වම්බටු ( Brinjal)




උද්භිද විද්‍යාත්මක නාම - සොලනම් මෙලොන්ජිනා (Solanum melongena L.)
කුලය - සොලනේසියේ (Solanaceae)
නිර්දේශිත ප්‍රභේද

එස්.එම්. 164


(නිර්දේශ කරන ලද වසර 1940)

මෙම ප්‍රභේදය බැක්ටීරියා හිටුමැරීමට මධ්‍යස්ථ ලෙස ඔරොත්තු දෙන, ලා දම් වර්ණයෙන් යුතු ඵල ලබා දෙන ප්‍රභේදයකි. ඵල මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තවන අතර, හැඩයෙන් සිලින්ඩරාකාරය. මෙම ප්‍රභේදය තෙත්, වියළි හා අතරමැදි කලාපවලට සුදුසුය. ජල සම්පාදනය සහිතව වගා කිරීමෙන් හෙක්ටයාරයකට ටොන් 15-18 දක්වා අස්වැන්නක් ලබා ගත හැකිය.


තින්නවේලි දම්

(නිර්දේශ කරන ලද වසර 1968)

තෙත් හා අතරමැදි කලාපයේදී බැක්ටීරියා හිටුමැරීමට පාත්‍රී වේ. මෙම ප්‍රභේදයේ ඵල තද දම් පාට දිලිසෙන

ස්වභාවයකින් හා දිගැටි හැඩයකින් යුතුය. පුෂ්ප, කඳ හා පත්‍ර නාරටි ද දම්පාටය. වැඩි වියලි දේශගුණයක් සහිත උතුරු ප්‍රදේශයට වඩාත් සුදුසුය. විභව අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 20-25 අතර වේ.

පාදාගොඩ

(නිර්දේශ කරන ලද වර්ෂය 1968)

මෙම ප්‍රභේදයේ ඵල, දම්පාට පසුබිමේ සුදු පැහැ ඉරි සහිතය. ඵල තරමක් පිම්බුනු සිලින්ඩරාකාර හැඩයක් ඇත. කඳ හා පත්‍ර නාරටි කොලපාටය. පුෂ්ප ලා දම්පාටක් ගනී. බැක්ටීරියා හිටුමැරීමට ඔරොත්තු දෙන ප්‍රභේදයකි. තෙත් හා අතරමැදි කලාපවලට යෝග්‍යය. විභව අස්වැන්න හෙක්ටයාරයට ටොන් 20-25 වේ.

අමන්දා - දෙමුහුම්

(නිර්දේශ කරන ලද වසර - 2005)

ඵලය දම්පාට දිලිසෙන ස්වභාවයක් සහිතය. දිගැටි හැඩැතිය. ලංකාවේ ඕනෑම කලාපයක වගාව සඳහා සුදුසු වන අතර බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට ටොන් 35-40 ක පමණ විභව අස්වැන්නක් සහිත වේ.

අංජලී - දෙමුහුම්

(නිර්දේශ කරන ලද වසර - 2005)

ඵල තද දම් පැහැති වන අතර දිගැටි සිලින්ඩරාකාර වේ. වගාව සඳහා ලංකාවේ ඕනෑම කලාපයක් සුදුසු වන අතර

බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට ටොන් 40-45 පමණ විභව අස්වැන්නක් ඇත.

හෝඩි ලේන ඉරි - දෙමුහුම්

(නිර්දේශ කරන ලද වසර 2012)

ඵලය දම් සහ සුදු ලේන ඉරි ප්‍රභේදයකි. ලංකාවේ ඕනෑම කලාපයක වගාව සඳහා නිර්දේශ කර ඇත. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ ලෙස ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 35-40 ක පමණ විභව අස්වැන්නක් ඇත.

දේශගුණික අවශ්‍යතා

මෙය උද්භිද විද්‍යාත්මකව (සොලනම් මෙලන්ජිනා) ලෙස හඳුන්වනු ලබන අතර අයත් වන්නේ සොලනේසි කුලයටය. මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස්වූ ප්‍රදේශ දක්වා වම්බටු වගාකළ හැකිය. පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපවලද මැදරට තෙත් හා අතරමැද කලාපයේද, උඩරට අතරමැද කලාපයේ ද මෙම බෝගය ඉතා සාර්ථකව වගා කෙරේ.

