හැඳින්වීම

ඉතිහාසය හා සම්භවය

  • උතුරු ඇමරිකාවේ (මෙක්සිකෝව) බඩඉරිඟු ශාකයේ සම්භවය සිදුවී ඇත. එය මෙයට වසර 5000 සිට 10,000කට පෙර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
  • එහෙත් එයට සම්බන්ධකම් ඇති (ඥාති) වල් දර්ශයක් ගැන වර්තමානයේ දැන ගන්නට නැත.
  • Teosinte නමැති ශාකය සමඟ හොඳින් මිශ්‍ර වන බැවින් එම ශාකය බඩඉරිඟු ශාකයේ සම්භවයට යම්කිසි සම්බන්ධයක් ඇති බව විශ්වාස කළ හැකිය.
  • 15 වන ශත වර්ෂයේ යුරෝපීය ගවේශකයින් විසින් ඇමරිකාව තරණයකළ අවස්ථාවේ, මුලින්ම කියුබානු වැසියන් බඩඉරිඟු ආහාරයට ගන්නා බව දැක, ලෝකයේ අනෙකුත් මහද්වීප කරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
  • මේ අනුව මෙම බෝගය 16 - 17 ශත වර්ෂ වල ලංකාවට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.
  • ලංකාවේ අවසාන රජවරුන් බඩඉරිඟු වගාව සඳහා රට වාසීන්ට අනුබල දුන් බවට තොරතුරු පවතියි.

වර්ගීකරණය

කුලය - Gramineae

උප කුලය -Panicoideae

වර්ගය - Maydeae

ගණය - Zea

උද්භිද විද්‍යාත්මක නම - Zea mays

ආර්ථික වැදගත්කම

වපසරිය

දිවයිනේ වියළි හා අතරමැදි කලාපවල බඩඉරිගු වගා කෙරෙන අතර අනුරාධපුර, අම්පාර, මොණරාගල, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් වගා කෙරේ.එම ප්‍රමාණය මුළු වගා බිම් ප්‍රදේශයෙන් 75% ඉක්මවයි.

දැනට වාර්ෂිකව වගා කෙරෙන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 30000 -50000 දක්වා පමණ වන අතර කිරිඉරිඟු නිෂ්පාදනය සඳහා වසරක් තුල එකම භූමියේ තුන් වරක් පමණ බඩඉරිඟු වගා කිරිම, ජල සම්පාදන පහසුකම් සහිත ප්‍රදේශ වල සිදුවන බැවින් නිවැරදි වගාබිම් ප්‍රමාණය මෙයට ඉහල අගයක් ගනියි.

දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය

ත්‍රීපෝෂ හා සත්ව ආහාර සඳහා වන බඩඉරිඟු අවශ්‍යතාවය වසරකට ධාන්‍ය ටොන් 125,000ක් පමණ පිටරටින් ආනායනය කෙරේ.මේ සඳහා රුපියල් මිලියන 1,200ක් පමණ වසරකට වැයවන බව සංඛ්‍යා ලේඛන පෙන්වයි.

මූල පද්ධතිය

විවිධ පැතිවලට විහිදීයන කෙඳිති මුල් පහතට වැඩේ.ඒවාගේ පැතිරීම ප්‍රභේදය, පසේ භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ස්වභාවය අනුව වෙනස් වේ.හොඳින් වාතාශ්‍රය ලැඛෙන හා තරමකට තෙතමනය සහිත සහ සරුසාර පස්වල මූල වර්ධනය ඉතාමත් හොඳින් සිදුවේ.ශාකය මල් පූදින අවස්ථාවට පත්වන විට කරු හා කයිරු මුල් කඳේ පහත පර්ව වලින් පසුව හටගනී.මූල වර්ධනයට බාධා වූ විට ඌනතා ලක‍ෂණ පෙන්වයි.

කඳ හා පත්‍ර

  • අකාෂ්ඨ කඳ, පර්ව හා අන්තර් පර්ව වලට ඛෙදී ඇත. සෑම පර්වයකින්ම පත්‍රයක් හටගනී.
  • ඉහළ පර්ව සිලින්ඩරාකාරය. පහළ පර්වවල ඇලි පිහිටා ඇත. ඇලියේ ඉහලින් පිහිටන අංකුර වලින් කරල් ද, පහලින් පිහිටන අංකුර රිකිළි බවට පත්වේ.
  • පත්‍ර හා පර්ව 6 සිට 20ක් දක්වා හටගනී. උස මීටර 1.5 සිට 3ක් දක්වා වැඩේ.
  • දෙපසට විහිදී යන පත්‍රවල යටි පැත්තේ වර්ග සෙ. මී. 1ට පූටිකා 10,000 - 15,000ක් ද, උඩු පැත්තේ 8000 සිට 10,000 දක්වා ද පිහිටයි.

ප්‍රජනක අවයව

  • ඒකගෘහී පරපරාගනය සහිත බඩඉරිඟුවල සියයට 90-97 ක පරපරාගනයක් සිදුවේ.
  • එක් පූමාංගී පුෂ්ප මංජරියකින් පරාග කණිකා මිලියන 10 සිට 20ක් නිපදවන බව සොයාගෙන ඇත.
  • ස්ත්‍රී පුෂ්ප මංජරිය කඳේ ඉහළ සිට 6 - 7 පර්වයේ සිට පහළට පිහිටයි.
  • මෙම අංකුරයේ කරලේ අන්තර් පර්ව කෙටි බැවින් පත්‍ර කොළපු එකමත එක පිහිටීම මඟින් ස්ත්‍රී පුෂ්ප මංජරිය සම්පූර්ණයෙන් ආවරණය කරයි.
  • පරාග කණිකා පැය 24ක් පමණ ද, කලංක දින 7 සිට 10ක් පමණ ද ජීව්‍ය වේ.
  • වියළි උෂ්ණ කාළගුණික තත්ත්වයන් කලංක (රැවුල) වර්ධනය ප්‍රමාද කරන අතර, පරාග පිටවීම ඉක්මන් කිරීම හේතුවෙන් බීජ හටගැනීම හා අස්වැන්න කෙරෙහි මෙම තත්ත්වයන් අහිතකර ලෙස බලපායි.
  • සිටුවා දින 55 - 60කදී පමණ පූමාංගී (පිරිමි) මල් ද එයට දින 3-5 කට පමණ පසුව ජායාංගී (ස්ත්‍රී) මල් ද පීදීම සාමාන්‍යයෙන් සිදු වේ.

කරල හා බීජය

  • ගසක කරල් එකක් හෝ කිහිපයක් හටගනී. කරලක බීජ පේළි යුගල ලෙස පිහිටයි. කරලක දිග සෙ.මී. 5 - 45ක් හා විෂ්කම්භය සෙ.මී. 3 - 8ක් දක්වා වේ.
  • බීජ ප්‍රමාණය 400 - 1000 දක්වා විය හැකි ය.
  • බඩඉරිඟු බීජය ඵලයකි. පරාගනය සිදුවී දින 20 - 25කින් කිරි කරල් සඳහාත්, දින 50 කදී පමණ වියළි අස්වැන්නත් නෙලා ගත හැක.
  • බීජ 1000ක්, ග්‍රෑම් 200 - 300ක් පමණ බර වේ.

බීජ වර්ණය

  • බීජ වර්ණයෙන්, ව්‍යුහයෙන් හා රසායනික සංයුතියෙන් විවිධ වේ.
  • මපොත්ත හා ඇලියුරෝන් තට්ටුවේ ස්වභාවය බීජ වර්ණය කෙරෙහි බලපායි.
  • ඉතාමත් බහුල වන්නේ කහ හා සුදු පැහැති ප්‍රභේදයි.
  • සුදු හා කහ පැහැති ප්‍රභේද මනුෂ්‍ය ආහාරයටත් (විවිධ ආහාර වර්ග සැකසීමටත් පිටි කර බිස්කටි නිෂ්පාදන සඳහාත්) කහ පැහැති ප්‍රභේද සත්ව ආහාර නිෂ්පාදනය සඳහාත් භාවිතා කෙරේ.

ආලෝකය

  • දවසේ ආලෝක කාලසීමාවේ දිග හා ආලෝක තීව්‍රතාවය අඛණ්ඩ වර්ධනය සඳහා වැදගත් සාධක වේ.
  • බඩඉරිඟු C4 ඛාණ්ඩයට අයත් වන බැවින් හොඳින් හිරුඑළිය ලැබීම අධික අස්වැන්නක් ලබා ගැනිම සඳහා වැදගත්ය.
  • ආලෝකයේ තීව්‍රතාවය හා ශාක පත්‍ර මඟින් අවශෝෂණය කෙරෙන ප්‍රතිශතය, ශාකයේ නිෂ්පාදනය කෙරෙහි සෘජුවම බලපායි.

උෂ්ණත්වය

  • බඩඉරිඟු ශාකයේ සාර්ථක වර්ධනය සඳහා ප්‍රශස්ත උෂ්ණත්වය සෙ. අ. 25 - 30 වේ. සෙ. අ. 35 ට අධික විට අස්වැන්න අඩු වේ. (එන්සයිම ක්‍රියාකාරිත්වය අඩු වන නිසා )
  • බඩඉරිඟු ශාකයේ වර්ධනය සඳහා සීමාකාරී අවම උෂ්ණත්වය සෙ. අ. 8 - 10 වන අතර උපරිම උෂ්ණත්වය තීරණය වන්නේ බොහෝ විට පසේ තෙතමනය හා අනෙකුත් පරිසර සාධක මතය.

