වර්තමාන ශ්‍රි ලංකාව

ආරම්භය

ආරක්ෂිත භෝග වගාව තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වීම ඇරඹුණේ 1997 දී ආරක්ෂිත කෘෂි ව්‍යවසායකයින්ගේ ව්‍යාපෘතිය හඳුන්වාදීමත් සමඟය.සාම්ප්‍රදායික එළමහන් කෘෂිකර්මාන්තය හා සැසඳීමේදී මේ සඳහා යන මුලික වියදම අධික බැවින් මෙම තාක්ෂණය සඳහා යොමු වුයේ මධ්‍යම පාන්තික ගොවීන්ය. වර්තමානයේ ආරක්ෂිත භෝග වගාව යටතේ වගා කරන භූමි ප්‍රමාණය දළ වශයෙන් හෙක්ටයර 62 ක් පමණ වේ.ආරක්ෂිත ගෘහ තුළ වගා කරල භෝග අතුරින් වඩා වැදගත් වනුයේ තක්කාලි ය. එය මුළු එළවළු නිෂ්පාදනයෙන් 40% ක් පමණ වේ

ආරක්ෂිත ගෘහයක් තුළ සාර්ථකව වගා කළ තක්කාලි වගාවක්

මීට අමතරව පොදුවේ ආරක්ෂිත ගෘහ තුළ වගා කරන එළවළු අතර බෙල් පෙපර්, සලාද පිපිඤ්ඤා, සලාද කොළ, ළූණු සහ මල් ගොවා සඳහාන් කළ හැකිය. මල් වර්ග අතර රෝස, ජර්බෙරා, කානේෂන සහ ඔකිඩ් සඳහන් කළ හැකිය. තවද ස්ට්‍රෝබෙරි වැනි කුඩා පලතුරු භොගද ගෘහ තුළ වගා කෙරේ.ලංකාව තුළ ආරක්ෂිත භෝග වගාව ජනප්‍රිය වීමට පෙර සිටම මහා පරිමාණයෙන් වගා කරනු ලබන අපනයනය සඳහා කරනු ලබන මල් හා අලංකාර ශාක වගාවන්ට ආරක්ෂිත ගෘහ යොදා ගැනුණි.ලංකාවේ පළමුවරට අත්‍යවශ්‍ය තාක්ෂණික උපාංග සහිතව, පොලිතීන් ගෘහයක් ස්ථාපනය කරල ලද්දේ

මනා නඩත්තුවක් යටතේ ආරක්ෂිත ගෘහයක් තුළ සාර්ථකව වගා කර ඇති බෙල් පෙපර් වගාවක්1995 ගන්නොරුවේදීය. 1997 දී හරිතාගාර 7 ක් ඇමරිකා එක්සත් ජනපදයේ ආනයනය කරන ලද අතර මේවා තෝරාගත් වගාකරුවන් කීපදෙනෙකු අතර බෙදා දෙන ලදි.එම වර්ෂයේදීම අලුතින් හරිතාගාර 114 ක් ඌව පලාතේ ස්ථපනය කරන ලදි. පුහුණු පාඨමාලා මඟින් ඉහළ වටිනාකමකින් යුත් භෝග වර්ග සහ නවීන තාක්ෂණය හඳුන්වා දුන්නේය.එසේ වුවද යාන්ත්‍රීකරණය, වගා ක්‍රම සහ වැඩි දියුණු කළ අස්වනු නෙලීමේ ක්‍රම ආදිය දියුණු රටවල් හා සසඳ බැලීමේදී නොදියුණු තත්ත්වක පවතී.

ශ්‍රි ලංකාව තුළ බහුලව දැකිය හැකි දැති ආකාර පියස්සක් සහිත ආරක්ෂිත ගෘහයක්

ව්‍යාප්තිය

වර්තමානය වන විට බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කොළඹ, ගම්පහ, මාතර, රත්නපුරය, ගාල්ල, පුත්තලම, කුරුණූගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල බෙහෝ වගාකරුවන් ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීමට පෙළඹී සිටිති. සමහර වැවිලි සමාගම් සහ මහා පරිමාණ ව්‍යාපාර කිහිපයක් ද ආරක්ෂිත ගෘහ තාක්ෂණයට සම්බන්ධ වී සිටිති. අමුදුව්‍ය සපයන්නන් ද ආරක්ෂිත කෘෂි කර්මාන්තයේදී වැදගත්වන කණ්ඩායමකි.ආරක්ෂිත කෘෂිකර්මාන්තයේදී දායක වන අනෙකුත් කණ්ඩායම් ලෙස වෙළඳ නියෝජිතයින් හා අතරමැදියන් අස්වනු විකුණා ගැනීමේදී වැදගත් වෙයි

ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා ව්‍යාප්තිය

පසු අස්නවනු තාක්ෂණය හා වෙළඳපල

වගාකරුවන්ගෙන් එකතු කරන නිෂ්පාදන ප්‍රධාන වශයෙන් සුපිරි වෙළඳසැල් සඳහා අතර, මේවා සංචාරක හොටල් සහ තානායම්වල පරිභෝජනය සඳහා යොදා ගැනේ.වගාකරුවාගේ සිට අතරමැදියා හරහා පාරිභෝගිකයා දක්වා වන වෙළඳම් ක්‍රියාවලියේදී සිදුවන්නා වු පසු අස්වනු හානි හැකිතාක් දුරට අවම කරගැනීමට ආරක්ෂිත කෘෂිකර්මාන්තයේදී උපයෝගී කර ගන්නා ආරක්ෂිත අස්වනු තේරීම, වර්ග කිරීම, ප්‍රවාහනය සහ අස්වනු ඇසිරීම යන ක්‍රියාවලි ආධාර වේ.

අස්වනු හානි අවම කිරීමට ආරක්ෂිත ලෙස අස්වනු තේරීම හා වර්ග කිරීම

අස්වනු ඇසිරීම කරනු ලබන්නේ 5 – 10 0C ප්‍රශස්ත උෂ්ණත්වයකදී ය. මෙමඟින් භොගවල ගුණාත්මකභාවය පවත්වාගත හැකි අතර හානි ද අවම කරගත හැකිය.
ආයතනික සහාය

සමහර රජයේ දෙපාර්තමේන්තු, එනම් කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව, ප්‍රාදේශිය කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව, ඌව පළාත් සභාව සහ මධ්‍යම පළාත් සභාවද ආරක්ෂිත භෝග වගා කරන්නන්ට සේවා සපයන ආයතන අතර කැපී පෙනේ

ප්‍රශස්ථ උෂ්ණත්වයක් යටතේ අස්වනු ඇසිරීම මඟින් භෝගයන්ගේ ගුණාත්මක බව වැඩි වේ

පේරාදෙණිය, රුහුණු, රජරට, සබරගමුව යන විශ්ව විද්‍යාලවල කෘෂිකර්‍ම පීඨ මඟින් ආරක්ෂිත භෝග වගාව සම්බන්ධයෙන් පාඨමාලා පවත්වාගෙන යන අතර ඒ සම්බන්ධ පර්යේණ වලද නරත වෙති.තවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම විද්‍යාල මඟින් ද සේවා සංස්කරණ අභ්‍යාස ආයතන මඟින් ද මෙම තාක්ෂණික පුහුණව ලබා දෙති

හරිතාගාර භෝග වගාවන් සම්බන්ධ පුහුණු වැඩසටහන් පවත්වාගෙන යාම

EDB සහ BOI වැනි අනිකුත් ව්‍යවස්ථාපිත මණ්ඩල ද වගාකරුවන්ට අවශ්‍ය සේවාවන් හා මඟපෙන්වීම් සපයයි.මහනුවර- GTZ, මාතලේ - REAP, ඌවේ- UNDP සහ දෙවන බහුවාර්ෂික භෝග සංවර්ධන ව්‍යාපෘතිය යනාදී විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතීන් ද ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කරන්නට අවශ්‍ය මුල්‍යමය ආධාර සපයති

හරිතාගාර භෝග වගාවන් සම්බන්ධ පුහුණු වැඩසටහන් පවත්වාගෙන යාම

සමහර වාණිජ බැංකු වගාකරුවන්ට සහනදායී පදනම යටතේ ණය සපයති.

