අල බෝග

අල බෝග







අල බෝග වලට ගෙවත්තක විශේෂ තැනක් හිමි වෙනවා. අල බෝග ව්‍යාංජනක් විදියට සකස් කරගත හැකි වෙනවා වගේම බත් වෙනුවට ආදේශක ආහාරයක් ලෙසත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ අපට බත් වේලක් වෙනුවට අල වර්ගයක් තම්බා ප්‍රධාන ආහාරයක් ලෙස සකස් කර ගත හැකියි. ඉඩමේ සරු බව ටිකක් අඩු වුවත් යම් තරමක හෝ ඵලදාවක් ලබාදීම අල බෝග වල විශේෂ ලක‍ෂණයක් වගා කළ හැකි එක් එක් අල වර්ග වලට එක් එක්කෙනා දක්වන රුචිකත්වය වෙනස්. අපේ කැමැත්ත අනුව අවශ්‍ය අල වර්ග වගා කරගන්න පුළුවන් .මේ අල වර්ග වෙනත් බෝගත් සමඟ වගා කරගත හැකිවීම විශේෂයෙන්ම ඉඩකඩ සීමිත ගෙවත්තකට වැදගත් වෙනවා.
මඳක් අතු බෙදෙන මඤ්ඤොක්කා වර්ග සමඟ අතුරු බෝග විදියට මුං, උඳු, කව්පි, සෝයා බෝංචි වගේ කෙටි කාලයකදී අස්වැන්න නෙළා ගත හැකි බෝගත්, තක්කාලි, බුෂිටාවෝ, බෝංචි, වට්ටක්කා, පිපිඤ්ඤා වැනි එළවළු වර්ගත් වගා කරගත හැකියි.අලබෝග සිටුවන අවස්ථාවේදීම ඒවා අතර මේ බෝග වගා කරන්න පුළුවන්.
සමාන්‍යයෙන් අල බෝග වලින් අස්වැන්න ගන්න ටිකක් කල්ගත වෙනවා. නමුත් ඊට කලින් අතුරු බෝග වල අස්වැන්න නෙළාගන්න පුළුවන්වීම විශේෂ වාසියක් බොහෝමයක් අල බෝග සෙවන ප්‍රිය කරනවා. ඒ නිසා වෙනත් බෝග වගා කිරීම හේතුවෙන් සෙවන වී ඇති ස්ථානයක වුවත් මේ බෝග වගා කරන්න පුළුවන් කෙසෙල් ගස් අතරේ අතුරු බෝගයක් ලෙසත් වගා කළ හැකියි.

වගා කළ හැකි අල බෝග වර්ග.






- මඤ්ඤොක්කා
- බතල
- ගහල වර්ග
- වැල් අල
- ඉන්නල
එළවළු
තක්කාලි, බටු, මිරිස් වාගේ සමහර එළවළු බීජ ඉතා කුඩා නිසා ඒවා කෙලින්ම ක්ෂේත්‍රයේ හිටවන්න ගන්න බැහැ. ඒවා තවාන් කරලා ලබාගන්න පැළ තමයි සිටුවා ගන්නෙ
සමහර බීජ, තවාන් නොදා කෙලින්ම ක්ෂේත්‍රයේ සිටුවා ගන්න පුළුවන්. තවත් සමහර බෝග වල සිටුවන්නේ දඩු කැබලි හෝ අතු රිකිලි
පැළ සිටුවිය යුතු බෝග.




- කතුරුමුරුංගා
- බටු
- මිරිස්
- තක්කාලි
- මාළුමිරිස්
- සලාද
- බීට්
- නෝකෝල්
- ලීක්ස්
- ගෝවා

කෙලින්ම බීජ සිටුවිය හැකි බෝග.





මෑ - වැටකොළු
බෝංචි - බණ්ඩක්කා
දඹල - තම්පලා
පතෝල - කැරට්
කරවිල - පිපිඤ්ඤා
වට්ටක්කා - නිවිති


දඩු කැබලි හෝ අතු රිකිලි වලින් සිටුවන බෝග.




කංකුං - ගොටුකොළ
මුකුණුවැන්න - තෙබු
කොහිල - නිවිති
මඤ්ඤොක්කා - සාරණ
බතල - ගෙඳ

ගෙවත්තේ සිටුව ගන්න එක සැරේකට පැළ ගොඩක් ඕන වෙන්නේ නැහැනෙ. ඒ නිසා විශේෂයෙන් තවාන් පාත්ති සකස් කිරීමක් අවශ්‍ය වෙන්නෙත් නැහැ .
බීජ පැළ කරගන්න අපට විවිධ භාජන යොදා ගන්න පුළුවන්. ඒවා ගෙදරින්ම එහෙම නැත්නම් අපේ වටපිටාවෙන්ම සපයා ගන්න පුළුවන් .
තවාන් දැමීම හා පැළ රෝපණය කිරීම සඳහා යොදා ගත හැකි විවිධ බඳුන් වර්ග.





- කිරිපිටි උර
- පොල් කටු (උදා :- යෝගට් කෝප්ප, අයිස්ක්‍රිම් බඳුන්)
- කඩදාසි බඳුන්
- කෙසෙල් පට්ටා බඳුන්
- බිඳුනු වළං, කිරි හට්ටි
- ලී හෝ කාඩ්බෝඩ් පෙට්ටි
- තවාන් තැටි (වෙළඳපොලෙන් ලබාගත හැක)
මේ කොයි භාජනය/භාජන යොදා ගත්තත් ජලය හොඳින් බැස යන්න පතුලේ සිදුරු සකස් කරගන්න ඕන.

බඳුන් මිශ්‍රණය.




