මුං

විග්නා රේඩියේටා (Vigna radiata L.) යන උද්භිද විද්‍යාත්මක නමින් හැදින්වෙන මුං බෝගය, ලෙගියුමිනේසියේ කූලයට අයත් වේ. අප රටේ ඉතා ජනප්‍රිය කෙටි කාලීන රනිල බෝගයකි. ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර බීජ වල 24% ක් පමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුය (වගු අංක-01). එයට අමතරව ඛණිජ ලවණ හා විටමින් ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන බැවින් මුං පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් ලෙස සැලකේ (වගු අංක-02). තවද ප්‍රරෝහණ වන බීජ වල විටමින් හා ඛනිජ ලවණ සුලභතාවය වැඩිය.

මුං ඇට ග්‍රෑම් 100 අන්තර්ගත පෝෂක සංයුතිය

ශක්තිය - 341 කිලෝ කැලරි
තෙතමනය - 10.6 %
ප්‍රෝටීන
- 22.9 %
කාබෝහයිඩ්‍රේට්
- 61.8 %
තන්තු
- 4.4 %
ඛනිජ
- 3.5 %
වගු අංක - 02 මුංඇට ග්‍රෑම් 100 ක අන්තර්ගත ඛනිජ හා විටමින් ප්‍රමාණය
කැල්සියම් - 105 mg
පොස්පරී
- 330 mg
ෆෙරී - 7.1 mg
සෝඩියම්
- 6 mg
පොටෑසියම් - 171 mg
බී කැරොටීන් - 55 mg
තයමීන්
- 0.53 mg
රයිබොෆ්ලේවින්
- 0.26 mg
නියැසීන්
- 2.5 mg
ඇස්කෝබික් අම්ලය - 2 mg

දේශගුණික අවශ්‍යතා
මුං වගාව ආරම්භයේ සිට මල් හටගන්නා අවධිය දක්වා පසේ හොද තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හේතු වුවත් කරල් මෝරන හා අස්වනු නෙලන අවධියේදී වියළි කාලගුණික තත්ත්වයක් තිබීම අත්‍යාවශ්‍ය වේ. මේ අනුව, අප රටේ පහතරට වියළි හා අතරමැදි කලාපයන්හි මුං වගාව සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.

බෝගයට උචිත භූමියක් තෝරා ගැනීම
මුං බෝගයෙන් වැඩි බීජ අස්වැන්නක් ලබා ගැනිමට අවශ්‍ය විටදි ජල සම්පාදනය කල හැකි මනා ජල වහනයකින් යුත් පෙර කන්නයේ මුං හෝ වෙනත් රනිල බෝගයක් වගා නොකල භූමියක් තෝරා ගැනීම උචිතය.


සැහැල්ලු වැලි පස්වල මෙන්ම මැටි අධික පස්වලද මුං වගා කල හැක. නමුත් මැටි අධික පසෙහි වගා කරන විට ඉඩමේ ජලවහනය දියුණුවන පරිදි පාත්ති හා කාණු යොදා බිම සකස්කල යුතුය.

නිර්දේශිත ප්‍රභේද

එම්.අයි. - 5
MI-5, වගාව සදහා 1982 වසරේ නිර්දේශ කර ඇත.
• සිටුවා දින 60-65 කින් අස්වන්න හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් 1.5 ගත හැක.
• බීජ කොළ පැහැති සිලින්ඩර්කාර දිගැටි හැඩැතිය .
• බීජ 1000 ක බර ග්‍රෑම් 58 ක් පමණ වේ.
• සර්කස්පෝර් පත්‍ර පුල්ලි හා මුං කහ විචිත්‍ර වෛරී රෝගයට පාත්‍රී වෙයි.

ආරි
• ආරි, වගාව සදහා 1999 වසරේ නිර්දේශ කර ඇත.
• සිටුවා දින 60-65 කින් අස්වැන්න හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් 1.7 ගත හැක.
• බීජ තද කොළ පැහැති රොම්බසාකාර හැඩැතිය .
• බීජ 1000 ක බර ග්‍රෑම් 56 ක් පමණ වේ.
• සර්කස්පෝර් පත්‍ර පුල්ලි හා මුං කහ විචිත්‍ර වෛරී රෝගයට පාත්‍රීවෙයි.

එම්.අයි.-6
MI-6 වගාව සදහා 2004 වසරේ නිර්දේශ කර ඇත.
• සිටුවා දින 55-58 කින් අස්වැන්න හෙක්ටයාර් එකකින් මෙට්‍රික් ටොන් 1.8-2.0 ගත හැක.
• බීජ කොළ පැහැති සිලින්ඩර්කාර හැඩැතිය.
• බීජ 1000 ක බර ග්‍රෑම් 65 ක් පමණ වේ.
• සර්කස්පෝර් පත්‍ර පුල්ලි හා මුං කහ විචිත්‍ර වෛරී රෝගයට මධ්‍යස්ථ පාත්‍රීවේ.

දේශගුණික කලාපයට සහ කන්නයට උචිත ප්‍රභේදයක් තෝරාගැනීම
එම්.අයි 5 - යල හා මහ කන්නය සදහා
ආරි - යල හා මහ කන්නය සදහා
එම්.අයි 6 - යල, මහ සහ මැද කන්නය සදහාත් සුදුසු වේ.

නිර්දේශිත ශෂ්‍ය විද්‍යාත්මක කටයුතු
පෙලට සිටු වීම සහ නියමිත පැල ගහනය පවත්වා ගැනිමෙන් රෝග සහ පලිබෝධ පාලනය කර ගැනිම, වෙනත් ප්‍රභේද ඉවත් කර ගැනීම හා අනෙකුත් වගා පාලන කටයුතු පහසු වීම තුලින් හොඳින් පිරුණු බීජ සහිත ගුණාත්මයෙන් යුත් වැඩි අස්වැන්නක් ලබා ගත හැක.

බිම් සැකසීම
පස සෙ.මී 30 ක් පමණ ගැඹුරට භූමියේ පස පෙරලා කැට පොඩි කර ගෙන ජල සැපයුම අනුව ඇලි වැටි, ලියදි හෝ සමතල ආකාරයට හොද ජලවහනයක් ඇති වන සේ සකසා ගත යුතුය.