දිවා කාලයේ උෂ්ණත්වය 27̊ ක්-32̊ ක් අතර සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය 21̊ C-27̊ C අතර වඩාත් යෝග්‍ය වේ. වගා කාලය යල කන්නය සඳහා අප්‍රේල් - මැයි කාලයේදී සහ මහ කන්නය සඳහා නොවැම්බර් - දෙසැම්බර් අතර වගාව ආරම්භ කිරීම යෝග්‍ය වේ.

පස
හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු පස් වම්බටු වගාවට සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5-5.8 අතර පැවතීම වඩා යෝග්‍යය.

බිම් සැකසීම

මෙය උද්භිද විද්‍යාත්මකව (සොලනම් මෙලන්ජිනා) ලෙස හඳුන්වනු ලබන අතර අයත් වන්නේ සොලනේසි කුලයටය. මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස්වූ ප්‍රදේශ දක්වා වම්බටු වගාකළ හැකිය. පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපවලද මැදරට තෙත් හා අතරමැද කලාපයේද, උඩරට අතරමැද කලාපයේ ද මෙම බෝගය ඉතා සාර්ථකව වගා කෙරේ.

දිවා කාලයේ උෂ්ණත්වය 27̊ ක්-32̊ ක් අතර සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය 21̊ C-27̊ C අතර වඩාත් යෝග්‍ය වේ. වගා කාලය යල කන්නය සඳහා අප්‍රේල් - මැයි කාලයේදී සහ මහ කන්නය සඳහා නොවැම්බර් - දෙසැම්බර් අතර වගාව ආරම්භ කිරීම යෝග්‍ය වේ.

පස
හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු පස් වම්බටු වගාවට සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5-5.8 අතර පැවතීම වඩා යෝග්‍යය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයට ග්‍රෑම් 200-300 අතර (75% ප්‍රරෝහණය සහිත බීජ)

තවාන් පාලනය

තවාන් පිළියෙල කිරීම
වම්බටු සඳහා හොඳින් හිරුඑළිය ලැබෙන ස්ථානයක සැකසූ උස් තවාන් සුදුසුවන අතර, බීජ සිටුවීමට පෙර තවාන් පාත්ති ජීවානුහරණය කළ යුතුය. මේ සඳහා පහත ක්‍රම වලින් සුදුසු එකක් තෝරා ගත හැකිය.

පිලිස්සීම මඟින්
පිදුරු හා දහයියා තට්ටු කිහිපයක් එක මත එක තබා ගිනි තැබීම සිදුකරයි.

සූර්යාලෝකය මඟින්
හොඳින් ජලය යොදා තෙත් කර ගත් තවානට සෙන්ටිමීටර් 4 පමණ උසකින් විනිවිද පෙනෙනෙ පොලිතීන් ආවරණයක් යොදා වටේට පස් දමා හොඳින් සීල් කර දින 14 ක් තබන්න.

පාත්ති මතුපිට යොදන ලද පස්, ගොම 1 : 1 තුනී තට්ටුව මතුපිට අඟල් 6 පරතරය ඇතිව පේලි දිගේ බීජ දමා සියුම් පස් වලින් වසා, පිදුරු තට්ටුවකින් තවාන් ආවරණය කරන්න. මීටර් 1 පළල, මීටර් 3 දිග තවාන් පාත්තියක් සඳහා බටු බීජ ග්‍රෑම් 30 ක් පමණ සෑහේ. දින 25-30 ගතවූ පසු, පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට යෝග්‍ය තත්ත්වයට පත් වේ.

වගා පිළිවෙත්

පරතරය
සෙන්ටිමීටර් 90 x 60 පරතරය ඇතිව සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයට පිළියෙල කරගත් වලවල්වලට කාබනික පොහොර යොදා දින 25-30 වූ බීජ පැළ, එක් වලක එක බැගින් සිටුවන්න.

ඉන්පසු ජල සම්පාදනය කොට, හිරු රශ්මිය අධිකව ඇත්නම් කොළ අතුවලින් ආවරණය කරන්න. සවස් වරුවේ පැළ සිටුවීම වඩා යෝග්‍යය.