මේරීමේ කාණ්ඩ

  • කෙටි වයස්, මධ්‍යම වයස්, වැඩි වයස් හා ඉතා වැඩි වයස් යන කාණ්ඩ දක්නට ඇත.
  • කෙටි කලකින් මෝරන ප්‍රභේද (දින 80-85) අඩු ජල තත්ත්වයන් යටතේ වගා කිරීමට සුදුසුය.
  • ලංකාවේ වගා කරන ප්‍රභේද මධ්‍යම වයස් කාණ්ඩයට අයත් වේ.
  • කෙටි වයස් ප්‍රභේද කන්න අතර වගාවට සුදුසු බැවින් ෙක‍ෂ්ත්‍රය ඵලදායිතාවය එමඟින් වැඩි කරගත හැකිය.

ජලය

  • ජලය වැඩිවීම මෙන්ම ඉතා අඩුවීම ද ශාකයේ වර්ධනයට බලපායි. ඒකක කේෂ්ත්‍රයකට ජලය සෙ. මී. 55 - 65ක් අවශ්‍ය කරයි. එහි ජල අවශ්‍යතාවය අධිකය.
  • වැඩි වශයෙන් ජලය අවශ්‍ය කරන්නේ මල් පිපෙන අවස්ථාවේ දීය.
  • උත්ස්වේදන සමාංකය ග්‍රෑම් 280 - 350ක් වේ. (වියළි ද්‍රව්‍ය ග්‍රෑම්. 1ක් සෑදීමට අවශ්‍ය ජලය ග්‍රෑම් ගණන).
  • ධාන්‍ය කි. ග්‍රෑම් 100ක් නිපදවීමට ජලය ටොන් 60 - 90ක් පමණ අවශ්‍ය කරයි.
  • වැඩුණු ශාකයකින් දිනකට ජලය ලීටර් 2ක් උත්ස්වේදනය මඟින් පිටකරන බැව් සොයාගෙන ඇත.
  • හොඳින් පැතුරුනු මි. මී. 375කට අධික වර්ෂාපතනයක් හා සිටුවන අවස්ථාවේ ප්‍රමාණවත් තෙතමනයක් තිබීම අවශ්‍යය.
  • කේෂ්ත්‍රධාරිතාවෙන් 60 - 75ක් තෙතමනය පසේ තිබීම අඛණ්ඩ වර්ධනයක් සඳහා හිතකරය.

පස

වඩාත්ම සුදුසු පසක් වන්නේ ගැඹුරු, සියුම් සංයුතියක් සහිත, හොඳින් වාතාශ්‍රය ලැඛෙන, හොඳින් ජළය රඳවා ගන්නා හා කාබනික ද්‍රව්‍ය අඩංගු පසක් වේ. පී. එච් අගය 6 - 7ක පසකින් නිවැරදි වගා ක්‍රම භාවිතයෙන් හා පොහොරයෙදීමෙන් සතුටුදායක අස්වැන්නක් ලබාගත හැකිය.ගැඹුරු පසක අධික ජලය ප්‍රමාණයක් (ශාක පෝෂක) රඳවා ගත හැකි බැවින් වියළි තත්ත්වයන් යටතේ අවම හානියක් ඇති කරයි.

එමඟින් ජලය සම්පාදනය කළයුතු වාර ගණන අවම කරගත හැකියි.

බීජයේ සංයුතිය

  • බඩඉරිඟු බීජය
    • පොත්ත (6% - 8%*
    • භ‍්‍රෑණපෝෂය (82 - 84%*
    • කළලය (10 - 12%*

යන කොටස් වලින් සමන්විත වේ. එබැවින් භ‍්‍රෑණපෝෂය මඟින් බීජයේ සංයුතිය තීරණය වේ.

  • බඩඉරිඟු බීජයක ප‍්‍රධාන සංඝටක වන්නේ,
    • පිෂ්ඨය (75% - 77%*,
    • ප්‍රෝටීන් (9% - 10%*,
    • සෙලියුලෝස් හා සීනි (7%*,
    • තෙල් (5%*
    • ඛණිජ ද්‍රව්‍යයන් (2% - 3%* ය.
  • භ‍්‍රෑණපෝෂයේ සංයුතිය මත බඩඉරිඟු විවිධ ප‍්‍රභේද ඇතිවී ඇත.
  • තද (FLINT) ප‍්‍රභේදවල තද භ‍්‍රෑණපෝෂය අධික වශයෙන් අඩංගු වීම හේතුවෙන් බීජයේ මතුපිට රවුම් ස්වාභාවයක් ඇති කරයි.
  • හැකිලූනු (DENT) ප‍්‍රභේදවල දැඩි භ‍්‍රෑණ පෝෂය අඩුවෙන් ඇති අතර ඒවා බීජයේ පැතිවල පමණක් තැන්පත්ව ඇත.
  • එබැවින් බීජ මධ්‍යය මෘදු භ‍්‍රෑණ පෝෂය සහිත බැවින් වියලෙන විට බීජය තුලට හැකිලීමක් එහිදී සිදුවේ.
  • පැණිරස ප‍්‍රභේදවල ^SWEET CORN& (Zea mays var Sachcharata) වීදුරුමය භ‍්‍රෑණ පෝෂයක් ඇති අතර දැඩි භ‍්‍රෑණ පෝෂය අඩංගු නොවේ.
  • සීනි පිෂ්ඨය බවට හැරවීම මෙහිදී අඩුවීම හේතුවෙන් වියළීමේදී බීජ තදින් හැකිලී යයි.
  • විළඳ සඳහා භාවිතා කරන ප‍්‍රභේදවල (Zea mays var Everta) භ‍්‍රෑණ පෝෂයේ දැඩි භ‍්‍රෑණ පෝෂය අඩංගුවන අතර තදින් ඇසිරීම හේතුවෙන් භ‍්‍රෑණ පෝෂයේ දැඩිස්වභාවයක් හටගෙන ඇත.
  • පිෂ්ඨ කණිකා ප්‍රෝටීන් ජාලයක තැන්පත්වී ඇති අතර උෂ්ණත්වය වැඩිවීමක දී අධික ප‍්‍රසාරණයකට භාජනය වීමෙන් පරිමාව 15 - 25 ගුණයකින් ගුණනය වේ.

නිෂ්පාදන වියදම

  • බඩඉරිඟු නිෂ්පාදන වියදම, වෙනස් වගා තත්ත්වයන් යටතේ වෙනස්වන අතර ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා අනුව වර්ෂා පෝෂිත තත්ත්වයන් යටතේ වගා කෙරෙන විට හෙක්ටයාරයක වගාවක් සඳහා රුපියල් 25,000ක් පමණ මුදලක් වැයවේ.
  • මෙහිදී භාවිතා කෙරෙන්නේ යූරියා පොහොර පමණක් නිසාත් පවුලේ ශ‍්‍රමය භාවිතා කිරීමත් හේතුවෙන් අඩු නිෂ්පාදන වියදමක් වාර්තා වේ.
  • නිර්දේශිත පොහොර ප‍්‍රමාණය යෙදීමත්, කම්කරු ශ‍්‍රමය පිටතින් සපයා ගැනීමත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමත් මත මෙම අගය වෙනස් වේ.
  • මෙහිදී භාවිතා කර ඇත්තේ යූරියා කි.ග‍්‍රෑම් 140ක් හා කම්කරුවන් 4 - 6ක් පමණ වේ.
  • මෙම පොහොර ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවන නිසා අස්වැන්නද සමානුපාතිකව අඩු මට්ටමක් පෙන්නුම් කරයි. එය හෙක්ටයාර් එකකට කි.ග‍්‍රෑම් 2,900ක් පමණ වේ.
  • මේ මත ආදායම ද තීරණයවන අතර හෙක්ටයාරයක ධාන්‍ය සඳහා කරන වගාවකින් රුපියල් 41,000ක් පමණ ආදායමක් බලාපොරොත්තු විය හැකිවේ.
  • මේ අනුව රුපියල් 16,000ක් පමණ ලාභයක් අපේක්‍ෂා කළ හැකිවේ.
  • කිරිඉරිඟු නිෂ්පාදනයේ වියදම් ඇස්තමේන්තු හා සංගණන මෙතෙක් සිදු නොවන නමුත් පවත්නා තත්ත්වයන් යටතේ කිරි ඉරිඟු කරලක් රුපියල් 2 - 3ක අවම මිලකට ගොවිපලේදී අලෙවි කළ හැකිය.
  • මේ අනුව හෙක්ටයාරයක වගාවකින් රුපියල් ලක්‍ෂයක පමණ ආදායමක් පහසුවෙන් ලබාගත හැකි අතර රුපියල් පනස්දහසක පමණ අවම ලාභයක් ලබාගත හැකිය.
  • කරලක් රු. 3 කට හෙක්ටයාර එකක වගාවකින් කරල් 40,000 ක් අලෙවිකර ගැනීමෙන් මෙම මුදල උපයා ගතහැකිය.
  • කෙසේ වුවද කිරිඉරිඟු නිෂ්පාදනය කෙරෙන විට සියලූම යෙදවුම් නිර්දේශීත පරිදි යෙදවීමටත්, මුදලට කම්කරු ශ‍්‍රමය ලබාගැනීමටත් හැකිවන පරිදි සතුටුදායක ලාභයක් ලබාගත හැකිවන මිලකට ඒවා අලවි කරගත හැකිවේ.

දැනට වගාවේ ඇති ගැටළු

  • බොහෝ බඩඉරිඟු ගොවීන් තවදුරටත් පාරම්පරික වගා ක‍්‍රම භාවිතය හා නිවැරදි පැළගහනය පවත්වා නොගැනීම
  • වැඩි දියුණු කළ ප‍්‍රභේද භාවිතා නොකිරීම හා එවැනි ප‍්‍රභේද භාවිතය ඉතාමත් සීමිත මට්ටමක පැවතීම
  • පොහොර භාවිතා නොකිරීම හෝ ප‍්‍රමාණවත් පොහොර භාවිතයක් නොවීම (නිවැරදි ප‍්‍රමාණ භාවිතා නොවීම)
  • වල් පැළෑටි, රෝග හා පළිබෝධ පාලනය නොකිරිම නිසා ඉතාමත් අඩු අස්වැන්නක් ලබාගනී

බෝගයේ සාර්ථක වර්ධනයට අවශ්‍ය පරිදි බිම් සකස් නොකිරිම හා බොහෝ අවස්ථාවල මූලික බිම් සකස් කිරීමක් නොවීම. (සාර්ථක අස්වැන්නක් ලබාගැනීම සඳහා තෝරාගනු ලබන කේෂ්ත‍්‍රය හොදින් ආලෝකය ලැබෙන ගැඹුරු සාරවත් එකක් විය යුතුය).

