බිම්මල්


හැදින්විම

ශාක වර්ගිකරනයට අනුව බිම්මල් අයත් වන්නේ දිලිර හෙවත් මයිසිටේ රාජධානියටය. සමහර දිලීර තම වර්ග වර්ධනය කර ගැනිම සදහා ලිංගික ප්‍රජනනය ක්‍රියාවලිය අනුගමනය කරන අතර එවන් දිලීර ලෙසද නොමැති දිලිර ලෙසද හදුන්වයි. ලිංගික ප්‍රජනනය ක්‍රියකරිත්වය සැදෙන බීජානු සුදුසු පරිසරික සාධක හමුවේ ප්‍රරෝහණය වී එක් න්‍යශෂ්ටියක් සහිත සෛල ඇති ද්විතික දිලීර ජාල සැදේ .එම දිලීර ජාල මත වර්ග බෝකර ගැනිම හෙවත් වර්ධන කර ගැනිම සදහා ලිංගික ක්‍රියවලිය අනුගමනය කරයි .මෙහිදි ඒ සදහා විශේෂිත වු ව්‍යුහයක් සාදා ගනු ලැබේ.මෙම ව්‍යුහය එලා කරය හෙවත් බිජානුකරනය ලෙස හදුන්වන අතර සාමාන්‍ය ව්‍යාහරයේදි හතු හෙවත් බිම්මල් පියවි ඇසින් දැකිය හැකිය. එය අතින් නෙලා ගත හැකිය.

වර්ධනය වු බිම්මලක ප්‍රධාන කොටස් 5 කින් යුත්තය.

  • වට රුල්ල
  • හතු දණ්ඩ
  • වලය
  • ජත්‍රය
  • තැලි



පෝෂක අවශ්‍යතා සපුරා ගැනිම

දිලිර සුත්‍රිකවල හරිතප්‍රද දක්නට නෙලැබිම විශේෂ ලක්ෂණයකි.එමෙන්ම බිම්මල් දිලීර සුත්‍රක වලද හරිතප්‍රද නොමැති නිසා පෝෂණය සදහා වෙනත් කෙනෙකු මත යැපෙන මෙය පරපෝෂි හෝ මෘතෝපජීවි. බිම්මල් වැඩි ප්‍රමානයක් මැරෙන හෝ දිරා යන කාබනික උපස්තර මත වැඩෙමින් තම පෝෂක අවස්ථා සමිපුර්ණ කර ගනු ලැබේ. පෝෂ ක්‍රමය ලෙස හදුන්වයි . බිමිමල් වැඩි ප්‍රමානයක් මැරුන හෝ දිරා පත් වි යන කබනින උපස්තර මත වැඩෙමින් තම පෝෂණ අවශ්‍යතා සම්පුර්ණ කර ගනු ලැබේ. පෝෂණය ක්‍රමය ලෙස හදුන්වයි . බ්ම්මල් වැඩි ප්‍රමානයක් පෝෂන ක්‍රමයක් අනුගමනය කරන අතර 0.1% පමන ප්‍රමානයක් පෝෂි එනම් ජිවි උපස්තර මත යැපෙන අයද ඇත .
දිලිර සුත්‍රිකා වල පිහිටා ඇති මුලභ යනු යෙන් හදුන් වන පියවි ඇසට නොපොනේන සුත්‍රිකා මගින් දිලිරයේ වර්දනයට අවස්ථා පෝෂණීයබනික උපස්තරයෙන් උරා ගනු ලැබේ. බිම්මල් වගාව සදහා බිජ නිෂ්පාදනය සිදුකරන්නේ පටක රෝපණ ක්‍රමයටය.මෙහිදී බිම්මල් ගනු ලබන පටකයන් පෝෂක මාධ්‍යයන් වර්දධනය කර තිබිමෙන් ඉහත ජිවි වර්ගයට අනුව දිලිර අවස්ථා වර්ධනය කරනු ලැබේ. මෙම ද්විතික දිලීර සුත්‍රිකා අවස්ථාව වර්ධනය කරනු ලැබේ. මෙම ද්විතික දිලිර සුත්‍රිකා වි තුඩු මාධ්‍ය වර්ධනය කර ගැනිමෙන් බිම්මල් වගාව සදහා අවශ්‍ය බීජ සකස් කරනු ලැබේ.බිම්මල් වගාවේදී ජිවන චක්‍රයට අනුව ගත කරන අවස්ථාව වන්නේ ද්විතික දිලිර සුත්‍රිකා අවස්ථාව සඳහා ලබන ඵලකර / බීජානුකර අවස්ථාවයි.

ස්ව්‍යං රුකියවක් ලෙස බිම්මල් වගාව යෝදා ගැනිමට ඇති හැකියව

බිම්මල් වගාව මැතකදි ගොවී මහතුන් අතර ඉතා මත් ජනප්‍රිය වු වගාවකි. මෙයට හේතුව ලෙස ..

  • වගා ක්‍රමය ඉතාමත් සරලවිම
  • අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි ආදායමක් ලබා ගත හැකි විම
  • නිවැරදි තාක්ෂණික උපදේස් නොමිලේ ඉතාමත් පහසුෙවන් ලබා ගත හැකිය.
  • අමුද්‍රව්‍ය සහ අවශ්‍ය උපකරණ ඉතාමත් පහසුවේන් අඩු මුදලකින් ලබා ගත හැකිය.
  • අවුරුද්ද පුරාවටම වගා කර හැකි විම සහ වර්ෂාවෙන් හානි සිදු නොවීම.
  • වගාව ආරමිභ කර මාස 1 1/2 කින් අස්වැන්න මෙන්ම ආදායම ලබා ගත හැකි විම
  • කාලය නිවැරදි අකාරයට කලමනා කරනය කිරිමේන් පළමු වගාවට ඉවත් කර දින 15 කින් දෙවන වගාවේ අස්වැන්න මේන්ම ආදයමද ලබා ගත හැකි වීම
  • නිවැරදි තාක්ෂණය භාවිතා කරයි නම් අමුද්‍රව්‍ය වලට අමතරව වෙනත් කිසිදු පලිබෝධනාශකයක් වැය නොවේ.
  • තම අත තිබෙන මුදලට අනුව වගාව සුලු පරිමානයට හෝ මහා පරිමානයට හෝ සිදුකල හැක
  • වෙළඳපොළ සදහා ගැටළු නොමැති වීම.
  • අතුරු නිෂ්පාදන පිළියෙල කර ගැනිමට හැකියාවක් සහ ඒ සඳහා වෙළඳපොල පහසු වීම.
  • වගා අවශේෂ කාබනික පොහොරක් ලෙස භාවිතා කල හැකි වීම.

වගා තාක්ෂණය හදුනාගත් වර්තමනයේ ලංකාවේ වගාකර බිම්මල් වර්ග

ඔයිස්ටන් බිම්මල



සාමන්‍ය නම - ඇමරිකන් ඔයිස්ටන්(American Oyster)
උද්භිද විද්‍යාත්මක නමය - ප්ලුරෝටස් ඔස්ට්‍රියේටස් Pleurotus ostreatus


සාමාන්‍ය නම-ඇබලෝනි
උද්භිද විද්‍යාත්මක නාමය-ප්ලුරෝටස් සිස්ටිඩියෝසස්Pleurotus cystidiocus



සාමාන්‍ය නම- බුතාන් ඔයිස්ටර්
උද්භිද විද්‍යාත්මක නාමය-volvariella volvacea


සාමන්‍ය නාමය-පිදුරු බිම්මල්
උද්භිද විද්‍යාත්මක නාමය - කැලෝසයිබේ ඉන්ඩිකා(
calocybe indic)



සාමාන්‍ය නම- බොත්තම් බිම්මල් (Button Mushroom)
උද්භිද විද්‍යාත්මක නාමය-ඇගරිකස් බිස්පෝර්ස් (Agricus bisporus)

පර්යේෂණ මගින් වගා තාක්ෂණය හදුනා ගත් ව්‍යාප්ත නොවු බිම්මල් වර්ග

සාමාන්‍ය නාම - කින් ඔයිස්ටන්
උද්භිද විද්‍යාත්මක නාමය- ප්ලුරෝටස් ඉරිංඡි Pleurotus eryngii



සාමන්‍ය නාමය- ගැන්ඩෝමා
උද්භිත විද්‍යාත්මක නාමය- ගැන‍ඩෝමා ලුසිඩියම් (Ganoderma lucidum)



ඔයිස්ටර් බිම්මල් වගාව

ඔයිස්ටල් බිම්මල් බෙලි කටුවක හෙවත් අවානක හැඩය ගන්නා නිසා මුතු බේලි බිම්මල් ලෙස හදුන්වයි. ඔයිස්ටල් බිම්මල් වගාව විශේෂය අනුව සුදු ,ක්රීවම් අළු, කහ, ලා රෝස ,ලා දුඹුරු පැහැයෙන් යුක්තය වර්තමානයේ ශ්‍රී ලංකාවේ බහුලව වගා කර ඔයිස්ටල් බිම්මල් වර්ග දෙක වනුයේ සුදු පැහැනි ඇමරිකන් සහ ලා දුඹුරු පැහැති ඇමරිකන් ඔයිස්ටල් බිම්මල් වගාව සහ ලා දුඹුරු පැහැති ඇබලෝනි බිම්මල්ය.



ඔයිස්ටර් බිමිමල් වගාවට අවශ්‍යතාවයන්

ආදායම් මර්ගයන් ලෙස ඔයිස්ටර් බිම්මල් වගා කරන්නේ නම් පහත සදහන් අවශ්‍යතාවයන් මුලිකව සපුරා ගත යුතුය.

01. සිදු කරන ලබන කාර්යයට අනුරුප වනපරිදි අවශ්‍යතා සම්පුර්ණ කරගත් ගොඩනැගිලි පහත අකාරයට වු කොටස් වලින් යුත්ත විය යුතුය .

  1. වගා මධ්‍යය සහ වගා මලු සකස් කර ගැනිමට ස්ථානයක් .
  2. දිලිරය වර්ධනය කර ගැනිමට ස්ථානයක් හෙවත් බීජෞෂෙණ කුටිය.

මෙම කොටස් එකට හෝ තනි තනිවද සකසා ගතහොත් බිම්මල් වගාවේදි හමුවන ගැටලු අවම කරයි



වගා මාධ්‍යය සහ වගාමළු සකස් කර ගැනීම සඳහා ස්ථානයක්

වගා මාධ්‍ය සකස් කර ගැනිමට යොදා ගන්නා ස්ථානයේ වඩාත් සැලකිලිමත් විය යුත්තේ බිමට සිමෙන්ති යොදා ගැනිමය. වහලයක් සහිත විවෘත ප්‍රදේශයක් විම වඩත් උචිතය. මෙහිදි වගා මාධ්‍ය සහා වගාමළු සකස් කර ස්ථානයටම යාබදව බීජෞෂණය කාමරය ද මල් ලබා ගන්නා වගාවෙන් වෙන්ව තබා ගැන්මට ගැටලු අවම කර ගැනිමට සදහා උපකාරි වේ.





02. බීඡෞෂන කාමරය

මෙම කාමර භාවිතා වන්නේ බීජෞෂණය සඳහාය. එනම් දිලීරය වගා මළු තුල වර්ධනය කර ගැනිමට

බීජෞෂණය සඳහා අවශ්‍ය සාධක වන්නේ.

  • අඳුර 75 %
  • ආර්ද්‍රතාව 85%
  • උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 26-28
  • වාතාශ්‍රය අනවශ්‍යය

මෙම සාධක ලැබෙන පරිදි එම කාමරය සීල් කර යුතු අතර කාමරයේ බිත්ති සුමටය සකස් කර ගැනිමෙන් මයිටා අසාදන ඇති වු විට මර්දන කර ගැනිමට පහසුවේ. වගා මලු තබා ගැනිමට සදහා පහත ආකාරයට රාක්ක මෙහි තට්ටු දෙකක් අතර පරතරය වගා මලු සිරස් අතට තැබිය හැකි ලෙස සෙ.මි.30 ක් පරතරයේ යුක්ත විය යුතුය . රාක්ක අතර පහසුවෙන් ඇවිදිය හැකි පරතරය තබා ගත යුතුය.


03 . වගා කාමර

මෙම කාමර භාවිතා වන්නේ දිලිර වර්ධනය වි අවසන් වගා මලු විවෘත කර මල් හට ගැනිමට සැලැස්වීමයි .

