ලොකු ළූණු

ඉතිහාසය හා සම්භවය
අවුරුදු 5000 කට හෝ ඊටත් ප්‍රථම සිට ළූණු වගා කර ඇත. ප්‍රථමයෙන් වගා කිරීම ආරම්භ කර ඇත්තේ උතුරු ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, උස්බෙකිස්ථානය, ටර්ක්මේනියාව, පාකිස්ථානය වැනි රටවල කඳූකර ප්‍රදේශ වල බව වාර්තා වේ. ක්‍රමයෙන් මෙම වගාව පසුව ඉන්දියාවටද ව්‍යප්ත වී ඇත.




ලංකාවේ වගාවට ඇති තත්වය
ශ්‍රී ලංකාවේ ලොකු ළූණු වැඩි වශයෙන් වගාකරනු ලබන්නේ මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සහ මහවැලි එච් කලාපයට අයත්වන ප්‍රදේශවලය. අප රටේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 90,000 - 100,000 ක් පමණ වේ. මෙයින් සැලකිය යුතු ප්‍රමාණයක් තවම පිටරටින් ගෙන්වනු ලැබේ.1998 වසරේදී ආනයනයකර ඇති ලොකු ළූණු ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 100,360 කි. ඒ සඳහා රුපියල් මිලියන 1,986 පමණ මුදලක් වැය වී තිබේ.


පස හා දේශගුණය
දේශගුණික අවශතා

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 දක්වා වූ ප්‍රදේශයන්හි වගා කළ හැකි බෝගයකි. නමුත් වගාකාල සීමාව තුලදී ලැබෙන වර්ෂාපතනය මිලි මි.750 (අඟල් 30) ක් නොඉක්මවිය යුතුය. වගාවේ ආරම්භයේදී මෙන්ම අවසාන කාල සීමාවේදීද තද වර්ෂාව පැවතීම සුදුසු නොවේ.



මෙම දේශගුණික තත්වයන් පවතින ශ්‍රී ලංකාවේ වියළි කළාපයේ යල කන්නයේදී ජල සම්පාදනය යටතේ ඉතා සාර්ථකව ලොකු ළූණූ වගාකළ හැකිය. මෙයට අමතරව පහතරට අතරමැදි කලාපයට අයත්වන සමහර ප්‍රදේශයන්හිද සාර්ථකව ලොකු ළූණු වගා කරනු ලැබේ.



පස

වියළි කළාපයේ බහුලව දක්නට ලැබෙන රතු දුබුරු පසෙහි ද, රෙගසෝල් පසෙහි සහ ඇල දොළ ආශ්‍රිතව දක්නට ලැබෙන දියළු පසෙහි ද සාර්ථකව ලොකු ළූණු වගා කළ හැකිය. වගා කරන පසෙහි පී. එච්. අගය 6.5 - 7.8 අතර තිබීම වඩා යෝග්‍යය.


උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

ළූණු ඇලියම් ගණයටත් සීපා කොටසටත් අයත් වේ. ඒ අනුව ලොකු ළූණු හා රතු ළූණු ඇලියම් සීපා විශේෂයටත් අයත්h. වගා කරන ඇලියම් සීපා වර්ග ප්‍රධාන කාණ්ඩ දෙකකට අයත්‍ ය. එනම් පොදු ළූණු ඛාණ්ඩය හා ඇග්‍රිගේටම් කාණ්ඩයි. වාණිජව වගා කරන ළූණු වර්ග ඉහත කී පොදු ළූණු කාණ්ඩයට අයත් වේ. ළූණු වල මූලික වර්ණ දේහ යුගල 08කි





මෙම ශාකයේ කඳ කොටස පොලව යට පිහිටා ඇති අතර එහි මධ්‍යයෙන් පත්‍ර හට ගනී. පත්‍රයක පත්‍ර තලය හා පත්‍ර කොපුව පිහිටන අතර පත්‍ර කොපුව වර්ධනය වී ඒ සියල්ල එකතුව බල්බය සාදයි. පත්‍ර පාදස්ථ ප්‍රදේශයෙන් මුල් හටගැනීම සිදු වේ. බල්බ වල වර්ධක වර්ධනය ප්‍රශස්ත වූ පසුව පුෂාප අංකුර හට ගැනීම සඳහා අඩු උෂාණත්වයකට පාත්‍ර විය යුතුය. එවිට පුෂ්ප හට ගැනීම උත්තේජනය වේ. එක බල්බයකින් පුෂාප මංජරි 3-6ක් පමණ හට ගනී.




පුෂ්ප මංජරියෙහි පුෂාපිකා 200 -600ක් පමණ හට ගනී. එක් පුෂාපයක පරාගධානි 6ක් හා පෙති 6ක් පිහිටයි. ඩිම්බ කෝෂය කපාල 6කින් සමන්විතය. මුලින්ම පරාග ග්‍රාහී තත්වයට පත් වේ. පසුව කලංකය ග්‍රාහී වේ. එක් පුෂ්ප මංජරියක මල් පිපීම දින 5-10 අතර කාලයක් තුළ සිදුවේ. පරාගනය සාර්ථක වීමට 25දක් ක උෂාණත්වයක් හා 70% ආර්ද්‍රතාවයක් වඩාත් යෝග්‍ය වේ. පුෂාප සංසේචනයේ සිට පරිණත වීමට දින 45ක් ගතවේ.


පෝෂණය හා සංයුතිය
ජලය 87ml
කැලරි 48
ප්‍රෝටීන් 1.5g
මේදය සුළුවෙන්
තන්තු 0.5g
කැල්සියම් 30mg
කාබෝහයිඩ්‍රේ 11g
පොස්පරස් සුළුවෙන්
යකඩ 0.5mg
කැරොටින් සුළුවෙන්
තයැමින් 0.04mg
රයිබොප්ලේවින් 0.02mg
නයසීන් 0.3mg
ඇස්කෝබික් අම්ල 10mg
ප්‍රභේද

පූසා රෙඩ්

බල්බය ලා රෝස පැහැතියි සැරබව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දළවශයෙන් දින 85-90 ගතවේ. හොඳින් කල්තබා ගත හැක .



නාසික් රෙඩ්

බල්බය දම්පැහැ රතුපැහැතිය. සැරබව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 100-110ක් පමණ ගතවේ. කල්තබා ගැනීමට එතරම් සුදුසු නැත.එමනිසා වේලාසනින් වගාව ආරම්භ කර කොළ ළූණු වශයෙන් අලෙවි කිරස්ම සඳහා සුදුසුය.

රාම්පූර්

බල්බය ලා රෝස පාටයි. සැර බව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 80-85 පමණ ගතවේ. කල් තබා ගැනීමට සුදුසුයි.

කල්පිටිය වරණය

බල්බය ලා රෝස පාටයි. සැරබව මධ්‍යස්ථ වේ. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 80-85 ගතවේ.කල්තබා ගැනීම සඳහා සුදුසුය.ඇග්‍රිෆවුන්ඩ් ලයිට් රෙඩ් බල්බය ලා රෝස පාටයි සැරබව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 85-90 ගතවේ. කල්තබා ගැනීම සඳහා සුදුසුය.

ඇග්‍රිෆවුන්ඩ් ලයිට් රෙඩ්

බල්බය ලා රෝස පාටයි. සැරබව අධිකයි. පැළ සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 85-90 ගතවේ. කල්තබා ගැනීම සඳහා සුදුසුය.

ලොකු ළූණු

ඉතිහාසය හා සම්භවය

අවුරුදු 5000 කට හෝ ඊටත් ප්‍රථම සිට ළූණු වගා කර ඇත. ප්‍රථමයෙන් වගා කිරීම ආරම්භ කර ඇත්තේ උතුරු ඉරානය, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය, උස්බෙකිස්ථානය, ටර්ක්මේනියාව, පාකිස්ථානය වැනි රටවල කඳූකර ප්‍රදේශ වල බව වාර්තා වේ. කර්මයෙන් මෙම වගාව පසුව ඉන්දියාවටද ව්‍යප්ත වී ඇත.

ලංකාවේ වගාවට ඇති තත්වය

ශ්‍රී ලංකාවේ ලොකු ළූණු වැඩි වශයෙන් වගාකරනු ලබන්නේ මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල සහ මහවැලි එච් කලාපයට අයත්වන ප්‍රදේශවලය. අප රටේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 90,000 - 100,000 ක් පමණ වේ. මෙයින් සැලකිය යුතු ප්‍රමාණයක් තවම පිටරටින් ගෙන්වනු ලැබේ.1998 වසරේදී ආනයනයකර ඇති ලොකු ළූණු ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන් 100,360 කි. ඒ සඳහා රුපියල් මිලියන 1,986 පමණ මුදලක් වැය වී තිබේ.

පස හා දේශගුණය

දේශගුණික අවශතා

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 දක්වා වූ ප්‍රදේශයන්හි වගා කළ හැකි බෝගයකි. නමුත් වගාකාල සීමාව තුලදී ලැබෙන වර්ෂාපතනය මිලි මි.750 (අඟල් 30) ක් නොඉක්මවිය යුතුය. වගාවේ ආරම්භයේදී මෙන්ම අවසාන කාල සීමාවේදීද තද වර්ෂාව පැවතීම සුදුසු නොවේ.

මෙම දේශගුණික තත්වයන් පවතින ශ්‍රී ලංකාවේ වියළි කළාපයේ යල කන්නයේදී ජල සම්පාදනය යටතේ ඉතා සාර්ථකව ලොකු ළූණූ වගාකළ හැකිය. මෙයට අමතරව පහතරට අතරමැදි කලාපයට අයත්වන සමහර ප්‍රදේශයන්හිද සාර්ථකව ලොකු ළූණු වගා කරනු ලැබේ.

පස

වියළි කළාපයේ බහුලව දක්නට ලැබෙන රතු දුබුරු පසෙහි ද, රෙගසෝල් පසෙහි සහ ඇල දොළ ආශ්‍රිතව දක්නට ලැබෙන දියළු පසෙහි ද සාර්ථකව ලොකු ළූණු වගා කළ හැකිය. වගා කරන පසෙහි පී. එච්. අගය 6.5 - 7.8 අතර තිබීම වඩා යෝග්‍යය.

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

ළූණු ඇලියම් ගණයටත් සීපා කොටසටත් අයත් වේ. ඒ අනුව ලොකු ළූණු හා රතු ළූණු ඇලියම් සීපා විශේෂයටත් අයත්h. වගා කරන ඇලියම් සීපා වර්ග ප්‍රධාන කාණ්ඩ දෙකකට අයත්‍ ය. එනම් පොදු ළූණු ඛාණ්ඩය හා ඇග්‍රිගේටම් කාණ්ඩයි. වාණිජව වගා කරන ළූණු වර්ග ඉහත කී පොදු ළූණු කාණ්ඩයට අයත් වේ. ළූණු වල මූලික වර්ණ දේහ යුගල 08කි

මෙම ශාකයේ කඳ කොටස පොලව යට පිහිටා ඇති අතර එහි මධ්‍යයෙන් පත්‍ර හට ගනී. පත්‍රයක පත්‍ර තලය හා පත්‍ර කොපුව පිහිටන අතර පත්‍ර කොපුව වර්ධනය වී ඒ සියල්ල එකතුව බල්බය සාදයි. පත්‍ර පාදස්ථ ප්‍රදේශයෙන් මුල් හටගැනීම සිදු වේ. බල්බ වල වර්ධක වර්ධනය ප්‍රශස්ත වූ පසුව පුෂාප අංකුර හට ගැනීම සඳහා අඩු උෂාණත්වයකට පාත්‍ර විය යුතුය. එවිට පුෂ්ප හට ගැනීම උත්තේජනය වේ. එක බල්බයකින් පුෂාප මංජරි 3-6ක් පමණ හට ගනී.

