ගෝවා / Cabbage

හැඳින්වීම

කුලය - කෘසිපරේසියේ

උද්භිද විද්‍යාත්මක නම - Brassica oleracea

ප්‍රභේද - ග්‍රීන් කෝ(ර්)නට්, හර්කියුලිස්,එක්සෝටික්, ලංකා ගෝවා

ලෝකයේ විවිධ පාරිසරික තත්ත්වයන් යටතේ වගා කෙරෙන ගෝවා ශාකයේ නිජබිම දකුණු හා බටහිර යුරෝපය වේ. මෙය කෘසිපරේසියේ කුලයට අයත්වන වාර්ෂික භෝගයකි.

ගෝවා ශීත දේශගුණික තත්ත්වයන් යටතේ වඩාත් හොඳින් වර්ධනය වන අතර, උණුසුම් දේශගුණික තත්ත්වයන් යටතේ ද වගා කළ හැකිය. නමුත් ඒ ඒ කෘෂි දේශගුණික තත්ත්වයන්ට උචිත ප්‍රභේදයන් තෝරා ගැනීම ඉතා වැදගත්‍ය. මෙම භෝගය වර්ෂයේ ඕනෑම කාලයක වගා කිරීමට හැකිවන අතර වගාව නඩත්තු කිරීම හා අස්වනු නෙලීම ද ඉතා පහසුය.


පරිභෝජනයට
ගනු ලබන ගෝවා ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක සංඝටක ප්‍රමාණයන්

සංඝටකය

අඩංගු ප්‍රමාණය

තෙතමනය

ග්‍රෑම් 91.9

ශක්තිය

කිලෝ කැලරි 27

ප්‍රෝටීන්

ග්‍රෑම් 1.8

කාබෝහයිඩ්‍රේට්

ග්‍රෑම් 4.6

මේදය

ග්‍රෑම් 0.1

කැල්සියම්

මිලි ග්‍රෑම් 39

පොස්පරස්

මිලි ග්‍රෑම් 44

පරිභෝජනයට ගනු ලබන ගෝවා ග්‍රෑම් 100 ක අඩංගු පෝෂක සංඝටක ප්‍රමාණයන්....


සංඝටකය

අඩංගු ප්‍රමාණය

යකඩ

මිලි ග්‍රෑම් 0.8

කැරොටීන්

මයික්‍රො 1200

තයමීන්

මයික්‍රො ග්‍රෑම් 60

රයිබොෆ්ලේවින්

මයික්‍රො ග්‍රෑම් 90

නියසීන්

මිලි ග්‍රෑම් 0.4

විටමින් C

මිලි ග්‍රෑම් 12.4

වගා කිරීමට සුදුසු ප්‍රභේද
බොහෝවිට දේශගුණික තත්ත්වයන් අනුව ප්‍රභේදය වෙනස් විය යුතුය. නිරතුරුව නව ප්‍රභේද වෙළඳපොලට හඳුන්වා දෙන බැවින් ප්‍රභේදයන් තෝරා ගැනීමේදී ඉතාමත් සැළකිලිමත් විය යුතුය. උඩරට ප්‍රදේශයේ ගොවීන් අතර වර්තමානයේ ජනප්‍රිය වී ඇත්තේ ග්‍රීන් කෝ(ර්)නට් ප්‍රභේදයයි. මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල වඩාත් ජනප්‍රිය වී ඇත්තේ එක්සෝටික් යන ප්‍රභේදයයි.

වගා කටයුතු

පස

කාබනික ද්‍රව්‍ය අඩංගු සාරවත් පසක් අත්‍යාවශ්‍යය. අනෙකුත් එළවළු භෝග සමඟ සංසන්දනය කිරීමේදී, වරකදී පසෙන් ඉවත්වන පෝෂක ප්‍රමාණය ඉතා ඉහළවන අතර එය හෙක්ටයාරයකට NPK කි.ඟ්‍රෑ 400 කට වඩා වැඩි ප්‍රමාණයකි. පසේ පී.එච්. අගය 6-6.5 ක තරම් පරාසයක පවත්වා ගැනීම වැදගත් වේ.

