතටද තබා මාධ්‍යය
ඝණ වීමට තබන්න.




බිම්මල් පටකය මාධ්‍යයට



ආමුකූලනය කිරීම

මෙය සිදු කරනුයේ ජීවානුහරිත තත්ව යටතේය. මේ සඳහා අනවරත ප්‍රවාහක කුටිය හෝ අඩු වියදම්
ආදේශක කුටිය භාවිතා කරයි. බිම්මල් පටකය ලබා ගැනීම සඳහා කෘමිහානි බැක්ටීරියා හෝ දිලීර
ආසාදන නොමැති වර්ගයට ආවේනික ලක්ෂණ ඇති ඉහල අස්වැන්නක් දෙන බිම්මලක් තෝරා ගත යුතුය.




බිම්මලේ අනවශ්‍ය කොටස් ජීවාණුහරිත කතුරකින් ඉවත් කර දෙකට ඉරාගන්න. නටුව ජත්‍රවලට
සවිවන ස්ථානයේ මැදින් සෙ.මි. 1-2 කොටසක් කතුරක් හෝ ෆෝසෙප් ඒකක ආධාරයෙන්
වෙන්කර ඉහත ජීවාණුහරණය කර ගත් PDA මාධ්‍ය මත තබා දිලීරය වර්ධනය කර ගන්න.




මාධ්‍යය මත දිලීරය වර්ධනය සඳහා දින 7 – 14 කාලයක් ගත වන අතර එම කාලය භාජනයේ ඇති
මාධ්‍යයේ ක්‍ෂේත්‍රඵලය මත රදා පවතී. දිලීරය වර්ධන කාලය තුල හොදින් නිරීක්ෂණය කර ආසාදන
ආරක්ෂාකාරීව විනාශ කර දමන්න.






ලී කුඩු බිම්මල් බීජ


ලී කුඩු මාධ්‍යය භාවිතා කර සාදන බිම්මල් බිජ ලී කුඩු බිම්මල් බීජය. අඩු වියදමකින් සැහැල්ලු ලී කුඩු භාවිතා කර පහසුවෙන් සදා ගත හැකි අතර වර්තමානයේ බිම්මල් වගා කරන බොහෝ රටවල ලී කුඩු බිම්මල් බීජ භාවිතා කරනු ලැබේ. ලී කුඩු +2 % CaCo3 +5% සෝයා පිට් ඉහත ආකාරයට ලී කුඩු මිශ්‍රණය අවශ්‍යය ප්‍රමාණයට ජලය එක් කරමින් සාදා අඟල් 7 පළල අඟල් 10 දිග ඝනකම ගේජ් 200 වූ පොලිප්‍රොපලීන් මාළු වලට දමා ධාන්‍ය බීජ සෑදීමේදී විකුණුම් බීජ සෑදූ ආකාරයට ජීවාණුහරණය කර පාරිශුද්ධ රෝපිතය එක්කර දිලීර වර්ධනය කරගන්න.
මෙය අස්වැන්න හානියකින් තොරව බිම්මල් වගාව එක්කර ගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.
පිදුරු බිම්මල් බීජ සෑදීමට


මාධ්‍යය පිලියෙල කිරීම

පිදුරු අඟල් 3 - 4 කැබලි වලට කපා වියලි බරට 2% අළු හුණූ ද්‍රාවණයක පැය 8 - 10 පොඟවා වැඩි ජලය වෑස්සීමට හැර තෙතමනය 65% සකසා ගන්න. මෙයට වියලි බරට 2% හාල් නිවුඩු එක්කර හොදුන් මිශ්‍ර කර ගන්න. අඟල් 7 ක් පළල ඝනකම ගේජ් 200 වූ පොලිප්‍රොපලීන් ගෙන අඟල් 12 ක් දිඟට මළු සාදා ගන්න. ඉහත මිශ්‍රණයෙන් ග්‍රෑම් 300ක් පොලිප්‍රොපලීන් මල්ලට දමා එහි කට නවා රබර් මුදුවකින් රඳවා ගන්න. මළු පෙර පරිදි ජීවානුහරණය කර නිවුනු පසු පිදුරු බිම්මල් පාරිශුද රෝපිතය ආමුකූලනය කර කට නවා දිලීර වර්ධනය සඳහා උෂ්ණත්වය සෙ.අංශක 30 -35 සකසා ඉන්කි්‍යුෙබ්යරය තුල තබන්න. දිලීර වර්ධනයට දින 14 - 16 ගතවේ. දිලීර වර්ධ කාලයේදී බීජ මළු හොදින් නිරීක්ෂණය කර ආසාදන අරක්ෂාකාරීව ඉවත් කරන්න. මෙලෙස සාදා ගත් මාතෘ බීජ වලින් පෙර පරිදිම විකුනුම් බීජ ද සාදා ගන්න. දිලීර වර්ධණය වූ බීජ මළු රෝස පැහැයක් ගන්නා අතර කිසිම විටෙක ශීතකරනයක ගබඩා නොකල යුතුය. අඳුරු ස්ථානයක මාස 2 - 3 ගබඩා කරතබා ගත හැකිය.