පුෂ්ප මංජරියෙහි පුෂාපිකා 200 -600ක් පමණ හට ගනී. එක් පුෂාපයක පරාගධානි 6ක් හා පෙති 6ක් පිහිටයි. ඩිම්බ කෝෂය කපාල 6කින් සමන්විතය. මුලින්ම පරාග ග්‍රාහී තත්වයට පත් වේ. පසුව කලංකය ග්‍රාහී වේ. එක් පුෂ්ප මංජරියක මල් පිපීම දින 5-10 අතර කාලයක් තුළ සිදුවේ. පරාගනය සාර්ථක වීමට 25දක් ක උෂාණත්වයක් හා 70% ආර්ද්‍රතාවයක් වඩාත් යෝග්‍ය වේ. පුෂාප සංසේචනයේ සිට පරිණත වීමට දින 45ක් ගතවේ.

පෝෂණය හා සංයුතිය


ජලය 87ml
කැලරි 48
ප්‍රෝටීන් 1.5g
මේදය සුළුවෙන්
තන්තු 0.5g
කැල්සියම් 30mg
කාබෝහයිඩ්‍රේ 11g
පොස්පරස් සුළුවෙන්
යකඩ 0.5mg
කැරොටින් සුළුවෙන්
තයැමින් 0.04mg
රයිබොප්ලේවින් 0.02mg
නයසීන් 0.3mg
ඇස්කෝබික් අම්ල 10mg

පූසා රෙඩ්

බල්බය ලා රෝස පැහැතියි සැරබව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දළවශයෙන් දින 85-90 ගතවේ. හොඳින් කල්තබා ගත හැක .

නාසික් රෙඩ්

බල්බය දම්පැහැ රතුපැහැතිය. සැරබව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 100-110ක් පමණ ගතවේ. කල්තබා ගැනීමට එතරම් සුදුසු නැත.එමනිසා වේලාසනින් වගාව ආරම්භ කර කොළ ළූණු වශයෙන් අලෙවි කිරස්ම සඳහා සුදුසුය.

රාම්පූර්

බල්බය ලා රෝස පාටයි. සැර බව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 80-85 පමණ ගතවේ. කල් තබා ගැනීමට සුදුසුයි.

කල්පිටිය වරණය

බල්බය ලා රෝස පාටයි. සැරබව මධ්‍යස්ථ වේ. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 80-85 ගතවේ.කල්තබා ගැනීම සඳහා සුදුසුය.ඇග්‍රිෆවුන්ඩ් ලයිට් රෙඩ් බල්බය ලා රෝස පාටයි සැරබව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 85-90 ගතවේ. කල්තබා ගැනීම සඳහා සුදුසුය.

ඇග්‍රිෆවුන්ඩ් ලයිට් රෙඩ්

බල්බය ලා රෝස පාටයි. සැරබව අධිකයි. පැළ සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 85-90 ගතවේ. කල්තබා ගැනීම සඳහා සුදුසුය.

තවාන් පාත්ති සැකසීම

ලොකු ළූණු වගාව සඳහා වන වියදම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමට, අස්වැන්න වැඩිකර ගැනීමට හා වෙළඳ අගය සඳහා බල්බ ප්‍රතිශතය වැඩිකර ගැනීමට, නිරෝගී හා දැඩිබවකින් යුත් බීජ පැල නිපදවා ගැනීම අත්‍යවශ්‍යය. එබැවින් තවාන් පාලනය විශේෂ අවධානයකින් යුතුව සිදුකිරස්ම වානිජ මට්ටමේ ලොකු ළූණු වගාවක මූලික අශ්‍යතාවයකි.

බීජ තවාන් කිරීමට වඩාත් සුදුසු වන්නේ මාර්තු මස මැද සිට මැයි මස මැද දක්වා වූ කාලයයි. මේ සඳහා තෝරා ගන්නා ස්ථානය වෙත හොඳින් සුර්යාලෝකය ලැබිය යුතුය. එම පසෙහි ජලවහනය ඉතා උසස් මට්ටමකින් පැවතිය යුතුය. මෑතකදී ළූණු වගා නොකල බිමක් තවාන සඳහා තෝරාගත යුතුය.

තවාන සඳහා තෝරාගත් ස්ථානයෙහි බීජ වැපිරීමට සති 3-4 කට පෙර සෙ. මී. 20 (අඟල් 8) ක් පමණ ගැබුරට පස පෙරලන්න. එහි ඇති ගල්, බොරළු හා වල් පැළෑටි ආදිය ඉවත්කරන්න. ඉන්පසු මීටර් 3 ක් දිග සෙ. මී. 75 ක් පළල සෙ. මී. 15 ක් පමණ උසැති පාත්ති සකස්කර ගන්න.

හෙක්ටයාරයකට අවශ්‍ය පැල ලබාගැනීම සඳහා මෙවැනි පාත්ති 150 ක් (අක්කරයකට නම් පාත්ති 60-70) පමණ අවශ්‍ය වේ. මෙලෙස පිළියල කරගත් එක් පාත්තියකට හොඳින් දිරාපත් වූ ගොම පොහොර හෝ වෙනත් කාබනික පොහොර වර්ගයකින් කූඩා දෙකක් හෝ තුනක් බැගින් දමා හොඳින් පස සමඟ කළවම් කරන්න.කාබනික පොහොර යෙදිය යුත්තේ තවාන් පාත්ති ජීවාණුහරණය කිරීමට පෙරය. ජිවාණුහරණය කරන අවස්ථාවේ පස ඉතා සියුම්ව තැබිය යුතුය. ජිවාණුහරණය කිරීමෙන් පසු නැවත ගැබුරට බිම් සැකසීම නොකල යුතුය.

තවාන් පාත්ති ජීවාණුහරණය

තවානෙහිදී පැලවලට වැළඳිය හැකි රෝග පාලනය කර ගැනීම සඳහා බීජ තවාන් කිරීමට පෙර තවාන් පාත්ති ජීවාණුහරණය කරගන්න. මේ සඳහා විවිධ ක්‍රම උපයෝගී කරගත හැකිය.

(1) පාත්ති පිලිස්සීම
(2) පොලිතින් වසුන් යොදා පස රත් කිරස්ම
(3) රසායනික ද්‍රව්‍ය යෙදීම

(1) පාත්ති පිළිස්සීම

සකස් කර ගත් පාත්තිය හොඳින් තෙත් කරන්න.එය මත වියළි පිදුරු සහ දහයියා තට්ටු වශයෙන් අතුරන්න. එක් තට්ටුවක ඝනකම සෙ. මී. 5 (අඟල් 2) ක් පමණ වියයුතුය. මතුපිටින් තිබිය යුත්තේ දහයියා තට්ටුවකි.

පිලිස්සීමෙන් පසු පාත්තියේ සෙ. මී. 75-10 (අඟල් 3-4) පමණට වඩා ගැබුරින් ඇති ජිවාණුහරණය නොවූ පස් පාත්තිය මතුපිටට පැමිණෙන පරිදි පස පෙරලීම කිසි විටෙකත් සිදු නොකරන්න.

(2) පොලිතීන් වසුනක් යොදා පස රත්කිරීම

සකස් කරන ලද පාත්තිය හොඳින් තෙමන්න. එය හොඳින් වැසෙන සේ විනිවිද පෙනෙන පොලිතීනයක් අතුරන්න. රත්වූ වාතය හොඳින් සංසරණය වීම සඳහා පොලිතීනය හා පාත්තියේ මතුපිට අතර අඟලක පමණ පරතරයක් තිබිය යුතුය.

පාත්තිය වටේ ඇති දාරය ස්වල්ප වශයෙන් උස්වන සේ සකස් කිරීම මගින් හෝ දාරය වටේ ගල් කැට තැබීම මගින් මෙය පහසුවෙන් කළ හැකිය. පාත්තිය වටා ඇති පොලිතීනයේ දාරය පස් තට්ටුවක් දමා වසන්න. මෙවිට පොලිතීනය සුළගින් ආරක්ෂා වේ. පොලිතීනය හා පාත්තිය අතර වැඩි උෂ්ණත්වයක් ඇතිවීමෙන් පස හොඳින් රත්වේ. එවිට පසෙහි සිටිය හැකි රෝග කාරක ක්ෂුද්‍ර ජිවීන් විනාශ වේ.

(3) රසායනික ද්‍රව්යෙඅ යෙදීම

තවාන් පාත්ති වලට දිලීර නාශනයක් යෙදීමෙන්ද එහි පසෙහි ජිවත් වන රෝග කාරක දිලීර විනාශ කළ හැකිය. මේ සඳහා කැප්ටාන්, තිරාම් හෝ තයෝෆනේට් මීතයිල් යන දිලීර නාශකයකින් ග්‍රෑම් 25 ක් ජලය ලීටර 15 ක මිශ්‍ර කරගත් ද්‍රාවණය වර්ග මීටර් 3 ක් වන සම්මත තවාන් පාත්තියකට යොදන්න. මෙම දිලීර නාශක මිශ්‍රණය යෙදිය යුත්තේ පාත්තිය වියළිව පවතින විටදීය.

තවාන් සඳහා පොහොර

ජිවාණුහරණය කිරීමට පෙර පාත්ති වලට දැමිය යුතු කාබනික පොහොර වලට අමතරව, බීජ දැමීමට දිනකට පමණ පෙර රසායනික පොහොරද යොදා පස් සමග කලවම් කරන්න. පහත සඳහන් රසායනික පොහොර ප්‍රමාණය එක් පාත්තියක් සඳහා ප්‍රමාණවත් වේ.
යූරියා ග්‍රෑම් 15
ත්‍රිත්ව සුපර් පොස්පේට් ග්‍රෑම් 30
මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 15
කල්පිටිය වැනි ප්‍රදේශ වල ඇති අධික වැලි සහිත පස්වල වගාකරන විට සම්මත ප්‍රමාණයේ එක් තවාන් පාත්තියක් සඳහා ත්‍රිත්ව සුපර් පොස්පේට් ග්‍රෑම් 30ක් පමණක් මූලික පොහොර ලෙස යොදන්න. ඉන්පසු සති 2 දී හා 4 දී එක් පාත්තියක් සඳහා යූරියා ග්‍රෑම් 15ක් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 15 බැගින් යොදන්න

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයක් වගා කිරීම සඳහා අවශ්‍ය බීජ පැල ලබා ගැනීමට ගුණාත්මයෙන් උසස් ලොකු ළූණු බීජ කිලෝග්‍රෑම් 6-7 ක් පමණ
අවශ්‍ය වේ. අක්කරයක් සඳහා බීජ අශ්‍යතාවය කිලෝග්‍රෑම් 21/2 - 3ක් පමණ වේ.

බීජ ප්‍රතිකාර කිරීම

නිරෝගී පැල ලබා ගැනීම සඳහා බීජ වැපිරීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම වැදගත්‍ ය. ලොකු ළූණු බීජ කි.ග්‍රෑම් 1ක් සඳහා තිරාම් 80% හෝ කැප්ටාන් 80%- ග්‍රෑම් 4-4 1/2 හෝ කැප්ටාන් 50% -ග්‍රෑම් 6 හෝ තයෝෆනේට් මීතයිල් 50% තිරාම් 30% wp - ග්‍රෑම් 4

බීජ තවාන් කිරීම

මෙය ආකාර දෙකකට කළ හැකිය.

1. බීජ පේළියට දැමීම

තවානෙහි එකිනෙකට සෙ. මී.10 (අඟල් 4) පරතරය සහිතව පේලි දිගේ බීජ දමන්න. සෙ. මී. 2.5 (අඟල් 1) පමණ පැතලි පතුලක් සහිත ලී පටියක් භාවිතාකර සෙ.මී. 01 (අඟල් 1/2) පමණ ගැබු.රු ඇලි (නෙර) සකස් කරගන්න.සෙ.මී. 2.5 (අඟල් 1) ඝනකම ඇති මීටරයක් (අඩි 3ක්) පමණ දිග රීප්පයක් දෙකෙලවරින් අල්ලා පාත්තිය හරස් අතට තද කිරීමෙන් මෙවැනි ඇලි පහසුවෙන් සකසා ගත හැකිය.