මුලින්ම කරන්න ඕන අපි සකස් කරගත්ත භාජනය/භාජන බඳුන් මිශ්‍රණයෙන් පුරවා ගන්න එක කොහොමද අපි බඳුන් මිශ්‍රණය හදා ගන්නේ ?ගල් මුල් ඉවත් කරලා හොඳින් කුඩු කර ගත්ත මතුපිට පසුයි, ගොම එහෙමත් නැත්නම් වියළි කොම්පෝස්ට් පොහොරයිසමාන ප්‍රමාණවලින් අරගෙන හදාගත්ත මිශ්‍රණයක් බඳුන් පුරවන්න යොදාගන්න පුළුවන්මේ බඳුන් මිශ්‍රණය ජීවානුහරණය කරලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයිඑහෙම කලාම තවානේදී දිලීර රෝග වාගේ රෝග හැදිලා පැළ මැරිලා යන එකවළක්වාගන්න පුළුවන් නටන උණුවතුර බඳුන් මිශ්‍රණය හොඳින් තෙමීයන විදියට යොදා ගැනීමෙන් පහසුවෙන් ජීවානුහරණය කරගන්න පුළුවන්.

බීජ යෙදීම.





තවානේ / භාජනයේ ඇති පස තුනී කරලා ඒ මත බීජ තුනීවට තැන්පත් කරන්න. ඊට උඩින් සෙන්ටිමීටර් 1 - 2 ක් වන සේ සියුම් පස් තට්ටුවක් දමා වසා දමන්න ඕන.
ක්ෂේත්‍රයේ සිටුවීමට,එහෙමත් නැතිනම් තවාන් දැමීමට ඉස්සරවෙලා බීජවල අවශ්‍යතාව අනුව පැය 2 සිට 12ක් පමණ දක්වා ඒවා ජලයේ ගිල්වා තබන්න.ජලය උරාගත් පසු බීජ ප්‍රරෝහණයට අවශ්‍ය වන තෙතමනය, වාතය හා උණුසුම ලැබෙන්නට භාජනයකට දමා වසා තැබීමෙන් පැලවීම ඉක්මන් කරගන්න පුළුවන් හැබැයි දිගටම ජලයේ ගිල්වා තැබුවොත් බීජ ටික කුණු වෙන්න පුළුවන් මේ විදියට හදාගන්න පැළ තමයි අපි ක්ෂේත්‍රයේ සිටුවන්න ගන්නේ. බෝග වර්ගය අනුව තවානේ තිබිය යුතු කාලය වෙනස් වෙනවා සෙවනේ තවාන් කරලා තිබුන පැළ කෙලින්ම ක්ෂේත්‍රයේ සිටුවන්නේ නැහැ. පැළ ටිකෙන් ටික අව්වට හුරු කරන්න ඕන එහෙම නොකළොත් කෙලින්ම තද අව්වට නිරාවරණය වීමෙන් පැළ මැලවිලා මැරිලා යන්න වුනත් ඉඩ තියෙනවා ඒ නිසා දිනපතා ටිකෙන් ටික සෘජු හිරුඑළියට නිරාවරණය කිරීමෙන් පැළ දැඩි කරගන්න ඕන.
කුට්ටි තවාන්.

තවානෙන් පැළ උදුරලා නැවත සිටුවන විට පැළවල මුල් කැඩිලා වර්ධනය බාල වෙන්න ඉඩ තියෙනවා. කුට්ටි තවානක බීජ පැලකර ගත්තොත් නැවත සිටුවීමේදී ඇතිවෙන හානිය අඩු කරගන්න පුළුවන්. මේ ක්‍රමයට සකස් කර ගත්ත පැළ පසෙන් නොගලවා පස් කුට්ටියක් විදියට තියෙද්දීම සිටුවාගන්න පුළුවන්.
කුට්ටි තවානක් සකස් කර ගැනීම.



මිශ්‍රණය
.

