උඳු

අප රටේ විශේෂයෙන්ම උතුරු මැද හා උතුරු පළාත්වල ජනප්‍රිය රනිල බෝගයකි. එය අඩු ජල ප්‍රමාණයක් යටතේ සාර්ථකව වගා කළ හැකිය. අප රටේ වගා කරනු ලබන, අසල්වැසි ඉන්දියාව සමග තරගකාරී මිලකට නිපදවිය හැකි බෝග කිහිපයෙන් උඳු ද එක් බෝගයක් වේ.

දේශගුණික අවශ්‍යතා
නියගයට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් පවතින බෝගයකි. නමුත් අර්ධක හා මල් හටගන්නා අවස්ථාවේදී පසෙහි ජල හිගයක් නොපැවතිමද වැදගත්ය. කරල් මේරීමේ හා අස්වනු නෙලන අවස්වේදී වියලි කාලගුණයක් තබීම ඉතා වැදගත්ය. එනිසා යල සහ මහ කන්න දෙකෙහිදිම මෙම බෝගයට අවශ්‍ය වන කාලතුණික තත්ව අප රටේ වියලි හා අතරමැද කලාපවල පවතී.

පස
හොදින් ජලය බැසයන වැලිලෝම පසක් වගාවට වඩා සුදුසුය. නමුත් මැටි ස්වභාවය අධික පස් වලද උඳු වගා කළ හැකිය. මුං හා කව්පි වලට වඩා තරමක දුර්වල ජලවහන තත්ත්වයක් වුවද බෝගයට දරාගත හැකිය.

බිම් සැකසීම
ඉඩමෙහි පස පෙරලා හොදින් කැට පොඩිකර ගන්න. වගාවට වඩා සුදුසු අන්දමට බිම් සකසාගත හැකි වන්නේ පසෙහි තෙතමනය වැඩි හෝ තදින් වියළි හෝ ඇති අවස්ථාවන් මග හැර බිම් සැකිසීමෙනි.

නිර්දේශීත ප්‍රභේද

එම්. අයි. 1
දින 90 දී අස්වනු නෙලාගත හැකිය. ප්‍රමාණයෙන් විශාල බීජ, කළු පැහැතිය. කරල් වල බූව පවතී.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 25 - 30

සිටුවීමේ කාලය
මහ - ඔක්තෝබර් අග සිට නොවැම්බර් මැද දක්වා සිටුවන්න.
යල - අප්‍රේල් මස මුල් කාලයේදී ලැබෙන පළමු වර්ෂාවත් සමග සිටුවන්න.

පරතරය

සරු ඉඩම්වල
පේලි අතර සෙන්ටි මීටර් 40 හා පැල අතර සෙන්ටි මීටර් 8

නිසරු ඉඩම්වල
පේලි අතර සෙන්ටි මීටර් 30 හා පැල අතර සෙන්ටි මීටර් 8

බීජ සිටුවීම
පසෙහි ජලවහනය දුර්වල විටදී සහ අමතර ජල සම්පාදනයක් යටතේ වගා කරන විට උස් පාත්ති හෝ වැටි සකසා බීජ සිටුවන්න. හොදින් ජලය බැසයන ගොඩ ඉඩම් වල සමතලා බිමෙහි බීජ සිටුවිය හැකිය.

ඉපනැල්ල සහිත කුඹුරුවල වගා කරනවිට නියමිත පරතරයට සකසාගත් නොගැඹුරු ඇලි දිගේ බීජ සිටුවන්න. මේ සදහා වප්කරයක් වුවද භාවිතා කළ හැකිය. බීජ සෙන්ටි මීටර් 2 - 3 ගැඹුරින් සිටුවන්න.