මෙහිදී විශේෂයෙන් වැදගත් වන්නේ මෙම ඇලිවල පතුල කෝණාකාර නොවී පහත රූප සටහනෙහි දක්වා ඇති ආකාරයට සකස්කර ගැනීමයි. මෙවැනි ලී පටියක ආධාරයෙන් ඇලි සකසා ගත් විට
- එකමත එක බීජ පතිත නොවන සේ ඒකාකාරස් ගැබුරකින් සහ විසිරී යන පරිදි බීජ දැමිය හැකිය.
- පේලි දිගේ බීජ දැමීම මඟින් පසු අවස්ථාවකදී වල් මර්ධනය හා පොහොර යෙදීම පහසුවේ.

2. බීජ වැපිරීම

සකසා ගත් තවාන් පාත්තිවල බීජ පේලියට නොදමා ඒකාකාරව වැපිරීමද කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය තවාන් පාත්ති ප්‍රමාණය, දැනට නිර්දේශීත පේලි ක්‍රමය සඳහා අව්‍ය සංඛ්‍යාවෙන් අඩක් පමණ දක්වා (අක්කරයක් සඳහා පාත්ති 30-35ක් පමණ ) අඩුකර ගත හැකිය. බීජ කි.ග්‍රෑම් 1ක් සඳහා සම්මත ප්‍රමාණයේ පාත්ති 12ක් පමණ සෑහේ. මේ නිසා තවාන් පිහිටුවීම හා නඩත්තු කිරීමේ වියදම අඩුවේ.

මෙවැනි තවාන් පාත්තිවල ඇති පැල සඳහා සුදුසු පරතරයක් පැවතීම නිසා පැල හොඳින් වැඬේ එනිසා තවානේ පැල ගලවන අවස්ථාවේදී සිටුවීමට නුසුදුසු නිසා අපතේ යන පැල සංඛ්‍යාවද අඩුවේ.පැල වැඩි සංඛ්‍යාවක් සිටුවීමට සුදුසු තත්වයේ පවතින නිසා පැල සිටුවීම සඳහා අවශ්‍ය වන්නේ අඩු කම්කරු ඒකක සංඛ්‍යාවකි. තවාන් මත බීජ වැපිරස්මේ ක්‍රමය ගොවීන් අතර වඩා ජනප්‍රිය වීම සඳහා ඉහත කරුණු මහත් සේ බලපා තබේ.

තවාන් නඩත්තුව

බීජ දැමීමෙන් පසු තුනී පස් තට්ටුවකින් වසා තරමක් තද කරන්න. බීජ වැසීම සදහා යොදා ගත යුත්තේද ජිවාණුහරණය කළ තවාන් පාත්තියකින් ලබාගත් පස් පමණකි.

  • ඉන්පසු පිරිසිදු වසුනක් (පිදුරු,ඉළුක්) භාවිතාකර තවාන වසුනක් කරන්න.
  • දිනපතා මල් බාල්දියකින් තවානට ජලය සපයන්න. බීජ පැලවීම සඳහා තවානෙහි තෙතමනය නිසි පරිදි පවත්වා ගැනීම වැදගත් වේ.
  • බීජ දමා දින 5-7 කට පසු බීජ පැලවීම ආරම්භ වේ. එම අවස්ථාවේදී පිදුරු වසුන ප්‍රවේශමෙන් ඉවත් කරන්න
  • ඉන්පසු නැවත පේලි අතර වසුනක් දමන්න. එමඟින් තවානේ තෙතමනය ආරක්ෂාවීම හා පැල සතුටුදායකව වර්ධනය වීම සිදුවන බව පෙනීගොස් ඇත.
  • තද වැසි ඇතිවිට පමණක් තවාන් ආවරණයකර ලපටි පැල ආරක්ෂා කර ගන්න.
  • තවානෙහි පැලවල වැඩීම දුර්වල නම් එක පාත්තියකට යූරියා ග්‍රෑම් 15 ජලය ලීටර්4 1/2 (ගැලුම් 1) ක දියකර මල් බාල්දියකින් ඉසින්න. ඉන්පසු පත්‍රවල තැවරී ඇති යූරියා මිශ්‍රිත දියරය, පිරිසිදු ජලය යොදා සෝදා හරින්න.
  • පැලවල වයස සති 2 ක් වූ පසුව පාත්තිවලට සපයන ජලය කානු දිගේ එවමින් පාත්ති තුලට කාන්දුවීමට සැලැස්වීමටද පුළුවන. කෙසේ වුවද මෙහිදී පාත්තිවල මැද ප්‍රදේශය ප්‍රමාණවත් අන්දමට තෙත් වන්නේදැයි විමසිලිමත් විය යුතුය.
  • තවාන් දමා මසකට පමණ පසු එනම් පැළ ගැලවීමට දින 10 කට පමණ පෙර සිට බීජ පැළ දැඩි කරගන්න. මේ සඳහා දින 3 කට වරක් බැගින් ජලය යොදන්න
  • සති 4-5 පමණ වයසැති පත්‍ර 3 ක් හෝ එයට වැඩි සංඛ්‍යාවක් ඇති නිරෝගී පැළ පමණක් සිටුවීම සඳහා යොදා ගන්න
  • පාතීනියම් නැමති විනාශකාරස් වල් පැලෑටියෙහි බීජ ඉන්දියාවෙන් මෙරටට ගෙන්වනු ලබන සමහර බීජ තොග සමග මිශ්‍රව පවතින බව වාර්තාවී තිබේ
  • එනිසා ඔබගේ ලොකු ළූණු තවාන් නිරතුරුව දාස්පෙතියා පැලෑටියට තරමක් සමාන පාතීනියම් වල් පැලෑටිය දක්නට ලැබේනම් වහාම ගලවා විනාශකර දමන්න.

සත්‍ය බීජ නිෂ්පාදනය

ලොකු ළූණු වගා පිහිටුවීම සඳහා යොදා ගන්නා කළු පැහැති බීජ සත්‍ය බීජ ලෙස හැඳින්වේ.දැනට මෙම බීජ ප්‍රධාන වශයෙන් ඉන්දියාව වැනි රටවලින් ආනයනය කරනු ලැබේ.
  • මෙම බීජවල බොහෝ විට පැලවීමේ ශක්තිය දුර්වලය.
  • විවිධ ප්‍රභේදවල බීජ කලවම් වී ඇත.
  • වගාවට ගැලපෙන ප්‍රභේද කලට වේලාවට ලබා ගැනීමද අපහසුය.
අපට අවශ්‍ය බීජ රට තුලම ඉතා පහසුවෙන් නිපදවා ගත හැකි නිසා එමඟින් මෙම ගැටළු මග හරවා ගත හැකිය.

මාස් කන්නයේදී සත්‍ය බීජ නිෂ්පාදනය

දැනට අපේ රටේ බහුල වශයෙන් සිදුවන්නේ යල් කන්නයේ වගාවකින් තෝරා ගත් මව් බල්බ දෙසැම්බර් අග ජනවාරි මස මුල් භාගයේදී නැවත සිටුවා සත්‍ය බීජ නිෂ්පාදනය කර ගැනීමයි.

මව් බල්බ තේරිම

වගා කිරිමට නිර්දේශිතව ඇති හොඳ තත්වයේ පවතින වගාවකින් එම ප්‍රභේදයේ ලක්ෂණ ඇති හොදින් ග්‍රෑම් 60-80 පමණ බර බල්බ තෝරා ගන්න.එම බල්බ නොබෙදුනු ඒවා (ඒක කේන්ද්‍රික බල්බ) විය යුතුයි. ඒකාකාර හැඩයක් වර්ණයක් මෙම බල්බවල තිබීම වැදගත්ය. අක්කරයක් වගාකිරීම සඳහා අවශහ් බීජ ප්‍රමාණය මෙවැනි බල්බ 300-500 කින් පමණ නිපදවාගත හැකිය.

ගබඩා කරිම.

අස්වැන්න නෙලූ විගස බල්බ අක්‍රීය තත්වයක පවතී. මෙය නැතිවන තෙක් හොඳින් වාතාශ්‍රය සහිත ස්ථානයක සෙ. මී. 5 - 7.5 (අඩි 2-3) නොවැඩි ඝනකම සහිත තට්ටුවක් ලෙස බල්බ අතුරා තබන්න. මෙසේ මාස 1 1/2 ක් 2 ක් පමණ ගබඩාකර තැබිය යුතුය.

වසන්තීකරණය

බල්බ වලින් වැඩි මල් ප්‍රමාණයක් හට ගන්වා ගැනීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වේ. සිටුවීමට සති 3කට පෙර සෙන්ටිග්‍රේට් අංශක 10-15 පමණ සිසිල් උෂ්ණත්වයක් යටතේ සති 3ක පමණ කාලයක් බල්බ ගබඩාකර තබන්න. කල්පිටිය සහ රාම්පුර් යන ප්‍රභේද සඳහා මෙම ක්‍රියාවලිය එතරම් වැදගත් නොවේ.
සිසිල් උෂ්ණත්වය නිසා,
බල්බ තුල පුෂ්ප අංකුර හටගනි.
උත්තේජනය වේ.
මල් කිනිති වැඩිපුර හට ගනී.
මල් හට ගැනීමද ඉක්මන් වේ.
වසන්තීකරණය නොකල විට මල් හට ගැනීම එකවිට සිදු නොවේ. එනිසා බීජ අස්වනු නෙලා ගැනීම අවස්ථා කිහිපයකදී සිදු කල යුතු ය.

ස්ථානයක් තේරිම

  • මනා ජලවහනයක් ඇති
  • හොදින් හිරුඑළිය ලැබෙන
  • සරු පසක් සහිත
  • ගල් බොරලු වලින් තොර භූමියක් තෝරා ගන්න.
සාමාන්‍ය වගාවට මෙන් ගැබුරට පස පෙරලා පාත්ති සකසා ගන්න.

පොහොර යෙදීම

පාත්ති සකස් කරන විට එහි වර්ග මීටරයකට හොදින් දිරාපත් වු කාබනික පොහොර කි. ග්‍රෑම් 3-4 පමණ බැගින් යොදා පසට කලවම් කරන්න. මෙයට අමතරව මුලික පොහොර වශයෙන් බීජ බල්බ සිටුවීමට දින 2 පමණ පෙර අක්කරයකට ත්‍රිත්ව සුපර්පොස්පේට් කි. ග්‍රෑම් 40 හා මියුරියේට් ඔෆ්පොටෑෂ් කි. ග්‍රෑම් 20 යොදන්න.

1වන මතුපිට පොහොර
ඤසිටුවා සතියකට පසු අක්කරයකට යූරියා කි. ග්‍රෑම් 20 යොදන්න.
2 වන මතුපිට පොහොර
සිටුවා දින 45 පසු එනම් මල් අංකුර වලින් 80%ක් පමණ මතුවු පසු අක්කරයකට යුරියා කි. ග්‍රෑම් 30 මියුරියේට් ඔෆ් පොටෑෂ් කි. ග්‍රෑම් 10 යොදන්න.


බල්බ සඳහා ප්‍රතිකාර කිරිම

වසන්තීකරණය කරන ලද බල්බ සිටුවීමට පෙර කැප්ටාන්, තිරාම් වැනි දලීර නාශක ද්‍රාවනයක විනාඩි 30 පමණ ගිල්වා ගන්න.


සිටුවීම

සකසා ගත් පාත්ති වල බල්බයෙන් 2/3 පමණ පස යටට සිටිනසේ සිටුවන්න. මන්ද සිටුවීමට ප්‍රථම එම බල්බයෙන් 1/3 ක් පමණ ප්‍රමාණයක් කපා ඉවත් කිරස්මෙන් ඒකකාරීවත් ඉක්මනිනුත් අංකුර මතුවීම සිදු වේ.

