බතල( Sweet potato)



උද්භිද විද්‍යාත්මක නාමය - අයිපෝමියා බටාටාස් (Ipomoea batatas)
කුලය -


හැදින්වීම
විවිධ පරිසර තත්ත්ව යටතේ වු විවිධ වගා රටාවනට හොදින් අනුවර්තිත බතල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ පිෂ්ටය සපයන බෝගයක් වශයෙනි. කන්න බෝගයක් නොවීම, පහසු නඩත්තුව, අවම කෘමි හා රෝග පළිබෝධ හානිය, අඩු අවදානම හා අඩමානය සමග කෙටි කලකින් අස්වනු ලැබීම යන කරුණු හේතුවෙන් බතල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ සම්පත් හීන ගොවීන් අතරය.


පෝෂණීය අගයන්

සංඝටකය

ප්‍රමාණය

තෙතමනය (ග්‍රෑම්)

68.5

ශක්තිය (කි/කැලරි)

120

ප්‍රෝටීන් (ග්‍රෑම්)

1.2

මේදය (ග්‍රෑම්)

0.3

පිෂ්ටය

28.2

ඛණිජ වර්ග (mg/ 100)

ඛණිජ වර්ග

මිලි ග්‍රෑම් /100 ග්‍රෑම්

කැල්සියම්

46

පොස්පරස්

50

යකඩ

0.8

විටමින් වර්ග

විටමින් A

කැරොටින්


දේශගුණය
වර්ධනයේ මුල් කාලයේ වර්ෂා සහිත වීමත් අල හටගන්නා කාලයේ වියලි සහිත වීමත් සුදුසු වේ. බතල උණුසුම් පරිසර තත්ත්වයට වැඩි කැමැත්තක් දක්වයි.


පස
හොදින් ජලය බැසයන වැලි ලොම් සහිත පස වගාවට සුදුසුවේ. තවද මැටි සහිත පසේ කොළදාව වැඩිවන මුත් අස්වැන්න ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අඩු කරයි.



නිර්දේශිත ප්‍රභේද

CARI-9

CARI-273

CARI-426

වාරියපොල රතු

වාරියපොල සුදු

රණ බිම

BW-8 (ශාන්ති)

BW-21 (චිත්‍රා)

ගන්නෝරුව සුදු

නිර්දේශිත ප්‍රභේද

නිර්දේශිත ප්‍රභේද

වයස

අලයේ පිට පොත්ත හා මදයේ පැහැය

වාරියපොල රතු

3 - 3 1/2

රතට හුරු දම්පාට පිට පොත්ත හා මදය සුදු පැහැති.

වාරියපොල සුදු

3 - 3 1/2

සුදුපාට පිට පොත්ත හා මදය සුදුපාටය.

රණ බිම (HORDI.P.2)

3 1/2 - 4

ලා රෝසපාට පිට පොත්ත, මදය ලාකහ පාටය

ශාන්ති (B.W 08)

3 1/2

ක්‍රීම්පාට පිට පොත්ත, මදය සුදුපාටය

චිත්‍රා (B.W 21)

3 1/2

ක්‍රීම්පාට පිට පොත්ත, මදය සුදුපාටය

CARI 426

3 - 3 1/2

රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත තැබිලි පාට

CARI 9

3 1/2 - 4

රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත ලා කහ පාට

CARI 273

3 1/2 - 4

රතට හුරු දම්පාට පිට පොත්ත, ඇතුලත ලා කහ පාට

ධවල

3 1/2 - 4

සුදුපාට පිට පොත්ත, ඇතුලත කහපාට වේ

අමා

3 1/2 - 4

අලවල පොත්ත රෝස පැහැය වන අතර ඇතුලත තැබිලි පාට වේ


බිම් සැකසීම
සෙන්ටි මීටර් 25 පමණ ගැඹුරට පොළොව සීසාන්න. පාංශු වාතනය හා මනා ජලවහනය අලයක සාර්ථක වර්ධනයට බලපාන ප්‍රධාන සාධක බැවින් උස් වු පාත්ති සැකසීම බතල වගාවට අත්‍යවශ්‍ය කරුණකි. පාත්තියක පටු බව හෝ උස තීරණය කිරීම කෙරෙහි වර්ෂාපතනය ජල මට්ටම, පාංශු තත්ත්වය වැනි පාරිසරික කරුණු හා වගා ක්‍රමය සැලකිල්ලට ගතයුතුය.


රෝපණ ද්‍රව්‍ය
ගුණාත්මක නීරෝගී වැල් රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. රෝපණ ද්‍රව්‍ය ලෙස කරටිය හෝ ඊට ආසන්න කොටස් රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. අවම වශයෙන් කන්න 05 පසුව රෝපණ ද්‍රව්‍ය ලෙස එකම වැල් භාවිතය නුසුදුසුයි. පත්‍ර 5 ක් පමණැති සෙන්ටි මීටර් 20 පමණ දිග දඩු කැබලි 55,000 - 60,000 දක්වා ප්‍රමාණයක් හෙක්ටයාරයක් සදහා අවශ්‍ය වේ.