පොහොර යෙදිම

යෙදිය යුතු කාලය

යූරියා හෙ./ කි.ග්‍රෑ

ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ

මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ

මුලිකපොහොර

30

140

75

මල් හටගැනීම ආරම්භයේදී

30

-

-


ජල සම්පාදනය
වගාවේ මුල් සති 3 තුලදී දින 4 වරක් බැගින් ද ඉන්පසු දින 7 වරක් බැගින් ද ජලය සපයන්න. පසෙහි පවතින තෙතමන ප්‍රමාණය අනුව ජලය ලබාදෙන්න. කාලාන්තරය වෙනස් කරන්න. විශේෂයෙන්ම මල් පිපීම හා කරල් පිරීම සිදුවන අවස්ථාවලදී බෝගයට ජල හිගයක් ඇති නොවීමට වග බලා ගන්න.

වල් පැල පාලනය
සිටුවා සති 3 දී හා 6 දී වගාවේ වල් පැල උදළු ගා දමන්න. පූර්ව නිර්ගමන වල් නාශක් භාවිතා කරන්නේ නම් බීජ සිටවු වහාම පසේ තෙතමනය ඇති විට කළ යුතුය.

කෘමි පාලනය

බෝංච් මැස්සා
කොදුරුවෙකුට සමාන මැස්සෙකි. ප ත්‍ර 2 -3 ඇති විට හානි කිරීම නිසා ලපටි කද පුපුරා පැල විනාශ වේ. මේ සදහා විශේෂයෙන් යල කන්නයේදී ප්‍රමාද නොවී වගාව ආරම්භ කරන්න. නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න.

කරල් විදින පණුවන්
මල් හා කරල් හටගන්නා අවස්ථාවේදී මෙම හානිය දැකගත හැකිය. නිර්දේශිත කෘමි නාශකයක් වගාවට යොදා පාලනය කර ගන්න.

කොළ කන දළඹුවන්
දරුණු හානියක් පවතී නම් පමණක් කෘමිනාශකයක් භාවිතා කරන්න.

රෝග පාලනය

කහවන් විච්ත්‍ර වෛරස් රෝගය
පත්‍රවල කහ කොල විච්ත්‍රයක් ඇති වේ. කරල් කහපාට වී විකෘති වන අතර බීජ හැකිලී යයි. රෝගී ශාක කුරුවේ.

කන්නය ප්‍රමාද නොවී වගාව ඇරඹීම, රෝගී පැල දුටු විගස ගලවා විනාශ කිරීම හා වල් පැලෑටි පාලනය පිළිබදව සැලකිලිමත්වීම මෙම රෝගය පාලනය සදහා විශේෂයෙන් වැදගත්ය. රෝගය බෝකරන සුදුමැස්සා මර්ධනය කිරීම සදහා නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යෙදීමද කළ හැකිය.

පිටිපුස් රෝගය, පත්‍ර පුල්ලි රෝගය හා පත්‍ර මළකඩ රෝගය ද තෙත් කාලගුණ තත්ත්ව වලදී උඳු වගාවට වැළදිය හැකිය.


නීරෝගී බීජ සිටුවීම සදහා යොදාගැනීමත්, රෝගය දරුණු තත්ත්වයට පත්වේයයි නිගමනය කළහොත් නිර්දේශිත දිලීර නාශකයක් යෙදීම මගින් මෙම රෝගය පහසුවෙන් පාලනය කරගත හැකිය.

අස්වනු නෙලීම
මේරූ කරල් වියළී ඇතිවිට වුවද පුපුරා නොයන නිසා කරල් සියල්ල කළු පැහැ වු විට දෑකැත්තක් මගින් ගසෙහි පහළින් කපා පළමුව අව්වේ දමා වියළා ගන්න. ඉන් පසුව ලීයකින් තැලීම මගින් හෝ ගවයන් හෝ ට්‍රැක්ටර් යොදා හෝ බීජ වෙන්කර ගන්න.

අස්වැන්න
උසස් වගා පාලන තත්ව යටතේ හෙක්ටයාරයකින් කිලෝ ග්‍රෑම් 1650 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න සැකසීම
බීජ පිරිසිදුකර හොදින් වියළා ගබඩා කරන්න. උඳු රනිල ගුල්ලාගේ හානියට තරමක් ඔරොත්තු දේ.