  • කෙසේ වුවද බඩඉරිඟු වගාව ආර්ථික වශයෙන් ලාභදායක නොවීම හේතුවෙන් අතීතයේ බඩඉරිඟු වගාව කෙරෙහි ගොවීන් පෙළඹීමක් නොවුන ද බඩඉරිඟු වගාව ලාභදායක වීමත් සමඟම නව වගා ක‍්‍රම කෙරෙහි ගොවීන්ගේ නැඹුරුවක් දකින්නට පුළුවන.
  • බෝගයෙන් ස්වයංපෝෂිත තත්ත්වයක් ලබාගැනීමට නව තාක්‍ෂණය භාවිතය ඉතාමත් ඉහළ මට්ටමකට පැමිණිය යුතුය.
  • දේශීය බඩඉරිඟුවල ඇති අසතුටුදායක තත්ත්වයන් හේතුකොටගෙන බොහෝ සත්ත්ව ආහාර නිෂ්පාදකයින් තව දුරටත් ආනයනික බඩඉරිඟු භාවිතයට පෙළඹී සිටියි.
  • අස්වැන්න නෙලාගත් පසු කරල් ගොඩගසා තැබීම, ඉක්මණින් වියලා නොගැනීම, අපිරිසිදු භාජන හා ස්ථානවල ඇසිරීම ආදී නුසුදුසු ක‍්‍රියා හේතුවෙන් මෙලෙස දේශීය නිෂ්පාදනවල ගුණාත්මය පහත වැටී ඇත.
  • ඉක්මනින් වියලා ගැනීමත්, හානියට පත් හා රෝගී කරල් ඉවත් කිරීමත්, නිවැරදි ගබඩා ක‍්‍රම භාවිතයත් පිළිබඳ උපදෙස් හා පහසුකම් සැපයීම විශේෂයෙන් වාණිජ වගාවන්හි යෙදෙන ගොවීන් වෙත ලබාදීම අවශ්‍යතාවයකි.
  • එබැවින් දේශීය නිෂ්පාදකයින් පිරිසිදු නිෂ්පාදන ඉදිරිපත් කිරීම ගැන දැඩි අවධානයක් යොමු කළයුතුය.
  • කුරුල්ලන්ගෙන් හානියට පත් හා රෝගී කරල් ඉවත් කිරීමත්,අස්වැන්න නෙලාගත් පසු වියළීමේ හා සකස් කිරීමේ නවීන ක‍්‍රම භාවිතයත්, නිරෝගී හා පිරිසිදු නිෂ්පාදනයක් ලබා ගැනීමට උපකාරී වේ.
  • රාජ්‍ය නොවන ආයතන කිහිපයක් මඟින් ගොවීනට අවශ්‍ය පහසුකම් සැපයෙන අතර, පොහොර සහනාධාර මෙන්ම ගොවීනට සතුටුදායක මිලකට මිලදී ගැනීමට හැකි වීම
  • මෙයට අමතරව බැංකු ණය පහසුකම් සපයාදීම
  • වගා උපදෙස් ලබාදීම
  • ගබඩා ආදී අනෙකුත් පහසුුකම් ලබාදීම
  • රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය මඟින් ප‍්‍රමිතියට අනුකූලව පිරිසිදු බීජ නිෂ්පාදනය කර ගොවීනට සැපයීම, ගොවීන් හා අදාල කේෂ්ත්‍ර නිලධාරීන් පුහුණු කිරීම

ප්‍රභේද

අරුණ

  • බීජ ලා තැඹිලි පැහැති වේ.
  • පැළ සිටුවීමෙන් පසු, අස්වනු නෙලීම සඳහා දින 90 - 100 (මාස 3)පමණ ගතවේ.
  • සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 4ක් පමණ වේ.
  • අන්තර් බෝග වගාව සඳහා යෝග්‍යය.
  • යල කන්නයේ වගා කිරීම සඳහා සුදුසුයි.
  • ශාක, මිටි බැවින් ගස් වැටීමට ඔරොත්තු දෙයි.

භද්‍රා

  • බීජ තද තැඹිළි පැහැති වේ.
  • බීජ සිටුවීමෙන් පසු අස්වනු නෙලිම සඳහා දින 110 (මාස 3 - 3 1/2) පමණ ගතවේ.
  • සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 4ක් පමණ වේ.
  • මහ කන්නයේ වගාවට සුදුසුයි.
  • නිර්දේශිත පරතරය, පැළ ගහනය පවත්වා ගැනීම හා නිසරු ගස් ඇතිවීම වළක්වා ගැනීමට වැදගත් වේ.
  • බීජ සුදු පැහැති වේ.

මුතු

  • පැළ සිටුවීමෙන් පසු, අස්වනු නෙලීම සඳහා දින 110 (මාස 3 - 3 1/2) පමණ ගතවේ.
  • සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 5ක් පමණ වේ.
  • මුතු ප‍්‍රභේදය බේකරි නිෂ්පාදන සඳහා වඩාත් සුදුසුය.

රුවන්

  • බීජ තැඹිළි පැහැති වේ.
  • පැළ සිිටුවීමෙන් පසු, අස්වනු නෙලීම සඳහා දින 110 (මාස 3 1/2) පමණ ගතවේ.
  • සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 4ක් පමණ වේ.
  • මහ කන්නයේ වර්ෂා පෝෂිත වගාවකට සුදුසුයි.
  • ගස් උස නිසා නිවැරදි පරතරයට සිටුවීම හා ආලෝකය හොඳින් ලැබෙන පරිසරයක් තෝරා ගැනීම වැදගත් වේ.

විළඳ ඉරිඟු Popcorn (Zea mays everta)

  • මෙම ඛාණ්ඩයට අයත් ප‍්‍රභේදවල තද කණිකාමය භ‍්‍රෑණපෝෂයක් සහිත වන අතර කුඩා බීජ වලින් යුක්තය.
  • එක් ඛාණ්ඩයක බීජ උල් හැඩයක් ගන්නා අතර අනෙක් ඛාණ්ඩයේ බීජ රවුම් හැඩයක් ගනී. බීජ හැඩයෙන් හා වර්ණයෙන් විවිධය.
  • ගසක කරල් කිහිපයක් හට ගැනීමට ඉඩ ඇත. කලින් මේරීමට පත්වේ.

තෙතමනය සියයට 10 - 15ක් සහිත බීජ ප‍්‍රමාණවත් උෂ්ණත්වයක් ලබාදුන් විට පිෂ්ඨ කණිකා ගිලී පවතින කණිකාමය ප්‍රෝටීන් ජාළයකට මැදිව පවතින මෙම තෙතමනය වාෂ්ප බවට පත්වේ.එම වාෂ්ප පීඩනය අධික පිපිරීමකින් පිටවීමේ ප‍්‍රතිඵලයක් ලෙස පිෂ්ඨ කණිකා ප‍්‍රසාරණය වීමෙන් විළඳ බවට පත්වේ.හොඳ ගුණාත්මයකින් යුක්ත ප‍්‍රභේදයක් එහි ප‍්‍රසාරණය 15 - 25 ගුණයකින් වැඩිකර ගනියි.තෙතමනය සියයට 8ට අඩුවෙන් හා සියයට 15ට අධිකව අඩංගු බීජ ප‍්‍රසාරණය වන්නේ සියයට 12 - 13ක් තෙතමනය සහිත බීජවල ප‍්‍රසාරණයෙන් අඩක් පමණ වේ.

පැණිරස ඉරිඟු SweetCorn ( Zea mays sachcharata)

පැණිරස ඉරිඟුවල කරල් උදෑසන අස්වැන්න නෙළාගත් පසු හැකි ඉක්මනින් වෙළඳපොල වෙත ප‍්‍රවාහනය කල යුතුය. අස්වැන්න නෙලාගෙන පැය 24ක් ගතවන විට අඩංගු සීනි ප‍්‍රමාණයෙන් අඩක්ම රසය සමඟ පිරිහෙන්නට හේතුවන බැවින් මෙය ඉතාමත් වැදගත් කාර්යයක් වේ.පැණිරස ඉරිඟු බීජ පාරාන්ධ ස්වභාවයක් ගන්නා අතර මේරිමේදී හැකිලීමට භාජනය වේ. මේරීමට හා වියළීමට පෙර පැණිරසයකින් යුක්ත වන අතර භ‍්‍රෑණපෝෂයේ සීනි හා පිෂ්ඨය දෙකම අඩංගුවීම මෙයට හේතුවයි.සම්පූර්ණයෙන් වැඩුණු පිෂ්ඨ කණිකා නිපදවීමට මේවාට හැකියාවක් නොමැතිවීම මෙම තත්ත්වය ඇතිවීමට හේතුව ලෙස සොයාගෙන ඇත.සම්පූර්ණ ඇටයම ටින් කිරීමට හෝ මදය පමණක් සූරාගෙන ටින්කර භාවිතයට ගත හැකි ය. සම්පූර්ණ කරලම තම්බා ආහාරයට ගැනීම වඩාත්ම පොදු ක‍්‍රමයයි.මෙම ඛාණ්ඩයට අයත් ප‍්‍රභේදවල ශාක සාමාන්‍යයෙන් කුඩාවන අතර කලින් මේරීමට පත්වේ. සත්ත්ව හා කෘමිහානි අධික බැවින් හොදින් රැකබලා ගත යුතුය.

