Warning: file_put_contents() has been disabled for security reasons in /home/agridept/public_html/FCRDC/templates/fcrdc/library/Artx/Page.php on line 18
ග්‍රේප් පෘෘට්-වගා කටයුතු(පැඟිරි කුලයේ ශාක)

ග්‍රේප් පෘෘට් - වගා කටයුතු (පැඟිරි කුලයේ ශාක)

බහු කළලතාවය (එක බීජයකින් පැළ කිහිපයක් හට ගැනීම) නොමැති හෙයින් බීජවලින් හටගනුයේ ලිංගිකව හටගන්නා පැළ පමණ. මෙම පැළවලින් පිහිටුවන වගා ඒකාකාරී නොවන අතර ලැබෙන ඵලවල ගුණාත්මය ද විවිධය. මේනිසා උසස් ගුණාත්මයෙන් යුතු පැළ සහිත ඒකාකාරී වගාවක් ඇතිකර ගැනීමට වර්ධක ප්‍රචාරක ක්‍රම (බද්ධ ක්‍රම) මඟින් නිපදවාගත් පැළ සිටුවිය යුතුයි.

තනි වගාවක් ලෙස වගා කරන්නේ නම්,

පරතර-මී. 4 x 5

වළක ප්‍රමාණය - සෙ.මී. 60 x 60 x 60

හෙක්ටයාරයකට අවශ්‍ය බද්ධ පැළ - 550

මෙම පැළ සංඛ්‍යාවට පාළු සිටුවීමට අවශ්‍ය සංඛ්‍යාවද ඇතුලත්ය.


සාර්ථක බද්ධ පැළයක්

මතුපිට පස් හා කාබනික පොහොර සමසමව ගෙන මිශ්‍රකර සාදාගත් මිශ්‍රණයෙන් පැළ සිටුවීමට සති 1-2කට පෙර වලවල් පුරවා තබා වල තුළ පස හොදින් තැන්පත් වූ පසු පැළය සිටුවිය යුතුයි. පැළයේ මුල කොටස පමණක් පසට යටවන සේ පැළය සිටුවීම ඉතාමත් වැදගත්ය.
බද්ධ පැළවල බද්ධ සන්ධිය පසට යටවුවහොත් එම පැළ ඉක්මනින් දුර්වල විය හැක. පැළය සිටුවා ඒ සමඟම යෙදිය යුතු මූලික පොහොර ප්‍රමාණය පැළය වටා විසුරුවා හැර යන්තම් පසට මිශ්‍රකර වසුනක් යොදා අවශහ් පරිදි ජලය සැපයිය යුතුයි.

වල පිරවීම

ගස් පුහුණු කිරීම හා කප්පාදුව

හොඳ ඵලදාවක් ලබා ගැනීමටත්, බෝග පාලන කටයුතු පහසුකර ගැනීමටත් අලංකාර වගාවක් ඇති කර ගැනීමටත්, පැළ පුහුණු කිරීම අවශ්‍ය වේ. පැළය සෙ.මී. 45 - 60 පමණ තනි කඳක් සේ වැඩීමට එම කොටසේ හටගන්නා රිකිලි සියල්ලම ඉවත් කළ යුතුය.
මෙසේ කිරීමෙන් ග්‍රහකයෙන් හටගන්නා රිකිලි ඉවත් වීමෙන් වගාවට වන හානිය ද මගහරවා ගත හැක. පැළය සෙ.මී. 45 - 60 ක් පමණ උසට වැඩුණු පසු එයට ඉහලින් අඟල් 6ක් පමණ පරතරයක් සහිතව ගස වඩා සමබරව සිටින සේ අතු 3 - 4ක් වැඩීමට ඉඩ දි අනෙක් අතු ඉවත් කළ යුතුයි.