පැළ සිටුවීම
යල කන්නයේදී වර්ෂාව ලැබීමත් සමඟ හා මහ කන්නයේ අධික වර්ෂාවෙන් පසු පැළ සිටුවන්න'

පොහොර යෙදීම
වම්බටු වගාවේ දී බීජ පැළ සිටුවීම සඳහා පිළියෙල කළ වලවල්වලට කාබනික පොහොර අවම වශයෙන් දෝතක් (ග්‍රෑම් 500) පමණවත් යෙදීම කළ යුතුය. පැළ සිටුවීමට දින 2 කට පෙර, මූලික පොහොර ලෙස යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණයද වලවල්වලට යොදා පස් සමඟ කලවම් කරන්න.

රසායනික පොහොර

යෙදිය යුතු කාලය

යූරියා කි.ග්‍රෑ./ හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි. ග්‍රෑ./හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි. ග්‍රෑ./හෙක්.

මූලික පොහොර පැළ සිටුවීමට පෙර

75

325

85

මතුපිට පොහොර පැළ සිටුවා සති 4 දී

75

-

-

පැළ සිටුවා සති 8 දී

75

-

85

පැළ සිටුවා සති 12 දී

75

-

-

ජල සම්පාදනය

වියළි කලාපයේ වර්ෂා ජලයෙන්ද වම්බටු වගාකළ හැකිය. සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හා ලාභදායී වගාවක් ලෙස පවත්වා ගැනීම සඳහා ජල සම්පාදනය කළ යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට පස වියළී යාමට නොදී සුදුසු දින පරතරයකින් ජල සම්පාදනය කරන්න.

අධික ලෙස ජල සම්පාදනය වම්බටු වගාවට යෝග්‍ය නොවේ. සෑම පොහොර යෙදීමක් සමඟම ජල සම්පාදනය කරන්න.

වල් පැළෑටි පාලනය
වගාව ස්ථාපනය කර අස්වැන්න නෙලන තෙක් අවශ්‍ය සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරවීම ඉතාම සුදුසු ක්‍රමයයි. කෙසේ වුවද වම්බටු පැළ සිටවූ මුල් සති 2ක තුළදී හා මල් පිපීම, ගෙඩි හට ගැනීම සිදුවන කාලයේදී විශේෂයෙන්ම ක්ෂේත්‍රය වල් පැළෑටි වලින් තොරවිය යුතුය. තවද, සෑම මතුපිට පොහොර යෙදීමකට පෙරදීත් වල් මර්දනය කළ යුතුයි.

රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

කරටි හා ගෙඩි විදින පණුවා

දිගින් දිගටම එකම කේෂ්ත්‍රයක බටු වගා කිරීමේදී මෙන්ම බටු වගාවෙන් පසු ශාක කොටස් නිදැල්ලේ භූමියේ දිරායාමට සැලැස්වීමෙන් ඊළඟ කන්නයේදී මෙම හානිය උත්සන්න වීමට ඉඩ ඇත. මේ හානිය මඟින් 80% පමණ ඵලදාවට හානි විය හැක. කරටි මැලවී එල්ලා වැටීම හා ඵල වල කළුපාට සිදුරු මඟින් හානිය හඳුනාගත හැක. සිදුරු තුළ බහිස්‍රාවීය ද්‍රව්‍ය පිරී ඇත. හානි කළ කරටි හා ගෙඩි කපා බැලූ විට කීටයින් දක්නට ලැබේ. කීටයා හානි කිරීම නිසා ශාකයේ වර්ධනය බාල වේ.

බටු ක්ෂේත්‍රය වටා සජීවී හෝ අජීවී බාධකයක් (බඩඉරිඟු, සෝගම් හෝ කෘමි ප්‍රතිරෝධී දැලක්) මීටර් 2 පමණ උසට යොදා ගැනීම)

වගාකර ඇති ශාකවල කරටිවල මෙම හානිය පළමුවෙන්ම දක්නට ලැබුනු විට එම කරටි කොටස් හානි කළ ස්ථානයට පහලින් කපා ශාකයෙන් ඉවත් කර විනාශ කර දමන්න. සතියකට වරක් වගාව පරීක්ෂා කරන්න.

50% මල් හටගත් අවස්ථාවේදී සුදුසු කෘමි නාශකයක් ඉසීමෙන් මෙම හානිය පාලනයකර ගත හැකිය.