බීජ සිටුවීමේ කාලය
අස්වනු නෙලන අවධියේදි වියලි කාලගුණයක් තිබීම ඉහල ගුණාත්මයෙන් යුත් බීජ නිපදවීමට ඉතා වැදගත් වේ. එබැවින් මහ කන්නයේ වගා පිහිටුවීම නොවැම්බර් මැද දක්වා ප්‍රමාද කිරීමත් රෝග හා පලිබෝධ හානිය අවම කර ගැනිම සදහා යල කන්නයේදී වර්ෂාවත් සමග එනම් අප්‍රේල් මුල් සතියේත් වගාව පිහිටුවීම වැදගත්ය. යල කන්නයේදී ප්‍රමාදවී වගා කරන විට කහවන් විචිත්‍ර වෛරී රෝගය හටගැනීමේ අවදානම වැඩිය.

අතරමැද කන්නයේදී මුං වගා කරන්නේ කුඹුරු වල ඉතිරි වී ඇති පාංශු තෙතමනය ප්‍රයෝජනයට ගැනීමෙනි. ඉපනැල්ල තිබියදිම අවම බීජ සැකසීමක් යටතේ MI-6 වැනි කෙටිකාලීන ප්‍රභේද මේ අන්දමට වගා කළ හැකිය.

බීජ අවශ්‍යතාවය හා පරතරය
පෙලට සිටුවීමේදී පේලි අතර සෙ.මී. 30 ක් ද පැල අතර සෙ.මී. 10 ක්ද වන පරතරයට පැල එක බැගින් ද ඇලි හා වැටි ක්‍රමයට සිටුවීමේදී ඇලි අතර සෙ.මී. 60 ක්ද වැටි අතර සෙ.මී. 10 ක්ද වන පරතරයට පැල දෙක බැගින් ද සිටුවීමට හෙක්ටයාරයට බීජ කි.ග්‍රෑම් 30 ක් පමණ අවශ්‍යය වේ.

බීජ සිටුවීම
එක් වලක පැල දෙකක් තබයි නම් පේලි අතර සෙ.මී. 60 ක්ද පැල අතර සෙ. මී. 10 විය යුතුය. එක් වලක එක් පැලයක් තබයි නම් පේලි අතර සෙ. මී. 30 ක්ද පැල අතර සෙ. මී. 10 ක් විය යුතුය. සෙ. මී. 1-1.5 ක ගැඹුරකින් එක ස්ථානයකට බීජ 2-3ක් බැගින් වැපරීම කල යුතුය. බීජ සිටුවා සති 02 කට පසුව නියමිත පරතරය අනුව පැල තුනී කිරීම කල යුතුය.

බීජ ප්‍රතිකාර
බීජ ප්‍රතිකාර කිරීම මගින් ශක්තිමත් පැලයක් වර්ධනය වන තෙක් අවශ්‍යය මුලික ආරක්ෂාව ලබාදි දිලීර රෝග පාලනය කර ගත හැක. මේ සඳහා බීජ කිලෝ ග්‍රෑමයකට පහත සදහන් දිලීර නාශකයක් යොදන්න

කැප්ටාන් - ග්‍රෑම් 03
තිර්ම් - ග්‍රෑම් 02
තිර්ම් + තයෝෆනේට් මිතයිල් - ග්‍රෑම් 02

පොහොර යෙදීම
බීජ නිෂ්පාදනයේදි පොහොර භාවිතය මගින් හොදින් පිරුණු නිරෝගි බීජ ලබා ගත හැක. එසේ වුවද අවශ්‍ය පමණට වඩා නයිට්‍රජන් පොහොර යෙදීමෙන් අනවශ්‍ය වර්ධක වර්ධනයක් ඇති වී පලිබෝධ හානි වැඩි වීමත් අස්වැන්න අඩු වීමත් සිදු වේ. පහත සදහන් පොහොර ප්‍රමාණ යෙදිම නිර්දේශිතය.

මූලික පොහොර හෙක්ටයාරයට කි.ග්‍රෑම්
යුරියා : 30
ටී.එස්.පී. : 100
එම්.ඕ.පී. : 75

මතුපිට පොහොර මල් පිපෙන අවධියේදී එනම් සති 4 කදී හෙක්ටයාරයට යුරියා කි.ග්‍රෑම් 35 ක් යෙදිය යුතුයි

ජල සම්පාදනය
වියලි කාලගුණ තත්ත්වයන් යටතේ මල් පිපෙන හා කරල් පිරෙන අවධියේදී ජල සම්පාදනය ඉතා වැදගත්ය. පසේ ප්‍රමාණවත් තෙතමනයක් පවත්වාගැනීම වියලි තත්ව යටතේදී බීජ සිටුවීමේ සිට සති 4 දක්වාත් මල් පිපීමේ සිට සති 3 ක් දක්වාත් පසේ තෙතමනය ආරක්ෂා කර ජල සම්පාදනය කරන්න.

වල් මර්ධනය
බීජ නිෂ්පාදනයේදී බීජ සිටුවා අස්වැන්න නෙලන තුරුම ක්ෂේත්‍රය වල් පැල වලින් තොරව තබා ගැනීම ඉතා වැදගත් වේ. වල් පැල පාලනය කර ගැනිමෙන් වල් බීජ කලවම් වීම හා පලිබෝධ හානි අවම කර ගත හැක. බීජ සිටුවා සති 4 ක් යන තුරු වල් මර්දනය කර පස් එකතු කළ යුතුය.

මුං වගාවේ පලිබෝධ

මුං බෝගයට විවිධ වර්ධන අවධිවලදී හානිකරන පළිබෝධ විශේෂ 40 ක් පමණ හඳුනාගෙන ඇතත් ඉන් බොහෝ දෙනෙක් ආර්ථිකව සැලකිය යුතු මට්ටමේ හානියක් සිදුනොකරයි. මුං වගාව සඳහා හානි සිදුකරන පළිබෝධකයින් ලෙස බෝංච් මැස්සා, කුඩිත්තා, සුදුමැස්සා, පත්‍ර කීඩෑවන්, පත්‍ර කනින්නන්, පැල මැක්කන්, මයිටාවන්, කරල් විදින මකුණන් හා කරල් විදින දළඹුවන් හැඳින්විය හැකිය. මීට අමතරව මෙම බීජ ගබඩාකර තැබීමේදී රනිල ගුල්ලා මගින්ද සැලකිය යුතු හානියක් සිදු කරයි.