මතුපිට පස් හා හොඳින් දිරාපත් වූ ගොම කොම්පෝස්ට් පොහොර 1 : 1
මතුපිට පසුයි හොඳින් දිරාපත්වූ කොම්පෝස්ට් ගොම පොහොරයි සමාන කොටස් වලින් අරගෙන හොඳින් කුඩුකර ගන්න.
මතුපිට පසේ මැටි ගතිය වැඩි නම් වැලි ටිකකුත් එකතු කර ගන්න ඕන.
ඊලඟට මේ මිශ්‍රණයට වතුර දාලා කුට්ටි කපන්න පුළුවන් පදමට අනා ගන්න. ජලය ඕනවට වැඩිය යෙදුවොත් අනාගන්ත මිශ්‍රණය වේලෙන කොට ගල් වගේ තද වෙලා මුල් ඇදීම අපහසු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අවශ්‍ය තරමට පමණක් වතුර දාන්න වගබලා ගන්න.
මුලින්ම පොළොව සමතලා තැනක් තෝරාගෙන වැලි තට්ටුවක් හරි දහයියා තට්ටුවක් හරි හිල් තියෙන පොලිතීනයක් හරි අතුරන්න.
ඊට පස්සේ අනාගත්ත තවාන් මිශ්‍රණය සෙන්ටි මීටර 10-12 ක් විතර උසට තියෙන්න මීටරයක් විතර දිග පළල තියෙන්න (තමන්ගේ අවශ්‍යතාවය අනුව) හරි හතරැස්ව තුනී කරන්න ඕන
මේ සඳහා සෙන්ටි මීටර 10-12 ක් උස මීටරයක් දිග පළල ඇති ලී රාමුවක් යොදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
ලෑල්ලක ආධාරයෙන් මතුපිට සමතලා කරගත යුතු අතර මිශ්‍රණය පමණට වඩා තද නොකළ යුතුයි.
මේ විදියට හතරැස්වට සකස් කර ගත්ත මැටි මිශ්‍රණය පැය 24 ක් විතර වේලෙන්න ඇරලා සෙන්ටි මීටර 10 X 10 ප්‍රමාණයේ කුඩා හතරැස් කුට්ටිවලට වෙන් වන සේ පිහිතලයකින් කපා ඒ විදියටම තියෙන්න අරින්න.
හතරැස් කුට්ටිවල මැද සෙන්ටි මීටර් 1/2 ගැඹුරට පැළ කිරීමට අවශ්‍ය බීජ දමා තවාන් මිශ්‍රණයෙන් සිදුර වසා දමන්න.
ඊට පස්සේ බීජ පැලවෙන තෙක් පිදුරු එහෙමත් නැත්නම් වේලිච්ච තණකොළ වලින් තවාන ආවරණය කරලා වතුර දාන්න ඕන.
බීජ පැල වුනාට පස්සේ වසුන ඉවත් කරලා සෙවන ලබා දෙන්න ඕන. වැස්සෙන් තවාන ආරක‍ෂා කර ගැනීමත් වැදගත්.
පැළ නියමිත ප්‍රමාණයට වැඩුණට පස්සෙ පිහිතලයක ආධාරයෙන් පස් කුට්ටි පරිස්සමින් වෙන්කරලා පස් කුට්ටියක් විදියට තියෙද්දීම සිටුවා ගන්න පුළුවන්. තවාන් නොදා කෙලින්ම සිටුව ගන්න පුළුවන්. බෝංචි, වට්ටක්කා, බණ්ඩක්කා වැනි බෝග වුනත් කුට්ටි තවානක වැඩෙන්න සලස්වන්න පුළුවන් .වැස්ස ලැබෙන්න පටන් ගන්නවත් එක්කම කේෂ්ත්‍රයේ සිටුවා ගැනීමෙන් සමාන්‍යයෙන් ඒ බෝගයේඅස්වැන්න නෙළන කාලයට ඉස්සර වෙලා අස්වැන්න නෙළාගත හැකි වෙනවා.
බිම් සැකසීම.




පැළ සිටුවන්න කලින් වල් පැළෑටි ඉවත් කරලා භූමිය පිරිසිදු කරගන්න ඕන ඊට පස්සේ සෙන්ටි මීටර් 20-30 ක් විතර ගැඹුරට පස් බුරුල් කරලා ගල් මුල් වගේ රළු කොටස් ඉවත් කරගෙන, කැට පොඩි කරලා පස සියුම්ව සකස් කරගත යුතුයි තමන්ගේ ඉඩමේ තියෙන ඉඩකඩ, පසේ ජලය බැසයාමේ හැකියාව, සිටුවන බෝගය වාගේ කරුණු ගැන සැළකිලිමත් වෙලා පාත්ති සකස් කරගෙන හරි එහෙමත් නැත්නම් පාත්ති සකස් කිරීමක් නැතිව කෙලින්ම වළවල් සකස් කරලා බෝග සිටුවා ගන්න පුළුවන්

පාත්ති දැමීම
.

පාත්ති වර්ග දෙකක් තියෙනවා. උස් පාත්ති සහ ගිල්ලූ පාත්ති වශයෙන් මේ කොයි පාත්තිය හදන්නත්, ඉස්සර වෙලාම බුරුල් කරගත් පසේ කැට පොඩිකරලා ගල්මුල් ආදිය ඉවත් කරගන්න ඕන

උස් පාත්ති.





උස් පාත්ති සකස් කර ගත්තම හොඳින් ජලය බැස යනවා විශේෂයෙන්ම තෙත් කලාපයෙත් වියළි කලාපයේ වැස්ස වැඩි මහ කන්නයේදීත් උස් පාත්ති සකස් කර ගැනිම සුදුසුයි. එහෙම නැති වුනොත් වැස්ස වැඩිපුර ලැබෙනකොට වතුර වැඩි වෙලා වගාව අසාර්ථක වෙනවා ජල වහනය දුර්වල තැන්වලත් උස් පාත්ති සකස් කරගන්න ඕන වල් අයින් කරලා පස බුරුල් කර ගත්තට පස්සේ කැට පොඩි කරලා ගල් මුල් ආදිය ඉවත් කරගන්න ඕන ඊට පස්සේ සෙන්ටි මීටර් 90 ක් විතර පළලට උස්වූ පාත්ති සකස් කරගන්න පුළුවන්. පාත්තියවටේටම කාණු සකස් කරගන්න ඕන

ගිල්ලු පාත්ති.





වියළි දේශගුණයක් පවතින, වැස්ස අඩු, ජලය හිඟ ප්‍රදේශ වලට ගිල්ලු පාත්ති සුදුසුයි පාත්ති සකස් කර ගන්න වටේටම වැටි දාන්න ඕන. මේ විදියට ගිල්ලු පාත්ති සකස්කරගත්තම හොඳින් ජලය රඳව ගන්න පුළුවන් ජලය හිඟ තත්ත්ව යටතේ මේ පාත්ති සුදුසු වෙන්නේ ඒ නිසයි.

ක්‍ෂේත්‍රයේ බෝග සිටුවීම සඳහා වළවල් සැකසීම.






