Warning: file_put_contents() has been disabled for security reasons in /home/agridept/public_html/FCRDC/templates/fcrdc/library/Artx/Page.php on line 18
ජමනාරන් - හැදින්වීම (පැඟිරි කුලයේ ශාක)

ජමනාරන් - හැදින්වීම (පැඟිරි කුලයේ ශාක)

වර්ගීකරණය

රාජධානිය : Plantae

වංශය : Magnoliophyta

වර්ගය : Magnoliopsida

උප වර්ගය : Rosidae

ගෝත්‍රය : Sapindales

කුලය : Rutaceae

විශේෂය : Reticulata

උද්භිද විද්‍යාත්මක නාමය : Citrus reticulata

හැදින්වීම

සෞම්‍ය කලාපීය බෝගයක් වුවද ඝර්ම කලාපීය ප්‍රදේශවල ද වගාකල හැක. ලංකාවේ පහතරට තෙත්, අතර මැදි, උඩරට තෙත් හා අතරමැදි යන දේශගුනික කලාප වලට අයත් ප්‍රදේශ වල වගා කල හැක.

ලෝකයේ වැඩිම ජමනාරං ප්‍රමාණයක් නිපදවන්නේ ජපානයේය. ආසියාවේ සම්භවය වුව ද මෙම පලතුරු වර්ග නිෂ්පාදනයේ පෙරමුණ ගෙන සිටින එකම නැගෙනහිර ආසියානු රට චීනය පමණකි.

බීජවල බහු කළලතාවය බහුලව ඇති හෙයින් බීජ පැළ මඟින් ප්‍රචාරණය කල හැක. නමුත් බද්ධ පැළ මඟින් ප්‍රචාරණය වඩාත් සුදුසුය.


හොදින් වැඩුනු ජමනාරං ශාකයක්

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

බීජ පැළ මීටර් 5ක් පමණ උසට වැඩෙන අතර ඒවායේ ශාක වියන පැතිරුණු ස්වභාවයක් නොගනී. නමුත් බද්ධ පැළවල ශාක වියන පැතිරී වැඬේ සාමාන්‍යයෙන් නාරං ගස්වල කඳ කටු රහිත වුවත් ඇතැම් විට කටු සහිත විය හැක.

කඳ

මේරූ කඳ අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී.

පත්‍ර

පත්‍ර කුඩාවන අතර ලංසාකාර හැඩයක් ගනී. පත්‍ර වෘත්තය කෙටි වන අතර පියාපත් රහිතය. එහෙත් ඇතැම් විට ඉතා කුඩා පියාපත් තිබිය හැක.

ළපටි පත්‍ර ලා කොළ හෝ ලා කහ පැහයට හුරු කොළ පාට වන මුත් හොඳින් මේරූ විට තද කොළ පාටය. පත්‍ර වෘන්තය සුමටය. කෙලවර සිහින්ය. තියුණුය.

හොදින් පැතිරුනු ශාක වියන

පුෂ්ප
මල් අතුවල අග්‍රස්ථයේ හා කක්ෂීයව තනිව හෝ පොකුරු වශයෙන් හටගනී. මල් සුදු පාටය. කුඩාය.

ඵල
ළපටි හා මේරූ ඵල තද කොළපාට වන අතර ඉදුණු විට ලා කොළ, ලා කහ හෝ කහ තැඹිලි පාට විය හැක.

ජමාරං පත්‍ර, පුෂ්ප හා ඵල

ගෙඩියේ පොතු ඉවත් කිරීම පහසුය. එහෙත් ප්‍රභේදය, වගා කරන ප්‍රදේශය හා එහි දේශගුක තත්ත්වය අනුව පොත්ත ගැලවීම තරමක් අපහසු විය හැක.

ගෙඩි බීජ සහිත හෝ රහිත විය හැක. බීජ පත්‍ර සාමාන්‍යයෙන් ලා කොළ පාටය. පැසුණු ගෙඩියේ යුෂ තැඹිලි පාටය. නාරං වල ඵල හොඳින් ඉදුනු පසු ද නොහැලී ගසේ රඳා පවතින හෙයින් නියමිත කාලයේ දි අස්වනු නෙලීම නොකල හොත් ගෙඩිවල යුෂ ක්‍රමයෙන් අඩු වී යයි.

හොදින් පැසුනු ජමනාරං ඵල

දිගු කලක් අස්වනු නෙලීම සිදු නොකර ගහේම ගෙඩි තිබීමට ඉඩ හල හොත් ගෙඩි සම්පූර්ණයෙන්ම යුෂ රහිත විය හැක.

සමහර නාරං වගා වලින් හොඳ ඵලදාවක් ලබා ගැනීමට නම් එම වගාවල පර පරාගනය අවශහ් වේ. මෙවැනි වග තනි වගාවක් ලෙස වගා කිරීමේ දි අස්වනු වැඩි කර ගැනීමට පර පරාගනයට සුදුසු නාරං වගයක ගස් කිහිපයක් වගාව තුල පිහිටුවීම වැදගත්ය.