1. පැල අවධියේදී හානිකරන පලිබෝධකයින්
බෝංචි මැස්සා (Ophiomyia phaseoli)

මුං වගාවේ පැල අවධියේදී මෙම සතුන් හානි කරයි. මි.මී. 2 ක් පමණ දිගැති, දිළිසෙන සුදුකහ පැහැ බෝංචි මැස්සා මුං ශාක වල ලපටි පත්‍ර මත නටුවට ආසන්නව බිත්තර තැන්පත් කරයි. බිත්තර වලින් පිටවන සුදු පැහැති කීටයා මැද නාරටිය තුලින් කඳට පිවිස පසුව කඳේ පාදස්ථ ප්‍රදේශයේ කෝෂගත වේ. කඳේ සනාල පටක වලට හානි සිදු වීම නිසා ශාකයට ආහාර හා ජලය ගමන් කිරීමට බාධා පැමිණේ. ඒ හේතුවෙන් ශාකය මැල වී පසුව කහපාට වී මැරී යයි. ලපටි පැල වල ඉහල කොටස මැලවී යාමෙන් හා ශාක කඳේ පාදස්ථ ප්‍රදේශයේ ඇතිවන ඉදිමුණු ස්වභාවයෙන් බෝංචි මැස්සාගේ හානිය හදුනාගත හැකිය.



සුහුඹුලා



කීටයා

හානිය පාලනය
බෝංච් මැස්සාගේ හානියට පාත්‍ර වීම වියළි කළාපයේ යල කන්නයේ වැඩි බැවින් වගාව නියමිත කාලයට (මාර්තු-අප්‍රේල්) ක්ෂේත්‍රයේ පිහිටුවීම මගින් හානිය අවම කර ගත හැකිය. මහ කන්නයේ ද ප්‍රමාද වී වගාව ආරම්භ කළ විට හානිය ඇති විය හැකිය.

බීජ ප්‍රතිකාරකයක් ලෙස තයමෙතොක්සාම් 70% ඩබ්.එස්. ග්‍රෑම් 15 ක් ජලය මි.ලි. 20-30 ක දිය කර බීජ කිලෝ ග්‍රෑම් 10 ක් සඳහා යෙදීම හානිය පාලනය සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමයයි.

බීජ සිටුවීමෙන් පසු හානිය දක්නට ලැබේ නම් පලමු පත්‍ර දෙක ඇතිවන අවස්ථාවේදී එනම් සිටුවා දින 5-7 කින් පමණ පහත සඳහන් නිර්දේශිත කෘමි නාශක යෙදීමෙන් හානිය පාලනය කළ හැක. හානිය උග්‍ර නම් දින 10-14 කාලාන්තර වලින් නැවත යෙදිය හැක.
ඩයසිනෝන් 50 ඊ.සී.
මි.ලී. 40/ ජලය ලීටර් 10
කාබොසල්ෆාන් 20 එස්.සී.
මි.ලී. 30/ ජලය ලීටර් 10

2. මල් පිපීමට පෙර අවධියේ හානිකරන පලිබෝධකයින්
බෝගයේ වර්ධන අවධියේ දී කුඩිත්තන්, සුදුමැස්සන්, පත්‍ර කීඩෑවන්, පත්‍ර කනින්නන්, පැල මැක්කන් හා මයිටාවන් ගේ හානි දැකගත හැකිවන අතර බෝගයේ වර්ධනය අඩු වී අස්වැන්න අඩුවේ. උෂ්ණාධික කාළවලදී හා දැඩි සුළං කාළවලදී මෙම කෘමීන්ගේ ව්‍යාප්තිය බහුල වේ. එසේම මොවුන් මුං වගාවේ වෛරස් රෝග වාහකයින් ලෙසද ක්‍රියා කරයි.

කූඩිත්තන් (Aphis craccivora)
මි.මී. 2 ක් පමණ දිග කහ පැහැති කුඩිත්තන් ශාක කඳ, මල් හා කරල් වසාගෙන ඒ මත පෝෂණය වේ. මෙසේ ශාක යුෂ උරා බීම නිසා ශාක මැලවී පත්‍ර කහපාට වේ. අස්වනු ප්‍රමාණය අඩු වේ.

කූඩිත්තන් ගණාවාසයක්

හානිය පාලනය
මෙම කෘමීන් පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය.
ඉමිඩක්ලොප්‍රිඩ් 20 එස්.එල්. මි.ලී. 10/ ජලය ලීටර් 10
ඉමිඩක්ලොප්‍රීඩ් 70% ඩඹ්ජස්. ග්‍රෑම් 1.25/ ජලය ලීටර් 10
තයමෙතොක්සාම් 25% ඩඹ්ජස්. ග්‍රෑම් 3/ ජලය ලීටර් 10
සුදුමැස්සා (Bemisia tabaci)
මි.මී. 1 ක් පමණ දිග සුදු පැහැති ඉතා කුඩා කෘමියෙක් වන සුදුමැස්සා පත්‍රවලින් යුෂ උරා බීම නිසා පත්‍ර කහ පැහැ වී මැලවී යයි. මුං පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය පතුරුවා හරින රෝග වාහකයා ලෙසද ක්‍රියා කරයි.

හානිය පාලනය
මෙම කෘමීන් පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය.
ඉමිඩක්ලොප්‍රීඩ් 20 එස්.එල්.
මි.ලී. 10/ ජලය ලීටර් 10
ඉමිඩක්ලොප්‍රීඩ් 70% ඩබ්.ජී.
ග්‍රෑම් 1.5/ ජලය ලීටර් 10
තයමෙතොක්සාම් 25% ඩබ්.ජී.
ග්‍රෑම් 5/ ජලය ලීටර් 10
ඇසිටැමිප්රිිඩ් 20% එස්.පී.
ග්‍රෑම් 10/ ජලය ලීටර් 10

පත්‍ර කීඩෑවන් (Empoasca spp.)
සුහුඹුලා මි.මී. 2.5 ක් පමණ විශාල ලා කොළ පැහැති සිහින් කෘමියෙකි. පත්‍ර වලින් යුෂ උරා බීම නිසා පත්‍ර දාර කහ පැහැ වේ. පසුව පත්‍ර දාරය රැලි වීම සිදු වේ. හානිය උග්‍ර වූ විට පත්‍ර දාර පිළිස්සී වියලී ශාක කුරුවීයාම සිදු වේ.