බාහිර වගාවේ ගැටළු
පසුගිය දශක කීපය තුළ ලංකාවේ එළවළු නිෂ්පාදනය පහත වැටෙමින් පවතී. අවිනිශ්චිත වර්ෂාපතන රටාව නිසා දරුණු ලෙස භෝග හා අස්වනු හානි සිදුවේ.මේ නිසා වගාකරුවන් සහ පාරිභෝගිකයන් සහ දෙපිරිසම නිෂ්පාදන ආවර්තිතාව, මිල උච්චාවචනය සහ ගුණාත්මක නිෂ්පාදනවල හඟකමින් පීඩා විඳිති

වාසි - පාලිත තත්ත්ව යටතේ භෝග වගාව

පාලිත පාරිසරික කෘෂිකර්මාන්තය යටතේ නිෂ්පාදනය කරන විවිධ වර්ගයේ එළවළු, පලතුරු සහ මල් ආදිය අහිතකර පාරිසරික තත්ත්ව, රෝග හා පලිබෝධ, වල් පැළෑටි වලින් ආරක්ෂා වන නිසා නිෂ්පාදකයින් වැඩි වශයෙන් මෙම තාක්ෂණය කරා ආකර්ෂණය වීමේ ප්‍රවණතාවයක් පවතී.මීට අමතරව පස් රහිත භෝග වගාව හෝ ජල රෝපිත වගාව, සාම්ප්‍රදායිකව පාංශු මාධ්‍ය වගාවට යොදා ගැනීමේ දී ඇතිවය හැකි අහිතකර ප්‍රථිළුල අඩු කරයි

ජල රෝපිත වගා ක්‍රම යටතේ සලාද වගා කිරීම

තාක්ෂණය
හරිතාගාර තාක්ෂණය සමන්විත වනුයේ දෙමුහුම් බීජ, රසායනික පොහොර, වැඩි දියුණු කළ සනීපාරක්ෂක ක්‍රම, අවම රසායනික පලිබොධනාශක, පොලිතීන් වසුන් යොදා ගැනීම සහ ජල රෝපිත වගාවෙනි.මේ අතර උඩරට ආරක්ෂිත භෝග වගාවෙහි නිරත වන ගොවීන් බොහොමයක් තවමත් යන්ත්‍රෝපකරණ භාවිතය, සුක්ෂම වගාක්‍රම හා වැඩිදියුණු කළ අස්වනු නෙලීමේ ක්‍රම ආදිය සම්බන්ධයෙන් දියුණු රටවල මට්ටමට පැමිණ නැත.

ජල රෝපිත වගා ක්‍රමය යටතේ සලාද වගා කිරීම

එය ආරක්ෂිත ගෘහ තුළ භෝග වගා කිරීමේ තාක්ෂණය සම්බන්ධයෙන් පමණක් නොව ඉහළ මට්ටමේ ගුණාත්මක මෙන්ම ප්‍රමාණාත්මක අස්වැන්නක් ලබා ගැනීමට ශාක හා පරිසරය පාලනය කර ගැනීමේ ක්‍රමයකි.ආරක්ෂිත භෝග වගාවේ සාර්ථකත්වය පදනම් වනුයේ, තාක්ෂණය මත පමණක් නොව එය කාර්යක්ෂම, තීව්‍ර හා විද්‍යාත්මක පාලනයකින් යුත්, සමෝධානික භෝග පාලන පද්ධතියකි.
වර්තමානයේදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ ඝර්ම කලාපීය රටවල් අමතර අස්වැන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සමඟ ලැබෙන ඉහළ ලාභය යන කරුණු නිසා ආරක්ෂිත භෝග වගාව කෙරෙහි යොමු වෙමින් පවතී.අන්තර්ජාතික වෙළඳපළෙහි මෙන්ම, හෝටල්, සුපිරි වෙළඳ සංකීර්ණ වැනි විශේෂිත දේශිය වෙළඳපළවල ඉහළ ගුණාත්මයෙන් යුත් එළවළු සඳහා ඉහළ ඉල්ලුමක් පවතී. මේ නිසා ආරක්ෂිත ගෘහ තුළ ඉහළ ගුණාත්මයෙන් යුත් එළවළු නිෂ්පාදනය සඳහා අතිවිශාල විභවයක් පවතී.