ඇපල් වගේ පුංචි මසං/Ber

 

  Order   : Rhamnales

  Family  : Rhamnaceae

  Genus   : Ziziphus Miller

  Species  : Ziziphus mauritiana Lam.

                 (Local)

                 Ziziphus jujuba (L.) Gaertn

                (Exotic)

 

කුඩා දරුවන් අතර වඩාත් ජනප්‍රය වූ රසවත් දේශීය පලතුරකි මසං. මෙය පෝෂණීය

ගුණයෙන් අනූන වූ වටිනා පලතුරකි. මසං ඵලය හැඩයෙන් කුඩා ඇපල් ගෙඩියක ස්වරූපය ගනී. ඉංග්‍රිසි බසින් (බර්) ලෙසත් දෙමළ

බසින් “ඉලංකායි” ලෙසත් චීන බසින් ”සාඕ” ලෙසත් අරාබි බසින් “නැත්” ලෙසත් මසං හඳුන්වනු ලැබේ. මසං ශාකය අයත් වන බදර කුලයට මහ එරමිණිය, හීන් එරමිණිය, යක් එරමිණිය වැනි ශාකද අයත් වේ. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ “දෙබර” වශයෙන් හැඳින්වෙනුයේ මෙම මසං පලතුර වේ.

 

ශ්‍රි ලංකාවේ වියළි, අතරමැදි කලාපීය පහත් බිම් වල මෙන්ම උඩරට තෙත් කලාපීය ප්‍රදේශ වල ගෘහාශිතව හා කුඩා වන ලැහැබ් වල මසං ශාකය දක්නට ලැබේ. උද්භිද විද්‍යාත්මකව සිසිෆස්

මොරිෂියානා (Ziziphus mauritiana) සහ සිසිෆස් ජුජුබා (Ziziphus jujuba) ලෙස ප්‍රධාන විශේෂ දෙකක් තිබුණද ශ්‍රි ලංකාවේදී ස්වාභාවිකව දක්නට ලැඛෙන්නේ සිසිෆස් මොරිෂියානා සසචයමි ප්මරසඑස්බ්- යන විශේෂය පමණක් වේ. මෙය විශේෂයෙන්ම වියළි කලාපීය ප්‍රදේශ වල කුඩා වන ලැහැබ් වල ස්වාභාවිකව සශ්‍රිකව වැඩෙන අතර හො`ද ඵලදාවක් ලබාදෙයි.

 

අතුපතර විහිදී වැඩෙන මසං ගසෙහි කඳ සාපේක‍ෂව වට ප්‍රමාණයෙන් සෙ.මී. 97-250 ක් පමණ වන ශාක දක්නට ලැඛෙන අතර උස මීටර් 4-15 දක්වා විශාල වූ ශාකද දැකිය හැකිය. පත්‍ර වියන විශ්කම්භය මීටර් 6-25 ක් වැනි විශාල ශාක දක්වාම පැතිරුණු ගස් දක්නට ලැඛෙන අතර මෙහි ඇති පැතිරුණු බව සෙවණ ලබා ගැනීම සඳහා වගා කිරීමට හේතුවක් විය. අවුරුදු 25-50 පමණ වයස් වූ මසං ශාක ද පැරණි ගෙවතුවල දක්නට ලැබේ.

මසං පුෂ්ප

 