ආසාදන

ආසාදන බැක්ටීරියා හෝ වෙනත් දිලීර වේ.

බැක්ටීරියා ආසාදන

බැක්ටීරියා ඔයිස්ටර් බිම්මල් වගාව සඳහා ඇතිවන බැක්ටීරියා ආසාදන
සියුඩමෝනාස් බැක්ටීරියා

(Pseudomonas) ආසාදනයයි. මෙය හදුනා ගැනීම ඉතාමත් පහසුය. කහ පැහැති, සෙවෙල
ගතියක් සහිත අප්‍රසන්න ගඳකින් යුක්තය. පැතිරීම කෘමීන් හෝ ජලය මගීන් වේ. බැක්ටීරියා
ආසාදනයේ බලපෑම වන්නේ බිම්මල් දිලීරය වර්ධනය බාලවීමය. එමගින් අස්වැන්නට
හානි සිදුවේ.ආසාදන ඇතිවිය හැකි අවස්ථා පහත ආකාර වේ.

1)දිලීර වර්ධනය වන වගා මළු තුල බැක්ටීරියා ආසාදන


පාලනය

  • මාධ්‍යය සෑදීමට ගනු ලබන සහල් නිවුඩු හා ලී කුඩු ප්‍රමිතියට අනුකුලව ගැනීම
  • නිරෝගී බීජ භාවිතය
  • ජීවානුහරණය ප්‍රමිතියට සිදුකිරීම
  • ආසාදිත වගාමළු ආරක්ෂාකාරීව ඉවත් කිරීම
2) මල් පිපෙන වගමළු තුල හා බිම්මල් වල බැක්ටීරියා ආසාදනය


පාලනය

ආසාදනය දුටු විටම පැතිරීම වර්ධනය සඳහා ආසාදිත වගා මළු ඉවත් කර ආරක්ෂාකාරී ලෙස
වීනාශ කර දැමීම.ජලය යොදන අවස්ථාවේ ක්ලෝරීන් ග්‍රෑ.1ක් ජලය ලී. 01 ක දිය කර ඉසීම.
සිමෙන්තියට ජලය යොදන විට ක්ලෝරීන් යෙදීම.

දිලීර ආසාදන

දිලීර ආසාදන ලෙස බහුලවම හමුවන දිලීර වර්ග 2 ක් ඇත. කළු පැහැති ඇස්පප්ලස් (Aspergilla)
සහ කොල පැහැ ට්‍රයිකොඩෝමා (Trichoderma) දිලීරය. හදුනා ගැනීම පහසු අතර කළු පැහැයට සහ කොල
පැහැති පුස් ලෙස ඇත. පැතිරීම වාතය මගින් . කෘමීන් මඟින් හා ජලය යෙදීමේදී විය හැකිය. බිම්මල්
වගාවේදී මර්ධන ක්‍රමය ලෙස ආසාදන දුටු වහාම පැතිරීම පාලනය සඳහා එම වගා මළු එම ස්ථානයෙන්
ඉවත් කර ආරක්ෂාකාරී ලෙස විනාශ කර දැමිය යුතුය. දිලීර ආසාදන වල බලපෑම වන්නේ බිම්මල්
දිලීරයේ වර්ධනය බාල වීම මගින් අස්වැන්නට වන හනිය වේ. දිලීර ආසාදන ඇතිවිය හැකි අවස්ථා
පහත ආකාර වන අතර මර්ධනය සදහා පහත ක්‍රියාමාර්ග ද අනුගමනය කල හැක.
1) දිලීර වර්ධනය වන වගාමළු තුල ආසාදනය