සිටුවීමේ කාලය

බතල කන්න බෝගයක් නොවුවද සාම්ප්‍රදායීකව වගා කරනුයේ යල හා මහ වර්ෂාව සමග කන්න බෝගයක් ලෙසය. තෙත් කලාපයේ කන්න දෙකෙහිම වගාකල හැකි අතර වියලි කලාපයේ මහ කන්නයේ පමණක් වගා කෙරේ. අතිරේක ජල සම්පාදනය යටතේ වසරේ ඕනෑම කාලයකදී බතල වගා කල හැක.


නිර්දේශිත පරතරය
සිටුවන ක්‍රමය හා දඩු සංඛ්‍යාව සැකසූ පාත්තිවල රටාව මත පේලි පරතරය තීරණය වේ. එහෙත් සෑමවිටම පේලියක දඩු කැබලි දෙකක් අතර පරතරය සෙන්ටි මීටර් 20 ක් පමණ විය යුතුය.


පොහොර නිර්දේශය

සෑම පළාතකටම

ආකාරය

යොදන වේලාව

වර්ගය

ප්‍රමාණය

හුණු යෙදීම

සිටුවීමට සති 02 පෙර

අළුහුණු / ඩොලමයිට්

1 - 2 ටොන් / හෙක්

කබනික පොහොර යෙදීම

සිටුවීමට දින 3-5 පෙර

කුකුල් පොහොර / ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර

10 ටොන් / හෙක්

රසායනික පොහොර

වර්ගය/ප්‍රමාණය කි.ග්‍රෑ/ හෙක්.

පෝෂණ ප්‍රමාණය කි.ග්‍රෑ / හෙක්

Urea

TSP

MOP

N

P2O5

K2O

සිටුවීමට පෙර

-

-

-

-

-

-

සිටුවා සති 02 න්

65

120

115

30

55

75

සිටුවා සති 06 න්

65

-

60

30

-

35

එකතුව

130

120

175

60

55

105

  • හුණු යෙදී යුත්තේ PH < 5 පමණක් නම්
  • කුකුල් පොහොර යොදන විට TSP හා MOP 25% අඩුකරගත හැක.


වල් පැලෑටි පාලනය
වගාකරණ පළමු මාස 2 ඇතුලතදී වල් නෙලීම සිදු කරයි. ඒවා වසුන් ලෙස භාවිතා කල හැකි අතර පස් එකතු කිරීම කල යුතුවේ.


වැල් පෙරලීම
අවශ්‍ය ප්‍රමාණයට වඩා මුල් වැඩීම අඩු කර ගැනීමට සති 02 ට වරක් වැල් පෙරලන්න. නමුත් සාරවත් නොවන පසක වැල් පෙරලීම නොකල යුතුය.


කෘමි පාලනය
බතල ගුල්ලා


අප රටෙහි බතල වගාව කෙරෙහි ආර්ථික වශ යෙන් වන හානියක් ලෙස බතල ගුල්ලාගේ හානිය සැලකිය හැක. මේ කෘමි හානිය නිසා බතල අල වල ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව අස්වැන්න කෙරෙහි අහිතකර බලපෑම් ඇති වේ.

පරිනත ගුල්ලෙකු බතල ශාකයේ සෑම කොටසක්ම ආහාරයට ගන්නා අතර බිත්තර දමනුයේ වැලෙහි පාදයේ මේරූ කොටස් වල හා පස මතුපිටට පැමිණ අල මතය. විනාශකාරී හානිය ඇති කරන්නේ කීට අවස්ථාවයි. බතල ගුල්ලාගේ ජීවන චක්‍රය සදහා වියලි බව හා වැඩි උෂ්ණත්වය ‍අවශ්‍යයි. තෙත් පරිසරයකදී ප්‍රජනන හැකියාව අඩු වේ.

පාලනය

  • ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතය
  • වියලි කාලවලදී ජල සම්පාදනය
  • නිසි කලට අස්වනු නෙලීම (අස්වනු නෙලීම ප්‍රමාද වු විට හානිය වැඩිවේ.)
  • බෝග මාරුව
  • අල පස් වලින් වැසීම, වසුන් යෙදීම.
  • පරණ වැල් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම, රෝගී කොටස් වලදැමීම හෝ පිලිස්සීම.


අස්වැන්න

හෙක්ටයාරයකට ටොන් 20 ක් පමණ


අස්වනු නෙලීම හා ගබඩා කිරීම

  • ඒ ඒ ප්‍රභේද සදහා නිර්දේශිත වයසේදී අස්වනු නෙලාගත යුතුය.
  • වැඩි කාලයක් ක්ෂේත්‍රයේ තිබුණහොත් අලවල රසය අඩු වීමටත් අලගුල්ලාගේ හානිය වැඩිවීමටත්, අල කුණුවීමටත් පටන් ගනී.
  • අල ගලවා ගැනීමේදී හානි නොවනසේ ගලවා ගතයුතුය.
  • ගලවාගත් අල හිරුඑළියට නිරාවරණය නොකිරීම.
  • ගබඩා කිරීම සදහා අල පදම් කරගත යුතුයි.
  • පදම් කල අල මාස 2 - 3 ගබඩා කල හැක.