සම්පත් Sampath

  • දෙමුහුම් ප‍්‍රභේදයකි.
  • සිටුවා දින 105කින් පමණ වියළි අස්වැන්න ලබාගත හැකිය.
  • සාමාන්‍ය පාලනය යටතේ හෙක්ටයාරයකින් බීජ ටොන් 5- 6ක් පමණ ලබා ගත හැකිය.
  • වියළි තත්ත්වයන්ට තරමක් ඔරොත්තු දෙයි.
  • ශාක මධ්‍යම උසකින් යුක්තය.
  • කිරි ඉරිඟු හා ධාන්‍ය යන දෙකටම වගා කළ හැකිය.

කේෂ්ත‍්‍රය සකස් කිරීම

  • සිටුවීම සඳහා බිම් සකස් කිරීමේ දී සෙ.මී. 15-20 ගැඹුරකට පස පෙරළීම, කැට පොඩි කිරීම, වල් මර්ධනය, පස බුරුල් කිරීම, පස මට්ටම් කිරීම හා සියුම්කර ගැනීම අපේක්‍ෂා කෙරේ.
  • බිම රැලි සහිත නම් හෝ වාරි ජලය මඟින් වගා කිරීමට අදහස් කරන්නේ නම්, ඇලි සහ වැටි සහිත බිම් සැකසීමක් යෝග්‍ය වේ.
  • වල් පැළෑටි වලින් ගහණ නම්, දෙවතාවක්වත් බිම පෙරලීම වැදගත් වේ.
  • බඩඉරිඟු ශාකයේ මුල අඩි 4ක් දක්වා වර්ධනය විය හැකි බැවින් ගැඹුරු පසක් තිබීම ඉතාමත් සුදුසුය.
  • පසේ ගැඹුර වැඩිවන විට අස්වැන්න වැඩිවන බව ද සෙ. මී. 45 දක්වා අස්වැන්න ක‍්‍රමයෙන් වැඩිවන බව ද අධ්‍යනයකින් පෙනී ගොස් ඇත.
  • ගැඹුරු පසක සිටුවන ලද බඩඉරිඟු වගාවකින්, නියඟයට වඩාත් සාර්ථක ඔරොත්තු දීමක් අපේක්‍ෂා කළ හැක.

කේෂ්ත‍්‍ර ස්ථාපනය

ක්‍ෂුද්‍ර ජල සම්පාදනය, වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ හා විසිරුම් ජල සම්පාදන තත්ත්වයන් වලදී, ප‍්‍රමාණවත් තෙතමනයක් පසේ පවත්වා ගැනීමට තැනිතලා පසක සිටුවීම සුදුසුය.ජල සම්පාදන හෝ අධික වර්ෂාවක් ලැබෙන ප‍්‍රදේශවල වැඩි ජලය ඉවත්කර ගැනීම සඳහා පාත්ති හෝ වැටි මත සිටුවීම සුදුසු ය.වියළි ප‍්‍රදේශවල කාණුවල ද සිටුවීම කළ හැකිය.ක්‍ෂුද්‍ර ජල සම්පාදනය, වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ හා විසිරුම් ජල සම්පාදන තත්ත්වයන් වලදී, ප‍්‍රමාණවත් තෙතමනයක් පසේ පවත්වා ගැනීමට තැනිතලා පසක සිටුවීම සුදුසුය.ජල සම්පාදන හෝ අධික වර්ෂාවක් ලැබෙන ප‍්‍රදේශවල වැඩි ජලය ඉවත්කර ගැනීම සඳහා පාත්ති හෝ වැටි මත සිටුවීම සුදුසු ය.වියළි ප‍්‍රදේශවල කාණුවල ද සිටුවීම කළ හැකිය.ක්‍ෂුද්‍ර ජල සම්පාදනය, වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ හා විසිරුම් ජල සම්පාදන තත්ත්වයන් වලදී, ප‍්‍රමාණවත් තෙතමනයක් පසේ පවත්වා ගැනීමට තැනිතලා පසක සිටුවීම සුදුසුය.ජල සම්පාදන හෝ අධික වර්ෂාවක් ලැබෙන ප‍්‍රදේශවල වැඩි ජලය ඉවත්කර ගැනීම සඳහා පාත්ති හෝ වැටි මත සිටුවීම සුදුසු ය.වියළි ප‍්‍රදේශවල කාණුවල ද සිටුවීම කළ හැකිය.

බීජ අවශ්‍යතාවය

විවෘත පරාගනයවන ප‍්‍රභේද සඳහා කි. ග‍්‍රෑ. 20ක් ද දෙමුහුම් බීජ සඳහා කි. ග‍්‍රෑ. 12ක් දහෙක්ටයාරයකට අවශ්‍ය වේ .මෙහිදී විවෘත පරාගනය සහිත ප‍්‍රභේදවල බීජ ප‍්‍රරෝහණය අඩුවීම හා දුර්වල දිරිය බලපායි.

රෝග හා කෘමි හානි

කෘමි හානි

පුරුක් පණුවා - කයිලෝ පාටෙලස්

සුහුඹුලා -පිදුරු පැහැති සලබයෙකි

කීටයා -ලපටි කීටයෝ කුඩාය. ලා කහ පැහැතිය. කළු පැහැති ලප සහිතය.වැඩුණු කීටයින් මිලි මී. 20-25 ක් පමණ         දිගැතිය.

පිලවා -පිලා අවධිය කඳෙහි ගත කරයි.

හානිය

  • හානියේ මුල් අවධියේ දී ළපටි පැළවල පත‍්‍රවල ඕවලාකාර සිදුරු දක්නට ලැබේ.
  • මෙම හානිය ළපටි කීටයන් විසින් සිදුකරයි.
  • වැඩුණු කීටයන් පැළවල වර්ධක ස්ථානයට හානි කිරීම නිසා මළ හදවත නම් තත්ත්වය ඇතිවේ.
  • පැළවල වර්ධනය අඩුවේ.
  • පහසුවෙන් ඇද වැටීමට පාත‍්‍රවේ.
  • කරල් වලට හානි කිරීම නිසා බීජ විනාශවේ.

පාලනය

මහ කන්නයේදී පමණක් වගාව  කල් ඇතිව ක්‍ෂේත‍්‍රයේ සිටුවීම මඟින් හානිය අඩු කරගත හැක.

රසායනික පාලනය

o   ඩයසිනෝන් 5% කැට හෙක්. 1 ට         කි.ග‍්‍රෑ.   10 - 15 සිටුවා දින 25 -30 කින් පමණ ගොබය         තුලට   එක් වරක් යෙදීම ප‍්‍රමාණවත්ය

o   නොවලියුරෝන් 10% ඊ.සී. (සාන්ද්‍ර තෛලෝදය) 1000 මි.ලී./හෙක්.

o   තයොඩිකාබ් 375 එෆ් 1000 මි.ලී./හෙක්.

එකොෆෙන් ප්‍රොක්ස් 10% ඊ.සී.   (සාන්ද්‍ර තෛලෝදය) 1000 මි.ලී./හෙක්. දියර යොදන්නේ නම් සිටුවා දින 25 - 35කින් සහ දින 45 - 55කින් වගාබිම තුලට දෙවරක් යොදන්න.

ජෛව විද්‍යාත්මක ක‍්‍රම

o   මේ සඳහා ට‍්‍රයිකොගැමා කීටයන් ප‍්‍රයෝජනයට ගතහැක.

o   සතුන්ගේ හානිය අධිකවී, කෘමිනාශක භාවිතයෙන් පමණක් පාලනය කළ නොහැකි වනවිට, මේ පිළිබඳව කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

බඩඉරිඟු ගුල්ලා - සිටොපිලස් සියාමේස්

සුහුඹුලා

මිලි මී. 3 - 4 ක් පමණ දිගැතිය. දුඹුරු පැහැතිය. සුදු පැහැති බිත්තර බීජය ඇතුලත තැන්පත් කරයි.

කීටයා

පාද රහිතය. අඳුරු සුදු         පැහැතිය. මිලි මී. 4ක් පමණ දිගය.

පිලවා

පිලා අවධිය බීජ තුල ගත කරයි.

හානිය

බීජවල අක‍්‍රමවත් සිදුරු සාදයි.

පාලනය

බීජ හොඳින් වියලා ගබඩා කිරීමෙන් හානිය අවම කරගත හැක.

කරල් විදින පණුවා - හෙලිකොවර්පා ආම්ජෙරා

සුහුඹුලා

   දුඹුරු පැහැති සලබයෙකි

කීටයා

      වැඩුණු කීටයන් මි.මී. 4 - 5 ක් පමණ දිගැති වන අතර විවිධ         වර්ණ ගනී.

පිලවා

        පිලවා දුඹුරු පැහැති වන අතර         මි.මී. 16 ක් පමන දිගය. පිලව්   අවධිය

කරල් විදින පණුවා - හෙලිකොවර්පා ආම්ජෙරා

සුහුඹුලා

   දුඹුරු පැහැති සලබයෙකි.

කීටයා

      වැඩුණු කීටයන් මි.මී. 4 - 5 ක් පමණ දිගැති වන අතර විවිධ         වර්ණ ගනී.

පිලවා

        පිලවා දුඹුරු පැහැති වන අතර         මි.මී. 16 ක් පමන දිගය. පිලව් අවධිය

 හානිය

කරල් වලට හානි කර බීජ කා දමයි.

පාලනය

රසායනික පාලනය

නොවලියුරෝන් 10% සාන්ද්‍ර තෛලෝදය         1000 මි.ලී./හෙක්.

තයෝඩිකාබ් 375 එප්, 1250 මි.ලී./හෙක්.