කෘමි හානි



බිම්මල් වගාවට හානි කරන කෘමීන් වර්ග කිහිපයකි

  • බිම්මල් මැස්සන් (Mushroom flies)
  • මයිටාවන්
  • කොලොම්බොලාවන් (Springtails)
  • කුරුමිණියන්

බිම්මල් මැස්සන්

මොවුන් වගා මළු වල මාධ්‍යයේ සහ බිම්මල් වල සුවඳට ආකර්ෂණයවේ. මොවුන් වගා මළු තුල
හෝ බිම්මල් වල බිත්තර දමන අතර ඉන් ඇතිවන පණුවන් නිසා බිම්මල් වගාවට හානි සිදුවේ.
බිම්මල් කෑමට නුසුදුසු තත්වයට පත්වන්නේ බිම්මල මත පනුවන් සිටීම දාර කා දැමීම සහ බිම්මල
සිදුරු කර ඇතුලත කුහර සෑදීම නිසාය.







වගා කාමරය තුල ඇති වගාමළු තුල සහ බිම්මල් වල පනුවන් දක්නට ලැබීම.


කුරුමිණියන්

බිම්මල් වගාවට හානි කරන කුරුමිණියන් වර්ග හතරක් හදුනාගෙන ඇත.

මොවුන් බිම්මල් මැස්සන් මෙන්ම වගා මාධ්‍යයේ සහ මල්වල සුවඳට ආකර්ෂණය වන අතර
බිත්තර දැමීම නිසා ඉන් ඇතිවන පනුවන් සහ පරිනත කුරුමිණියන් විසින් දිලීර ජාලයට සහ මල්
වලට හානි කරයි. එමගින් අස්වැන්නට හානි සිදුවේ. කුරුමිනියන් බිම්මල් මැස්සන්ට වඩා විශාල
බැවින් අතින් අල්ලා විනාශ කල හැකි අතර දක්නට ලැබෙන අවස්ථා, පාලන ක්‍රම වලක්වා ගැනීම
බිම්මල් මැස්සන් හා සමානය.


මයිටාවන්

මයිටාවන් වර්ග 3ක් ඹයිස්ටර් බිම්මල් වගාවේදී හමුවන අතර මොවුන් බිම්මල් දිලීර ජාලය
කා දමමින් හානි පමුනුවන අතර බිම්මලට හානි සිදු නොකරන නමුත් බහුලව බිම්මල තුල සිටීම
නිසා අලවියේදී ගැටළු ඇති කරයි. හානිය විශාල වශයෙන් ඇතිවිට බිම්මලේ දාර හැකිලී යයි.

මයිටාවන් දැකිය හැකි අවස්ථා හා එය පාලනය / වළක්වා ගැනීම

  1. බිම්මල් බීජ වල
    • බිම්මල් බීජ වල මයිටාවන් ඇති විට බීජ යෙදීමට භාවිතා නොකර ආරක්ෂාකාරී ලෙස විනාශ කර දමන්න.
  2. බීජෞෂණ කාමරයේදී
    • දිලීරය වර්ධනය වන වගාමළු තුළ හදුනාගැනීම ඉතා පහසුය. දිලීර ජාලය කා දමන නිසා
    • දිලීර වර්ධනය වූ ස්ථාන නැවතත් ලී කුජු පැහැය ගනී. තවද වගා මාධ්‍යය අන්වීක්ෂයකින් හෝ අත් කාචයකින් නිරීක්ෂනයේදී මයිටාවන් හදුනාගත හැකිය. මෙම අවස්ථාවේදී පාලනය සඳහා , බීජෞෂණ කාමරය පුරාවට හා වගාමළු වලට ජලයේ දියවන සල්ෆර් ග්‍රෑම් 07 ක් ජලය ලිටර්යක දිය කර දින 7 න් 4 -5 වතාවක් ඉවසන්න. වගාමළු විවෘත නොකර විනාශ කර දමන්න





ලයිසිඩි කුරුමිණියා

මධ්‍යම ප්‍රමාණයේ කුරුමිණියෙකි. සිනිදු මල් පෙත්තක් වැනි තඳ රතු පැහැති පියාපත් හා
කළු පැහැති ශරීරයක් ඇත. මෙම කුරුමිණියා බිම්මල් ගෘහයේ කණු වල වගාමළු මත හෝ
වෙනත් ස්ථාන වල බිත්තර දමන අතර ඉන් බිහිවන කීටයන් විශාල ප්‍රමාණයේ පැතලි ශරීර
සහිතය. ශරීරයේ පොතු වැනි පිට සැකිල්ලක් සහිත වේ.