මසං ඵලය

කොළ, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයෙන් යුතු ඉදුණු මසං ඇඹුල් මිශ්‍ර වූ පැණි රසයකින් යුක්ත වේ. සමහර ඵල පිෂ්ඨමය ස්වාභාවයක් පෙන්නුම් කරන අතර එය මසං ඵලයේ රසය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. විදේශ රටවලින් මෙරටට ආනයනය කොට වගා කරනු ලබන වැඩි දියුණු කළ මසං ප්‍රභේද වල දේශීය විශේෂයන්ට වඩා උසස් ලක‍ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම මසං ඵල ප්‍රමාණයෙන් විශාල වන අතර මාංශලය ඇපල්, පෙයාර්ස් ආදියට සමාන වන රසවත් ආකර්ෂණීය ස්වාභාවයකින් යුත්තය. විටමින් ඒ, බී, සී, වලින් පිරිපුන් මසං ඵල තුනක් ආහාරයට ගැනීමෙන් වැඩුණු මිනිසෙකුගේ එක් දිනක විටමින් සී අවශ්‍යතාවය සැපිරිය හැකි බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. පර්යේෂණ දත්තයන්ට අනුව ශ්‍රි ලංකාවට ආවේණික වූ මසං විශේෂ ඇති බවත් තායිලන්තය, මැලේසියාව ආදී රටවල් වලින් ගෙනෙන ලදැයි සැලකෙන මසං ශාක ගෘහාශි්‍රතව වගා කර ඇති බවත් සොයාගෙන ඇත. දේශීය මසං ගෙඩියක බර ග්‍රෑම් 5-8 ක් වන අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන විදේශීය මසං විශේෂයන්හි ගෙඩිවල බර හා ප්‍රමාණය වඩා විශාල වන අතර ග්‍රෑම් 50-98 ක් පමණ වේ. මෙම මසං සඳහා ජනතාව වැඩි ආකර්ෂණයක් දක්වයි.

විදේශීය මසං                       දේශීය මසං                                          දේශීය මසං

(Ziziphus jujuba)         (Ziziphus mauritiana)              (Ziziphus mauritiana)

 

 

පෝෂණීය අගය

මසං වල මාංශලයේ ග්‍රෑම් 100 ක අඩංගු අන්තර්ගතය

ප්‍රෝටීන් ග්‍රෑම්

0.8

 

මේදය ග්‍රෑම්

0.07

තන්තු ග්‍රෑම්

0.60

කැල්සියම් මිලි ග්‍රෑම්

25.6

පොස්පරස් මිලි ග්‍රෑම්

26.8

යකඩ මිලි ග්‍රෑම්

0.76 - 1.8

තයමින් මිලි ග්‍රෑම්

0.02

රයිබොප්ලෙවින් මිලි ග්‍රෑම්

0.02 - 0.04

ජලය ග්‍රෑම්

81.6 - 83.0

 

 

දේශගුණික අවශ්‍යතා

තෙත්් සහ අතරමැදි කලාපයේත්, වැඩි උෂ්ණත්වයට හා අඩු ජල ප්‍රමාණයට ඔරොත්තු දෙමින් වියළි කලාපයේත් හොදින් වැඩේ. ශක හා අර්ධ ශක කලාපයේ එනම්, සෙන්ටිග්‍රේඩ් අංශක 25-35 දක්වා වූ උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ වල හොඳින් වැඩේ. වර්ෂාපතනය මි.මී. 400 ක් පමණ ප්‍රමාණවත් වුවද ඉහළ උස්බිම් වල වැඩි වර්ෂාපතනය අහිතකර ලෙස බලපායි. මෙහිදී මසං ශාකයේ ඵල හට ගැනීම අඩු වේ. මසං ශාකය වියළි කලාපීය අධික උෂ්ණත්වය හා අඩු වර්ෂාපතනය දරා ගැනීම සඳහා අවශ්‍ය අනුවර්තන රාශියකින් යුක්ත වේ. දිලිසෙන සුළු යටි පෘෂ්ඨයක් හා බූව සහිත පත්‍ර, කටු සහිත කඳ, දිග මුදුන් මුල් පද්ධතිය මේ අතරින් සමහරකි. මෙම ලක‍ෂණ හේතු කොට ගෙන දිගු වියළි කාලයන්හිදී නොනැසී සිටීමට මෙම ශාකයට හැකියාව ලැබී ඇත.

ශ්‍රි ලංකාවේ මසං ශාකයේ ව්‍යාප්තිය සොයා බැලීමේදී කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, මාතලේ, පොළොන්නරුව, ත්‍රිකුණාමලය ආදී දිස්ත්‍රික්ක වල මෙය බහුලව දක්නට ලැඛෙන බව තහවුරු විය. මුහුදු මට්ටමේ සිට මීටර් 1,000 ක් දක්වා වූ හොඳින් ජල වහනය වන පසේ මෙම ශාකය හොඳින් වැඩේ.

 

 

ප්‍රචාරණය

බීජ පැළ කිරීමෙන් සිටුවීම සඳහා පැළ ලබාගත හැකිය. බීජ තද ආවරණයකින් යුක්ත නිසා බීජ පැළ නිෂ්පාදනයේදී තද බීජාවරණය ඉවත් කොට එහි මධ්‍යස්ථයේ ඇති මෘදු බීජ සිටුවීමෙන් වඩා සාර්ථකව පැළ නිෂ්පාදනය කරගත හැක.