හානිය පාලනය
මෙම කෘමීන් පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය.
ඇසිටැමිප්රිපඩ් 20% එස්.පී.
ග්‍රෑම් 10/ ජලය ලීටර් 10
ඇසිෆේට් 75% එස්.පී.
ග්‍රෑම් 10/ ජලය ලීටර් 10

මයිටාවන් (Tetranychus spp.)
ඉතා කුඩා, රතු පැහැති ඕවලාකාර මෙම සතුන් පත්‍ර වල යටි පැත්තේ සමූහ වශයෙන් සිට යුෂ උරා බොයි. හානි වූ පත්‍ර, රැලි වීම හා කහ වීම සිදු වේ.

හානිය පාලනය
මයිටාවන් පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත මයිටානාශක භාවිතා කළ හැකිය.
සල්ෆර් 80% ඩබ්.ජී.
ග්‍රෑම් 80/ ජලය ලීටර් 10
හෙක්සතයොසොක්ස් 10% කුඩු
ග්‍රෑම් 5/ ජලය ලීටර් 10
ප්ලුෆෙනොක්සියුරෝන් 10 ඬීසී.
මි.ලී. 15/ ජලය ලීටර් 10
ඇබමෙක්ටින් 1.8 ඊ.සී. මි.ලී. 6/ ජලය ලීටර් 10

පත්‍ර කනින්නා (Liriomyza spp.)
මි.මී. 1.5 ක් පමණ දිග කහ පැහැති මැස්සෙකි සුහුඹුල් ගැහැණු සතා පත්‍ර සිදුරු කර සුදු පැහැති බිත්තර දමයි. කීටයා කහ පැහැතිය. ඉතා කුඩාය. කීටයා පත්‍ර අපිචර්මයට පහලින් ඇති මෘදුස්ථර සෛල ආහාරයට ගනී. පත්‍රයේ සර්පිලාකාර කැණීම් සාදයි.

හානිය පාලනය
මෙම කෘමීන් පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය.
ඇබමෙක්ටින් 1.8 ඊ.සී. මි.ලී. 6/ ජලය ලීටර් 10
සයිරොමයිසීන් 75% කුඩු
ග්‍රෑම් 30/ ජලය ලීටර් 10
ඇසඩිරැක්ටින් 5 සාන්ද්‍ර දියර
මි.ලී. 20/ ජලය ලීටර් 10
මීට අමතරව බෝග අවශේෂ විනාශ කිරීම, කහ පැහැති ඇලෙන සුළු උගුල් භාවිතය හා පත්‍ර සේදී යන ආකාරයට ඡල සම්පාදනය කිරීම යන ක්‍රම මගින් ද මෙම හානිය අවම කර ගත හැකිය.

පැල මැක්කන් (Thrips palmi)
සුහුඹුල් සතුන් මි.මී. 1 ක් පමණ විශාලය. ලා කහ පැහැතිය.

සුහුඹුලන් හා ශිශුවන් පත්‍ර සුර් යුෂ උරා බීම සිදු කරයි. හානි කළ පත්‍ර මත ලා දුඹුරු ලප ඇති වී පසුව රැලි වී වියළී යයි. මීට අමතරව මල් හටගැනීමේ අවධියේ දී පුෂ්ප අංකුර හා පුෂ්ප වලට ද හානි කරයි. හානි කළ පුෂ්ප අංකුර දුඹුරු පැහැයට හැරී වැටී යයි.

හානිය පාලනය

මෙම කෘමීන් පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය.
ඉමිඩක්ලොප්රිාඩ් 20 එස්.එල්.
මි.ලී. 10/ ජලය ලීටර් 10
ඉමිඩක්ලොප්රිාඩ් 70% ඩබ්.ජී.
ග්‍රෑම් 1.25/ ජලය ලීටර් 10
තයමෙතොකාසාම් 25% ඩබ්.ජී.
ග්‍රෑම් 5/ ජලය ලීටර් 10
ෆිප්‍රොනිල් 50 එස්.සී. මි.ලී. 10/ ජලය ලීටර් 10

මීට අමතරව බෝග අවශේෂ විනාශ කිරීම, වගාව නියමිත කාලයට ක්ෂේත්‍රයේ පිහිටුවීම හා වගාව අවට ඇති විකල්ප ධාරක ශාක විනාශ කිරීම යන ක්‍රම මගින් ද මෙම හානිය අවම කර ගත හැකිය.

3. මල් හටගන්නා අවධියේ සිට කරල් පිරෙන අවධිය දක්වා හානි කරන පලිබෝධකයින්

බිබිලි කුරුමිණියා (Mylabris spp.)
දික් වූ පටු ශරීරයක් සහිත කුරුමිණි විශේෂයකි. පියාපත් මත කහ රතු හෝ කහ පැහැති පටි සහිතයි. මල් ආහාරයට ගැනීමෙන් මුං වගාවට හානි පමුණුවන මෙම කුරුමිණියන් අතංගුවකින් එකතු කර විනාශ කළ හැකිය.

කරල් විදින මකුණන්
මි.මී. 15 ක් පමණ දිග කොළ පැහැති Anaplocnemis විශෙඅෂයද මි.මී. 30 ක් පමණ දිග තද කළු හෝ දුඹුරු පැහැති Riptortus විශේෂයේ මකුණන් ද මි.මී. 18 ක් පමණ දිග දුඹුරු පැහැති විශේෂයේ මකුණන් ද අලු පැහැති Clavigralla විශේෂයේ මකුණන්ද මුං වගාවට හානි කරයි. මොවුන් ගේ ශිශුවන් හා සුහුඹුලන් විසින් කරල් තුල තිබෙන බීජ වලින් යුෂ උරා බීම නිසා කරල් වල අදුරු පැහැති ලප ඇතිවේ. කරල් තුල තිබෙන බීජ හැකිලී දුර්වරණ වී යයි. එම නිසා බීජ වල ගුණාත්මය අඩු වී පරිභෝජනයට නුසුදුසු තත්වයට පත් වේ. බීජ වල ප්‍රරෝහණ ශක්තියද අඩු වී යයි.


