රුබාබ්

හැඳින්වීම

කුලය - පොලිගෝනිඒසියේ (polygonaceae)
උද්භිද විද්‍යාත්මක නම - Rehum rhabarbarum

රුබාබ් සම්භවය වී ඇතැයි සැළකෙන්නේ චීනයේ බටහිර සහ වයඹ කඳුකර ප්‍රදේශවලය. යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ රුබාබ් වගාව ඉතා ප්‍රචලිතය. මුල් කාලයේ මෙය වගාකොට ඇත්තේ මෙහි ඇති ඖෂධීය ගුණය හේතුවෙන් වුවත්, දැනට මෙය ප්‍රධාන වශයෙන් වගා කරන්නේ ආහාර පිණිසය.

රූබාබ් ශාකයක්

රුබාබ්, විටමින් ක් සහ තන්තුවලින් පොහොසත්‍ය. මෙම භෝග විශේෂය බහු වාර්ෂික ශාකවලට අයත්වන අතර මාංශලමය පත්‍ර නටු සහ විශාල පත්‍ර සහිත වේ.
ශ්‍රී ලංකාවේ මෙම භෝගය වාණිජ මට්ටමින් වගා කිරීම සිදු කෙරෙන්නේ නැත. උඩරට තෙත් කලාපයේ සීතල දේශගුණය සහිත ප්‍රදේශවල මෙය ගෙවතු වගාවක් වශයෙන් සිදුකරන අතර, බෑවුම් සහිත වගා ඉඩම්වල හෙල්මළු සහ පස් වැටිවල සිටුවා ඇත. උඩරට තෙත් කලාපයේ ගොවීන්ට අමතර ආදායමක් මින් ලබාගත හැකිය.

රුබාබ් බොහෝවිට සුපිරි වෙළඳ සංකීර්ණවල විකිණීම සඳහාත්, සංචාරක කර්මාන්තයේ නියැලෙන හෝටල් සඳහාත් අලෙවි කරයි. රුබාබ් බහු වාර්ෂික ශාක ගණයට අයත් වේ. ආහාර සඳහා සුදුසු වන්නේ පත්‍ර වෘන්තයයි.
මෙම ශාකය මාංශලමය යුෂ සහිත පත්‍ර වෘන්ත සහිතයි. රුබාබ් පත්‍ර හට ගන්නේ පස් මට්ටමට පහලිනි. මෙම පත්‍රවල විශ්කම්භය සෙ.මී. 30 ක් ඉක්මවා වර්ධනය වේ. එමෙන්ම ශාකය මීටරයක් පමණ උසට වර්ධනය විය හැකිය.

රුබාබ් පත්‍ර වෘන්තය රතු පැහැයේ සිට කොළ පැහැය තෙක් වර්ණ ගනී. පත්‍ර නටුව අඟල් 18 ක් තරම් උසට වර්ධනය වන අතර සෙ.මී. 1-2 ප්‍රමාණයේ විෂ්කම්භයකින් යුක්තයි. හරස්කඩ අර්ධ ගෝලාකාර (Hemispherical) හැඩයෙන් යුක්ත වේ. කොළ පැහැති පත්‍ර තලයේ ඔක්සලික් අම්ල සාන්ද්‍රණය ඉතා ඉහළ වන බැවින් පත්‍ර ආහාරයට නොගත යුතුයි.

දේශගුණික අවශ්‍යතා
රුබාබ් වගා කිරීම සඳහා සිසිල් දේශගුණ තත්ත්වයක් අවශහ්යි. මේ නිසාම රුබාබ් වගාව නුවරැළිය ප්‍රදේශයට පමණක් සීමාවී ඇත.

උණුසුම් කාලගුණය සහිත කාල වකවානුවලදී රුබාබ් ශාකය වර්ධනය නොවී සුප්ත අවධියක පවතී. නැවත උෂ්ණත්වය පහල වැටුණුවිට පත්‍ර වර්ධනය වීමට පටන්ගනී. අඛණ්ඩව මෙම ශාකය වර්ධනය වීමට සෙ.අංශක 18-20 ට වඩා අඩු පරිසර උෂ්ණත්වයක් පැවතීම අවශහ් වේ. වරක් සිටවූ විට මෙම ශාකය අවුරුදු 8-15 ක් අතර කාලයක් නිෂ්පාදන තත්ත්වයේ පවතී.