පාංශු පී.එච්. අගය 6 ට වඩා අඩු වූ විට බරවා රෝග කාරකයේ (ප්ලැස්මැඩිපෝරා බ්‍රැසිකේ) පැවැත්මට හිතකර වේ.
බිම් සැකසීමේදී සෙ.මී. 20-30 ගැඹුරට පස පෙරලා සකස් කිරීමත්, පස ආම්ලික නම් නිර්දේශිත ප්‍රමාණයට අළුහුණු යෙදීමත් කළ යුතුය.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාර් 1 ක් සඳහා බීජ ග්‍රෑම් 200-250 ක් පමණ අවශ්‍ය වේ.
ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්ත්ව යටතේදී ජනප්‍රිය ප්‍රභේදවල බීජ නිෂ්පාදනය කළ නොහැක.

තවාන් පාලනය
ගෝවා වගා කිරීමේදී බීජ තවාන් දමා දින 30-35 ක් තරම් වයසැති පැළ ක්‍ෂේත්‍රයේ සිටුවීම වඩාත්ම සුදුසුය. නිරෝගී පැළ ලබා ගැනීම සඳහා යොදා ගත හැකි තවාන් ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත. දේශගුණික තත්ත්වයන් හා සම්පත් අනුව සුදුසු ක්‍රමයක් අනුගමනය කළ හැකිය.

ක්‍ෂේත්‍රයේ තවානක් ස්ථාපනය කිරීම
මේ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම සුපරීක්ෂාකාරීව කළ යුතුය. පෙර කන්නවලදී ගෝවා හෝ ගෝවා කුලයේ භෝගයක් වගා නොකළ ඉඩමක් වීම ඉතාම වැදගත්‍ය. ගෝවා වගාවේ ප්‍රධානතම ගැටළුව වන බරවා රෝගය ආසාදනය වීම මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.

මීට අමතරව හොඳින් හිරුඑළිය වැටෙන, මනා ජලවහනයක් ඇති ආම්ලික නොවන පසක් සහිත ස්ථානයක් තවාන සඳහා තෝරා ගත යුතුය.

පැළ සිටුවීම
දින 30-35 ක් පමණ වයසැති නිරෝගී දිරිමත් පැළ ක්‍ෂේත්‍රයේ සිටුවීමට සුදුසුය. පැළ සිටුවීම වර්ෂාව නොමැති දිනවලදී නම් සවස් කාලයේදී කළ යුතුයි.

දේශගුණික තත්ත්වය අනුව ජල සම්පාදනය කරන්න. පැළය මැලවීමට නොදී පවත්වා ගැනීම වැදගත්‍ය. තවාන් තැටි, භාජනවල පැළ නිපදවීම හෝ නොරිඩෝකෝ තවාන වැනි වැඩි දියුණු කරන ලද ක්‍රම භාවිතා කිරීමෙන් නිරෝගී ශක්තිමත් පැළ නිපදවා ගත හැකිය. වැඩි විස්තර තවාන් පාලනයේ දක්වා ඇත.

පරතරය
වගාකළ යුතු පරතරය වන්නේ පේළි අතර සෙ.මී. 50 හා පැළ අතර සෙ.මී. 40 කි. අස්වැන්න හෙක්ටයාර් 1 කට ටොන් 50 - 60 ක් පමණ වේ.
අස්වැන්න හෙක්ටයාර් 1 කට ටොන් 50-60 ක් පමණ වේ.