- මල් පිපීමත් සමඟ ස්පිනොසාර්ඩ් 450g/lEc (ට්‍රේසර) මිලි ලීටර් 3 ක් වතුර ලීටර් 10 යන අනුපාතයට මිශ්‍රකර යෙදීම හෝ ක්‍රොමෆෙනොසයිඩ් 50g/lEc (මැට්‍රික්) මිලි ලීටර් 20 ක් වතුර ලීටර් 10 යන අනුපාතයට මිශ්‍රකර යෙදීම හෝ පලුබෙන්ඩියාමයිඩ් 24%/ WG (බෙල්ට්) ග්‍රෑම් 3 ක් ජලය ලීටර් 10 ක දියකර යෙදීම හෝ ක්ලොරන්ත්‍රැනිලිප්‍රෝල් 20% SC (කොරුජන්) මිලි ලීටර් 2 ජලය ලීටර් 10 ක දියකර යෙදීම.

අස්වනු නෙළීමේ දී හානි කර ඇති ගෙඩි සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හා හානිකළ ගෙඩි ගණන 5% වඩා වැඩි නම් පමණක් නිර්දේශිත කෘමිනාශකයක් යෙදීම. පෙර අස්වනු කාලය ගැන සැළකිලිමත් වීම හා එකම කෘමිනාශකය දිගින් දිගටම භාවිතා නොකිරීම.

අස්වනු නෙලන අවස්ථාවේ කෘමිනාශක යොදන විට පෙර අස්වනු කාලය ගැන සැළකිලිමත් වීම.

රසායනික නම

ජලය ලීටර් 10 දියකළ යුතු ප්‍රමාණය

පෙර අස්වනු කාලය (දින)

ලැම්ඩාසයිහලෝත්‍රින් (කරාටේ)

මි.ලී. 7.5

07

ස්පිනොසාඩ් 450g/1 sc (ට්‍රේසර්)

මි.ලී. 3.0

07

ක්‍රොමපෙනොසයිඩ් 50g/1 sc (මැට්‍රික්)

මි.ලී. 20

07

ක්ලෝරන්ත්‍රැනිලිප්‍රෝල් 200g/1 sc (කොරජන්)

මි.ලී. 02

03

ප්ලුබෙන්ඩියමයිට් 24% WG (බෙල්ට්)

ග්‍රෑම් 03

05

ස්පිනොටොරාම් 25% WG (රේඩියේටර්)

ග්‍රෑම් 03

03

කොල හකුලන දළඹුවා
(Psara bipunctalis) (Order-Lepidoptera, Family-Pyralidae)
ශාකයේ පත්‍ර කිහිපයක් ගොටු ගසා ඒ තුළ කීටයින් පෝෂණය වේ. මෙහිදී පත්‍ර නාරටි හැර ඉතිරි කොටස් කා දමයි. අග්‍රස්ථ පත්‍ර මෙලෙස විනාශ කිරීම නිසා ශාකයේ වර්ධනය බාලවේ.

පාලන ක්‍රම

- තදින් ගොටු ගසා ඇති පත්‍ර කඩා විනාශ කර දැමීම
- හානිය පැතිරී යයි නම් නිර්දේශිත කෘමි නාශකයක් යොදා පාලනය කිරීම, නොවැලියුරෝන් 100g/1Ec මිලි ලීටර් 10 ජලය ලීටර් 10 අනුපාතයට මිශ්‍රකර යෙදීම හෝ ක්ලෝෆ්ලුඅසියුරෝන් 50g/1Ec මිලි ලීටර් 10 ජලය ලීටර් 10 අනුපාතයට මිශ්‍රකර යෙදීම.

නිර්දේශිත කෘමිනාශකයක් යොදා අවම වශයෙන් දින 7 - 10 ගත වූ පසු පමණක් අස්වැන්න නෙලන්න.

පත්‍ර කීඩෑවා
(Amrasca Spp.) (Order-Homoptera, Family-Cicadellidae)
සුහුඹුලා ලා කොල පැහැති වන අතර සුහුඹුල් සහ ශිෂු අවස්ථා දෙකම ශාකයට හානි කරයි.