බීජ හෝ පැළ සිටුවන්න යන්නේ ඔබේ ගෙවත්තේ හොඳින් ජලය බැස යන තරමක් උස් භූමියක නම් පාත්ති දාන්න අවශ්‍යම නැහැ උදළු හා වල් ඉවත් කරගත් බිමේ බෝගයට ගැලපෙන පරතර අනුව සකස් කරගත් වළවල් තුළ කෙලින්ම බීජ හෝ පැළ සිටුවන්න පුළුවන් සමාන්‍යයෙන් වළක දිග, පළල වගේම ගැඹුරත් සෙන්ටි මීටර් 30ක් පමණ වන විදියට වළවල් සකස් කරන්න ඒවා මතුපිට පස් සහ කාබනික පොහොර මිශ්‍රණයකින් පුරවලා බෝග සිටුවීම සුදුසුයි
බීජ හෝ පැළ සිටුවීම.





ක්ෂේත්‍රයේ පැළ සිටුවීමට දින 2 - 3 කට කලින් සකස් කරගත් වළවල් කාබනික හා රසායනික පොහොර මිශ්‍රනයකින් පුරවලා පොහොර සේදී නොයන ලෙසට ජල සම්පාදනයකරන්න ඕන පාත්තිවල හෝ වළවල් වල නියමිත පරතරයට එක තැනක පැළයක් හෝ පැළ 2ක් සිටුවීම සුදුසුයි මෙසේ සකස් කරගත් වළවල් වල බීජ හෝ පැළ සිටුවා ගන්න වඩාත් සුදුසු වෙනවා සිටුවීමෙන් පසු ප්‍රමාණවත් තරම් ජලය සපයා ඒවා වියළී යෑමෙන් වළක්වා ගත යුතුයි පැළ තද අව්වෙන් රැකගන්න කොකෝවා හෝ එවැනි වෙනත් කොළයකින් ආවරණය කිරීමත් පැළය වටා ග්ලිරිසීඩියා හෝ වෙනත් කොළ අතු සිටුවීමත් කළ හැකියි පැළ සිටවූ ස්ථාන දින කීපයක් යන තුරු කොළ අතු, පිදුරු, වියළි තණ ආදියෙන් ආවරණය කිරීම සුදුසුයි

බඳුන් වල සිටුවීම.





ගෙවතු වගාව සඳහා ඉඩකඩ අඩු අවස්ථාවලදී මැටි/ සිමෙන්ති/ ටින්/ පොලිතීන් හෝ වෙනත් බඳුන්වලට බඳුන් මිශ්‍රණය පුරවා ඒවා තුළ පැළ හෝ බීජ සිටුවා ගන්න පුළුවන් බඳුන් වලින් ජලය බැසයාම පහසුවීම සඳහා ඒවායේ ප්‍රමාණවත් සිදුරු සංඛ්‍යාවක් සකස් කරලා අඩියට වැලි, කුඩා ගල් කැට, බොරළු ආදිය ස්වල්පයක් යෙදිය යුතු වෙනවා මේ විදියට සකස් කරගත් බඳුන් වල ඕනෑම බෝගයක් සාර්ථකව වගා කරන්න පුළුවන්
පලා වර්ග

පලා වර්ග.



ශාකවල පත්‍ර සහ ළපටි කඳ කොටස එළවළුවක් ලෙස ආහාරයට ගන්නා විට ඒවා කොළ එළවළු හෝ පලා ලෙස හැඳින්වෙනවා.
මේවා විවිධ මැල්ලූම් වර්ග සාදා ගැනීමටත් සම්බෝල, බැදුම්, ව්‍යාංජන ලෙස පිළියෙළ කිරීමට මෙන්ම කැඳ වර්ග සාදා ගැනීමටත් යොදා ගන්නවා.
ඉහළ පෝෂණ ගුණයක් සහිත කොළ එළවළු/ පලා වර්ග අනිවාර්යය අංගයක් ලෙස ඔබේ ගෙවත්තට එකතු කරගන්න.
ගෙවත්තට එකතු කරගත හැකි පලා වර්ග.




- මුකුණුවැන්න - කිරිඅල
- ගොටුකොළ - කුරිඤ්ඤං
- කංකුන් - අසමෝදගම්
- සාරණ - කෝවක්කා
- කතුරුමුරුංගා - කෝප්ප කොළ
- තම්පලා - අතු ගෝවා
- නිවිති - තෙබු
- කොහිල - ජපන් බටු
- වැල් පෙනෙල - අඟුන
වගා කිරීම.



පාත්ති වල හෝ ඉඩකඩ තිබෙන පරිදි පලා වර්ග ගෙවත්තේ වගා කරන්න.
මුරුංගා, කතුරුමුරුංගා වැනි ශාක වැට අයිනට වන්නට සිටුවා ගත හැකියි.
කිරිඅල වැනි බෝග වර්ග සෙවන සහිත ස්ථාන වලත් කංකුං කොහිල වැනි බෝග තෙතමනය රැදෙන ස්ථාන වලත් සිටුවා ගැනීම සුදුසුයි.
ඉඩකඩ සීමිත ගෙවත්තේ වගා රාක්ක වල, බඳුන් වල මෙන්ම නිර්පාංශු ක්‍රමයටද වගා කර ගත හැකියි.
පලා කුළුණ ඉඩකඩ සීමිත ගෙවත්තට වඩාත් සුදුසුයි.
විවිධ ආධාරක හා උපකරණ භාවිතා කරමින් වැල් වර්ග සිටුවා ගත හැකියි.
බොහෝ පලා වර්ග වල දඩු කැබලි හෝ අතු රිකිලි සිටුවීමට ගත හැකියි.
- කංකුන්
- මුකුණුවැන්න
- ගොටුකොළ
- සාරණ
- කොහිල
- තෙබු
තම්පලා, නිවිති, මුරුංගා, කතුරුමුරුංගා වැනි බෝග වල බීජ ද සිටුවීමට ගත හැකියි.
පලතුරු

පලතුරු.