එකොෆෙන්ප්‍රොක්ස් 10% සාන්ද්‍ර තෛලෝදය 1000 මි.ලී./හෙක්.

කුඩිත්තාගේ හානිය - රෙපලොසිපම් මේඩිස්

කුඩිත්තන් කොල පැහැතිය කුඩාය

හානිය -

  • පත‍්‍ර වලින් යුෂ උරාබීම සිදුකරයි.
  • එම නිසා පැල වල වර්ධනය බාලවේ.
  • පුමාංගී මල් වලට හානි කිරීම නිසා පරාග විසිරීමට බාධා ඇතිවේ.

පාලනය -

        සුදුසු සංස්ථානික කෘමිනාශකයක් යෙදීම මඟින් පාලනය කරගත හැක.

රෝග

දිළිර, බැක්ටීරියා හා වයිරස්    රෝග වලට බඩඉරිඟු ශාකය   පාත‍්‍රී වේ.පිතියම්, පෙනිසිලියම්, ඇස්පර්ජිලස්, ෆියුසාරියම් හා ඩිප්ලෝඩියා පස තුලදී අයහපත් තත්ත්වයන් යටතේ බීජ වලට හානිකර දුර්වල ශාක හා පාළු සහිත වගාවන් ඇති කරයි.පත‍්‍ර හා කොපු අංගමාරය, පත‍්‍ර         පුල්ලි හට ගැනීම , කහ පත‍්‍ර පුල්ලි, මළකඩ රෝගය ආදිය පත‍්‍රවලට හානි කරයි.ෆියුසේරියම්, ඩිප්ලෝඩියා, ස්ක්ලෙරොටියම්, කලෙටොටි‍්‍රකම් ආදිය මුල හා කඳට හානි කරයි.ෆියුසේරියම්, ඩිප්ලෝඩියා, කොලෙටොටි‍්‍රකම් ආදිය කරල් වලටද හානි පමුණුවයි. අපරටේ බඩඉරිඟු වගාවන්ට හානි කරන ප‍්‍රධාන රෝග කිහිපයක් පහත දැක්වේ.

1 පත‍්‍ර අංගමාරය

2 කොපු අංගමාරය

පත‍්‍ර අංගමාරය

හෙල්මින්තස්පෝරියම් මේඩිස්   නමින් හැදින්වෙන මෙම රෝගය රෝගකාරක දෙකක් මගින් ඇති කරයි. රෝගකාරක පත‍්‍රවලට       පමණක් හානි කරන අතර දුඹුරු පැහැති ලප නාරටි අතර පළල මි.මී.   2 -6 ක් හා දිගින්   මි.මී. 3 - 22 දක්වා ප‍්‍රමාණයෙන්     හටගනී.ටී දර්ශය දුඹුරු පැහැති ලප පළල සෙ.මී. 0.6 - 1.2 ක් හා දිගින් 0.6 - 2.7 විශාලත්වයකින් ඉලිප්සීය හෝ ඉදිකටු         හැඩයකින් හටගෙන පසුව තද දුඹුරු පැහැති තීරු වලින් ආවරනය වන අතර පත‍්‍ර, කඳ, පත‍්‍රකොලපු, කරල් හා ආවරන වලද හට ගනී.කරලේ නටුවට හානි වූ විට කරල් මුල් අවධියේ හැලීයාමට ඉඩ         ඇත. හානි වූ පැල සති 3 - 4 දී මැරීයාමට ඉඩ ඇත. රෝගකාරකය හානියටපත් ශාක කොටස්මත කාලතරනය කරයි. ටී දර්ශය බීජවල ගබඩා තත්වයන් යටතේ ජීවත් විය හැකිය. බීජානු සුළඟින් හා ජලය මගින් ප‍්‍රවාහනය වී අලූතින් රෝගය ඇති වේ.රෝග චක‍්‍ර පැය 60 - 72 කදී   සම්පූර්ණ විය හැකිය.ටී දර්ශය රෝගය බීජ මගින් පතුරුවා හැරිය හැකි අතර රෝගීබීජ ආහාරයේදී විෂ සහිත නොවේ.උෂ්ණත්වය සෙ.අ. 20 - 32 දක්වා වනතෙක් පරිසරයේ රෝගය පැතිරීම සිදුවේ.

පාලනය

  • ප‍්‍රතිරෝධී ප‍්‍රභේද භාවිතය
  • ශාක කොටස් ගැඹුරට සීසෑමෙන් යටකර දැමීම
  • බීජ නිෂ්පාදන ක්‍ෂේත‍්‍රවල පුල්ලි 1 -2 ක් දක්නට හැකි විට දිලීරනාශක යෙදීම.

කොපු අංගමාරය

රයිසොක්ටෝනියා සොලනි නමින් හැදින්වෙන රෝගකාරකයක් මගින් ඇති කෙරෙන මෙම රෝගය අධික තෙතමනයක් සහිත කාල වලදී හටගනී.විශාල දුඹුරු පැහැති පුල්ලි ආසාදනය වූ පත‍්‍ර කොපුමත දැක ගන්නට හැකිය.ආසාදනයට පත්වූ පත‍්‍ර  සම්ප‍්‍රර්ණයෙන්ම හානියට පත්විය හැකි අතර, කරල් හටගන්නා     පර්වයේ පත‍්‍ර කොපුවට රෝගය හානිකල විට කරලද      සම්පූර්ණයෙන්ම හානිවිය හැකිය.

පාලනය

ජලය හොඳින් බැසයන සේ පැල ගහනය නිවැරදි ලෙස තබා ගැනීමෙන් හානිය අඩු කරගත හැකිය.

බීජ නිෂ්පාදනය

බඩඉරිඟු පරපරාගනය වන බෝගයකි. සුළෙඟ් ආධාරයෙන් පරාගනය සිදුවන බැවින් බීජ නිෂ්පාදන කේෂ්ත‍්‍රයක් අවම වශයෙන් මීටර් 500ක් අනෙකුත් බඩඉරිඟු වගාවන්ගෙන් ඈතින් පිහිටිය යුතුය.තවත් බඩඉරිඟු ක්‍ෂේත‍්‍රයක්ආසන්නයේ සිටුවන්නේ නම්, එම වගාවේ මල් පිපෙන දිනට මාසයක් ප‍්‍රමාද වී මල් හට ගැනීම සිදුවනසේ දෙවන වගාව සිටුවීමේ දිනය යොදා ගත යුතුය.කෙසේ වුවද සාර්ථක වගා ක‍්‍රමය වන්නේ ප‍්‍රභේද දෙකක් නිර්දේශිත දුරින් සිටින පරිදි ක්‍ෂේත‍්‍රය තෝරා ගැනීමයි.බීජ නිෂ්පාදන කේෂ්ත‍්‍රයක අවම වශයෙන් පැළ 2,000ක් අඩංගු විය යුතු අතර නිරෝගී උසස් පැළවීමකින් හා දිරියකින් යුක්ත බීජ සිටුවීමට තෝරා ගත යුතුය.නිර්දේශිත පැළ ගණනට වඩා 10% - 15% අඩු පැළ සංඛ්‍යාවක් සිටුවීමෙන් වඩාත් හොඳ වර්ධනයක් හා අස්වැන්නක් ලබා ගත හැකිය.කෘමි, රෝග හා වල් පැළෑටි පාලනය ඉතාමත් හොඳින් සිදුවිය යුතුය.මල් පිපීමට පෙර කේෂ්ත‍්‍රය හොඳින් පරීක්‍ෂා කළ යුතුය. ප‍්‍රභේදයට වෙනස් පැළ ඇත්නම් ඒවා ගලවා ඉවත් කළ යුතුය. රෝගී හා කෘමි හානි අධික ශාක ද ඉවත් කිරීම මෙහිදී කළ හැකිය.මල් පීදීම කෙටි කාලයක් තුල අවසන් වන සේ ඉතාමත් කලින් හා ප‍්‍රමාදවී මල් හටගන්නා ශාක ඉවත් කිරීම ද සුදුසුය.හොඳින් කරල් රන්වන් පැහැවී වියලූනු පසු අස්වැන්න නෙලා ගනී.එවිට බීජයේ පහත අග‍්‍රයේ කළු ලපයකින් එහි පරිණතභාවය තහවුරු කෙරේ.කරල් මද අව්වේ සෙමින් වියළා ගතයුතු අතර තෙතමනය අධික බැවින් එකට ගොඩගසා තැබීමෙන් වැලකිය යුතුය.දින 2 - 3ක් වියලා තෙතමනය අඩුකර බීජ පහසුවෙන් වහල්ලෙන් ගැලවෙන විට බීජ වෙන්කර ගත යුතුය.වෙන්කරගත් බීජ නැවත වියලීම ක‍්‍රමානුකූලව සිදු කළ යුතුය.ඒ සඳහා අධික උෂ්ණත්වය මඟහැරීමට ගේඡ් 700 පොලිතීන් එලනයක් භාවිතා කළ හැක.වියළාගත් බීජ පවිත‍්‍ර කිරීම කළ යුතුය.ඉන්පසු යන්ත‍්‍ර මාර්ගයෙන් ශ්‍රේණිකර ගත යුතුය. එමඟින් කුඩා හා විශාල බීජ ඉවත් කළ හැකිය.බීජ වෙන්කර ගැනීම අතින් හෝ යන්ත‍්‍රානුසාරයෙන් කළ හැකිය. යන්ත‍්‍ර භාවිතා කරන විට හොඳින් තෙතමනය අඩු කරගෙන තිබීමත් යන්ත‍්‍රයේ ගැටී පිපිරීම් ඇති නොවනසේ යන්ත‍්‍රයේ දාර සිනිදු ලෙස සකසා තිබීමත්, යන්ත‍්‍රය පිරෙනසේ කරල් නිතරම තිබීමත් වැදගත් වේ.බීජ අපවිත‍්‍රතාවයට, හානියටපත් රෝගී හා නොමේරූ කරල් හේතුවන බැවින් ඒවා බීජවලට එක්වීම වලකා ගැනීම සඳහා පොතු ඉවත් කළ පසු කරල් තේරීම අවශ්‍යය.මෙම අවස්ථාවේදීම වර්ගයට වෙනස් හා නුසුදුසු කරල් ඉවත් කිරීම සිදු කළ යුතුය.

