පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධණ මධ්‍යස්ථානය- ගන්නොරුව

මෙම ස්ථානය උද්‍යාන විද්‍යා පර්යේෂණ ගොවිපල ලෙස 1982 දී ස්ථාපිත විය. 1994 දී උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නෝරුව යටතේ උද්‍යාන විද්‍යා පර්යේෂණ ඒකක - 02 බවට පත්විය. 2012 වසරේදී එය පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය බවට උසස් කරන ලදී.

මෙම ආයතනය වාණිජමය වටිනාකමකින් යුත් පලතුරු ප්‍රභේද සහ උසස් ලක්ෂණ වලින් යුත් ඌන භාවිත පලතුරු ප්‍රභේද පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සිදුකරමින් නව ප්‍රභේද සහ තාක්ෂණයන් නිර්දේශ කිරීම, වාණිජ පලතුරු උද්‍යාන පිහිටුවීම හා නඩත්තුව සම්බන්ධ තාක්ෂණයන් සංවර්ධනය, මව්ගස් සංවර්ධනය, උපදේශන, පුහුණු හා ව්‍යාප්ති සේවා සැපයීම ආදිය සිදුකරයි.

දර්ශනය - ජාතියේ සෞභාග්‍ය උදෙසා පලතුරු බෝගවල දායකත්වයෙන් තිරසර සංවර්ධනය සහ කෘෂිකාර්මික විශිෂ්ඨත්වය අත්පත් කර ගැනීමට දායක වේ.

මෙහෙවර - ආර්ථික හා සමාජ සංවර්ධනය සහතික කිරීම සඳහා පලතුරු බෝග පිළිබඳ තිරසාර ඵලදායී තාක්ෂණයන් සම්බන්ධයෙන් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කිරීමටත් තාක්ෂණ ප්‍රචාරණය තුළින් එම අරමුණු ඉටුකර ගැනීමට නායකත්වය ගැනීම.




පැලෑටි වෛරස් හඳුනාගැනීමේ මධ්‍යස්ථානය - හෝමාගම

1999 වර්ෂයේ හෝමාගම ගබඩාවත්ත යන ස්ථානයේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත විය. රසායනාගාර 5ක්, ව්‍යාප්ති හා පුහුණු අංශයකින් සහ ගොවිපල අංශයකින් යුක්තවේ. බෝග වගාවේදී රෝග හා පලිබෝධ සැලකීමේදී වෛරස් රෝග ප්‍රධාන තැනක් ගනී. මෙම වෛරස් රෝග පාලනය හා නිවැරදිව හඳුනාගැනීම අරමුණු කර ගෙන මෙම ආයතනය ආරම්භ කරන ලදී.

දර්ශනය - ජාතියේ සෞභාග්‍ය උදෙසා වෛරස් ඇතුළු අනෙකුත් ව්‍යාධි ජනකයන්ගෙන් කෘෂිකාර්මික වගාවන් ආරක්ෂා කර ඉහල ඵලදායීතාවයක් අත්පත් කර ගැනීම.

මෙහෙවර - ශාක වෛරස් ඇතුළු අනෙකුත් ව්‍යාධිජනකයන් පිළිබඳව කෙරෙන පර්යේෂණ තුළින් ගොවීන්ගේ ආර්ථික හා සාමාජීය තත්වය නංවාලීමට කටයුතු කරන ජාතික මධ්‍යස්ථානයන් ලෙස ක්‍රියාකිරීම.




කෘෂිකාර්මික පර්යේෂණ ස්ථානය - මදුරුකැටිය

මෙය මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට තුළ මදුරුකැටිය ග්‍රාම නිළධාරී වසමේ පිහිටා ඇත. හෙක්ටයාර 16 ක භූමි ප්‍රමාණයක පැතිර ඇති මෙම පර්යේෂණ මධ්‍යස්ථානයේ පැඟිරි කුලයේ (citres) ප්‍රභේද විශේෂයෙන් නාරං, දොඩං ආදිය ඇගයීමද කෙසෙල් ප්‍රභේද පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකරණු ලබයි.

මෙයට අනුබද්ධිතව පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය බිබිල හා කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය මුතුකණ්ඩිය පවතී.