වගාවට හානි සිදු නොකරත් මෙම කෘමීන් වගාවේ සිටීම අප්‍රසන්න බැවින් පාලනය
කිරීම අවශ්‍ය වේ. මොවුන් ආසාදනය වන්නේ වගා ගෘහය අපිරිසිඳු වන අවස්ථා වනබැවින්
වගාව පිරිසිදුව තබා ගැනිමෙන් ආසාදනය වලක්වා ගත හැකි වේ. මීට අමතරව කැරපොත්තන්
මියන් ලේනුන් ගෙන්ද වගාමළු වලට බීජෞෂණ කාමරය තුලදී සහ මල් පිපෙන කාමර තුලදී
හානි ඇතිවිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ද්විතිකව බැක්ටීරියා හෝ දිලීර ආසාදන ඇතිවිය
හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ද්විතිකව බැක්ටීරියා හෝ දිලීර ආසාද ඇතිවිය හැකිය. හඳුනාගෙන
මර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු වේ.

පහත සඳහන් කරුණූ පිලිබඳ අවධානය යොමු කරීමෙන් බිම්මල් වගාවේ කෘමි ආසාදන
වලක්වා ගතහැකි වේ.

  1. වගා මාධ්‍ය පැය 2 -21/2 ක් ඉන්ධන පිරිමැසුම් ලිපක් භාවිතයෙන් නිසි පරිදි ජීවානුහරණය
    කර ගැනීම.
  2. වගාව කොටස් කීපයකට බෙදාගෙන වගාව පවත්වා ගැනීම . එනම්,
2.1 බීජෞෂණ කාමරය - බීජ යොදා දිලීර ජාලය වර්ධනය වන කාලය තුල වගාමළු තබන කාමරය
2.2 විවෘත කිරීමෙන් පසු මල් පිපීම ආරම්භ වන කාලය තෙක් තබන කාමරය.
2.3 මල් පිපීම ආරම්භ වූ පසු අස්වනු ලබාගැනීම හා විවෘත කර සති 10 පමණ කාලය
දක්වා ගබඩා කරන කාමරය.
2.4 විවෘත කර සති 10 පසු වූ කොටස ඉවත් කරන ගබඩා කාමරය.
3. වගා ගෘහය ප්‍රමිතියෙන් යුතු කෘමි ප්‍රතිරෝධී දැල යොදා ආවරනය කිරීම.
4. ඇතුලත බිත්ති අතර සිඳුරු නොසිටින පරිදි දැල යොදා ආවරණය කිරීම.
5. වහලය හා බිත්ති අතර සිඳුරු නොසිටින පරිදි දැල යොදා ආවරණය කිරීම.
6. වගා ගෘහය තුල හා අවට පිරිසිදුව තබා ගැනීම.
7.
සාමාන්‍යය ව්‍යාවහාරයේ ගඳපාන, කටු හිඟුරු , බාලොයියා වැනි නම් වලින් ද, උද්භිද
විද්‍යාත්මකව ලැන්ටනා කැමරා නමින් ද හඳුන්වනු ලබන ශාකයේ වියලි පත්‍ර කැබලි සහ
පත්‍ර යුෂ මඟින් බිම්මල් වගාවන්හි පලිබෝධ පාලනය සාර්ථකව කරගත හැකි බව සොයාගෙන
තිබේ.




