ග්‍රීන් පීස්/Green Peas

හැඳින්වීම

කුලය - රනිල (ෆැබේසියේ)
උද්භිද විද්‍යාත්මක නම - Pisum sativum L.
ප්‍රභේද - ෆිල් බාස්කට්, ජම්බෝ, ආකල්

රනිල කුලයට අයත් භෝග අතරින් ප්‍රෝටීන බහුල භෝගයකි. ශ්‍රී ලංකාවේ ග්‍රීන් පී ලෙස ප්‍රචලිත වුවද අනිකුත් රටවල ගාඩ්න් පී ලෙස හඳුන්වයි. යුරෝපීය සම්භවයක් ඇති මෙම භෝගය පසුකාලීනව උතුරු ඇමෙරිකානු මහාද්වීප කලාපයට සහ ආසියාතික කලාපවලට ව්‍යාප්ත වී ඇත.

ආසියාතික කලාපය තුළ ග‍්‍රීන් පී වගාවක් ලෙස ආරම්භ වී ඇත්තේ ක‍්‍රි.පූ. 4000 දීය.
මෑතක සිට ග‍්‍රීන් පී භෝගය වගාවක් ලෙස ගොවීන් අතර ව්‍යාප්ත වීම බහුලව දැකිය හැක. ග‍්‍රීන් පී වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් 25 ට වැඩි ප‍්‍රමාණයක් මෙරටට ආනයනය කරන අතර, ගී‍්‍රන් පී වගාව ගොවීන් අතර ප‍්‍රචලිත කිරීම මඟින් විදේශ විනිමය ඉතිරි කර ගත හැකිය.
එමෙන්ම ග‍්‍රීන් පී, රනිල කුලයට අයත් භෝගයක් බැවින් නයිට‍්‍රජන් තිර කිරීම මඟින් පාංශු සාරවත් භාවය ඉහළ නැංවීමේ හැකියාවක් ඇත.

පාංශු ඛාදනයට ලක්වූ සහ ආන්තික ඉඩම් නගා සිටුවීමට සුදුසු භෝගයකි.

කරල්

වගා කරන ප‍්‍රභේද
වර්ධන රටාව අනුව ගී‍්‍රන් පී පරිමිත සහ අපරිමිත ලෙස ප‍්‍රධාන වර්ග දෙකක් පවතී. නිර්දේශිත ෆීල් බාස්කට් ප‍්‍රභේදය අපරිමිත වර්ධන රටාවක් පෙන්වයි. මෙම ප‍්‍රභේදයට අමතරව නව ප‍්‍රභේද වෙළඳපොලේ සුලභව පවතී.

ෆීල් බාස්කට් ප්‍රභේදය

දේශගුණික හා පාංශු අවශ්‍යතාව
උඩරට තෙත් කලාපය, අතරමැදි කලාපය හා මැදරට තෙත් කලාපය වගාව සඳහා සුදුසු ප‍්‍රදේශ වේ. බදුල්ල, නුවරඑළිය, මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවල ග‍්‍රීන් පී වගාකළ හැක. මල් පිපෙන කාලවලදී වායුගෝලීය උෂ්ණත්වය සෙ.අංශක 30 ට වඩා වැඩි නොවිය යුතුය.
හොඳින් ජල වහනයක් සහිත පාංශු පී.එච්. අගය 6-7ක් වන වැලිලෝම පස වගාව සඳහා සුදුසුය. රනිල භෝගයක් බැවින් නිසරු පසක වුවද හොඳින් වර්ධනය වීමේ හැකියාව ඇත.

වගා කටයුතු

සිටුවිය යුතු කාලය
අනෙකුත් ප‍්‍රදේශවල යල සහ මහ කන්න දෙකේදීම කන්න භෝගයක් ලෙස වගාකළ හැක. නුවරඑළිය ප‍්‍රදේශයේ ග‍්‍රීන් පීස් වගාව සඳහා නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල් කාලය සුදුසු වේ. ප‍්‍රමාද වී ක්ෂේත්‍රයේ සිටුවීමෙන් බීජ අස්වැන්න බලාපොරොත්තු වූ පරිදි ලබා ගැනීමට නොහැකි වේ.

වගා බිමක්

බිම් සැකසීම
මනා ජල වහනයක් සහිත බිමක් තෝරා ගැනීම සුදුසුය. ඉඩම සෙ.මී. 25-30 ක් ගැඹුරට පස පෙරලා කැට පොඩිකර සියුම් පසක් සකසා ගන්න. පසුව සෙ.මී. 15 ක් පමණ උසැති මී. 1-1.5 ක් පමණ පළල, සුදුසු දිගකින් යුතු උස් පාත්ති සාදා බීජ සිටුවීම කළ හැක.