පරතරය

සෙ. මි.225x225 (අඟල් 9x9) හෝ,

සෙ. මි. 30x15 (අඟල් 12x6)

සෙ. මි. 30x225 (අඟල් 12x9)

වල් මර්ධනය ජල සම්පාදනය හා රෝග පලිබෝධ මර්ධනය සාමාන්‍ය බෝගයට මෙන්ම සිදු කරන්න. විශේෂයෙන්ම දම් පැල්ලම් රෝගය හා ඇන්ත්‍රැක්නෝස් රෝගය වැලදීම වලකා ගැනීම සඳහා නිර්දේශිත දිලීර නාශක ආරක්ෂාකාරි පියවරක් ලෙස දින 10කට පමණ වරක් බැගින් යොදන්න.

මල් පිපෙන අවස්ථාවේදී එනම් වගාවට දින 40 පමණ වු පසුව කෘමි නාශක හා දීලීර නාශක භාවිතා කල යුත්තේ මල් පිපෙන අවස්ථාවේදී, එනම් වගාවට දින 40 පමණ වු පසුව කෘමි නාශක හා දීලීර නාශක භාවිතා කල යුත්තේ අවශ්‍ය නම් පමණකි. නැතහොත් මල් පරාගනය කරන කෘමීන් විනාශවේ. එසේම මෙවැනි හිතකර කෘමීන් වගාව වෙත ආකර්ශනය වීමද අඩු වේ.

මල් සහ පත්‍ර කන දළබුවාගේ හානිය වගාවට ඇතිවිය හැකි අතර රාත්‍රී කාලයේ වියලි පන්දමක් ආධාරයෙන් වගාව නිරික්ෂණය කර දළබුවන් අතින් අසුලා දැමිම කල හැකිය. සියළුම මල්වල බීජ සෑහෙන පමණ මෝරණ තෙක් වගාවට ජල සම්පාදනය කරන්න.

බල්බ සිටුවා සති 3 ක් 4 ක් පමණ වන විට මල් අංකුර මතුවීමට පටන් ගනී. මල් පිපීමට පටන් ගන්නා අවස්ථවේ සිට මී මැස්සන් වැනි කෘමීන් වගාව වෙත ආකර්ශනය වීම සඳහා අකර්ශනීය මල් හට ගන්නා ශාක වර්ග වැවීම සුදුසුය. මල් පිපීමෙන් පසුව කෘමී නාශකයක් යෙදීමට සිදු වුවහොත් කෘතීමව මල් පරාගනය කළ යුතුය. මේ සදහා කුරුළු පිහාටු හෝ සියුම්කෙදි සහිත බුරුසුවක් මගින් මල් සෙමින් පිරි මදින්න. එක් එක් මලෙහි පුෂ්පිකා වැඩි සංඛ්‍යාවක් පිපී අවසන් වන තෙක් දින පතාම මෙය කළ යුතුය.

සුළං බාධක

තද සුළං මගින් මල් කඩා වැටේ. වගාව වටා සුළං බාධක ලෙස වෙනත් බෝග සිටුවන්න.පාත්ති වටා ලී සිටුවා මල් කඩා නොවැටෙන පරිදි ලණු අදින්න. නැතහොත් ආධාරක ලෙස සිටුවා ඇති කෝටු වලට මල් ලිහිල්ව බැද තබන්න. මෙයට අමතරව සෙ. මී. 4-6 ප්‍රමාණයේ කෝටු ඇති බාල වර්ගයේ මාළු දැල් මල් අංකුර මතුවන අවස්ථාවේදී පොළව මට්ටමේ සිට අඩියක් පමණ උසින් සවිකිරීමද කළ හැකිය.

වර්ෂාවෙන් ආරක්ෂා කර ගැනීම

තද වර්ෂාවෙන් මල් වලට තදබල හානි ඇතිවිය හැකිය. මෙය වලක්වා ගැනීම සඳහා වර්ෂාව ඇතිවිට සහ තද පිනි ස්වභාවයක් පවතින රාත්‍රි කාලවලදී පොලිතීනයකින් පාත්ති ආවරණය කරන්න. විශේෂයෙන් මල් මෝරා ඇතිවිට වර්ෂාවට හසුවීමෙන් මල්වලම බීජ පැලවේ.

බිජ අස්වනු නෙලීම

ජනවාරි මස මව් බල්බ සිටුවා ඇත්නම් අප්‍රේල් හිදී පමණ බීජ අස්වනු නෙලාගත හැකිය.එක් මල් පොකුරක ඇති කුඩා මල් (පුෂ්පිකා) වලින් 10%-20% පමණ පුපුරා කළු පැහැති බීජ දිස්වන විට එවැනි මල් නටුවෙන් සෙ. මී. 30(අඩි 1) පමණ කොටසක්ද සමඟ නෙලා ගත හැකිය.

බිජ ලබා ගැනීම

නෙලාගත් මල් අව්වේ වියළන්න. අතේ පොඩිකර බීජ වෙන්කර ගන්න. මෙම බීජ පොලා ශුද්ධ කොට නැවත හොඳින් වියළා තෙතමනය 6%-8% පමණ වන තෙක් අඩු කර ගන්න. පොලිතීන් බදුන්වල අසුරා මුද්‍රා තබා ගබඩා කරන්න.

අස්වැන්න

මීටර් 3 දිග සෙ. මී. 75 පළල පාත්ති 8-12 පමණ සංඛ්‍යාවක සිටුවා ගත හැකි ලොකු ළූණු මව් බල්බ 300-500 පමණ ප්‍රමාණයකින් අක්කරයකට අවශ්‍ය බීජ ප්‍රමාණය ( කිලෝ ග්‍රෑම් 2- 2 1/2) පහසුවෙන් ලබා ගත හැකිය. සිසිල් දේශගුණයක් පවතින උඩරට ප්‍රදේශවල පැති විවෘතව තබා ඇති ආරක්ෂිත ගෘහ තුල ඉතා ඉහල මට්ටමේ බීජ අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාවක් ඇති බව පෙනේ.එක් මව් බල්බයකින් සාමාන්‍යයෙන් මල් 3-4 පමණ හට ගනී.මෙමගින් ලබා ගත හැකි බීජ ප්‍රමාණය ග්‍රෑම් 5-6 පමණ වේ.

පාත්ති සැකසීම

වගා කිරීමට බලාපොරොත්තු වන ඉඩමෙහි පළමුව සෙ.මී. 30 ක් (අඩියක්) පමණ ගැඹුරට පස පෙරලන්න. යල කන්නයේදී කුඹුරුවල වගා කරන විට ගැඹුරට පස පෙරලීම මගින් ඉඩමෙහි ජලවහනය දියුණු වේ. එහි ඇති ගල් බොරළු ආදිය හැකි පමණ ඉවත් කරන්න.

හොදින් දිරූ කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10-12 ක් (අක්කරයකට ටොන් 4-5) ක් පමණ දමා පස සමඟ කලවම් කරන්න. මෙමගින් අස්වැන්න විශාල වශයෙන් වැඩි වේ. ඉතා හොඳ ජල වහනයක් ඇති වැලි සහිත පස් පවතින වියළි කලාපීය ප්‍රදේශ වල ගිල්වූ පාත්ති සකසා ගැනීම වඩා සුදුසුය. අනෙකුත් ඉඩම් වල සෙ.මී. 15 (අඟල් 6) පමණ උස පාත්ති සකසා ගත යුතුය.

කල්පිටිය වැනි වැලි අධික පසක් සහිත ප්‍රදේශවල පාත්ති සකස් නොකර තැනිතලා බිමෙහි පැල සිටුවිය හැකිය. ගිල්වූ හෝ උස් පාත්තියක දිග සාමාන්‍යයෙන් මීටර් 3කට පමණ සීමා කිරස්ම යෝග්‍යය. මෙමගින් වඩා සාර්ථකව වගාවේ ජල පාලනය කිරීමට ඉඩ ලැබේ. පළල සෙ.මී.75 (අඩි 2 1/2) වීම වඩා සුදුසුය. කෙසේ වෙතත් ගිල්වූ පාත්ති මීටර් 1 1/2 (අඩි 5) පමණ පළලකින් යුතුව සකසා ඉන්පසුව මැදින් ජලය බැස්සවීම සඳහා කුඩා කාණුවක් යොදන්න.

එසේම පාත්තියේ උස හෝ ගැඹුර සෙ.මී. 12-15 (අඟල් 5-6)ක් විය යුතුය. පාත්ති දෙක අතර සෙ.මී. 20-30ක (අඟල් 8-12) පරතරයක් තිබීම ප්‍රමාණවත් වේ. මෙසේ සකස් කරගත් පාත්තිවලට මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය යොදා පසට කලවම් කරන්න.

බීජ පැල සිටුවීම

සුදුසු පැල-

- පත්‍ර 3-4 ක් ඇති

- පාදයේ බොත්තම් බල්බයක් සලකුණු වී ඇති

- මූල මණ්ඩලය හොදින් වර්ධනය වී ඇති පැල ඉතා සුදුසුය.

පැල සඳහා කළයුතු ප්‍රතිකාර

දිලීර රෝග වැළදීම පාලනය කර ගැනීම පිණීස, සිටුවීම සඳහා තෝරා ගත් පැල වල බල්බ,

පහත සඳහන් දිලීරනාශක ද්‍රාවණයක විනාඩි 30ක් පමණ ගිල්වා ගන්න. ජලය ලීටර් 10 ක් සමඟ මිශ්‍ර කරගත යුතු එක් එක් දිලීර නාශකයේ ප්‍රමාණය පහත දක්වා ඇති පරිදි වේ.
- තයොෆනේට් මීතයිල් 70%
WP ග්‍රෑම් 20
- තිරාම් 80%උඡ ග්‍රෑම් 15
- තයෝබෙන්ඩසෝල් 45%
WP ග්‍රෑම් 25
- තයොෆනේට් මීතයිල් 50%
- තිරාම් 30%
WP ග්‍රෑම් 18

පරතරය

පැල සිටුවීමට පෙර පාත්ති හොඳින් තෙත් කරන්න.සෙ.මී.10x10 හෝ 7.5x 7.5 (අඟල් 4x 4 හෝ 3x 3) පරතරයට මූල මණ්ඩලයට හානියක් නොවන පරිදි බීජ පැල සිටුවන්න. නාසික්‍රෙඩ්, පූසාරෙඩ් වැනි විශාල බල්බ හට ගන්නා ප්‍රභේද සඳහා වැඩි පරතරයද, රාම්පූර් වැනි ප්‍රභේද සඳහා අඩු පරතරයක්ද භාවිතා කිරීම සුදුසුය.

පසට හොදින් කාබනික පොහොර යොදා ඇත්නම් බල්බ විශාලත්වයෙන් වැඩි වන නිසා අඩු පරතරයෙන් පැල සිටුවන්න. එවිට අලෙවිය අපහසු විශාලත්වයෙන් වැඩි බල්බ ඇති වීම වලකී. එවිට මධ්‍යස්ථ ප්‍රමාණයේ බල්බ වැඩි ප්‍රමාණයක් ලැබෙන නිසා අස්වැන්නද වැඩි වේ.

වැලි මිශ්‍රිත පසක නම් පාත්ති මතට හොදින් ජලය යොදා මඩකර, රේක්කයකින් ඇද කුඩා ඇලි සකසා පැල සිටුවීම වඩා ඉක්මන්‍ය. සෙ. මී. 1 x 1 1/2 (අඟල් 1/2) පමණ ගැඹුරින් පැල සිටුවීම වඩා සුදුසුය. පැළ සිටුවන ගැඹුර වැඩි කිරීම නුසුදුසුයි.

පොහොර යෙදීම

මෙහි සඳහන් පොහොර නිර්දේශ හුදෙක් යම් ප්‍රදේශයක ලොකු ළූණූ වගා කිරීමේදී අනුගමනය කළයුතු පොදු මාර්ගෝපදේශයන් වශයෙන් පමණක් සලකා කටයුතු කරන්න.පසේ සාරවත් බව වගාවේ වර්ධන තත්වය සහ පොහොර යොදන ආකාරය සැලකිල්ලට ගෙන ඔබ විසින් යෙදිය යුතු පොහොර ප්‍රමාණය අඩු වැඩි කර ගත හැකිය.