  • පලතුරු වර්ග ආහාරයට ගැනීමට කවුරුත් කැමතියි.

  • ගෙවත්තේ පලතුරු පැළ කිහිපයක් සිටුවාගැනීම විශේෂයෙන්ම පවුලේ පෝෂණයට වැදගත්.

  • අන්නාසි, කෙසෙල්සහ පැපොල්වල වසර පුරාම ඵල හටගන්නවා. ඒ නිසා එවැනි පලතුරු ගෙවත්තේ සිටුවා ගැනීම වැදගත්.

  • ප්‍රදේශයට නිර්දේශිත බද්ධ පලතුරු පැළ සිටුවා ගැනීමෙන් කෙටි කාලයකදී පැළ ලබාගත හැකි අතරම ගස් විශාල වන්නේ නැහැ.

  • ඉඩකඩ සීමිත ගෙවත්තක බද්ධ පලතුරු පැළ බඳුන් තුළ ද වගාකර ගත හැකියි.

  • තරමක් විශාල බඳුන් මිශ්‍රණයෙන් පුරවා බද්ධ පලතුරු පැළ සිටුවන්න.

පලතුරු බෝග වගා කිරීම

  • ප්‍රදේශයට නිර්දේශිත බද්ධ පලතුරු පැළ සිටුවා ගැනීමෙන් කෙටි කාළයකදී අස්වනු ලබාගත හැකි අතරම ගස් විශාල වන්නේ නැහැ.

  • ඉඩකඩ සීමිත ගෙවත්තක බද්ධ පලතුරු පැළ බඳුන් තුළ ද වගා කරගත හැකියි.

  • තරමක් විශාල බදුන් මිශ්‍රණයෙන් පුරවා බද්ධ පලතුරු පැළ සිටුවන්න.

පැළ ලබාගැනීම

  • පැළ මඟින් මව් ශාකයේ ලක්ෂණ සහිත පැළ ලබාගැනීමේ හැකියාව වෙනස්වන නිසාත්ගස් වඩා විශාල ලෙස වර්ධනය විය හැකි නිසාත් ගෙවත්තකට වඩාත් සුදුසු වන්නේ බද්ධ පලතුරු පැළ සිටුවා ගැනීමයි.

  • ප්‍රදේශයට නිර්දේශිත සුදුසු බද්ධ පැළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත (කහපාට ලේබලයක් සහිත) පැළ මිලදී ගැනීම වඩාත් සුදුසුයි.

  • සෑමවිටම නිරෝගීව වැඩුණු ශක්තිමත් පැළයක් තෝරා ගන්න.

වර්ධක කොටස් මව් ශාක වලින් වෙන් කර සිටුවීම.

  • සමහර පලතුරු බෝගවල වර්ධක කොටස් මව් ශාක වලින් වෙන් කර සිටුවීමට යොදා ගත හැකියි.

කෙසෙල්





  • කෙසෙල් මොරෙයියන් සිටුවීම සඳහා යොදා ගත හැකියි. කෙසෙල් පඳුරක ආකාර 3 ක මොරෙයියන් දකින්න ලැබෙනවා.

කඩුපත් මොරෙයියන්

  • මෙම මොරෙයියන් හට ගන්නේ මව් ගසක අලයේ ‍රෛයිසෝමයේ වඩා ගැඹුරින් පිහිටන අංකුර වලිනුයි.

  • කඳ කේතු ආකාර හැඩයකින් යුතු අතර රෛයිසෝමයේ විශාලයි. කඩුපතක හැඩැති සිහින් පත්‍ර ඇත.

  • සිටුවීමට වඩාත් සුදුසුයි.

කන්‍යා මොරෙයියන්


  • කඳේ එකම ස්ථානයකින් හටගත් පළල් පත්‍ර දැකිය හැකියි. කඳ තරමක් කේතු ආකාරය.

  • කඩුපත් මොරෙයියන් නැති අවස්ථාවක සිටුවීමට ගත හැකිය

දිය මොරෙයියන්




  • මව් ගසේ පස් මට්ටමට ආසන්නයේ ඇති අංකුරවලින් හට ගන්නා පැළයි.

  • දුර්වල සිලිණ්ඩරාකාර කඳක් ඇත. පත්‍ර පළල්ය.

  • සිටුවීමට සුදුසු නැත.

අන්නාසි



  • නිරෝගී පඳුරු වලින් ලබාගත් වයස මාස 3 - 4 ක් පමණ වූ ශක්තිමත් පැළ සිටුවීමට ගන්න අන්නාසි.

  • අන්නාසි මොරෙයියන් සිටුවීමට ගත හැකියි. බහුලව භාවිතා කරන්නේ අක‍ෂි මොරෙයියන්ය.