Nezara viridula

Anaplocnemis spp.


Clavigralla spp.


Riptortus spp.

කරල් විදින දළඹුවන්
මුං බෝගයට ආර්ථිකව වැදගත්ම හානියක් සිදුකරන පලිබෝධ කාණ්ඩය වේ. මුං බෝගයට හානිකරන කරල් විදින දළඹු විශේෂ 3 ක් හදුනාගෙන ඇත. Maruca vitrata විශේෂයේ සුහුඹුලා දුඹුරු පැහැති සලඹයෙක් වන අතර පියාපත් දිගහැරිය විට මි.මී. 25 ක් පමණ විශාලය. සුදුපැහැති විනිවිද පෙනෙන බිත්තර තනි තනිව මල් මත හෝ දළු මත දමයි. කීටයා කහ පැහැයට හුරු සුදුපැහැයක් ගන්නා අතර පෘෂ්ඨීය කහ පැහැති තිත් පේලි දෙකක් පිහිටා ඇත. හොඳින් වැඩුණු කීටයා මි.මී. 16 ක් පමණ දිගය. පිලා අවස්ථාව කරල තුල හෝ පසෙහි ගතකරයි. කීටයා පත්‍ර අංකුර හා මල් එකතුකර දැලක් මෙන් සාදා එය තුලට වී ශාක කොටස් කා දමයි. කරල් වලටද හානි සිදුකරයි.

Maruca vitrata
සුහුඹුලා
Helicoverpa armigera විශේෂයේ සුහුඹුලා දුඹුරු පැහැති සලඹයෙකි. මි.මී. 40-50 ක් පමණ දිග කීටයා විවිධ වර්ණ ගනී. පාර්ශ්විකව ලා සහ තද පැහැති ඉරි වලින් සමන්විතය. මෙම දළඹුවන් පත්‍ර, අංකුර, මල් හා කරල් ආහාරයට ගනී.

Helicoverpa armigera
සුහුඹුලා
Lampides boeticus විශේෂයේ සුහුඹුලා නිල් පැහැති සමනලයෙකි. මි.මී. 12 ක් පමණ දිග කොළ පැහැති ඕවලාකාර පැතලි කීටයා විසින් පත්‍ර, අංකුර, මල් හා කරල් ආහාරයට ගනී.

Helicoverpa armigera
සුහුඹුලා
හානිය පාලනය
මහ කන්නයේ හානිය උග්‍ර අතර වගාව කල් ඇතිව ක්ෂේත්‍රයේ සිටුවීමෙන් බොහෝදුරට මෙම සතුන් ගේ හානිය පාලනය කරගත හැකිය. රසායනික පාලනය සඳහා පහත සඳහන් නිර්දේශිත කෘමිනාශක භාවිතා කළ හැකිය.
ක්ලෝප්ලුඑසියුරෝන් 5 ඊ.සී
මි.ලී. 10/ ජලය ලීටර් 10
තයෝඩිකාබ් 375 එස්.සී.
මි.ලී. 20/ ජලය ලීටර් 10
එතොෆෙන්ප්රොහක්ස් 10 ඊ.සී. මි.ලී. 15/ ජලය ලීටර් 10
නොවලියුරෝන් 10 ඊ.සී.
මි.ලී. 10/ ජලය ලීටර් 10

4. ගබඩා අවධියේ හානිකරන පලිබෝධකයින්

රනිල ගුල්ලා (Callosobruchus spp.)
මුං බීජ ගබඩා කර තැබූ විට මෙම සතුන් සැලකිය යුතු හානියක් සිදු කරයි. මීට අමතරව ක්ෂේත්‍රයේදී ද සුළු වශයෙන් මෙම සතුන්ගේ හානිය ඇතිවේ. මි.මී. 3 ක් පමණ දිග සුහුඹුල් සතා දුඹුරු පැහැති කුරුමිණියෙකි. කීටයා සුදුපැහැතිය. සුහුඹුලා බීජ වල පිටපැත්තේ සුදුපැහැති බිත්තර තැන්පත් කරන අතර ඉන් ඇතිවන කීටයින් බීජයේ ඇතුලත කොටස් ආහාරයට ගනී. පිලා අවධිය බීජය තුල ගතකර ඉන් ඇතිවන සුහුඹුලන් බීජයේ රවුම් සිදුරු සාදා ඉන් පිටවී යයි. බීජ මත ඇති සුදුපැහැති බිත්තර වලින් හා රවුම් සිදුරු වලින් හානිය හදුනාගත හැක. පිරිමිෆොස් මීතයිල් දියර මි.ලී. 25 ක් ජලය ලීටර් 10 ක දියකර ගෝනි මලුවලට ඉස බීජ ගබඩා කිරීම, කොහොඹ, ගම්මිරිස් හෝ මීතෙල් බීජ සමග මිශ්‍ර කිරීම, කොහොඹ, ගම්මිරිස්, පැගිරි ආදියේ පත්‍ර බීජ සමග මිශ්‍ර කිරීම, අලු සමග බීජ මිශ්‍ර කිරීම, බීජ වියලා පොලිතීන් මලුවල ගබඩා කිරීම වැනි ක්‍රම භාවිතයෙන් ද ගුල්ලාගේ හානිය පාලනය කර ගත හැකිය.

සුහුඹුලා

රෝග පාලනය

මුං කහ විචිත්‍ර වෛරස් රෝගය
බෙගොමො වෛරස් කාණ්ඩයට අයත් සුදු මැස්සා (Bemicia tabaci) මගින් පැතිරෙන වෛරස් රෝගයකි. පත්‍ර මත දීප්තිමත් කහ කොළ විචිත්‍ර ලක්ෂණ ඇති වීම රෝග ලක්ෂණ ලෙස නිරූපණය වෙයි. ශාක කුරු වීමක් පෙන්නුම් කරයි. ආසාදිත ශාක වල මල් හා කරල් නිෂ්පාදනය අඩු වෙයි. නිපදවූ කරල් ද කුඩා වන අතර ඒවායේ කුඩා බීජ සුළු ප්‍රමාණයක් දක්නට ලෑබෙයි.