ගස පුහුණු කරන අයුරු

මෙලෙස ගසේ ප්‍රධාන සැකිල්ල සකසාගත් පසු පළල් කෝන සහිතව අතු වැඩීමට සැලැස්වීමෙන් තිරස්ව පැතිරෙන ශාක වියනක් සහිත ගසක් සකසා ගතහැක. මෙවිට ගසේ ඵල හටගන්නා රිකිලි ප්‍රමාණය වැඩි වී අස්වැන්න ද වැඩි වේ.
පැළයක් මුල් අවස්ථාවේදිම හොදින් පුහුණුකර වැඩීමට සැලැස්වුවහොත් පසුව අවශහ් වන කප්පාදුව අවම කරගත හැක. කප්පාදුව මඟින් රෝගී අතු, දුර්වල හා මැරුණු අතු හා ගසට අනවශ්‍ය ලෙස සෙවන ඇති කරන අතු ඉවත් කෙරේ.

කප්පාදු කිරීම

මෙමඟින් ගසේ ඵලදායීතාවය ඉහල නංවාගත හැක.
හොදින් පුහුණු නොකළ වගාවක නම් වැඩිපුර කප්පාදු කිරීමට සිදුවන අවස්ථා ඇත.
එහෙත් එකවර වැඩිපුර කප්පාදු කිරීම වගාවට සුදුසු නැත. වැඩිපුර කප්පාදු කළවිට මල් හට නොගන්නා ගසක් නම් මල් හටගැනීමට ගතවන කාලය තවත් වැඩිවීමත්, ඵල දරණ ගසක් නම් ඵල හටගැනීම අඩුවීමත් සිදුවිය හැක. ඵල දරණ ගස් කප්පාදු කිරීම කළ යුත්තේ අස්වනු නෙලාගත් පසුවය.

කප්පාදු කිරිමට අවශ්‍ය ශාකයක්

මල් පිපීමට ආසන්න කාලයේ දි කප්පාදු කළහොත් ගසේ වර්ධක වර්ධනය උත්තේජනය වී මල් හට ගැනීම අඩුවිය හැක. කප්පාදුව තද වියළි හා තද වැසි සහිත කාලවල නොකල යුතුය.
කප්පාදුවෙන් පසු කැපුම්වල කැන්ඩසාන් වැනි ද්‍රව්යෙඅයක් ආලේප කල යුතුය. එයින් කැපුම් වලින් වන ජල හානි හා දිලීර ආසාදනයන් මගහරවා ගත හැක.

කැපුම් තුවාලවල ආලේප කරන දිලීරනාශකය

පොහොර යෙදිම

සිටුවන අවස්ථාවේ මූලික පොහොර යෙදූ පසු වසරක් පාසා ගසකට අවශහ් පොහොර ප්‍රමාණය යෙදිය යුතුය. රසායනික පොහොර වලට අමතරව කාබනික පොහොර ගසේ විශාලත්වය අනුව අවශහ් ප්‍රමාණ වලින් යෙදිය යුතුයි.
ජල සම්පාදන පහසුකම් තිබේ නම් වසරකට ගසකට අවශ්‍ය පොහොර ප්‍රමාණය සමාන කොටස් හතරකට බෙදා මාස තුනකට වරක් ද, වර්ෂාපෝෂිත වගාවක් නම් සමාන කොටස් දෙකකට බෙදා දෙවරක් ද යෙදිය යුතුයි. පොහොර යෙදිම කල යුත්තේ ගසේ අතු විහිදි ඇති ප්‍රමාණය තුල ගස වටා විසුරුවා හැර පසට මිශ්‍ර කිරීමෙනි. මේ සඳහා උදැල්ලක්, මුල්ලුවක් භාවිතය වඩාත් සුදුසුය. පොහොර යොදා වසුන් යෙදිම කළ යුතුයි.

යෙදීමට පෙර පොහොර මිශ්‍රණය කලවම් කිරීම

වල් මර්දනය

ග්‍රේප්පෘෘට් වගාවට මුළු ක්‍රේෂ්ත්‍රයම වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම අවශහ් නොවේ. ගස් වටා අතු ඇති කොටස පමණක් වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම ප්‍රමාණවත්ය. ඉතිරි කොටසේ වැඩෙන වල්පැළ කැති ගැසීමෙන් කපා ප්‍රමාණවත්ය.