ස්ට්‍රෝබෙරි


  • ‍ස්ට්‍රෝබෙරි වල ධාවක කොටස් සිටුවීමට ගත හැකියි

පුහුණු කිරීම, කප්පාදුව හා පඳුරු පාලනය

අඹ


  • ගසට හොඳ පෙනුමක් ලබාදීමටත්, පාලන කටයුතු පහසු කර ගැනීමටත්, හොඳ තත්ත්වයේ වැඩි ගෙඩි සංඛ්‍යාවක් ලබා ගැනීමට මෙන්ම රෝග හා පළිබෝධ හානි වළක්වා ගැනීමට අඹ ගසක් පුහුණු කිරීම හා කප්පාදු කිරීම කළ යුතුයි

  • අඹ පැළයක් පොළවේ සිට මීටර් 1/2 ක් පමණ උසක් දක්වා තනි කඳක් ලෙස වැඩෙන්න ඉඩ හරින්න

  • මීටර් 1/2 කදී පමණ පළමු අත්ත වැඩෙන්න ඉඩ හරින්න

  • පසුව එකිනෙකට සෙ.මී. 15-20 පමණ දුරකින් ප්‍රධාන කදේ සිට තවත් අතු 3-4 ක් වැඩෙන්න ඉඩ දෙන්න

  • මෙම අතු එකිනෙකට විරුද්ධ දිශා ඔස්සේ වැඩීමට සලස්වන්න

  • රෝගී අතු මැරුණු අතු සහ එකිනෙක ගැටෙමින් වැඩෙන අතු ඉවත් කරන්න

දෙහි / දොඩම්




  • පොළව මට්ටමේ සිට සෙ.මී. 60-75 පමණඋසක් දක්වා සියළුම පාර්ශ්වික අතු ඉවත් කර තනි කඳක් ලෙස වැඩෙන්න සලස්වන්න

  • ඉන්පසු අතු 3 - 4 ක් පමණ වැඩෙන්න ඉඩ හරින්න

  • මෙම අතු කඳේ සිට විවිධ දිශාවන් ඔස්සේ යොමුවී තිබීම වැදගත්

  • රෝගී අතු මැරී ගිය අතු එකිනෙකට ආසන්නයෙන් ඇති අතු වෙනත් අතුවල වර්ධනයට බාධා පමුණුවන අතු දුර්වල වර්ධනයක් සහිත අතු හා දිය රිකිලි ඉවත් කරන්න

පොහොර යෙදීම


පොහොර යෙදීම පලතුරු බෝගය අනුව වෙනස් වෙනවා

කාලය

යූරියා (g)

T.S.P(g)

M.O.P(g)

සිටුවීමෙන් මාස

6කට පසු (ගසකට)

155

55

සිටුවීමෙන් මාස

12කට පසු (ගසකට)

60

155

55

ඵල දරන ගස්

සඳහා (වසරකට)

700

1360

635

  • ඵල දරන ගස් සඳහා අවස්ථා 2කදී යොදන්න (මල් හටගත් පසුව හා අස්වනු නෙලීමෙන් පසු)

  • පොහොර යෙදීමේදී ගසේ අතු විහිදී ඇති ප්‍රදේශය තුළට ගස වටා පොහොර විසුරුවා හැර ප්‍රවේශමෙන් පස් සමඟ කලවම් කරන්න

  • හැකි සෑම විටම කාබනික පොහොර යොදන්න

ගෙඩි හටගැනීම ප්‍රමාද වීම


ගසට හොඳින් හිරුඑළිය ලැබීමට සළස්වන්න.

ගසේ ප්‍රධාන අතුවල පොල් ලෙලි හෝ එවැනි දෑ එල්ලන්න.

ප්‍රධාන අතු කිහිපයක කඳ වටා පොත්ත ඉවත් කරන්න.

ජලය හා නයිට්‍රජනීය පොහොර වැඩිවීමෙන් කොළදාව වැඩි වේ. ජල සම්පාදනය හා රසායනික හා කාබනික පොහොර යෙදීම සුදුසු මට්ටමේ පවත්වා ගන්න.

අනෙකුත් බෝග
මල් වගාව.



  • මල් සහ විසිතුරු ශාක කොයි කාගෙත් නෙත සිත පිනවනවා. ගෙවත්ත කියන්නෙ ඔබ ජීවත්වන වටාපිටාව.

  • ඒ පරිසරය ලස්සන කර ගන්න මල් හා විසිතුරු ශාක ඉඩකඩ තිබෙන පරිදි නිර්මාණශීලීව ගෙවත්තට එකතු කරගන්න.

  • ඔබට ලැබෙන මානසික සුවයට අමතරව මල් හා පැළ විකිණීමෙන් අමතර ආදායමක් ලබාගැනීම කෙරෙහි යොමුවීමටත්, එමඟින් ඔබට අවස්ථාව සැලසෙනවා.

කුළුබඩු බෝග.


  • එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු වලදී අපි බොහෝ කුළුබඩු වර්ග භාවිතා කෙරෙනවා.

  • ආහාර වල රසය, ගුණය හා සුවඳ ඇති කරගැනීම සඳහා මෙහිදී අපි විශේෂයෙන්ම භාවිතා කරන්නේ කරපිංචා, රම්පේ, සේර, කහ, ඉඟුරු, කුරුඳු, එනසාල්, කරාබු සහ වැනිලා වැනි බෝගයි.

  • එනසාල් සහ කරාබු වැනි බෝග සෑම ප්‍රදේශයකම වගා කිරීම අපහසු වුවත් අනෙක් කුළුබඩු බෝග සෑම ගෙවත්තකම පහසුවෙන් වගා කරගත හැකියි.

  • ගෙවත්තක මේවා එක් ශාකය බැඟින් වගා කර ගැනීම ප්‍රමාණවත්. කහ සහ ඉඟුරු ගෙවත්තේ සෙවන සහිත ස්ථාන වල සිටුවා ගත හැකියි.

ඖෂධීය බෝග.



  • එදිනෙදා ප්‍රයොජනවත් වන කෝමාරිකා, හාතාවාරිය, පාවට්ටා, රසකිඳ, පොල්පලා, කුප්පමේනියා ආදී ඖෂධීය බෝග ගෙවත්තේ සුදුසු ස්ථාන වල වගා කරගැනීම ඉතා වැදගත්.