රෝගය පාලනය
• වෛරසය ආසාදනය වු විට පාලනය අපහසු වෙයි. එම නිසා ආසාදනය වීම අවම
කිරීමට වග බලා ගත යුතූයි. වෛරස් රෝග පාලනය සදහා රසායනික ප්‍රතිකාර නොමැති අතර ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම රෝග පාලනය කිරීම සදහා ගත හැකි පහසුම ක්‍රමයයි. රෝගයට ඔරොත්තු දෙන එම් අයි 06 වැනි ප්‍රභේද වගා කිරීම.

• සුදු මැස්සාගේ ගහණය අධික වන කාලය මග හැර වගාව ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම.
• එසේම පැරණි වගාවක් ඉවත් කිරීමට පෙර නව වගාවක් ඒ අසලින් ස්ථාපනය නොකිරීම. එසේ නොවුනහොත් සුදු මැස්සාගේ ජීවන චත්‍රය දිගින් දිගටම සම්පූර්ණ වන අතර වෛරසයද එමගින් නව වගාවද ආසාදනය කරයි.
• බෝග මාරුවක් ධාරක නොවන ශාක සමග අනුගමනය කිරීමෙන් රෝගය පැතිරීම පාලනය කිරීම.
• ධාරක වල් පැලෑටි විනාශ කිරීම
• මුලින්ම රෝග ලක්ෂණ දක්නට ලැබෙන විට ශාක ගලවා ඉවත් කර විනාශ කිරීමෙන් පසු සුදු මැස්සා පාලනය සඳහා කෘමිනාශක යෙදීම

පිටි පුස් රෝගය
එරිසයිපේ පොලිගොනි (Erysiphe polygoni) දිලීරය මඟින් ඇති වෙයි.

මුල්ම රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනුයේ පහල මේරූ පත්‍ර මත ඇති වන සුදු පැහැති ලපයි. මෙම ලප ප්‍රමාණයෙන් වර්ධනය වන අතර පත්‍ර මත සුදු පැහැති කුඩක් ලෙස දිලීර ජාලය දැකිය හැකියි. හානිය උග්‍ර වන විට පත්‍ර දුඹුරු පැහැ වී වියලී යයි. ශාකය මේරීමට ප්‍රථම පත්‍ර හැලී යයි.

රෝගය පාලනය
රෝග ලක්ෂණ ප්‍රථමයෙන් දක්නට ලැබුන විගසම නිර්දේශිත දිලීරනාශකයක් යෙදීමෙන් රෝග පාලනය කර ගත හැකියි.
ක්ලෝරොතැලොනිල් ලීටරයට ග්‍රෑම් 500 එස් සී මි. ලී. 30/ ලීටර් 10
සල්පර් 80% තෙත් කුඩු
ග්‍රෑම් 50/ ලීටර් 10
කාබන්ඩසීම් 50% තෙත් කුඩු ග්‍රෑම් 7/ ලීටර් 10

සර්කස්පෝර් පත්‍ර පුල්ලි රෝගය
මෙම රෝගය ඇති කරනු ලබන්නේ සර්කස්පෝර් විශේෂයේ (Cercospora spp.) දිලීරයකිනි. මෙම රෝගයෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ පත්‍ර මත දුඹුරු පැහැති රවුම් ලප ඇති වීමය. එම ලප වල මධ්‍යය වියලී යන අතර තව දුරටත් ආසාදනය වීමේදී මුලු පත්‍රයම වියලී යයි.

රෝගය පාලනය
රෝග ලක්ෂණ දක්නට ලැබෙන විට නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම මගින් රෝගය පාලනය කර ගත හැක.

කොපර් 50% තෙත් කුඩු
ග්‍රෑම් 40/ ලීටර් 10
මැන්කොසෙබ් 80% තෙත් කුඩු
ග්‍රෑම් 20/ ලීටර් 10
මැනෙබ් 80% තෙත් කුඩු
ග්‍රෑම් 20/ ලීටර් 10
ප්රොකපිනෙබ් 70% තෙත් කුඩු
ග්‍රෑම් 20/ ලීටර් 10
තයෝෆීනයිට් මීතයිල් 70% තෙත් කුඩු
ග්‍රෑම් 6/ ලීටර් 10
ටේබ්යුකොනසෝල් ලීටරයට ග්‍රෑම් 250 ඊ සී
මි. ලී. 3.5 / ලීටර් 10
ක්ලෝරොතැලොනිල් ලීටරයට ග්‍රෑම් 500 එස් සී මි. ලී. 30/ ලීටර් 10
ප්රොරපිකොනසෝල් ලීටරයට ග්‍රෑම් 250 ඊ සී මි. ලී. 3.5/ ලීටර් 10

ඇස්කොකයිටා අංගමාරය
ඇස්කොකයිටා විශේෂයේ (Ascochyta spp) දිලීරයක් මෙම රෝගයේ රෝග කාරකයා වෙයි. මූලික ලක්ෂණය වනුයේ පත්ර මත තරමක් ගිලුනු ස්වභාවයක් පෙන්නුම් කරන කහ පැහැති දාරයකින් වටවුන දුඹුරු පැහැති ලප ඇති වීමයි. හිතකර කාලගුණික තත්ව යටතේදී මෙම ලප විශාල වස් අක්රිමවත් හැඩති තෙත් වූ ප්‍රදේශ බවට පත් වෙයි. අවසානයේදී ආසාදිත පත්ර හැලී යයි. පසුව මෙම ලප කඳ, පත නටුව, මල් නටුව හා කරල් මතද දක්නට ලැබෙයි. කඳ පත්‍ර නටුව හා කරල් නටුව මත ඇති වන ලප පත්රම මත ඇති වන ලප වලට වඩා තද දුඹුරු පැහැයක් ගන්නා අතර ඊට වඩා යටට ගිලුන ස්වභාවයක් පෙන්නුම් කරයි. ආසාදිත බීජ හැකිලී කුඩා වී තිබෙනු දක්නට ලැබේ. රෝගී ශාක කොටස් මත දිලීර බීජනු සාදන පික්නීඩියා ඉතා විශාල ප්‍රමාණයක් දැකිය හැකියි.


