බීට්රූට් (Beetroot)


හැඳින්වීම


උද්භිද විද්‍යාත්මක නම - බිටා වුල්ගාරිස් (Beta Vulgaris)

කුලය - චීනපෝඩියේසි

ප්‍රභේද- ක්‍රිම්සන් ග්ලෝබ්, ඩෙට්‍රොයිඩ් ඩාර්ක් රෙඩ්

ලොව පුරා බීට්රූට් වර්ග කිහිපයක් වගා කරන නමුදු ශ්‍රී ලංකාවේ එළවළුවක් ලෙස පරිභෝජනයට ගන්නා බීට්රූට් පමණක් වගා කෙරේ. ප්‍රභේද විශාල සංඛ්‍යාවක් තිබුණ ද දේශීයව ලබාගත හැකි ප්‍රභේද කිහිපයක් පමණක් ගොවීන් අතර ජනප්‍රියව පවතී.

ප්‍රභේද

ක්‍රිම්සන් ග්ලෝබ් වඩාත් ජනප්‍රිය ප්‍රභේදයයි. තද රතු පැහැති රවුම් ආකාර අල හට ගනී. මීට අමතරව ඩෙට්‍රොයිඩ්.
රෙඩ්, රූබි ක්වීන්, රෙඩ් ඒස් ෆ්1 වැනි ප්‍රභේදද වෙළඳපොලේ ඇත. ලෝකයේ වෙනත් රටවල මෙම ප්‍රභේද සැකසූ ආහාර නිෂ්පාදනයට භාවිතා කෙරේ. විවිධ හැඩැති අල සහ විවිධ ලක්ෂණ ඇති බීට්රූට් වර්ග ඇත.

රතු දිගටි, කහ රවුම්, කහ දිගටි හා සුදු රවුම් විවිධ බීට්රූට් වර්ග ඇත. ,බේබි බීට් අල, ප්‍රමාණයෙන් ඉතා කුඩා අතර සලාද සඳහා ගනී. ,ස්පිනැච් බීට්, (Beta vulgaris orientalis) යනු පත්‍ර ලබා ගැනීම සඳහා වගා කරන බීට් වර්ගයකි. විශාල ලෙස වැඩෙන පත්‍ර නටු සහිත බීට් වර්ගයක් (Beta vulgaris cicis),සසිස් ජයාරා, නමැති විශේෂ ආහාර වර්ගයක් පිළියෙල කිරීමට ගනී. මේ සඳහා වෛවර්ණ_ පත්‍ර නටු සහිත බීට් ආකාර ද වගා කෙරේ.

ලෝකයේ බොහෝ රටවල සීනි නිෂ්පාදනය සඳහා ද ,ෂුගර් බීට්, නැමැති බීට් වර්ගය වගා කෙරේ.

දේශගුණය හා පස
බීට්රූට් ලංකාවේ ඕනෑම කෘෂි දේශගුණික කලාපයක වගාකළ හැකිය. වැලි ලෝම හෝ සිල්ට් ලෝම, පී.එච්. අගය 6.3 - 7.5 දක්වා පස්වල හොඳින් වගාකළ හැකිය.

වගා කටයුතු

තවාන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කොට ඇති ආකාරයට තවාන පිළියෙල කරගත හැකිය. සියුම් වයනයක් ලැබෙන පරිදි පස සකස්කර, මී. 1 ක් පමණ පළලට, හා සෙ.මී. 20 ක් පමණ උස්වන ආකාරයට පාත්ති සකසා ගත යුතුය. තවාන් පාත්තියේ දිග අවශ්‍යතාවය අනුව තීරණය කළ හැක. බ්ට් බීජයක කළල කිහිපයක් ඇති බැවින් එක් බීජයකින් බීජ පැළ 1 - 3 ක් දක්වා සංඛ්‍යාවක් ලබාගත හැක

එම නිසා බීජ කි.ඟ්‍රෑ 6ක් හෙක්ටයාරයක වගාවක් සඳහා ප්‍රමාණවත්‍ය. බීජ විසුරුවා හැරීම හෝ පේළි අනුව බීජ දැමීම කළ හැකිය. බීජ අඟල් 1/2 - 3/4 ක් පමණ පසට යටකළ යුතුය. බීජ ඉසීමට පෙර ඒවා තිරාම් හෝ කැප්ටාන් වැනි දිලීර නාශකයකින් ප්‍රතිකාර කිරීමෙන් බීජ පැළවල මුල් ආශ්‍රිතව ඇතිවන දිලීර රෝග වළකා ගත හැක. තවානේ බීජ දමා සති 3 - 4 ට පසු ‍කේෂ්ත්‍රයේ සිටුවීම කළ හැක.