පත්‍රයේ යට පැත්තේ සිට පත්‍ර වලින් යුෂ උරාබීම නිසා පත්‍ර කුඩාවීම, රැලි වැටීම, පත්‍ර දාරයේ සිට මධ්‍යන්‍ය දෙසට කහ පැහැවීම සිදුවේ. එම නිසා ශාකයේ වර්ධනය දුර්වල වේ. බටු බෝග යට වැළඳෙන ෆයිටොප්ලාස්මා (කුඩාපත්‍ර රෝගය) රෝගයේ වාහකයා ලෙසද ක්‍රියා කරයි.

පාලන ක්‍රම

- මනා බෝග නඩත්තුව හා හානිය පැතිරීයන අවස්ථාවලදී නිර්දේශිත කෘමිනාශකයක් යොදා පාලනය කිරීම.

- ඇසිටම්ප්‍රිඩ් 20% SP ග්‍රෑම් 16 ක් ජලය ලීටර් 16 ක හෝ තයමෙතොක්සාම් 25% WG ග්‍රෑම් 8 ක් ජලය ලීටර් 16 ක දියකර යොදන්න.

මයිටා හානිය
මයිටාවන් පත්‍ර හා ඵල වලින් යුෂ උරා බොයි. ඵල වලින් යුෂ උරා බිවූ විට ඵලාවරණය ගොරෝසු වී දුඹුරු වී යයි. ඵල විකෘති වේ. වෙළඳ වටිනාකම අඩු වේ. පත්‍ර වලට හානි කරන විට මයිටාවන් යටි පැත්තේ බහුලව දැකිය හැකි අතර පත්‍ර රෝල් වීම දුඹුරු පැහැ වීම, වියළි මැරී යාම දක්නට ලැබේ. මකුලු මයිටාවන්ගේ පත්‍ර හානියේ දී මූලික අවස්ථාවේදී පත්‍ර මතුපිට තැනින් තැන කහ පැහැයට හැරී තිබෙනු දැකිය හැක.

පාලන ක්‍රම

- මනා බෝග නඩත්තුව සහ අවශ්‍ය පමණට (විශේෂයෙන් වියළි කාලගුණ තත්ත්ව යටතේ) ජලසම්පාදනය, ජල ඌන වගාවන් හානියට පාත්‍රී වීම වැඩිය. ඉස්නා ජල සම්පාදනය මඟින් බෝගයේ මයිටා ගහණය අඩුකර ගත හැකිය.

- හානිය පැතිරී යයි නම් නිර්දේශිත කෘමිනාශකයක් යොදා පාලනය කිරීම.

- ඇසඩිරැක්ටීන් 10g/lEc මිලි ලීටර් 5 ජලය ලීටර් 10 දියකර යෙදීම හෝ සල්ෆර් 80% WP/WG ග්‍රෑම් 80 ජලය ලීටර් 10ක දියකර යෙදීම හෝ ඇබමෙක්ටින් 18 g/lEC මිලි ලීටර් 6 ජලය ලීටර් 10 දියකර යෙදීම හෝ හෙක්සිතයසොක් 5%EC ග්‍රෑම් 5 ක් ජලය ලීටර් 10 ක දියකර යොදන්න.

රෝග පාලනය

දියමලන් කෑම

මෙම රෝගය දිලීර කිහිපයක් මඟින් තවාන් අවධියේදී බටු පැළ වලට ආසාදනය වේ. එම රෝග කාරක දිලීර වර්ග නම්, පිතියම්, ෆියුසාරියම්, රයිසොක්ටෝනියා වේ. තවාන් පැළවල මුල් කුණුවීම, කඳ පාමුල කුණු වීම, තවාන් පැළ කඩා වැටීම සහ මිය යාම රෝග ලක්ෂණ වේ.

පාලනය

- තවාන් ජීවානුහරනය කිරීම

- තවාන් පිලිස්සීම

- රසායනික ප්‍රතිකාරක


බීජ ප්‍රතිකාරක

දිලීරනාශකය

ජලය ලීටර් 5 ක දියකළ යුතු ප්‍රමාණය

තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP (හෝමායි)

ග්‍රෑම් 4

තිරාම් 80 WP

ග්‍රෑම් 5

කැප්ටාන් 50% WP

ග්‍රෑම් 12

පාංශු ප්‍රතිකාරක

දිලීරනාශකය

ජලය ලීටර් 5 ක දියකළ යුතු ප්‍රමාණය

තිරාම් 80 WP

ග්‍රෑම් 7

තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP (හෝමායි)

ග්‍රෑම් 5

කැප්ටාන් 50% WP

ග්‍රෑම් 6

ඉහත ප්‍රතිකාරක ජලය ලීටර් 5 ක දියකර මල් බාල්දියකින් පස හොඳින් තෙමී යන සේ වර්ග මීටර් 1 කට යොදන්න.