 

වඩා සුදුසු මව් ශාකයකින් ලබා ගන්නා අනූජ බීජ පැළ වලට බද්ධ කිරිමෙන් ගුණාත්මක පැළ

නිෂ්පාදනය කළ හැකිය. මෙහිදී කූක‍ද්ක‍ද බද්ධය සාර්ථකව භාවිතා කළ හැකිය. අතු කැබලි

සිටුවීමෙන් ද පැළ නිෂ්පාදනය කළ හැකි නමුත් අඩු සාර්ථකත්වයක් ලැබේ.

මසං බද්ධ පැළයක්                                       මසං බීජ පැළයක්

 

වගා කිරීම

හොඳින් ජලය බැස යන, මැටි ප්‍රතිශතය අඩු පසක් සහිත භූමියක මෙන්ම බඳුන්වල ද මසං වගා කළ හැකිය. වගා කිරීමේදී පලතුරක් ලෙස භාවිතයට ගැනීමට නම් උසස් වර්ගයේ ප්‍රභේදයක් හෝ එවැනි තෝරාගත් මව් ශාකයකින් වර්ධක ප්‍රචාරණයෙන් සකස් කරගත් පැළයක් සිටුවීම වඩා වැදගත්ය. සෙවණ ශාකයක් ලෙස හෝ සත්ත්ව ආහාර ලෙස ප්‍රයෝජනයට ගැනීමට නම් බීජ පැළ සිටුවීම සුදුසුය.

 

භූමියක සිටුවීමේදී පේලි සහ පැළ අතර පරතරය මීටර් 5-6 ක් පමණ තැබීමත් අනිකුත් පලතුරු විශේෂ සිටුවීමේදී අනුගමනය කරනු ලබන පිළිවෙලට අනුව පැළ සිටුවීමත් අනතුරුව පැළය ස්ථාවර වනතුරු නිසි පරිදි ජලය හා සෙවන සැපයීමත් අවශ්‍ය වේ. එමෙන්ම පැළයේ නිරෝගී හා ඉක්මන් වර්ධනය සඳහා පලතුරු සඳහා නිර්දේශිත රසායනික පොහොර හා කාබනික පොහොර ද අවශ්‍යතාවය පරිදි යෙදීම වැදගත් වේ.

බඳුන් වගාවකදී සිමෙන්ති හෝ ප්ලාස්ටික් ආදී බඳුන් භාවිතා කළ හැකිය. විෂ්කම්භය අඩි 1 1/2 ක් පමණ හා උස අඩි 2 ක් පමණ වූ හෝ ඊට වඩා විශාල සිමෙන්ති පෝච්චිද ලීටර් 35 ක් පමණ ප්‍රමාණයේ ප්ලාස්ටික් බඳුන්ද මේ සඳහා සුදුසු වේ. නිර්දේශිත ක්‍රමවේදයන්ට අනුව මනා ජල වහනයක් ඇති වන පරිදි මනා තෙතමනයක් පවතින පරිදි ද මතුපිට පස්, වැලි හා කාබනික පොහොර මිශ්‍රණයකින් මෙම බඳුන් පුරවා පැළ සිටුවා ගැනීම කළ යුතුය. හොඳ නඩත්තු තත්ත්ව යටතේ බඳුනක සිටුවාගත් වැඩි දියුණු කළ මසං ප්‍රභේදයක් මාස 6 සිට වසරක් පමණ කෙටි කාලයක් තුළ ඵල දැරීම ආරම්භ කරනු ලබයි. මෙය බැල්කනි වගාවක් ලෙස ඉතා සුදුසුය. එමෙන්ම ගෙමිදුලට ඉතා සුදුසු අලංකාර පලතුරු ශාකයකි.