ආහාරයට ගනු ලබන දේශීය බිම්මල් වර්ග



ලංකාවට ආවේණික වූ බිම්මල් වර්ග රාශියක් හමු වුවද කෑමට ගත හැකි බව හඳුනාගෙන ඇත්තේ
මින් කීපයකි. කෑමට ගතහැකි බිම්මල් හඳුනාගැනීම එතරම්ම සාර්ථක නොමෑති පර්යේෂණයක්
වන බී ලූණු සමග වර්ණය වෙනස් වීමඳ පෙර ආහාරයට ගත් අයගෙන් විමසා හඳුනාගැනීමේ ක්‍රමයද
මේ සඳහා භාවිතා කළ හැකිය. කෙසේ වුවද එකම බිම්මලට විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් භාවිතා වේ.
නිවරදිව හදුනා නොගත් බිම්මල් ආහාරයට ගැනීමට නුසුදුසුය.

01.ඌරු පහ බිම්මල්

(ලෙන්ටිනස් ගයිගැන්ටියස්)

උද්භිත විද්‍යාත්මක නාමය Lentinus giganteus වේ. ලපටි බිම්මල් කැකුණු අළු පැහැති අතර දිග
හැරුනු විට අඳුරු දුඹුරු පැහැයක් ගනී. මෙම බිම්මල් බහුලව හමුවන්නේ කපා ඉවත් කළ අවු 3 ක්
පමණ පරණ කොස් , හපු වැනි ගස් වල ඉතිරි වු කොටස් අසලය. බිම්මල් 7 - 8 එකම ස්ථානයෙන් දින
7 - 8 කාල පරතරයක හටගන්නා අතර බිම්මල් ඉතා විශාලය. බර ග්‍රෑම් 750 - 950 අතර වේ.
බිම්මලක සාමාන්‍යය ව්‍යුහයෙන් දැකගත හැකි වටරුල්ල මෙහි දැකගත නොහැකිය . හතු දන්ඩ සහ
ජත්‍රය දැකිය හැකිය. හතු දන්ඩ අඟල් 8 - 10 දිගැති අතර ලා දුඹුරු පැහැයට හුරුය. ජත්‍රය යට පැත්ත
තැලි පිහිටා ඇති අතර ලා දුඹූරු පැහැයක් ගනී. ජත්‍රය අවතල හෝ උත්තල විය හැකිය. මෙහි පැහැය
ලා දුඹුරුය ජත්‍රයේ ඉහල පෘෂ්ඨයේ හා දාරයට අඟල් 1ක් පමණ ඉහලින් රවුමට තඳ දුඹුරු පැහැති ඇස්
වැනි තිත් පේලියක් දක්නට ලැබෙන අතර කොරළ වැනි ස්වභාවයක් ද ගනී. ජත්‍රයේ විශ්කම්භය
සෙ . මි . 30 - 35 පමණ වේ.

මෙම බිම්මලට සැර සුවඳක් ඇත. ආහාරයට ගන්නා අතර පිසූ විට ඌරු මස් හා සමාන
රසයක්ඇති නිසා ඌරු පහ බිම්මල් ලෙස හඳුන්වයි





  1. වැල් බිම්මල්

මෙයට විවිධ ප්‍රදේශ වලදී විවද නම් භාවිතා කරයි. ආහාරයට ගත හැකිය. වලය හා වටරැල්ලක්
දක්නට නැත. පොලොවෙන් හටගනී. හතු දන්ඩ සුඳු පැහැතිය. ජත්‍රය ලා දුඹුරු පැහැයක් ගන්නා
අතර එම පැහැය ජත්‍රයේ ඉහලට යත්ම තද පැහැති දුඹුරු පැහැයක් ගනී. තනි මල් ලෙස හටගනී.


03.කුකුල් බඩවැල් හතු
පොලොවෙන් හටගන්නා අතර හතු දණ්ඩේ පොලොව යට කොටස අඟල් 7 - 8 ක්
දිගට ඇත. හතු දණ්ඩ හා ජත්‍රය සුදු පැහැති අතර එක ලග මල් 5 - 6 ක් හටගනී.
ආහාරයට ගන්නා බිම්මල් වර්ගයකි.




04.හීන් වැලි හතු





මෙයද පොලොවෙන් හටගන්නා කෑමට ගන්නා බිම්මලකි. හතු දන්ඩ ඉතා කුඩා අතර
අඟල් 3/ 4 - 1පමණ උසය. ජත්‍රය සුදු පැහැති අතර එක ස්ථානයක බිම්මල් රාශි ලෙස හට ගනී.