මෙම පොහොර නිර්දේශයට අමතරව කාබනික පොහොර යෙදීම ඉතා වැදගත් වේ. මූලික පොහොර පසට හොදින් මිශ්‍ර කරන්න. මතුපිට පොහොර යෙදීම පස තෙත්ව ඇති විට පමණක් කළ යුතුය. මේ සඳහා පළමුව වගාවට ජලය සපයා ජලය පසට උරාගැනීම සිදුවන අවස්ථාවේදී එනම් පාත්ති මතුපිට පොහොර ඒකාකාරව පාත්ති වලට ඉසින්න. එක් එක් ලියද්දට හරවන ලද ජලය එම ලියද්දටම උරා ගැනීමට සලස්වන්න.

යෙදිය යුතු අවස්ථාව පොහොර වර්ගය ප්‍රමාණය කල්පිටිය හැර සිසු ප්‍රදේශ සඳහා

(හෙක්.1ට.කි.ග්‍රෑ)

මූලික පොහොර-
පැල සිටුවීමට යූරියා 65
දින 1 හෝ 2 පෙර ත්‍රිත්ව සුපර් පොස්පේට් 100
මියුරියේට් ඔෆ් පොටෑෂා 50

1වන මතුපිට පොහොර-
සිටුවා සති 3 දී යූරියා 65

2වන මතුපිට පොහොර
සිටුවා සති 6 දී යූරියා 65
මියුරියේට් ඔෆ් පොටෑෂා 25

යෙදිය යුතු අවස්ථාව පොහොර වර්ගය ප්‍රමාණය - කල්පිටිය ප්‍රදේශයට

(හෙක්.1ට.කි.ග්‍රෑ)

මූලික පොහොර-
පැල සිටුවීමට ඇමෝනියම් සල්ෆෙඅට් 150
දින 1 හෝ 2 පෙර ත්‍රිත්ව සුපර් පොස්පේට් 100
මියුරියේට් ඔෆ් පොටෑෂ් 50

1වන මතුපිට පොහොර-
සිටුවා සති 3 දී යූරියා 65

2වන මතුපිට පොහොර
සිටුවා සති 6 දී යූරියා 65
මියුරියේට් ඔෆ් පොටෑෂා 25

ජල සම්පාදනය

අ) මතුපිට ජල සම්පාදනය
ළූණූ පැල සිටුවා සතියක් පමණ ගතවන තෙක් පාත්ති මතුපිට සිට සෙ. මී. 5-7 1/2 (අඟල් 2-3)ක් පමණ ගැඹුරක් දක්වා තෙතමනය පවත්වා ගත හැකි වන පරිදි ජලය සපයන්න.පසෙහි වැලි ස්වභාවය අධික නම් දිනකට දෙවරක් පමණ බැගින් වුවද ජලය යෙදීම අවශ්‍ය විය හැකිය.
වගාවේ මුල් අවස්ථාවේදී මල් බාල්දියකින් හෝ නලයකට වතුර මලක් සවිකර හෝ ජලය යෙදීම වඩා සුදුසුය. මෙමගින් පැල වල වැඩීම ඉක්මනින් ආරම්භ වේ. ඉන්පසුව සෑම දිනකම හෝ දින දෙකකට වරක් බැගින් හෝ ජලය යොදන්න. කෙසේ වෙතත් ඉඩමෙහි ජලය රදා පැවතීමේ ස්වභාවයක් පවතින බව පෙනේ නම් ජලය සපයන කාල අන්තරය දින 3-4 කට වරක් ලෙස පවත්වා ගන්න.

නමුත් ජලය හිඟවීම නිසා පත්‍ර මැදින් කැඩීම ආරම්භ වන අවස්ථාවට වගාව පත් නොවීමට වග බලා ගන්න. අස්වැන්න නෙලීමට සති දෙකකට පමණ පෙර වගාවට ජලය සැපයීම නතර කරන්න. ලොකු ළූණූ වගාව සඳහා ජලය සැපයීමේ වඩාත්ම ජනප්‍රිය ක්‍රමය වන්නේ පාත්ති මත සකසා ගත් කාණු දෙකේ ජලය සපයා පාත්තියට උරා ගැනීමට සැලැස්වීමයි.

වියළි කලාපයේ බහුල වශයෙන් දක්නට ලබෙන රතු - දුබුරු පස් සහිත ප්‍රදේශ වල සකසාගත් අඩි 21/2 x 3 පමණ පළල සහ අඩි 9-10 පමණ දිගකින් යුත් උස් පාත්ති 3 4ක් වටවන සේ සවිමත් නියරක් සකසා ගන්න. මෙවැනි නියරකින් වටවී ඇති පාත්තිවල උස, සම මට්ටමකින් පැවතීම ජල සම්පාදනයේදී පහසුවක් වේ. සියළුම පාත්ති වටා ජලය ගමන් කළ හැකි වන පරිදි කාණු සකසා ගන්න.

සාමාන්‍යයෙන් මේ අන්දමට සකසා ගත් පාත්තියක ළූණූ පැල පේලි 7-8 පමණ සිටුවිය හැකිය. නමුත් පාත්තියේ මැදප්‍රදේශයේ ඇති ළූණූ පැල වලට කාණු දිගේ සපයන ජලය ලැබෙන්නේ අඩු ප්‍රමාණයකි. එසේම පාත්තියෙහි මැද ප්‍රදේශය දක්වා ජලය උරා ගැනීමටද සැලකිය යුතු කාලයක් ගත වේ.


මෙම තත්වය වලකා ගැනීම සඳහා ළූණූ පැල සිටුවීමට පෙර පාත්තිය මැදින් දික් අතට අඟල් 4ක් පමණ පළල හා අඟල් 3ක් පමණ ගැබුරු සහිත කුඩා කාණුවක් සකසා ගන්න. මෙම කාණුව දෙපස ළූණූ පැල පේලි 3-4 බැගින් සිටුවන්න. පාත්තිය වටා ඇති කාණු දිගේ ගමන් කරන ජලය පාත්තිය මැද ඇති මෙම කුඩා කාණුව දිගේ ද ගමන් කරන නිසා වගාවේ සියළුම පැල වලට ඒකාකාරව අවශ්‍ය තරම් ජලය ලැබේ.

මෙය අස්වැන්න වැඩි වීමට හේතුවකි. පාත්ති වල පළල වැඩි වුව හොත් පාත්ති ඒකාකාරව නොතෙමෙන නිසා වර්ධනය ඒකාකාර නොවී අස්වැන්නට සෘජුවම බලපෑ හැක. එමගින් අස්වැන්න අපතේ යා හැක. භූමියේ ඇති පසේ ස්වභාවය අනුව පාත්ති වල පළල තීරණය කිරීම වැඳගත් වේ. ලොකු ළූණු පැලයෙහි මූල පද්ධතිය අඟල් 6-9ක් පමණ ගැඹුරකට විහිඳේ එනිසා ජලය සැපයීම මගින් මෙම ගැබුරු දක්වා පාත්ති වල පස තෙත් කිරීම සෑහේ. කෙසේ වුවද ලවණතාවය තරමක් දුරට හෝ පවතින ජලය යොදන්නේ නම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් යොදන්න. මෙමගින් කිවුල නිසා ඇතිවිය හැකි අහිතකර තත්වය අඩුකර ගත හැකිය.

ළූණූ වගාවේ ජලය සම්පාදනය මෙන්ම වැඩි ජලය හෝ ජලය රඳන ස්ථාන වල ඇති ජලය බැස යාමට සැලැස්වීම වගාවේ සාර්ථකත්වය සඳහා ඉතාම වැඳගත් වේ. දුර්වල ජල වහනය නිසා වගාවේ රෝගී තත්වයන් ඇති වීම සිදු වී වගාව අසාර්ථක විය හැක.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වලදී ක්ෂේත්‍රයේ එලන ලද නල පද්ධතියක් මගින් හා ජල පොම්පයක් භාවිතයෙන් ලොකු ළූණූ පාත්ති මතට ජලය සම්පාදනය කෙරේ. මේ සඳහා බෝගය මතුපිටින් ක්ෂුද්‍ර විසුරුමක් ආකාරයට විසිරුම් හිස් මගින් හෝ බට පද්ධතියේ සවිකර ඇති ජල බිංදු විසර්ජක ඩ්‍රිපර්ස් මගින් බිංදු ආකාරයට හෝ ජලය ලබාදිය හැක.

මෙම බට පද්ධතියෙහි ප්‍රධාන පාලක ඒකකයක් අඩංගු වේ. එයට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් ද සවිකිරීම මගින් ජලය සමඟ ද්‍රාව්‍ය පොහොර බෝගයේ අවශහ්තාවය අනුව ලබාදිය හැක. ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම මගින් පාංශූ තෙතමන තත්වය නිරතුරුවම ක්ෂේත්‍ර ධාරිතා අවස්ථාවේ පවත්වා ගැනීමට හැකිවීම නිසා පස මතුපිට තද ස්ථරයක් සෑදීම වැළකී ඉතා හොද වාතාශ්‍රයක් මූල මණාඩලයට ලැ‍බේ.මෙයට අමතරව පාංශු උෂාණත්වය මූල මණාඩලයට හිතකර මටිටමක පවත්වාගෙන යාම නිසා අනෙකුත් ජල සම්පාදන ක්‍රම හා සැසදීමේදී මෙම ක්‍රමය මගින් ලොකු ළූණූ අස්වැන්න ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වැඩිකර ගැනීමට හැකි වේ. ඒ නිසා වගාවේ ආර්ථsක වාසිදායක තත්වය වැඩි වේ. මෙම කරුණු වලට අමතරව මෙවැනි ජල සම්පාදන ක්‍රම නිසා මතුපිට ජල සම්පාදන ක්‍රම මගින් ජලය සපයන අවස්ථා වලට වඩා 30%50% කින් පමණ ජලය ඉතිරිකර ගැනීමටද හැකි වේ.

පිටාර ජලසම්පාදන ක්‍රමයේදී නියරවල් වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් කුඩා ලියදි සකස් කර (කුඩා බේසම් ආකාරයට) එම ලියදි වල පැල සිටුවීම සිදුවේ. මෙවිට වගා භූමියේ ඉඩ නියරවල් සඳහා වැයවීම සාපේක්ෂව වැඩිය. ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වලදී ප්‍රමාණයෙන් විශාල ලියදි භාවිතා කෙරේ. මේ නිසා ලොකු ළූණු සිටුවීම සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් ලැබේ එමගින් ඒකක ක්ෂ්ත්‍රයක පැල සංඛාව වැඩි කර එමගින් අස්වැන්නද වැඩි කර ගත හැකි වේ.

ලොකු ළූණු වල නොගැඹුරු මූල මණ්ඩලයක් ඇති බැවින් මූලමණ්ඩල ගැඹුර හැකිතාක් වැඩි කර ගැනිම සඳහා බෝගය පිහිටුවීමෙන් පසු තාවකාලික ජල හිඟතාවයක් බෝගයට ලබාදීම ද වැදගත් වේ. එය මූලමණ්ඩලය ගැඹුරට වර්ධනය වීමට රුකුලකි. එලෙසම වගාවේ මේරීමේ අවසාන අවදියේදී පත්‍ර අග්‍රස්ථය කඩා හැලෙන විට ජල සම්පාදනය සීමා කිරීම හෝ නතර කිරීමද කළ යුතුය.

බිංදු ජල සම්පාදනය

බිංදු ආකාරයට ක්‍රමික පිළිවෙලකට බෝග මූල පද්ධතියට සෙමින් ජලය සපයන මෙම ක්‍රමය මගින් වැය වන ජල ප්‍රමාණය සාමාන්‍ය ක්‍රමය සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණයෙන් හරි අඩක් පමණ වේ. මෙය විශාල ජල ඉතිරියකි. මේ සඳහා පෙර තීරණය කරගත් පරතරයකට ක්ෂ්ත්‍රයේ ඇති නල පද්ධතියේ පොලිඑතිලින් පාර්ශික නල මත සවිකර ඇති ජල බ්ංදු විසර්ජක මගින් නියමිත කාලාන්තර වලදී නිරතුරුව ජලය සැපයේ.