ඖෂධීය ගුණ

රුබාබ් ආහාර ජස්ර්ණය පහසු කරයි. අග්න්‍යාශයික යුෂ (Gastric juice) ගැලීම වැඩි කිරීම මඟින් ජස්ර්ණය පහසු කරන අතර අන්ත්‍රයේදී මේද අවශෝෂණය යාමනය කරයි.
මළ බද්ධය, ආමාශය සහ අතුනුබහන්වල රුධිර වහනය යනාදී රෝග සඳහා විරේක ලෙස සහ වේදනා නාශක ලෙස භාවිතා කරයි. එමෙන්ම පිළිස්සුම් සඳහා ද බාහිරව ආලේප කිරීමට යොදාගනී.

රුබාබ් වල රසායනික සංයුතිය


සංඝටකය

ප්‍රතිශතය (%)

ජලය

91.2-96.1

මුළු ඝන ද්‍රව්‍ය

4.0-8.48

ද්‍රාව්‍ය හා ද්‍රව්‍ය

2.1-3.0

සීනි

0.3-2.3

නයිට්‍රජන්

0.127-0.211

ප්‍රෝටීන්

0.6

මේද

0.7

කැල්සියම් පෙක්ටේට්

0.11-0.77

ටැනින්

0.058-0.110

දල තන්තු

1.1-1.2

කැරොටීන්

1.2mg/100g

ඛණිජ ලවණ

0.62-0.123

වගා කටයුතු

පාංශු සාධක

මෙම භෝගය විවිධ පාංශු තත්ත්ව යටතේ වගාකළ හැකිය. නමුත් ජලවහනය දියුණු කාබනික ද්‍රව්යෙඅ බහුල සරු පසක ඉතා හොඳින් වර්ධනය වේ. සමහරවිට ශාකයේ මුල් සෙ.මී. 40 ක් පමණ ගැඹුරට වර්ධනය වේ. රුබාබ් තරමක ආම්ලික (පාංශු පී.එච්. අගය 5.0) පාංශු තත්ත්වයන්ට ඔරොත්තු දුන්නද, පී.එච්. අගය 6 - 6.8 පරාසයේදී උපරිම අස්වැන්නක් ලබාගත හැක.

රුබාබ් පඳුර

වල් මර්ධනය සඳහා වල් නාශක භාවිතය නිර්දේශකොට නැති බැවින්, ඒ සඳහා වෙනත් ක්‍රම අනුගමනය කිරීමට සිදුවේ.

භෝග සංස්ථාපනය කල යුතු පරතරය
රුබාබ්, පඳුරක් ලෙස වර්ධනය වන භෝගයකි. එක් පඳුරක් මීටර් 1 ක් පමණ විෂ්කම්භය සහිතව වර්ධනය විය හැකිය.

මේ නිසා පැළ අතර පරතරය මීටර් 1ග25 ක් පමණ වනසේ තැබීම උචිතය. නමුත් වාණිජ නොවන වගාවන් හා ගෙවතුවල වගා කරන පැළ අතර පරතරය මීටර් එකක් දක්වා අඩුකර ගත හැකිය. පැළ සිටුවීම සඳහා වළවල් විශාල ලෙස (30cm x 30cm x 30cm) කැපිය යුතු අතර දිරාගිය කොම්පෝස්ට් හෝ ගොම මතුපිට පස් සමඟ මිශ්‍රකොට පුරවා මුල් වටා පස් තද කිරීම කළ යුතුය.

පැළ සිටුවා හොඳින් වතුර දැමිය යුතුය. උස් වූ පාත්තිවල රුබාබ් වගාව ස්ථාපනය කිරීමෙන් පැළ කුණුවීම වළක්වා ගත හැකිය.

වගාව නඩත්තු කිරීම
ශාකයේ මනා වර්ධනය සඳහා මුල් වර්ෂය තුළදී අස්වැන්න නෙලීම නොකළ යුතුය. ශාකය හොඳින් වර්ධනය වී ඇත්නම් පමණක් පැළ සිටුවා මුල් වර්ෂය තුලදී පත්‍ර කිහිපයක් අස්වැන්න ලෙස ලබාගත හැකිය.

පැළ සිටුවා දෙවන වසරේ සිට ශාකයේ පත්‍ර සියල්ලම එකවර හෝ සති 4-6 ක් තුළ අස්වනු නෙලාගත හැකිය. අස්වනු නෙලීමේදී පස් මට්ටමෙන් පත්‍ර කපා ගැනීම හෝ පත්‍ර ඇදීමෙන් පඳුරෙන් ඉවත් කළ හැක.

