අනෝදා

  Order   : Magnoliales

  Family  : Annonaceae

  Genus   : Annona Corr. Serr

  Species  : Annona cherimola Miller. චෙරිමෝයා

                 Annona muricata L. කටු අනෝදා

                 Annona reticulata L. (වැලි අනෝදා)

                   Annona squamosa L. (සීනි අනෝදා)

කටු අනෝදා

වැලි අනෝදා

සීනි අනෝදා

චෙරිමෝයා

රසවත් හා ගුණවත් පලතුරක් ලෙස ලොව පුරා ජනප්‍රියව ඇති අනෝදා වල විශේෂ ගණනාවකි. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව එයින් විශේෂ කිහිපයක් ව්‍යාප්තව ඇත. වඩාත් ජනප්‍රිය විශේෂය වන්නේ කටු අනෝදා (Annona muricata&යි. චෙරිමෝයා (Annona cherimola Miller.), සීනි අනෝදා (Annona squamosa L.) වැලි අනෝදා (Annona reticulata L.) සහ ඇටිමෝයා (සීනි අනෝදා සහ චෙරිමෝයා විශේෂ වල දෙමුහුමකි) යන විශේෂද අප ගෙවතු වල ජනප්‍රිය පලතුරු වේ. මෙම අනෝදා විශේෂ රූප විද්‍යාත්මකව විවිධත්වයක් පෙන්වන අතර විශේෂයෙන්ම ඵලයේ හැඩය සහ ඵලාවරණයේ ස්වරූපය එම විශේෂ එකිනෙක වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වේ.

අනෝදා පුෂ්ප

චෙරිමෝයා

කටු අනෝදා

වැලි අනෝදා

සීනි අනෝදා

 

අනෝදා ඵලය

 

කටු අනෝදා (Soursop)

කටු අනෝදා හෝ කටු ආතා ලෙස හඳුන්වන මෙහි ඵලය කොළ පැහැතියි. බොහෝවිට ඕවලාකාර හෝ අක්‍රමවත් හැඩයක් ගනි. ඵලාවරණයේ කටු වැනි නෙරීම් දක්නට ඇත. ඇඹුල් මිශ්‍ර පැණි රසයකින් යුතු යුෂ වලින් පිරුණු සුදු පැහැති කෙදි ස්වාභාවයකින් යුතු පල්පය ඉතා රසවත්ය.

වැලි අනෝදා (Bullock's heart)

බොහෝවිට හෘදාකාර හැඩයක් ගන්නා වැලි අනෝදා ඵලයේ ඵලාවරණය දුඹුරු පැහැයට හුරු කහ පැහැතිය. ඵලාවරණය ඕවලාකාර හැඩ වලින් සලකුණු වී ඇති නමුත් නෙරීම් දක්නට නොලැබේ. මේවායේ අවර්ණ රසවත් පල්පය ක්‍රීම් ආකාර වන අතර එහි වැලි ආකාර ශල්කමය කොටස් අඩංගු වේ. වැලි ආතා ලෙසද මෙය ජන වහරේදී හඳුන්වනු ලබයි.

සීනි අනෝදා (Sugar apple, Sweetsop)

සීනි අනෝදා, සීනි ආතා හා සීතප්පලම් ලෙසද හඳුන්වනු ලබයි. බොහෝදුරට රවුම් හැඩැති සීනි අනෝදා ඵලය මඳුළු කොටස් පිටතින් වෙන්කර හඳුනාගත හැකි පරිදි පැහැදිලි රවුම් හෝ ඕවලාකාර හැඩැති නෙරීම් වලින් වෙන් වී ඇත. මේවා කොළ හා දම් පැහැති වර්ග දෙකකින් දක්නට ඇති අතර අනිකුත් අනෝදා වර්ග හා සසඳන විට ප්‍රමාණයෙන් කුඩාය.

චෙරිමෝයා (Cherimoya)

මෙහි ඵලය බොහෝවිට හෘදයාකාරය. ඵලාවරණය ලා කොළ පැහැතිය. එහි ඇති නෙරීමේ කෝණාකාරය. මෙහි ක්‍රීම් පැහැති පල්පය ජෙලිමය ස්වාභාවයක් ගනී. ඉතා රසවත් පලතුරකි.

 

ඇටිමෝයා (Atimoya)

චෙරිමෝයා හා සීනි අනෝදා වලට අතරමැදි ලක‍ෂණ පෙන්වයි. නැවුම් පලතුරක් ලෙස වඩාත් ප්‍රචලිත මෙය පෝෂ්‍ය ගුණයෙන් ඉහළයි.

 

අනෝදා ඵලයේ මාංශලය ග්‍රෑම් 100 ක අඩංගු පෝෂණීය අගය පහත දැක්වේ.