කෘෂිකාර්මික පර්යේෂණ ස්ථානය - මුතුකණ්ඩිය

හෙක්ටයාර 06 ක පමණ භූමි ප්‍රමාණයක විසිරී ඇති මෙම ස්ථානය ගොවි ජනතාවට කෘෂි තොරතුරු ලබාදීමේ අරමුණින් 1984 වර්ෂයේදී ආරම්භ කරන ලදී.




පැඟිරි බෝග පර්යේෂණ මධ්‍යස්ථානය - බිබිල

අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක් තුළ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය අතීතයේ සිටම පැඟිරි බෝග පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළ අතර වර්තමානය වන විට පැඟිරි බෝග සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

උසස් ගුණාත්මයේ පැණි දොඩම් හා ජමනාරං රෝපණ ද්‍රව්‍ය නිපදවීම, පැඟිරි විශේෂ හා ප්‍රභේද අනාගත අවශ්‍යතාව සඳහා සංරක්ෂණය කිරීම හා පුහුණු පාඨමාලා පැවැත්වීම මෙහි මූලික කාර්ය භාරය වේ.




රඹුටන් පර්යේෂණ ස්ථානය - එරමිණිගොල්ල

මෙම ස්ථානය විශේෂයෙන් රඹුටන් සඳහා පර්යේෂණ කිරීමත් රඹුටන් රෝපණ ද්‍රව්‍ය නිශ්පාදනයත් අරමුණු කර ගෙන පිහිටුවා ඇත.




උද්‍යාන විද්‍යා පර්යේෂණ ගොවිපල - අඹතැන්න

හෙක්ටයාර 1.96ක වපසරියක පිහිටා ඇත. මෙහි නිර්දේශිත ප්‍රභේදවල රෝපණ ද්‍රව්‍ය නිශ්පාදනය කිරීම හා පලතුරු වගාවන් පවත්වාගෙන යන අතර ඒවා පර්යේෂණ කටයුතු සඳහා යොදාගනී.




ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය - කුන්ඩසාලේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සිය වසර සියයකට වැඩි සේවා කාලයක් තුළ පලතුරු ප්‍රභේද රාශියක් ගොවිජනතාවට දායාද කැ ඇත. මෙම පලතුරු ප්‍රභේද දිවයින තුල විවිධ පර්යේෂණ ස්ථාන මගින් නිර්දේශ කර ඇති අතර ඒවා එම ස්ථනවල සහ පර්යේෂණ හා බීජ නිශ්පාදන ගොවිපලවල්වල මව් ශාක ලෙස ස්ථාපනය කර ඇත. නමුත් මෙම ප්‍රභේද සියල්ලක්ම එකම ස්ථානයක සංරක්ෂණය කර නොමැති නිසා එම හිඩැස සම්පූර්ණය කිරීමේ අරමුණින් මෙම ජාතික පලතුරු ප්‍රභේද සංරක්ෂණ මධ්‍යස්ථානය 2012 වසරේදී ආරම්භ කරන ලදී.

එමෙන්ම මෙම නිර්දේශිත ප්‍රභේදවල රෝපණ ද්‍රව්‍ය නිශ්පාදනය කර ගොවිජනතාව වෙත ලබාදීම මෙහි තවත් අරමුණක් වේ. මෙහි දැනට පලතුරු ප්‍රභේද 140ක් පමණ රෝපණය කොට ඇති අතර මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 12 පමණ වේ. ගන්නෝරුව පලතුරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ ගොවිපල කළමණාකරු සහ සහය කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් දැනට කටයුතු කරගෙන යනුලැබේ.

දර්ශනය - ජාතික සෞභාග්‍ය උදෙසා පලතුරු ක්ෂේත්‍ර සංවර්ධනය උදෙසා පලතුරු ප්‍රභේද සංරක්ෂණය හා ප්‍රචාරණය.

මෙහෙවර - ප්‍රභේද සංරක්ෂණය, රෝපණ ද්‍රව්‍ය නිශ්පාදනය හා ඒහා සම්බන්ධ දැනුම ලබාදීම තුලින් දේශීය පලතුරු නිෂ්පාදනය සහ පලතුරු ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම මඟින් රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා දායකත්වය දීම.