පොහොර යෙදීම
අධික ලෙස හායනියට ලක්ව ඇති ලංකාවේ උඩරට ප්‍රදේශයේ පස සාරවත් බව අඩු වීමත්, ආම්ලික වීමත් ප්‍රධාන සීමාකාරී සාධක වේ. මේ නිසා පස ආම්ලිකවන අවස්ථාවලදී අළුහුණු යෙදීමත්, රසායනික පොහොර වලට අමතරව කාබනික පොහොර යෙදීමත් ඉහළ අස්වැන්නක් ලබාගැනීම සඳහා අත්‍යාවශ්‍ය වේ.

රසායනික පොහොර

සැපයිය යුතු පෝෂක ප්‍රමාණය හෙක්ටයාරයකට කි.ග්‍රෑ. වලින්

N

P2O5

K2O

සිටුවීමට ‍පෙර

-

125

45

සිටුවා සති 2 න්

50

-

-

සිටුවා සති 5 න්

50

-

45

සිටුවා සති 8 න්

50

-

-

ඉහත පෝෂක ප්‍රමාණය භෝගයට ලබා දීමට පහත ආකාරයට රසායනික පොහොර යෙදිය යුතුයි.

(හෙක්ටයාරයකට කි.ග්‍රෑ.)

යූරියා

TSP

MOP

සිටුවීමට පෙර

-

270

75

සිටුවා සති 2 න්

110

-

-

සිටුවා සති 5 න්

110

-

75

සිටුවා සති 8 න්

110

-

-

පස් දැමීම (එකතු කිරීම )
මතුපිට පොහොර යොදන අවස්ථාවලදී පැළය වටේට පොහොර විසුරුවා පහළින් ඇති පත්‍ර ඔසවා පැළයේ කඳ පාමුල වැසෙනසේ පස් එකතු කළ යුතුය.


ජල සම්පාදනය

පැළ සිටුවා මුල් සති දෙකේදී හොඳින් ජල සම්පාදනය කිරීම වැදගත්‍ය. විශේෂයෙන්ම වගාවට මාස 1 1/2 ක් පමණ වයසේ සිට (එනම් ගෙඩි සෑදීම ආරම්භ වූ අවස්ථාවේ සිට) ප්‍රමාණවත් ලෙස ජලය යෙදීම ඉතාම වැදගත්ය.

වල් පැළෑටි මර්ධනය
වල් මර්ධනය ඉතාම වැදගත්‍ය. පැළ සිටුවා සති 3 දී පමණ අතින් වල් ගැලවීම කළ හැකිය. මතුපිට පොහොර දමන අවස්ථාවලදී පස් වලින් වැසීම මඟින්ද සැළකිය යුතු මට්ටමකින් වල් මර්ධනය වේ.

අස්වනු නෙළීම


ප්‍රභේදය අනුව අස්වනු නෙලීමේ කාලය දින 90 - 110 දක්වා වෙනස් විය හැකිය. ගෝවා ගෙඩියේ මතුපිට අතින් තද කිරීමෙන් එහි තද බව අනුව අස්වැන්න නෙලීමේ අවස්ථාව තීරණය කළ හැකිය. වගා කරන ප්‍රදේශය හා දේශගුණික සාධක අනුවද මෙම තද බව වෙනස් වේ. ප්‍රමාණයට වඩා මේරීමෙන් ගෙඩි පුපුරන නිසා නියම අවස්ථාවේ අස්වනු නෙලීම කළ යුතුය.

අස්වනු නෙලීමේදී පිටතින් ආවරණ පත්‍ර 2 - 3 ක් ඉතිරිවනසේ ගෙඩි කපා ගැනීමෙන් ප්‍රවාහනයේදී ගෙඩියට වන හානි අවමකර ගත හැකිය.

අස්වනු සැකසීම
නෙලාගත් ගෝවාවල පලුදු වූ හා රෝග ආසාදිත පත්‍ර තිබේනම් ඉවත්කර මනා වාතාශ්‍රයක් ලැබෙන ගෝනිවල හෝ ප්ලාස්ටික් කූඩවල අසුරා ගැනීම මඟින් පසු අස්වනු හානි අවම කරගත හැකිය. හැකි ඉක්මනින් වෙළඳපොල වෙත යැවීමට වගබලා ගන්න.