එමගින් ලොකු ළූණු වගා කර ඇති පසේ මනා තෙතමන තත්වයක් පවත්වා ගැනීමට හැකිවේ. එසේම ලොකු ළූණු සඳහා ආසාදනය විය හැකි ශාක රෝග හා පාංශු රෝග පාලනය කිරීම මෙම ජල සම්පාදන ක්‍රමය නිසා ඉතා පහසු වේ. පාංශු තෙතමනය හා පසට යෙදිය හැකි රසායනික ද්‍රව්යෙඅද පහසුවෙන් මෙමගින් පාලනය කල හැකි වීම මෙයට හේතුවයි.

පාංශු තෙමීමේ රටාව

ලොකු ළූණු වගා කරන පස් වර්ගය හා යොදාගන්නා නල පද්ධතියේ ජල බිංදු විසර්ජක මගින් වරකට ලබාදෙන ජල ප්‍රමාණය අනුව පසේ පාර්ශ්වික හා පස තුල සිරස්ව පහලට ජලය පැතිරීමේ ආකාරය සැලකිල්ලට ගත යුතුය.

ලොකු ළූණු වගා කරන
රතු දුබුරු පස
ඇලදොළ ආශිත දියළු පස
රතු කහ පොඩ්සොලික් පස්

වර්ග සඳහා නියමිත ජලය, තෙමීමේ රටාවක් ලබාගැනීම සඳහා පාත්ති සැලසුම හා පාර්ශික නල හා යෙදිය යුතු ජල බිංදු විසර්ජක වර්ගය පහත දක්වා ඇත. පාත්තියක දිග මීටර් 20-50ක් පමණ විය යුතුය. මෙය භාවිතා කරන ජල පොම්පයේ හා පාර්ශ්වික නල වල විෂ්කම්භය අනුව ජල විසර්ජක වල (ඩ්‍රිපර්ස්) ස්වභාවය අනුව වෙනසා විය හැකිය. පාත්ති වල උස සෙ. මී. 18-30ක් පමණ සුදුසු වේ. පාත්ති 2ක් අතර සෙ.මී. 30 ක් පමණ පළල ජලවහන කාණු ඉදිකල යුතුය. ඉතා වියළි කාලවලදී මෙවැනි කාණු නොමැතිව වුවද පාත්ති සැකසිය හැකි නමුත් මෙවැනි ඉඩ ප්‍රමාණයක් පාත්ති අතර තිබීමෙන් වගා පාලන කටයුතු පහසු වේ. පාත්තියක පළල සෙ.මී. 80 – 120 ක් පමණ විය හැකිය. එක් පාත්තියකට පාර්ශ්වික නල දෙකක් යෙදිය යුතුය. මෙම පාර්ශ්වික නලවල සෙ.මි. 40 ක පරතරයකින් ජල බංදු විසරජක තිබිය යුතුය. මෙම විසර්ජක මඟින් පැයකට ලීටර් 12-20 දක්වා විසර්ජනයක් ලබාදිය යුතුය.

එවිට දින දෙකකට වරක් පැයක පමණ කාලයක් ජලය ලබා දීම මගින් ළූණූ පාත්තියෙහි පස අවශ්‍ය මට්ටමට තෙත් කර ගත හැකිය. ලොකු ළූණූ වගාවේ පැල සිටවූ මුල් අවධියේදී දිනකට දෙවතාවක් බැගින් හා හොදින් මුල් වැඩුනු පසු දිනකට හෝ දින 2 ට වරක් බැගින් හෝ ජලය ලබාදීම කළ යුතුය. පසේ සෙ. මී. 15-20ක ගැබුරක් දක්වා තෙත්වන පරිදි ජලය සැපයීම වැදගත් වේ.ප්‍රායෝගික වශයෙන් ඉහත දක්වා ඇති කරුණු වගා කරන පස් වර්ගය ප්‍රදේශයේ වාෂාපීකරණ, උත්ස්වේදන වේගය, ළූණු වගා කරන කන්නය උෂාණත්වය යන කරුණු මත සුළු වශයෙන් වෙනස් විය හැකිය. පහත රට වියළි කලාපයේ බෝගයේ උපරිම වර්ධන අවධියේදී හෙක්ටයාර් 1ක් සඳහා දිනකට ජලය ඝන මී. 60-65 (දිනකට මිලි මී. 8-9)ක ප්‍රමාණයක් පමණ අවශ්‍ය වේ.

ජලය සමඟ පොහොර යෙදීම

බිංදු ජල සම්පාදන ක්‍රම මගින් ද්‍රාව්‍ය පොහොර, කෙටි කාලාන්තර වලදී ජලය සමඟ දියකර, නල පද්ධතිය තුලින් සැපයීම වඩාත් වාසිදායකය. මේ සඳහා ජල සැපයුම් පද්ධතියට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් සවිකර ගත යුතු වේ. මෙහිදී සම්පූර්ණයෙන් ජලයේ දියවන පොහොර වර්ග පමණක් භාවිතා කල යුතු අතර කෙටි කාලාන්තර වලදී බෝගයේ අවශහ්තාවය අනුව පොහොර යෙදීමෙන් ළූණූ බල්බ වල බර හා විශාලත්වය වැඩි වේ.

අස්වනු ගුණාත්මයද ඉහළ යයි. දැනට වෙළදපලේ ඇති යුරියා සහ වෙනත් ජලයේ දියවන පොහොර වර්ග මෙලෙස යොදාගත හැක. සාමාන්‍ය ආකාරයට අතින් පොහොර යොදන අවස්ථාවලදී ද එසේ යෙදීමෙන් පසු වාරි පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පොහොර පස සමඟ මිශ්‍ර වී බෝගයට උරා ගැනීම පහසු කරයි.

විසුරුම් ජල සම්පාදනය

බිංදු ජල සම්පාදනය හා සැසදීමේදී විසුරුම් ජල සම්පාදනය ලොකු ළූණු වගාවට ඉතා උචිත වන්නේ ලොකු ළූණු බල්බ කෙටි පරතර වලින් ක්ෂ්ත්‍රයේ සිටුවන බැවිනි. මතුපිට ජල සම්පාදන ක්‍රමයකදී අවශහ් වන ජල ප්‍රමාණයෙන් 2/3ක් පමණ ප්‍රමාණයක් විසුරුම් ජල සම්පාදනය සඳහා තිබීම සෑහේ.

විසුරුම් ජල සම්පාදන පද්ධතියක් පිහිටුවීමේදී එක් විසුරුම් හිසකින් අනෙක් විසුරුම් හිසේ පාමුලට ජලය විසුරුවා ලන ආකාරයෙන් පාංශු තෙමීමේ රටාවක් ලැබෙන අන්දමට ජල සැපයුම් පද්ධතිය ක්ෂාත්‍රයේ පිහිටුවිය යුතුය. විසුරුම් ජල සම්පාදන පද්ධතියක් මඟින් ජලය විසුරුවා හැරීමේදී 100% ක තෙමීමේ රටාවක් පසට ලැබෙන පරිදි විසුරුම් හිස් සංස්ථාපනය කලයුතුය.
උදා :
විසුරුම් හිසේ තෙමීමේ අරය මී. 5 නම් පාර්ශ්වික නල අතර පරතරය මී. 5 ක් විය යුතු අතර පාර්ශ්වික නල අතර විසුරුම් හිස් වල පරතරය මී. 5 විය යුතුය.
ලොකු ළූණූ වගාවකට විසිරුම් හිස් සහිත නල පද්ධතිය යොදන ආකාරය
ලොකු ළූණු සිටුවන පරතරය සෙ.මී.10 x10 (අඟල් 4x 4)

පාත්තියක දිග පළල විවිධ ප්‍රමාණ විය හැකි නමුත් හොදින් ජලය බැස යන අයුරු සැකසූ මී. 20 x මී 10 වැනි පාත්ති වඩාත් සුදුසුය. භූමි සැලැස්ම හා ක්ෂුද්‍ර වාරි සැලැස්ම අනුව මෙම දිග පළල වෙනස් විය හැක.

ජල වහන කාණුව

සෙ. මී. 20-30 හා අනුරූප දිග පළල අනුව, විසිරුම් හිස හා එහි ඉහල නැගුම් නලයේ උස නිෂාපාදනය කළ සමාගමේ පිරිවිතර වලට අනුකූලව විසුරුම් හිස් ක්ෂ්ත්‍රයේ සවිකල යුතුය.

උදා : විසුරුම් හිසෙහි තෙමීමේ විෂාකම්භය මී. 10 වන විට 50% අති පිහිත වීමේ රටාව ලබාගැනිමට මී.5x5 පරතරයෙන් විසුරුම් හිස් සවිකල යුතුය.

පොළොව මට්ටමේ සිට විසුරුම් හිසට උස

බෝගයට ඉහලින් ජලය පතිත වන ආකාරයට උස සීරු මාරු කළ යුතුය. ලොකු ළූණූ වගාව සඳහා පැයකට ලී. 50 සිට ලී. 180 දක්වා ජල පරිමාවක් විසුරුවා හරින සහ තෙමීමේ අරය මී. 2 සිට මී. 8 පමණ වූ පරාසයක සියුම් ජල බිංදු විසුරුවා හැරිය හැකි විසුරුම් හිස් භාවිතය සුදුසුය.
භාවිතා කළයුතු විසිරුම් හිස සියුම් ජල බිංදු විසුරුවා හරින ආකාරයේ එකක් වීම මගින් ජල බිංදු විශාල වීමෙන් ශාකයට හා පසට සිදුවන හානිය වලක්වා ගත හැකිය. ලොකු ළූණූ ශාකවල මූල පද්ධති විහිදී ඇති ගැබුරු තෙමීයන පරිදි පෙරදී තීරණය කරගත් කාල පරිච්ජෙදයක් තුළදී දිනපතා හෝ දින දෙකකට වතාවක් බැගින් හෝ ජලය සැපයිය යුතුය.

එසේම, වගාවේ වර්ධක අවධියේදී පසේ තෙතමනය ක්ෂ්ත්‍ර ධාරිතා අවස්ථාවට ආසන්නව නිරතුරුවම පවත්වා ගත යුතුය. මෙමගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. බිංදු ජල සම්පාදනය සඳහා අවශ්‍ය වන ආකාරයට විසුරුම් ජල සම්පාදනය සඳහා ද පාත්ති සකස් කල යුතුය. ක්ෂාත්‍රයේ ජල වහනය ඉතා සතුටුදායක වන ඉඩම් සඳහා සහ වර්ෂාව නොලැබෙන වියළි කාල වල දී ස්ප්‍රින්ක්ලර් යොදා ජල සම්පාදනය කරන්නේ නම්, පාත්ති වල පළල මී.2-5 පමණ මට්ටමක් දක්වා වුවද පවත්වා ගත හැකිය.

කෙසේ නමුත් වගා කාලය තුළ ලැබෙන අමතර ජලය වගා බිමෙන් ඉවත් කරීම සඳහා සුදුසු වන අන්දමට කාණු පද්ධතියක් සැකසීම විශේෂයෙන් වැදගත් වේ. වගාව ක්‍රමයෙන් වැඩෙත්ම විසුරුම් හිස් ඉහලට එසවීම මගින් පාංශු තෙමීමේ රටාව හා ජලය පතිතවීම ශාකයට හානියක් නොවන පරිදි ඒකාකාරස්ව සිදු කරගත හැකිය. විසුරුම් හිස් මගින් ලබාදෙන ජලයෙන් සම්පූර්ණ වගා ක්ෂ්ත්‍රයම තෙමීමකට භාජනය වන අතර, එමගින් මූල මණ්ඩලයේ අවශ්‍ය ගැබුරට ජලය ලැබෙන පරිදි ජල සම්පාදන කාල සීමාව තීරණය කළ යුතුය. පොහොර යෙදීම බිංදු ජල සම්පාදනයේදී මෙන්ම විසුරුම් හිස් මගින් ද ද්‍රාව්‍ය පොහොර පමණක් බෝගයට ලබා දිය හැකිය. මේ සඳහා ජල සැපයුම් නල පද්ධතියට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් අමතරව සවිකර ගත යුතු වේ.