 

මසං බඳුන් වගාවක්

රෝග හා පළිබෝධ

ශ්‍රි ලංකාවේ තදබල ලෙස මසං සඳහා රෝග වලින් බලපෑම් ඇති බවට මෙතෙක් වාර්තා වී නැත. එහෙත් මසං ගෙඩි වලට පලතුරු මැස්සාගෙන් තදබල ලෙස හානි සිදුවේ. එසේම මල් හා දළු හකුලන දලඹුවාගේ හානියද වැදගත්වේ. පලතුරු මැස්සා සහ පොතු කන දළඹුවා, රසායනිකව හා ජෛව විද්‍යාත්මකව මර්දනය කළ හැකිය.

පලතුරු මැස්සාගේ හානිය

අස්වැන්න

දේශීය මසං විශේෂයන්හි බීජ පැළ සිටුවා වසර 3-4 කින් ඵල හට ගනී. සිටුවා වසර 10 කට පමණ පසු උපරිම නිෂ්පාදනයක් ලබාගත හැකිය. සාමාන්‍ය අස්වැන්න කි.ග්‍රෑම් 50-200 (ගෙඩි 2500-10000) පමණ වේ.

මසං ගස අවුරුද්දට දෙවතාවක් පමණ ඵල දරණ අතර එකම කාලයේ මල් වලට අමතරව නොමේරූ ඵල හා ඉදුණු ඵලද දැකගත හැකිය. අවුරුද්ද පුරාම සුළු වශයෙන් හෝ ඵල දරන මසං ශාකද දක්නට ඇත.

මසං අගෝස්තු සැප්තැම්බර් හා අප්‍රේල් මැයි කාලවලදී ඵල දරයි. අවාරයේ ඵල දරන ශාක ද දක්නට ලැඛෙන අතර ඵල දරන කාලසීමාවන් එක් එක් ප්‍රදේශ වලදී සුළු වශයෙන් වෙනස් වන බව දක්නට ලැබිණ. කෙසේ වුවද Ziziphus jujube වැඩි දියුණු කළ මසං ශාක බඳුන් වගාවක් ලෙස නඩත්තු කිරීමෙන් වසර පුරා ඵලදාව ලබාගැනීමේ හැකියාවක් ඇති බව පර්යේෂණ ම`ගින් පැහැදිලි වී ඇත.

 

භාවිත

ශ්‍රි ලංකාවේ මෙය නැවුම් පලතුරක් ලෙස භාවිතා කෙරේ. මසං ඉන්දියාව, චීනය, සිම්බාබ්බේ, සූඩානය වැනි රටවල නැවුම් පලතුරක් ලෙස මෙන්ම ජෑම්, කෝඩියල් යුෂ, වියළන ලද පලතුරු සහ ටින් වල ඇසුරුම් කළ පලතුරු ආදී අගය වැඩි දියුණු කරන ලද නිෂ්පාදනයන් සෑදීමටද යොදාගනු ලබයි.

 

එසේම මසං ශාක පත්‍ර සත්ත්ව ආහාර වශයෙන්ද ගසේ කඳ ඉන්ධන හා දැව ලෙසද, ශාකයේ ඵල, කොළ, කඳ, මුල් පොතු ආදිය ඖෂධ නිෂ්පාදන සඳහාද යොදාගත හැකිය. එහෙත් ශ්‍රි ලංකාවේ මසං ශාකය පලතුරක් ලෙසට හැර බොහෝවිට යොදාගනු ලබන්නේ ගෙවතු අලංකාරයට, මාර්ග දෙපස හා ගෘහාශ්‍රිතව සෙවණ ලබාගැනීමට බව දක්නට ලැබේ. ඉන්දුනීසියානු වැසියන් මසං වියළි පල්පය හා වියළි ගෙඩිද, ඉදුණු ගෙඩි වලින් ජෑම්, ජෙලි, නොඉදුණු ගෙඩි වලින් චට්නි, අච්චාරු ආදිය ද සාදා

ආහාරයට ගනී. ළපටි පත්‍ර සත්ත්ව ආහාරයක් ලෙසද බීජ ප්‍රෝටීන ප්‍රභවයක් ලෙසද යොදා ගනී. අතු හා පිට පොත්ත දිලීර නාශකයක් ලෙසත්, ඉන්ධන හා අගුරු නිෂ්පාදනයටත් යොදාගනී. නැවුම් පලතුරක් ලෙස මෙන්ම අගය එක් කළ වාණිජ වටිනාකමකින් යුත් පලතුරක් ලෙසද විශාල විභවයක් මසං සඳහා ඇත.