ශාක පෝෂකවල ස්වභාවය

ශාක පෝෂකවල ස්වභාවය

ආරක්ෂිත භෝග වගාවේදී භාවිතා කරන ශාක පෝෂකවල මූලික ප්‍රභවය අකාබනික බොහොර වේ. නමුත් ගොම පොහොර, කොම්පෝස්ට් ආදී කබනික පොහොර භාවිතා කරන අවස්ථා ද ඇත.කෙසේ වුවද මෙම කාබනික ද්‍රව්‍යවල සංයුතියේ ඇති සංකීර්ණභාවය සහ එම ද්‍රව්‍ය හරහා ව්‍යධිජනක කෂුද්‍ර ජීවීන් ඇතුළු විය හැකි නිසා ආරක්ෂිත භෝග වගාවේදී කාබනික ද්‍රව්‍ය භාවිතය සීමාකාරී වී ඇත.ශාක පෝෂක ලබා දෙන ප්‍රධාන ආකාරය වන්නේ ද්‍රව ආකාරයයි. මෙම පොහොර යෙදීම දිනකට හෝ පැයකට කුඩා ප්‍රමාණයන් ලෙස මුළු ප්‍රමාණය කොටස් කර යොදයි.ඝන ආකාරයෙන් පොහාර යෙදීම භාවිතා කරන්නේ අකාබනික පොහොර, වර්ධක මාධ්‍යයට යොදන අවස්ථාවලදීය.කවද ක්‍රමානුකූලව ද්‍රවණය වන (slow-release) අකාබනික පොහොර වර්ගද සමහර ගොවීහූ ඝන ආකාරයෙන් යොදති. ද්‍රව ආකාරයෙන් පොහොර සැපයීමේදී අංග සම්පූර්ණ පෝෂක ද්‍රවණයක් (සියලුම ක්ෂුද්‍ර සහ අධිමාත්‍ර පෝෂක අඩංගු) ලෙස පද්ධතියට සපයනු ලැබේ.මෙම පෝෂක ද්‍රාවණය සමහර පද්ධති යටතේදී භෝගයේ මූල පද්ධති සමඟ නිරතුරුව ගැටෙන ආකාරයට සැපයීම සිදුවේ. සමහර පද්ධතිවල පෝෂක ද්‍රාවණය නියමිත කාලයකට වරක් ජල සැපයුම් පද්ධතිය හරහා සැපයීම කරනු ලබයි.

(උදා :- බිඳිති ජල සම්පාදනය සහිත coir bag culture) මෙලෙස පෝෂක ද්‍රව ආකාරයෙන් සැපයීමේදී ශාකයට අවශ්‍ය සියළුම පෝෂක ලබාගත හැකි ආකාරයෙන් සහ නියමිත සාන්ද්‍රණයෙන් සැපයිය යුතු නිසා ඉතා සූක්ෂම කළමණාකරණ තත්ව යටතේ කළ යුතුයි.
මෙයට අමතරව මෙම ද්‍රව ආකාරයෙන් පොහොර සැපයිමේ තීව්‍රතාවය, යොදා ගන්නා වගා මාධ්‍යෙය් ලක්ෂණ සහ පෝෂක සැපයීමේදී යොදා ගනු ලබන තාක්ෂණය අනුව වෙනස් වන නිසා එය පද්ධතියෙන් පද්ධතියට සුළු වශයෙන් වෙනස් වෙයි.
උදා:- ඇල්බට් පොහොර, හයිඩ්‍රෝ ක්‍රිස්ටලෝන් හා හයිඩ්‍රෝ කැල්සියම් තයිට්‍රේට්කෙසේ වෙතත් පලපුරුදු ගොවීහූ ඔවුන්ගේ දැනුම සහ පලපුරුද්ද පදනම් කර ගනිමින් තම තමන් සකස් කර ගන්නා සංයුතීන් වලට වැඩි රැචිකත්වයක් දක්වයි.මහා පරිමාණ වැවිලිකරුවෝ තනි වශයෙන් පෝෂක යොදා ගනිමින් පෝෂක ද්‍රවණයන්, සූක්ෂම පෝෂක කළමණාකාරි ත්තව සහ පර්යේෂණ තත්ව යටතේ දී නිපදවති.‍මෙම සංයුතීන් සෑදීමේදී භෝගයේ අවශ්‍යතාවයන්, පොහොරවල ද්‍රාව්‍යතාවය, සමහර අයනවල සිදුවන ප්‍රතික්‍රියා ආදිය සම්බන්ධ තොතුරු උපයෝගී කරගනු ලැබේ.

පෝෂක ද්‍රාවණයක සංයුතිය පිළියෙළ කිරීමේදී විශේෂයෙන්ම අධිමාත්‍ර ශාක පෝෂකවල සමතුලිතාවය වැදගත් ගෙස සලකනු ලැබේ. උදාහරණයක් ලෙස බොහෝ භෝගයන් අඩු NH4 : NO3 අනුපාතයක් ප්‍රිය කරයි. Ca : K, K : N හා Ca : P අයන අනුපාතයන් පෝෂක සමතුලිතාවයේදී වැදගත් ලෙස සැලකේ.මෙමඟින් බලාපොරොත්තු වන්නේ පෝෂක ද්‍රාවණයේ pH අගය නිසි ලෙස පවත්වාගෙන යාම, පෝෂක විෂ වීම (Antagonism) අවම කිරීම සහ අනවශ්‍ය ලෙස පෝෂක ශාක මඟින් ලබා ගැනීමට ඇති හැකියාව ඇති කිරීමයි.මෙයට අමතරව Cl, SO4, NO3 වැනි ඇනායන අතර හොඳ සමතුලිතතාවයක් පවත්වා ගැනීම pH අගය පාලනය කිරීමෙහි සහ ක්ලෝරීන් විෂවීම වැළැක්වීමෙහි ලා වැදගත් වේ

Fe,Zn සහ Mn වැනි ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රභවයන් සැලකීමේදී සමාන්‍යයෙන් එම මූල ද්‍රව්‍යවල කීලේට (Chelates) ආකාරයෙන් සැපයීම ඒවායේ අකාබනික සංයෝග වශයෙන් සැපයීමට වඩා යෝග්‍ය වන අතර එය පෝෂක අවක්ශේපනය වීම වළකමින් එම පෝෂක උරාගැනීමට හැකි ආකාරයට පවත්වාගෙන යාම සඳහා ඉවහල් වේ.ප්‍රධාන හරිතාගාර එළවළු වර්ග සඳහා ඇල්බට් පොහොර භාවිතයේදී නිර්දේශිත පොදු මාත්‍රාව (ජල සැපයුමද සහිතව), සහ එළවළු වර්ගය අනුව එහි සංයුතියේ සිදුවිය යුතු වෙනස්කම් පර්යේෂණ මඟින් දියුණුකර ඇත.