  • මේවා ඉහළ ඖෂධීය හා පෝෂණීය වැදගත්කමකින් යුතු කැඳ වර්ග සාදා ගැනීමට භාවිතා කල හැකියි.

  • එසේම ආයුර්වේදී ඖෂධ ප්‍රතිකාර සඳහා මෙම ශාක වැදගත් වෙනවා.

දැව ශාක.


  • ගෙවත්තේ සීමාවෙහි කොස්, හල්මිල්ල, තේක්ක, මැහෝගනී ආදී දැවමය වටිනාකමක් ඇති ශාක සිටුවීම අනාගතය සඳහා කළ හැකි ඉතාමත් වටිනා ආයෝජනයක්.

  • වසර 25 - 30 ක කාලයක් වර්ධනය වීමෙන් පසු ඒවා ඔබේ අනාගත පරම්පරාවට දායාදයක් වෙනවා.

  • දැව ශාක වගා කොට ඒවායේ කඳ කෙලින් වැඩෙන සේ පුහුණු කිරීම වැදගත්.

  • මේ සඳහා කඳේ හටගන්නා අතු කුඩා අවදියේ සිටම ක්‍රමානුකූලව කප්පාදු කළ යුතුයි.

  • ගම්මිරිස්, බුලත්, අල වැල් හා වෙනත් ප්‍රයෝජනවත් වැල් වර්ග යැවීම සඳහා ආධාරක ලෙසද දැව ශාක පාවිච්චි කළ හැකියි.

  • ග්ලිරිසීඩියා එදිනෙදා සියලු සරල වැඩටද, දඹල හා බෝංචි ආදී වැල් වර්ග සඳහා ආධාරක වශයෙන්ද, දර හා පොහොර වශයෙන්ද, සත්ත්ව ආහාරයක් වශයෙන්ද උපයෝගී කරගත හැකි වටිනා ශාකයක්.

වැට, පලතුරු පැළ හා දැව ශාක කප්පාදු කිරීමෙන් ලැබෙන දැව මුළුතැන්ගෙයි ඉන්ධන අවශ්‍යතාවය සපුරාලීම සඳහා යොදාගත හැකියි.
රෝග හා පළිබෝධ පාලනය

රෝග

  • ශාක කුරුවීම, පත්‍ර හැකිලී යාම, පත්‍ර ලප සෑදී හෝ සිදුරු වී තිබීම, ශාකයේ කොටසක් හෝ මුළු ශාකයම මැලවී යාම, මල්වල හැඩය, පැහැය වෙනස් වීම වැනි ඕනෑම තත්ත්වයක්ඇති විට එම ශාක රෝගී ශාක ලෙස හැඳින්වෙනවා.

  • මෙම රෝගී තත්ත්ව ප්‍රධාන වශයෙන්ම දිලීර, බැක්ටීරියා, වෛරස්, මයිටාවන්, කෘමීන්, වටපණුවන් ආදී සතුන් නිසා මෙන්ම ජල සැපයුම අහිතකර වීම, බෝග වල පෝෂක ඌනතා හා පසේ අහිතකර තත්ත්ව නිසා ඇතිවිය හැකියි.

දිලීර


  • පත්‍ර වල පුස් සෑදීම, පත්‍ර ලප, කුණුවීම්, මැලවීම් සහ මලකඩ රෝග දක්නට ලැබේ නම් දිලීර රෝගයක් වැළඳී ඇති බව අපට අනුමානය කළ හැකියි.

බැක්ටීරියා




  • පත්‍ර ලප, ශාක කොටස් වල දුර්ගන්ධයෙන් යුතු කුණුවීම් ඇතිවිට බැක්ටීරියා රෝග ලෙස අනුමාන කළ හැකියි. සමහරවිට ශාක මැලවෙනවා.

  • හානි වූ කඳ කොටසක් කපා පිරිසිදු වතුර වීදුරුවකට දාන්න.

  • බැක්ටීරියා සහිත තරලය ජලය තුළට ගලා කිරි සුදු පැහැයක් දැකගත හැකියි.

  • මෙමඟින් බැක්ටීරියා හිටුමැරීම දිලීර හිටුමැරීමෙන් වෙන්කර ගැනීමට හැකි වෙනවා.

වෛරස්

  • පත්‍ර රැලි වැටීම, විකෘති වීම, පැල්ලම් ඇතිවීම, පත්‍ර නාරටි පැහැදිලි වීම, කහ කොළ පාට විචිත්‍ර ඇතිවීම දක්නට ලැබේ නම් වෛරස් රෝගයන් බව අනුමාන කළ හැකියි.

පළිබෝධ

  • වගා කරන බෝග වලට, ඇති කරන සතුන්ට හෝ මිනිසාගේ අනෙකුත් සම්පත් වලට හානි පමුණුවන ඕනෑම ජීවියෙක් පළිබෝධකයෙකු ලෙස හැඳින්වෙනවා.

  • පළිබෝධකයින් සිදුකරන හානිය අනුව බෙදා දක්වන්න පුළුවන්.

සපා කෑම



- දළඹුවන්

- ගොළුඛෙල්ලන්

- හංගොල්ලන්

- පලාපෙත්තන්

- පතංගයන්

විදීම හා යුෂ උරාබීම






- කූඩිත්තන්

- සුදු මැස්සන්

- පිටි මකුණන්

- කොරපොතු කෘමීන්

- මකුණන්

- කීඩෑවන්

- මයිටාවන්

  • ගෙවත්තක රෝග හා පළිබෝධ හානි එතරම් ප්‍රබලව දකින්න ලැබෙන්නෙ නැහැ
  • ඊට හේතුව ගෙවත්ත බෝග වර්ග රාශියකින් සමන්විත පුළුල් ජෛව විවිධත්වයකින් යුතු සමතුලිත පරිසර පද්ධතියක් වීමයි.