මුල් ගැන්නිමට අවශ්‍ය සාධක

  • උෂ්ණත්වය සෙ.ග්‍රේ අංශක 26-28
  • අලෝකය 50%
  • ආර්ද්‍රතවය 85%
  • මානා වාර්තාශ්‍රය



ඉහත සාධක ලැබෙන පරිදි වගා කාමරයක පහත අකාරයට දිග පලල ඇති ඉඩ ප්‍රමණය මත රාඳා පවති.
උෂ්ණත්ව පාලනය කර ගැනිමේ පහසුව පිනිස ගෟහයේ අඩ් 13 වැඩ් විය යුතුය. වහලයට උලු සේවිලි කිරීමෙන් උෂ්ණත්වය පාලනය කර ගත හැක.
කාමරය බිත්ති අඩි 2-2 ½ උසකිත් විය යුතු අතර ගඩොල් හා බ්ලොක් ගල් වලින් නිම කර සුමටව කපරාදු කර යුතුය. බිත්ති සුමටව වාමෙල් බිම්මල් වගාවෙදි ඇති වන මයිට හානිය මර්දන පහසු කරයි. බිත්ති කටු මැටිගසා සිමෙන්ති කපරාදු යෙදිෙමන් වියදම අඩු අවම කර ගත හැක.
කාමරයේ ඇති දොර පිටතට ඇරෙන දොරක් විය යුතුය අතර ස්වයං ඇරෙන දොරක් විම වඩාත් වැදගත් වේ.
එමෙන්ම ආවරණ දොරක් යෙදිම ඉතා වැදගත් ය.

මෙම වගා කාමර වගා ගෘහයක් ලෙස ද තමාට ඇති ඉඩ ප්‍රමණය අනුව පහත ආකාරයට සාදා ගත හැකිය.
වගා මලු තබා ගැනිමට සදහා වු රාක්ක මෙදි තිබිය යුතු අතර පහත ප්‍රමිතියට වු ඒ හැඩැති රාක්ක සාදාගත හැකි අතර වැඩි වගා මලු ප්‍රමණයක් තබා ගත හැකිය. රාක්ක කලු තෙල් ආලේප කිරිමට කල් පැවැත්ම මෙන්ම කෘමි ආකර්ෂණයද සිදු නොවේ.


02. පියනෙ කුඩා සිදුරක් සහිත හාස් ලිටර් 200 ක යකඩ බැරල්





03.දැල් අධාරක

තමය අවශ්‍ය වන්නේ වගා මලු ඡිවාණුහරණය සදහා බැරල් තුල වගා මළු ඇසිරිමට . මෙම යකඩ හෝ ලී වලින් සාදා ගත හැකි වුවත් කල් පැවැත්ම මත යකඩ දැල් ආධාරකයක් වඩාත් සුදුසුය. උසින් අගල් 5-2 12 විය යුතුය අතර බැරලය තුලට දැමිය යුතුය. දැල් ආධාරකයේ සිදුරු වඩාත් බැරල් අතර වග මළු තැබිමෙදි සිදුරු වඩත් ලං නොවිය යුතු අතර වගා මළු තැබිමෙදි සිදුරු අතරින් වගා මලු නොවැටෙන ලෙස සැකසිය යුතුය.


04.ඉන්ධන පිරිමැසුම් ලිපක්


අවශ්‍ය ද්‍රව්‍ය
  • ගඩොල් කැට 70
  • අලු කාචිචි 01
  • වැලි තාචිචී
  • අමු ගොම 01
  • කම්බ් වලලු 02
අලු මැටි සහා වැලි මිශ්‍ර කර බදාමය සාදා ගන්නා .ලිප සාදන ස්ථානයේ බැරලයේ පියන ආධාරයෙන් රවුම සලකනු කර ගඩොල් අඟල් 1 ½ ක් ඇතුලත් සිටික සිට්න පරිදි කවුලුව ඉඩ තබා අගල් ලිප බැදගන්න. ගඩොල් වරි 3 ක් බැඳ කම්බි වලලු 1 ක් තබා නැවත වරි දෙකක් බැඳ ඉතිරි කමිබි රවුන් තබා අඟල් 22 උසට ලිප බැඳගන්න. වියලුනු පසු කපරදු කරන්න. ලිපේ කල් පැවැත්මට සිමෙන්ති කපරාදුව යෙදිය යුතුය.



05.බීජෞෂණය සහ අස්වැන්න ගැනිමට සදහා අවශ්‍ය රාක්ක





නිරෝගී සරු බිමිමල් බීජ

ඇමරිකන් ඔයිස්ටන් බිම්මල් බීජ


ඇබලෝනි බිමිමල් බීජ


බිම්මල් වගා කිරිමට අස් වැන්න රඳා පවතින ප්‍රධාන සාධකයක් වන්නේ නිරෝගී බිම්මල් බීජය.පහත සදහන් ලක්ෂණ වලින් යුක්ත විම යුතුය.

01 බිජ පැනැටිටුවට දිලිර ලී කුඩු හෝ මධ්‍ය තුල වර්ධනය වි තිබිමට හැකිය.

  1. බිජ පැකැටිටුව තුල ඒකාකරි ‍ලෙස සුදු පැහැති යුතුය.තනි සුදු පැහැති ඇමරිකන් ඔයිස්ටන් වල දක්නට තිබේන ඇබලොනි බිජ පැකටිටුව තුල සුදු පැහැති අමතරව කලු පැහැති අල්පෙනිත්ති තුඩට ප්‍රමාණයේ දක්නට ඇත.
  2. බීජ වලට ආවේනික වු සුවදක් තිබිය යුතු අතර වෙනත් දුගදක් හැමිමේන් බැක්ටිරිය ආසාදිත බිම්මල් බිජ බවට පත්කර ගත හැකිය.
  3. කලු සහ කොල පැහැති පුස් වර්ග දක්නට ලැබිමට දිලිර ආසාධන වු බිම්මල් බීජ ලෙස හදුනා ගත හැකිය.
  4. සිදුරු වි ඇති හෝ වෙනත් ඇති බීජ මලු ද භාවිතයට නුසුදුසුය.
  5. බිම්මල් බීජ පැකටිටුවක් තුල ජලය එක් රැස් වී තිබීම.
  6. සැම විට මත මාට විශ්වාසදායක නිෂ්පාදන ආයතකයකසි බීජ පැකට් මීල දී ගන්න.



බිමිමල් බීජ ලබා ගත හැකි රාජ්‍ය හා රාජ්‍ය ආයතනයන්හි දුරකථන අංක -
කුණ්ඩසලේ බීජ සහ රෝපන අංශය -081-284558
ගන්නෝරැව අලවි පියස -081 3845258
උදයාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය -081 2388011-3
තෙලිජ්ජවිල පර්යේෂණ මධ්‍යස්ථානය -0412240464
මාකන්ඳුර පර්යේෂණ මධ්‍යස්ථානය -0312299625
පොතුහැර ඡාතික පුහුණු මධස්ථානය -0372237800
අපනයන සංවර්ධන මණ්ඩල -011 2225421

ඔයිස්ටන් බිම්මල් බීජ කල්ලබා ගැනිම

හොඳින් නොවැඩුනු බිම්මල් බීජ දින 03 කට වරක් බීජ පැකැට්ටුවක සිදුරු නොවන ලෙස ලිහිල් කර සිසිල් අඳුරු ස්ථානයක තැබිමෙන් දිලීරයක වර්ධනය කරගත හැක.
හොඳින් වැඩුනු බිම්මල් බීජ මාළු සාමාන්‍ය උෂ්ණත්වයේ (සිසිල් අඳුරු ස්ථානයක) මාස 01. ශිතකරණයක (සෙ.ග්‍රේ.අංශක 4) මාස 3 කල් තබා ගත හැකිය.
ශිතකරණයක තැබු බිම්මල් බීජ භාවිතයට පෙර දින 02-03 ක් සාමාන්‍ය උෂ්ණත්වයේ තබා භාවිතයට ගන්න.මෙමඟින් ශිතකරණය තුල අක්‍රීය වූ දිලීර ජාලයේ ක්‍රීයාකාරීත්වය සක්‍රීය කර ගත හැකිය.

පොලිප්‍රොපලීන් බඳුන් වල ලී කුඩු මාධ්‍යය තුල වගා කිරිම

මෙය අවස්ථා කිහිපයකින් යුක්තය.

  1. වගා මාධ්‍ය පිලියෙළ කිරිම
  2. වගා මළු සෑදිම
  3. වගා මළු ජීවාණුහරණය
  4. බිම්මල් බීජ යෙදිම හෙවත් බිම්මල් බීජ මාධ්‍යට හදුන්වා දිම
  5. බීජෞෂණය (වගා මළු තුල දිලීර වර්ධණයට ඉඩ හැරීම)
  6. වගා මළු විවෘත කිරිම
  7. නඩත්තුව
  8. අස්වනු නෙලීම
  9. වෙලඳපොළ සඳහා ඉදිරිපත් කිරිම

වගා මාධ්‍ය පිළියෙල කිරිම

අවශ්‍ය ද්‍රව්‍ය (වගා මලු 50-55 සදහා)

  • වියලි ලී කුඩු කි.ග්‍රෑ.20
  • සහල් නිවුඩු කි.ග්‍රෑ 2
  • අලු හුනු ග්‍රෑම් 400
  • සමපෝෂ/සෝයාපිටි/මුංපිටි ග්‍රෑම් 200
  • මැග්නීසියම් සල්පේට් ග්‍රෑම් 40
  • ජලය (ලී කුඩු වල තෙතමනය මත යොද ජල ප්‍රමානය රදා පවති)
  • මල් බාල්දියක් සහ සවලක්

සාදන වගා මළු ප්‍රමාණය ගනු ලබන ලි කුඩු වල ස්වභාවය සහා වගා මල්ල සාදන ස්වභාවය මත රඳා පවති.

ලී කුඩු - සැහැල්ලු ලී කුඩු නඩාත් යෝග්‍යය වේ . උද - රබර්,ඇල්බිසිය ,ලුණුමිදැල්ල,සපු වැනි.

පයිනස් ලී කුඩු භාවිතයෙන් වලකින්න. අරටුව ලී කුඩු භාවිතයේන් ඉන් 30% සැහැල්ලු ලී කුඩු 70 % එක්කල යුතුය. ලී කුඩු වියලි විය යුතු අතර. වෙනත් ආසාදන වලින් තොර විය යුතුය. විශාල ලී කුඩු අතින් අහුලාගත යුතු අතර හැලිම අනවශ්‍ය වේ. ලී කුඩු හොදින් වියලා පොලිසැක් මලු වල අසුරා මාස 6 පමණ කල් තබා ගත හැකි අතර එමඟින් ප්‍රවාහන වියදම අවම කර ගත හැකි විම.


සහල් නිවුඩු- සුදු හෝ රතු සහල්වල කැකුලු හෝ තම්බන ලද නිවුඩු වර්ග හතරම තනි තනියම හෝ මිශ්‍රව භාවිත කල හැකිය. වඩාත් වැදගත් සහල් කැබලි ඉවත් වන ලෙස සුදුසු පෙනහරයකින් හලා ගන ආසාදිත සහල් නිවුඩු භාවිතයෙන් වලකින්න.

අළුහුණු - මේ සදහා ඩොලමයිටි හෝ කැල්සියම් කාබනේට් ද භාවිතා කළ හැකිය.

සමපෝෂ - පෝෂක ලබාදිම සදහා එක් කරන මෙය පුදේශයේ ඇති සුලබතාවය අනුව භාවිතා කල හැකිය.මේ සදහා යෙදිම හැකි ආදේශක ලි කුඩු කි.ග්‍රෑම් 20ට
- සෝයා පිටි හෝ මුං පිටි ග්‍රෑම් 200
- රානිල ශාක පත්‍රී කුඩු ග්‍රෑම් 400
- වියලි හොදින් දිරන ලද කුකුල් පොහොර කි.ග්‍රෑම් 1

මැග්නිසියම් සල්පේට්-මෙය ඔසු සලකින් මිලදි ගත හැකිය.

ක්‍රමය-
පිරිසිදු කර ගන්නා ලද සිමෙන්ති පොලොව මත හෝ ඉටි රෙද්ද මත ලිකුඩු අතුරන්න.සහල් නිවුඩු, සම‍පෝෂ, අලුහුණු යන වර්ග 3 ගෙන හොසින් මිශ්‍ර කර ලී කුඩු මතට යොදා වර්ග 4ක් හොදින් මිශ්‍ර කරගන්න.