පළිබෝධ

පලිබෝධකයින්

  1. දියමන්ති පිට සලඹයා

(Diamondback moth)

(DBM) Plutella xylostella

සුහුඹුලා

සුහුඹුලා සළඹයෙකි. පියාපත්වල ඇති දියමන්ති හැඩය විශේෂත්වයකි. මි.මී. 10 ක් පමණ දිගැතිවන අතර ආලෝකයට වඩාත් සංවේදීයි. සුහුඹුලන් පත්‍ර මත බිත්තර දමයි.

කීටයා
කීට අවස්ථා 4 කි. වැඩුනු කීටයකු මි.මී. 10 - 12 ක් පමණ දිගවන අතර කොළ පැහැති වේ. මොවුන් විසින් ගෝවා පත්‍ර කා දැමීම සිදු කරයි.

පිළිවා

පිළවා මි.මී. 5 - 6 ක් පමණ දිගැතිය. පත්‍ර මත කෝෂයක් තුල පිලා අවස්ථාව ගත කරයි. දින 7-10 කාලයකදී සුහුඹුලා බවට පත්වේ. සුදු පැහැති පිළවා සුහුඹුල් අවස්ථාව බවට පත් වනවිට දුඹුරු පැහැ වේ.

හානිය
මෙම කෘමියා ගෝවා වගාවට හානි කරන ප්‍රධාන පලිබෝධකයෙකි. වගාවේ අස්වැන්න 80% ක් පමණ අඩු කරයි. මීට අමතරව බෘකොලි, මල්ගෝවා, චීන ගෝවා, නෝකෝල් ආදී වගාවන්ට ද හානිකරයි.

පාලනය

ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රම

  • ක්ෂේත්‍රය පවිත්‍රව තබා ගැනීම
  • ආලෝක උගුල් භාවිතය
  • අතින් ඉවත්කර විනාශ කිරීම
  • ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදනය - මෙමඟින් සුහුඹුලන් විනාශ වීම සිදුවේ.

ජීව විද්‍යාත්මක පාලනය

හඳුනාගත් ස්වභාවික සතුරන්

  • Diadegma semiclausam
  • Cotecia spp
රසායනික මර්ධනය

පොදු නම

ප්‍රමාණය ජලය ලීටර් 10 කට

ක්ලෝරොෆ්ලුවරසන් 50 g /1 EC

10 ml

ප්‍රොෆෙනපොස් 500 g /1 EC

23-31 ml

එතොපෙන්ෆොස් 100ටරැ1 EC

10 ml

ඇසඩිරැක්ටීන් 5 g/ EC

20 ml

Bacillus thuringiensis 85% WG

(බැසිලස් තුරින්ජියෙන්සිස්)

11 g

ස්පිනෝසෑඩ් 2.5% SC

10 ml

ඉන්ඩොක්සිකාබ් 150 g/1 EC

10 ml

එමමැක්ටීන් බෙන්සොඒට් 5% SG

4 g

  1. ගොලුබෙල්ලන් සහ හංගොල්ලන් (Snails and Slugs)
Achatina spp, Aplysia spp
  1. කියත් පණුවා (Black cut worm)
Agrotis spp
  1. මුල්කන පණුවන් (Root Maggot)
විස්තර සඳහා රෝග පලිබෝධ බලන්න.

  1. කූඩිත්තන්
පත්‍ර යටි පැත්තේ බහුලව දැකිය හැක.

රසායනික මර්ධනය

පොදු නම

ප්‍රමාණය ජලය ලීටර් 10 කට

ඩයිමෙතොඒට් 400 g 1 EC

20-40 ml

ඉමිඩක්ලොප්‍රිඩ් 200 g 1 SC

5 ml

තයිමෙතොක්සම් 25% W/W

3 g