පොහොර යෙදීම

නමුත් පත්‍ර මතට දියකරන ලද පොහොර විසුරුවා හැරස්මේදී ඇතිවිය හැකි හානි වැළැක්වීම සඳහා ස්ප්‍රින්ක්ලර් භාවිතයේදී පහත සඳහන් ක්‍රියාවන් පිළිබඳව විශේෂයෙන් සැලකිල්ලට ගතයුතු වේ.
  • ජලයේ සම්පූර්ණයෙන්ම පොහොර වල තනුක ද්‍රාවණයක් නිරතුරුව විසුරුවා හැරීමට සැලසුම් කිරීම.
  • බෝගයේ වර්ධක අවධිය අනුව සකසාගත් පොහොර අනුපාත අඩංගු කිරීම.

- එම දිනයට හෝ වාරයට යෙදිය යුතු ජල ප්‍රමාණය සමඟ පොහොර මිශ්‍රණයක් ලෙස යෙදීම
- පද්ධතිය තුළින් ද්‍රාව්‍ය පොහොර යැවීමට ප්‍රථම විනාඩි 10-15 ක පමණ කාලයක් පිරිසිදු ජලය විසුරුවා හැර ඒ සමඟම පොහොර යෙදීමේ උපාංග කට්ටලයේ කරාම විවෘතකර පොහොර ද්‍රාවණය විසුරුවා හැරීම

මේ අන්දමට පොහොර ද්‍රාවණය විසුරුවා හැරීමෙන් පසු විනාඩි 15 ක් පමණ (පොහොර යෙදීමේ නල වල කරාම වසා) නැව පිරිසිදු ජලය පමණක් හරින්න.එමගින් පත්‍ර මත පතිත තනුක පොහොර ද්‍රාවණය පස මතට වැටීමට සැල හැකිය. විසුරුම් හිස් මගින් ජලය සමඟ පොහොර විසුරුවා හැරීමේදී බෝගයේ පත්‍ර පිළිස්සීම වැනි ගැටළු ඇතිවිය හැකි බැවින් ඉහත කරුණූ නිසියාකාරව ක්‍රියාත්මක කිරස්ම සඳහා තාක්ෂණ නිළධාරියෙකුගේ සහාය ලබා ගැනීම සුදුසු වේ.

සාමාන්‍යයෙන් භාවිතා කරන පොහොර අතින් යෙදීමේදී, ඒ ඒ වර්ධක අවධීන් සඳහා නිර්දේශිත පොහොර ප්‍රමාණය බී ළූණූ වගාව තුල එකාකාරීව පස මතට විසුරුවා හරින්න. නැතහොත් පේලි අතර තැන්පත් කරන්න. ඉන්පසුව විසුරුම් ජල පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන්, මූල මණාඩල කලාපයට මනා ලෙස පොහොර ලැබීමට සැලැස්විය හැක.

වල් පැලෑටි පාලනය

වල් පැළෑටි අතින් ගැලවීම කරන්නේ නම් පැල සිටුවා සති 2 දී 4දී සහ 6දී සිදු කරන්න. වල් පැල ඉදිරීම සඳහා ලී උලකින් හෝ කරඩියකින් පස් බුරුල් කළ විට ළූණු පැල ඇද වැටීම සහ මුල් කැඩීයාම නිසා පත්‍ර අගිස් කහපාට වී මැරී යයි. මෙය පැලවල වැඩීම බාල වීමට හේතුවන නිසා වල් පැල උදුරා දැමීම ඉතා ප්‍රවේශමෙන් සිදු කරන්න.

එසේ නැතහොත් රසායනික වල් නාශක භාවිතා කිරීම මගින්ද වල් මර්දනය ඉතා සාර්ථකව කර ගත හැකිය. මෙමගින් අතින් වල් නෙලීම සඳහා අවශ්‍ය වන කම්කරුවන් සොයා ගැනීමේ ගැටළුවද මගහරවා ගත හැකිය. එසේම එය වඩා ලාභදායකද වේ. කෙසේ වුවද වල් පැළෑටි පාලනය සාර්ථක කර ගැනීම සඳහා ඉතාමත් නිවැරදි ආකාරයට වල් නාශක භාවිතා කළ යුතුය.

පාත්තිවල ළූණු පැල සිටුවා අවසන් වූ වහාම නිර්දේශිත පූර්ව නිගමන වල්නාශකයක් නිවැරදි ආකාරයට යොදා වල් පැළෑට් පාලනය කර ගන්න.

මෙය සාර්ථක වීමට නම් පාත්ති මතුපිට සියුම්ව සැකසී තිබිය යුතුය. සියුම්ව මතුපිටක් තිබීම මඟින් පැළවන වල් පැළ විනාශ කිරීමට හේතුවන වල් නාශකයේ තුනී පටලයක් පාත්තිය මතුපිට ඇතිකර ගතහැකිවේ.
පුර්ව නිර්ගමන වල්නාශක යෙදීමෙන් පසුව සති 3-4 පමණ කාලයක් වගාවේ වල් පැළෑටි සාර්ථකව පාලනය කරගත හැකිය. ඉන් පසුව පැලවෙන වල් පැළෑටි වරක් හෝ දෙවරක් පමණ අතින් ගලවා දැමීම කළයුතුය.
සාර්ථකව වල් පැළැටි පාලනය කර ගැනීම සඳහා පැල සිටුවා වල් පැල මතුවීමට පෙර වල් නාශකය යෙදිය යුතුය. මේ සඳහා පැල සිටවූ දිනම හෝ එයට පසුදින නිර්දේශිත වල් නාශකය යොදන්න.
වල් නාශකය පැල සිටුවීමෙන් පසු යොදන්නේ නම් නියමිත සාන්ද්‍රණයටම නිවැරදිව මිශ්‍රකර යෙදිය යුතුය. වැඩි සාන්ද්‍රනයකින් යෙදුවහොත් පත්‍ර අග පිලිස්සීමක් ඇති වීමට ඉඩ තිඹේ නමුත් අළුතින් හටගන්නා පත්‍රවලට එමගින් හානි නොවන අතර එය අස්වැන්නටද බල නොපායි.
මැටි සහිත පසක් සඳහා වල් නාශකයෙන් අක්කරයකට මි.ලි 400 යෙදීම වඩා සුදුසුය
වල් නාශක යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් -
- යොදන අවස්ථාවේදී පාත්තිවල තෙතමනය තිබිය යුතුය.
- වල් නාශක යොදා සති 3 පමණ ගතවන තුරු වගාවේ පස් බුරුල් කිරීම වැනි කටයුතු නොකල යුතුය.
- පස් කැට රහිතව පාත්තියේ මතුපිට සියුම්ව සකස්කර තිබිය යුතුය.

කෘමි පළිබෝධ හා රෝග පාලනය

කෘමි පාලනය
පැළ මැක්කා
ලොකු ළූණු වගාවේ ඉතා බහුලව දක්නට ලැබෙන ලා දුබුරු පැහැති මි. මී. 1ක් පමණ දිගැති කෘමියෙකි.

හානිය

  • කෘමියා පත්‍ර මතුපිට සූරා යුෂ උරා බොයි. එවිට පත්‍ර මත සුදු පැහැති සීරීම් ඇතිවේ.
  • හානිය දරුණු වත්ම පත්‍ර ඇඹරී වියළී යයි.
  • බීජ ලබා ගැනීම සඳහා නඩත්තු කරන වගාවන්හි මල්වලට හානි කරන නිසා බීජ අස්වැන්න හා ඒවායේ පැලවීමේ ශක්තිය අඩුවේ.

  • දහවල් කාලයේ මෙම කෘමියා පත්‍ර පාමුල ප්‍රදේශයට වී සිටින අතර උදය සහ රාත්‍රි කාල වලදී පත්‍ර වලට හානි පමුණුවයි.
  • හොඳින් පරික්ෂාකර බැලුවහොත් තද හිරු එළිය නොමැති උදය සහ සවස් කාල වලදී සෙමින් පැල සෙලවූ විට පැලමැක්කන් රංචු වශයෙන් ඉගිලී යනු දැකිය හැකිය. තවාන් වල මෙම කෘමියා සිටින බව පරික්ෂා කිරිමට මෙම ක්‍රමය වඩා සුදුසුය.
  • බල්බ අස්වැන්න නෙලූ පසු පැළ මැක්කාගේ හානිය තිබූ වගාවක බල්බ වල ගෙල ප්‍රදේශයේ වියළි පොත්තට ඇතුලින් ශල්ක පත්‍ර මත පැල මැක්කා හානි කර තිබෙන අයුරු දක්නට ලැබේ.මෙමගින් ගබඩා කාලය තුලදී බල්බ හැකිලේ.
පැළමැක්කා පාලනය
පැළමැක්කාගේ හානිය දක්නට ලැබේ නම් නිර්දේශිත කෘමිනාශක භාවිතා කල යුතුය.

ළූණු පත්‍ර කන දළබුවා

ලොකු ළූණු වගාවට හානි කරනු ලබන කොළකන දළබු වර්ග දෙකකි.
මෙයින් ස්පොඩොප්ටෙරා එක්සිගුවා නම් දළබුවා වැඩි වශයෙන් යාපනය ප්‍රදේශයේ ළූණු වගාවට හානි පමුණුවනු ලැබේ.
සෙසු ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ස්පොඩොප්ටෙරා ලිටූරා නම් දළබු වර්ගයයි.

හානිය

කීටයන් පත්‍රවල කොළ පැහැති කොටස් ආහාරයට ගනී.පසුව පත්‍රය තුලට ඇතුළු වී එය තුල සිට පත්‍ර කාදමයි.

ළූණු පත්‍ර කන දළබුවා පාලනය
  • වගාව නිතර පරස්ක්ෂා කර පත්‍ර මත ඇති බිත්තර කැදලි එකතු කර විනාශ කරන්න.
  • පැල සිටුවන අවස්ථාවේදී හෝ සිටුවා සතියක් තුලදී නිර්දේශිත කෘමිනාශක තෙත පසට යොදන්න.
වැඩෙමින් පවතින වගාවට හානි කරන විට ඉහත දළබු වර්ගය සදහා නිර්දේශිත කෘමිනාශක භාවිතා කරන්න.

මුල් කන කුහුබුවා

  • මෙම කුහුබුවන් වේයන්ට වඩා තරමක් විශාලය. රතු පැහැතිය.
හානිය
  • ළූණු බල්බ ආහාරයට ගනී.
  • මෙවිට ද්විතියික හානියක් ලෙස බල්බ කුණු වී යයි. හානිකල පැලවල පත්‍ර මැලවී කහ පාටට හැරේ.
පාලනය
පාත්තිවල කුහුබුවන් සිටින කොටස් වලට පමණක් නිර්දේශිත කෘමිනාශක වලින් එකක් යොදන්න.
වගාව ආරම්භ කිරීමට පෙර පස පෙරලා දින කීපයක් තද සූර්යාලෝකයට නිරාවරණය කිරීම හා කුහුබුවන් සිටින ස්ථානවල පස පිළිස්සීම මගින් වගාවට සිදුවිය හැකි හානිය කල්වේලා ඇතිව අඩු කරගත හැකිය.

රෝග පාලනය

යටි පුස් රෝගය
පෙරනොස්පෝරා විශේෂයට අයත් දිලීර නිසා ඇති වේ.

රෝග ලක්ෂණ

  • සුදු පැහැති නියමිත හැඩයක් ඇති ලප මේරූ පත්‍ර මත පළමුව ඇති වේ.
  • පත්‍ර අග වියළී ගොස් ක්‍රමයෙන් පත්‍ර කහ පැහැ වේ. ක්‍රමයෙන් විශාල වන මෙම ලප මත අළු පැහැති දිලීර ජාලය පසුව පැහැදිලිව දක්නට ලැබේ.