මෙය අතින් කල හැකි වුවද වඩත් පහසු වන්නේ සවලක් ආධාරයෙන් සිදු කිරිමය. මැග්නිසියම් සල්ෆෙට් ස්වල්පය පලමුව සුලු ජල ප්‍රමාණයකට මිශ්‍ර කර එය මල් බාල්දියක ඇති ජලයට මිශ්‍ර කර ඉහත මිශ්‍රණයට යොදමින් හොඳින් මිශ්‍ර කර ගන්න




අඩු ජල ප්‍රමාණයක් එක් වු විට මිශ්‍රණයෙන් මිටක් අල්ලට ගෙන මිට මොලවා දිගහරින විට ඉහිරි යනු ඇත. එවිට නැවත ජලය එක්කර හොදින් මිශ්‍ර කර ගන්න. ප්‍රමාණයට වඩා එක් වුවා නම් මිශ්‍රණයේ මිටක් අල්ලට ගේන ඇගිලි මිට මෙලොවා මිරිකන විට ඇගිලි අතරින් වැඩි වතුර වැස්සෙනු ඇත. ඇගිලි ලිහිල් කරන විට ගුලියක් ලෙස තද වී පවති. එවිය මිශ්‍රනය තුනී කර ජලය වියලී යාමට ඉඩ හරින්න. නැවතත් එම මිශ්‍රණයට ලී කුඩු එකතු කිරීෙමන් වලකින ප්‍රමාණයත් ජලය එක් වුවා නම් මිශ්‍රණයේ මිටක් අල්ලට ගෙන ඇඟිලි මිට මොලොවා දිග හරින විට එය කැබලි කරනු ලබායි.




02. වගා මළු සැකසිම

අවශ්‍ය ද්‍රව්‍ය
  • අඟල් 7 පළල අඟල් 14
  • දිගට සාදාගත් ගෙජ්-200
  • පොලිපප්රොයපලින් මලු ¾ පළල අගල් ½ උසට
  • කපාගත් pvc බට කැබලි
  • කුඩා මුදුව රබර් බෑන්ඩ්
  • කොට්න් වේස්ටි (නුල් කැබලි) හෝ පුලුන්
සැකසිම-
  1. පොලිප්‍රොපලීන් මල්ල තුලට අත යවා සීල් කරන ලද පැත්ත හරවා මුළු සකස් කර ගන්න.
  2. සකස් කර ගත් වගා මාධ්‍යය මල්ල තුලට මුලුමනින්ම පුරවන්න.
  3. මල්ලේ කෙලවර පොලිප්‍රොපලීන් ඇගිලි තුඩින් අල්ලාගෙන සුමට ස්ථානයක වගා මධ්යන පුරවා මල්ල තුල කරමක් කද වන ලෙස රවුමට කරකවමින් බිම ගසා ගන්න.
  4. නැවතත් වගා මල්ලේ කෙලවර පොලිප්‍රොපලීන් අගල් 3-4 පමන ඉතිරි වන සේ මධ්‍යය පුරවා මල්ල රවුමට කරකවමින් අත මිටින් තරමක් කස කරමින් වගා මල්ල පහත ආකාරයට හැඩ කර ගන්න. මෙහිදි බොතල් වලින් තද කිරිම අනවශ්‍ය අතර එමඟින් දිලිර වර්දනය ප්‍රමාද කරයි.
  5. ඉන් පසු වගා මල්ලේන් විවෘත කෙලවර pvc මුදුව තුලින් යවා ඇතිවන සිදුරට කොටින් වේස්ටි හෝ පුලුන් ඇබයක් pvc මුදුව තුල පමණක් රැඳෙන ලෙස ගසා ගන්න.
  6. පසුව වගා මල්ලේ විවෘත කෙලවර පොලිප්‍රොපලීන් එකට එක් කර හුමාලයෙන් පුලුන් කැබැල්ලක් නොතෙමෙන ලෙස නවා රබර් මුදුවක් අධාරයෙන් pvc මුදුව තුල රඳවන්න.





වගාමළු ජීවානුහරණය

වගා මාධ්‍යයට බිම්මල් දිලිරය හඳුන්වා දිමට ප්‍රථම එහි ඇති සියලුම ජීවින් විනශ කර යුතුය. මෙය සිදු කිරිම වඩාත් පහසු ලාබදායි ක්‍රමය වන්නේය හුමාලය මගින් ඇතිවන පීඩනය හා උෂ්ණත්වය ආධාරයෙන් ඡිවාණුහරණයයි.මේහිදි ඉතා වැදගත් කරුණ වන්නේ නියමිත කාලය තුල ඒකාකාරි උෂ්ණත්වයක් සහ පීඩනයක් ලබාදිමය. මේ සදහා ලී කුඩු කොටන ලද ලිප මත බැරලය තබා දැල අධාරකය බැරලය තුලට ඇතුලත් කර එයට අගල් 4ක මටිටමකට ජලය පුරවන්න. ඉන් පසු ඉහත ආකාරයට බැරලයට තුල වගා මලු ලිහිල්ව අසුරන්න . එක් බැරලයක් තුල වගා මලු 60-65 ඇසිරිම වඩාත් යෝග්‍යය වේ.



බැරලයේ කට කට හුමාලය පිට නොවන ලෙස අමතර යකඩ මුදුව හොදින් තද කරන්න.බැරලයේ තවදුරතත් හුමාලය පිටවනවා නම් බයිසිකල් ටියුබයක් භාවිතයෙන් එය වලක්වා ගත හැකිය . ලිපට ගින්දර යොදා විනාඩි 20 කින් පමන පියන සිදුරෙන් හුමාලය පිටවනු ඇත.එතැන් සිට පැය 2-1/2 ක් පමණ හුමාලය මගින් ජීවනුහරනය කරන්න . මෙම කාලය අවසන් වි පැය 2-3 ට පසු බැරලය තුලට වගා මලු ඉවතට ගැනිම වඩාත් යෝගය වේ. ඉන් පසුව ජීවනුහරිත වගා මළු බිඡානුහරිත වගා මලු බිජෞෂණ කාමරයේ ඇති මේසය මත තැබිමට වාඩත් යෝගය වේ . ඉන් පසු ඡිවානුහරිත වගා මලු කාමරයේ ඇති මේසය මත තැබිම වඩාත් යොග්යම වේ. ගැටලු අවම කර ගැනිමට සදහා වගා මලු නිවෙන තුරු පිරිසුදු පොලිතිනයක් වැනි දෙයකින් වසා තබාන්න. එය ඉවත් කිරිමෙදි ඉහල අතට හකුලවා ඉවත් කිරීමෙන් මැස්සන් නිසා වගා මලු පණුවන් ඇති විම වලක්වා ගත හැකිය.



බිම්මල් බිජ යෙදිම බිම්මල් බීජ මාධ්‍යට හඳුන්වා දිම.

අවශ්‍ය ද්‍රව්‍යය :-

  • නිරෝගි බිම්මල් බීජ - ලී මදය තුල දිලීරය වර්ධනය වූ
  • ඉටි පන්දම් 04 ක්
  • විෂබීජ නාශකයක්
  • මේසයක්
  • අඟල් 4×4 පත්තර කැබලි
  • කුඩා රබර් මුදු (අඟල් 01)
  • ජීවාණුහරිත කොට්න්වේස්ට්/පුළුන්
මේ සඳහා වඩාත් සුදුසු ස්ථානය වන්නේ කාමරය තුල ඇති මේසයයි . වගාමලුළු නිවුනු පසු බීජ යෙදිය යුතුය. එක් බීජ බෑගයක් වගාමළු 60-65 කට ප්‍රමාණවත්ය.

විෂ බීජ නාශකයක් මඟින් මේසය මතුපිට ජීවණුහරණය. වර්ග අඩි 1 1 ½ කොටුවක් සැදෙන ලෙස ඉටිපන්දම් 04 ක් දාල්වා ගන්න. නාස් අවරණ පැලඳ බීජ මල්ලේ වී ඇට හෝ ලී කුඩු මධ්‍යය එකිනෙක වෙන්වන පරිදි පොඩි කර එහි එක් මුල්ලක් විෂ බීජ නාශයකින් පිරිසිදු කර බිජ ඉවතට ගැනිමට කුඩා කැපිමක් ජීවාණුහරිත කතුරකින් ඇතිකර ගන්න . වගා මල්ල ඉටිපන්දම් මැද තබා එහි කට විවෘත කර එයට බීජ මල්ලේන් දිලිර සහිත වී ඇට 25-30 එක්කර ගන්න. පුලුන් ඇබය නැවත ගසා පොලිප්‍රොපලින්. කොටස් පහතට නවා අඟල් 4×4 පත්තර කැබැල්ලකින් කට වසා එය රබර් මුදුව මඟින් pvc බටයේ රඳවා ගන්න.




බිඡෞෂනය

මේ සදහා බිජෞෂනය කාමරය භාවිතා කරයි . එහි දිලිර වර්ධනයට අවශ්‍ය සාධක සපුරාලිය යුතුය. අදුරු 75%ද උෂ්නාත්ව සෙ.ග්‍රේ 26-28 විය යුතුය. කලින් සදහන් කල ආකාර රාක්ක මෙහි තිබිය යුතුය. බිජ යෙදි වගා මලු රාක්ක මත ලිහිල්ව සිරස් අතට තැබිය යුතුය. මෙහිදි වගා මලු අවශය නම් තිරස්වද තැබිය හැකිය. දිලිරය වගා මල්ල පුරා වර්ධනය විම සදහා ඇමරිකන් ඔයිස්ටර් සදහා දින 25-30 ඇලොනිය. ඇබලෙනි සදහා දින 40-45 ද ගත නෙවේ . බිජෞෂනය සම්පුර්ණයෙන්ම වු වගා මලු ඇමරිකන් තනි සුදු පැහැති අතර කලු පැහැති කුඩා ලප දැකිය හැකිය. දිලිරය වර්ධන කාලය තුල වගාමලු හොදන් නිරික්ෂණය කල යුතු අතර ආසාදිත වගා මලු ආරක්ෂාකරි විනාශකර දැමීම යුතුය.




වගා ගෘහය බිඡෞෂණයට භාවිතය.

වගා ගෘහ කිහිපයක් ඇති විට වගා ගෘහයම බිජෞෂනය භාවිතා කල හැකිය. මෙහි දි පිරිසිදු කර ගත් වගා ගෘහය තුලට බීජ යොදා වගා මලු එහි ඇති අතර මත තිරස්ව තබා අදුර ලබා දිමට කලු පොලිතිනයකි.

  1. වගා මලු ආවාරනය කිරිම හෝ
  2. පැලැල්ලක් ලෙස වගා ගෘහයේ කෘමි ප්‍රතිරෝධි දැල් අවණය කල හැකිය.



වගා මළු විවෘත කිරීම.

දිලිරයට වැඩිම සමිපුර්ණ වු වගා මලු මල් සදහා සකස් කිරිම මෙහි අදහසයි. එම වගා මලු බිජෞෂණ කාමරයෙන් . මල් පිපිරිම සදහා සකස් කල වගා යා යුතුය. ඉන් පසු වගා මල්ලේන් වගා මාධ්‍ය පුරවා ඇති ඉහල මට්ටමෙන් අසලින් පොලිප්‍රොපලින් දිලීරය දවන ලද වගා සාදය විවෘත කර ලද වගා මලු තිරස් අතට එහි ඇති A හැඩති රාක්ක මත තැබිය යුතුය. වියලි ප්‍රදේශ සදහා වගා මල්ල අඩක් විවෘත කිරිම යෝග්‍යය වේ. අඩක් විවර කිරිමේදි ජලය රැ‍දෙන පරිදි වගා මල්‍ලෙන් කැපුමක් යොදන්න.


වියලි ප්‍රදේශ සදහා වගා මල්ල අඩක් විවෘත කිරිම





නඩත්තුව

වගා ගෘහයේ ඇති විවෘත කල වගා මලු බිම්මල් තබා ගැනිම සදහා අවශ්‍ය සාධක ලබාදිය යුතුය.මෙම අවස්තාවේ අප විසින් ලබා දෙන තත්ව මත අස්වැන්න රදාපවතින බැවින් එම අවශ්‍ය සාධක නියමිත ආකාරයට ලබා දිය යුතුය. වගා මලු වල තෙතමනය ආරක්ෂා කිරිම ඉතා මත් වැදගත් කරුනකි. ඒ සදහා ජලය මීදුමක් ලෙස වගා මලු විවෘත කල අවස්ථවේ සිට ,සුදුසු උපකරනයකින් ඉසිය යුතුය. ස්වභාවික තත්ව මත වගා මලු වියලුම හා දිනකට ජලය යොදන වාර ගණන වෙනස් කල යුතුය. වගා මලු වලට කෙලින්ම ජලය යෙදිමෙන් වලකින්න.