දෙමුහුම් බීජ නිෂ්පාදනය

(පුමාංගී මල් (පිරිමි) ඉවත් කිරීම මඟින්)මෙහිදී හුදකලා බිමක් තෝරා ගත යුතු අතර එය සාමාන්‍ය බඩඉරිඟු වගාවක් සඳහා තෝරාගන්නා බිමකට සෑම අතින්ම සමාන විය යුතුය. තැනිතලා බිම් වඩා සුදුසුය.බිම සකස් කිරීම හා අනෙකුත් යෙදවුම් සාමාන්‍ය පරිදි කළ යුතුය.බීජ සිටුවීමේ දි පළමුව පේළි 2-3 (පිටතින්ම පිහිටි) පිරිමි පේළි සඳහා භාවිතා කරන ශුද්ධ පෙළපත භාවිතා කර බීජ සිටුවිය යුතුය.ඉන් පසුව පේළි 4ක් (4-6 දක්වා) ගැහැණු පේළි සඳහා භාවිතා කරන ශුද්ධ පෙළපත් බීජ සිටුවිය යුතුය.මෙහිදී පිරිමි පේළි 1 - 2ක් තිබීම ප‍්‍රමාණවත්ය.නැවතත් ගැහැණු පේළි සඳහා භාවිතා කරන ශුද්ධ පෙළපත් බීජ සිටුවිය යුතුය.මෙම ආකාරයටම මුලූ කේෂ්ත‍්‍රයම පිරෙනසේ සිටුවීම කළ යුතුය. අවසාන පිරිමි පෙළ ශක්තිමත් කිරීමෙන් පරාග සැපයීම වැඩිකර ගැනීම වැදගත් වේ. මේ සඳහා ආරම්භයේත් අවසානයේත් පිරිමි ශාක 3ක් පමණ සිටුවීම සුදුසුය.සිටුවීමේ දී පිරිමි ශූද්ධ පෙළපත් පරාග පිටවීම හා ගැහැණු ශුද්ධ පෙලපත්වල ගැහැණු මල් පීදීම එකට සිදුවනසේ සිටුවීම වැදගත්ය.මේ සඳහා පෙලපත් දෙක සිටුවන දින වෙනස් කරගත හැකිය.එසේම පිරිමි ශුද්ධ පෙලපත් ගැහැණු ශූද්ධ පෙලපත්වලට වඩා උසින් වැඩිවීම මඟින් පරාගනය වඩාත් සාර්ථක කෙරේ. එනිසා උසින් වැඩි පෙළපත පරාග පේළි/ පිරිමි පේලි ලෙස යොදා ගැනිම සුදුසුය.ගැහැණු ශූද්ධ පෙලපත්වල ගැහැණු මල් පීදීමට පෙර ඒවාගේ හටගන්නා පිරිමි මල් ඉවත් කළ යුතුය.මෙම පිරිමි මල් පරාග පිටවීම ආරම්භ කිරීමට පෙර කපා ඉවත් කිරීම ඉතා වැදගත්ය.පරාගනය අවසන් වූ පසු පිරිමි ශුද්ධ පෙළපත් ගලවා ඉවත් කිරිමට පුලූවන.මල් පිපීමට පෙර සම්පූර්ණ වගාවේම ඇති ප‍්‍රභේදයට අනුකූල නොවන ගස් ගලවා ඉවත් කළ යුතුය.මෙය පිරිමි ශුද්ධ පෙලපත්වල මෙන්ම ගැහැණු ශුද්ධ පෙලපත්වල ද කළ යුතුය.බීජ අස්වැන්න ගැනීම හොඳින් වියලූනු පසු කළ හැකිය. එතැන් පටන් අනෙකුත් කටයුතු සාමාන්‍ය බීජ නිෂ්පාදනයේ දී මෙනි.

නිෂ්පාදන

ලාංකික ගොවියා වැඩි වශයෙන් බඩඉරිඟු ආහාරයට ගන්නේ,

  • රොටී, පිට්ටු, විළඳ, බත් වැනි ආකාර වලින්ද,
  • කැඳ, තලප, සුප් ලෙස ආහාරයට ගැනීම ද පිටරටවල බහුලව සිදුවේ.
  • සත්ත්ව හා මනුෂ්‍ය ආහාරයට අමතරව කාර්මික නිෂ්පාදන විශාල සංඛ්‍යාවකට බඩඉරිඟු ප‍්‍රයෝජනයට ගැනේ.
  • මේඅතර සෙලෝපේන්, මධ්‍යසාර, ඩයි හා තීන්ත නිෂ්පාදනයේදී ද භාවිත වේ.

1. තලප

  • පාහින ලද බඩඉරිඟු කි.ග‍්‍රෑ. 01ක පිටි
  • වතුර කෝප්ප 05ක් පමණ

නටන ජලයට පිටි එකතු කොට තලප්පැත්ත (තලප හැන්ද) මඟින් කූරු ගා හොඳට පදම් වු පසු විනාඩි 15ක් පමණ කලවම් කර ලිපෙන් බා ගුලි සාදා සකස් කරන ලද හොද්ද සමඟ ආහාරයට ගන්නා අතර, මෙම ප‍්‍රමාණය 06 දෙනකුට පමණ සෑහේ.

2. රොටී

  • පාහින ලද බඩඉරිඟු කි. ග‍්‍රෑ. 01කින් පෙර පරිදි සකස් කරගත් පිටි
  • අවශ්‍ය පමණ ලූණු

තද උණු වතුරෙන් අනා කෙසෙල් කොළයක රොටී ප‍්‍රමාණයට තුනීකර රොටී ගල මත හෝ තැටියක් වන් කබලක පුච්චා ගත යුතුය. වෙනත් පිටි වර්ගවල රොටී මෙන් එළවළු සමඟ හෝ ඉදිණූ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගත හැකිය.

05 - 06 දෙනකුට ප‍්‍රමාණවත්ය.

3. පිට්ටු

  • පාහින ලද බඩඉරිඟු කි. ග‍්‍රෑ. 01කින් පෙර පරිදි සකස් කරගත් පිටි
  • අවශ්‍ය තරමින් ලූණු

ජලය ස්වල්පයක් කලවම් කර කුල්ලෙන් කුඩා කැට සෑදෙන පරිදි සකස් කර (පිටි මල් කිරීම) වන්ඩුවේ විනාඩි 15ක් පමණ තම්බා වෑංජන සමඟ හෝ මුදවාපු කිරි සමඟ ආහාරයට ගැනීම.

4. පුස්නාඹු

  • පාහින ලද පෙර පරිදි සකස් කළ ඉරිඟු කි. ග‍්‍රෑ. 01ක පිටි
  • උලූදු (උදු) ග‍්‍රෑ. 500ක පිටි
  • සීනී ග‍්‍රෑ. 500
  • පොල් ගෙඩි දෙකක කිරි
  • ගම්මිරිස් හා සුදුළූණු ස්වල්ප වශයෙන්

අඹරාගත් දියර සියල්ලම මදක් උකුවන ලෙස කලවම් කර විනාඩි 40ක් පමණ වන්ඩුවේ (පින්නේ)තම්බා නිවුන පසුව කෑලිවලට කපා ආහාරයට ගැනීම 5 - 6 දෙනකුට සෑහේ.

5. කිරිබත්

  • සකස් කරගත් බඩඉරිඟු සහල් කි. ග‍්‍රෑ. 01
  • පොල් ගෙඩි 1 1/2ක කිරි
  • ලූණු ස්වල්පයක්

සහල් කිරිබත් මෙන් පිස තද සැර ලූණු මිරිසක් සමඟ ආහාරයට ගත හැක. 5 - 6 දෙනකුට සෑහේ.

6. බඩඉරිඟු ඇට තැම්බීම

  • පාහින ලද කුඩා ඉරිඟු කැබලි කි. ග‍්‍රෑ. 01යි.
  • ලීමා, කව්පි, මෑ, භූමෑ, දඹල, කොල්ලූ යන වර්ගයකින් ග‍්‍රෑ. 500
  • අවශ්‍ය තරම් ලූණූ

සහල් ඉරිඟු සෝදා වතුර කෝප්ප 06ක් පමණ වත්කර පැය 03ක් පමණ තම්බා ගන්න. කොළ මැල්ලූමක්, (වට්ටක්කා දළු) වෑංජනයක් සමඟ, පොල් සම්බෝල, සමඟ ලූණු මිරිස් සමඟ හෝ මුදවාපු කිරි සමඟ ආහාරයට ගතහැකි 8 - 10කට සෑහේ.

සාම්ප්‍රදායික ආහාර සඳහා බඩඉරිඟු

ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායිකව බඩඉරිඟු වගා කෙරෙන බින්තැන්න (අම්පාර), වෙල්ලස්ස (මොණරා) සහ රජරට (අනුරාධපුර) ප‍්‍රදේශවල ගොවීන් බඩඉරිඟු වලින් විවිධ ආහාර වර්ග සකස් කොට පරිභෝජනය කරනු ලැබේ. එකල හේන් ක‍්‍රමයට ඔවුන් වගාකළ බඩඉරිඟු ප‍්‍රභේද ගණනාවක් විය. ගොවීන් පවසන අන්දමට ඒවායින් කිහිපයක ලක්‍ෂණ පහත දැක්වේ.