යටිපුස් රෝගය පාලනය

රෝගය වගාව තුළ දරුණු මට්ටමකින් පැතිරීමට ඉඩ ඇතැයි නිගමනය කළ හැකි නම් ඒ සඳහා නිර්දේශිත කෘමිනාශක භාවිතා කරන්න.

බල්බ කුණුවීම

බල්බ කුණුවීම පසේ ජිවත් වන දිලීර වර්ග කීපයක් නිසාද, බැක්ටීරියා මගින්ද සිදුවිය හැකිය.

අ) දිලීර මගින් ඇතිවන බල්බ කුණුවීම.

මෙය පියසේරියම් හා පීතියම් විශේෂයනට අයත් දිලීර වර්ග නිසාද, රයිසොක්ටෝනියා සොලනි හා ස්ක්ලෙරෝටියම් රොල්ෆ්සයි දිලීර මගින්ද ඇතිවිය හැකිය.

රෝග ලක්ෂණ

  • බල්බ කුණුවේ.
  • වර්ධනය බාල වේ.
  • බාහිරව පළමුවෙන් දැකිය හැකි රෝග ලක්ෂණය වන්නේ පිටතින් ඇති පත්‍ර,ඉහළ සිට පහළට කහ පාට වීමයි. මෙය ක්‍රම ක්‍රමයෙන් ඇතුලතින් පිහිටා ඇති පත්‍ර කරාද පැතිරේ

පාලනය

කතවානෙහි වැඩි ගැබුරකින් බීජ නොදමන්න. එසේම එක පේලියකට බීජ 100-150 වඩා නොදමන්න. නමුත් මෙවිට තවාන් පාත්ති වැඩි සංඛ්‍යාවක් සකසා ගත යුතුය.

  • තවානෙන් පැල ගලවා ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර පැල වල පාදස්ථය දිලීර නාශක ද්‍රාවණයක ගිල්වා ගන්න.
  • වගාවේ රෝගය වැළදුන ගස් වහාම ඉවත් කරන්න. එම රෝගී ගස් තිබූ ස්ථාන හා ඒ අවට ප්‍රදේශයට මල් බාල්දියක් මඟින් හෝ නොසලය ගැලවු ස්ප්‍රේයරයක් මඟින් නිර්දේශිත කෘමිනාශක වලින් පස තෙත් කරන්න
  • වගාවේ ජල වහනය දියුණු කරන්න.
  • වගාවට ජලය සපයන කාලාන්තරය වැඩි කරන්න.
  • රෝගය ඇති වගාවක් හරහා නිරෝගී වගාවක් වෙත ජලය ගමන් කරවීමෙන් වලකින්න.
  • සුදුසු දිලීර නාශකයක් මඟින් සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කරන්න.
  • තවාන් ජිවානුහරණය කරන්න.

පත්‍ර දඟර රෝගය (ඇන්ත්රැාක්නෝස් රෝගය)

අප රටේ ලොකු ළූණු වගාවන්හි 1998 යල කන්නයේ සිට දක්නට ලැබී ඇති දිලීර රෝගයකි. මෙය ඇති කරන්නේ කොලෙට්‍රොට්‍රිකම් ග්ලියොස්පොරිඔයිඩස් දිලීර මගිනි. වැසි සහිත කාලගුණයක් පවතින විට මෙමගින් වගාවට දරුණු හානියක් ඇතිවේ.

මෙම රෝගය නිසා අස්වැන්නට සිදුවිය හැකි හානිය තීරණය වන්නේ වගාවේ වයස සහ රෝගය පැතිරී ඇති ප්‍රමාණය මතය. මහ කන්නයේ අග භාගයේදී සත්‍ය බීජ නිපදවීම සඳහා පවත්වාගෙන යනු ලබන වගාවන් හටද ඇන්ත්‍රැක්නෝස් රෝගය මගින් තදබල හානි ඇතිවිය හැකිය.

රෝග ලක්ෂණ

ම වගාවේ මුල් අවධියේදී රෝගය වැළදුනහොත් පත්‍ර දඟර ගැසේ. මෙයට හේතුව ඉහත සඳහන් දිලීරය ක්‍රියාකාරී වීමයි. ම වැඩුන වගාවක නම් පත්‍ර මත මි.මි 2-3 පළල ඕවලාකාර පැල්ලම් ඇතිවේ. මෙම පැල්ලම් මත කළු පැහැති තිත් ලෙස බීජානුධානි දැකගත හැකිය. ම රෝගී පත්‍ර වියළී මැරී යයි. මේ ආකාරයට පත්‍රවල රෝග ලක්ෂණ තදින් දැකිය හැකි ළූණු ගස්වල බල්බද කුණු වේ.

බීජ නිෂ්පාදන වගාවන්හි පත්‍ර හා මල් නටු මත රෝගී පැල්ලම් ඇතිවේ. රෝගී පැල්ලම් හටගත් ස්ථානයේ මල් නටුව කඩා වැටේ. මෙයට අමතරව ලොකු ළූණු මල් පොකුරෙහි ඇති මල් වලට (පූෂ්පිකා) රෝගය වැළදුන විට එකී පුෂ්පිකා මැරී යයි.

පාලනය

  • වර්ෂාවට හසු නොවන පරිදි වගාව ආරම්භ කරන්න.
  • නිරෝගී වගාවකින් බීජ සහ බල්බ තෝරා ගෙන වගා කරන්න.
  • බීජ / බල්බ සිටුවීමට පෙර නිර්දේශිත දිලීර නාශකයක් මගින් ප්‍රතිකාර කර සිටුවන්න.
  • වගාවෙහි රෝග ලක්ෂණ දුටුවිට නිර්දේශිත කෘමිනාශක යොදන්න.

දම් පැල්ලම් රෝගය

වසරේ ජනවාරි පෙබරවාරි වැනි මාස වලදී වගාවට බහුල වශයෙන් වැළඳිය හැකි රෝගයකි. තෙත් කාලගුණයක් පවතින විට වෙනත් කාලයන්හිදීද වගාවට මෙය වැළඳීමට ඉඩ තිඹේ සත්‍ය බීජ නිපදවීම සඳහා පවත්වාගෙන යනු ලබන සමහර වගාවන්හි මෙම රෝගය නිසා බීජ අස්වැන්න විශාල වශයෙන් අඩු විය හැකිය. රෝගය ඇති වන්නේ ඕල්ටනේරsයා පෝරs නම් දිලීරය මඟිනි.

රෝග ලක්ෂණ

  • පළමුව පත්‍ර පුරා සුදු පැහැති ලප ඇති වේ.
  • පසුව මෙම ලප විශාල වී එකිනනෙක සම්බන්ධ වේ. අවසානයේදී මෙම ලප දුබුරු පැහැයට හුරු දම් පැහැති පැල්ලම් බවට පත් වේ.
  • රෝගය නිසා බල්බ වර්ධනය අඩු වේ.
  • බල්බ කුණු වීමටද ඉඩ තිබේ.

දම් පැල්ලම් පාලනය

රෝග ලක්ෂණ වගාවේ දැකිය හැකි වු විට නිර්දේශිත කෘමිනාශක ඒ සඳහා යොදන්න.

බැක්ටීරියා මෘදු කුණුවීම

මෙම රෝගය වැළදෙන්නේ සියුඩොමොනාස් විශේෂයට අයත් බැක්ටීරියා මඟිනි.

රෝග ලක්ෂණ

  • පත්‍ර කඩා වැටේ. මුලින්ම කඩා වැටෙන්නේ ළපටිම පත්‍රයයි.
  • බල්බ වල මැද කුණු වේ. පිටතින් බල්බය තද කල විට ඇතුලත කුණු වූ කොටස පහසුවෙන් මිරිකී එලියට එයි.
  • කුණු වූ බල්බ වලින් ගෙන්දගම් වලට සමාන තද සැර දුඟඳක් හමයි.

බැක්ටීරියා මෘදු පාලනය

  • මෙම රෝගය රසායනික ද්‍රව්‍ය යොදා පාලනය කළ නොහැක.
  • රෝගි පැල වගාවෙන් ඉවත් කරන්න.
  • ඉඩමේ ජල වහනය දියුණු කරන්න. ඉඩමේ බෝග මාරුවක් අනුගමනය කරන්න.
  • වගාවට ජලය සපයන කාලාන්තරය වැඩි කරන්න. රෝගි වගාවන් හරහා ජලය ගමන් නොකරවන්න.

අස්වැන්න නෙලීම

පැල සිටුවා දින 80-100 දී දැනට වගාකරනු ලබන ප්‍රභේද බොහොමයක අස්වැන්න නෙලා ගත හැකිය. අස්වැන්න නෙලීමට සති 3 කට පෙර සිට වගාවට කෘමි නාශක යෙදීම නවත්වන්න.සති දෙකකට පෙර සිට ජල සැපයුම අත් හිටුවන්න.

මෝරන ලද වගාවන්හි පත්‍ර කහ පාටවී බල්බයට මදක් ඉහලින් (ගෙල) කඩා වැටේ. වගාවෙන් 50% වඩා වැඩි ප්‍රමාණයක් මෙවැනි තත්වයට පත්වූ පසුව ඉතිරි පැලද ලෑල්ලක් ප්‍රවේශමෙන් පැල මත තද කිරීමෙන් තලාගන්න. සති දෙකකට පමණ පසු බල්බ ගලවන්න. ගැලවු බල්බ වගා බිමෙහිම හෝ වෙනත් සුදුසු ස්ථානයක හෝ අතුරා වියලීමට ඉඩහරින්න. බල්බ මත තද අව්ව නොවැටෙන සේ තැබීමට වගබලාගන්න.

මෙම බල්බ තවදුරටත් පවනේ වියලා පදම් කරගන්න. එවිට බල්බ වල පැහැය හා ගබඩා කර තබා ගැනීමේ හැකියාව වැඩිකරගත හැකිය. බල්බයේ ගෙල කොටසෙහි කොළ පැහැය නැතිවී දුබුරු පැහැයට හැරුන පසුව වියලි පත්‍ර කපා ඉවත් කරන්න. බල්බයට හානි නොවන පරිදි ගෙල කොටස සුළු ප්‍රමාණයක් (අඟලක් පමණ) ඉතිරි කර පත්‍ර කපා ඉවත් කල යුතුය.

සාර්ථක වගාවකින් අක්කරයකට මෙ.ටො. 8-10 වැනි සාමාන්‍ය අස්වැන්නක් ලබා ගත හැකිය. වගාවට නිර්දේශිත රසායනික පොහොර වලට අමතරව හොඳින් කාබනික පොහොරද යෙදුවිට මෙම අස්වැන්න දෙගුණයක් පමණ දක්වා වැඩි කර ගත හැකිය.

කාබනික පොහොර යෙදීමෙන් අක්කරයකට මෙ.ටො. 15-20

ගබඩා කිරීම

හොඳින් කර (ගෙල) වියළී සිහින් වූ ග්‍රෑම් 80-100 නොවැඩි බල්බ තෝරා ගන්න. මෙම බල්බවල වියලී ගිය පත්‍ර එකිනෙක ගැටගසා මිටිබැඳ හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක එල්ලා කල් තබා ගන්න. කුඩා බිම් ප්‍රමාණයක වගා කර ඇතිවිට මෙම ක්‍රමය අනුගමනය කළ හැකිය. වැඩි අස්වනු ප්‍රමාණයක් ඇතිවිටදී බල්බ ගබඩා කරගැනීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද ගබඩාවක් යොදා ගත හැකිය.

වියළි පත්‍ර ඉවත් කරන ලද බල්බ ගබඩාවේ ලී පටි ගසා සකස් කරගත් තට්ටු මත අතුරන්න. මෙහි බල්බ 3-4ට වඩා වැඩි ඝනකමකින් ඇතිරීම නුසුදුසුය. වැඩි විස්තර සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හමුවන්න. මීටර් 4.5 (අඩි 15) දිග මීටර් 3.6 (අඩි 13) පළල ගබඩාවක මෙට්‍රික් ටොන් 2 පමණ ළූණු ප්‍රමාණයක් ගබඩා කළ හැකිය.