සමහර නාරං ප්‍රභේදවල ප්‍රත්‍යාවර්ත ඵල දැරීමත් දක්නට ඇති හෙයින් එවැනි ලක්ෂණ අඩු ප්‍රභේද වගා කිරීමෙන් ඒකාකාරී අස්වැන්නක් ලබාගත හැකිය.

මධු ප්‍රභේදයේ පුෂ්ප

ඖෂධීය ගුණ හා පෝෂණ සංයුතිය

ප්‍රභේදය, දේශගුණය, ග්‍රාහක වර්ගය හා වගා පාලන ක්‍රම අනුව මදයේ සංයුතිය සුළු වශයෙන් වෙනස් වේ.

පානයක් ලෙස ආහාරයට ගැනීමට වැඩිදෙනා ප්‍රිය කරන්නේ සෞඛ්‍යමය වශයෙන් ඇති වාසිදායක තත්ත්වයන් වන අඩු මේද ප්‍රමාණය, ඛිජ හා විටමින් සී බහුල වීම වැනි හේතු නිසාය. කැල්සියම් වැඩි ප්‍රමාණයක් අඩංගු පලතුරු වර්ග වලින් මෙයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

පෝෂ ගුණයෙන් පිරි ජමනාරං

ජමනාරං ඉතා පහසුවෙන් ජීරණය විය හැකි ආහාරයකි. නිතිපතා එය ආහාරයට ගත්විට ශරීරයේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය දියුණු වේ. මෙය බාල මහළු සියලු දෙනාටම යෝග්‍ය පලතුරකි.
සියලුම ආකාරයේ උණ රෝග සඳහා ආහාරයට ගැනීමට සුදුසුය. මල බද්ධය සමනය කරයි. අස්ථි හා දත්වල ආබාධ සඳහා කැල්සියම් හා විටමින් සී සෑහෙන පමණ අඩංගු ආහාරයක් වශයෙන් මේවා යොදා ගැනේ. කුඩා ළමුන්ගේ වර්ධන වේගය යහපත් මට්ටමකින් පවත්වාගැනීම සඳහාත් මෙම පලතුර සුදුසුය.

පෝෂණ ගුණයෙන් පිරි ජමනාරං

දේශගුනික හා පාංශු අවශ්‍යතා

දේශගුනික අවශ්‍යතා

ශ්‍රි ලංකාවේ වියළි හා අතරමැදි කලාපයනට අයත් ප්‍රදේශ වගාව සඳහා වඩාත් සුදුසුය. නමුත් ජමනාරං සඳහා වඩා යෝග්‍ය වන්නේ තෙත් කලාපීය දේශගුණයකි. එහෙත් අතරමැදි කලාපයේ ගෙවතු වගාවක් ලෙස පමණක් වගා කළ හැක.
කෙසේ වුව ද ජමනාරං වගාවේ සාර්ථකත්වය සඳහා ගසට මැනවින් සූර්යාලෝකය ලැබීම අතිශයින් වැදගත් වේ. වසරේ මාස එකක් දෙකක් පමණ හෝ කෙටි වියළි කාලගුණයක් පවතින විට ගස්වල මල් හට ගැනීම උත්තේජනය වේ.


මනාව වැඩුණු ශාකයක්

හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස වගාව සඳහා වඩාත් සුදුසුය. එසේම පසෙහි මීටර් දෙකක් පමණ ගැඹුරක් දක්වා වූ ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තටිටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම බෝගය සඳහා පසෙහි තිබිය යුතු වඩාත් සුදුසු pH අගය 5-6 පමණ වේ. pH අගය මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත් නොයෙක් මූලද්‍රව්‍ය විෂවීම් සහ ඌණතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.

පාංශු අවශ්‍යතා

හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස වගාව සඳහා වඩාත් සුදුසුය. එසේම පසෙහි මීටර් දෙකක් පමණ ගැඹුරක් දක්වා වූ ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තටිටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම බෝගය සඳහා පසෙහි තිබිය යුතු වඩාත් සුදුසු pH අගය 5-6 පමණ වේ. pH අගය මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත් නොයෙක් මූලද්‍රව්‍ය විෂවීම් සහ ඌණතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.
වගාවට සුදුසු භූමියක්

නාරංවල වර්තමාන තත්ත්වය


ලංකාවේ ජමනාරං ගෙවතු ආශත වගාවක් ලෙස පහතරට අතරමැදි, උඩරට අතරමැදි හා තෙත් කලාපය තුල ව්යෙආප්තව ඇත. වර්තමාන ඵලදායීතාවය හෙක්ටයාරයකට වසරකට මෙට්‍රික් ටොන් 1 - 1.5ක් පමණ වේ.
දේශීය අවශ්‍යතාවය සපුරා ගැනීමට විශාල ලෙස ආනයනය කෙරේ. වගා කිරීමට දැනට නිර්දේශිත ප්‍රභේද දෙකක් ඇත. එනම් මධූ හා රහංගල ජමනාරං වේ. නිර්දේශ නොකල දේශීය ප්‍රභේද රාශියක් වගාබිම්වල දක්නට ලැබේ.

ආනයනය කරන ලද ජමනාරං