බීජ සිටුවීමේ පරතරය
පරිමිත ප‍්‍රභේදය
- සෙ.මී. 40 × සෙ.මී. 10
අපරිමිත ප‍්‍රභේදය - සෙ.මී. 45 × සෙ.මී. 30

ඉහත පරතරයට එක් ස්ථානයක බීජ දෙක බැගින් සිටුවීම කළ හැකිය
.

බීජ පැල

රසායනික පොහොර නිර්දේශය

පොහොර යෙදිය යුතු අවස්ථා

හෙක්ටයාර එකකට කිලෝ ග‍්‍රෑම්

යූරියා

ටි‍්‍රපල්

සුපර්

පොස්පේට්

මියුරේට්

ඔෆ්

පොටෑෂ්

මූලික පොහොර

(සිටුවීමට පෙර)

110

275

75

දෙවන යෙදීම

(සිටුවා සති 2 – 3 පසු)

110

--

75

ජල සම්පාදනය
වගාවේ මුල් කාලයේදී හොඳ ජල සැපයුමක් ලබාදෙන්නේ නම් ශාක වර්ධනය ප‍්‍රශස්ථව සිදුවේ. කරල් හට ගන්නා කාලවලදී ප‍්‍රමාණවත් ජල සැපයුම අවශ්‍ය වේ.

වල් මර්ධනය
වර්ධනයේ මුල් අවධියේදී බීජ පැළ කුඩා බැවින් වල් පැළ පාලනය කිරීම විශේෂයෙන්ම කළ යුතුය. එමෙන්ම මතුපිට පොහොර යෙදීමට ප‍්‍රථමයෙන් හොඳින් වල් මර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වේ. භෝගයේ පෝෂක භාවිතය කාර්යක්‍ෂමව කිරීම සඳහා වල් මර්ධනය අත්‍යාවශ්‍ය වේ.

පළිබෝධ

පලිබෝධ හානි
කරල් විදින පණුවා, පත‍්‍ර කණින්නා, ග‍්‍රීන් පී වගාවට හානිකරන ප‍්‍රධාන කෘමීන්ය. කරල් විදින පණුවාගේ හානිය වළක්වා ගැනීමට මල් පිපීම ආරම්භ වීමත් සමඟ නිර්දේශිත කෘමිනාශකයක් යෙදිය යුතුය. පත‍්‍ර කණින්නාගේ හානියට නිර්දේශිත කෘමිනාශකයක් (ඇබමැක්ටීන්) මුල් කාලයේදී යෙදිය යුතුය.

කරල් විදින පනු හානිය

අස්වනු නෙලීම

ගී‍්‍රන් පී වල කරල් අස්වැන්න ලෙස ලබා ගනී. පරිභෝජනයට ගන්නා ආකාරය අනුව අස්වනු නෙලන අවස්ථාව තීරණය කළ යුතුය. මේ අනුව ග‍්‍රීන් පී මේරූ සහ නොමේරූ කරල් යන ප‍්‍රධාන අවධි දෙකෙහිම අස්වනු නෙලීම කෙරේ. ව්‍යංජනයක් ලෙස පරිභෝජනයට ගන්නේ නම් නොමේරූ කරල් උපරිම දිගට වර්ධනය වූ පසු නෙලා ගත යුතුය. බොහෝ විට ග‍්‍රීන් පී මේරූ බීජ පරිභෝජනයට ගන්නා බැවින් කරල් හොඳින් මේරූ අවස්ථාව තෙක් තැබිය යුතුය.

මෙහිදී කරල පිරීම සම්පූර්ණවී කරලේ පිට ආවරණය දුඹුරු වර්ණයෙන් යුතුවී රැළි ස්වභාවයක් ගත් පසු අස්වනු නෙලීම කළ යුතුය. මේ අවස්ථාවේ බීජ තද කොළ පැහැති තද ස්වභාවයෙන් යුක්තය. සියළුම කරල් එකවර මේරීමක් සිදු නොවන නිසා පරිණත කරල් තෝරා නෙලිය යුතුය. අපරිමිත ග‍්‍රීන් පී වර්ගවල මෙලෙස කිහිප වාරයක් අස්වනු නෙලීම කළ හැක.

අස්වැන්න
පරිමිත ප‍්‍රභේද - 2.5 ටොන්/හෙක්
අපරිමිත ප‍්‍රභේද - 4 ටොන්/හෙක්

පසු අස්වනු සැකසීම
අස්වනු නෙලීමෙන් පසුව වෙන් කර ගන්නා බීජ හිරුඑළියේ වියළා ගත යුතුය.
හොඳින් වියළුණු බීජ වාතාශ‍්‍රය සහිත පිරිසිදු ඇසුරුම්වල ඇසිරීම වැදගත්ය.
අක්කරයක ග‍්‍රීන් පී වගාව සඳහා යන නිෂ්පාදන වියදම පහත වගුවේ දැක්වේ.