උෂ්ණත්වය පාලනය කරගැනිම සදහා ගෘහයේ සිමෙන්ති පොලොව මතට ජලය යොදාගත හැකිය.වාතාශ්‍රය සහ අලෝක අවශ්‍ය බැවින් නියමිත ප්‍රමිතියට කෘමි ප්‍රතිරෝධ දැලෙන් ගෘහය ආවරණය කල යුතු අතර අනවශ්‍ය ආකාරයට ගෘහය වෙනත් දේ වලිත් නෙවැසිය යුතුය. මෙහිදි දිනපතා වගා මලු නිරික්ෂණය ඉතා වැදගත් වන අතර වෙනත් අසාදන ඇති වගා මලු ගෘහයෙන් ඉවත් කර ආරක්ෂාකාරීව විනාශ කිරිම ආසාදන වලින් තොරා වගාවක් නඩත්තු කිරිමට ඉවහල් වේ.

අස්වැන්න නෙලිම

අවශ්‍ය ද්‍රව්‍යය -

  • පිරිසිදු භාජන දෙකක්
  • නාස් ආවරණයක්
  • කැපිමට කතුරක් හෝ පිහියක්

වගා මලු විවෘත කර දින 7-10 ඇතුලත කුඩා මලු ඇතුලු වගා මලු මුනතේ දැකිය හැකි අතර ඉන් දින 3 කට පසු අස්වැන්න නෙලා ගත හැකිය.අස්වනු නෙලා ගන්නා කාලය වගා මලු විවෘත කර 2-21/2 පමනක් වේ. මෙම කාලය තුල අස්වැන්න 8-10 නෙලා ගත හැකිය. අස්වැන්න නෙලන කාලය තුල නිතර වගා මලු නිරික්ෂනය කර ආසාදිත වගා මලු ගෘහයේ ඉවත් කර යුතුය. අස්වැන්න නෙලිමේදි නාස් ආවරණ පැලදිම ආනාවර්ය අතර එය සෞඛ්‍යයට ද හිතකරය.





අස්වනු නෙලිම,හැකි තරම් උදෙන් සිදු කල යුතුය අතර රාක්ක වල පහල සිට ඉහලට මල් පොකුර පිටින්ම නොලා ගත යුතුය. අස්වැන්න නෙලා අවසන් වු පසු වගා මලු මුනතේ ඉතිරිව ඇති නටු කැබලි වර්ධනය නොවේ. වියලුනු කුඩා මල් කඩා ඉවත් කර යුතුය.වගා මලු වලට ජලය යොදා අස්වනු නෙලිම කාර්යය අවසන් කර යුතුය. එක් වගා මල්ලකින් අස්වනු නෙලා ගන්නා කාලය තුල ලබා ගන්න හැකි අස්වැන්න 250-300 අතර වේ. වගා මලු වලට ජලය යෙදිමේදි ජලය නොඋරා වැස්සිමට සැලැස් විය යුතුය.

පාරිභෝගික ආරක්ෂිත පනතට අනුකුලවු ලේබලයක් වෙලද නමය , නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය , නිෂ්පාදිත දිනය , කල් ඉකුත්වන දිනය, ලියාපදින්චි අංකය ,මිල යනා දිය පැහැදිලිව සඳහන් විය යුතු අතර . කිසියම් රෝගයකට මෙය සුදුසුද යන්න ඇතුලත් නොකල යුතුය. ලේබලයේ ප්‍රමානය ඇසුරුමෙන් 20% විය යුතු අතර කෑම වට්ටෝරුවක් සකස් කරන එක් පසක ඇතුලත් කිරිම වඩාත් උචිතය.







කල් තබාගැනිම

  • අමු බිම්මල්-ඇමරිකන් ඔයිස්ටන් සාමාන්‍ය සිදුරු රහිත පොලිප්‍රොපලීන් මළුවල දින 2-3ක්.
  • ශීතකරණයකදි සිදුරු රහිත පොලිප්‍රොපලීන් මලු වල දින 6 -7 ක්.

මෙය බිම්මල් වර්ගය සහ බිම්මල් වල ඇති තෙතමනය අනුව ද වෙනස් වේ.


වියලි බිමිමල්



බිම්මල් කුඩා කැබලි වලට ඉහත උපකරන වැනි සරල උපකරනයනින් සෞඛ්‍ය ආරක්ෂිතව අව්වේ වේලා ගත හැකිය.
මෙලෙස සකස් කල බිම්මල් හොදින් සිල් කල පොලිතින් මලු වල අසුරා මාස 06ක් කල් තබා ගත හැකිය.

සුලු ව්‍යාපරයක් ලෙස ලියාපදිංචි වීම

මේ සදහා අවශය තොරතුරු අදාල ප්‍රදේශය ලේකම් කාර්යලයෙන් ලබා ගත හැකිය.මෙහිදි මේ සදහා අවශ්‍ය වන පුහුණු සහතිකය පුහුණුව ලබාගත් ආයතනයේ ඉල්ලිමක් කල පසු නිකුත් කරනු ලැබේ.

පිදුරු මාධ්‍යය භාවිතා කර ඔයිස්ටර් බිම්මල් වගාව

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව ප්‍රකශනයක් වන බිම්මල් වගාව ප්‍රථම මුද්‍රනය කරන ලද පොතේ මේ සදහා ක්‍රම දෙකක් හදුන්වා දි ඇත. මෙම ක්‍රම දෙකටම වඩා පහසු‍වෙන් හා සර්ථක ලෙස අස්වැන්න ලබාගත හැකි ක්‍රමයක් හදුන්වා දිමට අදහස් කරමු.
සාර්ථක ඔයිස්ටර් බිම්මල් වගාව සෙලියුලොස් සඳහා තෝරා ගනු ලබන මාධ්‍යය සෙලියුලොස් හා අඩංගු විය යුතුය.පිදුරු වල සෙලියුලොස් 25.3% හා ලිග්නිස් 6% පමණ අඩංගු වේ.

වගාව සදහා පිදුරු තොරා ගැනිම

වී වගා වේ දී දිලිර නාශක යෙදු පිදුරු බිමිමල් වගාව සදහා යොදා ගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත.
අවුරුද්දකට පිදුරු ලබා ගත හැකි වාර 2ක් බැවින් එම කලය වලින් පිදුරු හොදින් ගොඩ ගසා තබා ගත යුතුය.

අවශ්‍ය උපකරණ සහ ගොඩනැගිලි

ලී කුඩු මාධ්‍ය භාවිතා කර ඔයිස්ටර් බිම්මල් සැදිමට අවශ්‍ය උපකරන සහා ගොඩනැගිලි මෙහිදී අවශ්‍ය වේ.

වගා ක්‍රම අවස්ථා

  • පිදුරු පෙඟවීම
  • පිදුරු ජීවාණුහරණය
  • බීජ යෙදීම සහ වගා මළු සැකසීම.
  • බීජෞෂණයට වගා මළු පිළියෙල කිරීම සහ බීජෞෂණය
  • මල් ලබා ගැනිමට වගා මළු විවෘත කිරිම.
  • අස්වනු නෙලිම.
  • වෙළඳපොල සඳහා ඉදිරිපත් කිරිම.

පිදුරු පෙඟවිම

බිම්මල් දිලිරය පිදුරු මත වර්ධනය විම පහසුවෙන් මෙලෙක් කර ගත යුතුය. ටැංකියක් හෝ බැරලයක් භාවිතා කර සාමාන්‍ය ජලයේ පිදුරු පොගවාගත යුතු අතර කාලය අලුත් හා පරන පිදුරු අනුව වුවද සාමාන්‍යයෙන් 8-10 පොඟවා ගත යුතුය.



පසුව වැඩි ජලය වෑස්සිම සදහා ලි මැස්සක් මත ගොඩ කර තැබිම යුතුය.තෙතමනය 65% තබා ගත යුතුය.ජලය වැසුනු පිදුරු ස්වල්පයක් අතට ගෙන මිරිකු විට ඇඟිලි කරු අතරින් ජලය නොවැස්සෙන අවස්තා 65% තෙතමනය අවස්ථාවයි.

පිදුරු ජිවාණුහරණය

ක්‍රම දෙකකට සිදුකල හැකිය.

  1. හුමාලය මඟින්
  2. උතුරන ජලය මඟින්

හුමාලය මඟින්

ලී කුඩු මාධ්‍යයේදී වගා මළු පිදුරු ජිවාණුහාරණය සදහා භාවිතා කල ද්‍රව්‍ය මෙහිද අවශ්‍ය අතර මිට අමතරව පොලිසැක් මළු කිහිපයක් අවශ්‍ය වේ.
වැඩි ජලය ඉවත් කරගත් පිදුරු පොලිසැක් මලු තරමක් ලිහිල්ව පුරවා ගන්න . පහත ආකාරයට බැරල් තුල අසුරා ඉන්ධන පිරිමැසුම් ලිප භාවිතයෙන් පියනේ සිදුරෙන් හුමලය පිටවු මොහොතෙ සිට පැය 03ක් එකාකාරි උෂ්ණත්ව ලබා දෙමින් ජීවාණුහරණය කරගන්න.මෙම ක්‍රමය උචිත වන්නේ මහා පරිමානයට වගාව සිදුකරන විටය.

උතුරන ජලය මගින් ජීවාණුහරණය

මෙහිදි කලින් පිදුරු පෙඟවීම අනවශ්‍ය වේ. කි.ග්‍රෑ1.5ක වගා මළු 02ක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • වියලි පිදුරු කි.ග්‍රෑම් 1.2
  • ලිටර් 15 මුඩිය සහිත ප්ලස්ටික් භාජනයක්
  • උතුරන ජලය ලිටර් 20ක් පමණ

වියලි පිදුරු

ප්ලාස්ටික් භාජනයට හොදින් තදවන ලෙස දමා එයට උතුරන ජලය දමා මුඩුය හොඳින් වසන්න. මෙලෙස පැය 02 ක් තබා ජීවණුහරනය කරන්න. පසුව ලී මැස්ස මත පිදුරු වල තෙතමනය 65% සකසා ගන්න. මෙම ක්‍රමයට වඩාත් උචිත වන්නෙ සුලු පරිමානයට වගාව අරාම්භ කරන විටය.




උතුරන ජලය මගින් ජීවාණුහරණය

මෙහිදි කලින් පිදුරු පෙඟවීම අනවශ්‍ය වේ. කි.ග්‍රෑ1.5ක වගා මළු 02ක් සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

  • වියලි පිදුරු කි.ග්‍රෑම් 1.2
  • ලිටර් 15 මුඩිය සහිත ප්ලස්ටික් භාජනයක්
  • උතුරන ජලය ලිටර් 20ක් පමණ

වියලි පිදුරු

ප්ලාස්ටික් භාජනයට හොදින් තදවන ලෙස දමා එයට උතුරන ජලය දමා මුඩුය හොඳින් වසන්න. මෙලෙස පැය 02 ක් තබා ජීවණුහරනය කරන්න. පසුව ලී මැස්ස මත පිදුරු වල තෙතමනය 65% සකසා ගන්න. මෙම ක්‍රමයට වඩාත් උචිත වන්නෙ සුලු පරිමානයට වගාව අරාම්භ කරන විටය.


පොලිතින් /පොලිප්‍රොපලීන් කන පිට හරවා මුලු ඇතුලට වන පරිදි සකසා ගන්න. පිදුරු ගොඩක් පිදුරු ස්වල්පය බැගින් ඉදිරියට අදිමින් අත කරකවමින් එය රවුන් කර මල්ලේ ප්‍රමාණයට පිදුරු දරනුමක් සාදා ගන්න. එය මල්ල තුලට ඇතුල් කරන්න.

නිරෝගි බිමිමල් බීජ මල්ල ගෙන වි ඇට එකිනෙක වෙන්වන පරිදි පොඩි කර ගන්න.බීජ ස්වල්පයක් අතට ගෙන පොලිතින්/ පොලිප්‍රොපලින් සහ පිදුරු ස්පර්ෂ දාරය දිගේ බිජ යොදා ඒ මත තවත් දරණුවක් තලා බිජ යෙදිම පෙර පරිදිම සිදු කරන්න.



අන්තිම පිදුරු දරණුව මත බීජ විසුරුවා‍ බෑගයේ විවෘත කෙලවර පොලිතින් / කොටස් අඹරවා දෙකට නවා රබර් මුදුවකින් සිර කර ගන්න. දිග අඩි 17 ක් වු මල්ලක පිදුරු1.5 පමණ යෙදිය හැකි අතර ඔබගේ මල්ල මීට වඩා දික්වු විට ඊට වැඩි ප්‍රමානයක් පිදුරු සහ බීජ යොදා බෑගය පිලියෙල කර ගත හැකිය.
විෂබිජ නාෂකය කල ඇල්පෙනිත්ත හෝ කම්බි කැබැල්ල ආධාරයෙන් මල්ලේ කුඩා සිදුරු 80-100 පමණ ඇති කරන්න.