රෝගය පාලනය
• මෙය බීජ මගින් පැතිරෙන රෝගයක් හෙයින් වගාව සදහා නීරෝගී බීජ භාවිතය
• බීජ දිලීරනාශකයක් මගින් ප්‍රතිකාර කිරීමෙන් බීජයේ ඇති රෝග කාරකයන් විනාශ කිරීම
• මීට අමතරව බෝග අවශේෂ කොටස් මත ජීවත් වන රෝග කාරකයින් මගින්ද රෝගය පැතිරීම සිදුවෙයි. එබැවින් අස්වැන්න නෙලීමෙන් පසු ඒවා විනාශ කිරීම.
• රෝග ලක්ෂණ දක්නට ලැබෙන මුල් අවස්ථාවේදිම පැල කිපයක් පමණක් ආසාදනය වස් ඇත්නම් ඒවා ගලවා විනාශ කිරීමෙන් රෝගය තවදුරටත් පැතිරීම පාලනය කිරීම.
• රෝග ලක්ෂණ දක්නට ලැබෙන විට නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම. රනිල බෝග වල වෙනත් දිලීර රෝග පාලනය සඳහා නිර්දේශ කර ඇති ක්ලෝරොතැලොනිල්, කාබෙන්ඩසිම්, තයෝෆීනයිට් මීතයිල් හා මැන්කොසෙබ් දිලීරනාශක වලින් මෙම රෝගය පාලනය වෙන බව නිරීක්ෂණය කර ඇත.
• රෝගය බහුලවම පවතින ප්‍රදේශයක් නම් බෝග මාරුවක් අනුගමනය කිරීම

ඇන්ත්‍රැක්නෝස් (දුඹුරු පැල්ලම්) රෝගය
කොලෙටොට්‍රිකම ලින්ඩමුතියානම් (Colletotrichum lindemuthianum) දිලීරය මඟින් ඇති කරනු ලබයි. මෙම රෝගයේ රෝග ලක්ෂණ වනුයේ පත්‍ර, දඩු, පත්‍ර නටුව, කරල හා කරලෙහි නටුව මත දම් පැහැයට හුරු දුඹුරු පැහැති ගිලුනු ලප ඇති වීමයි. පසුව මෙම ලප මත කළු පැහැති බීජානු දක්නට ලැබෙයි.

රෝගය පාලනය
• මෙය බීජ මගින් පැතිරෙන රෝගයක් හෙයින් වගාව සදහා බීජ ඇන්ත්‍රැනෝස් ලප රහිත කරල් වලින් පමණක් ලබා ගැනීම.
• එලෙසම බීජ දිලීරනාශකයක් මගින් ප්‍රතිකාර කිරීමෙන් බීජයේ ඇති රෝග කාරකයන් විනාශ වීමක් සිදුවෙයි.
• මීට අමතරව බෝග අවශේෂ කොටස් මත ජීවත් වන රෝග කාරකයින් මගින්ද රෝගය පැතිරීම සිදුවෙයි. එබැවින් අස්වැන්න නෙලීමෙන් පසු ඒවා විනාශ කිරීම.
• රෝග ලක්ෂණ දක්නට ලැබෙන මුල් අවස්ථාවේදිම පැල කිපයක් පමණක් ආසාදනය වස් ඇත්නම් ඒවා ගලවා විනාශ කිරීම.
• රෝගය බහුලවම පවතින ප්‍රදේශයක් නම් බෝග මාරුවක් අනුගමනය කිරීම
• රෝග ලක්ෂණ දක්නට ලැබෙන විට නිර්දේශිත දිලීරනාශකයක් යෙදීම
මැන්කොසෙබ් 80% තෙත් කුඩු
ග්‍රෑම් 20/ ලීටර් 10
මැනෙබ් 80% තෙත් කුඩු
ග්‍රෑම් 20/ ලීටර් 10
තයෝෆීනයිට් මීතයිල් 70% තෙත් කුඩු
ග්‍රෑම් 6/ ලීටර් 10
ක්ලෝරොතැලොනිල් ලීටරයට ග්‍රෑම් 500 එස් සී
මි. ලී. 30/ ලීටර් 10
ප්රොරපිකොනසෝල් ලීටරයට ග්‍රෑම් 250 ඊ සී
මි. ලී. 10/ ලීටර් 10
කාබන්ඩසීම් 50% තෙත් කුඩු
ග්‍රෑම් 7/ ලීටර් 10

පාදස්ථ කූණුවීම
පසෙහි ජීවත් වන ෆියුසේරීයම් (Fusarium) පිතියම් (Pythium), රයිසොක්ටොනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටීයම් (Sclerotium) දිලීර විශේෂ කිහිපයක් මෙම රෝගයට හේතු වෙයි. මෙම රෝගය වැලඳුන විට මුලින්ම ක්ෂේත්ර යේ තැනින් තැන ශාක මැල වස් තිබෙනු දක්නට ලැබෙයි. මෙම රෝග කාරකයා මුලින්ම ආසාදනය කරනු ලබන්නේ ශාකයේ පාදස්ථ කොටසයි. එහිදී පාදස්ථය දූඹුරු පැහැ වන අතර පටක කූණු වීමක් ද සිදූ වෙයි. ආසාදනය වූ විට ශාකය ක්‍රමයෙන් ලා කහ පැහැයට පත් වී වියලී මිය යයි. සුදු පැහැති පිහාටු වැනි දිලීර ජාලය හානිය උග්‍ර වන විට පාදස්ථ කොටසේ දැකිය හැකි අතර දූඹුරු පැහැති අබ ඇට වැනි ස්ක්ලෝරෝෂියා ඒ මත දැකිය හැකිය දිලීරයට වඩාත් හිතකර තත්ව ඇති විට දිලීරය ශාකයේ පහලට වර්ධනය වී මුල් කුණුවීම ද ඇති කරයි.