වර්ගය                 වයස                           බීජවල පැහැය

1. සුදු මහ              මාස 04                                 සුදු

2. සුදු කප්පල්          මාස 04                                 සුදු

3. වේවැල් ඉරිඟු        මාස 04                                 සුදු

4. සුදු බාල             මාස 03                                 සුදු

5. නිමිති                මාස 03                                 දම්

(පිටි ප‍්‍රමාණයෙන් අධිකය. සහල් ප‍්‍රමාණය අඩුය. තලප, පිට්ටු (පීරුං), රොටී සහ වෙනත් රස කැවිලි සඳහා භාවිතා විය.)

6. රතු කප්පල්          මාස 04                                 රතු

7. කහ බාල            මාස 03                                 කහ

8. ඕමුනේ              මාස 03                                 කහ

(පිටි ප‍්‍රමාණයෙන් අඩුය. සහල් සඳහා පහසුවෙන් ආදේශ කළ හැකි වු වර්ග වේ.)

9. කහට                 මාස 3.5                              රතු

10. කිරවානා             මාස 03                              කහ

(කුඩා කරල් සහ කුඩා බීජ සහිත පොරි සඳහා යොදාගත් වර්ගයකි.)

ආහාර පිළියෙළ කිරීමට පෙර ඔවුන් බඩඉරිඟු විවිධ ආකාරයට සකසා ගන්නා අතර පහත සඳහන් වන්නේ ඔවුන් වැඩිපුරම ආහාර සකස් කර ගන්නා ආකාර කිහිපයකි.

1. අමු කරල් වශයෙන්

2. පිටි, සහල් හෝ කැබලි වශයෙන්

3. ධාන්‍ය ලෙස

බඩඉරිඟු වගාව සහ ආහාර සැකසීම සඳහා ග‍්‍රාමීය මට්ටමින් භාවිතාවන විවිධ ක‍්‍රම සහ උපකරණ රාශියකි. මේවා භාවිතය දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වී යන බව පෙනෙන අතර ඒවා පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරි පිටුවල දක්වා ඇත.

1 අමු කරල්

කිරි වැදුනු බඩඉරිඟු කරල් පිටත ආවරණය සමඟම ගිනිඅඟුරු අතරට දමා පදමට පුළුස්සා ^Baked& ලූණු සහ ගම්මිරිස් සමඟ ආහාරයට ගැනීම හේන් ගොවීන් අතර ප‍්‍රචලිත ක‍්‍රමයකි. මෙලෙස සකසා ගන්නා බඩඉරිඟු ඉතා ප‍්‍රණීත රසයකින් සහ සුවඳකින් යුක්තය.

අමු කරල් පිටත ආවරණය ඉවත් කොට මුට්ටියකට දමා උණූ ජලයේ තම්බා ගැනීම අනෙක් ක‍්‍රමයයි. මෙලෙස තම්බා ගත් ඉරිඟු කරල් උණුවෙන්ම තිබියදී ඒවා මතට ලූණු දිය වත් කර ආහාරයට ගැනේ.

2 බඩඉරිඟු පිටි, සහල් සහ කැබලි

වියළා ගත් බඩඉරිඟු බීජ වලට සුළු වශයෙන් ජලය එකතු කොට වංගෙඩියේ දමා තුන්වරක් (මෝ විඩය, දෙවිඩය, තුන්විඩය* පාහිනු ලැබේ. මෙහිදී ධාන්‍ය වල පිටපොත්ත සහ ඇස්ස (බීජාංකුරය* ඉවත් වේ. මෙම අවස්ථාවේදී පිරිසිදු වුන ලොකු කැබලි පොලා වෙන් කරගනු ලැබේ. මෙම කැබලි පසුව ආහාර සකස් කර ගැනීම සඳහා ගනු ලැබේ.

බඩඉරිඟු කැබලි දියේ දමා දින දෙකක් පමණ පෙඟුන විට ඉවතට ගෙන (ගොඩදා) ජලය බැස යාමට තබා වංගෙඩියෙන් කොටා, කුල්ලක් භාවිතා කර පිටි වෙන් කිරීම (කුඩු ගැහීම) කරනු ලබන අතර, තෙත් ගතියෙන් යුක්ත මෙම පිටි, එවෙලෙහිම ආහාර සකස් කිරීම සඳහා යොදාගනු ලැබේ.

මෙම පිටිවලින් තලප, රොටී, පිට්ටු, ඉඳිආප්ප (පීරුං), කැවුම්, ආදී කෑම වර්ග රාශියක් සාදාගනු ලැබේ. මෙම කැබලි තුන්වරක් කොටා පිටි වෙන්කරගත් පසු ඉතිරිවන කුඩා කැබලි (ඉරිඟු හාල්) වශයෙන් ප‍්‍රයෝජනයට ගන්නා ලදි.

කැබලි වශයෙන් වෙන් කරගත් කොටස (බඩඉරිඟු සහල්) උදේ හා රාත‍්‍රී වේල සඳහා බොහෝ විට ගන්නා ලදි. මෙම කැබලි පැය 2ක් 3ක් පමණ තම්බා සාදන බත, මැල්ලූම් වර්ග, වෑංජන සමඟ හෝ මුදවාපු කිරි සමඟ ආහාරයට ගන්නා ලදි.

එසේම මෙම සහල් මුංඇට, කවුපි, භූමා, ලීමා, කොල්ලූ, දඹල වැනි ධාන්‍ය සමඟ මිශ‍්‍රකර තැම්බු විට රසය වැඩිවන අතර එළවළු රහිතව වුවද ආහාරයට ගත හැකිය. එසේම පැණි ඇති කාලවලදී මී පැණි කලවම් කර ගත් විට ප‍්‍රණීත බව වැඩිවේ.

සහල් වශයෙන් බඩඉරිඟු සැකසීම අවශ්‍ය අවස්ථාවල සහල් ගතිය බහුලව ඇති හාල් ඉරිඟු පිටි කෙටීම සඳහා භාවිතා කෙරේ. මෙහිදී පිටි අඩුවෙන්ද හාල් වැඩියෙන්ද ලබාගනී. මෙසේ වෙන්කරගත් සහල් බත් පිසින ආකාරයට පිස වෑංජන සමඟ ආහාරයට ගනු ලැබේ.

3 ධාන්‍ය ලෙසම

විශේෂ බඩඉරිඟු වර්ගයක් වු කිරවානා ඉරිඟු පොරි (විලඳ) සාදා ගැනීම සඳහා යොදා ගන්නා ලදි. පොරි (විලඳ) හා කුඩු වශයෙන් රසකැවිලි ලෙස ආහාරයට ගන්නා ලදි. කබලේ බැද පොරි සාදා මී පැණි සමඟ ගුලි කොට ආහාරය සඳහා ගන්නා ලද අතර , බෙලි මල්, රණවරා, ඉරමුසු ආදී පානයන් සඳහා කටගස්වන්නට ඒවා ගන්නා ලදි. කබලේ බැද කුඩු කර පැණි හෝ සීනී දමා ගුලි කොට අග්ගලා වශයෙන්ද මේ වර්ගය පාවිච්චියට ගන්නා ලදි.

1. තලප

පාහින ලද බඩඉරිඟු කි. ග‍්‍රෑ. 1ක පිටි

වතුර කෝප්ප 5ක් පමණ

නටන ජලයට පිටි එකතු කොට තලප්පැත්ත (තලප හැන්ද* මඟින් කූරු ගා හොඳට පදම් වු පසු විනාඩි 15ක් පමණ කලවම් කර ලිපෙන් බා ගුලි සාදා සකස් කරන ලද හොද්ද සමඟ ආහාරයට ගන්නා අතර, මෙම ප‍්‍රමාණය 6 දෙනෙකුට පමණ සෑහේ.

2. රොටී

පාහින ලද බඩඉරිඟු කි. ග‍්‍රෑ. 1කින් පෙර පරිදි සකස් කරගත් පිටි

අවශ්‍ය පමණ ලූණු

තද උණු වතුරෙන් අනා කෙසෙල් කොළයක රොටී ප‍්‍රමාණයට තුනීකර රොටී ගල මත හෝ තැටියක් වන් කබලක පුච්චා ගත යුතුය. වෙනත් පිටි වර්ගවල රොටී මෙන් එළවළු සමඟ හෝ ඉදිණූ කෙසෙල් ගෙඩි සමඟ ආහාරයට ගත හැකිය. 5 - 6 දෙනෙකුට ප‍්‍රමාණවත්ය.

3. පිට්ටු

පාහින ලද බඩඉරිඟු කි. ග‍්‍රෑ. 01කින් පෙර පරිදි සකස් කරගත් පිටි

අවශ්‍ය තරමින් ලූණු

ජලය ස්වල්පයක් කලවම් කර කුල්ලෙන් කුඩා කැට සෑදෙන පරිදි සකස් කර (පිටි මල් කිරීම* වන්ඩුවේ විනාඩි 15ක් පමණ තම්බා වෑංජන සමඟ හෝ මුදවාපු කිරි සමඟ ආහාරයට ගැනීම.

4. පුස්නාඹු

පාහින ලද පෙර පරිදි සකස් කළ ඉරිඟු කි. ග‍්‍රෑ. 01ක පිටි

උලූදු (උදු) ග‍්‍රෑ. 500ක පිටි

සීනී ග‍්‍රෑ. 500

පොල් ගෙඩි දෙකක කිරි

ගම්මිරිස් හා සුදුළුෑණු ස්වල්ප වශයෙන්

අඹරාගත් දියර සියල්ලම මදක් උකුවන ලෙස කලවම් කර විනාඩි 40ක් පමණ වන්ඩුවේ (පින්නේ* තම්බා නිවුන පසුව කෑලිවලට කපා ආහාරයට ගැනීම. 5 - 6 දෙනකුට සෑහේ.