ක්ෂේත්‍රය සකස් කිරීම හා සිටුවීම

ක්ෂේත්‍රය සියුම් වයනයක් ලැබෙන සේ
සෙ. මී. 20 - 30 ක් පමණ ගැඹුරට සීසෑම කළ යුතු අතර මී. 1ක් පළලට සිටින ලෙස උස් වූ පාත්ති සකසා ගත යුතුය. කාබනික පොහොර ටොන් 10 - 20 ක් පමණ හෙක්ටයාරයකට යෙදීම සෑහේ. සති 3-4 ක් වයස් වූ බීජ පැළ සෙ.මී. 30 x සෙ.මී. 15 පරතරය ඇතිව සිටුවිය යුතුය. පහතරට ප්‍රදේශවලදී ඇලි වැටි ආකාරයට සෑදූ ‍ක්ෂේත්‍රයවැටි දිගේ සිටුවීමට සුදුසුය.

ක්ෂේත්‍ර සකස් කිරීම

ක්ෂේත්‍රයේ පේළි ආකාරයට එක්වරම බීජ යෙදිය හැකි නමුත්, බීජ පැළවල පත්‍ර 2 - 3 ක් හටගන්නා විට වැඩිපුර ඇති පැළ ගැලවීම කළ යුතුය.

පොහොර යෙදීම
භෝගය සඳහා N,P,K වලට අමතරව සල්ෆර් (S) මැග්නීසියම් (Mg) මෙන්ම බෝරෝන් (B) ද අත්‍යාවශ්‍ය වේ.

මතුපිට පොහොර යෙදීමේදී බීජ පැළ පාමුල පොහොර එකතුවීම වැළැක්විය යුතුය. නැතහොත් බීජ පැළ දරුණු ලෙස පිළිස්සී යා හැකිය.

ප්‍රමාණවත් තරම් පසේ තෙතමනය නොමැති අවස්ථාවලදී බෝරෝන් ඌනතා ලක්ෂණ පෙන්වයි. එමනිසා වර්ෂාව නොමැති කාල වලදී දින 3 - 4 කට වරක් වත් ජල සම්පාදනය කළ යුතුය.

සැපයිය යුතු පෝෂක ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම්වලින්

N

P2O5

K2O

සිටුවීමට පෙර (මතුපිට පොහොර)

75

125

75

සිටුවා සති 2 න් (මූලික පොහොර)

75

-

75



යූරියා

T.S.P.

M.O.P.

සිටුවීමට පෙර (මතුපිට පොහොර)

165

270

125

සිටුවා සති 2 න් (මූලික පොහොර)

165

-

125



වල් මර්ධනය
පැළ සිටුවා සති 2 කට පසුව වල් නෙලීම කළ හැක. නැවත සති 3 - 5 ක් පමණ වූ පසුද වල් නෙලිය යුතු අතර අතින් වල් නෙලීම කළ හැක. බීට් වගාව සඳහා නිර්දේශිත වල්නාශක නොමැත.

අස්වනු නෙලීම

පැළ සිටුවා දින 75-90 කදී අස්වැන්න නෙලා ගත හැකිය.
අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 12-15 කි.

අස්වැන්න සැකසීම
පළමුව නිරෝගී බීට් අල තෝරාගන්න. ගැලවීමෙන් පසුව පස් ඉවත් කරන්න. අවශ්‍යතාවය මත මේරූ පත්‍ර පමණක්

ඉවත්කර හෝ ශ්‍රේණි කිරීමෙන් පසු වෙළඳපොලට ඉදිරිපත් කෙරේ.

හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ ලණු ගෝනි හෝ ප්ලාස්ටික් කූඩ වැනි ඇසුරුම්වල දමා වෙළඳපොලට ඉදිරිපත්කළ යුතුය.