රෝගය පාලනය
• බෝග මාරුවක් අනුගමනය කිරීම
• එලෙසම ක්ෂේත්‍රය පිළියෙල කිරීමේදී සියලූම ආසාදිත ශාක කොටස් ඉවත් කර විනාශ කිරීම. ඉන් පසු කිහිප වතාවක් පස ගැඹුරට සීසෑමෙන් පසු කීප දිනක් හිරු එළියට නිරාවරණය කිරීම
• ජලය රදා පැවතීම රෝගය පැතිරීමට හිතකර බැවින් පසේ ජලවහනය දියුණු කිරීම. කුඹුරු ඉඩමක් නම් ගැඹුරෙන් කාණු යොදා ජලවහනය දියුණු කිරීම කළ යුතුයි.
• වගාවෙහි රෝගය දක්නට ලැබෙන මුල් අවස්ථාදීම රෝගී ශාක පසුත් සමග ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම.
• ඉන් පසුව පසට යොදන දිලීරනාශකයක් එම ස්ථානයට හා ඒ අවට ඇති නිරෝගී පැල කිහිපයකට පමණක් යෙදීම. මෙහිදී දිලීරනාශක යෙදිය යුත්තේ මල් බාල්දියක මල ගලවා හෝ ඉසින ටැංකියක නොසලය ඉවත් කල පසුයි.
තිරා 80% තෙත් කුඩු
ග්‍රෑම් 70 / ලීටර් 10
තයෝෆනේට් මීතයිල් 50% තෙත් කුඩු + තිරාම් 30 % තෙත් කුඩු ග්‍රෑම් 50/ ලීටර් 10
ෆ්ලුටොලනිල් 50% තෙත් කුඩු
ග්‍රෑම් 30/ ලීටර් 10
තයෝෆනේට් මීතයිල් 70% තෙත් කුඩු ග්‍රෑම් 30 / ලීටර් 10
ක්ලෝරොතැලොනිල් 500 ග්‍රෑම් /ලී එස් සී
මි ලී 90/ ලීටර් 10
• රෝගය බහුලව ඇති ක්ෂේත්‍ර හරහා අනෙක් ක්ෂේත්‍ර වලට ජලය හැරවීමෙන් වැලකිය යුතූ අතර රෝගී ක්ෂේත්‍ර වල ඇති වැඩිමනත් ජලය වගාවෙන් පිටතට යොමු කිරීමෙන් ව්‍යාප්ත වීම අවම කර ගත හැකියි.

දැල් අංගමාරය
මෙය ඇති කරනු ලබන්නේ රයිසොක්ටෝනියා සොලනයි (Rhizoctonia solani) දිලීරය මඟිනි. මුලින්ම පත්‍ර මත කුඩා, අක්‍රමවත් හැඩති, ලා කොළ පැහැති ලප ලෙස රෝග ලක්ෂණ දිස් වෙයි. මේරූ පත්‍ර මත ඇති ලප සංඛ්‍යාව හා ප්‍රමාණය වැඩි වන අතර ඒවා නොමේරූ පත්‍ර වලටද සීඝ්‍ර යෙන් ව්‍යාප්ත වෙයි. ලා රෝස පැහැති දිලීර ජාලය දැලක් ආකාරයට ශාක කොටස් මත පැතිරෙන අතර ඒවා මත සුදු පැහැති ස්කෙලෙරෝෂියා විශාල සංඛ්‍යාවක් දැකිය හැකියි. ආසාදිත ශාක කොටස් හැලී යයි.

රෝගය පාලනය
• නිර්දේශිත බීජ ප්‍රමාණය පමණක් යෙදීමෙන් නියමිත පැල ඝනත්වය පවත්වා ගැනීම
• ජලය රදා පැවතීම රෝගය පැතිරීමට හිතකර බැවින් පසේ ජලවහනය දියුණු කිරීම.
• වගාවෙහි රෝගය දක්නට ලැබෙන මුල් අවස්ථාදීම රෝගී ශාක ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම.
• රෝගය බහුලව ඇති ක්ෂේත්‍ර හරහා අනෙක් ක්ෂේත්‍ර වලට ජලය හැරවීමෙන් වැලකිය යුතූ අතර රෝගී ක්ෂේත්‍ර වල ඇති වැඩිමනත් ජලය වගාවෙන් පිටතට යොමු කිරීමෙන් ව්‍යාප්ත වීම අවම කර ගැනීම.

පසු අස්වනු තාක්ෂණ කටයුතු
අස්වනු නෙලීම
වගාවන්හි 75-80% පමණ කරල් කළු පැහැයට හැරෙන අවස්ථාවේදී අස්වැන්න නෙලීම කල යුතුයි. අස්වනු වාර 2-3 ලබාගත හැක. උදය කාලයේ අස්වනු නෙලිම මගින් කරලෙහි බීජ හැලිම වලක්වා ගත යුතුය. අස්වනු නෙලීම ප්‍රමාද වු විට කරල් පුපුරා බීජ අපතේ යාමද සිදුවේ. වර්ෂාවට හසුවුවහොත් කරල් තුලම බීජ පැලවීම සිදුවේ. කරල් වේලීම කරන විට නොනවත්වාම එක දිගට කල යුතුය.

වියළීම හා සැකසීම
නෙලාගත් කරල් දින 3-5ක් හොඳින් වියළා බීජ වලට හානියක් නොවන පරිදි සුදුසු යන්ත්‍ර භාවිතයෙන් හෝ ගෝනි වලට දමා පොල්ලකින් තැලීමෙන් බීජ වෙන් කර ගැනීම කල හැකිය. බොල්, කුඩා බීජ සහ අපද්‍රව්‍ය ඉවත් කර බීජ වල තෙතමනය 10% ට අඩුවන තෙක් දින 2 ක් පමණ නැවත වියළීම සිදු කල යුතුය. බීජ වේලාගත් විගස පොලිසැක් මලුවල ඇසීරීම නොකල යුතුය.

ඇසිරීම
ගේජ් 500 පොලිතීන් මලු වල ඇසිරීමෙන් ගබඩා කාලය දිගු කර ගත හැක
මෙමගින් මාෂ බෝග වලට හානි කරන ගුල්ලාගේ හානිය අවම කර ගත හැක.

ගබඩා කිරීම
කෘමීන්ගෙන් තොර, වියළි, සිසිල් මනා වාතාශ්‍රයක් ඇති ස්ථානයක, ලී රාමු මත ගබඩා කිරීම යෝග්‍යය.