  • මෙවැනි පරිසර පද්ධතියක කෘමි හා රෝග උවදුරු හානිදායක මට්ටමට පැතිරයාමේ හැකියාව ඉතා අඩුයි.
මෙහි දක්වා ඇති ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබේ ගෙවත්තට ඇතිවිය හැකි රෝග හා පළිබෝධ ගැටළු අවම කර ගැනීමට උත්සාහ කරන්න.
හිතකර වගා ක්රබම මඟින් ගැටළු මඟහැරීම









. ප්‍රදේශයට හා කන්නයට සුදුසු බෝග තෝරන්න.

  • තමන් ජීවත්වන ප්‍රදේශයේ දේශගුණික තත්ත්ව වලට හා පාංශු තත්ත්ව වලටත්නියමිත කන්නය අනුවත් සුදුසුවන බෝග තෝරා වගා කිරීම කළ යුතුයි.
  • සුදුසු තත්ත්ව යටතේ බෝග හොඳින් වර්ධනය වී වැඩි අස්වැන්නක් ලබාදෙන අතරම රෝග හා පළිබෝධ තත්ත්ව වලට ඔරොත්තුදීමේ හැකියාව ද වැඩියි.

  1. ගැටළු අවම බෝග තෝරන්න.
  • සමහර බෝග වලට ස්වභාවයෙන්ම රෝග හා පළිබෝධ ගැටළු ඇතිවෙන්නෙ ඉතා අඩුවෙන්.
  • එවැනි බෝග ගෙවත්තට තෝරා ගැනීමෙන් ඔබ මුහුණ දෙන රෝග හා පළිබෝධ ගැටළු අවම කරගත හැක.

උදා :-දඹල, නීරාලීක්ස්, කන්කුන්, නිවිති, කිරිඅල

  1. පස, තෙතමනය, හිරුඑළිය අනුව තැනට සුදුසු බෝග වවන්න.

  • එක් එක් බෝග වර්ගයට අනුව අවශ්‍ය පාංශු තත්ත්ව තෙතමනය හා හිරුඑළිය ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ අනුව සුදුසු බෝග තෝරා වගා කිරීමෙන් රෝග හා පළිබෝධ වලට ඔරොත්තු දෙන දිරිමත් ශාක ලබාගත හැකියි.

  1. සුදුසු පැළ ගහණයක පිහිටුවන්න.

  • ගෙවත්තේ බෝග පිහිටුවීමේදී පැළ අතර හා පේළි අතර සුදුසු පරතර සිටින සේ බෝග පිහිටුවිය යුතුයි.

  • පැළ ඉතා සමීපව පිහිටුවීමෙන් වල් ගැලවීම, පොහොර යෙදීම, පස බුරුල් කිරීම වැනි කේෂ්ත්‍ර කටයුතු සිදු කිරීම අපහසු විය හැකි අතරම ශාක මුල්, කඳ කොටස් තුවාල වී රෝග කාරක හා පළිබෝධකයින් ඒ තුළින් අතුල්විය හැකියි.

  • අන්‍යෝන්‍ය සෙවන ඇතිවීමනිසා ලැබෙන හිරුඑළිය ප්‍රමාණය අඩුවී රෝග හා පළිබෝධකයින්ට සුදුසු පරිසර තත්ත්ව වර්ධනය විය හැකියි. මීට අමතරව පැළ ඉතා ළඟින් පිහිටුවීම රෝග හා පළිබෝධකයින් එක් ශාකයක සිට තවත් ශාකයකට ඉතා ඉක්මනින් පැතිරී යනවා.

  1. අවශ්‍යතාවයට පමණක් ජලය, පොහොර යොදන්න.

  • ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ කියලා කතාවක් අපේ ජනවහරේ තියෙනවනේ.

  • ඒ වගේම තමයි බෝගයකටවුනත් ‍ජලය හා පොහොර අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබාදීමෙන් දිරිමත්, රෝග හා පළිබෝධ වලට ඔරොත්තු දෙන ශක්තිමත් පැළයක් ලබාගත හැකියි.

  1. කාබනික පොහොර හා ලිප අළු යොදා පැළෑටි ශක්තිමත් කරන්න.

  1. සුදුසු කප්පාදු ක්‍රම හා පඳුරු පාලනය ඇති කරගන්න.
  2. බෝග විවිධත්වයක් ඇති කරන්න.
  • විවිධ බෝග වර්ග ඇතිවිට රෝග මෙන්ම පළිබෝධ හානි අඩුවන නිසා මිශ්‍ර බෝග, අතුරු බෝග හා බහු ස්ථර වගා ක්‍රම මඟින් බෝග විවිධත්වයක් ඇති කරන්න.

  • හිතකර බෝග සංකලන තෝරන්න.

ස්වභාවික ක්‍රම මඟින් ගැටළු අවම කිරීම .

මුල්ම අවස්ථාවේදී රෝග හා පළිබෝධ හඳුනා ගැනීමෙන් පැතිරී යාමට පෙර පාලනය කරගත හැකියි.

ගෙවත්ත පිරිසිදුව තබාගන්න.

මැරුණු රෝග හා කෘමි හානි ඇතිවුන ඉදුණු හා තැලූන ශාක කොටස් ඉවත් කරන්න.

වල් පැළෑටි ගලවා දමන්න. ගෙවත්තේ පිරිසිදුකම රැකගත්තොත් රෝග හා පළිබෝධ හානි අඩු වෙනවා.