අබ වගාව (Brassica juncea)

වගා කරන ප්‍රදේශ

• පුත්තලම - නුවරඑළිය
• අනුරාධපුර - රත්නපුර
• පොළොන්නරුව - බදුල්ල
• මාතලේ

වැදගත්කම

• කුළු බඩුවක් ලෙස ආහාරය රස කිරීමට
• අබ තෙල් ඖෂධයක් ලෙස
• අබ තෙල් ආහාර පිසීම සදහා පොල් තෙල්වලට ආදේශකයක් වශයෙන්
• අබ ක්‍රීම් සැදීමට

දේශගුණික අවශ්‍යතා

• වියළි කලාපීය හා අතරමැදි කලාපීය බෝගයක් වන මෙය සඳහා හොදින් පැතිරුණු වර්ෂාපතනයක් අවශ්‍ය
• බෝග වර්ධනයේ කිනම් අවධියකදී වුවද තෙතමනය වැඩිවීම අස්වැන්න අඩු වීමට හේතු වේ
• නව හේන්වල වගා කිරීමට ඉතා සුදුසු බෝගයකි
• ගෙවතු වගාවක් ලෙසද වැදගත් වේ
• යල කන්නයේදී ජල සම්පාදන තත්ව යටතේ හා මහ කන්නයේදී වර්ෂාපෝෂිතව වගා කල හැකිය.

පාංශු අවශ්‍යතාවයන්

• හොඳින් ජලවහනය වන වැලිමය ලෝම පස ඉතාමත් සුදුසු වේ
• හොඳ ව්‍යුහයක් සහිත ගැඹුරු පසක වගා කිරීම හොඳින් පැතිරුණු ගැඹුරු මූල පද්ධතියක් සඳහා වැදගත්වේ
• උසස් අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසෙහි සාරවත් බව වැදගත් සාධකයකි.

නිර්දේශිත ප්‍රභේද

දේශිය වරණය
අස්වනු නෙලීම සඳහා ගතවන කාලය : 110-117 කි.

වගා සංස්ථාපනය
බිම් සැකසීම

සෙ.මී. 25 සෙ.මී. 30 ක් ගැඹුරට පස පෙරලා සියුම්ව බිම් සකසා ගතයුතුය

බීජ අවශ්‍යතාව

6-8 කි.ග්‍රෑම්:/හෙක්.

සිටුවන කාලය

මහ කන්නය - ඔක්තොබර් අග භාගයේ සිට නොවැම්බර් මුල භාගය දක්වා
යල කන්නය - අප්‍රේල් සිට මැයි දක්වා

පරතරය

පේළි අතර සෙ.මි. 30
පැල අතර සෙ.මී. 15

සිටුවීම

සිටුවීම ආකාර දෙකකට සිදු කළ හැක
• සතුටුදායක ජලවහනයක් ඇති විට සමතලා බිමෙහි වගා කිරීම
• ජලවහනය දුර්වල ස්ථානවල සහ ජල සම්පාදනයෙන් වගා කරන විට ඇලි සහ වැටි ක්‍රමයට
• සාර්ථක ප්‍රරෝහණයක් සඳහා නොගැඹුරුව (සෙ.මී. 1 අඩුව) බීජ සිටුවීම කළ යුතුය
• ප්‍රරෝහණය වී සති දෙකකින් පසුව සුදුසු පරතරය (සෙ.මී. 15) ලැබෙන පරිදි පැළ තුනී කළ යුතුය

වගා කටයුතු
පොහොර යෙදීම

බෝගයේ පෝෂක අවශ්‍යතාවය

N 70 (කි.ග්‍රෑම්ඩ                                                                                                              /හෙක්.)
P2O5 25 (කි.ග්රෑය/හෙක්.)
K2O 30 (කි.ග්රෑය/හෙක්.)

පොහොර යෙදිය යුතු අවස්ථාව යූරියා (කි.ග්රෑග/හෙක්.) ත්රිකත්ව සුපර් පොස්පේට් (කි.ග්රෑප/හෙක්.) මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග්රෑ්/හෙක්.)
මූලික පොහොර 50 50 50
සිටුවා සති 4 පසු 100 - -

ජල සම්පාදනය

• පළමු සති 4 දී දින 5-7 වරක් බැගින්ද ඉන්පසුව දින 10-14 වරක් බැගින්ද ජල සම්පාදනය කළ යුතුය

වල් පැළෑටි පාලනය

• කලාදුරු වැනි බහුවාර්ෂික වල් පැලෑටි ගහන ඉඩම් වල අබ වගා නොකළ යුතුය.
• බීජ වපුරා සති 3-4 කට පසු (පොහොර යෙදීමත් සමඟ) අවශ්යඩ වුනොත් ඊට පසුවද වල් නෙලීම කළ යුතුය.

කෘමි පාලනය

1. දියමන්ති සලකුණ සහිත දළඹුවා Plutellaxylostella

හානියේ ස්වභාවය

• පත්ර් ආහාරයට ගැනීම නිසා ඇති වූ සිදුරු දැකිය හැක. මෙම සිදුරු සහිත පත්ර‍ මකුළු දැල් වැනි ව්යුපහවලින් එකට බැද තිබීමට හෝ නොතිබීමට හැකි අතර දලඹුවන්ගේ බහිස්ශ්රාසව ද්‍රව්‍ය නිසා අපවිත්‍රවී වී පැවතීම දැකිය හැක.

පාලනය

• නිර්දේශිත කෘමිනාශක යෙදීම
• වල් පැලෑටි පාලනය
• කේෂ්ත්රෑය පිරිසිදුව තබා ගැනීම

ශාක යුෂ උරාබොන මකුණා
බගරාඩා විශේෂ

හානියේ ස්වභාවය

• පැලෑටිවල යුෂ උරාබීම නිසා නිසා ඒවා මැලවී යයි. කළු සහ තැඹිලි පාටැති පස්මුළු මකුණන් මෙම පැල මත දැකිය හැකිය

පාලනය

• නිර්දේශිත කෘමිකාශකයක් යොදන්න

පත්රන බුදින කුරුමිණියන් (පයිලොටරේටා විශේෂ)

• කුඩා කළු පැහැති කුරුමිණියෙකි

හානියේ ස්වාභාවය

• ලපටි පැලවල පත්ර මත සුහුඹුලා ආහාර ගැනීමෙන් ඇති වූ සිදුරු දැකිය හැක

පාලනය

• නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න
• වල් පැල පාලනය
• බෝග සනීපාරක්ෂාව

පසු අස්වනු තාක්ෂණික සහ ආහාර තාක්ෂණය

අස්වනු නෙලීම

• වගාවක කරල් මේරීම සිදුවන්නේ එකම අවස්ථාවකදී සිදුනොවන නිසා කීපවරකදී අතින් අස්වනු නෙලීමට සිදුවේ.
• බීජ වෙන් කර ගැනීම පයින් පෑගීමෙන් හෝ ට්රැීක්ටරයක් මඟින් සිදුකළ හැක.