දිලිර වර්ධන සදහා පිදුරු වල තෙතමනය සහ මල්යෙහි යොදන සිදුරු බලපාන බව සිහි තබාගන්න. සිදුරු නොමැති විට දිලීර වර්ධන ඇන හිටීම හෝ ඉතා දිර්ඝ කාලයක් දිලිර වර්ධනය ගත වේ. මෙලෙස ලේයර් ක්‍රමයට බීජ යොදමින් වගාමළු පිලියෙල කරගන්න.

බීජෞෂණයට වගාමළු සැකසීම සහ බීජෞෂණය

බීඡෞෂණය සදහා අවශ්‍ය සාධක ලීකුඩු මාධය්‍ය තුල වගාවේදි පැහැදිලි කරන ලදී. මෙහිදි සකසා ගත් වගාමළු එල්ලා තැබිම සදහා බිඡෞෂණ කාමරය පහත ආකාරයට පිලියෙල කර ගත යුතුය.තිරස් අතට අගල් 6 හෝ 7 පරතරය. ඇති අඟල් 2×2 ලි ගසා ගන්න.ලනු කම්බි කොකු හෝ කනිරයක් ආකාරයක් සදා ගත් ලී ආධාරක ආධාරයෙන් වගා මළු වැලක් ආකාරයට තිරස් පොලු වල පේලි 02ක් අතර පරතරය අඟල් 09 ක් ලෙස එල්ලා ගන්න.






බීජෞෂණ කාමරයක් නොමැති විට මෙලෙස එල්ල ගත් වගා මළු කළු පොලිතිනයකින් ආවරණය කිරිමෙන්ද බීජෞෂණය කර ගත හැකිය. දිලිර වර්ධනය සම්පුර්ණ වීම සාදහා දිග 10 - 15 ගත වේ. එම කලය තුල වගාව මළු හොඳින් නිරික්ෂණය කල යුතු අතර ආසාදිත වගා මළු ක්‍රමනුකුලව විනාශ කර දමන්න.


වගාමළු මල් ලබා ගැනීමට විවෘත කිරීම

මල් ලබා ගැනිම සදහා අවශ්‍ය සහ එම සාධක ලැබෙන පරිදි සකසා ගත් වගා ගෘහය පිළිබද තොරතුරු ලී කුඩු මාධ්‍ය තුල වගාවේදී පැහැදිලිව දක්වන ලදි. මෙහිදී දිලීර වර්ධනය වු වගා මලු එල්ලා තැබීම සදහා පෙර පරිදිම අඟල් 06 - 07 පරතර ඇතිව තිරස් අතට ගසන ලද අඟල් 2× 2 ලී අධාරක තිබිය යුතුය. දිලීර වර්ධනය වු වගාමළු වගා ගෘහය තුලට ගෙනවිත් පෙර පරිදිම එල්ලන්න. ජීවාණුහරණය කර ගත් බ්ලේඩි එකක් ආධාරයෙන් අගල් ½ ක් පමණ තිරස් කැපුම් දාර 8-10 පමණ වන ලෙස වගා මල්ල පුරාවට යොදන්න. මල් ලැබෙන තෙක් දිනකට දෙවරක් එල්ලා ඇති වගාමළු මීදුමක් ලෙස ජලය ඉසින්න.



අස්වනු නෙලීම සහ වෙළඳපොලට ඉදිරිපත් කිරිම

මෙය ලී කුඩු මාධ්‍ය තුලදී සදහන් කල පරිදිම සිදු කරන්න. කිලෝග්‍රැම් 1.5 වු වගා මල්ලකින් මාස 1-101/2 ක් තුල අස්වැන්න 500 -700 ලබා ගත හැකිය. මෙලෙස අස්වනු නෙලන කාලය තුල වාගා මල්ල ඇතුලේ කැපුම් දාර නොයෙදු තැන් වල කුඩා මල් කැකුලු දැකිය හැක. එම මල් කැකුල මල්ල තුල තරමක් වර්ධනය වීමට ඉඩ හැර එම ස්ථානයේ කැපුම් දාරයක් ඇති කර එම ස්ථානයෙන් මල් පිටතට එමට සකසා වර්දනය වු පසු නෙලා ගන්න.
අස්වනු නෙලා අවසන් වු පසු පිදුරු කබනික පොහොරක් ලෙස ඕනැම වගාවකට යොදා ගත හැකිය.

පිදුරු බිම්මල් වගාව

හැඳින්වීම

මෙම බිම්මල් වර්ග චයිනීස්,ට්‍රොපිකල්, නන්හුවා, වෝමි මෂ්රුම් ලෙසද හදුන්වයි. උද්භිත විද්‍යාත්මක නාමය Volvariella volvacea ය. මෙය අතීතයේ මෙන්ම අදත් වර්ෂාවකින් පසු කමත් වල ඇති පිදුරු කදු වලින් කඩාගෙන විත් කෑම වේලට එක්කර ගත් රසවත් බිම්මල් වර්ගයකි.






කුඩා කුරුලු බිත්තරයක හැඩය ගන්නා අතර අලු පැහැතිය. එය වර්ධනය වන විට කුඩයක් හැඩය ගනි. වර්ධනය වු බිම්මලක් අලු දුඹුරු පැහැතිය. වර්ධනය වු බිම්මලක කොටස් ලෙස අලු දුඹුරු පැහැති

01.පාරිශුද්‍ර /මාතෘ රෝපිතය පිළියෙල කිරීම

මෙහි අදහස බිම්මලෙන් , බිම්මල් දිලීරය මාධ්‍යක් තුල වර්ධනය කර ගැනීමය.
  • බෝතල් ජීවානුහරණය සහ මාධ්‍යය සහිත බෝතල් පිළියෙල කිරීම
හිස් මි.ලි 200 ජෑම් හෝ පැතලි බෝතල් හොදින් සෝදා විනාඩි 30 ක් හොදින් උතුරන ජලයේ නටවා ගන්න. සාදාගත් PDA මධ්‍යයෙන් මි.ලි.15-20 ක් එම බෝතල් වලට දමන්න.හිස් ජෑම් බෝතල් භාවිතයේදී බෝතලයේ කට අඟල් 4 x 4 පොලිප්‍රොපලීන් කැබැල්ලකින් රබර් මුදුව ආදාරයෙන් ආවරණය කරන්න.







හිස් මි.ලි. 200 පැතලි බෝතල් භාවිතයේදී එහි කටට පුළුන් ඇබයක් ගසාකඩදාසියකින් රබර් මුදු ආධාරයෙන් එය ආවරණය කරගන්න. සාදා ගත් මාධ්‍යය සහිත බෝතල් ප්‍රෙෂර් කුකරය භාවිතයෙන් ජීවානුහරණය කර ගන්න. (පළමු වාෂ්පය පිටුව අවස්ථාවේ සිට විනාඩි 30 ක් ) පීඩනතාපකය භාවිතා කර ජීවාණුහරණය කිරී‍මේදී උෂණත්වය ‍සෙ. අංශක 121 පීඩනය වර්ග අඟලට රාත්තල් 15 සහ කාලය විනාඩි 20 ක් යොදාගන්න.
ජීවාණුහරණයට පසු ජෑම් බෝතල් සිරස් අතටද පැතලි බෝතල් තරමක් ඇල අතටද තබා මාධ්‍යය ඝණ වීමට තබන්න.





1.2 බිම්මල් පටකය මාධ්‍යයට

ආමුකූලනය කිරීම

මෙය සිදු කරනුයේ ජීවානුහරිත තත්ව යටතේය. මේ සඳහා අනවරත ප්‍රවාහක කුටිය හෝ අඩු වියදම් ආදේශක කුටිය භාවිතා කරයි. බිම්මල් පටකය ලබා ගැනීම සඳහා කෘමිහානි බැක්ටීරියා හෝ දිලීර ආසාදන නොමැති වර්ගයට ආවේනික ලක්ෂණ ඇති ඉහල අස්වැන්නක් දෙන බිම්මලක් තෝරා ගත යුතුය.





බිම්මලේ අනවශ්‍ය කොටස් ජීවාණුහරිත කතුරකින් ඉවත් කර දෙකට ඉරාගන්න. නටුව ජත්‍රවලට සවිවන ස්ථානයේ මැදින් සෙ.මි. 1-2 කොටසක් කතුරක් හෝ ෆෝසෙප් ඒකක ආධාරයෙන් වෙන්කර ඉහත ජීවාණුහරණය කර ගත් PDA මාධ්‍ය මත තබා දිලීරය වර්ධනය කර ගන්න.





මාධ්‍යය මත දිලීරය වර්ධනය සඳහා දින 7 – 14 කාලයක් ගත වන අතර එම කාලය භාජනයේ ඇති මාධ්‍යයේ ක්‍ෂේත්‍රඵලය මත රදා පවතී. දිලීරය වර්ධන කාලය තුල හොදින් නිරීක්ෂණය කර ආසාදන ආරක්ෂාකාරීව විනාශ කර දමන්න.









ධාන්‍ය බීජ සෑදීම
  1. මාතෘ බීජ සෑදීම
මාතෘ බීජ සෑදීම සඳහා වඩාත් සුදුසු වීදුරු බෝතලය. ජෑම් බෝතලේ ජීවාණුහරනය කරගත්ආකාරයට ජීවානුහරණය කරගන්න. ධාන්‍ය බීජ සෑදීමේදී මාතෘ බීජ සහ විකුනුම් බීජසෑදීම සඳහා වී භාවිතා වේ. මෙහිදී වී මිශ්‍රණය සාදා ගත යුතුය.
2.1 වී මිශ්‍රණය පිළියෙල කිරිම
කෘමිහානි නොමැති, නොපැලුන වී ගෙන ගොසින් ජලයෙන් සෝදා පිරිසිසු කර වී ඇට නොපැලෙන ලෙස තබාගන්න. ඩැඩි වතුර ඉවත් කර වී වල තෙතමනය 60-65% වන තුරු පිරිසිදු පත්තර කැබැල්ලක් මත තුනී කරන්න. පසුව පහත ප්‍රමිතියට රසායන ද්‍රව්‍යය මිශ්‍ර කර ගන්න.

වී බීජ කි. ග්‍රෑම් 1( වියලි බරට ) , කැල්සියම් කාබනේට් ග්‍රෑම් 5ක් , කැල්සියම් සල්ෆේට් ග්‍රෑම් 20

2.2 වී මිශ්‍රණය ජීවානුහරණය සහ පාරිශුද්‍ර රෝපිතය ආමුකූලනය කිරීම.

මෙම මිශ්‍රණය බෝතලයේ පරිමාවෙන් 2/3 ක් වන ලෙස පුරවා පුළුන් ඇබයක් ගසා පත්තර කැබැල්ලකින් එය ආවරණය කර පීඩන තාපෙ හෝ ප්‍රෙෂර් කුකරයක් මගින් පෙර පරිදිම ජීවානුහරනය කර ගන්න. නිවුනපසු ජීවානුහරිත තත්ව යටතේ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පාරිශුද්‍ර රෝපිතයෙන් මාධ්‍ය සහිත දිලීර කොටස් කිහිපයක් එක් කර සිලීරය වර්ධනය සඳහා දිලීර වර්ධන කාමරය තුල තබන්න.
දිලීර වර්ධනය දිනපතා නිරීක්ෂණය කර ආසාදනයන් ආරක්ෂාකාරීව දුටු විගස ඉවත් කල යුතුය. දිලිර වර්ධනය සම්පූර්ණ වීමට ගතවන කාලය බෝතලයේ ප්‍රමාණය මත රඳා පවතින අතර මි.ලි.500-700 බෝතලයක් සඳහා දින 10-14 ගතවේ. අමුකූලනය කර දින 5 සහ දින 10 දී බෝතලයේ වි ඇට එකිනෙක වෙන්වන පරිදි සෙලවීමෙන් වර්ධනය වේගවත් කර ගත හැකිය.







  1. විකිනුම් බීජ සෑදීම

මේ සදහා පෙලිප්‍රොපලින් මළු භාවිතා කරයි. ඝනකම ගේජ් 200 පළල අඟල් 7 වූ පොලිප්‍රොපලීන් වලින් අඟල් 10 දිගට මළු සාදා ගන්න.වී මිශ්‍රණය පළමු ආකාරයටම සාඳා ගන්න.ඉන් ග්‍රෑම් 200 බැගින් පොලිප්‍රොපලීන් මළු වලට දමා බෑගලේ කටට අඟල් විශ්කම්භය ඇති අඟල් ½ උස වූ PVC මුදුවක් ඇතුල් කර එහි සිඳුරට පුළුන් ඇබයක් ගසා ගන්න. පුළුන් ඇබය වැසෙන පරිදි මල්ලේ ඉහල කෙලවර ඇති පොලිප්‍රොපලීන කොටස නවා රබර් මුදුව ආදාරයෙන් රඳවා ගන්න. මෙය පෙර පරිදිම ජීවාණුහරණය කරන්න.