ඇන්ත්‍රැක්නෝස්
කොලෙටොට්‍රිකම් ග්ලිඔස්පොරිඔඩස් නම් දිලීරය මඟින් මෙම රෝගය ඇති කරන අතර, රෝගය අසාදනය වූ විට මල් හැලී යාම, කඳ ඉහළ සිට කුණු වීම, දිය උරාගත් ආකාරයේ ගිලුණු රවුම් පුල්ලි ගෙඩි මත ඇති වීම හා පසුව ගෙඩි කුණු වීම සිදුවේ.

පාලනය

- රෝගය වැළඳුන ගෙඩි වගා කේෂ්ත්‍රයෙන් ඉවත් කර විනාශ කර දැමීම.

- පහත සඳහන් දිලීර නාශකයක් ජලය ලීටර් 10 ක දියකර ඉසින්න.

දිලීරනාශකය

ජලය ලීටර් 5 ක දියකළ යුතු ප්‍රමාණය

මැන්කොසෙබ් 75% WP

ග්‍රෑම් 20

ක්ලෝරොතැලොනිල් 500 g/l/ SC

මිලිලීටර් 30

තයෙඩ්ෆනෙට් මීතයිල් 70% WP

ග්‍රෑම් 6

කාබෙන්ඩසිම් 500 SC

මිලිලීටර් 7

කාබෙන්ඩසිම් 50% WP

ග්‍රෑම් 7

ෆොමොප්සිස් අංගමාරය

මෙම රෝගය ෆොමොප්සිස් නම් දිලීර විශේෂයක් මඟින් ඇති කරන අතර, රෝගය ආසාදනය වූ විට පත්‍ර මත හෝ කඳ මත පළමුව ලප ඇති වේ. පත්‍ර ලප රවුම් හැඩවන අතර අඟලක ප්‍රමාණයේ විෂ්කම්භයෙන් යුක්තය. පත්‍ර ලප දුඹුරු පැහැයට හුරු අළු පැහැයක් ගනී. ගෙඩි මත දම් පැහැ ගිලුණු ලප ඇති වේ.

පාලනය

- රෝගය වැළඳුන ගෙඩි කඩා ඉවත් කිරීම හෝ විනාශ කිරීම.

- පහත සඳහන් දිලීර නාශකයක් ජලය ලීටර් 10 ක දියකර ඉසින්න.

දිලීරනාශකය

ජලය ලීටර් 5 ක දියකළ යුතු ප්‍රමාණය

මැන්කොසෙබ් 75% WP

ග්‍රෑම් 20

ක්ලෝරොතැලොනිල් 500 g/l/ SC

මිලිලීටර් 30

ටෙබුකොනසෝල් 250 g/l/ EC

ග්‍රෑම් 6

කාබෙන්ඩසිම් 500 SC

මිලිලීටර් 7

කාබෙන්ඩසිම් 50% WP

මිලිලීටර් 7

පාදස්ථ කුණු වීම
ස්කෙලොරෝටියම් රොල්ෆ්සි, රයිසොක්ටෝනියා සොලනි, ෆියුසාරියම්, ආදී පාංශු රෝග කාරක දිලීර මඟින් පාදස්ථ කුණුවීමේ රෝගය ඇති කරයි. රෝගය ආසාදනය වූ විට පත්‍ර කහ පැහැ වීම, ශාකය මැලවී යාම හා කඳ පාමුල කුණු වීම දක්නට ලැබේ.

පාලනය

- ජල වහනය දියුණු කිරීම

- අපද්‍රව්යෙඅ වගා ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම හා වගාව පිරිසිදුව තබා ගැනීම

- දිලීරනාශකයක් පහත සඳහන් පරිදි වර්ග මීටරයකට ඉසින්න.