රුබාබ් ශාකයේ මල් හටගැනීම නිෂ්පාදන හැකියාව පවත්වා ගැනීමට බාධාවකි. මේ නිසා මල් හටගත් විගසම ඒවා ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

පොහොර යෙදීම

කාබනික පොහොර

පාංශු තෙතමනය රඳවා ගැනීමටත්, පාංශු වයනය පවත්වා ගැනීමටත් පෝෂක අවශෝෂණය නිසියාකාරව තබා ගැනීමටත් පසට කාබනික පොහොර එකතු කිරීම ඉතා වැදගත් වේ. වාණිජ වගාවකට කාබනික පොහොර හෙක්ටයාරයකට මෙ.ටො. 25-30 ක් පමණ යෙදීම යුරෝපීය රටවල නිර්දේශ කර ඇත.
ගෙවතු වගාවකදී එක් පැළයකට කාබනික පොහොර කි.ග්‍රෑ 3-4 ක් පමණ යෙදිය හැකිය. වගාව නඩත්තු කිරීමේදී වෂ_යකට වරක්

කාබනික පොහොර යෙදීම

කාබනික පොහොර යෙදීම උචිතය. මෙහිදී පැළවල මුදුන :ක්‍රදාබ* වැසෙන සේ පොහොර එකතු කිරීමෙන් වැළකිය යුතුය. මන්ද ඉන් පැළ මුදුන් කුණුවීමට අවස්ථාව ඇති බැවිනි.

රසායනික පොහොර

මෙරට රුබාබ් වගාව වාණිජ මට්ටමෙන් නොකිරීමත්, ඉතා සීමිත ප්‍රදේශයකට සීමා වී ඇති නිසාත් වගාව සඳහා පොහොර නිර්දේශ ලබාදී නොමැත.

රසායනික පොහොර යෙදීම

එමෙන්ම ගොවීන් විසින් රසායනික පොහොර, වගාව සඳහා යෙදීම ඉතාම විරලය. නුවරැළිය ප්‍රදේශයේ අර්තාපල් සහ වෙනත් එළවළු වගා කිරීමේදී නිරන්තරයෙන් කාබනික පොහොර පසට එකතු වීමත්, රසායනික පොහොර එම වගාවන් සඳහා භාවිතා කිරීමත් නිසා රුබාබ් පැළ වර්ධනය වීමට අවශහ් පෝෂක එයින් සැපයෙයි.
නමුත් යුරෝපීය රටවල වාණිජ වගාවන් සඳහා පොහොර යෙදීම වසන්ත ස්රුතුවේදී අවුරුද්දකට වතාවක් සිදුකරන අතර N:P:K: 10:10:10 අනුපාතයෙන් ඇති පොහොර මිශ්‍රණයක් හෙක්ටයාරයකට කි.ඟ්‍රෑ 1700 ක් වනසේ භාවිතා කරයි.

ප්‍රචාරණය

රුබාබ් ප්‍රචාරණය

රුබාබ් වර්ධක ප්‍රචාරණයෙන් බෝකර ගන්නා භෝගයකි. අවු 4-5 ක් පමණ වයස රුබාබ් ශාක වලින් සිටුවීම සඳහා කොටස් වෙන්කර ගත හැකිය. පැළ ප්‍රවේශමෙන් ගලවා මූල පද්ධතිය කොටස්
4-8 ට (සෑම කොටසකටම සුප්ත අවධියේ පවතින හෝ වර්ධනය වෙමින් පවතින අංකුර 1 ක් අයත් වන පරිදි) වෙන්කර ගැනීම කළ යුතුය. මෙසේ පැළ ලබා ගැනීම කළ යුත්තේ ඉතා හොඳ වර්ධනයක් පෙන්නුම් කරන හා රෝගවලින් තොර මව් පැළ වලිනි.
රුබාබ් පැළ පරිණත වීමේදී පුෂ්ප ඇති කරයි. පැළවල මධ්‍යස්ථයෙන් පුෂ්ප වෘන්ත හටගනී. මල් හටගැනීමේ ප්‍රවණතාවය රුබාබ් ප්‍රභේද අනුව වෙනස් වේ. පුෂ්ප හටගැනීම පැළවල දිරිය අඩු වීමට බලපායි.