PVC මුදුවට පුළුන් ඇබය යොදා පිරිසිදු පත්තර කැබැල්ලකින් එය ආවරණය කර රබර් මුඳුවක් ආධාරයෙන්රදවාගන්න. මාතෘ බීජ යොදා මලු දිලීර වර්ධනය සඳහා දිලිර වර්ධන කාමරය තුල තබන්න. දිනපතා නිරීක්ෂණයෙන් ආසාදන ඇති විට ආරක්ෂාකාරීව ඉවත් කරන්න. දිලිර වර්ධනය දින10 දී වී ඇට එකිනෙක වෙන්වෙන ලෙස මිශ්‍ර කර දිලීර වර්ධනයට නැවත තබන්න.

සංරක්ෂිත රෝපිත පිලියෙල කිරීම

බිම්මල් බීජ නිෂ්පාදනාගාරයක් තුල සංරක්ෂිත රෝපිත තබාගැනීමේ දී බිම්මලක් නොමැතිවිට පාරිශුද්ධ රෝපිත යොදාගතහාකිය. රෝපිත සංරක්ෂණය සඳහා මි.ලි. 15 පරීක්ෂණ නල භාවිතා කරයි. මි.ලි 15 වු ජීවානුහරිත පරීක්ෂණ නලවලට යොදාගත් PDA මධ්‍යයෙන් මි.ලි 5 ක් දමා එහි කටට පුළුන් ඇබයක් ගසා කඩදාසි කැබැල්ලකින් එය ආවරණය කර ජිවාණුහරනය කරගන්න.
ජිවාණුහරණය නිමවූ විගසම තරමක ආනතියකින් පරීක්ෂණ නල ඇල අතට තබා ඇල අතට ඝන වූ මාධ්‍යය සහිත පරීක්ෂණ නල සාදා ගන්න.








පසුව එයට සාදාගත් පාරිශුද්‍ර රෝපිතයෙන් මාධ්‍ය සහිත දිලීර කොටසක් ආමුකූලනය කර දිලිර වර්ධනය කර ගන්න. මෙය ශීතකරනයක (400C) මාස 3-4 සංරක්ෂණය කර ගත හැකිය. කාලය අවසන් වූ පසු එය නැවතත් වෙනත් මාධ්‍යක් සහිත එනම් මෝල්ට් එක්ස්ට්‍රෑට් ඒගාර් සහිත පරීක්ෂණ නල වලට පාරිශුද්‍ර රෝපිත ආමුකුලනය කර දිලීරය වර්ධනය වූ පසු පෙර පරිදිම සංරක්ෂණය කර ගන්න.

2. ලී කුඩු බිම්මල් බීජ

ලී කුඩු මාධ්‍යය භාවිතා කර සාදන බිම්මල් බිජ ලී කුඩු බිම්මල් බීජය. අඩු වියදමකින් සැහැල්ලු ලී කුඩු භාවිතා කර පහසුවෙන් සදා ගත හැකි අතර වර්තමානයේ බිම්මල් වගා කරන බොහෝ රටවල ලී කුඩු බිම්මල් බීජ භාවිතා කරනු ලැබේ. ලී කුඩු +2 % CaCo3 +5% සෝයා පිට් ඉහත ආකාරයට ලී කුඩු මිශ්‍රණය අවශ්‍යය ප්‍රමාණයට ජලය එක් කරමින් සාදා අඟල් 7 පළල අඟල් 10 දිග ඝනකම ගේජ් 200 වූ පොලිප්‍රොපලීන් මාළු වලට දමා ධාන්‍ය බීජ සෑදීමේදී විකුණුම් බීජ සෑදූ ආකාරයට ජීවාණුහරණය කර පාරිශුද්ධ රෝපිතය එක්කර දිලීර වර්ධනය කරගන්න.
මෙය අස්වැන්න හානියකින් තොරව බිම්මල් වගාව එක්කර ගත හැකි බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

නිරෝගී බිම්මල් බීජ

නිරෝගී බිම්මල් බීජ හදුනා ගැනීමෙන් වගාවේදී ඇතිවන ආසාදන අවම කරගත හැකිය. නිරෝගී බිම්මල් බීජ, බීජ මාධ්‍ය පුරා වැඩී තිබිය යුතුය. වෙනත් දිලීර සහ බැක්ටීරියා ආසාදන නොතිබිය යුතු අතර බිම්මල් වලට ආවේණික සුවඳ තිබිය යුතුය.

1.දිලීර ආසාදන

බීජ මල්ල තුල වෙනත් දිලීර වර්ග වැඩී ඇති විට දිලීර ආසාදසෙන ලෙස සලකනු ලැබේ. බොහෝ විට කළු සහ කොල පැහැති පුස් වර්ග හමුවේ.

2.බැක්ටීරියා ආසාදනය

තෙත කහ පැහැති සෙවෙල ගතියක් ඇති ස්ථාන බැක්ටීරියා ආසදනය වූ ස්ථාන වල අතර බීජ මල්ලේ කට ඇඟිලි තුඩු වලින් තද කර නහයට ලං කිරීමේදී දුගඳක් හමනු ඇත.
ඔයිස්ටර් බිම්මල් බීජ සිසිල් අඳුරු ස්ථානයක සති 3-4 ද ශීතකරණයක ( සෙ.අංශක 4) සති 6 - 8 ද කල්තබා ගත හැකිය.බීජ යෙදීමට දින 2 - 3ට පෙර ශීතකරනායන් ඉවතට ගෙන බීජ යෙදීමට භාවිතා කල යුතුය. දිලීර වර්ධනය අඩු බීජ මාළු වී ඇට එකිනෙකට වෙන්වෙන පරිදි බීජ මල්ල සිදුරු නොවන ආකාරයට වෙන් කර මල්ල නවා අඳුරු ස්ථානයක තැබීමෙන් දිලීර වර්ධනය කරගත හැකිය.

පිදුරු බිම්මල් මාතෘ රෝපිත සෑදීම

පිදුරු බිම්මල් වගාව සඳහා අවශ්‍යය බිම්මල් බීජ පිදුරු මාධ්‍යය භාවිතා කර සාදාගනු ලැබේ. මේ සඳහා පිදුරු බිම්මල් පාරිශුද රෝපිතය පිදුරු බිම්මලක් භාවිතා කර කලින් සඳහන් කල ආකාරයටම සාදා ගත යුතුය.

පිදුරු බිම්මල් බීජ සෑදීමට

මාධ්‍යය පිලියෙල කිරීම

පිදුරු අඟල් 3 - 4 කැබලි වලට කපා වියලි බරට 2% අළු හුණූ ද්‍රාවණයක පැය 8 - 10 පොඟවා වැඩි ජලය වෑස්සීමට හැර තෙතමනය 65% සකසා ගන්න. මෙයට වියලි බරට 2% හාල් නිවුඩු එක්කර හොදුන් මිශ්‍ර කර ගන්න. අඟල් 7 ක් පළල ඝනකම ගේජ් 200 වූ පොලිප්‍රොපලීන් ගෙන අඟල් 12 ක් දිඟට මළු සාදා ගන්න. ඉහත මිශ්‍රණයෙන් ග්‍රෑම් 300ක් පොලිප්‍රොපලීන් මල්ලට දමා එහි කට නවා රබර් මුදුවකින් රඳවා ගන්න. මළු පෙර පරිදි ජීවානුහරණය කර නිවුනු පසු පිදුරු බිම්මල් පාරිශුද රෝපිතය ආමුකූලනය කර කට නවා දිලීර වර්ධනය සඳහා උෂ්ණත්වය සෙ.අංශක 30 -35 සකසා ඉන්කි්‍යුෙබ්යරය තුල තබන්න. දිලීර වර්ධනයට දින 14 - 16 ගතවේ. දිලීර වර්ධ කාලයේදී බීජ මළු හොදින් නිරීක්ෂණය කර ආසාදන අරක්ෂාකාරීව ඉවත් කරන්න. මෙලෙස සාදා ගත් මාතෘ බීජ වලින් පෙර පරිදිම විකුනුම් බීජ ද සාදා ගන්න. දිලීර වර්ධණය වූ බීජ මළු රෝස පැහැයක් ගන්නා අතර කිසිම විටෙක ශීතකරනයක ගබඩා නොකල යුතුය. අඳුරු ස්ථානයක මාස 2 - 3 ගබඩා කරතබා ගත හැකිය.

ඔයිස්ටර් බිම්මල් වගාවේ ගැටළු හදුනාගනිමු

බිම්මල් වගාකරුවන් වගාව ආරම්භයේදී මෙන්ම වගාව ආරම්භ කර ටික කාලයකට පසු ඇතිවන ගැටළු නිසි ආකාරව හඳුනා නොගැනීම නිසා සමහර වගාකරුවන් වගාව අතහැර දමන අවස්ථා ඇත. එබැවින් ගැටළු ගැන අවබෝධයක් තිබීම බිම්මල් වගාකරුවනට තම වගාව නඩත්තු කරගෙන යාමට මහගු රුකුලක් වනු ඇත. ගැටළු ඇති වීමට හේතූන් ලෙස.

  • නිවරදි තාක්ෂණය නොදැනීම
  • තාක්ෂණය නිවැරදිව භාවිතා නොකිරීම
  • කැපවීම හා ඉවසීම නොමැතිකම

මෙලෙස ඇතිවන ගැටළු පහත ආකාරයට වර්ග කල හැකිය.

  1. ආසාදන
  2. කෘමි හානි
  3. අවශ්‍ය අවස්ථාවලදී පරිසරික සාධක ප්‍රමිතියට අනූව ලබා නොදීම.

ආසාදන

ආසාදන බැක්ටීරියා හෝ වෙනත් දිලීර වේ.

බැක්ටීරියා ආසාදන

බැක්ටීරියා ඔයිස්ටර් බිම්මල් වගාව සඳහා ඇතිවන බැක්ටීරියා ආසාදන සියුඩමෝනාස් බැක්ටීරියා

(Pseudomonas) ආසාදනයයි. මෙය හදුනා ගැනීම ඉතාමත් පහසුය. කහ පැහැති, සෙවෙල ගතියක් සහිත අප්‍රසන්න ගඳකින් යුක්තය. පැතිරීම කෘමීන් හෝ ජලය මගීන් වේ. බැක්ටීරියා ආසාදනයේ බලපෑම වන්නේ බිම්මල් දිලීරය වර්ධනය බාලවීමය. එමගින් අස්වැන්නට හානි සිදුවේ .ආසාදන ඇතිවිය හැකි අවස්ථා පහත ආකාර වේ.

1)දිලීර වර්ධනය වන වගා මළු තුල බැක්ටීරියා ආසාදන

පාලනය

  • මාධ්‍යය සෑදීමට ගනු ලබන සහල් නිවුඩු හා ලී කුඩු ප්‍රමිතියට අනුකුලව ගැනීම
  • නිරෝගී බීජ භාවිතය
  • ජීවානුහරණය ප්‍රමිතියට සිදුකිරීම
  • ආසාදිත වගාමළු ආරක්ෂාකාරීව ඉවත් කිරීම

2) මල් පිපෙන වගමළු තුල හා බිම්මල් වල බැක්ටීරියා ආසාදනය.

පාලනය

ආසාදනය දුටු විටම පැතිරීම වර්ධනය සඳහා ආසාදිත වගා මළු ඉවත් කර ආරක්ෂාකාරී ලෙස වීනාශ කර දැමීම.ජලය යොදන අවස්ථාවේ ක්ලෝරීන් ග්‍රෑ.1ක් ජලය ලී. 01 ක දිය කර ඉසීම. සිමෙන්තියට ජලය යොදන විට ක්ලෝරීන් යෙදීම.