දිලීරනාශකය

ජලය ලීටර් 5 ක දියකළ යුතු ප්‍රමාණය

තිරාම් 80% WP

ග්‍රෑම් 7

තයෝෆනේට් මීතයිල් 70% WP

ග්‍රෑම් 3

තයෝෆනේට් මීතයිල් 50% WP + තිරාම් 30% WP

ග්‍රෑම් 5

කැප්ටාන් 50 WP

ග්‍රෑම් 6

ඉහත දිලීර නාශක ජලය ලීටර් 5 ක දියකර රෝගී ශාක සහ ඒ අවට ශාක වල මුලට යොදන්න.


බැක්ටීරියා හිටු මැරීම

මෙම රෝගය රැල්ස්ටෝනියාරුම් මඟින් ඇති කරන අතර, රෝගය ආසාදනය වූ විට එක්වරම සිදුවන ශාක මැලවී යාම සිදුවේ. මෙය ජලය යෙදීමෙන් නැවත යථා තත්ත්වයට පත් නොවේ. කැපූ ශාකයක් ජලය වීදුරුවකට දැමූවිට කැපූ අග්‍රස්ථයෙන් සුදු පැහැති දුමාරයක් පිටවීම දක්නට ලැබේ.


පාලනය

- රෝගී ශාක දුටු වහාම ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම.

- පසට කාබනික පොහොර යෙදීම

- ජල වහනය දියුණු කිරීම.

- සොලනේසියේ කුලයේ නොවන බෝග සමඟ බෝග මාරුව

- මෙම රෝගය සඳහා රසායනික ප්‍රතිකාරක ක්‍රම නොමැත.


කුඩා පත්‍ර රෝගය

ෆයිටොප්ලාස්මා මඟින් මෙම රෝගය ඇති කරන අතර, රෝගය අසාදනය වූ විට පත්‍ර කුඩා වීම, පර්ව අතර දුර කෙටි වීම, එක් ස්ථානයකින් පත්‍ර සමූහයක් ඇති වීම (සෙව්වන්දියක්), මල් සහ ගෙඩි කොල පැහැ වීම දක්නට ලැබේ. මෙම රෝගය සෑදීමේ ප්‍රවණතාවය 1% - 2% වේ. මෙම රෝගය පත්‍ර කීඩෑවා මඟින් පැතිරෙයි. පැතිරීම පාලනය කිරීම සඳහා රෝගී ශාක දුටු වහාම උදුරා ඉවත් කිරීම සිදුකළ යුතුය. රෝගී තත්ත්වය පැතිරී යයි නම් නිර්දේශිත කෘමි නාශකයක් (Acetamiprid 20/SP - මොස්පිලාන්) භාවිතා කිරීම මඟින් කෘමි වාහකයා පාලනය කළ හැක.

බටු වගාවට හානිදායක ප්‍රධානතම රෝගය බැක්ටීරියා හිටුමැරීමයි. පොළවේ ජීවත්වන බැක්ටීරියාවක් මාර්ගයෙන් වැළඳෙන මෙම රෝගය නිසා පළමුවෙන්ම පැළ මලානික වීමත්, පසුව පැළ මිය යෑමත් සිදුවේ. මෙම රෝග පාලනය සඳහා ඔරොත්තු දෙන ප්‍රභේදයක් වගා කිරීම හා බෝග මාරුවක් අනුගමනය කිරීම වැදගත්ය.

අස්වැන්න නෙළීම

වගාකර ඇති ප්‍රභේදය හා පාරිසරික තත්ත්ව අනුව පැළ සිටුවා සති 10-12 අතර දී පළමු අස්වැන්න නෙළාගත හැකිය. මින්පසුව දින 7 කට වරක් බැගින් නැවත අස්වැන්න නෙළිය හැකිය. පිහියකින් නටුව කපා කරල් වෙන්කර ගන්න.


අස්වැන්න

බටු වගාවක අස්වැන්න, ප්‍රභේදය හා වගා පාලනය මත වෙනස් වේ. ජල සම්පාදනය කොට නිර්දේශිත ප්‍රභේදයක් වගා කිරීමෙන් හෙක්ටයාර් එකකට ටොන් 15-18 දක්වා අස්වැන්නක් ලබා ගත හැකිය. මෙම අස්වැන්න නෙලීම් වාර 8-10 මඟින් ලබා ගත හැකිය.

පසු අස්වනු කටයුතු

නරක්වූ හා කෘමි හානිවලට ලක්වූ ගෙඩි ඉවත් කරන්න.