පෝෂණීය අගය

කටු අනෝදා

 

සීනි අනෝදා

වැලි අනෝදා

චෙරිමෝයා

ශක්තිය කි. කැලරි

 

61.3 - 53.1                            -

88.9 - 95.7

80 - 101

-

ජලය ග්‍රෑම්

82.8

69.8 - 75.2

68.3 - 80.1

74.6 - 77.1

ප්‍රෝටීන් ග්‍රෑම්                                 -

1.0

1.5 - 2.3

1.17 - 2.47

-

මේදය ග්‍රෑම්       

 

0.97

0.2 - 1.1

0.5 - 0.6

18.2

කාබෝහයිඩ්රේට ග්‍රෑම්     

14.63

19.1 - 25.1

20 - 25.2

18.2

තන්තු ග්‍රෑම්

0.79

1.14 - 2.50

0.9 - 6.6

1.5 - 2.0

ඛණිජ ලවණ මිලි ග්‍රෑම්

0.60

0.55 - 1.34

0.5 - 1.11

0.61 - 0.7

කැල්සියම් මිලි ග්‍රෑම්

10.3

19.4 - 44.7

17.6 - 27

21.7 - 32.0

පොස්පරස් මිලි ග්‍රෑම්

27.7

23.6 - 55.3

14.7 - 32.1

30.2 - 37.0

යකඩ මිලි ග්‍රෑම්

 

0.64

0.28 - 1.34

0.42 - 1.14

0.5 - 0.80

විටමින් ඒ මිලි ග්‍රෑම්

-

5-7 UI

0.0 - 0.018

-

තයමින් මිලි ග්‍රෑම්

0.11

0.10 - 0.13

0.075 - 0.119

0.11 - 0.01

රයිබොප්ලෙවින් මිලි ග්‍රෑම්

 

0.05

0.113 - 0.167

0.086 - 0.175

0.11 - 0.14

නියැසීන් මිලි ග්‍රෑම්

1.28

0.654 - 0.931

0.528 - 1.190

0.9 - 1.02

ඇස්කෝබික් ඇසිඩ්

 

29.6

34.7 - 42.2

15.0 - 44.4

5.0 - 16.8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(UI-අන්තර්ජාතික ඒකක)

 

 

 

 

දේශගුණික අවශ්‍යතා

අනෝදා බොහෝ විට නිවර්තන හා උප නිවර්තන දේශගුණයක් සහිත ප්‍රදේශවලට වඩා යෝග්‍ය වේ. කටු අනෝදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 ට වැඩි, වසර පුරා පැතිරුණු මිලි මීටර් 1500 කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති, මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ක් දක්වා වූ ප්‍රදේශ වලට වඩා සුදුසුවේ. චෙරිමෝයා උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ට අඩු, මීටර් 900 - 2500 දක්වා වූ උස් බිම් වල වගා කළ හැකි අතර අධික ආර්ද්‍රතාවයට ඔරොත්තු නොදේ. වැලි අනෝදා ආර්ද්‍රතාවය වැඩි ප්‍රදේශ වලට වඩා සුදුසු වුවත් අර්ධ ශුෂ්ක ප්‍රදේශවලද හොඳින් වැවේ. සීනි අනෝදා වලට වඩාත්ම සුදුසු වන්නේ පරිසර උෂ්ණත්වය වැඩි, පහත් බිම් ප්‍රදේශයන්ය. අනෝදා වගා කිරීමට වඩාත් උචිත වන්නේ පී.එච් අගය 5 - 10 ක් පමණ වන හොඳින් වාතනය හා ජලවහනය සිදුවන පසකි. වැලි අනෝදා යනු නිසරු පසක වුවද හොඳින් වගාකළ හැකි විශේෂයකි. එසේම කටු අනෝදා සහ සීනි අනෝදා වැලි පසේ සිට මැටි පසක් දක්වාවූ විවිධ වූ පාංශු පරාසයක වගා කිරීමේ හැකියාව පවතියි.

 

ව්‍යාප්තිය

කටු අනෝදා හා වැලි අනෝදා වඩාත් බහුලව දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ පහතරට හා මැදරට තෙත් කලාපයේය. සීනි අනෝදා පහතරට වියළි කලාපයේ හා වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වල බහුලව ව්‍යාප්ත වී ඇත. චෙරිමෝයා වඩාත් හොඳින් පැතිරී ඇත්තේ මධ්‍යම කඳුකරයට අයත් උස්බිම් වලය.

ප්‍රචාරණය

අනෝදා ප්‍රචාරණය සඳහා බීජ හා පැළ බද්ධ කිරීම යොදා ගත හැකිය. බීජ ප්‍රරෝහණයට මාසයක් පමණ ගතවන අතර සාමාන්‍යයෙන් 90-95% ක් පමණ ප්‍රරෝහණ ප්‍රතිශතයක් ලබාගත හැකිය. බීජ වල ජීව්‍යතාවය ඉක්මනින් අඩුවන බැවින් බීජ ඵල වලින් ඉවත් කළ වහාම ප්‍රරෝහණයට භාවිතා කිරීම වඩා සුදුසු වේ. සියළුම අනෝදා වර්ග බද්ධ කිරීම මගින් සාර්ථකව ප්‍රචාරණය කළ හැකි අතර කූඤ්ක‍ද බද්ධ ක්‍රමය වඩා සාර්ථක ක්‍රමයයි. මෙහිදී තෝරාගත් සුදුසු මව් ශාකයකින් ලබාගත් අනුජ, අනෝදා ග්‍රාහක ශාකයකටම බද්ධ කිරීම සුදුසුය.