දිලීර ආසාදන

දිලීර ආසාදන ලෙස බහුලවම හමුවන දිලීර වර්ග 2 ක් ඇත. කළු පැහැති ඇස්පප්ලස් (Aspergilla) සහ කොල පැහැ ට්‍රයිකොඩෝමා (Trichoderma) දිලීරය. හදුනා ගැනීම පහසු අතර කළු පැහැයට සහ කොල පැහැති පුස් ලෙස ඇත. පැතිරීම වාතය මගින් . කෘමීන් මඟින් හා ජලය යෙදීමේදී විය හැකිය. බිම්මල් වගාවේදී මර්ධන ක්‍රමය ලෙස ආසාදන දුටු වහාම පැතිරීම පාලනය සඳහා එම වගා මළු එම ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂාකාරී ලෙස විනාශ කර දැමිය යුතුය. දිලීර ආසාදන වල බලපෑම වන්නේ බිම්මල් දිලීරයේ වර්ධනය බාල වීම මගින් අස්වැන්නට වන හනිය වේ. දිලීර ආසාදන ඇතිවිය හැකි අවස්ථා පහත ආකාර වන අතර මර්ධනය සදහා පහත ක්‍රියාමාර්ග ද අනුගමනය කල හැක.
1) දිලීර වර්ධනය වන වගාමළු තුල ආසාදනය

පාලනය

  • නියමිත ප්‍රමිතියට අනුකූල ලී කුඩු හා සහල් නිවුඩු භාවිතය
  • ජීවානුහරණය ප්‍රමිතියට අනූව සිදුකිරීම
  • නීරෝගී බීජ භාවිතය
  • වගාමළු සිඳුරු නොවන ලෙස සෑදීම හා ජීවණුහරණයේදී ද එලෙස බැරලයට දැමීම හා ඉවත් කිරීම.
  • බීජෞෂණ කාලය තුල කැරපොතු , මීයන්ගේ හා ලේනුන්ගෙන් වහානිය වලක්වා ගැනීම.

2) මල් පිපෙන වගාමළු වල දිලීර ආසාදන.

පාලනය

දුටු විගසම පැතිරීම පාලනය සඳහා වගා මළු ආරක්ෂාකාරී ලෙස ගෘහයෙන් ඉවත්කර විනාශ කර දැමිය යුතුය.

කෘමි හානි

බිම්මල් වගාවට හානි කරන කෘමීන් වර්ග කිහිපයකි

  • බිම්මල් මැස්සන් (Mushroom flies)
  • මයිටාවන්
  • කොලොම්බොලාවන් (Springtails)
  • කුරුමිණියන්

බිම්මල් මැස්සන්

මොවුන් වගා මළු වල මාධ්‍යයේ සහ බිම්මල් වල සුවඳට ආකර්ෂණයවේ. මොවුන් වගා මළු තුල හෝ බිම්මල් වල බිත්තර දමන අතර ඉන් ඇතිවන පණුවන් නිසා බිම්මල් වගාවට හානි සිදුවේ. බිම්මල් කෑමට නුසුදුසු තත්වයට පත්වන්නේ බිම්මල මත පනුවන් සිටීම දාර කා දැමීම සහ බිම්මල සිදුරු කර ඇතුලත කුහර සෑදීම නිසාය. මෙමගින් අස්වැන්නට හානියක්ද සිදුවේ.






3)වගා කාමරය තුල ඇති වගාමළු තුල සහ බිම්මල් වල පනුවන් දක්නට ලැබීම.




පාලනය සහ වලක්වා ගැනීම :

  • බිම්මල් මැස්සන් ඇතුළු නොවිය හැකි ලෙස නියමිත ප්‍රමිතියට කෘමි ප්‍රතිරෝධී දැල යොදා වගා ගෘහය සෑදීම.
  • වගා ගෘහයේ සිදුරු නොමැති වන පරිදි බිත්ති, වහල හා දොරවල් පවත්වා ගැනීම.
  • වගා ගෘහය අවට පිරිසිදුව තබා ගැනීම.
  • වගා ගෘහයට ඇතුළුවන දොර නිතරම වසා තැබිම.
  • දරුණු ලෙස බෝවීම වලක්වා ගැනීමට පහත ක්‍රියාවන් අනුගමනය කිරීම.
    • අස්වැන්න නිසිකල හැකි උදෙන්ම නෙලිම.
    • එකම වයසේ වගාමළු ගෘහය තුල පවත්වා ගැනීම.
    • කහ පොලිතීන් උඳුන් ගෘහය තුල භාවිතය. කහ පොලීතීන් කැබලි වල ග්‍රීස් ගල්වා තැනින් තැන කොඩි ආකාරයට එල්ලා තබන්න.
    • තැටියක ගීස් හෝ පොල්තෙල් ගල්වා ගෘහය තුලදී ඒ මේ අත වනමින් මැස්සන් ඇල්ලීමට සැලැස්වීම.
    • ආලෝක උගුල් භාවිතය - වොට් 5 කහපාට බල්බයක් රාත්‍රියට පැය 02 පමණ දල්වා තබන්න. බල්බයට යටින් තිරස අතට ග්‍රීස් හෝ පොල්තෙල් ගැල්වූ කහපාට පොලිතීන් එල්ලන්න. බල්බයට පැමිනෙ මැස්සන් වැටී පොලිතීනයේ ඇලවී විනාශ වේ. වගාමළු ඉවත් කල විගස එම ගෘහයේ බිත්ති රාක්ක ආදියට කෘමිනාශකයක් යොදා සති 1 පමණ වස තබා රාක්ක ඇතුළු සියළුම දේ මනාව පිරිසිදු කර ගැනීම.

කුරුමිණියන්

බිම්මල් වගාවට හානි කරන කුරුමිණියන් වර්ග හතරක් හදුනාගෙන ඇත.

මොවුන් බිම්මල් මැස්සන් මෙන්ම වගා මාධ්‍යයේ සහ මල්වල සුවඳට ආකර්ෂණය වන අතර බිත්තර දැමීම නිසා ඉන් ඇතිවන පනුවන් සහ පරිනත කුරුමිණියන් විසින් දිලීර ජාලයට සහ මල් වලට හානි කරයි. එමගින් අස්වැන්නට හානි සිදුවේ. කුරුමිනියන් බිම්මල් මැස්සන්ට වඩා විශාල බැවින් අතින් අල්ලා විනාශ කල හැකි අතර දක්නට ලැබෙන අවස්ථා, පාලන ක්‍රම වලක්වා ගැනීම බිම්මල් මැස්සන් හා සමානය.


මයිටාවන්

මයිටාවන් වර්ග 3ක් ඹයිස්ටර් බිම්මල් වගාවේදී හමුවන අතර මොවුන් බිම්මල් දිලීර ජාලය කා දමමින් හානි පමුනුවන අතර බිම්මලට හානි සිදු නොකරන නමුත් බහුලව බිම්මල තුල සිටීම නිසා අලවියේදී ගැටළු ඇති කරයි. හානිය විශාල වශයෙන් ඇතිවිට බිම්මලේ දාර හැකිලී යයි.

මයිටාවන් දැකිය හැකි අවස්ථා හා එය පාලනය / වළක්වා ගැනීම

  1. බිම්මල් බීජ වල
    • බිම්මල් බීජ වල මයිටාවන් ඇති විට බීජ යෙදීමට භාවිතා නොකර ආරක්ෂාකාරී ලෙස විනාශ කර දමන්න.
  2. බීජෞෂණ කාමරයේදී
    • දිලීරය වර්ධනය වන වගාමළු තුළ හදුනාගැනීම ඉතා පහසුය. දිලීර ජාලය කා දමන නිසා දිලීර වර්ධනය වූ ස්ථාන නැවතත් ලී කුජු පැහැය ගනී. තවද වගා මාධ්‍යය අන්වීක්ෂයකින් හෝ අත් කාචයකින් නිරීක්ෂනයේදී මයිටාවන් හදුනාගත හැකිය. මෙම අවස්ථාවේදී පාලනය සඳහා , බීජෞෂණ කාමරය පුරාවට හා වගාමළු වලට ජලයේ දියවන සල්ෆර් ග්‍රෑම් 07 ක් ජලය ලිටර්යක දිය කර දින 7 න් 4 -5 වතාවක් ඉවසන්න. වගාමළු විවෘත නොකර විනාශ කර දමන්න



3)මල් හටගන්නා කාමරයේදී මල් වල මයිටාවන් ඇති විට

පාලනය / වළක්වා ගැනීම

  • කොහොඹ නිස්සාරකර භාවිතය
  • සුදුළුණු + කොහොඹ නිස්සාරකර භාවිතය

කොහොඹ නිස්සාරකය

කොහොඹ ඇට ග්‍රෑම් 50 සිහින්ව කුඩු වන සේ කොටා ජලය මි.ලි. 500 ක් පමණ යොදා එක් රැයක් පෙගෙන්න තබන්න. පසු දින එය රෙදි කැබැල්ලකින් කීපවරක් පෙරා සබන් ග්‍රෑම් 05 ක් හෝ ටීපෝල් තේ හැදි 01 එක් කර එය ලීටර් 01 ප්‍රමාණයට ජලය එකතු කර හොදින් මිශ්‍ර කර වගාමළු වලට සහ වගා ගෘහයේ සැම තැනටම ඉසින්න. මිශ්‍රණය දින 7න් 7ට 4 -5 වතාවක් ඉවසන්න.

සුදුළුණු + කොහොඹ නිස්සාරකරය

සුඳුලුණු ග්‍රෑ. 20 හොඳින් අඹරා ජලය ස්වල්පයක දියකර පෙරාගන්න. එයට කොහොඹ තෙල් මි.ලී. 20 ක් එක් කරන්න. සබන් ග්‍රෑම් 5ක් හෝ ටීපෝල් තේ හැදි එකක් එක් කර එය ලීටර් 1 ක ප්‍රමාණයට ජලය එකතු කර හොඳින් මිශ්‍ර කර වගාමළු වලට සහ වගා ගෘහයේ සෑම තැනටම ඉසින්න. මිශ්‍රණය දින 7 න් 7 ට 4 - 5 වතාවක් ඉසින්න.

කොලොම්බෝලාවන් (Springtails)

මොවුන්ද මයිටාවන් මෙන් ඉතා කුඩා සතුන් වන අතර තටු රහිත පැනීමේ හැකියාවක් ඇත. අළු පාටය. මෙම කුඩා කෘමීන් දිලීර මාධ්‍යය ආහාරයට ගනිමින් ජීවත් වන අතර අධික ලෙස බෝ වූ විට වගා මළු වල සිට බිම්මල් ගෘහයේ කටයුතු කරන අයගේ අතට පනින නිසා අපහසුතා ඇති කරයි. මෙම හානිය ඇතිවීමට හේතු වගා මාධ්‍යය නිසි ලෙස ජීවානුමරණය නොකිරීමයි. හානිය වලක්වා ගැනීමට වගාමළු නියමිත පරිදි ජීවානුහරණය අවශ්‍යය වේ. මල් හටගන්නා අවස්ථාවේ හානිය ඇතිවුව හොත් සියළු මල් කඩාගත් පසුව වගාමළු කලට කොහොඹ ඇට නිස්සාරකය හෝ සුදුළුණු + කොහොඹ ඉසීම මගින් ද මර්ධනය කලහැකි වේ.

ලයිසිඩි කුරුමිණියා

මධ්‍යම ප්‍රමාණයේ කුරුමිණියෙකි. සිනිදු මල් පෙත්තක් වැනි තඳ රතු පැහැති පියාපත් හා කළු පැහැති ශරීරයක් ඇත. මෙම කුරුමිණියා බිම්මල් ගෘහයේ කණු වල වගාමළු මත හෝ වෙනත් ස්ථාන වල බිත්තර දමන අතර ඉන් බිහිවන කීටයන් විශාල ප්‍රමාණයේ පැතලි ශරීර සහිතය. ශරීරයේ පොතු වැනි පිට සැකිල්ලක් සහිත වේ.

වගාවට හානි සිදු නොකරත් මෙම කෘමීන් වගාවේ සිටීම අප්‍රසන්න බැවින් පාලනය කිරීම අවශ්‍ය වේ. මොවුන් ආසාදනය වන්නේ වගා ගෘහය අපිරිසිඳු වන අවස්ථා වනබැවින් වගාව පිරිසිදුව තබා ගැනිමෙන් ආසාදනය වලක්වා ගත හැකි වේ. මීට අමතරව කැරපොත්තන් මියන් ලේනුන් ගෙන්ද වගාමළු වලට බීජෞෂණ කාමරය තුලදී සහ මල් පිපෙන කාමර තුලදී හානි ඇතිවිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ද්විතිකව බැක්ටීරියා හෝ දිලීර ආසාදන ඇතිවිය හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ද්විතිකව බැක්ටීරියා හෝ දිලීර ආසාද ඇතිවිය හැකිය. හඳුනාගෙන මර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු වේ.

පහත සඳහන් කරුණූ පිලිබඳ අවධානය යොමු කරීමෙන් බිම්මල් වගාවේ කෘමි ආසාදන වලක්වා ගතහැකි වේ.