වල් මර්දනය කිරීමේදි කඳේ පාදස්ථයට හා මුල්වලට හානි නොවන සේ එය කල යුතුය. කඳට හානි සිදුවුව හොත් පාදස්ථ කුණුවීමේ රෝගය පහසුවෙන් ඇතිවිය හැක. එබැවින් වසුන් යොදා හෝ පැරකොටි වැනි වල් නාශකයක් යොදා ගස වටා වල් මර්දනය වඩාත් සුදුසුය.

වැඩුණු ගසකට පොහොර යොදා ඇති අයුරු

ජල සම්පාදනය

හොඳ වර්ධනයකට වසර පුරාම හොඳ ජල සැපයුමක් තිබිය යුතුයි. මල් හට ගැනීමට පෙර කෙටි වියළි කාලයක් තිබීම වඩා සුදුසු වුවද මල් හටගත් පසු හොඳ අස්වැන්නක් සඳහා ගෙඩි පැසෙන තුරුම පසේ තෙතමනය පවත්වාගෙන යාම සුදුසුය.

වසුන් යොදා ජල සම්පාදනය කිරීම

මල් හට ගැනීම උත්තේජනය වීමට මාස 1-2 පමණ වියළි කාලයක් ගසකට තිබිය යුතුයි. මල් හට ගැනීම ඇරඹී ඵල පිහිටන තෙක් කාලය තුල ගසට හොදින් ජලය තිබිය යුතුයි. නැතහොත් මල් සහ කුඩා ඵල හැලීයාම සිදු වේ.
ඵල පිහිටීමෙන් පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජල සැපයුම ප්‍රමාණවත්ය. සම්ප්‍රදායික ක්‍රම වලට වඩා සූක්ෂම ජල සම්පාදන ක්‍රම වඩාත් සුදුසුය. (බිංදු හා විසිරි ජල සම්පාදන ක්‍රම) ක්ෂුද්‍ර හා විසිරි ජල සම්පාදන ක්‍රමය වඩාත් සුදුසුය. මෙමඟින් ගස වටා සම්පූර්ණ මූල මණ්ඩලය තෙත්වීම සිදු වේ.


බිංදු ජල සම්පාදනය යොදා ගැනිම

ගෙඩි හටගැනීම ප්‍රමාද වීම

හොදින් වැඩී ඇතත් සමහර ගස්වල ගෙඩි හට ගැනීම සිදු නොවීම වගා කරුවන්ට විශාල ගැටළුවකි.

මෙවැනි ගස්වල ගෙඩි හට ගැනීම උත්තේජනය කර ගැනීම සඳහා පහත සඳහන් කටයුතු එකක් හෝ කිහිපයක් අනුගමනය කිරීම අවශ්‍ය විය හැකිය.

  • ගසට හොදින් හිරු එළිය ලැබීමට සලස්වන්නමේ සඳහා ගසට සෙවන ඇතිවන වෙනත් ගස්වල අතු කපා ඉවත් කරන්න.

ගසේ පොතු තීරු ඉවත් කිරීම

  • ගසේ ප්‍රධාන අතුවල පොල් ලෙලි වැනි දෑ එල්ලන්න. මෙවිට එම අතුවලට හොදින් එළිය ලැබේ. නමුත් මෙය කළ යුත්තෙ අතුවලට හානි නොවන පරිදිය.
  • ප්‍රධාන අතු කිහිපයක කඳේ තැනින් තැන පොතු තීරු ඉවත් කරන්න. නමුත් සම්පූර්ණ වලයක ආකාරයකට පොත්ත ඉවත් කිරීම සුදුසු නැත.

අතුවලට බර ද්‍රව්‍යක් එල්ලීම