පුෂ්පය

බීජ මඟින් ප්‍රචාරණය

වර්ධක වර්ධනය සඳහා අවශහ්වන ශක්තිය පුෂ්ප හටගැනීම සඳහා වැයවීම පැළයේ දිරිය අඩුවීම කෙරෙහි ස්රුජුවම බලපායි. මේ නිසා පුෂ්ප වෘන්ත කපා ඉවත් කිරීම රුබාබ් වගාවකදී අනිවාර්යයෙන් කළ යුත්තකි. රුබාබ් බීජ මඟින් ද ප්‍රචාරණය කළ හැක.
වර්ධක ප්‍රචාරණය මඟින් බෝකරන ලද පැළවල අස්වැන්න ගැනීම ආරම්භ කිරීම දෙවන වසරේ සිට කළ හැකි වුවද බීජ මඟින් ලබාගන්නා පැළවලින් අස්වනු ලබා ගැනීම ආරම්භ කිරීමට වසර 2 ක් පමණ ගතවේ. එමෙන්ම බීජ ප්‍රරෝහණයෙන් ලබා ගන්නා පැළ මව් ශාකයේ ලක්ෂණවලට සමාන නොවේ. මේ නිසා බීජ මඟින් ප්‍රචාරණය කිරීම නිර්දේශ නොකරයි.

අස්වනු නෙලීම

තද රෝස/රතු පැහැති ලෙහෙසියෙන් කැඩෙන සුළු අවධියේ (crispy) වෘන්ත තෝරාගත යුතුය. නොමේරූ සහ කුඩා විෂ්කම්භයක් ඇති පත්‍ර වෘන්ත රසවත් බවින් වැඩිය. පත්‍ර පොළොව මට්ටමින් කපා ගැනීමට වඩා පත්‍ර වෘන්තයෙන් ඇද ගලවා ගැනීම පැළයට වඩාත් හිතකරය. දැඩි ශීතලෙන් හානි (Cold injury) පත්‍ර වෘන්තවලද ඔක්සලික් අම්ල සාන්ද්‍රණය වැඩිවීම නිසා මෙවැනි පත්‍ර අස්වනු වශයෙන් නොගත යුතුය.

නිසි අවස්ථාවේ අස්වනු නෙලා ගැනීමෙන් ගුණාත්මය රැකගත හැකිවේ. අස්වනු නෙලීමේදී සම්පූර්ණයෙන් වර්ධනය වුනු පත්‍ර වලින් 2/3 ට වඩා අස්වනු නෙලා ගැනීම අහිතකරය. පත්‍ර නෙලා ගැනීමෙන් පසු පත්‍ර තලය ඉවත්කොට කි.ඟ්‍රෑ 1 - 1 1/2 ක ප්‍රමාණයේ මිටි ලෙස සකස් කර ගනී.

ශීතකරණයක තැබීම

මුද්‍රා තැබූ පොලිතීන් බෑග්වල බහා පත්‍ර ඉවත්කල පත්‍ර වෘන්තයන් සති 2-3 ක කාලයක් ගබඩාකොට තබාගත හැකිය.

ටින් කිරීම

ඉතා හොඳ තත්ත්වයේ පත්‍ර වෘන්ත (පහසුවෙන් කැඩෙන සුළු තද රෝස/රතු පැහැති) තෝරා පත්‍ර තලය ඉවත් කොට සෝදා අඟල් 1/2-1 ප්‍රමාණයේ කැබලි වන සේ කපා ජලය ලීටර 01 ක පරිමාවකට සීනි ග්‍රෑම් 250 ක් කලවම්කොට යුෂ සෑදෙන තෙක් තබන්න. ඉන්පසු මද ගින්නේ උතුරවාගෙන භාජන පුරවා ගත හැක. භාජනවල අඟල් 1/2 ක් ඉතිරි වන සේ පිරවීම කළ යුතුය

ටින් කිරීමට සුදුසු රුබාබ් කැබලි

ශීත කිරීම (Freezing)

ඉහත පරිදි තෝරාගත් පත්‍ර වෘන්ත අසුරනයේ ප්‍රමාණයට කපා නටන වතුරේ විනාඩියක් තබා ඉතා ඉක්මනින් අයිස් වතුරේ ගිල්වා ගැනීමෙන් රසය සහ පැහැය පවත්වා ගත හැකිය.