  1. වගා මාධ්‍ය පැය 2 -21/2 ක් ඉන්ධන පිරිමැසුම් ලිපක් භාවිතයෙන් නිසි පරිදි ජීවානුහරණය කර ගැනීම.
  2. වගාව කොටස් කීපයකට බෙදාගෙන වගාව පවත්වා ගැනීම . එනම්,
2.1 බීජෞෂණ කාමරය - බීජ යොදා දිලීර ජාලය වර්ධනය වන කාලය තුල වගාමළු තබන කාමරය
2.2 විවෘත කිරීමෙන් පසු මල් පිපීම ආරම්භ වන කාලය තෙක් තබන කාමරය.
2.3 මල් පිපීම ආරම්භ වූ පසු අස්වනු ලබාගැනීම හා විවෘත කර සති 10 පමණ කාලය දක්වා ගබඩා කරන කාමරය.
2.4 විවෘත කර සති 10 පසු වූ කොටස ඉවත් කරන ගබඩා කාමරය.
3. වගා ගෘහය ප්‍රමිතියෙන් යුතු කෘමි ප්‍රතිරෝධී දැල යොදා ආවරනය කිරීම.
4. ඇතුලත බිත්ති අතර සිඳුරු නොසිටින පරිදි දැල යොදා ආවරණය කිරීම.
5. වහලය හා බිත්ති අතර සිඳුරු නොසිටින පරිදි දැල යොදා ආවරණය කිරීම.
6. වගා ගෘහය තුල හා අවට පිරිසිදුව තබා ගැනීම.
7.
සාමාන්‍යය ව්‍යාවහාරයේ ගඳපාන, කටු හිඟුරු , බාලොයියා වැනි නම් වලින් ද, උද්භිද විද්‍යාත්මකව ලැන්ටනා කැමරා නමින් ද හඳුන්වනු ලබන ශාකයේ වියලි පත්‍ර කැබලි සහ පත්‍ර යුෂ මඟින් බිම්මල් වගාවන්හි පලිබෝධ පාලනය සාර්ථකව කරගත හැකි බව සොයාගෙන තිබේ.

වියලි පත්‍ර කැබලි වශයෙන් භාවිතා කිරීම.

පත්‍ර පවනේ වියලා කුඩු කරගන්න. මෙම පත්‍ර කුඩු පොලිප්‍රොපලීන් මාළු පුරවාගැනීම සඳහා සකසා ගන්නා ලී කුඩු අඩංගු මාධ්‍යය සමග කලවම් කරගන්න. අඟල් 14 x 7 ප්‍රමාණයේ පොලිප්‍රොපලීන් මල්ලකින් සාඳන වගා මල්ලක් සඳහා ලැන්ටනා පත්‍ර කුඩු ග්‍රෑම් 25 ක් පමණ අඩංගු වන ආකාරයට , එය එය ලීකුඩු අඩගු මාධ්‍යය සමඟ කවලම් කර ගන්න. ඉන්පසු සාමාන්‍යය පරිදි හුමාලයෙන් බඳුන් තැම්බිම සහ දිලීර බීජානු ඇතුල් කිරීම වැනි කටයතු සිදු කරන්න.


යුෂ වශයෙන් යෙදීම

බිම්මල් අස්වැන්න ලබාගැනීම සඳහා දිලීරය වර්ධනය වු පොලිප්‍රොපලීන් බඳුන් විවෘත කර අස්වනු නෙලන කාමරයේ තැම්පත් කරන අවස්ථාවේදී ලැන්ටානා පත්‍ර යුෂ බිම්මල් පැකට්ටුවේ විවෘත කර මුහුණතට ඉස්නයකින් ඉසින්න. ඉන්පසු බිම්මල් නෙලාගන්නා සෑම වාරයකටම පසුව පැකට්ටුවල මුහුණතට වඳින සේ මෙම පත්‍ර යුෂ නැවත ඉසින්න. යුෂ සකසාගන්නේ අමු ලැන්ටානා පත්‍ර හොදින් තලා, ජලය සමඟ මිශ්‍ර කර මිරිකා , රෙදි කැබැල්ලකින් පෙරා ගැනීමෙනි. මෙලෙස තලා හෝ කොටා ගන්නා සෑම පත්‍ර ග්‍රෑම් 200 සඳහාම ජලය ලීටරයක් බැගින් මිශ්‍රකර යුෂ ලබාගන්න. මෙම අන්දමට ලැන්ටානා පත්‍ර භාවිතා කල විට වැඩි බිම්මල් අස්වැන්නක්ද ලබාගත හැකි බව පෙනී ගොස් තිබේ.

අවශ්‍යය සාධක නිසි පරිදි ලබා නොදීමෙන් බිම්මල් වගාවට වන හානි

බිජෞෂණයේදී දිලීරය වර්ධනය පමාවීම - බීජෞෂණ කාමරය තුල ඇති වගාමළු වල දිලීර වර්ධනය වීම පමා වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා වගාමළු තුල මාධ්‍යය තඳ වීම නිසාය. බෝතල් වැනි දේ වලින් වගා මාධ්‍යය තද කිරීමෙන් වලකින්න.


වගාමළු පිලියෙල කිරීම යටතේ සඳහන් කල ආකාරයට වගා මල්ල සාදා ගන්න.වගා මාධ්‍යයට ජලය වැඩිවූ විට එක්තරා ස්ථානයක් තෙක් දිලීරය වර්ධනය වේ ඉන් ඉදිරියට මාධ්‍යයේ දිලීරය වර්ධනය නොවේ.

විවෘත කල වගාමළු වල කුඩා බිම්මල් කැකුළු කුණුවීම

අවශ්‍යය ප්‍රමාණයට වඩා ජලය යෙදීම නිසා - ජල පාලනය අවශ්‍යයි

බැක්ටීරියා ආසාදනය නිසා - බැක්ටීරියා ආසාදනයේදී මර්ධන ක්‍රියාවලිය අනුගමනය කරන්න.

විවෘත කල වගාමළු වල කුඩා බිම්මල් කැකුළු වියලී යෑම

වගා ගෘහය තුල උෂ්ණත්වය වැඩිවීමෙන් බිම්මල් කැකුළු වියලී යයි.



පාලනය :

01) නියමිත ප්‍රමිතියට ගෘහය සාදාගැනීම

02) ගෘහයේ සිමෙන්තියේ (පොලොවේ ) වතුර රදවා තැබීම

දිග නටු සහිත හැකිළුණු බිම්මල් හෝ දිග නටු සහිත කුඩා බිම්මල් හට ගැනීම.

පාලනය

වාතාශ්‍රය සහ ආලෝකය මඳවීම නිසා මෙය සිඳුවන බැවින් නියමිත ප්‍රමිතියට වගා ගෘහය සාදා ගන්න.අනවශ්‍යය ලෙස ගෘහය ආවරණය නොකරන්න.



බිම්මල් දුඹුරු පැහැ වීම.

ආලෝකය අවශ්‍යය ප්‍රමාණයට වඩා ඩැඩි වූ විට මෙය සිඳුවේ. නියමිත ප්‍රමිතියට ගෘහය සාදාගැනීම මෙයට විසදුමයි.

පිපුණු බිම්මල් කහපැහැ වීම.

අස්වනු නෙලීමට ඇති බිම්මල් වලට වැඩිපුර ජලය යෙදීම නිසා ‍මෙය සිදුවේ. මෙවැනි බිම්මල් කල්තබා ගත නොහැකිය. ඉක්මනින්ම කුණුවේ. එබැවින් ජලය යෙදීමේදී අස්වනු නෙලීමට ඇති මල් ගැන සැලකිලිමත් වන්න. තවද නියමිත දිනයේ බිම්මල් නෙලන්න.



කුඩා මල් හටගැනීම

මාධ්‍යයේ පෝෂක මදවීම , දුර්වල බීජ භාවිතය , එකවර බිම්මල් විශාල ප්‍රමාණයක් හටගැනීම සහ වගා මළු විවෘත කිරීමට පමාවීම යන සාධක මෙයට හේතු වේ.

දිලීර වර්ධනය වූ වගා මළු වල දැකිය හැකි කළු පැහැති ඉලිප්පුනු ගැටිති

බීජෞෂණය වන අවස්ථාවේ ඇති වගාමළු තුල සුදු පැහැ දිලීරයට අමතරව කළු පැහැති ඉලුප්පුනු ගැට දැකිය හැකිය. මෙය අසාදනයකින් තොරව පැහැදිලිව හදුනාගත හැකිය. එබැවින් මෙවැනි වගාමළු තුලින් මල් ලබා ගත හැකිය.


ආහාරයට ගනු ලබන දේශීය බිම්මල් වර්ග

ලංකාවට ආවේණික වූ බිම්මල් වර්ග රාශියක් හමු වුවද කෑමට ගත හැකි බව හඳුනාගෙන ඇත්තේ මින් කීපයකි. කෑමට ගතහැකි බිම්මල් හඳුනාගැනීම එතරම්ම සාර්ථක නොමෑති පර්යේෂණයක් වන බී ලූණු සමග වර්ණය වෙනස් වීමඳ පෙර ආහාරයට ගත් අයගෙන් විමසා හඳුනාගැනීමේ ක්‍රමයද මේ සඳහා භාවිතා කළ හැකිය. කෙසේ වුවද එකම බිම්මලට විවිධ ප්‍රදේශ වලදී විවිධ නම් භාවිතා වේ. නිවරදිව හදුනා නොගත් බිම්මල් ආහාරයට ගැනීමට නුසුදුසුය.

01.ඌරු පහ බිම්මල්

(ලෙන්ටිනස් ගයිගැන්ටියස්)

උද්භිත විද්‍යාත්මක නාමය Lentinus giganteus වේ. ලපටි බිම්මල් කැකුණු අළු පැහැති අතර දිග හැරුනු විට අඳුරු දුඹුරු පැහැයක් ගනී. මෙම බිම්මල් බහුලව හමුවන්නේ කපා ඉවත් කළ අවු 3 ක් පමණ පරණ කොස් , හපු වැනි ගස් වල ඉතිරි වු කොටස් අසලය. බිම්මල් 7 - 8 එකම ස්ථානයෙන් දින 7 - 8 කාල පරතරයක හටගන්නා අතර බිම්මල් ඉතා විශාලය. බර ග්‍රෑම් 750 - 950 අතර වේ. බිම්මලක සාමාන්‍යය ව්‍යුහයෙන් දැකගත හැකි වටරුල්ල මෙහි දැකගත නොහැකිය . හතු දන්ඩ සහ ජත්‍රය දැකිය හැකිය. හතු දන්ඩ අඟල් 8 - 10 දිගැති අතර ලා දුඹුරු පැහැයට හුරුය. ජත්‍රය යට පැත්ත තැලි පිහිටා ඇති අතර ලා දුඹූරු පැහැයක් ගනී. ජත්‍රය අවතල හෝ උත්තල විය හැකිය. මෙහි පැහැය ලා දුඹුරුය ජත්‍රයේ ඉහල පෘෂ්ඨයේ හා දාරයට අඟල් 1ක් පමණ ඉහලින් රවුමට තඳ දුඹුරු පැහැති ඇස් වැනි තිත් පේලියක් දක්නට ලැබෙන අතර කොරළ වැනි ස්වභාවයක් ද ගනී. ජත්‍රයේ විශ්කම්භය සෙ . මි . 30 - 35 පමණ වේ.

මෙම බිම්මලට සැර සුවඳක් ඇත. ආහාරයට ගන්නා අතර පිසූ විට ඌරු මස් හා සමාන රසයක් ඇති නිසා ඌරු පහ බිම්මල් ලෙස හඳුන්වයි.





  1. වැල් බිම්මල්

මෙයට විවිධ ප්‍රදේශ වලදී විවද නම් භාවිතා කරයි. ආහාරයට ගත හැකිය. වලය හා වටරැල්ලක් දක්නට නැත. පොලොවෙන් හටගනී. හතු දන්ඩ සුඳු පැහැතිය. ජත්‍රය ලා දුඹුරු පැහැයක් ගන්නා අතර එම පැහැය ජත්‍රයේ ඉහලට යත්ම තද පැහැති දුඹුරු පැහැයක් ගනී. තනි මල් ලෙස හටගනී.


03.කුකුල් බඩවැල් හතු
පොලොවෙන් හටගන්නා අතර හතු දණ්ඩේ පොලොව යට කොටස අඟල් 7 - 8 ක් දිගට ඇත. හතු දණ්ඩ හා ජත්‍රය සුදු පැහැති අතර එක ලග මල් 5 - 6 ක් හටගනී. ආහාරයට ගන්නා බිම්මල් වර්ගයකි.



04
.හීන් වැලි හතු



මෙයද පොලොවෙන් හටගන්නා කෑමට ගන්නා බිම්මලකි. හතු දන්ඩ ඉතා කුඩා අතර අඟල් 3/ 4 - 1පමණ උසය. ජත්‍රය සුදු පැහැති අතර එක ස්ථානයක බිම්මල් රාශි ලෙස හට ගනී.