බඳුන් කළ චෙරිමෝයා බද්ධ පැළයක්                          චෙරිමෝයා බීජ පැළ

 

රෝග හා පළිබෝධ

ක්ෂේත්‍රයේදී අනෝදා වගාවක වඩාත්ම දක්නට ලැඛෙන රෝගය වනුයේ පසු මැරීමයි (Dieback) නමුත් වගාව මනාව පවත්වා ගැනීමෙන්, අතු කප්පාදුව මෙගින් මෙම රෝගය මර්දනය කළ හැකි අතර, ඉතා අවදානම් අවස්ථාවලදී සුදුසු දිලීර නාශකයක් යෙදීමෙන් පාලනය කළ යුතුය.

අනෝදා වගාවට වඩාත්ම හානිදායක කොරපොතු කෘමීන් මර්දනයට ක්ෂේත්‍ර සනීපාරක‍ෂක ක්‍රම, කොරපොතු කෘමීන් සූරා ඉවත් කිරීම වඩාත් පහසුවෙන් යොදාගත හැකි අතර පාලනය කිරීම අපහසු විට සුදුසු කෘමි නාශකයක් භාවිතා කළ හැකිය.

ඇන්ත්‍රැක්නෝස් රෝගය අනෝදා ඵල වල ගුණාත්මයට හානි කරයි. මේ සඳහා ක්ෂේත්‍රයේදී ගස් නිසි ලෙස නඩත්තු කිරීමෙන් ගසට මනාව හිරුඑළිය ලැඛෙන සේ අතු කප්පාදු කිරීමෙන්, නිසි පරිදි ජලය හා පොහොර සැපයීමෙන් රෝගය පාලනය කරගත හැකිය.

අස්වැන්න

අනෝදා වල රසය නිසලෙස විඳීමට නම් නිවැරදි පරිනත අවධියේදී ඵල නෙලාගැනීම සිදුකළ යුතුය. ඒ සඳහා ඵලාවරණයේ පැහැය හා නෙරීම් වල ස්වාභාවය වෙනස් වීම හඳුනා ගැනීම වැදගත් වේ. මෙහිදී කටු අනෝදා ඵලයේ පිරුණු බවත්, ඵලාවරණය තද කොළ පැහැයේ සිට ලා කහ කොළ පැහැයට වෙනස්වීමත්, නෙරීම් ස්වාභාවය අඩුවී ඵලාවරණය තරමක සුමුදු තත්ත්වයකට පත්වීමත් දැක්විය හැකිය.

අනෝදා වල පසු අස්වනු හානිය අවම කරගැනීමට හොදින් පැසුණු ගෙඩි ආරක‍ෂිතව නෙලාගෙන බාහිරාවරණයට හානි සිදුනොවන සේ පෙට්ටි වල අසුරා, ප්‍රවාහනය කිරීම වඩා උචිත වේ. සාමාන්‍ය තත්ත්ව යටතේ ඉදුණු අනෝදා ගබඩාකොට තබා ගැනීම අපහසුය.

භාවිත

අයිස්ක්‍රීම්, පලතුරු බීම වැනි අගය වැඩිකළ නිෂ්පාදන සැකසීම සඳහා කටු අනෝදා භාවිතා වේ. ඉදුණු කටු අනෝදා පල්පයට, ජලය හා අවශ්‍ය පමණ සීනි එක් කර ගැනීමෙන් ක‍ෂණිකව රසවත් පලතුරු බීමක් සකස් කරගත හැකි වේ. එමෙන්ම කල්තබාගත හැකි පරිදි ද මෙලෙස අනෝදා බීම සකස් කරගත හැකි අතර කෝඩියල් ලෙසද සකස් කරගත හැකිය. අනෝදා ශාකයේ පත්‍ර, මුල්, කඳ, ඵල හා බීජ වල අඩංගු ජෛව විද්‍යාත්මකව වැදගත් රසායනික සංයුතිය නිසා අතීසාරය, මලබද්ධය, සන්ධි ඉදිමීම, ආහාර විෂවීම, වමනය, අක‍ෂි රෝග, සමේ රෝග, දියවැඩියාව හා වකුගඩු ආශ්‍රිත රෝගාබාධ නිවාරණය සඳහා අනෝදා ශාක කොටස් ඔසු ලෙස යොදා ගනී. අනෝදා මුල් හා පත්‍ර වල අඩංගු රසායනික ද්‍රව්‍ය පිළිකා මර්දනය කිරීමේ ප්‍රභවයක් ලෙස භාවිතා කළ හැකි බවට සොයාගෙන ඇත. අනෝදා මුල්, පත්‍ර හා බීජ වලින් ලබාගන්නා නිස්සාරක, ජෛව පළිබෝධනාශක ලෙස භාවිතා කිරීමේ හැකියාවද හඳුනාගෙන තිබේ.

අතුරුපසට සීනි අනෝදා                                  කටු අනෝදා නැවුම් පලතුරු බීමක්