5. කිරිබත්

සකස් කරගත් බඩඉරිඟු සහල් කි. ග‍්‍රෑ. 01

පොල් ගෙඩි 1 1/2ක කිරි

ලූණු ස්වල්පයක්

සහල් කිරිබත් මෙන් පිස තද සැර ලූණු මිරිසක් සමඟ ආහාරයට ගත හැක.

5 - 6 දෙනකුට සෑහේ.

6. බඩඉරිඟු ඇට තැම්බීම

පාහින ලද කුඩා ඉරිඟු කැබලි කි. ග‍්‍රෑ. 01යි.

ලීමා, කව්පි, මෑ, භූමෑ, දඹල, කොල්ලූ යන වර්ගයකින් ග‍්‍රෑ. 500

අවශ්‍ය තරම් ලූණූ

සහල් ඉරිඟු සෝදා වතුර කෝප්ප 06ක් පමණ වත්කර පැය 03ක් පමණ තම්බා ගන්න. කොළ මැල්ලූමක්, (වට්ටක්කා දළු) වෑංජනයක් සමඟ, පොල් සම්බෝල, සමඟ ලූණු මිරිස් සමඟ හෝ මුදවාපු කිරි සමඟ ආහාරයට ගතහැකිය 8 - 10කට සෑහේ.

බඩ ඉරිඟු වගා කේෂ්ත‍්‍රය තුළ විශේෂ උපකරණ හා වචන මාලාවක් පාරම්පරිකව පැවත එන අතර, එය බින්තැන්නේ ගැමි ජනයා අතර වර්තමානයේදී භාවිතා වනු දක්නට ලැබේ.

බීජ සිටවු දින සිට කරල් නෙලාගැනීම දක්වා ගතවන මාස 3 සිට මාස 4 1/2 ක් පමණ වු කාලය තුළ වගාවේ අවස්ථා ඔවුන් හැඳින්වුයේ, ඉඳිකටු වාගේ, මල් බැත්තෝ (සමනළයින්) වාගේ, වටුවන් වාගේ, කොබෙයියන් වාගේ, කුකුලන් වාගේ, බිං පුරුක් තේරෙනවා, කොළ කැරකෙනවා, ගෝන කර අදිනවා, කටේ මල්, මල් ඉහිරෙනවා, පිහා කොපු ඇදෙනවා, සුදු රැවුල්, රැවුල් මැරෙනවා, මුහ තේරෙනවා, කළු පතුරු පිට වැටෙනවා, ඇඹුල් පතුරු මැරෙනවා, පැහිල අවසන් (කරල මේරී ඇති අවස්ථාව), වර වැටෙනවා (අස්වනු නෙලන කාලය පසුවී ඇති විට) ආදී වශයෙනි.

ඔවුන් බඩඉරිඟු සඳහාම කල නිර්මාන කිහිපයක් ඉදිරි පිටුවල විස්තර කර ඇත.

1. උඩ පැළ

බඩ ඉරිඟු හේනක අනිවාර්ය අංගයක් වන මෙය වනසතුන්ගෙන් වගාව ආරක්‍ෂා කරගෙන රාත‍්‍රී කාලය ගත කිරීම සඳහා සාදාගනී. උඩපැළ වනසතුන් එලවීමට (පලවා හැරීමට), සද්ද (ශබ්ද) ඇසීමට උපකාරී වන අතර, ගොවියා අනතුරුදායක වනසතුන්ගෙන් ආරක්‍ෂාවීමද ඉන් සිදුවේ. වැඩි උසකින් එය පිහිටි නිසා ගොවියාට මදුරු වදයෙන් බේරීමටද හැකිය. උඩ පැළ තැනීමේ දී එක් ඉරිමා උදයක (ඉරිදා උදෑසනක) කණු හිටවනු ලැබේ. මෙම කණු සඳහා ශක්තිමත් ලී දඩු යොදා ගනී. ඇහැළ, මා වැනි ලී කණු 06ක් හිටවා, තට්ටු (පලංචි) 05 - 06ක් පමණ උසට බදිනු ලැබේ. මෙම තට්ටුවක් මිනිසාගේ උසට (අඩි 06ක් පමණ* සමානය.

තට්ටු 05ක් නම් උස අඩි 30ක් පමණ වේ. අවසාන තට්ටුවේ හතර වටට ඇලපත් ලී (පැති ලී* දෙක බැගින් වටේට බදිනු ලැබේ. කුඩා කෝටුවලින් බැඳගන්නා (වෙලන ලද* නිදාගන්නා කොටස (ගෝහාලය* සහ ගිනි දැල්වීම සඳහා සාදන ලද කොටස (ගිනි මඩල)වශයෙන් උඩ තට්ටුව කොටස් දෙකකි. ගිනි මඩල සාදනු ලබන්නේ තුනී ගල් පතුරු හෝ කඳ පොතු අතුරා ඒ උඩට අඩියක් පමණ වු ඝනකමට මැටි තට්ටුවක් දැමීමෙනි. වහලය පරාල දමා කෝටු වේලා ඉලූක්වලින් සාදා ගනු ලැබේ. හැම බැම්මක් සඳහා විශේෂිත වැල් වර්ග කීපයක් යොදා ගැනේ. වැන්වැල්, නැව්වැල්, ගැටකිරි වැල්, මුවකිරි වැල් මෙම වැල් වර්ග වේ. ඒවා වේයන්ට හානි කිරීමට අසීරුවන වැල් වර්ග වන අතර, සවිශක්තිමත් බවින් ද යුක්තය.

කෝටු සඳහා බොහෝ විට උල්කැන්ද කෝටු ගන්නා අතර පරාල සඳහා මොර, පණ්ඩිකාංයං, පෝටා වැනි ලී වර්ග ගනු ලැබේ. ගිනි මඩට උඩින් තුවක්කුව එල්ලන කොක්ක (කාදුව) සාදා ඇත. වතුර ලබු කැටයද පසෙක එල්ලා ඇත. ගෝහාලය (මැස්ස) ලඟින්ම දඹු කඳ (බෙනය සහිත ලී කොටයක්) එල්ලා ඇත. දඹු කොළවලින් දඹු ගැටය ගසන විට ලොකු ශබ්දයක් ඇසෙන අතර එයින් වන සත්තු බිය වෙයි. දඹු කඳට ගනු ලබන්නේ වේලූණු වෙලන් (වෙලන් ගස්) ලීය.

2. ඉරිඟු අටුව

ශ‍්‍රී ලංකාවේ වී වගාව බහුලව සිදු කරන පිටිසර ප‍්‍රදේශවල තිබෙන වී බිස්සට සමාන අන්දමින් බඩ ඉරිඟු වගාව කෙරෙන         ප‍්‍රදේශවල ධාන්‍ය රැස්කර කාලයත් තිස්සේ තබා ගැනීමට භාවිතා වේ. ශක්තිමත් ලී කණු දමා අටුව සාදනු ලැබේ. තම අස්වැන්නේ තරමට කණු 4, 6 හා 8 වශයෙන් කණු දමන අතර එක් පසක් පහත්   කර එය සාදනු ලැබේ. කණු උඩට හරස් ලී දමා (කප්පිල්ල ගසා වියල්ල දමා) එයට උඩින් කුඩා හරස් ලී (වැහිලි) අතුරනු ලැබේ.

තුන් පැත්තක් බිත්තියෙන් ආවරණය වන අතර, බිත්තියත් මැස්සත් අතර, කෝටු පැලැලකි. පරතරය අඟල් 06ක් පමණ ඇත. විවෘත පැත්තෙන් අටුවට ඉරිඟු කරල් දමන අතර එය පිරෙද්දී ඇලපත් ලී දමනු ලැබේ. මෙම මැස්ස (අටුව* යට ලිප තිබෙන අතර ඉන් ගබඩා කල ඉරිඟුවලට නිතරම දුම් වදිනු ලැබේ. මැස්සට උඩින් හරහට තැබු කෝටුවල බීජ සඳහා ගන්නා ඉරිඟු (බිඳිඉරිඟු* කරල් ඈඳා එල්ලා ඇත.

3. ගල් දුන්න

බඩ ඉරිඟු වගාවට එන කුරල්ලන් හා ගිරවුන් එලවීම සඳහා ගල් විදීමට ගන්නා        උපකරණයයි. විශේෂ ලී වර්ගයකින් දුන්නක ආකාරයට මෙය සාදා ගනු ලැබේ. ගැටවරා කෝටු, ගල්කෑර හා කුකුරු ලී වර්ගද මීට ආදේශ කරනු ලැබේ. මෙය සෑදීමට ගන්නා කුඩා ලණුව සාදා ගනු ලබන්නේ නියද හා අරළු (නුගවැල්) වලින් ගත් කෙඳි හා පට්ටාවලිනි. දුන්න මැද අතට අල්ලා ගන්නා ස්ථානයේ ඉටි කලවම්     කරන ලද රෙදි කෑල්ලක් ඔතා ඇත. එය ඉටි මිට නම්වේ. ගල් කැටය තබන කොටස ගල් පටිය වේ. ලණු පොට දෙක දුරස් කරන කොටස ඉපිල්ලාව වේ. ඉපිල්ලෑව සඳහා ඉත්තෑ කූරු භාවිතා වේ.

4. ඉරිඟු පැත්ත

ඉරිඟු උල වශයෙන්ද හªන්වනු ලැබේ. මෙය බඩඉරිඟු කරලේ කොලපුව පතුරු ගැලවීම පහසු වීමට යොදා ගන්නා උපකරණයකි. ඉතා තද කරුවල, බුරුත, ගල් කෑර, ඇහැල සේරූ, ගැටවරා ආදී දැවවල පැලූ කොටස්වලින් (කීරී වලින්) සාදා ගනු ලබන මෙය අරළු, නියද වැනි ලණුවලින් ගැටගසා අතේ මැණික් කටුව ලඟ එල්ලාගෙන ඉරිඟු කරල්වල කොලපු දිග අතට පලා අස්වැන්න නෙලා ගනු ලැබේ.